Monday, May 9, 2011

ඔයාට..

කාට හරි ඔයා ගාව තියන මොනවා හරි ඔනි උනොත්,
දෙන්න,
ආපහු ලැබෙයිද නොලැබෙයිද හිතන්නෙ නැතුව,

ඔයා හුගක් ආස කරන දෙයක්නම් හුඟක් දුක හිතෙනවා තමයි දෙනකොට,
ඒ වගෙම නැවත ලැබුනෙ නැතොත්,
ඒ උනාට මතක තියාගන්න දුකත් අපි විඳින්න පුරුදු වෙන්න ඕනි දෙයක් කියලා,
තේරුම් ගන්න නැතිවුනු දෙයක් අත ඇරලා අපිට සතුටින් ජීවත් වෙන්න පුලුවන් කියලා,
මොන දේ නැති උනත් අපිට සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් කියලා අත්දැකීමෙන් දැනගන්න,
ඉවසන්න පුරුදු වෙන්න,
කවුරු මොනවා කිව්වත් ඉවසීමට සීමා නැ කියලා පසක් කරගන්න,
ජීවිතෙ තියන වටිනාම දේ ඉවසිම බව වටහා ගන්න,

හිතන්න,
අර දේ අරගෙන ගිය කෙනා,
ලොකු හිනාවක් මූනෙ පුරෝගන,
"උදව් කරාට ඔයාට බොහොම ස්තුතී"
කියන ගමන් අර දේ නැවත ගෙනත් දෙනකොට,
දැනෙන සතුටත්,

එහෙම නැත්නම් ඒ දේ ගත්තු කෙනා,
ඒක ජිවත් වෙන්න උදව්වක් කරගන්න හැටි පේන කොට,
දැනෙන සතුටත්,
ලඟින් අර පොඩි දුක තියන්නවත් පුලුවන්ද කියලා!!

6 comments:

  1. මට දාන්නේ මොකක්ද කියල හිතා ගන්න බෑනේ මචෝ....!!!

    ReplyDelete
  2. බැරිනම් මුකුත් දාන්න එපා බන් :P :P

    ReplyDelete
  3. බුදු හාමුදුරුවො කියලා තියනවා දෙන්නාටත් දෙන්න, නොදෙන්නාටත් දෙන්න කියලා .........

    ReplyDelete
  4. මම බුදු හාමුදුරුවොන්ව කොපි කරලා ඒක "ඔයාට" කිව්වා :D :D

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P