Tuesday, May 10, 2011

මගෙ බ්ලොගය බලන්නන්ගෙන් උදව්වක් අවශ්‍ය වී ඇත

මගෙ අනාගත ගමන් දිශාව තෝරා ගැනීම සදහා මගේ බ්ලොගය බලන්නන් ගෙන් සහ බස් මිතුරන්ගෙන් උදව්වක් අවශ්‍ය වී ඇත,
අවශ්‍ය උදව්ව පවසන්නට පෙර ප්‍රශ්නයට අදාල පසුබිම පැහැදිලි කල යුතුය,
මම,
හයක් හතරක් තේරෙන කාලයෙ සිට විද්‍යාවට සහ තාක්ශනයට බරය,
පොඩි කාලයෙ සිටම මට අවශ්‍ය ඌයෙ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කිරීමට නොවේ,
ඒවා ගලවා වැඩ කරන්නේ කෙසෙදැයි බැලීමටය,

විද්‍යාවට තිබූ නැමියාවට උදාහරන ලෙස මා 6 වන වසරේ සිට විදුසර පත්‍රය මිලදී ගත් බවත් එය අකුරක් නෑර කියවා තෙරුම් ගැනීමට උත්සාහ කලබවත්(99%ක් ම නොතෙරුනත්) පැවසීම ඇතැයි මා සිතමි.

ඒ කාලයෙ මගෙ ප්‍රියතමය වන්නට බලා සිටියෙ ඉලෙක්ට්‍රොනික විද්‍යාවයි,
නමුත් ටික කලකින් මට පරිගනකය අසු විය.මට එය ප්‍රියතමය විය..

සාමාන්‍ය පෙල විභාගයට ටික කලකට පෙර මා,මා ඉගන ගත යුතුම බව සදහන්කරගනිමින් විශයන් කීපයක් අනිවාර්ය කර ගත්තෙමි,
උසස් පෙල කරන අතර තුර ඒම විශයන් තරමක් සංශෝදනය වී වෙනස් මුහුනුවරක් ගත්තේය,
 ඒවා නම්

--පරිගනක තාකශනය
--රසායන විද්‍යාව(කාබනික සහ අකාබනික)
--න්‍යශ්ටික තාක්ශනය
--විශ්වවේදය
--ජීව විද්‍යාවෙ යම් යම් කොටස්(DNA තාක්ශනය පරිනාමය ආදී)
--භාශා

ලිස්ට් එක හැදුවා මෙන් නොව මේවා ඉගන ගැනීම ලෙසි වැඩක් නොවන බව මා දනිමි,
නමුත් කාලය තිබෙ නම් මට මේවා ඉගන ගැනීමට ශක්තිය සහ උවමනාව මට ඇති බව දනිමි

මගේ සාමන්‍ය පෙල ප්‍රතිපල මත මා උසස් පෙල විශය සදහා ගනිත විශය තෝරා ගතිමි(ජීව විද්‍යාව සදහා අත් අකුරුද සාදකයක් වන බව කවුදෝ පැවසූ බැවින් සහ පරිගනක අංශය සදහා තිබූ වැඩි ඇල්ම මත,මා ගනිත සහ ජීව විද්‍යා විශයන් සදහා එක සේ කැමතිය)

අවසානයෙ මා සැහීමකට පත් විය හැකි ප්‍රතිපලයක් උසස් පෙල විභාගයෙන් ලබා ගතිමි,
දැන් ඉංජිනෙරු අංශයෙන් විශ්ව විද්‍යාලයට පිවිසිමට බලා පොරොත්තුවෙන් සිටිමි,

අද උදැසන වනතුරු මාගේ තෝරා ගැනීම පිලිබද සැකයක් මට තිබුනේ නැත,
නමුත් මා රසායන විද්‍යාවට සම්බන්ද අයෙකුගෙ බ්ලොගයක් කියවමින් සිටියදී,
මගෙ සිතේ සැකයක් පැන නැගුනි,
මගේ තෝරාගැනීම හරිද?
මම හිතාගෙන ඇති ආකාරයට වැඩ කයුතු සිදුවේද?

මා දැන් තෝරාගන ඇති මාරගය දීගෙ ගියහොත් ජීවිතයෙන් අවුරුදු 4ක් තෙරුමක් නැති වේවිද,
මට කිසි දිනයක මා ඉගන ගන්නා දෙයින් "හම්බ කිරීමට" උවමනා ඌයෙ නැත,
මට අවශ්‍ය හුදෙක් ඉගනීමත්,එම දැනුමෙන් වැඩක් කිරීමටත් මිස "හම්බ කිරීමට" නොවෙ,

පසුබිම විස්තර කිරීම අවසානය,
මගෙ ප්‍රශ්න වනුයෙ
1)ඉහත විශයන් සියල්ල ඉගන ගැනීමට හැකියාවක් ඇතිද?
2)ඒ සියල්ල ඉගෙන අවසාන කිරීමට කොපමන කාලයක් යාවිද?(ඉගනීම අවසාන කල නොහැකි බව මා දනිමි නමුත් මූලික දැනීම ලබාගැනිමට?)
3)මා දැනට තෝරාගෙන ඇති ආරම්භය සුදුසුද?නැතිනම් විකල්ප ආරම්භයක්

ප්‍රශ්නද අවසානය,
මා බ්ලොගය බලනා සියල්ලන්ගෙන්ම පිලිතුරක් බලාපොරොත්තු වෙමි,
කමෙන්ටුවක් දමා යාමට කාරුනික වන්න,,,

23 comments:

  1. කොමස් පැත්තෙන් මොනා හරි ඇහුවා නම් උත්තර දෙන්න තිබුනා ...... සොරි ..........

    ReplyDelete
  2. "දැන් ඉංජිනෙරු අංශයෙන් විශ්ව විද්‍යාලයට පිවිසිමට බලා පොරොත්තුවෙන් සිටිමි,"

    ඉතින් එතනදී ඕනතරම් අවස්තා තියනව ඔය සබ්ජෙක්ස් වෙනුවෙන් මම් දන්න තරමට.බලන්නකො මොරා,පේරා යුනි වගේ සයිට්ස් වල විස්තර දාල තියනව.දක්ශතාවය අනුව කැමති දෙයක් හදාරන්න පුලුවන්.

    ReplyDelete
  3. @කල්හාර
    කමක් නැහැ බොහොම ස්තුතී ප්‍රතිචාරයට

    @නදි
    ඔව් මම ඉංජිනේරු අංශයෙන් යන්න පුලුවන් තැන් ගැන දන්නවා,නමුත් මට යන්න වෙන්නෙ ඔය උඩ දාලතියන විශයන් වලින් බාගෙකට විතර තමයි එතකොට.අනික මම බයයි මාව "රස්සාවෙ" හිර වෙයිද කියලා.මම දන්න අයියලා කිප දෙනෙක් ඉන්නවා ඒ ගොල්ලන්ට හෙල්ලෙන්න විදියක් නැහැ පරිගනක අංශයෙන් ගිහින්..වැඩ

    ReplyDelete
  4. වුවමනාව තියෙනවා නම් ඕනෙ දෙයක් කරන්න පුලුවන් මල්ලියෝ....තමුන්ට තියෙන පහසුකම් සල්ලි බාගෙ අනුව අමාරුකම් ලේසිකම් ඇතිවෙන්න පුලුවන් ඒත් තියෙන්න ඕනෙ ලොකුම ධනය උනන්දුව තමයි...

    මම නම් කියන්නෙ කැම්පස් යන ගමන් ඕවා ඉගෙන ගන්න... කැම්පස් තේරිලා නොයා ඉන්න එක නම් ලොකුම මෝඩ කමක්...

    ReplyDelete
  5. මේ සියල්ල එකම තැනකින් ඉගෙනගත නොහැකිය. සාමාන්‍යයෙන් ඉංජිනේරු පීඨවල පාඨමාලා තාක්ෂණික පැත්තට නැඹුරුවෙයි. ඔබට අවශ්‍ය විද්‍යාඥයෙකු වීමටද නැතහොත් ඉංජිනේරුවෙකු වීමටද යන දෙකෙන් එකක් තෝරා ගැනීම වඩා හොඳබව පෙනෙයි.

    ReplyDelete
  6. @හරී නැහැ නැහැ මට නොයා ඉන්න අදහසක් නැහැ..තොරගත්තු පාඨමාලාව ගැන සැකයක් තියෙන්නෙ

    @ඇනෝ වැඩියෙන්ම බර විද්‍යාඥයෙකු පැත්තට,එක තැනකින් ඉගන ගත නොහැකි බව මම දන්නවා නමුත් තැන් කිහිපයකින්වත් ඉගනගත හැකි වෙයිද?

    ReplyDelete
  7. මීට අවුරුදු 15 කට පෙර ඔබ වැනිම තීරණාත්මක අවස්තාවට මුහුන දුන්නෙමි. මා තෝරා ගත්තේ ඉංජිනේරු පාඨමාලාවයි. සමහර මාස වලදී ඉලක්කම් 7 ක ආදායමක් ද ලබන්නෙක්මි. කෙසේ නමුත් විද්‍යා පාඨමාලාවක් නොහැදෑරීම ගැන වරින් වර සියුම් කණගාටුවක් ඇතිවේ. මැනේජර් පට්ටමකින් එහාට යා හැකි මාවතක් පේන්නට නැත.

    ReplyDelete
  8. Study one area in the university, the others on your own, by reading books, and other material. That way you'll have a qualification in one area and knowledge in many areas. (sorry I don't have my laptop to type this in sinhala).

    ReplyDelete
  9. එහෙමනං ඉතින් ගණිතය (අඩුතරමෙ ව්‍යවහාරික ගණිතය) ගැඹුරට හදාරන්න. විශ්වවේදය ගැන උනන්දු නම් මේ ලිපිය කියවන්න.

    http://www.staff.science.uu.nl/~hooft101/theorist.html

    ගණිත උපාධියක් බාහිරින් ගන්න අවස්ථා අඩුයි. විවෘත විශ්වවිද්යාලයේ නම් අවස්ථාවක් තියනවා. ඉංජිනේරු උපාධියක් එක්ක කරන එකනම් අභියෝගයක්. පශ්චාත් උපාධියක් කරද්දි ඒ පදනම ගොඩක් උදවු වේවි ඔබ වඩා කැමති පැත්තකට යන්න.

    ReplyDelete
  10. @lost faith
    ආදායම ගැන මට ප්‍රශ්නයක් නැත..කුමන ආදයමක් ලැබූවත් ඉගෙනීම සැම විටම මා සතුටට පත් කරයි..මැනේජර් පට්ටමකින් නැවතිමට අදහසක් මාගේ කිසි සේත්ම නැත..ප්‍රතිචාරයට ස්තුතී.

    @බොට්ටා
    yes,thats the way I'm thinking to take..That seems like the best way for now!!..thanks

    @ඇනෝ
    ඔය පැති ඔක්කොටම මම එක වගෙ කැමති,ප්‍රශ්නය තියෙන්නෙ එතන..ඔය විශයන්ගෙන් පුලුවන් තරමක් ඉගන ගන්න උත්සාහ කරනවා...

    ReplyDelete
  11. මල්ලියෝ, ඉංජෙක් වුනා කියලා පාඩුවක් වෙන්නෑ. මේ ඉන්නේ මම දන්න අනාගත වැඩකාරයෙක්. (දැනටමත් වැඩ පෙන්නලා ඉවරයි.) මේ පැත්තේ ගිහින් මුළු බ්ලොග් එකම හරි කියවලා තීරණයක් ගන්න.

    http://dhanikauom.blogspot.com/2011/04/sett-unicode-decoder.html

    ReplyDelete
  12. ම් ම් ම් ම් ...මෙහෙමයි මචා මන් ඔය කතන්දරේ දකින්නෙ....
    මොනා කරන්නත් ජීවත් වෙල ඉන්න එපැයි..ඒක හින්දා කොච්චර හිතට එකග නොවුනත් සල්ලි හම්බ කරන්න වෙනව...(හිතට එකග නොවුනත් කියල කිවුවෙ වැරදි කරල සල්ලි හම්බ කරන එක නෙවේ...ඉගෙන ගත්ත දෙයින් හම්බ කරන එක)
    ඒක හින්දා හොදම දේ මේ අවුරුදු 4 ඔය ‍තෝර ගත්ත මගුල කරල පොඩි ස්ථාවරත්වයකට ආවට පස්සේ අනෙක් කතන්දර වලට බහින එක..(මේ මට පේන විදිය)

    ReplyDelete
  13. @චතුරංග පෙරේරා
    ඔව් මම ඒ බ්ලොග් එක බලලා තියනවා..යුනි කෝඩ් ඩිකෝඩර එක මමත් බ්ලොගට දාලා තියෙන්නෙ :) :)..අගය කලයුතු අයියා කෙනෙක්කේ උනාට මෙතන තියෙන්නෙ යා හැකි දිශාව පිලිබද ප්‍රශ්නයක් නෙවෙයි,යන්න හැකියාව තිබිලත් මම නොයන දිශා පිලිබද ප්‍රශ්නයක්..
    මේ පාරෙ ගිහින් මගෙ අනිත් ඉලක්ක මග ඇරෙයිද කියන එක ගැන ප්‍රශ්නයක්
    @චතූ
    මචං උබ හරියට ප්‍රශ්නෙ තෙරුම් අරන් නැ වගෙ.. :P :P
    උබත් ඉන්නෙ මම ඉන්න තැනම හන්දා උබට මේකට උත්තර දෙන්න ආමාරුයි..ඔහොම කරන්න තමයි හිතාගන ඉන්නෙ..ඒත් බන් වෙලාවක් තියෙයිද??

    ReplyDelete
  14. ම්හ්...මට උබ කියපු කතාවත් ටිකක් තෙරුනේ නම් නෑ තමා...හික්...:P :P
    වෙලාව හොයාගමු බාන්....ඒක එදාට කල්පනා කරල බලමු....
    නූපන් දරුවන්ගේ කේන්දර හදන්න ලෑස්ති වෙන්න එපා බන්......

    ReplyDelete
  15. නැ බන් දරුවො ඉපදෙන්න කලින් නම් දාල තියාගන්න තහනමක් නැනෙ :P :P

    ReplyDelete
  16. මල්ලියො... එකපාර ඔක්කොම බදාගන්න ගියොත් නම් කොහොමත් කරන්න වෙන්නෙ නෑ... මුලින්ම දැන් ඔයා තේරිලා තියෙන ඉන්‍ජිනේරු අංශයෙන් ඉගෙනගෙන ඉන්න...
    ඔයාට තියෙන ප්‍රශ්නෙ අනිත් දේවල් ඉගෙනගන්න වෙලාවක් ලැබෙන එකක් නෑ කියල තියෙන බය නම් කියන්න තියෙන්නෙ ඔයාට කරන්න අවශ්‍ය දේවල් වලට අනිවාර්යෙන් වෙලාව තියෙයි...
    හැබැයි ඔයාට අවශ්‍ය ඒ විෂයන් ආසාවට ඉගෙන ගන්නවට වඩා ඒ විෂයන් වලත් උපාධි මට්ටමට යන එක නම්, එහෙම පුළුවන් වෙයිද දන්නෙ නෑ...

    ඉගෙන ගන්න දෙයින් හම්බුකරන්නෙ නෑ.. හම්බුකරන්න අවශ්‍ය නෑ කියල හිතේ තියෙනව නම් ඒක අයින් කරගන්න... ඒක මෝඩ අදහසක්... දැනුම පිපාසය කියන එක වැඩි වෙද්දි ඒක නිවාගන්න අනි‍වාර්යෙන් සල්ලි ඕන වෙනව... සල්ලි නැති කම හින්ද ඉගෙනගන්න එක නතර කරන්න වෙන එක පවක්...

    සල්ලි ඕන නෑ... ඉගෙනගන්න ඒකෙන් හම්බු කරන්න ඕන නෑ කියල හිටපු එකෙන් පාඩම් ඉගෙනගෙනයි ඉන්නෙ.. වැඩි වැඩියෙන් ඉගෙනගන්න වැඩි වැඩියෙන් සල්ලිත් ඕන වෙනව කියල මම දැනගන්න කොට පරක්කුයි... අවුරුදු දෙකක විතර පරක්කුවක් අල්ලන්න දැන් දුවන්න වෙලා තියෙන්නෙ එකදිගටම... ආස කරන සබ්ජෙක්ට් දිහා බලන්නවත් නවතින්න විදිහක් නෑ...

    ReplyDelete
  17. නැහැ උපාදි මට්ටමට යන්න ඕනි නැ..උපාදිය කියන්නෙ නමක් විතරනෙ..මෙහෙමයි මම කිව්වෙ මම ඉගන ගන්නෙ හම්බ කරන එක අරමුනු කරගන නෙවෙයි කියලා.වැරදියට තෙරුම ගන්න එපා

    ReplyDelete
  18. ඉංජිනේරු අංශයෙන් ඉගෙන ගත්තා කියල විද්‍යාඥයෙක් වෙන්න බැරි කමක් නැහැ. නමුත් සාම්ප්‍රදායික විදියට කැම්පස් එකේ දෙන නෝට්ස් කියවල විභාග පාස් කිරීම විතරක් කරොත් නම් පස්සේ කාලෙක රස්සාවේ හිර වේවි. ඔයා ඉංජිනේරු අංශයෙන් ඉගෙන ගන්න...ඊට පස්සේ ඔයාට හිතුනොත් පස්චාත් උපාධි කරන්න පුලුවනිනේ...එතකොට ඔයාට පර්යේෂණ කරන්න පුළුවනි.
    ඔයා කැමති ඔය ක්ෂේත්‍ර කිහිපයක් මිශ්‍ර වෙච්ච ඒවා තියෙනවා :
    computational chemistry
    computational linguistics
    dna computing
    so on...

    හැබැයි එහෙම පස්චාත් උපාධියක් කරන්න හිතේ තියෙනවා නම් Bsc එක ටිකක් හොඳින් ගොඩ දාගන්න වෙනවා. තව එකක්, පර්යේෂණ කරන්න පුළුවන් තරමේ රස්සාවල් ලංකාවේ තියෙන්නේ බොහොම ටිකයි. පරිගණක ක්ෂේත්‍රයේ නම් නැති තරම් (සල්ලි ගොඩක් හම්බුනාට). පස්චාත් උපාධි කරලා වැඩක් නෑ, එකෙන් පුළුවන් කැම්පස් එකක උගන්නන්න විතරයි කියල සමහරු කියයි. ලංකාවට ඒක අදාලයි. නමුත් පිටරට ගියොත් ඒක එහෙම වෙන්නේ නෑ.

    මොනවා කරත් ඔයා කැමති, ඔයාට හරි කියල හිතෙන, ඔයා දක්ෂ කියල හිතෙන දේ කරන්න මල්ලි. හැමෝම දෙයක් කර පලියට ඒක කරන්නම ඕන කියල නැහැ. සල්ලි වලින් හිතේ සතුට ලැබෙන්නෙත් නැහැ. හැබැයි තමන් ආස දෙයක් කරනකොට ගොඩක් තෘප්තියක් තියෙනවා.
    සුභ පතනවා!

    ReplyDelete
  19. //නෝට්ස් කියවල විභාග පාස් කිරීම //
    මගේ ක්‍රමය නෙවෙයි..නෝට් නම් කියවන්නෙම නෑ කිව්වොත් හරි..මගෙ යාලුවො දන්නවා මගේ නෝට් කියවිල්ල ගැන..බොහොම ස්තූතී තොරතුරු වලට වගේම කොමෙන්ට් එකටත්..

    ReplyDelete
  20. ඉංජිනියරින් කරගෙන යද්දි ඔයා දැනට අහලවත් නැති ගොඩක් දේවල් හම්බ වේවි. එතකොට සමහර විට ඔයා දැන් තියෙන ආසාවල් අතඇරල ඒ අලුත් දේවල් වලට කැමත් වේවි. උදාහරණයක් විදිහට මම ඉංජිනියරිං ෆැකල්ටි එකට යනකොට මම කැමති වෙලා හිටියෙ සිවිල් ඉංජිනේරුවෙක් වෙන්න,ඒ කිවුවෙ ගොඩනැගිලි , පාලම් එහෙම හදන්න. පරිගණක ඉංජිනේරු තාක්ෂණයෙ තියෙන දේවල් ගැන මම එතකොට දැනගෙන හිටියෙ නෑ. මම දැනගෙන හිටියෙ කොම්පියුටර්ස් වලින් ගේම් ගහන්න, ලියුමක් ටයිප් කරන්න වගේ දේවල් කරන්න පුළුවන් කියල විතරයි.

    පොඩ්ඩක් හිතන්න ඔයා පොඩි කාලෙ ආසා වෙච්ච දේවල් මොනවද කියල. ඒ කාලෙ දැනගෙන හිටියෙ නෑ නේද ජාන තාක්ෂණය නැනෝ තාක්ෂණය කියල දේවල් තියෙනව කියලවත්. ඒ කාලෙ ආසා වෙන්න ඇත්තෙ හොඳට චිත්‍ර අඳින්න ඉගෙන ගන්න, එහෙම නැත්තන් හොඳට සින්දු කියන්න ඉගෙන ගන්න. ඒත් ඒ දේවල් වලට වඩා තවත් දේවල් ලෝකෙ තියෙනව කියල දැන ගත්තම නේද අලුත් අලුත් දේවල් වලට ආසාව ආවෙ.

    ඉංජිනියරිං කරගෙන යන අවුරුදු 4 ඇතුලතදිත් ඔයා කැමති දේවල් වල පරිවර්තනයක් වෙයි. අවුරුදු 4ක් කියන්නෙ ලොකු කාලයක්

    ReplyDelete
  21. @Chanaka Aruna
    හෙ හෙ...මට කවදාවත් චිත්‍ර අදින්න සින්දු කියන්න ඕනි උනෙ නෑ..
    මම පොඩීකාලෙ(1-5කියමුකො) ඕනි උනේ විද්‍යාඤයෙක් වෙන්න...
    ඊට පස්සෙ ඕනි වෙච්චා තමයි ඔය...මම ඔය ටික ඔහොමම දැම්මෙ හුඟ කාලයක්(අවුරුදු 8ක්) තිස්සෙ ඕවා වෙනස් නොවුනු නිසා...මම ඕවාට ඔය නම් දාගන ආස කරන්න නැතුව ඇති..නමුත් මම ආස කලේ ඕවට තමයි..
    ඇත්තටම මට සින්දු කියන්න හරි චිත්‍ර අදින්න හරි ඕනි උනානම් මම අද කලා විශය තොරගන ඉවරයි....
    තව එකක් මම කරන්නෙ මට ඇත්තටම ඕනි දේ මිසක් නැදැයින්ට,අසල්වාසීන්ට,දෙමවුපියන්ට ඕනි දේ නෙවෙයි

    ReplyDelete
  22. හ්ම් සමහර විට ඔයා විශේෂ කෙනෙක් වෙන්න ඇති. මම කිවුවෙ සාමාන්‍ය කෙනෙක්ගෙ ජීවිත කාලෙදි තමන් කැමති දේවල් වෙනස් වෙන හැටි

    ReplyDelete
  23. හෙ හෙ ඒකනම් කොහොමද දන්නෙ නෑ ඇත්තටම මගේ යලුවො ආස වෙච්චි දේවල් හුඟාකට ම ආස උනේ නැ.. :P මොකද මන්දා.. :P එක අතකට ඒක හොඳ උනා...කොහොම උනත් කොමෙන්ටුවට ස්තුතී!! :)

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P