Saturday, May 14, 2011

අහෝ ඛෙදයකි..මුන්ට සිංහල තේරෙන්නෙද නැත(හෙවත් ලංකාවෙ තොරතුරු තාක්ශන අද්‍යාපනය!)

අද මට යුනිකෝඩ් සම්බන්දයෙන් මල පැන්නෙය..(ඇයි හත් දෙයියනෙ මේ මගුල එ‍‍ක්ස් පී හදන්න කලින් හැදුවෙ නැත්තෙ?)
මගෙන් අද 65ස් දෙනෙක්(තාර බර අඩු කරන්න :P :P) පමන සිංහල යුනිකේත පහසුකම පරිගනකයට ලබාගන්නෙ කෙසේ දැයි ඇසුවෝය(හරියට මම ඒක හැදුවා වගේ)
මම ඔවුන්ට පහසුම විකල්පය වන සියබස් අඩවියෙ ලිපිනය දී ගැලවෙන්නට ඉටා ගතිමි,
ඛේදයකි තුන් දෙනෙකුම මගෙන් නැවත නැවතත් ප්‍රස්න අසමින් බුකි චැටේ මාව කන්නට හැදුවෝය,
දෙන්නෙක් කෙල්ලන් වූ අතර එකෙකු කොල්ලෙකි,
ඛේදයට කරුන වන්නෙ...මෙයින් දෙදෙනෙකු අප සමග ඉන්ජිනියරිං යාමට සිටීමත් අනිකිය මෙඩිසිං යාමට සිටීමත්ය,
කොල්ලා ගැන කියන්නෙ නම්,
මූ මගෙන් මුලින්ම ඇසුවෙ,
"එතන ගොඩක් තියනවානෙ බන්,මොකක්ද දාන්නෙ කියාය" :P :P
මම "උබේ ඉතින් තියෙන්නෙ ‍එක්ස් පී නෙ සර්විස් පැක් එක බලලා බා ගනින්" කියා කීවෙමි,
මූ සර්විස් පැක් එක යනු කුමක්ද දන්නෙ නැත!!...
යන්තම් සර්විස් පැක් එක යනු කුමක්දැයි පැහැදිලි කර මූ ලවා යුනිකෝඩ් එනබලරයා බැවූවෙමි,
මු එය බා ඉන්ස්ට්‍රෝල් වෙන්නෙ නැතැයි කියයි..
එන එරර් එක මොකක්ද කියා කියන්නෙ ද නැත(මූ ඉංග්‍රිසි පන්තිනම් යනවා මහලොකුවට :P :P)
මට නහුතයටම තද විනි..(ඇයි දෙයියනෙ!!!!!එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්)

එහෙනම් බම්බු ගහපිය කියා මම මූට ඉස්කොලෙපොත ෆොන්ටයෙ ලින්කුවක් දී
"බාගන ඉන්ස්ට්‍රෝල් කරපිය" යැ කිවෙමි,
මු එය බා ඩබල් කිලික් කොට කෝ බන් ඉන්ස්ට්‍රොල් කියා එකක් නැතැයි කීවෙය,
මූ ෆොන්ට ඉන්ස්ට්‍රෝල් කිරිමට දන්නෙද නැත!
මම ඉතින් මූට සිංහලෙන් දෙකක් කියා,
ෆොන්ටය C:/windows/fonts වලට කොපි කරන්නට කීවෙමි
මූ මගෙන් ඊලගට ඇසුවේ "කොහෙද බන් බාපු ෆයිල් එක"කියාය (ඇයි ඇන්නැවේ මගෙ හාඩ් එකටයැ බැවේ,තොගෙ හාඩ් එකටනෙ)
මම යන්තම් ගෙස් කර මුගෙ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරය වන්නට හැකි එකක් කීවෙමි(මේවර මට කියන්නට සිංහල ඉතිරි වී නොතිබින)
මූ එතනින් ෆොන්ටය හොයා(කනාවට හරිගොස් තිබිනි..නැත්නම් මම තාම මූට බනිමි..)
කොපි කරගන.වැඩේ කොරගත්තෙය,
නමුදු මූට සිංහල පෙනෙනේ නැතිලු!!,,(රෙන්ඩරිං අල වෙන එක වෙනම කතාවක් ඒ උනාට පේන්න එපැ!!)

මම ඊට බසු බ්‍රව්සර විසදුමක් දෙන්නට සිතා,
"උබේ බ්‍රවුසරය මොකක්දෑ "ඇසීමි,
ගත කටටම මූ එයද මොකක්දෑ ඇසීය,
මූ බ්‍රවුසරය යනු කුමක් දෑ දන්නෙද නැත...
යන්තම් වෙබ් බ්‍රව්සර කිහිපයක නම් කියා ක්රෝම් සහ ගිනි හිවලා හවුල් භාවිත කරනා බව සොයාගත්තෙය,
ගිනි හිවලා සදහා ඇති qsfox ඇඩෝනය දී ශේප් විමට සිතා,
ගිනි හිවලා ඕපන් කරන්නට කිවු විට මූ එය ඕපන් කර බලා
"ඒ බන් සිංහල පේනවා තැන්කූ" යැ කීවෙය...
මු ඉන්ස්ට්‍රෝල් කල ෆොන්ටය වැඩ කරන්නට ඇත්තෙ මූ වාගේම ටියුබ් ලයිට් විය යුතුය,
ගෑනූ දෙදෙනා ගැන කියන්නට පෝස්ට් දහයක්වත් අවශ්‍ය බැවින්..මම උන් දෙදෙනාට  qsfox ඇඩෝනය දී ශේප් වු බව පමනක් කියමි,,

දුකට කරුන වන්නේ මුන් තිදෙනාම මට කලින් පරිගනක භාවිතා කරන්නට පටන් ගත් වුන් වීමයි(නොදකින් අම්මපා මුන් දන්නෙ කොම්පීතරෙන් බුකි බඩගාන්න විතරද මන්දා) 
ලංකාවෙ තොරතුරු තාක්ශන අද්‍යාපනය 34% කින්ද කොහෙද ඉහල ගියාලු(මම හිතන්නෙ මේකට ගන්න ඇත්තෙ ලංකාවෙ බුකි බඩගාන ජනගහනය!!)

ඊටත් වඩා දුකට කරුන වන්නෙ..මුන්ගෙන් දෙදෙනෙකු ඉංජිනේරුවන් වීමටද,අනෙකා ඩොකෙකු වීමටද බලා සිටිනා බවයි!!...
විශ්ව විද්‍යාල ගත වීමට සිටින උන්ට කොහෙද නැති නායකත්ව පුහුනුවක් වෙනුවට හරි හමං තොරතුරු තාක්ශන අද්‍යාපනයක් ලබා දෙන්නෙනම්!!!(අහෝ..මයික්‍රොසොෆ්ට් ඔෆිස් නොවේ :P :P....)

(දැන් මම මේ කියපු එකා මං දාල දීපු සිංහලෙන්ම මේක බලලා මට ගහන්න සෙට් වෙයිද මන්දා..කමක් නෑ උගේ රෙන්ඩරිං අලනේ :P :P මොනවා හරි කියලා ශේප් වෙනවා!!)

16 comments:

  1. අපේ අනාගතය බාරගන්නට ඉන්නා ඉංජිනේරුවන් මෙස් බුකියට පමනක් යාමට දන්නා අයනම් අපගේ‍\උන්ගේ අනාගතය හා රටේ දියුනුව ගැන හිතාගත හැකිය... ආසියාවේ ආෂ්චර්ය්‍ය කියන්නේ මේකටය....

    ReplyDelete
  2. හික්.....අනේ අනේ ..උබටත් වෙන වැඩ...මස්සිනා උබ ඕකෙ කියල තියෙන්නේ බන් අර අහින්සක කොල්ල ගැන විතරනේ...අර අනික් දෙන්න ගැනත් කියහන්කෝ(දැනුවත් වීම සදහා පමනි...හික්)
    :P :P

    ReplyDelete
  3. @කිඩෝ අනිවා බන් ඕකට කියන්නෙ ආසියාවෙ ICEචර්ය කියලා :P :P
    @චතූ යකො උබයි මමයි එකතු වෙලාද පෝස්ට් 10ක් ලියන්නෙ.ගෑනුන්ට මොකක්ගරි කියාදෙන්න තියන අමාරුව දන්නවානෙ??

    ReplyDelete
  4. සිරාවටම බං..මමත් පුලුවන් තරම් දන්න අයට මේක දානව.සමහර වෙලාවට උංගෙ මැසින් වලට හොරෙන් දානව...දැනුත් කෙල්ලෙක්ට දාන හැයි උගන්නන ගමන්...

    ReplyDelete
  5. ඕව ගැනනම් කියල වැඩක් නෑ.........
    ඒ හින්ද කියල වැඩක් නෑ

    ReplyDelete
  6. @කුරුං මමත් ඔය කිව්වට මගෙන් ඇහුවාම නෙවෙයි ඉතින් ඉල්ලං කාපුවා..හොරෙං දාන එකනම් මාත් කරනවා බන්..යාලුවොන්ගෙ ඒවාට හොරෙන් දාලා ඇති ඕනි තරම්...(අහ් මම කිව්වෙ යුනිකෝඩ් එනබලරෙ :P :P)

    ReplyDelete
  7. @සහන් කියලා මෙලෝ තෙරුමක් නැත..කියලා දෙනවා මිසක්.ඇත්තටම එස්.බී යට එන්නෙ ගොං අයිඩියා විතරමද?කැම්පස් යන උන්ටවත් තොරතුරු තාක්ශනය හරියට කියලා දුන්නොත් මොකද 20000නෙ??

    ReplyDelete
  8. හික් හික් මම කරන්නෙ "අනේ මම දන්නෙ නෑ නෙ අපේ මල්ලි තමා ඉන්ස්ටෝල් කරලා දුන්නෙ" කියලා ශේප් වෙන එක. නැත්නම් හත්දෙයියනේ කාටද පුළුවන් ඔච්චර සුමයක් නටන්න???

    ReplyDelete
  9. @සංජු මම කොහොමද හත්දෙයියනේ ඕක කියන්නෙ එතකොට අහපු උන් කියනවනෙ මම ඔය උන්ට කියලා තියන කතාවම :P :P

    ReplyDelete
  10. හප්පා... උඹ ලියූ දේ බැලූ මට ද ඇඟේ මාළු නටන්නට විය.
    ප්‍රශ්ණය ඇත්තේ අපේ වුන් ට කියා දුන් දෙය මිස එතැනින් එහා දෙයක් හොයාගෙන කිරීමේ හැකියාව හෝ උවමනාව නොමැති වීමයි. තනියෙන් හොයාගෙන එක්ස්පෙරිමන්ට් කරගෙන තමයි ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගන්න ඒවා කවදාවත් අමතක වෙන්නෑ. අපේ අයට පුළුවන් පොතේ අධ්‍යාපනේ විතරයි. ඒක මේ සිස්ටම් එකේ වැරැද්ද. කුසලතා වලට තැනක් නෑ. සහතික තිබ්බොත් වැඩ්ඩෙක්... අනේ මන්දා... මට නම් ඕවට ම...ල......................

    ReplyDelete
  11. @චතුරංග
    සිරා බන් මුන්ට හිතන්න හිතක් නැද්ද මන්දා...සිස්ටම් එකෙ වැරැද්ද තමා...පොඩ්ඩ වැරදුනත් කියා දිපු එකාව කාල අන්තිමට ඌලව්ව වැඩෙ කොරො ගන්නවා මිසක් වැඩෙ කොරන්නෙ කොහොමද කියල ඉගන ගන්නෙ එහෙම නෑ..මම ඉස්කොලෙ ඉගන ගත්තු මුලු කාලේම ඔඅය සිස්ටම් ඉකට පිටින් යන්න කියලා දුන්නෙ මිනිස්සු දෙන්නයි....
    එක්කෙනෙක් සමාජ අද්‍යනය උගන්නපු සර් කෙනෙක්
    අනිත් කෙනා පිසික්ස් උගන්නපු රනයා.......

    ReplyDelete
  12. පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
    අර තාර බර අඩුකරලා ගත්තු 65ට මාවත් අයිතිවෙනවද දන්න්න නෑ????
    (මොකද මම යුනිකෝඩ් ටයිප් කරන්න ඉගෙනගත්තෙ උඹගෙන් නෙ..)අයිති උනත් කමක් නෑ,
    හැබැයි මදුශාන් ඕකෙ තව පැත්තක් තියෙනවා.සමහරුන්ට සිංහල යුනිකෝඩ් කියවන්න පුලුවන්උනත්,අමාරුවෙන් හරි ලියන්න පුලුවන්උනත් ඒක පාවිච්චි කරන්න ලැබෙන චාන්ස් එක අඩුයි(විශේෂයෙන් බුකියෙ) මොකද හුගක් අයට යුනිකෝඩ් කියවන්න බෑ.කියවන්න පුලුවන් උනත් ටයිප් කරන්න බෑ
    --වාසුල--

    ReplyDelete
  13. @වාසුල උබව මට මතක නැති උනා....ඇත්ත තමයි...ඒ උනාට එක්ස් පී එක වෙනුවට වින් 7 එද්දි ඔය ගතිය හරියයි!!!!

    ReplyDelete
  14. දැන් ඉන්න උන්ට කිසිම දෙයක් මහන්සි වෙලා හොයා ගන්න පුරුද්දක් නැහැ ...... හැම එකම ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න ඕන ....

    ReplyDelete
  15. කල්හාර අනිව..!! වෙන මොකෙක් හරිනම් කමක් නැ ඉංජෙක් වෙන්න ඉන්න එකෙක් කියපුවාම!!

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P