Thursday, May 12, 2011

සියවසක් උනත් මා......

සියවසක් උනත් මා,
බලා ඉන්නම් ඔබව,
නොආ වත් කිසිදිනක,
ඔබ මගේ තුරුල්ලට,

නමුත් මගේ සිහිනයට,
මිතුරෙකුම එල්ල කල,
මෘදු සියුම් ගල් පහර,
ඔබේ නම කොටා ඇති,
දරා ගන්නෙ කෙලෙස,
හිතක් නැත්තෙකු ලෙසින්,

හැමදා මගෙ හැටිය,
උදැසන නැගෙන විට,
අමතකය සියල්ලම,
නමුදු මේ වාරයෙ,
එලෙස නොවුනේ ඇයිද?

ඔහු එය නොසිතුවත්,
ඒ වදන් මට රුදුරු,
මගේ සිතම පෙලවමින්,
නැවත එන්නෙ ඇයිද?

විය හැකිය මුලාවක්,
ඒ මෙන්ම විහිලුවක්,
නමුත් මගේ සිහිනයට,
තෙරුමක් නැති දෙයක්,

දමමි මා සියල්ලම,
මතකයෙන් ඒහාටම,
අතර තුර මා නිදන,
එන්න මගෙ තුරුල්ලට,
මගෙ සිහින කුමරියේ,
සදාතන ප්‍රේමයේ!!

2 comments:

  1. සියවසක් නොව කප් සුවහසක් වුව
    බලා සිටියාට කම් නැත
    කවදා හෝ පැමිණෙන්නේ නම්!

    ReplyDelete
  2. පැමිනෙන්න,
    ඇය නොදනී,
    මා බලාසිටිනා බව,
    කෙසේනම් දැනුම් දෙන්නද,
    නොදන්නා කල ඇය කොහෙද!

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P