Saturday, June 11, 2011

එස් බී මාමා අපට දුන් අපේ නායකත්ව පුහුනුව එලය!!

පසු ගිය මාසයෙ මැද හරියේදි සිත කලඹන සුලු ආරන්චියක් අපට ලැබුනි,
ඒ එස් බී මාමා(:P :P) අපට හමුදා පුහුනුවක් දෙන්නට යන වගයි(තනියෙන්ද මන්දා ලොල් ලොල්)
පසුව නායකත්ව හා ධනාත්මක චින්තන වර්දන වැඩසටහනක් බවට වෙනස් වූ මෙය තිබෙන තැනනම් වෙනස් කලේ නැත(හමුදා කදවුරු,පොලිස් අභ්‍යාස විද්‍යාල)....

වැඩේ පසුගිය මස 22 පටන් ගත්තේය,22 10.30 වන විට මම මට නියමිත වූ කදවුරට රිංගුවෙමි :P
කොහොම වෙතත් 22 හවස් ජාමය වන විට නියමිත පිරිසට තිස් ගනනක් අඩුවෙන් කට්ටිය කදවුරට රිංගා තිබුනි..
හවස හයට පමන අපව උස අනුව පොලිම් කරවා එකේ සිට නවයට ගනින්නට කියා ඛන්ඩ නවයකට බෙදුවේය..

එලම වැඩේ ඌයෙ ඛන්ඩ වල ගෑනු ලමයි සිටිමය..

ඊට පසුව කදවුර අවට ගොඩ නැගිලි,අප හැසිරිය යුතු ආකාරය ගැන මූලික උපදෙස් ලබා දී...ඇදන්(ගැහැනු පිරිමි වෙන වෙනම හොදෙ!!...ගැනු ලමයින්ගෙ නේවාසිකාගාර ටකරම් තාප්පයක් ගසා අපට ඇතුලු විය නොහැකි පරිදි වසා තිබිනි අනේ :(),මදුරු දැල් ආදිය බෙදා දුන්නෝය(එහෙ පොල් සයිස් මදුරුවෝ ඇත.උන් අපේ ගෙවල් ලඟ ඇති උන් මෙන් අඩු තරමේ පස් ගුනයක්වත් ලොකුය!!)

කාල සටහනට අනුව අප 5.45 වන විට ශාරීරික අභ්‍යාස වලට ඛන්ඩ වශයෙන් පෝලිම් විය යුතුය..(අපිනම් උනා ඕං) 6ට ජාතික ගිය කියා රවුමක්(කිලො මිටර කිහිපයක) දිවිය යුතුය...(අපිනම් වැඩිපුර කොලෙ ඇවිදපු එක තමා..ආයිශ් අප්පා කොහොමද අර මල් එහෙම පිපිලා තිබුනු ෆිල්ම් ලොකේශන්ස් වගේ එවගෙ උදේ පාන්දර ගැනු ලමයිත් එක්ක "ඇවිදිනකොට" :P :P)
නැවත පැමින "වෝම් ඩවුන් ව්‍යායාම" සහ "මාංශ පේශී ඇදීමේ" ව්‍යායාම කර 7ට කැමට යා යුතුය(කැමනම් සුපිරිය!!...ගෙදරදීවත් ජීවිතේට එසේ කැම දෙන්නෙ නැත..එලේ එලය.....:D :D)...
බුෆේ ක්‍රමයට කෑම තබා ඇති අතර..බෙදාගන කෑ යුතුය....

ඉන් පසු ඩ්‍රිල්ය...සාමන්‍ය ඝන සරඹ මෙහිදි පුහුනු කලේය(පහසුවෙන්,සීරුවෙන්,සිත්සේ සිටීම්..ගමනේ යාම්.....ඊ.ටී.සී..)...තවත් දෙයකි..කැමත්තක් නැතිනම් ශාරීරික අභ්‍යාස සහ ඩ්‍රිල් වලට සහභාගි නොවී සිටිය හැක...
ඊට පසු දෙශනය...අපි මේවාගේනම් කොලේ දොයියා ගන්නා එකමය...දේශන නීතිය,නායකත්වය,ගැටුම් කලමනාකරනය...බ්ලා බ්ලා ඔස්සෙ ප්‍රායෝගික සහ න්‍යායාත්මක ලෙස පැතිරි තිබුනි(අප දොයියා ගත්තෙ න්‍යායාතමක ඒවාගෙය...ප්‍රායෝගික එවා මරේ මරුය..අපේ උපදේශකයින්ට රඟපැමට උපන් හැකියාවක් ඇත!!)
1.30ට දහවල් ආහාරය වන අතර ඊට පසු 4.30 වන තුරු නැවත ලෙක්චර්ස්ය!!.. :ZZZZZ
4.30 සිට සන්ද්‍යා ක්‍රීඩාය..
කලින් මෙලො ක්‍රිඩාවක් කර නැති මම බැඩ්මින්ටන්,ටේබල් ටෙනිස්.......කොර ජිම් එකටද ගියෙමි ලොල් ලොල්
6ට මෙය ඉවරය...8.30 රාත්‍රි ආහාරය වන තෙක් විවාද,චිත්‍රපටි දරශන හො අයිස් ගැසීම සදහා කාලයයි...

අපගේ කැම කාල සටහන මෙසේය!!
අලුයම 5            -උදැසන තේ(කිරි සමග හො නොමැතිව :P)
උදැසන 7          -උදැසන ආහාරය(මස් හෝ මාලු,පරිප්පු,පාන්)
උදැසන 10.30   -තේ(කිරි සමග හො නොමැතිව)
උදැසන 11.30   -කොඩියල් :P
දහවල්   1.30    -දහවල් ආහාරය(මස් හෝ මාලු එලවලු 2ක් හෝ 3ක් බත්)
හවස 4.30        -තේ(කිරි සමග හො නොමැතිව)
රාත්‍රී   8.30        -රාත්‍රී ආහාරය(එලවලු 2ක් හො 3ක්...බිත්තර හෝ හාල මැස්සන් :P)
රාත්‍රී   10.00      -තේ(කිරි සමග හො නොමැතිව) හෝ කොත්තමල්ලි :P

කවුරුවත් කියනවා එහෙම නෙවෙයි අපි කාලා බීලා විතරයි කියල ඕං!!
ඊට පස්සෙ 10.15 නිදා ගන්න කියලා කිව්ව අපි ඒක කියලා 11 කරගත්තා.....
පස්සෙ දාන්නම් තවත් තොරතුරු.. :P :P

27 comments:

  1. මෙන්න එස්. බී. තරුණයන්ගෙ කොන්ද කඩල... මුන් දැන් කඩේ යන එක කරනව නියමෙට කියල කවුරු හරි කියන්න ඉඩ තියෙනව මලය...

    මොනා වුනත් හොඳ ෆන් එකේ ඉඳල වගේ... එල එල..

    ReplyDelete
  2. පට්ට සැපක් අරන්නෙ. කෝ බන් ඕකද හමුදා පුහුණුව? වෙඩි තියන්න කපන්න මරන්න කෝ එවුවා? මේ ජෙප්පො කිවුවෙ බොරැද? :O

    ReplyDelete
  3. අඩේ නියමයි නේ.. මේ.. උබට ඔය කෑම ලිස්ට් එක වගේ උන් උගන්නපුවා මතකද බන්?

    ReplyDelete
  4. ෂා මරුනේ බන්.. දැන් ඕකෙන් මොකද්ද කරන්නෙ කියල කිව්වෙ නැද්ද බන්? ඒ කිව්වෙ උඹල දැන් කැම්පස් එක ඇතුලට ගියාට පස්සෙ ?

    ReplyDelete
  5. මට නම් මෙහි වැරැද්දක් නොපෙනේ. මෙය මා වැරැද්දක් නොමැති බව නිගමනය කරන්නේ ඔබේ ලිපිය කියවා පමණක් නොවේ. මෙවැනි පුහුණුවක් ලබාදීමේ වර්ථමානයට අවශ්‍ය බව හැඟේ..

    ReplyDelete
  6. මේකෙන් වෙන්නේ ලබන පාර කැම්පස් නොයන්න උන්නු අයත් කැම්පස් යන්න හදන නිසා තව විස්ස විද්යාල ටිකක් ඇස් බි ඇමති තුමාට හදන්න වෙන එක තමා ඕන්
    පට්ට සැපනේ,...................

    ReplyDelete
  7. ඕකට යන්න කලින් අඬල දොඩල ලියල ගිය පොස්ටු වල ලින්කුත් මෙතනම දැම්මනම් ?

    ReplyDelete
  8. @සාතන්
    හික් මොන කොන්ද කැඩිල්ලක්ද අප්පා...අපිට හිටපු උපදේශකයො අපට අතක්වත් තිබ්බෙ නැ...ඒ ගොල්ලන්ගෙ ලමයි වගේ බලා ගත්තෙ...

    @..ChAnDiKa..
    මොන කැපිල්ලක්ද අපි තුවක්කු දැක්කෙත් ඩියුටි ඉන්න හමුදාවෙ අය අතේ තියන ඒවා තමා :P

    @නදී
    ආයිත් අහලා

    @ශ්‍රී
    නියමයිදත් අහලා...උගන්නපුවා ඉතින් ප්‍රායෝගික එවා මතකයි..අනිත් ඒවා හීනෙන් වගේ තමා..නිදිනේ!!

    @සිරකරුවා
    නෑනෙ බන්.ඒක තමා සීන් එක!

    @රොබින්
    පුහුනුව ඕනි නම් තමා..හැබැයි මේ විදියට කලොත් වෙන්නෙ අපිට අලුත් යාලුවො සෙට් එකක් ලැබෙන එකයි..රජයට තව සල්ලි ටිකක් වියදම් වෙන එකයි විතරයි :P :P

    @දේවා
    හික් හික් ඒක ඇත්ත....

    @මකරා :P :P වැරදි අවබෝදය..මට පුහුනුව ගැන කියන්න වැරදි නැතුව නෙවෙයි...හොද ටික කලින් දානවා

    ReplyDelete
  9. මේං මලය යන්න කලින් මම කිව්ව දේ - "ගිහින් ඇවිල්ලා ලියනවකො බලන්න කඳවුරේ ජීවිතේ ගැන ලිපියක් . මට ශුවර් ඒක කියෙව්වාම වැඩ නොකරන උනුත් පාඩම් කරන්න පටන් ගන්නව කැම්පස් නොගියත් නායකත්ව පුහුණුව ගන්න " - මං හරි නෙව

    එතකොට අර ගැනු ලමයෙක් තාප්පෙකින් පනින්න ගිහින් අතපය කඩා ගත්තාය කියල පත්තරවල ගියේ වෙන මොකක් හරි පුහුණුවක් ගන්න ගිය කෙනෙක් ගැනද දන්නෙ නැ :p

    ReplyDelete
  10. @බුවා
    ඇත්ත ඇත්ත.......සම්පූර්න ඇත්ත

    ඒක ඉතින් සුලු අත් වැරැද්දක්,ඔය ඇඩ්වෙන්චර් ගෙම්ස් කරන්න තිබුනෙ කැමති අයට විතරයි...ගෑනු ලමයා ඒකට කැමති වෙලා ගියානම ඒකෙ අතුරු ඵල ගැන එයාගෙ උපදේශකයින්ට චෝදනා කරන එක හොද මදී නෙහ්?

    ReplyDelete
  11. විනිවිද භාවයකින් වැඩක් කරන්නය කියල කියන්නේ , ඒකයි ..පිට ඉන්න අපි දන්නෙ නැනෙ කැමැත්තෙන්ද ගියේ කියල . සමහර විට ඒ ලමයගේ අම්මටව්ත් ඒ දෙ කියන්න නැතුව ඇති ..

    කොහොම උනත් මගේ විරෝධය තිබුනේ ඔය වගේ කාරණා ගැන නෙවෙයි , බලමු ඉස්සරහට

    උඹට හොඳ නායකයෙක් (අඩුම තරමෙ ඔය පුහුණුව යෝජනා කරපු එකාට වඩා ) වෙන්න හැකියාව ලැබේවා .කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  12. මේ නහයෙන් අඩපු කොල්ලා නේද යන්න ඉස්සල්ලා....කොහොමහරි මලේ යකා හිතපු තරම් කලු උනේ නෑ නේද?

    ReplyDelete
  13. අඩේ...කෑම නම් එලම තමා....ලෙක්චර් වලදි නින්ද යන එකත් හරි....
    ඒත් මේ ප්‍රෝගෑම් එක නියමයි මචේ....
    මේක කරන්න තිබුනේ තව අවුරුදු 2කට විතර කලින් බන්.....!!!!

    ReplyDelete
  14. @බුවා
    ඔව් ඒක වෙන්න පුලුවන්...මහා පරිමානයෙන් වැඩක් කරනකොට වැරදි වෙනවානෙ..කලින් කිව්වා වගේ වැරදි නැතුව නෙවෙයි....මම ඒවා පස්සෙ කියන්නම්....

    @ItalyDilan
    ඔව් ඔව් යකා කලුම නැ ඌ අලු පාටයි :P :P

    @චතූ
    බැ බැ එතකොට මේක එහෙ මෙහෙ හැප්පිලා ගානට හැදිලා..අපට මේ ආතල් නෑ :P :P

    ReplyDelete
  15. හප්පා මළයන්ඩි ඇවිල්ලා......
    යන්නට බලාන සිටිමි. ගිහිල්ලා බලලා ඇවිලම කියන්නම්කෝ....... :D

    ම්හු ම්හූ..... කොහොමද ට්‍රින්කෝ පැත්ත එහෙම? හික්ස්....

    ReplyDelete
  16. හාවි කොහෙටද සෙට් උනේ??
    හපෝයි මේ හාවි මාව කනවාආආආආආආආආආආආඅ....බැරි වෙලාවත් බ්ලොග් එක බැලුවොත් මාව කනවා!!

    ReplyDelete
  17. ශා...නියම පුහුණුවක්නෙ... ඔය අපූරු ෆන් එකක් එහෙම අරං ඇවිත් තියෙන්නෙ... :D

    ReplyDelete
  18. @මකුලු
    ආයිත් අහලා නියම ෆන් එක...මකුලුවෙක්ට උනත් ඒක් මාර විදියට වැදගත් වෙන්න තිබුනා :P

    ReplyDelete
  19. මම හිතාගෙන හිටියට වඩා හොදට වැඩේ කෙරිලා තියනවානේ. දවස් කීයක් තිබුනද මලේ ඔය පුහුණුව.

    ReplyDelete
  20. @නචියා
    යා යා..වැඩේ නැගලා ගියා..දවස් 21ක් කියලා 20ක් තිබ්බා....ඊලඟ ලිපියත් බලන්න..

    ReplyDelete
  21. ඇති යන්තං ආවා ........
    ගමන අවුලක් නැහැ වගේ ......
    ඒ වුනාට මම නම් කියන්නෙ ඔය පුහුණුව ඉස්කෝලෙන් අවුට් වෙච්ච හැටියෙ දෙන්න ඕන එකක්, ඒ වගේම ඔයිට වඩා දැනෙන්න දෙන්න තිබුන එකක් .......
    බැලුවාම හෙන ෆන් එකක්නෙ දීලා තියෙන්නෙ ......

    ReplyDelete
  22. @කල්හාර
    හෙ හෙ දැනෙන්න දෙන්න ගියොත් මානව හිමිකම් කේස් යනවනෙ...ඒකයි
    ඉස්කෝලෙන් අවුට් උන හැටියෙ දුන්නානම් මරු තමා.....එතකොට මාස 2ක්වත් දෙන්න තිබුනා :P :P

    ReplyDelete
  23. ආවා නේද යහතින්... ඇත්ත දැනගන්න එනකල් හිටියේ... දැන් ඉතින් පෝස්ට් දෙක තුනකුත් දැම්මනම් බලන්න.

    ReplyDelete
  24. උබලා මේ ඵලය කියලා කියන්නෙ අපි කෑඩෙටින් කරද්දි උන සිද්දියටමයි.
    කරද්දි හතරහ්න්දි කඩාගෙන අඩ අඩා කට්ට කෑවාතමයි.ඵතකොට අමු ආපායක් ඉස්කෝලෙ යාමත්.
    ඊටපස්සෙ කෑම්ප් ගිහින් බල ඈණි අනු ශූරතවයත්(ඊට පස්සෙ ශූරතවය ) ආරගෙන ඉස්කෝලෙට බෑස්සෙ අයියලාවගේ.මුලු ඉස්කෝලෙම අපිට කොර.
    ඵ් අතරෙදි හමුද කදවුරක ගතකරපු සතියනම් අමතකවෙන්නෙම නෑ.

    හෑබෑයි පුතේ SBල උබලට ඔය පුහුනුව දුන්නේ අදරේට නම් නෙවෙයි.
    අවුරුදු ගනනක සෑලෑස්මක් ඈතුව.
    ඔකෙන් ගන්න පුලුවන් හොද දේවල් අරගෙන ඈස්කන් ඈරගෙන හිට්පල්ලා.
    නෑත්නම් ඔක පස්සෙ යවලා SBල සෙට් ඵ්ක රට විකුනනව.
    සොරිම තමයි.

    ReplyDelete
  25. @ඇනෝ
    ඔව් ඔව් කතාව ඇත්ත..
    ඇස් කන් ඇරගන තමා හැම වෙලේම ඉන්නෙ..නැත්නම් ජීවත් වෙන්න බෑනෙ අද..
    නමත් තිබුනානම් තමා වඩා හොද නෙහ්?

    ReplyDelete
  26. ඵකවුන්ට් ඵකක් නෑ මචෝ

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P