Monday, June 13, 2011

අපේ නායකත්ව පුහුනුවේ ගත්තු ෆන්


නායකත්ව පුහුනුවේ අපි ෆන් හුඟාක් ගත්තා කියන්න පුලුවන් හරිය මම කියන්නම්(ඒ කියන්නෙ කියන්න බැරි ඒවත් තියනවා :D)

පලවෙනි ෆන් එක තමයි සම වයස් සෙට් එකක් එක්ක..රෙදි හෝදලා දෙන්න,බත් කවන්න අම්මා නැතුව...සති 3ක් හිටපු එක..කාට හරි හිතෙන්න පුලුවන් ඒකෙ මොන ෆන්ද කියලා..
ඒ උනාට ඒකේ මාර ෆන් එකක් තියනවා..ඉදලම බලන්න ඕනි

පීටී රන් එක

පීටි රන් එක කිව්වෙ ශාරීරික යෝග්‍යතාව තියාගන්න උදේ පාන්දර(6ට) දුවපු කිලෝ මිටර කිහිපයේ රන් එක.අපිනම් කරේ වැඩිපුර ඇවිදපු එක තමා :P...කොහොමද උදේ පාන්දර කෙල්ලො ටිකක් එක්ක පාරවල් දිගේ ඇවිදින්න දුන්නාම.අපිනම් බෑ කියයි ලොල්
අනික අපි හිටියෙ ටිකක් උන්නතාංශය වැඩි පලාතක හන්දා භුමි දරශන මාර ලස්සනයි..අපේ අනදෙන නිලදාරි තුමත් අපිට පලාත පෙන්නන්න කියලා එක එක දවස් වලට එක එක පාරවල් වල එක්ක ගියා..
තවමත් අයින් වෙලා නැති මීදුමත් එක්ක,දෙපැත්තෙ මල් පිපිලා පාරවල් වල,උදේ පාන්දරට තියන හීනි හීතලත් එක්ක ගිය ගමන් වල මතකය හැමදාමත් තියේවි!

මේකනම් අපිට නිවාඩු දවස උනු ඉරිදා හැර හැමදාම තිබුනා(එල නෙහ්?)

බාදක තරනය

මේකනම් ටිකක් බය හිතෙන එකක්...නමුත් මම නම් මේකෙ අවස්තා 2ක් ඇරෙන්න අනිත් ඔක්කොම කලා..පොඩී අවදානමක් තිබුනත් අපේ කාටවත් ලොකු හානියක් උනේ නැ..වෙච්චි ලොකුම හානිය අපේ කොල්ලෙක්ගෙ කකුලෙ මසල් එකක් ඉරිලා එයාට මාස 1 1/2 ප්ලාස්ටරයක් දාගන ඉන්න උනු එක..ඒක ඌටවත් ගානක් නැ..ගත්තු ෆන් එකේ හැටියට.මිනිහා ආතල් එකෙ ඉන්නව....අපිටනම් මුකුත් උන් නැ..කවුද ඔය පොඩ්ඩක් හීරුනා කියලා ගනන් ගන්නෙ :P :P...

ක්‍රිකට් මැච් එක

මේකනම් තිබුනෙ අපිට නිවාඩු තිබුනු ඉරිදා දවසක,
අපේ ප්ලැටුන් එකකින් කන්ඩායමක් ගානෙත්...කොම්පැනි දෙකෙන් කාන්තා කන්ඩායමක් ගානෙත් ඉදිරි පත් කරපු මේ ක්‍රිකට් මැච් එක එලට ගියා..එදා නම් කෑ ගහලා මගේ උගුරෙ පොටත් ගියා..:P :P

කොහොම උනත මැච් එකට ආලොක තත්ව වලින් වෙච්චි බාදා නිසා එහා පැත්තෙ ඉන්න එකාගෙ ඔලුවට බෝලෙ කියලා හිතාගන බැට් එකෙන් ගහන්න ඉඩ තිබුනු හන්දා රැ 7ට විතර මැච් එක ඩ්‍රෝ කලා..

පැදුරු පාටිය

එක දවසක් අපේ අනදෙන නිලදාරි තුමා කිව්වා පැදුරු පාටියක් තියමු කියලා...අපිටත් ඉතින් ෆන් නම් ඕනි එකක්..එහා පැත්තෙ තිබුනු කන්ද උඩ තිබුනු පැදුරු පාටිය පට්ටම ෆන් අයිටම් එකක් උනා..මුලින් මුලින් එක් කෙනෙක් ගානේ සින්දු කියපු මේකෙ..අපේ උපදේශකයො ඉදිරිපත් කරපු "මුලු ලොවම නැති උනත් එකම කලිසමක්" කියන සමූහ ඉදිරිපත් කිරීමත් එක්කම නන් ස්ටෝප් පැදුරු පාටියක් උනා...
කට්ටියට සින්දු කියලා අන්තිමට කන්න ඕනිත් නෑ...

සංගීත රාත්‍රිය

හමුදා සංගීත කන්ඩායමත් එක්ක තිබුනු මේ සංගීත රාත්‍රිය දවසනම් එලේත් එල..හමුදාවෙ අය වගේම අපේ කොල්ලො කෙල්ලොත් හොදට සින්දු කිව්වා.සින්දු කිව්වෙ නැති අය හොදටම නැටුවා..අපේ ඔෆිසර් කෙනෙකුත් සින්දු 4ක්ම කිව්ව..මරේ මරු රාත්‍රිය.සංගිතයක් තිබුනොත් වලියක් යන හන්දා කට්ටිය කිව්වෙ වලියක් ගියොත් හමුදාවෙන් ගෙන්නන්න ඕනි නැ වටේම ඉන්නවනේ කියල :P

හයික් එක

  
කට්ටිය හයික් යනවලු
ෆයිනස් උනත් කැලෑනේ
හයික් කියන්නෙ පාගමන වෙන්න ඕනි මම හිතන විදිහට..
අපේ හයික් එක නියම ෆන් එකක් ගත්තු දවසක්....
අපි ගියෙ ලඟම තිබුනු H.M.S. FOX කියලා කන්දකට..කන්දට යන්න කලින් අපි ඒකෙ පාමුල තිබුනු වෙන කන්දක්ට තමා ගියෙ..ෆයිනස් විමානයක්..කොහොම හරි කූඩාරම් අටවලා අපේ කන්ඩායම වලින් කට්ටියක් යැව්වා උයන්න..ඊට පස්සෙ අපි එක එක විකාර කර කර හිටියා...දවල් කෑමෙන්  පස්සෙ අපි කන්ද නැග්ගා..යන්න බැරි අය ඇදගන තල්ලු කරගන ගිය ගමනෙන් අපි මිත්‍ර කමේත් සහෝදරත්වයේත් පාඩම ඉගන ගත්තා..! අන්තිමට අපි කොහොම හරි නරියා ලඟට ගියා..ගිහින් පොටො එකකුත් ගත්තා.
ආයිත් කන්ද පාමුලට ආපුවාම ඔෆිසර් කෙනෙක් අපිට කන්දට නම වැටුනු හැටි කියාදුන්නා..
මුහුදෙදි අනතුරට පත් උනු නැවක් ලංකාවට ගහගන ඇවිත් තියනවා..ඒ නැවෙ නම තමයි H.M.S. FOX ඒ ගොල්ලො අපි හිටපු පලාතට ඇවිත් කදවුරු ගහගන අර කන්දේ ඒ ගොල්ලන්ගෙ මුලස්ථානය කරන් තිබුනාලු.
කෝ නරිය? දැන් අපිද නරි? :O


කැම්ප් ෆයර් එක

කැම්ප් ෆයර් ගැනනම් දන්න හුඟක් අය ඇති...මෙතනදි අපේ දක්ශකම් ඉදිරිපත් කරන්න පුලුවන්..එක එක ජාතියෙ දස් කම් ඉදිරි පත් උනා..අපේ ප්ලැටූන් එකෙන් ඉදිරිපත් කරපු අයිටම්ස් 3න් 2ක්ම හිනාවෙලා පනයන ජාතියේ එවා....ඒවා කිව්වොත් මටත් පාරෙ බැහැලා යන්න වෙන්නෙ නැ...ඕනිනම් අපේ උපදේශකයින්ගෙන් අහගන්න..:P :P හුඟක් විනෝද උනු දවසක්..සහෝදරත්වය වගේම සහයෝගීතාව වර්දනය කරපු තවත් අවස්තාවක්

ඉතින් මම මේ කිව්වෙ අපේ නායකත්ව පුහුනුවේ විවිද අවස්තා ටිකක්.මේකෙ වැරදි නොතිබුනාම නෙවෙයි..නමුත් හොද පැත්තට සාපේක්ශව ඒවා ඉතා කුඩායී..
යන්න තේරිච්ච යාලුවෙක් ඉන්නවනම් අනිවා මේ අවස්තාව ගන්න..මගඅරින්න එපා අලුත් යාලුවො ටිකක් සහ අත්දැකීම් ටිකක් හොයාගන්න තියන අවස්තාව

ප/ලි:- ඦායාරූප ලබාදීම පිලිබදව අටවන ඛන්ඩයේ තිලින රත්නසේකර සොයුරාට ස්තූතිය!

28 comments:

  1. අඩේ සිරානෙ බන්

    ReplyDelete
  2. මල්ලියට මම මේකට යන්න කලින් කිව්ව ටික මතකද මංදා..?

    ReplyDelete
  3. මේක මෙච්චරම ෆන් නම් ඇයි අර කට්ටිය ඕක හරි නෑ කියලා මැරෙන්න හදන්නේ O_o

    ReplyDelete
  4. මේ ජෙප්පන්ට තරු පේන්න්ත් එක්ක හැම කෙනාටම මේ වගේ පුහුනුවක් දෙන්න යෝජනා කලා නම් මොකෝ . . . තියෙනවනම් පින්තූර දාන්න බලන්න අසයි. කොයි කෑම්ප් එකේද ඔය?

    ReplyDelete
  5. anee apatath karanna thibunaanam kiyala hithenava :) harima rasavath lipiyak :)

    ReplyDelete
  6. @H Jay
    සිරාම සිරා බන්

    @මාරයියා
    කිව්වා නේන්නම්!!ඇත්ත ඇත්ත..

    @පූසා
    මේකනෙ බන් අපිත් කලින් හිතුවෙ හමුදා පුහුනුවක් කියලානෙ..හරි විස්තරයක් කිව්වෙ නැනෙ..ඒකයි ඔය...පුහුනුවනම් එලෙත් එල!

    @දුකා
    අනේ ජෙප්පො ගැනනම් මම දන්නෙ නෑ...
    ඒ උනාට හැමෝටම මෙහෙම එකක් දෙන්න පුලුවන්නම් මරු!
    මගේ පෝං එකෙ කැමරාව හරි නැති හන්දා මම පොටො ගත්තෙ නෑ...
    යාලුවෝ ගත්තු ඒවා හම්බ උනාම දාන්නම්...
    කැම්ප් එක ලොකේශන් එකට ටැග් කලා...දියතලාව ස්වෙච්චා බලසේනා පුහුනු පාසල...

    @තරූ
    හෙ හෙ ඒ ලෙවල් කරලා කැම්පස් යමු එහෙනම් :P :P

    ReplyDelete
  7. යකෝ තනිකරම ෆන් එකක්නෙ අරං තියෙන්නෙ ........

    ReplyDelete
  8. @කල්හාර
    ලොවෙත් ෆන්...
    කොහෙත් ඔය වගේ තමා..
    ඕක ලාවට වගේ අවුල් ගියෙ තිරිකුනාමලෙයි මාදුරුඔයයි විතරයි ආරන්චි හැටියට!!

    ReplyDelete
  9. math cadet karanawa machan...api yanne rantambe NCC training center ekata.ethana thama ape camp eka..eketh api 2006 idan gatta fun amathaka na.oya umbala sathi ganakata gihilla api 2006 idan yanawa.hithapan api kohoma fun 1k gannawa athda kiyala..fotoz tikak dammanam thama maru machan..

    ReplyDelete
  10. @දිලීප
    අනිවා මචෝ...
    පොටෝ දාන්න විදියක් නැ මචං හම්බ වෙනකන් ඉන්න වෙනවා....

    ReplyDelete
  11. ෆනේ ෆන් නේද මලයෝ... අවුරුදු 10 ක් පහුවෙලා උපන්නනම් හොඳයි කියලා මේ වෙලායට හිතෙනවා.

    ReplyDelete
  12. @චතුරංග පෙරේරා
    ෆන් නම් ලොවෙත් නැ....පට්ටම ආතල්.....

    ReplyDelete
  13. හැමෝටම ඔහොම පුහුනුවක් දුන්නොත් මරු...

    ReplyDelete
  14. දියතලාවේ පුහුණුවට ගියාම මහඋන් අපිවත් මුලින්ම ෆොක්ස්හිල් ගෙනිහිල්ලා නරියට වන්දෝලා තමා ඉතුරු වැඩ අල්ලන්නෙ.

    ReplyDelete
  15. අනේ මේවා හරිම අසාධාරණ වැඩ! මට ආයේ ඉස්කෝලේ යන්න ඕනේ!!
    ෆොක්ස් හිල් වෙන්න ඇති නගින්න ඇත්තේ. දන්නවද දියතලාව රේල්වේ ස්ටේෂන් එකට ගියාම නරිය කන්දේ ඉන්න සුදු ගල් වලින් හදපු නරියව පේනවා. කොහොමත් දියතලාව මාර ලස්සනයි. :-)

    ReplyDelete
  16. @රන්දික කුලතුංග
    ආයිත් අහලා මෙහෙම එකක් නම් කී පාරක් දුන්නත් අවුලක් නැ!!

    @බුද්ධි
    ඒ මොනවට ගියාමද?කැඩෙටිං දැන් නෑනෙ..හමුදාවට ගියාමද?

    @Shenya de Silva
    යමු යමු ආයිත් ඉස්කෝලෙ :P :P
    ඔව් ඔව් නරි කන්දට තමා අරන් ගියෙ...පෝලෝ පිට්ටනියට එහෙමත් අරන් ගියා එල ෴෴෴෴෴෴

    ReplyDelete
  17. සිරා . . . ආතල් ගන්න පුලුවං එක තප්පරයක් වත් අපතේ යවන්න නරකයි . . . .

    ප.ලි.
    ඔය සිංදුව පටංගන්නෙ "ගඳ සුවඳ මොක උනත් . . . . එකම කලිසමක්. . . " කියල

    ReplyDelete
  18. @ඕනයා
    සිරා සිරා
    ආආආ එහෙමද මම කිව්වෙ අපේ උපදේශකයො කියපු විදිය අවුලක් නෑ.....

    ReplyDelete
  19. මටත් කියන්න තියෙන්නෙ චතුරංග කිව්වදේම තමා තව අවුරුදු 9ක් විතර පහු වෙලා ඉපදුනා නම්... ශිහ්....!!!!! මේවා අන්තිම කුප්ප අසාදාරණ වැඩ!!!!

    ReplyDelete
  20. @සංජු
    හික්෴෴෴෴෴෴
    ඔන්න ඊරිසියාවෙ පැලෙන්න එනොඔඔඔඔඔඔඔ :P :P
    ඔව් ඔව් මාරම අසාදාරනයි :P :P

    ReplyDelete
  21. උබලා මේ ඵලය කියලා කියන්නෙ අපි කෑඩෙටින් කරද්දි උන සිද්දියටමයි.
    කරද්දි හතරහ්න්දි කඩාගෙන අඩ අඩා කට්ට කෑවාතමයි.ඵතකොට අමු ආපායක් ඉස්කෝලෙ යාමත්.
    ඊටපස්සෙ කෑම්ප් ගිහින් බල ඈණි අනු ශූරතවයත්(ඊට පස්සෙ ශූරතවය ) ආරගෙන ඉස්කෝලෙට බෑස්සෙ අයියලාවගේ.මුලු ඉස්කෝලෙම අපිට කොර.
    ඵ් අතරෙදි හමුද කදවුරක ගතකරපු සතියනම් අමතකවෙන්නෙම නෑ.

    හෑබෑයි පුතේ SBල උබලට ඔය පුහුනුව දුන්නේ අදරේට නම් නෙවෙයි.
    අවුරුදු ගනනක සෑලෑස්මක් ඈතුව.
    ඔකෙන් ගන්න පුලුවන් හොද දේවල් අරගෙන ඈස්කන් ඈරගෙන හිට්පල්ලා.
    නෑත්නම් ඔක පස්සෙ යවලා SBල සෙට් ඵ්ක රට විකුනනව.
    සොරිම තමයි.

    ReplyDelete
  22. අර කලින් ඇනෝ කියල තියනව වගේ මේක අවුරුදු ගානක සැලැස්මක පලවෙනි අදියර විතරයි මල්ලි . උඹට මේක ආතල් වෙන්න ඇති , ඒත් තව අවුරුදු ගානකදි මේකේ මමත් අනික් මේකට විරුද්ධ අයත් කිව්ව දේවල් වල ඇත්ත නැත්ත කාට කාටත් තේරෙයි . තව කාලයක් ගියාම ඔයාටත් තේරෙයි , අන්න එදාට මම මේ ලිව්ව කමෙන්ට එක මතකයට ගන්න . කලින් කමෙන්ටු දාපු අය ගැන දුකයි , ලංකාවේ මිනිස්සු අන්දන්න හරිම ලේසි බව තමයි නැවත නැවතත් පේන්න තියෙන්නෙ

    ReplyDelete
  23. @බුවා
    මම මේ පෝස්ට් එකෙන් කිව්වෙ අපි ගත්තු ෆන් ගැන විතරයි..
    පුහුනුව ගැන මගෙත් තියනවා දේශ පාලන අදහස්..අපි දැකපු විදියට හැමොගෙම තොරතුරු එකතු කලා..
    විශේශයෙන්ම කට තියන අයගෙ...
    අපි නොදැක්කා නෙවෙයි...........

    ReplyDelete
  24. ඒ දේවල් නිරීක්ෂනය කරන්න ලැබුනා නම් හොඳා .... එස් බී උන්නැහෙ තමන් වගේ වාචාලයො වෙන්න ඉන්න උන් ගැන හොයන්න වෙන්න ඇති ඒ තොරතුරු එකතු කලෙ :D

    ReplyDelete
  25. apita thibbe nane ohoma athal.......

    ReplyDelete
  26. @හරී
    පින නෑ :P :P

    ReplyDelete
  27. මට මේවා දකිත්දි හිතෙනවා අපි කැම්පස් එකට ගන්න කාලෙත් මේ පුහුණුව තිබුණානම් කොච්චර හොඳද කියලා. ඒවාටත් පින තියෙන්නෙ ඕන ඇති. කොලර් අප් කරගන්නවා එහෙම නෙවෙයි ඔන්න.

    ReplyDelete
  28. @හංසි
    කොලර් අප් :P :P
    පින නෑ පින නෑ

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P