Friday, July 1, 2011

ඔබ සහ මම(හෆ්ෆොයි මම)

ඔයා මගෙ යාලුවෙක්,
මම හිතන්නෙ මම ඔයාට ආදරෙයි,

ඒත් මම එහෙමයි කියලා ඔයා දන්නෙ නෑ නෙ,

ඔයා වෙන කොල්ලෙක් එක්ක හරි චැට් කරනවා කියලා දැන ගත්තොත්,
මට පට්ටම ඊරිසියයි;
ඒත් ඉතින් ඔයා චැට් නොකර ඉන්න් ඕනි නෑනෙ..

ඔයා වෙන කොල්ලෙක්ගෙ හරි ස්ටෙට්ස් එකක,පොටෝ එකක කොමෙන්ට් එකක් දාලා තියනකොට,
මට  පට්ටම ඊරිසියයි,
ඒත් ඉතින් ඔයා මගේ එවගෙම කමෙන්ට් කරන්න කියලා නීතියක් නෑනෙ..

ඔයාට එවන මැසේජ් වලට රිප්ලයි පරක්කු වෙනකොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයා පෝන් එක අතේ තියන් ඉන්නෙ නෑනේ මගෙන් මැසේජ් එකක් එයි කියලා බලාගන..

ඔයා මාව ගනන් නොගෙන ඉන්න කොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයාට වෙන වැඩත් තියනවනෙ..

ඔයා වෙන කොල්ලො ගැන කියන කොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයාටත් හැඟීම් තියනවනෙ..

ඔයාට වෙන කොල්ලෙක් "හායි ඩියර්" කියලා වෝල් පෝස්ට් එකක් දාලා තියනකොට,
මට තරහයි,
ඒත් ඉතින් ෆේස්බුක් තියෙන්නෙ ඕවාටත් එක්කනෙ..

ඔයා මට නොකියා ඕෆ් ලයින් උනාම,
මට තරහයි,
ඒත් ඉතින් ඔයා මට කියන්න ඕනිම නෑ නෙ..

කොහොම උනත්..
ඔයාට සතුටුනම් මටත් සතුටුයි..
ඔයා දුකින්නම් මමත් දුකින්...

ඒකටද ආදරේ කියන්නෙ?

14 comments:

  1. නැත ලොවේ අන් රසඳුනා ආදරේ සේ සුව දෙනා.. අන්න එහෙමයි අපි ඉගෙන ගෙන තියෙන්නෙ :D

    ReplyDelete
  2. මම....
    ඔයා ඔය ඔක්කොම කරද්දිත්
    ඔයාගෙ profile page එක refresh කර කර
    මම පැය 24ම online

    ReplyDelete
  3. @බුවා
    මලා :O :O

    @හපා
    නෑ බං පෝං එක දිහා බලං ඉන්නවා :P

    ReplyDelete
  4. මොකාක් හරි වේගෙන එනව මූට. අංගොඩ බස් එක 138ද කොහෙද බං.

    ReplyDelete
  5. හලේ මාලුවො ඔහොම කියන්න එපා බං මට ඇඬෙනවා.... (මේ කඳූලු :'()

    ReplyDelete
  6. ආදරයේ මූලික ලක්ෂණ පහළ වෙලා කියලා තමයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  7. @හංසි
    හික්෴෴ සුවර්ද? මරුනෙ :P

    ReplyDelete
  8. :P :P :P :P :P

    Rushika....

    ReplyDelete
  9. ඇතුවත් බැරි නැතුවත් බැරි ආදරේ .. සොබා ධර්මය මිනිසාගේ සැබෑ ආසාවල් වහන් කරන්න දීල තියෙන වස්ත්‍රය..

    ReplyDelete
  10. @සරත්
    // සොබා ධර්මය මිනිසාගේ සැබෑ ආසාවල් වහන් කරන්න දීල තියෙන වස්ත්‍රය// ඇත්ත!!

    ReplyDelete
  11. elaaaaaaaaaaaaaaaazzzzzzz

    ReplyDelete
  12. කව්ද මේ ඇනෝ??? :O :O

    ReplyDelete
  13. මෙව්වා ඇවිල්ලා අර පවුල් පන්සල් වෙන්න කලින් ඇතිවෙන පෙර සිතිවිලි :)

    ReplyDelete
  14. සුවර්ද? මරු තමා :D :D හප්පා මේ ෆලෝවර්ස් විජට් එක අවුල් වගේ හැට පැයක් ලෝඩ් වෙනවා :(

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P