Wednesday, September 14, 2011

ඔබේ ඒ ආදරය,ලබන්නට ඇත්නම්........................

උදෑසන නැගෙද්දි,
වැටෙන හිරු කිරන තුල,
ඔබ බදා නලල් තල,
සිපින්නට ඇත්නම්......

සදා කල් ඔබ ලඟින්,
ඔබට දිරියක් වෙමින්,
මහා නුග රුකක් සේ,
රැඳෙන්නට ඇත්නම්.......

ඔබ ගිලන් ඌ විටෙක,
නුහුරු නුපුරුදු අතින්,
මා හැදූ අහර පිඩ,
කවන්නට ඇත්නම්........

ජීවිතය විඳින්නට,
සදාකල් ඇවැසි වූ,
ඔබේ ඒ ආදරය,
ලබන්නට ඇත්නම්........................

2 comments:

  1. හරිම ලස්සනට පද ගලපලා තියන්වා... අපූරුයි... ආදරේ ගැන ලියන්න නම් කොච්ච්රක් නම් තියන්වද...

    "ජීවිතය විඳින්නට,
    සදාකල් ඇවැසි වූ,
    ඔබේ ඒ ආදරය,
    ලබන්නට ඇත්නම්......................."

    අනේ... මටත් මෙහෙම හීනයක් තිබ්බා....:(

    ReplyDelete
  2. @හිතුවක්කාරි
    මගේ හිනෙනම් තාම තියනවා,ඔයාගෙ එකට මොකද උනේ?
    බොහොම ස්තූති :D

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P