Tuesday, September 20, 2011

නැවත ජීවත් වෙන්නට ඇත්නම්..


දෙතුන් පාරක් ගැස්සුණු බල්බ් එක එක පාරටම පත්තු උණා,
වැඩි වෙච්චි එළියත් එක්කම මට මතක් උණේ අවුරුද්දකට කලින් පෙර හැර බලන්න ආපු හැටි..

රටේ නැති නිදහසට කරුණු ගෙවල් වලට කියලා,දෙන්නත් එක්ක ගෙවල් වලින් පැනලා පෙරහැර බලන්න ගියා.
අනිත් උං හෝටල් ගානෙ යද්දි,අපි අත් අල්ලගන පෙරහැර බැලුවා,පෙරහැරේ යන අලි ගණං කළා,මහ වැස්සෙ අයිස් ක්‍රීම් කෑවා,කොහොම හරි මඩ ගොඩේ වාඩිවෙලා පෙරහැරත් ඉවර වෙනකන්ම බැලුවා.බලලා ගෙවල් වලට යනකොට මහ රෑ වෙලා,දෙන්නම ගෙවල් වලින් බැණුමුත් අහගත්තා.

එතකොට අපි දෙන්නම ඒ ලෙවල් කරලා,කැම්පස් වලටත් තේරිලා අධ්‍යාපන ඇමතිට පිං සිද්ධ වෙන්න ගෙදර ගතකරන දොළොස්වෙනි මාසෙ,
අපිට ජීවිතේ ගැන එච්චර බරක් තිබුණෙ නෑ.හැම දේම කරන්න අම්මලා තාත්තලා හිටියානෙ.
හැමදෙයක්ම සැහැල්ලුවෙන් ගත්තු මට,වැඩිය කිසිදෙයක් ගැන නොසලකපු එයා හොඳට ගැලපුනා.
අපි දෙන්නා තේරිලා තිබුණෙ විශ්වවිද්‍යාල දෙකකට උණත් ඒක එච්චර ප්‍රශ්නයක් කරගත්තෙ නෑ.
මම හිතෙන්නෙ අපි ඇත්තටම ආදරය කරන්න ඇති.

ප්‍රශ්න ඔක්කොම පටන් ගත්තෙ කැම්පස් පටන් අරන් මාස කීපයකට පස්සෙ,
අනතුරු හැඟවීමක් නැතුවම තාත්තා අපිව දාලා ගියා,
අම්මට පවුල තනියම ජීවත් කරවලා මටත් වියදම් කරන්න විදියක් නොතිබුණු හන්දා විශ්වවිද්‍යාල ජීවිතේට සමු දුන්නු මම පවුලෙ බරට කර ගහන්න රස්සාවක් හොයාගත්තා.

ඔක්කොම උණාට පස්සෙයි මම එයා ගැන කල්පනා කරන්න ගත්තෙ.
ජීවිතේ බර දැනෙන්න පටන් ගත්තට පස්සෙ මම හුඟක් කල්පනා කරන්න ගත්තා,
ටිකක් අලුත් පන්නෙට හැදිච්චි කෙල්ලෙක් උණු එයාට,කැම්පස් එකෙන් අවුට් වෙලා,ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්වෙලා හිටපු මගෙත් එක්ක ජීවත් වෙන්න පුළුවන් උණත්,සෙමෙස්ටරයක්වත් කැම්පස් එකේ ඉන්නෙ නැතුව රස්සාවක් හොයාගත්තු මගෙත් එක්ක ඉන්න බැරිවෙයි කියලා මට හොදටම පෙනුණා,
එයා මට කොච්චර ආදරේ උණත් මට එයාව සතුටෙන් තියන්න බැරි බව පැහැදිලිවම පෙනුණා,

මම එයාගෙ දුරකථන ඇමතුම් වලටයි,කෙටි පණිවුඩ වලටයි ප්‍රතිචාර දක්වන එක ටිකින් ටික මග ඇරියා
හැඟීම් වලට ඉඩ දුන්නොත් මගේ විතරක් නෙවෙයි එයාගෙ ජීවිතෙත් අවුල් ජාලයක් වෙන හන්දා,
එයා මුලින් හිතුවෙ මම වෙච්චි දේවල් නිසා දුකින් වෙන්න ඇති කියලා,නමුත් පස්සෙ පස්සෙ එයා තේරුම් ගත්තා මම එයාව මග අරිනවා කියලා.
සම්පූර්ණයෙන්ම සම්බන්ධෙ මගේ පැත්තෙන් නවත්තලා ටික කාලෙකට පස්සෙ,
එයා ගෙදරට ආවා මාව හොයාගන,මම හැංගුණා,මම ආදරේ කරන කෙල්ලගෙන්ම මට හැංගෙන්න සිද්ධ උණා,
එයා මට තිබුණු ආදරය ඇරෙන්න එයාට මාව හොයාගන එන්න වෙන හේතුවක් තිබුණෙ නෑ,මම එයාට කිසිම වැරැද්දක් කරලා තිබුණෙ නෑ.
කොච්චර ආදරේ උණත් මම හැංගුණේ අනාගතය ගැන හිතලා,
කවදා හරි සමාජයේ ඉහළ තලයකට යන එයාට,මගෙත් එක්ක ජීවිතයක් තිබුණෙ නෑ..

ඔක්කොටම දැන් අවුරුද්දක්,
කොහොම හිතුවත්,එයා මේ අවුරුද්දෙත් මෙතනට එයි කියලා මගේ හිතේ කොනක බලා පොරොත්තුවක් තියනවා..

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...................................................................
බල්බ් එක ආයිමත් නිමිලා..............
හිතේ බලාපොරොත්තු වගේම.......................................
පහන් කණුවට යටින් ගිනිබෝල කාරයො යන්නෙ,බලාපොරොත්තු ආයිත් දල්වන්න වගේ......

සුපුරුදු හඬක් ,

ඈ...................



"මම හිතුවා ඔයා මෙතන ඇති කියලා!!........."

18 comments:

  1. මාර ලස්සනයි මඩසානයෝ.මැවිලා පේන්න ගත්තා ඔය කියන දෙන්න වැස්සේ තෙමි තෙමී අයිස් කිරිමක් කකා අලි ගනින හැටි.ඕක තමයි ජීවිතේ බං.සරලයි.කොළඹ ඉන්න කොල්ලො කෙල්ලන්ට ක්ලබ්,පාටි,කානිවල් වලින් එහාට ලෝකයක් නෑ.ඒත් ඒක නෙමේ ජීවිතේ බං.ඔය උඹ උඩ ලියල තියන එක තමා ජීවිතේ.නුවර වැව රවුම වටේ කට ඇඹුල් වෙන්න අඹ උරයක් උනත් කකා යන්න පුළුවන් ඔය වගේ අහිංසක කෙල්ලෙක් එක්ක.

    පට්ට !! වෙන කියන්න දෙයක් නෑ......

    ReplyDelete
  2. මල්ලි හීනයක් දැක්කද මල්ලි??????

    නියමයි ඈ.............

    ReplyDelete
  3. හරිම ලස්සනට ලියලා තියෙනවා සහෝදරයා...........

    ජය වේවා.....!!!

    ReplyDelete
  4. මඩසාන් මේ සමන් දේවාලෙ පෙරහැර ගැනද නුවර ගැන ද ?..
    කොහොම වුනත් ලස්සන කතා පොඩ්ඩ...අපුරු යි..

    ReplyDelete
  5. @සිහින
    අනිවා මචං..කොලඹ කෙල්ලො ජීවිතේ විඳින්නෙ අනුන්ට ඕනි විදියට..සටයිල් කරගන රටේ නැති බර ඔලුවෙ තියාගන,ඒ අතිං බලද්දි රත්නපුරේ කෙල්ලො තාම ජීවෙතේ තමන්ට ඕනි විදියට විදිනවා...
    බොහොම ස්තූතී :D

    @හාවි
    කරන්න බැරිවෙච්චි හරිය හීනයක්,අනිත් හරිය සම්භාවීතාවයක් :D :D
    එල එල තැන්කූ :D

    @සුදු මැණිකේ
    බොහොම ස්තූති :D

    @පැන්ඩා

    මේ අවුරුද්දෙ සමන් දේවාලෙ පෙරහැර,
    ලබන අවුරුද්දෙ නුවර වෙන්න පුලුවන් :D :D
    තැන්කූ කිව්වා :D

    ReplyDelete
  6. අපූරු සටහනක් !!!!!!!!
    නියමයි

    ReplyDelete
  7. අඩේ වැපාත් ඇවිල්ලා :D :D තැත්කූ තැන්කූ :D

    ReplyDelete
  8. නියමයි මල්ලි.. ආයෙමත් සුවඳ සඳරේණු පත්තර බලපු කාලෙට ගියා...

    ReplyDelete
  9. හෑ මාරයත් ඇවිල්ල,මේකනම් මගේ ලකී පෝස්ට් එකද කොහෙද :D තැන්කූ ඈ.. :D

    ReplyDelete
  10. මේක සුඛාන්තයක් නේද?

    ReplyDelete
  11. @කතන්දර
    හෑ ලකී පෝස්ට් එකම තමා :D
    මමත් හරියටම දන්නෙ නෑ,සුඛාන්තයක් කියලා කියවන්නන්ගේ පරිකල්පනයට භාරයි :D

    ReplyDelete
  12. It is not just luck.
    WAP is advertising this blog with his status in Google.

    ReplyDelete
  13. @කතන්දර yeah i saw just now.. :D
    කොහොම හරි මිනිහට පෙනුනෙ ලක් එක හන්දනෙ :P

    ReplyDelete
  14. මල්ලී ඇත්තටම හැඟීම් බරයි ලියවිල්ල...
    ජයවේවා...!

    ReplyDelete
  15. @තිස්ස
    බොහොම ස්තූති.. :D :D

    ReplyDelete
  16. hehehe mama danna widihata meke mula kalla maduge jeewithen tikak... ;)
    aththa kathawe awasanaya mese dukbara ekak nowewa kiyala prarthana karami.. :)

    Rushika....

    ReplyDelete
  17. ඉස්තරම්!ඔය වගේ ලවු දැන් තියෙන්නේ කෞතුකාගාරයේ!

    ReplyDelete
  18. @සබීත් :D :D එහෙමමත් නෑ..පොඩ්ඩක් ඉතුරු වෙලා තියනවා තවම :P

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P