Saturday, October 15, 2011

තවත් ලියුමක් හෙවත් නො(මිලේ) ලැප්ටොප් ගොං පාට්

ඔන්න ඉතිං තවත් සතියක් කැම්පස් ඉඳලා ගෙදර ආවා,
එනකොට අර අරයා,කලිං ලිවුම් දෙකක් තුනක්ම එවලා තිබුනු එක්කෙනා,තවත් ලිවුමක් එවලා,
ගෙදරට කෝල් කරපු වෙලාවක අම්මා ලැප්ටොප් කතාවක් කියපු හන්දා මමත් හෙන හැපි එකේ හිටියෙ,

ඒත් ලියුම දැක්කාම නිකං එපාආආආආආආඅ වෙලා ගියා..
ඒක තනිකරම බැංකු ණයක් මත දෙන එකක්,ණයක් කිව්වට සල්ලි අපේ අතට දෙන්නෙත් නෑ මහ කුනු හරුපයක්,
මූලිකවම වෙන්නෙ මේකයි ,

ආපු ලියුමෙ පුරවන්න කියලා තියන ටික පුරෝගන අපි යන්න ඕනි ජාතික ඉතිරි කිරීමේ බැංකුවට,
මේ ලියුමෙ ඇප කාරයො විදියට අපේ දෙමවුපියන්ගෙන් එක්කෙනෙකුයි,රජයේ සේවකයෙකුයි අත්සන් කරන්න ඕනි,කොටින්ම අර වෙන ණයක් ගන්නවා වගේම තමා!..අඩු තරමෙ රජය ඇප කාරයෙක්වත් නෙවෙයි..
මේ ණයේ අවම පොලිය වාර්ශිකව 12%,බැංකුවට ඕනිනම් තව වැඩි කරන්නත් පුලුවන්නෙ..
ඉල්ලන්න පුලුවන් උපරිම ණය 75000/= යි.

මේක ගෙවන්න ක්‍රම කීපයක් තියනවා,
මාසිකව අවුරුදු දෙකක් වාරික වශයෙන් ගෙවීම,
රස්සාවක් හම්බ උනාට පස්සෙ එක වර ගෙවීම,
බ්ලා බ්ලා......

හුඟක් කට්ටිය තෝරන්නෙ දෙවනි ක්‍රමයනෙ,
එතකොට අපේ හුඟක් අයට උපාදිය සම්පුර්න කරන්න අවුරුදු 3ක් හෝ 4ක් යනවා,
මට 4ක් නිසා මම ඒ ගාන ගන්නවා,
පොඩි ගානක් හදලා බලමු,
බැංකුවෙන් හදන්නෙ වැල් පොලිය නෙවෙයිනම්,
අවුරුදු 4ට පොලිය 48% ක්
ඒ කියන්නෙ 36000/= ක්
ඔක්කොම ගාන 111000/= ක්
ටිකක් ලොකු වැටුප් වලට රස්සා වලට යන අපිට,මෙඩ්ඩොන්ට සහ අනිත් අයට ඕක එච්චර අවුලක් වෙන එකක් නෑ,
ඒත් උපාදිය අරනුත් තව අවුරුදු ගනං රස්සාවල් හම්බ වෙනකන් ඉන්න වෙන ආටොන්ට එහෙම මොනවා වෙයිද?

ඔක්කොම හරි කියමුකො,
ඊට පස්සෙ බැංකුවෙන් අපිට අවශ්‍ය ණය මුදලට "නියෝග පත්‍රය"ක් නිකුත් කරනවා(සල්ලි එහෙම නෙවෙයි හරිය),
ඊට පස්සෙ අපි ඒක අරගන ඒ පැත්තෙ තියන අබාන්ස් ශාකාවකට යන්න ඕනි,
අපිට එතන තියන ලැප්ටොප් වලින් ඕනි එකක් ගන්නත් බෑ,
තෝරා ගැනීම් දෙකයි තියෙන්නෙ,
දෙකම අර ලඟදි ලැප්ටොප් හදන එක නවත්තපු HP සමාගමේ නිශ්පාදන,
පාවිච්චි කරපු උන්දැල දන්නවා ඇති ඒවාගෙ ගුණ :P

අපිට ලැබෙන තෝරා ගැනීම් දෙක තමා
HP 420(core2duo 2GHz,2GB ram,320GB,DVD R-WR,14" LED,)
සහ
HP 630(2nd gen core i3,2GB ram,320GB,DVD R-WR,15.6" LED)
අනේ මන්දා ස්ක්‍රීනුත් LED ලු,තව මේවත් එක්ක වින්ඩෝස් ස්ටාටර් එකයි,ඔෆිස් 2010 ප්‍රෝ පැක් එකයි දෙනවලු,
මමනම් මේවා ගැන අඩු තරමෙ අහලවත් නෑලු කලින්,
ඔය පොඩි එකේ ගාන 59490/= වෙනවලු,
ලොකු එක 71490/= වෙනවලු,
වින්ඩෝස් උලව්ව අයින් කරලා උබුන්ටු වගේ දාලා දුන්නනම් ඔය ලොකුයි කියන එක 59000/= වගේ දෙන්න පුලුවන් කියල මගේ යාලුවෙක් කිව්වලු..
දැනට වෙලඳ පොලෙ තියන ඔය ලැප්ටොප් වල ගනං දැන ගත්තාම අප්ඩේට් එකක් දාන්නම්.

අනිත් එක මේකත් එක්ක 2999/= කට මොබිටෙල් එකෙන් බ්‍රෝඩ් බැන්ඩ් ඩොංගලයක් දෙනවා,
පැකේජ් එකෙ ගනං එහෙමනම් තාම දන්නෙ නෑ,දැන ගත්තාම බලමු,

ඔන්න ඕකයි අර අරයගෙ (නො)මිලේ ලැප්ටොප් දීමෙ අන්දරය,රටේ හුඟක් කැම්පස් කොල්ලො කෙල්ලො මේකට අහු වෙයි,
ඔය ගොං පාට් ලැප්ටොප් දෙකේ කතාව නැත්නම් මමත් ගන්නවා ඕක,ඔය කෙහෙල්මල් ලැප්ටොප් දෙක දෙන ගානට කොහොමත් වටින්නෙ නෑ,ඒ මදිවට තව අවුරුදු 2ක් යන්න කලින් ඔය ලැප්ටොප් දෙකේම සීමාවන් වලින් එහාට මෘදුකාංග වල අවශ්‍යතා යාවි.ඒ කියන්නෙ එක වාරිකයක්වත් ගෙවන්න කලින්!

ඇත්තටම ලමයින්ට උදව්වක් කරන්න ඕනි උනානම් කරන්න තිබුනෙ නෙමිලේම ලැප්ටොප් එක දීම,අඩු පොලී ණයක් නිකුත් කිරීම(අඩු තරමෙ 8%කවත්),අබාන්ස් එකේ තියන ඕනිම ලැප්ටොප් එකක් ගන්න පුලුවන් වෙන්න පේමන්ට් ස්ලිප් එක නිකුත් කිරිම වගේ දෙයක්.

හරි ගොං පාට් ගැන කතාව ඉවරයි.
කැම්පස් එක ගැන,
කියන්න තරම් ලොකු දෙයක් නෑ,කලින් සතිය වගේමය.ඉංග්‍රීසි උගන්නනවා මේ දවස් වල.තාමත් කොහේවත් බලන්න යන්න උනේ නෑ කැම්පස් ටුවර් එකෙන් පස්සෙ.ඒකයි හිතට දුක :/

24 comments:

  1. හා හා එහෙනම් මේකයි ලැප්ටොප් කථාව... ඉස්සර නම් පොඩි ඉරිසියාවක් ආවා යකෝ කැම්පස් ගිය එවුන්ට නිකම්ම ලැප් දෙනවා නේද කියලා... දැන්නම් හිතෙන්නේ...

    පව් ඒ ඈයෝ...!!!

    මේවා කිව්වට උඹට තුති මලේ...!

    ReplyDelete
  2. @චතුරංග පවු අම්මපා අපි,සික් මුංගෙ රෙද්දෙ ලැප්ටොප්

    ReplyDelete
  3. @ශේන්‍යා ආයිත් අහලා පස්ට චාටර් :P

    ReplyDelete
  4. ඔන්න ඔය ක්‍රමයට තමා මම මගේ කොම්පියා ගත්තේ NEAT එකෙන් දුන්නා E Srilanka ව්‍යාපෘතිය යටතේ රජයේ සේවකයන්ට දුන්නා කොම්පියෝ අනේ අපොයි අවුරුදු තුන ගෙවලා ඉවර වෙද්දි 45500 කොම්පියාට 68500ක් ගෙවලා රජයේ වැඩ ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ ඔය වගේ තමා ඔය ලැප් ටොප් සීන් එකත්

    ReplyDelete
  5. @ශානු ඔව් හෆ්ෆා මොන වැඩේ කොලත් හත් පොලේ ගා ගන්නවා :P

    ReplyDelete
  6. මගෙනුත් ගොඩාක් අය ඔය ලැප් ටොප් කථාව ඇහුවා,හරි හමන් විස්තරයක් නොදැන උන්නේ... බ්ලා මේකයි කථාව... මාත් ඔහොම එකක් වෙන්න ඇති කියලා නිකමට හිතුවා

    ReplyDelete
  7. @දේවා ඔව් බං ඕක තමා කතාව,හොඳටම කලකිරුනා :/

    ReplyDelete
  8. ගණන් ගන්න එපා මල්ලි ඔය ලියුම් ඒවන එකාගේ ඔලුව අස්සෙ මොලයක් කිය එකක් නැනේ (ඔලුවට වෙඩි තියල ජපුර එක්ක ගියා නම් ටක්කෙටම බලාගන්න තිබුනා ) . උඹල අහුනොවුනට තොරතුරු තාක්ෂන සාක්ෂරතාවය (IT ලිටරසි කියන්නේ ඒක නේද ?? ) නැති අහිංසක ළමයි ඕවට අහුවෙයි

    ඇත්තම කථාව නම් මොලයක් නැති කම නෙවෙයි , බකයා ගැහීමේ ප්‍රියතාව. වට් ටූ ඩූ ආසියාවේ ආශ්චරයය එනකම් බලාගෙන ඉමු !!

    ReplyDelete
  9. @බුවා
    ඔව් හප්පා අර ලමයි සෑහෙන සෙට් එකක් ගන්නවා කියලා කියනවා,එකෙක් එකෙක් ගානෙ ඔව්වා කියලා දෙන්න විදියකුත් නෑනෙ. :/
    බකයා ගැහීමෙ ප්‍රියතාවයම තමා.ගහන බකයත් පොඩි හරි වැඩක් වෙන විදියට ගහන්නෙ නැති වල් ___...
    අර පොප් එකෙත් ගුරුවරුන්ට ඉස්සල්ලා 1,60,000 පොරොන්දු වෙලා දැන් දීලා තියෙන්නෙ 80,000යිලු අනේ මන්දා අපෙන් කට්ට කාපු මිනිස්සු :/

    ReplyDelete
  10. මේ අර ඇස් බී මාමාගෙ ටොෆියද ? ශහ් රහයිනේ :D

    ReplyDelete
  11. @බනියා ඔව් ඔව් ඒකාගෙ ටොපිය තමා...

    ReplyDelete
  12. මල්ලී හැම දේම රජයෙන් බලාපොරොත්තු වෙන මානසිකත්වය ගැන මට හිතා ගන්න අමාරුයි. ඉගෙනීමට කොම්පීතරයක් ගන්න බැරි,ඒත් ඒ සදහා තදින්ම අවශ්‍යතාවය තියෙන් එක්කෙනෙකුට මේක හොද අවස්තාවක්...කොහොමත් ලෝකේ ' ෆ්‍රී ලන්ච්' කියලා සOකල්පයක් නැ..මේ පුOචි අඹ ඈටයේ ඇරුනම්....

    ඒ වගේම මේ ටිකත් කියන්න ඕනා..ඒස් බී ලොක්කට මෙකෙන් හොද කොමිස් කුට්ටිය්කුත් ලැබෙනබව....ආර්ථික විනිවිදභාවය නැති ලOකාවේ මේක තවත් සිද්දියක් විතරයි...ඒත් එහෙමයි කියලා රජයෙන් හැමදේම බලාපොරොත්තු වෙන්න් එපා...අවසාන විග්‍රයෙදී ඕගොල්ලන්ට නිකන් ලැප්ටොප් දුන්නොත් , ඒදා වෙල කන්න නැති සිරියාවතීලත් ඒකට ගෙවන්න ඕනා

    ReplyDelete
  13. @මය්යා - නිකන් දෙන්න ඕනි නැ , ඇයි එහෙනම් බොරුවට නිකන් දෙනවාය කියල කැගහන්නේ

    අනික මෙහෙම ස්කීම් එකක් හදනව නම් ඉතාම සීමිත පහසුකම් තියන පරිඝනක දෙකකට සීමා කරන්නේ ඇයි , අනික ඔය සමාගම තීරණය කරල තියෙන්නෙ මොන පදනමෙන්ද , ශිෂ්‍යයින්ට කල් පවතින , රලු භාවිතයට සුදුසු එකක් වශයෙන්ද ? අනික විවිධ පාඨමාලාවල අවශ්‍යතාවයන්ට ගැලපෙන්න මාදිලි කිහිපයක් දෙන්න බැරි බැයි

    ReplyDelete
  14. @මයියා
    ඔයා හරියට මේක කියෝලා නෑ වගේ..අන්තිමට මම ඔප්ශන් 3ක් දීලා තියනවා දැක්කෙ නැද්ද?.නිකංම දීලා දාන්න කියලා තියෙන්නෙ එතනින් එකක විතරනෙ?..
    මම නිකං දෙන්න කියන්නෙ නෑ..මම කියන්නෙ දෙන එක හරියට දෙන්න කියලා...ඔහොම අවශ්‍යතාවක් තියන ලමෙකුට දෙන කොම්පීතර කට්ටට රුපියල් 8000ක විතර අවම වටිනාකමක් තියන වින්ඩෝස් 7 ස්ටාටර් පැක් එකයි,මම දන්න හැටියට රුපියල් 15000ක ටත් වඩා වටිනාකමක් තියන මයික්‍රො සොෆ්ට් ඔෆිස් ප්‍රෝ පැකේජ් එකයි දාලා දෙන්නෙ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන්ද,උබුන්ටු සහ ලිබරේ ඔෆිස් දාන්නෙ නැතුව?
    අනික් අතට හැම විශ්වවිද්‍යාල ශිශ්‍යයෙකුටම නොමිලේ මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන සොෆ්ට්වෙයා පැකේජ් එක ඕකට පාවිච්චි නොකර,අබාන්ස් එකෙන් ලයිසන් කරලා දෙන සොෆ්ට්වෙයා පැකේජ් එක පාවිච්චි කරන්නෙ ඇයි?

    අනික් අතට ඔව්වත් එක්කම වෙලද පොල වටිනාකම 60000කට විතර වැඩි නොවෙන(මම දන්න හැටියට) ඇයි අපට 72000කට දෙන්නෙ?.
    මෙතන තියන ප්‍රස්නෙ එදා වේල කන්න නැති සිරියාවතිලත් අපිත් දෙගොල්ලොම මේකට ගෙවන්න ඕනි එක.

    ReplyDelete
  15. මම හිතුවා තව සතියකින් කැම්පස් එකට යනකොය ජූනියස්ලා ලැප්ටොප් අරගෙන අපිටත් නොදී කොකා පෙන්න පෙන්න ලෙක්චස් යයි කියලා. බලාගෙන ගියාම කාටවත් ලැප්ටොප් හම්බෙලා නෑනේ. මම හිතුවේ උන්ගෙන් ලැප්ටොප් එකක් අරන් මගේ රිපෝට් එක හදන්න. ඒකත් හබක්. දැන් ඉතින් full AC CC එකේ පිහිටම තමයි.

    ReplyDelete
  16. @මනෝජ් එව්වා ඉතිං හඳේ තමා මේක ආසියාවේ අයිස්-චර්ය නේ :D :D

    ReplyDelete
  17. අනේ මම නම් මගේ ලැප් රාජයා ගත්තේ මාස 6 ක් විතර කට්ටක් කාලා නිවාස ණයක් කියලා දාපු බැංකු ලෝන් එකකින් ....:D

    ReplyDelete
  18. @ලයන් :P මටත් නිවාස ණයක් අරන් දියන්කො :D

    ReplyDelete
  19. @බුවා හා මදුශාන්

    මේ ගණුදෙනුවේ විනිවිදභාවයක් නැති විත්තියත් එස්බි ලොක්කට යන් කොමිස් කුටිටියත් ගැන ත් කොමෙන්ටුවේ සදහන් කරලා තියෙද්දී ඒ ගැන තව වාද විවාද කරන්න මයියාට ඕනේ නැ...

    මදුශාන් මේක බිස්නස් එකක් මිසක් කොම්පීතර දෙන දන්සැලක් නෙවේ,,ඔයාගේ ලියුම හරි හැටි කියවපු නිසා තම්යි එකේ එක කරුණක් ගැන ලියලා තියෙන්නේ...විශ්ව විධ්යාල සිසුන්ට ඉගේන් ගැනිමට දේන සොෆ්ට් වෙයාර් බිස්නස් අරමුනක් වෙනුවෙන් පාවිච්චි කරන්න බැරි බව ඔයා කවදා හරි මේවායේ ඇග්‍රීමන්ට් (නිකන් දෙන සොෆ්ට් වෙයාර් වල) කියෙව්වොත් තේරේවී......උබන්‍ටු වැනි දේ වෙනුවට මයික්‍රොසොෆ්ට් දාලා නම් ඇත්තේ ලංකාවේ වැඩි දෙනා දන්නේ මයික්‍රොසොෆ්ට් හිනදා වෙන්න ඈති..ඒත් ලංකාව මලයාසියාව මෙන් පොලිසියක් වශයෙන් ‍ෆ්‍රී වෙයර් ව්ලට මාරු විය යුතු බව මයියා විශ්වාස කරන නිස ඒ යෝජනව ගැන එහ්තරම් ගැටලුවක් නෑ...කොහොමත් මේක බිස්නස් එක්ක් නිසා මේ ප්‍රොඩක්ට් එකට කැමති කෙනා ගන්න්ව ..නති එක්කෙනා නිකන් ඉන්නවා..
    .
    මේක ණයක් නිසා දැන් මෙකට ගෙවන්නේ ඔයා විතරයි..සිරියාවතිල ඔයාගන්න ලැපට ගෙවනෙ නැ..ඒත් තමන්ට කන්න නැතත් සිරියාවතිලා එස් බී ඇතුලු මෝඩ රැලේ පාර්ලිමෙන්තු බත් පිගනට වියදම් කරන්වා..

    අවසාන වශයෙන් කියන්න තියෙන්නෙත් මයියා මුලින්ම කියපු දෙයම තමයි...'කොම්පීතරයක දැඩි අවශ්‍යතාවය ත්යෙන ලමයෙකුට ඒත් මුද්ල් නති ලමයෙකුට මේක හොද අවස්තාවක්...' මේ වැඩ පිලිවෙල සාර්ථ්ක උනොත් , වෙන්ත් බැOකුත් වැඩේට බැහැලා තරගකාරිත්වයක් අති උනොත් ඕගොල්ලන්ට වඩ හොද ඩීල් එක්කට යන්න

    ඔයාට මේකේ අගය තෙරෙන්න නම් බැංකුවකට ගිහිල්ලා අවුරුදු හතරකින් ගෙවන්න කියලා ලැප්ටොප් එකක් ගන්න කියලා ණයක් ඉල්ලල බලන්න...

    ReplyDelete
  20. මචන්
    බෑන්ක් එකක් housing loanදෙන්නෙ 13.00% ට
    Personal ලෝන් දෙන්නෙ 14.5% ට
    ක්‍රෙඩිට් කාර්ඩ් වලInterest එක 24% ට කිට්ටු ගානක්
    ඔයාට මේක ලැබෙන්නෙ 12% ට
    ඉතින් ඔය මදිද.?
    Ganesh
    Employee Of Commercial Bank

    ReplyDelete
  21. adu poliya pattakin thiyannako...kawada rassawak nethi ekkenekuta..awrudu 4n gewanna loan denne?

    ReplyDelete
  22. @මයියා
    මේක ඇප කාරයො නැතුව එහෙම දෙන ණයක් නෙවෙයි..රජයේ සේවකයො 2න්නෙක් අත්සන් කරන්න ඕනි ඇප කාරයො විදියට..නිකන් දෙන සොෆ්ට් බිස්නස් අරමුනු වලට පාවිච්චි කරන්න බැරි බව ඇත්ත..ඒත් අපිට දැන්ම මොන බිස්නස් අරමුනුද?..ඕක නෙවෙයි තියන ලොකුම ප්‍රශ්නය.අබාන්ස් එකේ තියන ඕනිම ලැප් එකක් ගන්න පුලුවන් වෙන්න පේමන්ට් ස්ලිප් එක නිකුත් කරන්නෙ නැතුවවාර කෙහෙල් මල් නෝට් බුක් දෙකක් විතරක් ගන්න පුලුවන් වෙන්න නිකුත් කරන්නෙ ඇයි?

    @ගනේශ්
    ඔව් ඔව් ඔය හොඳටම ඇති,අපිට කලින් කිව්වෙ නිකන් දෙනවා කියලනෙ :P
    මීට කලිනුත් කැම්පස් යන ලමයින්ට ස්ටුඩන්ට් ලෝන් කියලා එකක් දුන්නා.ඒකෙත් පොලිය මම දන්න විදියට 12%.හැබැයි ඉතිං ඒකෙන් ගන්න පුලුවන් උනේ නෝට්බුක් කට්ටක් විතරක් නෙවෙයි :P

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P