කාලයට පෙරින් විකසිත වූ රොබරෝසියා මල් එකින් එක හැලීම ආරම්භ වී තිබිනි.වසරක් ගත වීත් නමක් සොයාගත නොහැකි වූ,සරසවියේ සියල්ලන්ටම "කහ මල්" වූ මලින් වැල් පීරි තිබිනි.පසුගිය වසරට වඩා විශාල මල් ප්‍රමානයක් මෙවර පිපී තිබෙන්නෙ සැබෑ ලෙසම වසන්තය උදා වී ඇති බව ඉඟි කරමින්.සරසවියේ විවිද මාවත් අතරින් ඉබාගාතේ ඇවිද යමින් සිටි මාගේ,මතකය එක් වරම වසරක අතීතය වෙත ගමන් කලේ අවට පරිසරය ඒ සුන්දර මතකයට ඉඟි කල නිසා විය යුතුය.
එයද රොබරෝසියා මල් වැටෙමින් තිබූ සමය විය.සතුටින් ඉපිල සිටි අප,සම්මතයට එරෙහි සම්බන්දයක අත් පොත් තබමින් සිටි අවදියද විය.මා අද තනිව ඇවිද යන මාවත් අතර එදා,අප අත්වැල් පටලාගන නිදහසේ ඇවිද ගියෙමු.සම්මතය අපට ඇවැසි අයුරින් වෙනස්කල හැකි මේ පරිසරයේ අපව ප්‍රශ්න කිරීමට සිටියේ කීපදෙනෙකි.ඒ ඇයගේ මිතුරන් සහ මාගේ මිතුරන්ය.අප දෙදෙනා සම්ප්‍රදාය හෝ සම්මතය නොතකන්නන්නන් හා ඒවාට නොගැල පෙන්නන් බව වටහා ගත් ඔවුන් ට්ක කලෙකින් ප්‍රශ්න කිරීම් හැර දැමුවෝය.අප අතර වූ සම්බන්දය අසා තහවුරුකර නොගත්තත්,සොයුරු පෙමක හෝ මිතුදමක සීමාවෙන් ඔබ්බට යැවෙන්නක් බව අබ දෙදෙනාගේම සමීපතමයන් දැන සිටියෝය.
සිහිනය සිහිනයක්ම කරමින් සතුටු සමය නිමාවට පත්වූයේ,සරසවියෙන් ඇය නික්ම යාමට මාස කිහිපයකට පෙර සිටයි.බොහෝ වැඩ අදික වූ ඈ.මා හමුවනු තබා මාගේ පනිවුඩයකට හෝ ප්‍රතිචාර දැක්වූයේ කලාතුරකිනි.සියල්ලටම ඔරොත්තු දිය හැකි සියල්ල තේරුම් ගත හැකි මනසක් ඇති මා ඇය වෙනුවෙන් නැවතී සිටියෙමි.
සරසවියෙන් නික්මී රැකියාව සමග කාර්‍ය බහුල වීමත් සමග තවදුරටත් බිඳ වැටුනු අපගේ සම්බන්දතාවය,කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් දැනට මාස කිහිපයක් හත වී ඇතත්.ඇය පිලිබඳ මතකය මනසට ගෙන එන සැහැල්ලුව,කිසි දිනෙක මට විරහා වේදනා විඳිමට ඉඩ නොදුන්නේය.
'සුදු පාට ගවුමේ..ආදරය බැදුනේ,ඔබ මගෙ නිසයි..........................."
ජංගම දුරකතනයෙන් නැගුනු සංගීත රාවය සිතුවිලි දාමය බිද දැම්මෙය.නොබලාම ඇමතුම අනුමත කල මා,දුරකථනය කනේ තබාගත්තෙ කිසිවක් අපේක්ශාවෙන් නොවේ.
නමුත්
"හලෝ,ඔතනම ඉන්න මම එනවා"
හුරුපුරුදු කට හඬක් ඇසෙද්දි,වසරකට පෙර මතකයෙන් ගිලිහුනු බොහෝ දෑ නැවත මතකයට නැගුනි...................
"ඇයි ඔයා කතාවත් කලේ නැත්තෙ?" මගේ පැනයට,
"අද උදේ මැසේජ් එක එනකන්ම මම හිතන් හිටියෙ ඔයා මගෙත් එක්ක තරහින් ඇති කියලා."
"හරි එහෙනම්,කොහොමද ඔයා මම ඉන්න තැන දැනගත්තෙ?"
"ඇයි මතක නැද්ද?.මට ඉව තියනවනෙ" සිනාසෙන දෑස් අතුරින් ඇය පවසයි.
මගේ පිලිතුර සෑම දිනකම වාගේ "පිස්සි..................................................................."
Sunday, March 11, 2012
මතකද ඒ මල් සමය ගෙවුනු හැටි?.......................
Tuesday, February 7, 2012
ජීවිතය එක තැනක නැවතිලා............
නොනැවතී ගලන ගඟ,
වගේ හැමදා ගලපු,
ජීවිතය එක තැනක නැවතිලා....
ජීවිතය පන පොවන,
හැමදාම සවිය දෙන,
නොසිඳෙනා උල්පතක් හමු වෙලා...
පා වෙනා සමනලුන්,
වගේ ඔහෙ පා වෙච්චි,
ජීවිතය එක තැනක හිර වෙලා...
මල් යාය පුරාවට,
පා වෙනා සමනලුන්,
අතර මගෙ සමනලිය හමු වෙලා...
ගඟක් වාගේ තිරව,
සමනලුන් වගෙ තුටින්,
හදමු අපෙ ජීවිතය එක් වෙලා.............................
Monday, January 23, 2012
හීනයක් වෙලා හැමදාම ඉන්නවද ඔයා?
කාලෙකට පස්සෙ හිත සතුටින් පිරිලා පිම්බිලා,
තවත් හිතන්න බැරි වෙන්නම,කවදාවත් තාත්වික වෙන්න බැරි හීනෙකට,
හිත පැටලිලා,තාත්වික නොවුනාම මොකද,හීනය සැබෑ ලෝකයට වඩා ලස්සනනම්..
හිතට මහා ලොකු සැහැල්ලුවක් දැනෙනවා,
අමතක වෙලා ගිය මගේ හීන මවන පුරුද්ද ආයිත් ඇවිත්...
ඒකට ස්තූති කරන්න ඕනි ඉතින් ලඟදි වෙච්චි සිද්දි දාමයකුත්,
ඒකෙදි අඳුර ගත්තු කීප දෙනෙකුටත් තමයි...
ජීවිතය ආයිමත් මගේම හීන ලෝකය කරගන්න අවස්තාව අරන් දීපු ඔයා(ල)ට බොහෝම ස්තූතී.............................
ආවා වගේ ඉකමට,
ආයිත් යන්නෙ නැතුව,
දුප්පත් මහේ හිතට,
හීනයක් වෙලා,
හැමදාම ඉන්නවද ඔයා,
කියන්නකො..
ඉන්නවද?

Friday, January 20, 2012
ආසයි ඔබත් එක්ක.........................
ආසයි ඔබත් එක්ක,
අතින් අත පටලගන,
සරසවිය මැදින් යන,
මල් පාරෙ ඇවිදින්න...
මල් පාර දෙපැත්තේ,
පිපුනු මල් අතර තුර,
පිවිතුරුම මලයි ඔබ,
නෙලන්නට අවසරද?
කෙලෙසනම් නෙලන්නද,
දැනත් අන්සතු බවක්,
සදාකල් ඔබ ලඟින්,
හිදිමි සොයුරෙකු ලෙසින්.......................................
Saturday, January 14, 2012
තවත් මතෘකාවක් නැති ලිවිල්ලක්.....
ජීවිතය තුල මා ආදරය කරන දේවල් හෝ අයවලුන් විශාල ප්‍රමානයක් නැත,
කුඩා කල පටන්ම මා විශාල දේවල් ප්‍රමානයකට ඇලුම් කලේද නැත,
මේ කුඩා කල මා ඉල්ලා හැඬු දෑ වලින් වැඩි ප්‍රමානයක් මිලදී ගැනිමට මා පවුල සතුව වත් කමක් නොතිබූ නිසා විය හැකිය.
මට මතක ඇතී ඈතම අතීතයේ පලමුවෙන්ම මා ආදරය කල දෙය වූයේ කුඩා කතන්දර පොත් කිහිපයකි,
"ගෙඹි කුමාරිය" සහ "නිමල්ට තෑග්ගක්" යනුවෙන් නම් වූ ඒවා,මා පන මෙන් අවුරුදු කිහිපයක් රැක ගත්තත්,කුඩා සහොදරියගේ ආගමනයත් සමග ඒවා විනාශයට පත් විනි.
දෙවැන්න බැටරි බලයෙන් දිවූ කුඩා සෙල්ලම් කාරයකි,එවකට රුපියල් 150ක් පමන මිල වන්නට ඇති එය,
මගේ සීයා විසින් මා සදහා මිලට ගන්නා ලද්දකි.අවුරුදු 4කට වැඩි කාලයක් මා සතුව තිබූ එය,කුඩා කල ඇලුම් කරන දෑ උස් මහත් වන විට අවශ්‍ය නොවන න්‍යායට අනුව,මා අතින් ගිලිහී සහෝදරිය අත මෑතක් වන තුරුම තිබිනි.
මී ලඟට මට වඩාත්ම අවශ්‍ය වූ ලැයිස්තුවෙහි තිබුනේ විදුලි ඕගනයක් සහ පටල කැමරාවකි,ඒවා ඉටු නොවූ සිහින පමනක්ම විය.
මී ලඟට කරලියට පැමිනියේ වීඩියෝ ක්‍රීඩා යන්ත්‍රයකි,එවකට ඉතා ජනප්‍රියව තිබූ ඒවාගෙන් එකක් මටත් අවශ්‍යව තිබූයේ සෑහෙන කලක සිටය.පහ වසර විභාගය සමත් වීම හේතුවෙන් මැට ලැබුනු තිලිනය එයයි.
මී ලඟට පැමිනෙන්නෙ පරිගනකය නමුදු මා ඒ සදහා විශාල ඇල්මක් හෝ ආදරයක් දැක්වූයෙ නැත.
ආදරය කල දේවල් වලින් පසු ආදරය කල අයවලුන් ගැන සලකා බලමු.කුඩා කල පටන්ම පවුලේ අය කෙරෙහි මාගේ විශාල බැදීමක් නොතිබුනේ මක්නිසාද යන්න අදටත් ම්අට වටහා ගැනිමට නොහැක්කකි.පවුලේ සාමාජිකයෙකුගෙ වෙන්ව යාම මාගේ දෑසට කඳුලක් නැංවිය හැකි නමුත්,බොහෝ පුත්ගලයින්ගේ මෙන් මාගේ ජීවිතය එක තැන නතර කිරීමට එය සමත් නොවනු ඇත.දින ගනන් ගෙදරින් පිටවී සිටියත්,ගෙදරට දුරකථන ඇමතුමක් හෝ ලබා දීමට මා හට අමතක වන්නෙ මේ හේතුව නිසා විය හැකිය.
මී ලඟට මා ආදරය කල හෝ තවමත් කරන කැනැත්තියන් කිහිප දෙනෙකු ස්ටිත්,
පලමු වැන්නිය මා සත් වැන්නෙහි හෝ අට වැන්නෙහි ඉගනුම ලබන කාලයේදී දුටු මට වඩා වැඩි මහලු පන්තියක(නව වැන්නෙහි විය හැක) ඉගනුම ලැබූ තැනැත්තියකි,දුටු වහාම බැදුනු ප්‍රේමයක් හෙවත් "ක්‍රශ්" එකකින් මා ඇය හා බැදී සිටියෙමි.නමුදු කාලය පසුවන විට ඇය පිලිබඳ අදහස මග හැරී ගියේය,
මෙලෙස විස්තර කිරීමට බැරි තරම් සිත් ගත්තියන් සිටියත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමානයක් මට වඩා වසරකින් පමන වැඩි මහලු වීම විශමය දනවන කාරනයකි.
අවසාන වශයෙන් ස්දහන් කිරීමට ඇත්තෙ ආදරය හෝ ඇලුම් ක්අරන දේ අඩු වීමෙන් ජීවත් වීම පහසු වී ඇති බවත්.දැන් මා සිටින තත්වයට මා ගෙනවිත් ඇත්තේ මේ ගුනය නිසා බවත්ය...

Wednesday, January 4, 2012
අරුතක් නැති පද වැලක්,අවසරද හෙම්බත් වෙන්න?
අවසරද හෙම්බත් වෙන්න?
දුවන්න,කවදාවත් අල්ලන්න බැරි මිරිඟුව පස්සෙන්?
ඔයාට බෑ එපා කියන්න,
මොකද මිරිඟුව ඔයානෙ,
කවදාවත් අල්ලන්න බැරි දෙයක්,
කියන දේවල් මට ඇහෙන්නෙ කොහොමද..
මම දුවනවා,
කකුල් දෙක රිදෙනකං,
පන නැතිවෙලා වැටෙනකං,
කවුරු නවත්තන්නද?
කට්ටිය කියයි,
එපා උඹ දුවන්න,
ඔව්වා කවදා අල්ලන්නද,
කියලා,
හහ්,
හිතුවක්කාර මම,
අහයි ඕවා,
අල්ලන්න බැරි උනාම උන්ට මොකද,
අඩු තරමෙ පුලුවන්ද කියලවත් බලන්න එපෑ...
ඔන්න එහෙනම් මම දුවනවා,
ඔයා එන්න එපා නවත්තන්න,
හරිද?
Friday, December 30, 2011
හන්තාන පෞත්ගලික විශ්ව විද්‍යාල ප්‍රවේශය.(පේරාදෙනිය රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයට අනුබද්දිත)
විශ්ව විද්‍යාලයටත් ඇවිත් ටික කාලයක් දැනට,
පහුගිය කාලයෙදි ජීවිතේට වැදගත්වෙයි කියලා හිතෙන ගොඩාක් දෙවල් ඉගන ගත්තා,
නමුත් හිත ඇතුලෙ කැරකෙන තවත් හැඟීමක් ඉඟි කරන්නෙ,මේ හැමදෙයක්ම නිදහසේ,නොමිලේ ලබන අවසාන කන්ඩායම අපිද කියලා,
පහු ගිය කාලෙ රටේ සිද්ද වෙච්චි හුඟක් දේවල් "නිදහස් අද්‍යාපනයේ" අවසාන පුරුක් කිහිපයෙන් එකක් බවට අපිව පත් වෙන්න හුඟාක් ලඟයි කියලා ඉඟියක් දෙනවා...
සුන්දර හන්තානට තව අවුරුදු කීපයකින් එන්න වෙන ලමයට,තමගෙ අම්මලා තාත්තලගෙ ගෙවල් ඉඩ කඩං උගස් තියන්න නෙවෙනවා,කියන එක විස්වාසයෙන් කියන්න අද අපිට බෑ.
තව සති කීපයකින් කරලියට එන්න තියන රාජ්‍ය නොවන උසස් අද්‍යාපන ආයතන පනත වගේම,නිකුත් වෙච්චි අවුල් සහගත උසස් පෙල ප්‍රතිඵල රටේ ලමයින්ව පෞත්ගලික විශ්‍වවිද්‍යාල පැත්තට තල්ලු කරනවා කියල මට නිකමට හිතෙනවා.
දැනට නිදහස් "උසස්" අද්‍යාපනයේ ස්පර්ශය ලබමින් සිටින සිසුන් පිරිසක් විදිහටටානාගතයේ එන නංගිලා මල්ලිලාටත් අද්‍යාපනයේ "නිදහස්" ගතිය රැකගන්න ඕනි හන්දා,රටට දැනෙන්න දෙයක් කරන්න ඕනි හන්දා අපි පහුගිය සතියෙ නුවර ඉඳලා කොලඹට පා ගමනක් සංවිදානය කලා.ඒක මහා ගොඩක් හමුදාවෙනුත්,පොලිසීයෙනුත්,ගොං පාට් උසාවි නියොගයකිනුත් නවත්තන්න නිදහස් අද්‍යාපනය වලපල්ලට යවන්නො කටයුතු කලා.
නිදහස් අද්‍යාපනය වෙනුවෙන් අවසාන එකා දක්වාත්,අවසාන ලේ බින්දුව දක්වාත් සටන් වදින්න අපි සූදානම්.ඒක සාර්ථක නොවුනොත් අනාගත විශ්ව විද්‍යාල ලාහී සිසුන්ට මේ වගෙ ලිපියක් බලාපොරොත්තු වෙන්න පුලුවන්
හන්තාන පෞත්ගලික විශ්ව විද්‍යාල ප්‍රවේශය.
(පේරාදෙනිය රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයට අනුබද්දිත)
දයාබර ශිශ්‍යයා/ශිශ්‍යාව,
ඔබ ඔබගේ උසස්පෙල විභාග ප්‍රතිඵල අනුව හන්තාන පෞත්ගලික විශ්ව විද්යාලයට(පේරාදෙනිය රාජ්‍යනොවන විශ්ව විද්‍යාලයට අනුබද්දිත.) ඇතුලත් වීම සදහා තෝරාගන ඇත.
-තෝරාගත් පාඨමාලාව :- වෛද්‍ය විද්‍යාව.
-පාඨමාලා ගාස්තුව :- රු. 60,00,000/=
මෙම පාඨමාලා ගාස්තුව ආකර්ශනීය අඩු පොලී පහසු ගෙවීමේ ක්‍රම වලට ගෙවිය හැකි අතර,එක වර ගෙවීමේදි ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට සුවිශේශී 5% වට්ටමක්* ලබාගත හැක.
*කොන්දේසි සහිතයි
නේවාසිකාගාර පහසුකම් පැකේජ තුනකින් ලබාගත හැකි අතර විස්තර පහත දැක්වේ.
1)පලමු පැකේජය :- සුපිරි පහසුකම් සහිත සුකෝපභෝගී නවාතැන් පහසුකම්.
වායු සමනය කර ඇත,ද්විත්ව ඇදන් සමග නලජලය,විදුලිය නොමිලේ
(නව හන්තාන ශාලාව,අයිවෝ ජෙනිංස් ශාලාව).
මාසික ගාස්තුව :- රු50,000/=
2)දෙවන පැකේජය :- මද්‍යම පහසුකම් සහිත නවාතැන් පහසුකම්.
තනි ද්විත්ව හෝ ත්‍රිත්ව ඇදන් සමග නලජලය නොමිලේ
(ජේම්ස් පීරිස් ශාලාව,මාස් ශාලාව,අරුනාචලම් ශාලාව,නිශ්මි ශාලාව,මාකස් ෆ්‍රනැන්ඩෝ ශාලාව)
මාසික ගාස්තුව :- 30,000/=
විදුලි ගාස්තු මසකට :- 1000/= (විදුලි ආලොකය සදහා පමනක්)
3)තෙවන පැකේජය :- අඩු පහසුකම් සහිත සහන මිල නවාතැන්.
කාමරයකට තිදෙනා බැගින්
(අක්බාර් සහ නෙල් ශාලාව,හිල්ඩා ඔබේසේකර ශාලාව,රාමනාදන් ශාලාව)
මාසික ගාස්තුව :- 15,000/=
විදුලි ගාස්තු මසකටට :- 1000/= (විදුලි ආලොකය සදහා පමනක්)
ජල ගාස්තු මසකට :- 1000/=(දිනකට ලීටර 30ක උපරිමය)
**නවාතැන් පහසුකම් සදහා ලිංග භේදයක් නොමැත.
විශවවිද්‍යාලයේ නීති රීති පද්දති සහ අනිකුත් අත්‍යාවශ්ය තොරතුරු ඇමුනුම් අ සිට ඊ දක්වා අමුනා ඇත.
සැමට අද්‍යාපනය!!
මෙයට විස්වාසී
උපකුලපති,
හන්තාන පෞත්ගලික විශ්වවිද්‍යාලය,
හන්තාන,පේරාදෙනිය,
මහනුවර,
ශ්‍රී ලංකාව.
Subscribe to:
Posts (Atom)