Monday, May 16, 2011

ලබැදි මිතුරියෙ එන්න..............

හද පත්ලෙන්ම  එන,
සුහද ඇරයුම ඔබට,
මිතුරියෙ එක් වෙන්න,
ගලන මගෙ ජීවයට,

සදා ස්ථිර ලෙසින්,
සදා මිතුරිය වෙලා,
හැමදාම මගෙ ලඟින්,
ඉන්න සෙවනැල්ල සේ,

ඔබ දන්නවා මගෙන්,
කිසිම දින කිසි විටෙක,
ඔබ නොරැවටෙනා බව,

අහඹු ලෙස හමු උවත්,
ලබැඳි මිතුරෙකු මගින්,
කෙටි කලයි ගත උනේ,
අපට ලංවෙනු මෙලෙස,

ජාලයේ බොහො ඇති,
ලබැදි මිතුරන් තුලින්,
ඇරයුම ඔබටමයි,
මිතුරියේ,සොයුරියේ,
එන්න මගෙ අත ගන්න...........

(මෙය බුකිය තුල කිහිප දෙනෙකුට පෙනීම සදහා දමන ලද්දක් වන අතර..බලා පොරොත්තු වූ කාර්යය සිදු වූ බව පෙනෙනා බැවින් මෙලෙස බ්ලොග් අවකාශයට එක් කරමි....)

8 comments:

  1. දැන් ඔය මිතුරිය අත ගත්තද???? හිකිස්... මරු මරු......

    ReplyDelete
  2. පිස්සුද අප්පා...ඒ උනාට ඉතින් අකමැත්තක් නෑ කියල පෙනුනා :P :P ඒ ඇති..ලියපු පරමාර්තය ඒක දැන ගන්න එක :P :P

    ReplyDelete
  3. හොදා හොදා ලස්සනයි මලේ..
    ඔබට ජය...

    ReplyDelete
  4. එල එල මල්ලියා... කෝකටත් පය බුරුලෙන් තබා වරෙන් කියපන්... සුභ පැතුම්!....

    ReplyDelete
  5. @හිම කුමාරි තැන්කූ
    @සාතන් :P :P...බොහොම පරිස්සමෙන් තමා යන්න ඕනි මේ අත්තෙනම් :P

    ReplyDelete
  6. ඉතින් අත ගත්තද?

    ReplyDelete
  7. ඕකට කියන්නෙ ඔලුවට පෙර මුට්ටිය දමනවා කියායා .....

    ReplyDelete
  8. @StArry හ්ම්ම්ම්ම් තාම නෑ.....ගනී කියලා හිතනවා :D
    @කල්හාර.... දැන්නම් කියන්න තියෙන්නෙ හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියලා

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P