Tuesday, May 17, 2011

වැඩේ හරිය මටද ටොපිය සෙට් වී ඇත..(හෙවත් එස්.බීයා ගෙ නායකත්ව පුහුනුව!!)

එස් බීයාගෙ ටොපිය ගැන කියන්න ආවත් පොඩි කතාවක් තියනවා ඊට කලින් කියන්න..මට මගේ මුලු ජීවිතෙම තිබුනු හීන ආයිත් මතක් කරලා දුන්නු බ්ලොග් එකක් හම්බ උනා අද උදේ...හිපියාගේ සටහන් ...මගෙ ජීවිතේ ඔය වගේ නෙවෙයි..ඒ උනාට මගේ හීනය ඒ වගෙ..

ඒ කතාව ඇති....
එස් බීයා අපිට දෙනවා කියල තිබුනානෙ හොදවයින් ටොපියක්..
හමුදා කදවුරු තුල නායකත්ව පුහුනුවක්!! :P :P

ඕක කිව්වට මම හිතාගන හිටියෙ දෙන එකක් නෑ..ඕකත් කලින් කතා වගේම යට යයි කියලා..
වෙන පාර වගේ කලින් කියවන්නෙ නැතුව මූ ඔක්කොම සෙට් කරලා ලියුම් හිටන් තැපැල් කරලා තමයි මේ පාර නිල වශයෙන් ඒක ප්‍රකාශ කරලා තියෙන්නෙ..

මටනම් ලියුම ආවෙ නැ..පෝයට නිවාඩුනෙ තැපැල් මාමලා :P :P
ඒ උනාට ඉතින් සයිට් එකෙ දාල තිබුනනෙ නම........
අපි අහු උනෙ නැත්නම් තමා පුදුමෙ..
ඇයි අපිනෙ කැම්පස් අස්සට මුලින්ම රිංගන්න බලා ඉන්නෙ :P

අපේ සෙට් එකම වගෙ අහුවෙලා.....
බලන්නකො අපි මේකට ගියෙ නැත්නම් කැම්පස් යන්න දෙන් නැලු,
යකො අපි උසස් පෙල පාස් උනේ කොපි කරලද?
මේක හරි වැඩක්නෙ....

ඊටත මුන් මේ ලඟ තියන කැම්ප් එකක් දාන්නෙ නැතුව මට දියතලාව දාල,
යාලුවෝ සැහෙන සෙට් එකකට බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට දාලා..
කොහෙ තියන එකක්ද මන්දා,
හපුතලේ දිහාවෙලු!!
තව යාලුවො ටිකකට මින්නෙරියලු
තව අදුනන ගැනූ ලමයි කිප දෙනෙකුට ත්‍රිකුනාමලය හමුදා පුහුනු මද්‍යස්ථානයක් දාල..
අඬනවා යන්න බැ කියලා.. :P :P

ඇයි ඔච්චර දුර දාල තියෙන්නෙ..රත්නපුරෙ ඉන්න අපිට ලඟපාත වෙන හමුදා කදවුරු/පොලිස් අභ්‍යාස විද්‍යාල නැද්ද?
කියලා තියනවා මොනම හේතුවක මතවත් මේ මද්‍යස්තානය වෙනස් කරන්න බෑලු...
(මෙතන බලන්න http://pop.nodes.lk/mohesys/InstructionsLetter_Sinhala_2003.pdf)
මගෙ ඔය නායකත්ව පුහුනුව කියන එකට විරුද්දත්වයක් නැ..නමුත් ඒක නැත්නම් කැම්පස් යන්න දෙන්න බෑ කියන එක සාදාරන නැ නේද?
එතකොට අපි අවුරුදු 2 හො 2 1/2 කට ආසන්නව ගත්තු දැනුම සම්පූර්නයෙන්ම බල්ලට දානවා වගෙ නෙවෙයිද?
අනික් අතට නේවාසිකව ඉන්න උනත් ලමයිංව ඔච්චර දුර මද්‍යස්තාන වලට දාන එක හරිද?
ඕකට තර්කයක් විදියට කියන්න පුලුවන් ලමයි කැම්පස් ගියාමත් ඉන්න ඔනි ගෙදරින් ඈත නේ කියලා...
නමුත් මේ අවස්තා දෙකේදි අරමුනු වෙනස්නේ...

තව දෙයක්
මේ වැඩ සටහම පටන් ගන්නෙ මැයි 23,
අපි අපට අයත් මද්‍යස්තාන වලට වාර්තා කරන්න ඕනි 22 උදේ 10.30 ට,
අද පෝය(17)..හෙට පෝය දිනට පසු දින(18)
දවස් දෙකම රජයේ ආයතන වලට නිවාඩු,
එතකොට ඊයෙ(16) තැපැලට දාපු ලියුම් ඊයෙම හම්බ උනේ නැති කට්ටියට
ලියුම හම්බවෙන්නෙ 19 වෙනිදා..

හිතන්න මේ බඩු ලිස්ට් එකෙ හැටියට හොයාගන්න පුලුවන් වෙයිද 22 වෙනකොට?

  1. ජාතික හැඳුනුම්පත
  2. පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 03 ක්
  3. සුදු කැන්වස් සපත්තු යුගලක් (ශාරීරික අභ්‍යාස සඳහා)
  4. සුදු මේස් කුට්ටම් 02 ක්
  5. අත්කොට ටී ෂර්ට් 02 ක්
  6. අත් දිග කමිස 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
  7. නිල් කොට සලිසම් 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
  8. කළු හෝ නිල් පැහැති දිග කලිසම් 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
  9. සාරි 02 ක් සහ අවශ්‍ය පරිදි ඊට අදාල අනෙකුත් දෑ (කාන්තා සහභාගිවන්නන්ට)
  10. ට්‍රැක් බොටම් 01 ක්
  11. සිසුන් සඳහා කළු සපත්තු යුගලයක්
  12. සිසුවියන් සඳහා කාන්තා සෙරෙප්පු යුගලයක්
  13. රෙදි තොප්පියක්
  14. සුදු ඇඳ ඇතිරිලි 02 ක්
  15. සුදු කොට්ට උර 02 ක්
  16. තුවායක්, සබන්, දත් බෙහෙත්, දත් මදින බුරුසු, සපත්තු පොලිෂ් අදිය
  17. පිඟානක්, කෝප්පයක්
  18. අගුළු දැමිය හැකි සූට්කේස් එකක්/ බෑගයක්/ Travelling Bag එකක්
  19. ෆයිල් කවර දෙකක්
  20. කාබන් පෑන් දෙකක්

 (http://pop.nodes.lk/mohesys/ItemList_Sinhala_2003.pdf)
හැමෝටම අපිට වගේ තොරතුරු තාක්ශනයේ පිහිට නෑනෙ.....

මගේ අදහසෙ හැටියට ඔය වැඩසටහන තියන්න තිබුනෙ කැමති අයට කැමති මද්‍යස්තානයක....

දැන් ඉතින් මක්කොරන්නද මමත් යනවා මේ වැඩ සටහනට...
අල ලෙවලය ගොඩ දාගත්තු එකෙ මේ නායකත්ව පුහුනුවක් හන්දා නවතින්න පුලුවනෑ කැම්පස් යන්නෙ නැතුව :P :P
(කොහොම හරි මාව තොරපු මනුස්සයා තෝරලම දාලා තියනවා හරි එකට:P :P  මටත් බන්ඩාරවෙල පැත්තෙ යන්න ලෝකූ වුවමනාවක් තිබ්බා :D)


ප/ලි:-
- තමන් මේ පාර එකර අහුවෙලා නැ කියලා ආතල් එකෙ ඉන්න බැ කාටවත්,ජුනි 16 දෙවනි අදියර පටන් ගන්නවාලු.........පලමු අදියරට 10000යි දෙවනි අදියරට ඉතුරු ඔක්කොම කියලයි ආරන්චිය..
-තමන් මේ අදියරට අහුවෙලාද කියලා බලාගන්න ඕනිනම් http://www.mohe.gov.lk අඩවියට ගිහින් ඇස් දෙක පාවිච්චි කරන්න
-මේකෙන් නිදන්ගත රෝග තියනවා කියලා බෙරෙන්න බෑ...ඒ ගොල්ලොත් වෛද්‍ය වාරතා එක්ක එන්න ඕනි..බෝ වෙන රෝග,පිටරට ගමන් හෝ නොවැලැක්විය හැකි ඕනැම කරුනක් යෙදෙන අය එයාලට දැනුම් දෙන්න ඕනිලු..එයාලව ඊලග අදියරට ඇතුලත් කරනවාලු
-ඉතුරු විස්තර දාල තියන ලිංක් වලින් බලාගන්න පුලුවන් :D

කරුනාවෙන් සලකන්න..මම මෙහි එස් බී දිසානායක මහතාට එස්.බීයා යනුවෙන් සදන් කර ඇත්තේ ඔහුත් සමහ ඇති තරහක් නිසා නොව එය මාගෙ සාමාන්‍ය භාශා විලාශය බැවිනි!!
එමෙන්ම මාගෙ කිසිම විරුද්ද්ත්වයක් මෙම නායකත්ව පුහුනු වැඩ සටහන සමග නොමැත....මාගෙ විරුද්දත්වය එහි සංවිදාන කටයුතු පිලිබදවය!!

53 comments:

  1. දැන් ඔය බඩු ලිස්ට් එක අරන් දෙන්න වත්කමක් නැති දෙමවුපියන්ගේ ළමයින්ට කැම්පස් යන්න බැරිද?

    ReplyDelete
  2. හොද ප්‍රශ්නයක් කාගෙන් හරි ඉල්ල ගත්තා කියමුකො.....
    මම අහෙන්නෙ මේකෙ තියන සාදාරනත්වය ගැන

    ReplyDelete
  3. මේකනේ ඔය කරන්න හදනවා කියන්නේ ..කැම් ඇතුලට ගියහම නවක වදය කියලා එකක් කරනවනේ... මම නම් කාලා නැ.. එත් එක ඒ කාලේ ටිකක් හරි විදපු කෙනෙක් ෆෙශස් නයිට් එකේදි කාපු විදපු දුක් වලට සීනියර් අය්යලා අක්කලා බදාගෙන අඩනවලු.. ඒ අයගේ බැදිම ගොඩාක් ‍ෆිට් වෙනවලු.. ඔය ජෙප්පො ඇති වෙන්නේ ඔය බැදිම හරහාලුනේ..
    ඔන්න ඕක නවත්වන්න හදනවා කියලා තමා ආරංචිය නම්...
    හැබැයි ඉතින් ඔය ට්‍රේනින් ඉවර වෙලාත් හමුදාවේ අය්යලා අක්කලාට කැම් එන්න වේයිද දන්නේ නැ..සිනියර්ස්ලාගෙන් බේර ගන්න
    අනිත් එක හමුදා පුහුනුවක් ලබලා එන අයට වාසි දෙකක් වෙනවා
    1. කැම් එකේ මොන නවක වදයක් දුන්නත් එක ගේමක් නැතුව කන්න පුලුවන්
    2. ජොබක් උපාධියෙන් පස්සේ නැති උනත් හමුදාවට හරි යන්න පුලුවන් වෙයිනේ

    එහෙම බලන කොට මේක පටන් ගන්න පරක්කු වෙලා කියලා මට හිතෙන්නේ මීට කලින් පටන් ගත්තනම් ගොඩාක් ප්‍රශ්න මෙලහටත් ඉවරයි

    ReplyDelete
  4. මට සෙට් වෙලා මින්නේරිය.... අනේ අම්මප කුරුවිට කෑම්ප් එකට හෙන ගැහිලද? කාලකන්නි යක්කු.!

    ReplyDelete
  5. දියතලාව නම් අඩුගානෙ දේශගුනේ හරි හොදා.

    ReplyDelete
  6. මට ඔහොම එකකට යන්න බැරිවුන එක ගැන මම දුක් වෙනව!

    ReplyDelete
  7. ලේසියෙන් හම්බ වෙන්නේ නැති අවස්ථාවක් වෙනුවෙන් දවස් කිහිපයක් ගත කරන එක ඔය තරම් අමාරුද..?
    ඔයිට වඩා දවස් ගානන් අපි ජීවිතේ වැඩකට නැතිම දේවල් වලට නාස්ති කරලා නැද්ද?
    ලැබෙන දේ සතුටින් බාර ගනින්..කවදා හරි දවසක මතක් කරලා සතුටු වෙන්න පුළුවන් අපූරු අත්දැකීමක් ලැබෙයි..දන්න හින්දා කියන්නේ මල්ලි යන තැනට ආසාවෙන් පලයං අඩන්නේ නැතිව.
    ඔය බඩු ටික හොයාගන්න හුගාක් අමාරුයි වගේද?

    අනිත් දේ තමා ඉගෙන ගෙන ඉවර උනාට පස්සේ රස්සාවක් වෙනුවෙන් රට රටවල් වල යන්න පුළුවන් උනත් ඇයි මේ පුංචි රට ඇතුලේ ටිකක් නොදන්න පළාතක රවුමක් දාලා එන්න අකමැති.

    මම මල්ලි දියතලාවෙත් ට්‍රෙනින් කරලා තියේ..කළුතරත් තියේ...
    උදේට ටිකක් හීතල උනාට දියතලාවේ ට්‍රේනින් සනීපයි..හරි අපූරුයි.
    අනික රත්නපුරේ එකාට දියතලාව කජ්ජක්ද..?

    ReplyDelete
  8. MAta meke nama thiyenawada kiyalawath balaganna widihak nahane....help me......

    ReplyDelete
  9. මොනා කරන්නද මල්ලි , මේක එස්බී කාරය ගත්ත මැටිම මෝල් තීරනයක් නවකවදය නැති කරන්නවත් සිසුන්ගෙ විනය හදන්නවත් හමුදා කඳවුරු වලට යවන්න ඕනිමද (බම්බුව තමා ) . මට කණගාටූ ඒව අනුමත කරන උනුත් ඉන්න එක ගැන . ඔය වැඩෙ අහිතකර පල විපාක ගණනවක් තියනව ඉදිරි කාලයේදී බලාගන්න පුලුවන් වෙයි . ලෝකෙ කොහේවත් නැති බම්බු ගහන්න අපේ අය බොහොම දක්ෂයි නේ මේත් ඒ ජාතියෙන් එකක් ම තමා . අවසාන වශයෙන් උඹට කියන්න තියෙන්නෙ යන තැනක හොඳින් ඉන්න බලපන් කියල තමයි

    ReplyDelete
  10. මේකට පුලුවන් විදිහකට විරුද්ද වෙන්න.විරුද්ද වෙනව කියන්නෙ මේ හෙන පොලිටිකල් වැඩ නෙමෙයි.ප්‍රැක්ටිකල් දෙයක්.ආමි ට්‍රේනිං ඕනෙ නං ඒ ලෙවල් කරන්නෙ නැහැනෙ.ඒකට හමුදාවට යනවනෙ.නායකත්වය පුහුනුවලට ආමි කෑම්ප් වල ලමයි ගාල් කරන්න ඕනෙත් නැහැනෙ.ඒක සිවිල් පුහුනුවක් විදිහට දෙන්න පුලුවන්නෙ.මෙහෙම ගොං තීරන ලොක්කන්ට ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ අපි කට වහගෙන ඉන්න නිසා.එහෙම නේද?බලයෙන් මත් උනාම පාලකයන් හිතාගෙන ඉන්නෙ පුරවැසියො කියන්නෙ හිතුන හිතුන වෙලාවට ගුද සංසර්ගයට ගන්න පුලුවන් ඩමී ටිකක් කියල.

    ReplyDelete
  11. malli api dannawa campus wala j v p khomada wada karanne kiyala.eyala tama campus kanne. eka terenna final year wenna oni.itath tama meke wenne mokadda kiyalawath danne natuwa dagalanna epa.yaka kiyana taram kalu na.anyway all d best 4 ure uni life.

    ReplyDelete
  12. Guys, try to understand the world is smaller than you think. We have to go away from negative thinking. As a person with lots of expereince in Sri Lanka and Overseas - I strongly recommend everybody to go ahead with the program. Most of Sri Lankan students lack of leadership qualities - this is good opportunity to achieved qualities required for the modern global world. Forgot SB, forgot politics get maximum benefits out of that. In other countries you have to pay thousand's of dollars if you willing to follow leadership courses.
    I saw few comments - going to Diyatalawa - Howmany times you went to Colombo from Ratnapuralast two years. Colombo is around 130 KM away but Diyatalawa is only around 100 KM from Ratnapura Be a man - not a follower.
    Second thing about the list of items - read the list - 90% of the items are household items we using everyday. ID, 2 file covers, 2 Ball pens, Pillow, Pillow case, Two shirts,etc..
    Guys stay away from critizing mind - improve knowledge through analytical mind. Think positive.

    ReplyDelete
  13. @all
    හයියෝ ලිපිය හරියට කියවන්න මගේ මේ වැඩ සටහනට කිසිම විරුද්දත්වයක් නැහැ...
    මට තියන ප්‍රස්නය ඇයි හරියට සංවිදානයක් නැත්තෙ?...
    ඇයි රත්නපුරෙ ලමෙකුට හුගාක් දුර ත්‍රිකුනාමලය කැම්ප් එකක පුහුනුව එන්නෙ?

    @සදරු
    මම නවක වදය ගැන හිතගන ඉන්නෙත් ඔහොම..මගෙ නවක වදයටවත් ඔය පුහුනුවටත් කිසිම විරුද්දත්වයක් නැහැ...නමුත් බලු විදියට නවක වදය දෙන්න හොද නැහැ...

    @ලකියා
    ඒකම තමයි මටත් තියන ප්‍රස්නය!!

    @නදි
    සම්පූර්න ඇත්ත!!

    @Nethu Nipuna
    මම මේකට යන්න බැ කියන්නෙ නැහැ

    @මාරයියා
    ඔයත් හරියට කියවලා නැ වගෙ..
    මම කියන්නෙ මම ගැන නෙවෙයි...මට ඔය බඩු ටික හොයා ගන්නවත් දියතලාවට යන්නවත් කිසිම ප්‍රස්නයක් නැහැ...මම යනවා
    නමුත් අපි අවුරුදු ගානක් ඉගන ගත්තු දෙවල් වල වටිනා කමක් නැති වේවිනෙ දැනුවත් කිරීමෙ ප්‍රස්නයක් වගේ එකක් උනොත්??

    ReplyDelete
  14. @Shamila
    http://pop.nodes.lk/mohesys එකට ගිහින ඔයාගෙ ජාතික හැදුනුම් පත් අංකය ඇතුලත් කරන්න!!

    @buwa
    මේක මම හිතන විදියට හමුදා පුහුනුවක්ම නෙවෙයි...තව ගොඩාක් දෙවල් කියාදෙනවලු...
    තිරනය හොද එකක් උනත් සංවිදාන කටයුතු අන්තිමයි!!

    @Ramachandra
    මම මේකෙ විරුද්ද වෙන්න තරම් දේකට දකින්නෙ සංවිදාන කටයුතු විතරයි...
    සිවිල් පුහුනුව ගැන කියනවානම් ලංකාවෙ ඕවා දෙන්න හදපු තැන් එච්චර නැති නිසා හමුදා/පොලිස් කදවුරු වල වරදක් නෑ..

    @1 ඇනෝ
    මම කැම්පස් පල ජේවීපී ක්‍රියාකාරකම ගැන දන්නෙ නෑ එච්චර..නමුත් මම හිතන්නෙ කැම්පස් වල ජෙප්පො අයින් කරන්න මේක කරනවාට වඩා .ඇත්තටම ලමයින්ට දෙයක් කියාදෙන්න කරනවනම් හොදයි..

    @2 ඇනෝ
    ya I can forget SB and the politics also,
    I can find all of those things that they have told us to bring..
    Think of a student who had only one uniform for school..and never saw a Pillow case...you know there are that kind of students in Sri lanka...
    I think only thing that you got from my post is that list!!
    And i must have to say that you correct about that kilo maters and all..but do you know we can go to Colombo by 2h s,but if we wonna go Diyathalawa it takes at least 4h s..because of the rough road!!
    I am a man and i can stand alone...i'm not following someone and the whole post is my independent idea..
    and also I'm not rejecting this program...I only reject the organisation....It all messed up!!

    ReplyDelete
  15. SBවගේ පිස්සු පොරකට මේරටේ තරුන පරපුරේ කොදු කඩන්න බෑ.

    උදේ හවහ ලොක්කන්ගෙ මල නාලිකාවල බොරු අහන ඵ්වාප්ත්තිය0 උන උන්දෑලට ඔය බයිලා ඈත්ත්වගේ පෙනුනට අපිටන0 ඔව ගො0පාර්ට්.

    *මේරටේ අරක්කු සිගරට් නොබොන,
    *මිනිස්සුන්ගෙ දාඩියමහන්සියෙන් හම්බකරන ස්ල්ලි ටිකට කෙලින්නෙ නෑති,
    *කල්බ් ගිහින්,
    *බ_ පොට් වල රි0ගරි0ග මො0ගල් කෙලින්නෑති
    නියම තරුන දේශපාලන වියාපාරයක් තියනව්නම් ඵ් අන්තරේ විතරයි.
    අන්තරෙ කොල්ලො ඵ්ක්ක් උන්ගෙ කෑපවීම ඵ්ක්ක බලද්දි SBල මුක්කුද්??
    ?
    අපේ වීර හමුදාවටත් අපි ආදරෙයි.
    ඵත් SBලා වගේ ජරාජීරන මිනිස්සු තමුන්ගේ දේශපාලන වියාපෘති වලට හමූදාව ඈදෑගෑනීම හෙලාදකින්න ඔනෙ.

    මොකද හමුදාව ජීවතපූජාවෙන් දිනාගත් රට කන්නෙ ඔකුන් තමයි.
    SBලා වගේ අයට හමුදවත් ඵක්ක පෑහෙන්න කිසිම අයිතියක් නෑ.

    අන්තරේ සොයුරනි උබලාගේ අව0ක දේශප්‍රේමී හෑගීමට අපි ගරුකරනවා.
    බල්ලන් බිරුවත් තවලම ඉදිරියට යන බව අපි දන්නවා.
    මේරටේ නපු0සක මජනතව ගෙන් කොටසට උබලාගේ කෑපවීම අමතක උනාට උන් කුඩ්ඩන්ට හොරුන්ට ස්ත්‍රී දූශකයන්ට කසිප්පු පෙරන උන්ට වෑදවෑද උබලට ගෑරහුවට මේරටේ හෑමෝම ඵහෙම නෑ.
    මොනදේ උනත් අතරින්න ඵපා.මොකද උබලා නොකලොත් මේ රටේ කරන්න ඵකෙක් නෑ.

    ReplyDelete
  16. One quick question for so called "Antare" supporter. Do you know where Somawansa Amarawansa's children lives and going to school? Destroying local education system while sending their kids overseas?

    ReplyDelete
  17. මලෙය!!
    මෙ කවුද අප්පා මේ...අනේ මතෘකාවට අදාල දෙවල් විතරක් කතා කරමුද?..මේ මතෘකාව රටේ සංවර්දනය ගැනවත්...දෙශපාලනය ගැනවත්..එස්බී ගැනවත් නෙවෙයිනෙ...
    මේක අපෙ අද්‍යාපනය ගැන ප්‍රස්නයක්..
    කොහෙවත් නැති දේශපාලනයකට ගැවෙන්න මට ඕනි නැතොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ....
    අනික මම හිතන්නෙ නැ එස් බී ඕකෙන් අපෙ කොන්ද කඩන්න හදනවා කියලා..
    මෙහෙම දෙශපාලනය ගැවෙනවානම් මම මීට පසු මේ වගේ පෝස්ට් නොදමමි

    ReplyDelete
  18. අඩේ..මොනාද මේ කොමෙන්ට්ස් වල තියන මගුල් කතා..හික්ස්
    ඕන්න මටත් ඇවිත්....

    ReplyDelete
  19. @ 2Ano

    මට JVPවෙනුවෙන් පෙනීසිටිමට උවමනාවක් නෑ මචන්.ඵත් ඔය අහල තිබුන ප්‍රශ්න දෙකනම් වල0ගු නෑ දේශපාලන තරහාව පමනයි ඵනිසා මම ඵවට උත්තර දෙන්නම්.

    1.සෝමෙ JVPකලා කියලා පොරගෙ පුතත් වෙන්නෙ නෑනෙ.
    ඔන්න වෙන පක්ශවල වගේම් සෝමව0සගෙ පුතා ඵ0ගලන්තෙ සෑප අරන් මෙහෙ ඈවිත් ඵකේ ලොක්ක වෙනවනම් ඵක අන්තිම චාටර්.
    ඵ්ත් දේශපාලනයට සෙට් නෑත්නම් ඌට ඔන රටක ඉන්න පුලුවන්නෙ.
    අනික මචන් සෑපගන්න UKම යන්න ඔනේ නෑනෙ.අපේ මෙහෙ ඉන්න සමහර දේශපාලුවො ගන්න සෑප දෑක්කම වල UKඋන් ගන්න සෑප මොනාද කියලා හිතෙනවා.

    2.ල0කවෙ අද්යාපනේ කෑවෙ JVPඵකද?
    ආන්ඩුවෙන් වත් ඔහොම කියන්නෑනෙ.
    මේරටේ පාසල් වලට ගුරුවරු(ඉ0ග්‍රීසි,ගණිතය විශේශයෙන්)දෙන්නෑත්තෙ,පේපර් බලන ගුරුවරුන්ට පඩි වත් දෙන්නෑත්තෙ,පාසල් වලට සම්පත් දෙන්නෑත්තෙ වෙන්න JVPඈති.
    ඵ්තකොට පෙලපොත් දෙනකොට මාස 6/7 පහුවෙනවා.
    නිල ඈදුම් මාසගනන් පරක්කුයි.දුන්නත් අදින්න බෑ.
    සිලබස් අවුරුදු ගනන් පල්වෙනවා.
    ඉස්කෝල වල විදයගාර නෙවෙයි වෑසිකිලි,වතුර වත් නෑති පසල් තියනවා මේ රටේ.ඵක රජයක් නෙවෙයි පහුගිය අවුරුදු 65ම ඔකනෙ සිද්දිය.මේව කලේ ජෙප්පො වෙන්න ඈති.

    අනික මේව නිකන් දෙන ඵව නෙමෙයි පෑනඩෝල් පෙත්තෙ ඉදන් බදු ගෙවපු සල්ලිවලින් මිනිස්සුන්ට ලෑබෙන දෙක තුන.

    වසර 2/3කට කලින් මොනරගල දිස්ත්‍රික්කයටම අද්යාපනේට වෙන්කරපු ගාන =කොල පාසලකට පූල් ඵකක් හදන්න වෙන්කරපුගාන.

    මේව කලේ ජෙප්පො වෙන්න ඈති.

    මේව ගෑන අන්තරේ ඔලුවක් තියන උන් කතාකරනකොට ඵකට බය උන කපටි හොර දේශපාලුවො උන්ට කඩාකප්පල්කාර ලේබල් ඵ්ක ගහනවා.කුනු අපුල්ලන මාද්යත් ලොක්කන්ගෙන් කටු කන්න බලාගෙන දෙනවා ෆුල් පබ්ලිසිටිය.
    උබලත් ඉතින් තල් අත්තට වෑටුනු තල් ගෙඩියට බයේ දුවපු හවා පස්සේ දුවපු උන් වගේ ඵ්කම කියකිය යනවා.

    මටනම් ඔය හොර දේසපාලුවන්ට වෑඩිය අන්තරේ රත්තරන්.
    බලපන්කො මචන් මහ පක්ශවල ඉයෙ පෙරේදා චන්දෙන් ආපු උනුත් දෑන් ගහන ගෑහිල.තූ නොදකින්.

    අපේ රට ආපස්සට අරන්යන්න යම් තරමකට ජෙප්පොත් දායක වෙන්න ඈති.නමුත් අනික් පක්ශ ඵක්ක බලනකොට ඵක මහමුහුදයි දිය බිදුවයි වගේ යාලු.

    ReplyDelete
  20. @මදුශාන්

    මචන් මේ මම බන් මම.

    හිතට නෑගුන අදහස් දෙකතුනක් ලීවා.
    ඔයාගේ බ්ලොග්ඵක දේශපාලන් පොරපිටියක් කරගන්න හිතුවෙ නෑ.අපිට නම් කෑම්පස් යන්න පින නෑ.මම පොඩි පේමන්ට් බිස්නස් ඵකක් වගේ කරන කෙනෙක්.උබලාවත් ඉගන්ගෙන දේශපාලන බොරුවලවල්වල්නොවෑටී මේකහදපල්ලා අපිටත් සෑනසීමෙ ඉන්න.අනේ මන්ද මල්ලි හෙන අවුල් බන් මෙව කියලත් බෑ නොකියත් බෑ.ජිවත් වෙන්න මාර කට්ටක් බන් කන්නෙ.පිස්සු හෑදෙනවා.OLවත් නෑති උන් උපරිම සෑප ගද්දි මොන කෝස් කරත් අපි ඈයි මේ කටු කන්නෙ??????

    අදහස් අවුල් වගේ නම් සොරි .

    ReplyDelete
  21. I strongly believe that your attitude will change and you'll be a different person after this training. This is something the country highly requires. Leadership skills with brains. You have the brains, acquire the leadership skill as well.

    ReplyDelete
  22. @චතූ
    යන්නෙ කොහෙද මල්ලෙ පොල් ටයිප් එක බන්........

    @උඩ පලමු ඇනෝ..
    ඔයාට මතක් කරන්න දෙයක් තියනවා...නිල ඇදුම් පෙල පොත් කොච්චර පරක්කු උනත්..
    පාසල වල තත්වය බාල උනත් ඒ ඔක්කොම අපිට හම්බ වෙන්නෙ නිකං..
    දැන් කියන්න පුලුවන් ඕවා අපෙන් ගන්න බදු කියලා...නමුත් මතක තියාගන්න ඇමරිකාවෙ සහ අනිත් සංවර්දිත රටවල් ලංකාවෙ මිනිස්සුන්ගෙන් අයකරනවාට වඩා බදු අය කරනවා නමුත් නිදහස් අද්‍යාපනයක් නැ කියන එක...
    අනික් අතට අර පාසල් වලට වෙන් කරපු සල්ලි ගැන කිව්වොත් මට කියන්න තියෙන්න ලංකාව කියන්නෙ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රටක්නෙ..

    @උඩ දෙවනි ඇනෝ
    මචන් මම බ්ලොග් එක පාවිච්චි කරන්නෙ මගෙ හිතේ තියන එදිනෙදා ජීවිතයෙ අදස් එලියට දාන්න මිසක් දෙශපාලන අදහස් එලියට දාන්න නෙවෙයි...
    කොහොම උනත් මතක තියාගනින් අපිට ජීවත් වෙන්න තව අවුරුදු 4 ක් තියෙද්දි උබලා ජීවත් වෙනවා කියන එක...
    මගේනම් දෙශපාලනේට ගැවෙන්න කොහමත් අදසක් නැ...
    මේ වගෙ කොමෙන්ට් එනවනම් ආයිත් මේ වගෙ පෝස්ටුත් නැ..

    හැම එකම දේශපාලනේට ඇඳ ගන්නවානම් ඇත්ත ප්‍රස්නෙ ගැන කතා කරන්නෙ නැතුව.ආයී ඔනි නැනේ

    ReplyDelete
  23. @Botta
    so,If i don't wonna change?
    If i already have those skills?
    Read the post and comments carefully..
    I never reject this training,isn't it??
    please read the full post before commenting!!

    ReplyDelete
  24. ජේශ්ඨයාMay 18, 2011 at 8:00 AM

    බොලා හමුදාවෙ ඉදල ආවෙ කියල පස්සේ කැම්පස් ආවම සීනියර්ලට රැග් එක දෙන්න ලෑස්තිවෙන්න එහෙම එපා හරි. අපි බයයි ඕන්.....

    ReplyDelete
  25. @ජේශ්ඨයා
    හික්෴෴෴෴෴
    අපෝ අපි ඕවට නැ...ඇල් වතුරත් නිමලා බොන්නෙ :P :P

    ReplyDelete
  26. මාත් දියතලාව... ෆ්‍රෙන්ඩා ලා ඔක්කොම තිසාවැව... :/
    මේක ආ(ර්)මි ට්‍රේනින්ග් එකක් නෙවේ ලු...
    එච්චර දරුණු දෙයක් නැහැ කියල තමයි දැනට ආරන්චිය....
    මටත් මේකෙ සංවිධාන කටයුතු අල්ලන්නෙ නැහැ....
    මේ දවස් දෙකේ කඩවල් ඔක්කොම වහල කියල මතක් වුනේ නැද්ද මන්ද...

    ReplyDelete
  27. ඒක තමා බන් එච්චර දරුනු දෙයක් නර්ති වෙන්නෙ ඕනි...
    නායකත්ව පුහුනුව කියන්න ආමි ට්‍රෙනිං එකක් වෙන්න බැනෙ කොහොමත්..:P :P
    ඕක 25 වගෙ පටන් ගන්න දැම්මානම් එච්චර අවුලක් නැ..ලොකුවට සම්බුද්දත්ව ජයන්තිය කියලා සැමරුවට දවස් දෙක නිවාඩු කියලා මතක් වෙලා නැ!!

    ReplyDelete
  28. සරලව මදුශාන් වැඩේට කැමතියි , එහෙම නම් නිකන් බොරුවට එස් බි ගේ ටොපිය කිය කියා අමුතු ටෝක් දෙන්නෙ මොකටද ? වැඩේට කැමති නම් ඔයා ඔය මතුකරන දේවල් බොහොම පුහු තර්ක විතරයි . වැඩෙට කැමති නම් කොයි හමුදා කඳවුරත් එකයි (කොහොමටත් ලඟපාත කඳවුරු ගැලෙපෙන්නෙ නැ ) . ඔය දීල තියෙන ලයිස්තුව හොයා ගන්න අමාරුත් නැ (අවුර්දු 13 ඉස්කොලෙ ගියා නම් . ටියුෂන් ගියා නම් ) .මූලික සංවිධාන දුර්වලතා නම් කොයි වැඩෙත් තියනව ඒව අමුතු දේවල් නෙවෙයිනෙ . ගිහින් ඇවිල්ලා ලියනවකො බලන්න කඳවුරේ ජීවිතේ ගැන ලිපියක් . මට ශුවර් ඒක කියෙව්වාම වැඩ නොකරන උනුත් පාඩම් කරන්න පටන් ගන්නව කැම්පස් නොගියත් නායකත්ව පුහුණුව ගන්න

    අන්තිමට කියන්න තියෙන්නෙ මල්ලි ඔයා දේශපාලනයට අක්මැති නම් කරන්න තියෙන්නෙ දේශපාලනය නොගැවෙන විදිහට ලියන එක . එතකොට මම ඇතුලු ඔය ගොඩක් කමෙන්ට් කරල තියන අය ඔය වගෙ අදහස් දක්වන එකක් නැ .(එහෙම ලිපි ලියන්න තියන හොඳම උදාහරණයක් තමයි දිවයින් පත්තරේ කතුවැකිය (අහවල් දිනෙ කියල කියන්න බැ )

    ReplyDelete
  29. @buwa
    මම වැඩේට කැමතී,වැඩේ කෙරෙන විදියට කැමති නෑ...
    මෙහෙමයි...දැන් බලන්න ඕකෙ කියලා තියනවා අපි ඔය වැඩ සටහනට ගියෙ නැත්නම් අපිට කැම්පස් යන්න දෙන්නෙ නැ කියලා..
    ඒක පැහැදිලිවම අසාදාරන නැද්ද?
    ඔව් ඔව් කදවුරු ජීවිතේ ගැන අනිවර්‍යෙන්ම ලියනවා

    අනේ මම වෘතීය මාද්‍යවේදියෙක් නෙවෙයි ගානට බලලා දෙපැත්ත කැපෙන්න ලියන්න...මම මේ බ්ලොගක් ලියන් ඉන්න පොඩි කොල්ලෙක්.
    මගේ පෝස්ට් එකෙ දේශපාලනය තියන තැන් පෙන්නුවොත් මට එවා පස්සෙ අඩු කරගන්න පුලුවන් වෙයි

    ReplyDelete
  30. මල්ලි මේරටේ මුකුත්ම හොදනෑ කියල කියන්නෑ.රජය යමක් කරන්න ට්‍රයි කරන බව පේනව.ඵත් මල්ලි SBල වගේ මිනිස්සු තම රජය හ අපි අතර තියන බෑදීම කනපිට හරවන්න යන්නෙ.

    [පාසල වල තත්වය බාල උනත් ඒ ඔක්කොම අපිට හම්බ වෙන්නෙ නිකං..
    දැන් කියන්න පුලුවන් ඕවා අපෙන් ගන්න බදු කියලා
    ..නමුත් මතක තියාගන්න ඇමරිකාවෙ සහ අනිත් සංවර්දිත රටවල් ලංකාවෙ මිනිස්සුන්ගෙන් අයකරනවාට වඩා බදු අය කරනවා නමුත් නිදහස් අද්‍යාපනයක් නැ කියන එක.]

    මල්ලි උබ හොදට කියවන ඵකෙක්නෙ.ඵහෙනම් මම කියන දේවල් දෙන අහලා ඈති.

    හොදයි නිදහස් අද්යාපනය දෙන්නෙ නිකන් නෙවෙයි අපින් ගන්න බදු හරා කියන ඵකෙ ඔයටත් okනෙ.
    ඵ්ත් මල්ලි කියන්නෙ,ඈමරිකව වගේ වගේ රටවල ගොඩක් බදු ගෙවනවා නමුත් ඵරටවල නිදහස් අද්යාපනයක් නෑ කියලනෙ.
    මේකයි මල්ලි තත්වෙ.
    ඔයා ඔය බදු වෑඩිකියලා කියන්න ඈත්තෙ මුදල්වල වටිනාකම දිහ බලලනෙ.ඵකියන්නෙ අපි යමකට රු100 ටෑක්ස් ගෙවනවානම් ඈමරිකවෙත් ඵකටම ඩොලර් 2ක් ගෙවනවනම් අපිට සරලවම පේනව ඈමරිකවෙ බදු වෑඩියි කියලා.නමුත් මල්ලි මේ රටවල් වල මිලදීගෑනීමේ හෑකියව ගොඩක් වෙනස්.ඵක තිරනය වෙන්නෙ ඵකපුද්ගල ආදයම් මතනෙ.අපේ රටේ වගේ 3වන ලෝකයේ රටවලයි ස0වර්දිත රටවලයි මිනිස්සුන්ට ලෑබෙන් ආඅදයමේ වෙනස ගෑන කියලදෙන්න ඔනෙ නෑ නෙ.ඵකියන්නේ ඈමරිකවෙ ඩොලර් 500ක් ගන්න මිනිහා ඩොලර් 2ක් බදු ගෙව්වට මෙහෙ රු10000ක් ගන්න කෙන රු 100 ගදු ගෙවනකොට,ඈමරිකවෙ ගෙවන ගන වෑඩි ව්නත් ආදයම ප්‍රමනවත් නිසා බදු දරන්න පුලුවන් උනත් මෙහෙ ආදායාම් අන්තිම පොඩි නිසා බදූ බර සෑරටම දෑනෙනවනෙ.දෑන් අපි කඩේකට ගිහි අතයවශ්ය බඩුවක් ගත්තොත් ඵ්කෙන් 30-40 විතර බදු.ගෑස්,කිරිපිටි තෙල් වටට තවත් ඉහලයි.නමුත් ස0වර්දිත රටවල බදු සිස්ටම් ඉතා සරලයි.මේවගේ බද්දටත් බදු ගහන්නෑ.සෑකනම් මල්ලි ටිකන් සර්ච් කරල බලන්නකො.

    අනික මල්ලි ඵ්‍ඵ් රටවල් සමජ සුබසාදනය ගොඩක් ඉහලින් පවත්වගෙන යනවා.
    ඵය සේවකයෙකුට පඩි හදන ක්‍රමයක් තියනවා.අදයපන සවුක්ක්ය වගේ දේවල් රජය් මගින් නොමිලේ දෙන බවට සහතිකකර නෑති නිසා වෑටුපට ඵ්ව ඵකතුකරලයි හදන්නෙ හරියට සමහර පිටරට කොම්පෑනිවල ඈදුම්,ගෙවල්කුලී හා බෙහෙත් දීමන පඩියට ඵකතුකරන විදියටම.අපේ රටේ අදයාපනය සවුක්ය නොමිලේ දෙන පදනම මත ඵහෙම ඵකතුකිරීමක් වෙන්නෑ.නොමිලේ දෙන ඵවයෙ තරම උබලා දන්නවානෙ.අපේ රටේ අසරන මහල්ලන්ට දෙන පින්පඩිය රු100.ඵරටවල වෑන්දබු පවුල් වලට දීමනා දෙනවා.මහල්ලන්ට විශේශ වරප්‍රසාද තියනවා.කොටින්ම රෑකියා නෑති තරුන අයට රෑකියාවක් ලෑබේනකම් දීමනා පවා දෙනවා නේද?නිදහස් සව්ක්ය තියනවා කියන අපේ මොනවද දෙන්නේ?දෑන් නිකන් දෙන්නෙ තුන්ඩු කෑලි විතරයි.බෙහෙත් චෙකප් පිටින්.

    කොහොමවුනත් උසස් අදායපනයට අපෙන් උබට සුබපෑතුම්.
    හොදට කරපන් මල්ලී.

    ReplyDelete
  31. මම කියන්නෙත් පුහුණුවක් දෙන එක වැරදියි කියල නෙවෙයි , ඒක හමුදා කඳවුරු වල දෙන එක වැරදියි කියන කාරනය (ඔයා විරුද්ධ වෙන එහෙකට )

    එස් බී වගේ ක්‍රියා කාරී දේශපාලන චරිතය ගාව ගන්නෙ නැතුව ඔයාට ඔය දේ ලියන්න තිබුනනෙ "උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ" සංවිධානාත්මක දුර්වලතා විවේචනය කරල එහෙම උනා නම් ඔයා අකමැති දේශපාලනකමෙන්ට් වැටෙන එකක් නැ. මම උනත් දේශපාලනය නොගැවුන තැනක දේශපාලනයක් කියන්න යන්නෙ කලාතුරකිහ්න් තමයි

    ReplyDelete
  32. @ඇනෝ
    කතාව ඇත්ත...මම කොහොමත් බදු පිලිබද ලොකු දැනුමක් තියන මිනිහෙක් නෙවෙයි..මොකද මම තවම බදු ගෙවන්නෙ නැනෙ අපෙ අම්මලා තාත්තලා ඉන්නවනෙ ඔවා ගෙවලා අපිට කන්න දෙන්න
    නමුත් මට මෙහෙම හිතෙනවා ඇමරිකාවෙ හයි වේ එකක යන්න සල්ලි ගෙවන්න ඕනි නේද?.ආදායම් බදු ප්‍රතිශතය වැඩි නැද්ද(මේකනම් මම දන්නෙ නැ)
    ඊට පස්සෙ ලංකාවෙ ආදායම් බෙදියාමෙ විශමතාවය අනුව අන්ත දූගී ප්‍රතිශතය වැඩි වෙන්න පුලුවන් නමුත් අර නිකං දෙන බෙහෙත් ටිකක් ගන්න පුලුවන්නෙ ඉස්පිරිතාලෙට ගියාම..ඇමරිකාවෙ නැති එකාට ඇත්තෙම නෑ නේද?.....
    සුභ පැතුමට ස්තූතී!
    @බුවා
    ඔව් ඔන්න මට ෆෝවඩ් කරන්න අමතක උනු පොයින්ට් එකක්..
    ඕක යොවුන් සේනාංකය වගෙ එකක දෙන්න තිබුනනෙ..

    අර එස්බී කතාවනම් වැරදුනා තමයි..
    මම මුලු අමාත්‍යංශයම නිරුපනය කරන සංකේතය විදියට මිනිහව ගත්තෙ(ඒකෙ ඇති වැරැද්දකුත් නැ වගේ..මුලු රජයම නිරූපනය කරන්න එක මනුස්යෙක්නෙ දැන් ගන්නෙ :D)
    මම දැන් ඒක හදන්න යන්නෙ නැ...
    හරී මම මීට පස්සෙ දේශපාලන කොමෙන්ට් වලට උත්තර දෙන්නෙ නැ..

    ReplyDelete
  33. @ano
    සොමෙගෙ පුතා JVP නොකලට විජේවීරගේ ළම්යි විදින සැප ඇහුවම තමා ජ්ව්ප් එකෙ නියම තත්වේ අවබෝධ වෙන්නේ.

    ලංකාවේ අධ්‍යාපනේ කන්න JVP එක මහ පරිමනයෙන් දයක උන කියල උබ නොදන්නව උනට ලංකාවේ අනික් උන් දන්නව. 88/89 කෑම්පස් වලට යන්න හිටපු උන් හන්දියක් හන්දියක් ගානේ මරලා අන්තිමෙ බෝට්‍ටුවේන් කැම්පස් යන සෙට් එකක් බිහිකරෙ කවුද? අවුරුදු 4/5 ඉවර වෙන්න තිබුන විශ්ව විද්්‍යාල අධ්‍යපනය ,එ කලෙ කැම්පස් ගිය උන්ට අවුරුදු 7 වෙනකන් දිග්ගැස්සුවෙ කවුද? හැම අවුරුද්දකම කැම්පස් එක ඇරල තියෙනවට වඩා වහල තියන්න දායක වෙන්නේ කවුද? ගුරුවරුන් පවා වෘත්තිය ක්‍රියාමර්ග වලට වලට පන්නලා ලමයින්ගේ සා/පේ,උ/පේ, ප්‍රශ්න පත්‍ර බලන එක කල්දැම්මේ කවුද??? එහෙම කරල උන් කැම්පස් යන එක කල් දැම්මේ කවුද??


    "අපේ රට ආපස්සට අරන්යන්න යම් තරමකට ජෙප්පොත් දායක වෙන්න ඈති.නමුත් අනික් පක්ශ ඵක්ක බලනකොට ඵක මහමුහුදයි දිය බිදුවයි වගේ යාලු" මේක කියන්න උබ එක්කෝ අහසින් වැටිල වෙන්න ඔන. නැත්නම් උබ මැරිල ඉපදෙන්න ඔන.රටෙ තරුණ පරපුර අමු අමුවේ මරල දාලා රට සම්පුර්නයෙන්ම ආපස්සට හැරේවුවේ ජේප්පො තමා. දැනටත් පන්ති 5 අන්තරේ හරහා ක්‍රියාත්මක කරලා රට කන්නේ... රටේ ඉන්න උන්.. විනාස කරන්න මාන බලන්නේ කවුද?? කැම්පස් උන්ට හරි අවබෝධයක් ලැබුනොත් අන්තරේ කුඩු.. එහෙම උනොත් ජෙප්පන්ට කඩේ යවන්න අය නැති නිසයි උන් ඕකට විරුද්ද. උබට අතීතය අමතක උනාට රටේ අනික් උන්ට අතීතය අමතක නැ....

    ReplyDelete
  34. @ඇනෝ මේක දෙශපාලන වේදිකාවක් නෙවෙයි....කරුනාකරලා මෙතන දේශපාලම ප්‍රස්න ගැන කතාකරන්න එපා..
    මෙහෙම ගියොත් මම ඇනො ඩිසිබල කරලා කොමෙන්ට් මොඩරෙශන් ඔන් කරනවා....ඇනෝ දාල තියෙන්නෙ ගුගල එකවුන්ට් එකක් නැති මිනිස්සුන්ට මාතෘකාවට අදාලව මොනවා හරි කියන්න තියනවානම කියන්න...නැතුව මාතෘකාවට අදාල නැති දේ වලට ගහගන්න නෙවෙයි!!

    ReplyDelete
  35. රුපියල් දවස් දෙකකින් 10000ක විතර බඩු අරන් දෙන්නෙ මේ ගොබ්බයොන්ගෙ අම්මල තාත්තලද දන්නෑ.

    ReplyDelete
  36. මුලින්ම මේ බ්ලොගය දේශපාලන බලු පිටියක් කර ගැනීම පිළිබඳව මාගේ බලවත් අප්‍රසන්නතාවය !!!

    @ anos (මෙය දේශපාලන බ්ලොගයක් නොවේ... මදුශාන් මලයා දේශපාලනය ගැන කථා කිරීමට තරම් පුස්සෙකු ද නොවේ. අනුන්ගේ වත්තක කැත කරන පුරුද්දෙන් දැන් වත් මි‍දුනොත් හොඳ නේද ???)

    මලේ... ලැබෙන දේ සතුටින් භාර ගනින්. ජීවිතේ සමහර දේවල් වෙනස් කරන්න බෑ. එහෙම කියලා කර බාගෙන ඉන්න එපා. කළු ව‍ලාකුළු වලත් රිදී ඉරවල් හොයාගන්න පුරුදු වෙයන්... එතකොට ජීවිතේ ලේසියි...

    අන්තිමටම.... දේශපාලනේ වගේ හොටු මාතෘකාවකට උඹේ මේ බ්ලොග් එක කැත කර ගන්න එපා !!!

    ReplyDelete
  37. @චතුරංග
    අනිවා අයියෙ.....
    මම ඉතින් හිතට ආපු ටික දැම්මා බ්ලොගේට..
    මම හිතුවෙ නැ මෙහෙම චා වෙයි කියලා.....
    දේශපාලනය නෙවෙයි ඒ ලඟින් යන මතෘකාවක් දාන්නෙ නැ මීට පස්සෙ...
    //කළු ව‍ලාකුළු වලත් රිදී ඉරවල් හොයාගන්න පුරුදු වෙයන්//
    මෙහෙම වෙච්චි හන්දා තමයි අද මම මෙහෙම ඉන්නෙ....
    තැන්කූ අයියෙ..

    ReplyDelete
  38. By Ano,
    මේකනේ සිද්දිය,
    ඔක මෑක්ක වගේ තමයි අපේ උන් කොහෙන්ගියත් දේශපාලනයටමනෙ ඵන්නේ.(අනික හෑමමගුලටම දේශපාලනයත් රි0ගල ඉන්න නිසා කොහොමත් ඈදෙනවා.)
    ඵනිසා මේ ස0වාදය මෙතනින් හමර කරලා තවත් වෑදගත් යමක් ලියමු අපිටත් ඉගෙනගන්න.

    ReplyDelete
  39. ඒක ඇත්ත ඇනෝ......

    ReplyDelete
  40. @ 2Ano
    ලියන්න නම් දේවල් ගොඩයි.ඵ්ත් මේ බ්ලොග් ඵක කරන මල්ලිගේ අකමෑත්ත මත ලියන ඵක හරි නෑ.
    ඵ් මනුස්සයාට අපි ඈනයක් වෙන ඵක හරිනෑනෙ.ලිව්වා කියලා හිතාගනින්න් මචන්.
    By 1Ano

    ReplyDelete
  41. Meke thawa patththak thiyanawa malli

    Me waden kello (lassan kello godak aniwaaryayenma) campus ena eka nawathi

    E kale memehema ekak thibbanam ape akkawa ammala jeewitheta campus yawanne na
    Umbalatai umbalage immediate seniorslatai maha paw wadak wenne.
    Kollek nokara bari nisa giyata kellekta eeta wada nathiwenna dewal thiyanwane.

    balapanko umbalage batches wala kali percentage eka adu nadda kiyala

    ReplyDelete
  42. BTW meka ihagena kanna hadana saha JVP eke redi methanama hodanna hadana anthare jeppanta mage dadi wirodhaya palakarami.

    Ara ekek liyala thibuna

    "අපේ රට ආපස්සට අරන්යන්න යම් තරමකට ජෙප්පොත් දායක වෙන්න ඈති.නමුත් අනික් පක්ශ ඵක්ක බලනකොට ඵක මහමුහුදයි දිය බිදුවයි වගේ යාලු"

    blog malli menna me wege "යාලු"wangen parissam weyan.

    Mata me trainnig kathawa allannema na

    Leadership one nam honda company tikaka ewun tikak daala denna thibba trainning umbalawa camp walata nathuwa.

    eth monawa karannada rajathumata hithunoth hithuna

    Umbala rag unoth wage case unoth kelinma eka karpu ekage commanderta kiyapan paththara gane mulin yanne nathuwa.(basically hari pare palayan hath pole gaa ganne nathuwa)

    Mole athuwa leda adaganne nathuwa onawata wada fit wenna yanne nathuwa indapalla.
    Kochchar honda unath army camp wala inna minissu athe thiyenne aththata thuwakku.

    ganna puluwan deyak me trainnig eken aragena yahathin uni palayan.

    umbata suba anagathayak

    ReplyDelete
  43. i m sure this is an another plain of stating private universities... i am really sad..

    ReplyDelete
  44. ලියලා තියන එක තේරුම් අරං කතා කරපු අය අඩුයි ..... මල්ලි කියන කතාව ඇත්ත සංවිධාන කටයුතු මෙයිට වඩා හොඳට කෙරුනා නම් මේක මෙයිට වඩා හොඳට කරන්න තිබුනා .......

    ReplyDelete
  45. Anonymous said...

    BTW meka ihagena kanna hadana saha JVP eke redi methanama hodanna hadana anthare jeppanta mage dadi wirodhaya palakarami.

    Ara ekek liyala thibuna .................................................................................................................................................umbata suba anagathayak

    ReplyDelete
  46. සුබ පතපු ඔක්කොටම ස්තූතී..
    මගෙ දේශපාලන ප්‍රතිපත්තිය මත මම රිප්ලයි කරන්නෙ කල්හාර අයියට විතරයි...
    ඒක තමයි අය්යෙ මට තියන දුක..හුඟක් අය සම්පූරන ලිපියම කියෝලා නැ!!

    ReplyDelete
  47. ඕක නම් ඒ හැටිම කට්ටක් වෙන එකක් නෑ මලයෝ...අපිටත් ඔය වගේ එකක් තිබුනා නම් හොඳයි කියලා මට නම් හිතෙන්නෙ....
    ඕකෙ දුර්වලතා නැතුව නෙමෙයි... ඒත් ඉතින් ඕකෙන් ජීවිතේට අලුත් අත්දැකීමක් ලැබේවි.....

    හොඳින් පුහුණු වෙලා එන්න....

    ReplyDelete
  48. @හරි
    මමත් හිතනවා.........
    අලුත් අද්දැකිමක් වෙන එක තමා හොදම දේ...
    බොහොම ස්තූතී
    //Meke thawa patththak thiyanawa malli //
    මෙන්න මේ ඇනෝ කියපු එක ඇත්ත උනොත් බඩුම තමා!!!

    ReplyDelete
  49. @ මදුශාන් :එහෙම වුනොත් නම් සොරිම තමා කොල්ලො...අපිට මේ ඔහොම එකක් නැතුවත් කෑල්ලක් ගොඩ දාගන්න බෑ. (ගොඩ දාගන්න කෙල්ලො නෑ හරිය.. )උඹලට දෙයියන්ගෙම පිහිට තමයි...

    ඒත් කෙල්ලන්ට හරියට ආරක්ශාව දෙනවනම් ඉතින් දෙමව්පියො එවන්න බය වෙන එකක් නෑ....

    ReplyDelete
  50. හෙ හෙ හරී :P :P ඔව් ඉතින් ලොකු ලොකු පවුල් වල ලමයිනම් එන එක නැ නමුත් ඉතින් ලංකාවෙ වැඩි හරියක් කැම්පස් යන්නෙ පොඩි පොඩි පවුල් වල ලමයිනෙ අවුලක් වෙන එකක් නැ :D

    ReplyDelete
  51. මකුළු පැංචිනං ඔය පුහුණු වැඩ වලට කැමතී ඉස්කෝලෙ යන දවස් වල ඉඳලම.....අනික එක එක පලාත්වලින් එන යාලුවො මුණගැහෙන එකත් හරිම ජොලියක් වෙයි කියලයි මකුළුට හිතෙන්නෙ...කෝ ඉතින් මකුළුට නං ලංකාවෙ විස්සවිද්‍යාලෙට යන්ට පින ලැබුණෙ නෑ නොවැ..හැබැයි කිව්වත් වගේ ලියුම් පරක්කු වෙලා ලැබුණොත් අනාගතේ වතුරෙ තමා..

    ReplyDelete
  52. mama hithuwa tharam meka narakama une naha podi joliyak thibba ilaga pura meta vada hoda vei

    ReplyDelete

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P