දකින විට ඒ සුපුන් පුර හඳ,
දකින විට ඒ පබලු තරු කැට,
දැනෙන විට මේ හමන මුදු නල,
දැනෙන විට මේ ජලයෙ සීතල,
ඇදෙන සිත මගෙ,
අනන්තය වෙත,
කෙසෙ අදහයිද,
මා සිටින්නෙ,
නිව්ටන්ගෙ,
අවස්ථිතික රාමුවක බව,
අයින්ස්ටයින්ගෙ,
කාල අවකාශ රාමුවක බව,
නොඅදහා,
සියල්ලම,
සිතද සිතුවිලිද බව!!
ලස්සනයි. අමුතු අදහසක්...
ReplyDeleteඒ වෙලාවට ඇත්තට
ReplyDeleteඅනන්තය වෙත ඇදී
ඒ මොහොත විඳිනු මිස
ඔය සයන්ස් කන්නද
මාර අදහසක්නෙ මලයා .......
ReplyDeleteතාම ට්‍රේනිං ඉවර නැතුව ඇති නේද ......
@StArry aNgeL
ReplyDeleteඅමුතු මිනිස්සුන්ගෙ අමුතු අයිඩියා!!
@hare :-)
සිරා සිරා....
මම ඕක ලිව්වෙ A/L කාලෙ පිචික්ස් පන්තියකට ගිහින් බස් නැතුව පයින් ගාටනකොට වැස්සක් එනවා දැකලා :P :P
@කල්හාර දිසානායක
මේ ශෙඩියුල්ඩ් පෝස්ට් වගයක් නෙව දාලා ගියෙ..අද තමා ගෙදර ආවේ!!