Showing posts with label නව. Show all posts
Showing posts with label නව. Show all posts

Wednesday, October 31, 2012

මට නැති ජීවිතය......................

මට නැති ජීවිතය,
උඹට තියනව කියලා දැනෙනකොට,
හිත් අගට දැනෙන හීන් ඉරිසියාව,
දැනෙන්නෙ නැතුව ඇති ලෝකෙ වෙන කාටවත්...

කාටවත් බරක් නැති,
මහා ලොකු පැතුම් නැති,
වැඩ කරන උඹ,
එදා වේල කන්න විතරක්...

මම මෙහේ දුවනකොට,
අල්ලන්න මහා ලොකු වගකීම්,
බලා පොරොත්තු...

උඹ ගෙවනකොට මගේ,
සිහින ජීවිතය,
දාලා දුවන්න හිතෙනවා බං,
මේ මුලු කෙහෙල්මලම...............................

මගෙන් උඹලා දෙන්නට magepissulokaya.blogspot.comahikuntakaya.blogspot.com

Tuesday, October 30, 2012

දුයිශෙන් උඹ කොහෙද?

දුයිශෙන් උඹ කොහෙද?
උඹ වගේ ගුරුවරු නෑ අද,
සෙනෙහස උඹ දීපු,
නොකියා වචනයක්වත්,
අල්තීනායිට,
දෙන්නෙ නෑ අද කවුරුවත්...

වහල් වෙලා මුදලට,
දුවනවා පස්සෙන් ප්‍රසිද්දිය...

අයිලයට උඩින් පායපු හඳ එලිය,
රසවිඳින්න බෑ ඒ කාටවත්,
හැමෝම මහ යුද්දෙක...

කවුරුවත් නෑ කියාදෙන්න,
නිදහසේ පාඩම,
උඹ වගේ හදවතට වදින්නට...
දුයිශෙන් ඉපදියං ආයිමත්,
සිය ගනං උඹ වගේ උන් එක්ක,
ඇවැසි උඹ වගේ උන් අප හට,
එදාට වඩා අදට.....................................

Sunday, July 31, 2011

බ්ලොගේ පාලු වීම සහ ඔන්ලයින් බූරු ගැසීම??

හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ..
කොහෙද කාලෙ කන්න වෙන වැඩ ටිකක් අහු උනානෙ..
දැන් බස්,බුකි මදිවට මම ටුවිටරේටත් සෙට් උනානෙ,ඔය පැත්තකින් තියෙන්නෙ පලෝ බටන් එක.
කාලෙ කන්න මරු වැඩ ටික..මේ දවස් වල කාලෙට කරන්න වෙන වැඩකුත් නැති හන්දා ඒකත් අවුලක් නෑ :P

තවත් එක හේතුවක් තමා කට්ටියම ඔන්ලයින් බූරු ගහන්න පටන් ගත්තු එක..
බූරු කිව්වර ඉතිං බූරුම නෙවෙයි.
බස් පදින අපේ කට්ටියක් දවසක් ඕමි ගැන කථා උනා.ඕක අහලා මම තුමාට හිතුනා ඔන්ලයි ගහන්න පුලුවන් ඕමි ගේම් එකක් තියනවද බලන්න කට්ටියත් එක්ක ගහන්න
හොයද්දි දැනගන්න ලැබුනා ඕමි කියන්නෙ ලංකාවෙ හැදිච්චි ලංකාවට අනන්‍ය ක්‍රීඩාවක් කියලා :( :(
එතින් මොන ඔන්ලයින්ද, හමාගෙ සිංහල ඕමි පිහිටයි ඕමි ගහන්න ඕනි කට්ටියටනම්.. :P

ඒත් ඉතිං අපිට ඕමි වගේම විස්ට් කියලා ක්‍රීඩාවක් ඔන්ලයින් ගහන්න පුලුවන් තැනක් සෙට් උනා :D
whistportal.com
මේ වෙබ් අඩවියෙන් එක්කො තමන්ගෙ බ්‍රව්සරෙන්ම,
එහෙම නැත්නම් ජාවා වෙබ් ස්ටාර්ට් පාවිච්චි කරන ඇප්ලිකේශන් එකකින් සර්වරේකට සෙට් වෙලා ඔන්ලයින් විස්ට් ගහන්න පුලුවන්..
ජාවා ඔනි කියලා කියන්න ඕනි නෑනෙ :D :D

කරන්න තියන දේ හරිම සරලයි ඇප් එක ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ නෙට්වර්ක් ඇක්ස්සස් වලට අවසර දීලා අලුත් යූසර් එකක් හදාගන්න ඕනි..ඊමේල් එකක් ඉල්ලුවත් වෙරිෆයි කිරීම් මොනවත් නෑ..
කෙලින්ම ලොග් වෙලා ක්‍රීඩා කරන්න තමයි තියෙන්නෙ
මේකෙ ගේම් වර්ග කීපයක් තියනවා,
විස්ට් පවුලෙම ඒවලු,මටනම් තේරුනෙ විස්ට් ක්ලැසික් කියන එක විතරයි
ඒක ඔමි වගේමයි වෙනස කාඩ් කුට්ටමෙ ඔක්කොම කොල පාවිච්චි කරනවා.
කැට දෙන විදිය ටිකක් වෙනස් වගේ..
තව මිනසෝටා විස්ට්
බිඩ්52 කියලා එව්වත් තියනවා..

ඒ සර්වරේ වැඩියෙන්ම ඉන්නෙ ඇමරිකන් කාරයො..
උනුත් එක්ක රවුමක් සෙට් උනොත් අපි කාලා හමාරයි :D :D
මේ සර්වරෙ ලොබි කියලා චැට් බොක්ස් එකකුත් ටේබල් එකට වෙන වෙනම චැට් බොක්සුත් තියනවා
කතා කර කර ගහන්න පුලුවං.. (අපේ උංනං වැඩි හරියක් කියන්නෙ අරවා :P සුද්දොන්ට පලු යන්න බනිනවා :D)
මේකෙ තව ගොඩක් දේවල් තියනවා
ප්ලේයර් රෑංකිං වගේ දෙවල් එහෙම :D

හරි එහෙනම් කියෙව්වා ඇති ආස කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකො..මටත් ගේමකට ඉන්වයිට් කරන්න මම madushan1000 සර්වරේ :D


Sunday, July 3, 2011

ආදරයේ අර්ථදැක්වීම??

‍X සහ Y යනු පුත්ගලයින් දෙදෙනෙකුනම්,
X ගේ සතුට Y ගේ සතුටත්,
X ගේ දුක Y ගේ දුකත් නම්,
Y, Xට ආදරය කරයි....


ඔය අපේ පිසික්ස් සර් ආදරය අර්ථ දක්වපු විදිය,

හිතුවා පහුගිය දවස් වල ආදරය කියන මාතෘකාව හොදටම ඔලුවට ගහපු හන්දා(තාමත් තියනවා :P) ආදරය කියන්නෙ මොකක්ද කියන එක ගැන මගේ අදහස් ලියන්න...

මගේ ආදරය ගැන තියන අදහසත උඩ තියන එකම තමයි..

උඩ තියන අර්ත දැක්වීමට අනුව ආදරය ඒක පාර්ශික ද්වී පාර්ශික හෝ බහු පාර්ශික වෙන්න පුලුවන්..
මොකද මේකෙ තියෙන්නෙ "Y, X එකිනෙකාට ආදරය කරයි" කියලා නෙවෙයි හන්දා...

අපේ හුඟක් අය "ආදරය" සහ "ආදර සම්බන්දතාවය" කියන දෙක පටලෝගන ඉන්නවා කියලයි මම හිතන්නෙ..
ආදරය කරද්දි අපි අම්මලා තාත්තලාගෙන් පටන් අරගන යාලුවො දක්වාම ආදරය කරනවා..
අම්මලා තාත්තලාත දුකක් උනාම අපිට දුක නැද්ද?
යලුවොන්ට කරදරයක් උනාම?

මම විස්වාස කරනවා ආදරය කියන්නෙ ඇත්තටම පිවිතුරු හැඟීමක් කියලා..
ඔනෑම කෙනෙකුට දෙන්න පුලුවන්,කිසිවක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව,හොදම හැඟීම ආදරය....

ආදර සම්බන්දතාවයක් කියන්නෙ මම විස්වාසකරන විදියට,

දෙදෙනෙකු අතර අන්‍යොන්‍ය වශයෙන් ආදරය කියන හැඟීමත් එක්කම ඊරිසියාව සහ රාගය එකතු උනාම හැදෙන දෙයක්,

ආදර සම්බන්දතාවකදි එකෙක් අනෙකාගෙ සමාජ සම්බන්දතා වලට ඊරිසියා කරනවා..(මම කලින් දාපු පෝස්ට් එකක මම ඕක කරන හැටි ඇති :D)

ඒක සම්බන්දතාවය පවත්ව ගන්න අවශ්‍යයි වගේම සීමාව ඉක්මවලා ගියොත් සම්බන්දතාවය බිඳ වැටෙන්නත් හේතු වේවි....

සම්බන්දතාවයකට රාගය එකතුවෙන හැටි ගැනනම් මේලෝ අදහසක් මගේ නැති උනත් ඒක සම්බන්ද වෙන බවට උදාහරන මම දැකලා තියනවා...

පන්ඩිත කතා කියෙව්වට මම තවම කරලා තියෙන්නෙ "ආදරය" විතරයි තවම "ආදර සම්බන්දතාවයක්" පටන් ගන්න උනේ නෑ..
වැරදි තැනක් තියනවානම් කියන්න ඒ හන්දා :D

Thursday, June 23, 2011

මගේ ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට පොඩි හෙල්ප් එකක්(එක්ක ලොකු පුදුමයක්!!)

අද මට ඊමේල් එකක් ආවා මම කලින් හදපු ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට හෙල්ප් ෆයිල් එක හදන්න කියලා..
ඒකට වෙනම හෙල්ප් එකක් හදන්න ඕනි උනේ නැත්තෙ,මම ඒක හදද්දි පාවිච්චි කලේ රියල් ටයිම් සින්ග්ලිශ් එකෙ ස්ක්‍රිප්ට් එක හන්දා....
ඒක http://madurax86.comuv.com/readme/readme.html මෙතනින් ගන්න පුලුවන්..
නමුත් මේකෙ පාවිච්චි කරන්නෙත් නියම යුනිකෝඩ් ෆොන්ට් වෙන හන්දා,මොබයිල් බ්‍රවුසර් වල හරියට පේන්නෙ නෑ කියලා ඊමේල් එක එවපු එක්කෙනා කියලා තිබුනා.
එයාම ‍යෝජනා කලා මේක ඉමේජ් ෆයිල් එකක් උනොත් ඒ ගොල්ලන්ට ඩවුලෝඩ් කරගන පාවිච්චි කරන්න තිබුනා කියලා..
ඔන්න මම ඉමේජ් ෆයිල් එකකට ස්නැප් කරලා දානවා මෙතන..
හිතනවා මදුර නඩු දාන එකක් නෑ කියලා :D :D
 ඔන්න ඕනි අය ඉමේජ් එක උඩ කොටලා ඩවුන් කරගන්න
මෙන්න මගේ ඇප් එකට ගෙට් ජා ලින්ක් එක http://getjar.com/Singlish-For-Mobile
තව එකක් මම මේ ඇප් එක ගෙට් ජා එකට දැම්මෙ මැයි 7....
අද වෙනකොට මේක 3613 පාරක් ඩවුන් කරලා තියනවා..
මට් ඒක දැක්කාම නිකං කලන්තෙ වගේ හැදුනා...
මොකද මම මේක ගෙට් ජා දැම්මා කියලා කාටවත් කිව්වෙ නෑ..
කලින් පොස්ට් එකෙත් තියෙන්නෙ සෝස් ෆොරෙජ් ලින්ක් එකක්...
ගෙට් ජා එකට වැරදිලාද කොහෙද :P :P
මම මේක දැක්කෙ ලිංක් එක ගන්න ගෙට් ජා ගිය වෙලාවෙ :O :O

මම හදපු දෙයින් වැඩ ගන්නෙ මම විතරක් නෙවෙයි කියලා හිතෙන එනම් මාරයි :D :D :D

Tuesday, June 21, 2011

නින්දත් නොනින්දත් අතර හීනයක්ද මේ?

ලස්සනට ඉර එලිය වැටිලා තිබුනු කදු මිටියාවතේ
පුන්චි ගෙදරට මම සේන්දු වෙනකොට
හිමිදිරි පාන්දරනම් ගෙවිලා ගිහින්
උදැසනේ අන්තිම බාගයට ඇවිල්ලා...

ගමන කොච්චර දුර උනත්
පුන්චි හරි මහන්සියක් නොතිබුනු මම
ප්‍රබෝදයෙන් පිරුනු හදවතකින් හෙව්වෙ එයාව
දොර එලිපත්තට හෙමින් ලං උනු මම ටිකක් හයියෙන් කෑ ගැහුවෙ
"____ ඔයා කොහෙදෝ" කියලා....

ලස්සන ගස් වලින් පිරිලා තිබුනු ගෙවත්තෙ කොනකින්
මට එයාගෙ කටහඩ ඇහුනෙ හරියට දිව්‍ය ලෝකෙන් ආපු කටහඬක් වගේ
"මදුශාන්..මම මෙහේ...මම ඔයා එන දිහා බලාගන හිටියා......."
එයාටත් හොරෙන් හිනාවුන එයාගෙ ඇස් අතරින් එයා කියද්දි
මට හිතුනෙ අහන්න ආපු දේනම් අහන්න ඕනි වෙන එකක් නෑ කියලා...

මම එයාගෙ පුංචි ඇස් දිහා බලාගන ඉන්නවා දැකපු එයා
මූනත් රතු කරගන මුව පැටික්කියෙක් වගේ ගෙට රිංගුවෙ
"මම ඔයාට තේ එකක් හදාගන එන්නම්"
කියන ගමන්....

ජීවිත කාලයක්ම වගේ
මගේ හොදම යාලුවා වෙලා හිටපු එයාගෙන්
අහන්න හිටපු දේට ලැබෙන උත්තරේ මම මෙච්චර කාලයක් දැනගන හිටියෙ නෑ..
ඒත් දැන් ටිකකට කලින් දැකපු ඇස්
වචන දාහකට වඩා හොදට ඒ උත්තරේ පැහැදිලි කලා

ටික වෙලාවකින් හැඟීමුත් මුසු කරපු රසම රස් තේ කෝප්පයක් අරන් ආපු එයා
ලොකූ හිනාවකුත් මූනෙ තියාගන ඒක මට දෙනකොට
ඒ උත්තරේ ආයිමත් තහවුරු උනා...

එයා හදපු තේ එක බීලා ඉවර කරපු මම
එයාගෙ සියුමැලි අතකින් අල්ලගන ආපු පාර දිගේම ආපහු ගියෙ
කදු පන්ති ටික ලස්සනට පේන තැනකට

කදු වල වැවිලා තියන උස ගස් අතරට
හැන්දැ මීදුම ගලාගන එනකන්ම වගේ දික් ගැස්සුනු
අපේ ආ ගිය කතා බහ
කෙලවරක් කරන්න ඕනි කියලා හිතුනෙ
එයාගෙ අම්මා කතා කරන්කොට...

ඉතින්
ගැහෙන හදවතකින් වගේම
ගැහෙන කටහඬකින්
මම අහන්න ආපු දේ අහපුවාම
ලැබුනු එයාගෙ උත්තරේ
ජීවිතේ අහපු ලස්සනම වචන ටික කියපුවාම ඇතිවෙයි නේද?

(නින්දත් නොනින්දත් අතර ලියවුනු මේ වචන ටික හීනයක්ද හැබෑවක්ද කියලා අදුනගන්න මට ටිකක් අමාරු උනා..
ඔයා මේක බලනවනම් මේ ඔයාටයි!)

Monday, June 13, 2011

අපේ නායකත්ව පුහුනුවේ ගත්තු ෆන්


නායකත්ව පුහුනුවේ අපි ෆන් හුඟාක් ගත්තා කියන්න පුලුවන් හරිය මම කියන්නම්(ඒ කියන්නෙ කියන්න බැරි ඒවත් තියනවා :D)

පලවෙනි ෆන් එක තමයි සම වයස් සෙට් එකක් එක්ක..රෙදි හෝදලා දෙන්න,බත් කවන්න අම්මා නැතුව...සති 3ක් හිටපු එක..කාට හරි හිතෙන්න පුලුවන් ඒකෙ මොන ෆන්ද කියලා..
ඒ උනාට ඒකේ මාර ෆන් එකක් තියනවා..ඉදලම බලන්න ඕනි

පීටී රන් එක

පීටි රන් එක කිව්වෙ ශාරීරික යෝග්‍යතාව තියාගන්න උදේ පාන්දර(6ට) දුවපු කිලෝ මිටර කිහිපයේ රන් එක.අපිනම් කරේ වැඩිපුර ඇවිදපු එක තමා :P...කොහොමද උදේ පාන්දර කෙල්ලො ටිකක් එක්ක පාරවල් දිගේ ඇවිදින්න දුන්නාම.අපිනම් බෑ කියයි ලොල්
අනික අපි හිටියෙ ටිකක් උන්නතාංශය වැඩි පලාතක හන්දා භුමි දරශන මාර ලස්සනයි..අපේ අනදෙන නිලදාරි තුමත් අපිට පලාත පෙන්නන්න කියලා එක එක දවස් වලට එක එක පාරවල් වල එක්ක ගියා..
තවමත් අයින් වෙලා නැති මීදුමත් එක්ක,දෙපැත්තෙ මල් පිපිලා පාරවල් වල,උදේ පාන්දරට තියන හීනි හීතලත් එක්ක ගිය ගමන් වල මතකය හැමදාමත් තියේවි!

මේකනම් අපිට නිවාඩු දවස උනු ඉරිදා හැර හැමදාම තිබුනා(එල නෙහ්?)

බාදක තරනය

මේකනම් ටිකක් බය හිතෙන එකක්...නමුත් මම නම් මේකෙ අවස්තා 2ක් ඇරෙන්න අනිත් ඔක්කොම කලා..පොඩී අවදානමක් තිබුනත් අපේ කාටවත් ලොකු හානියක් උනේ නැ..වෙච්චි ලොකුම හානිය අපේ කොල්ලෙක්ගෙ කකුලෙ මසල් එකක් ඉරිලා එයාට මාස 1 1/2 ප්ලාස්ටරයක් දාගන ඉන්න උනු එක..ඒක ඌටවත් ගානක් නැ..ගත්තු ෆන් එකේ හැටියට.මිනිහා ආතල් එකෙ ඉන්නව....අපිටනම් මුකුත් උන් නැ..කවුද ඔය පොඩ්ඩක් හීරුනා කියලා ගනන් ගන්නෙ :P :P...

ක්‍රිකට් මැච් එක

මේකනම් තිබුනෙ අපිට නිවාඩු තිබුනු ඉරිදා දවසක,
අපේ ප්ලැටුන් එකකින් කන්ඩායමක් ගානෙත්...කොම්පැනි දෙකෙන් කාන්තා කන්ඩායමක් ගානෙත් ඉදිරි පත් කරපු මේ ක්‍රිකට් මැච් එක එලට ගියා..එදා නම් කෑ ගහලා මගේ උගුරෙ පොටත් ගියා..:P :P

කොහොම උනත මැච් එකට ආලොක තත්ව වලින් වෙච්චි බාදා නිසා එහා පැත්තෙ ඉන්න එකාගෙ ඔලුවට බෝලෙ කියලා හිතාගන බැට් එකෙන් ගහන්න ඉඩ තිබුනු හන්දා රැ 7ට විතර මැච් එක ඩ්‍රෝ කලා..

පැදුරු පාටිය

එක දවසක් අපේ අනදෙන නිලදාරි තුමා කිව්වා පැදුරු පාටියක් තියමු කියලා...අපිටත් ඉතින් ෆන් නම් ඕනි එකක්..එහා පැත්තෙ තිබුනු කන්ද උඩ තිබුනු පැදුරු පාටිය පට්ටම ෆන් අයිටම් එකක් උනා..මුලින් මුලින් එක් කෙනෙක් ගානේ සින්දු කියපු මේකෙ..අපේ උපදේශකයො ඉදිරිපත් කරපු "මුලු ලොවම නැති උනත් එකම කලිසමක්" කියන සමූහ ඉදිරිපත් කිරීමත් එක්කම නන් ස්ටෝප් පැදුරු පාටියක් උනා...
කට්ටියට සින්දු කියලා අන්තිමට කන්න ඕනිත් නෑ...

සංගීත රාත්‍රිය

හමුදා සංගීත කන්ඩායමත් එක්ක තිබුනු මේ සංගීත රාත්‍රිය දවසනම් එලේත් එල..හමුදාවෙ අය වගේම අපේ කොල්ලො කෙල්ලොත් හොදට සින්දු කිව්වා.සින්දු කිව්වෙ නැති අය හොදටම නැටුවා..අපේ ඔෆිසර් කෙනෙකුත් සින්දු 4ක්ම කිව්ව..මරේ මරු රාත්‍රිය.සංගිතයක් තිබුනොත් වලියක් යන හන්දා කට්ටිය කිව්වෙ වලියක් ගියොත් හමුදාවෙන් ගෙන්නන්න ඕනි නැ වටේම ඉන්නවනේ කියල :P

හයික් එක

  
කට්ටිය හයික් යනවලු
ෆයිනස් උනත් කැලෑනේ
හයික් කියන්නෙ පාගමන වෙන්න ඕනි මම හිතන විදිහට..
අපේ හයික් එක නියම ෆන් එකක් ගත්තු දවසක්....
අපි ගියෙ ලඟම තිබුනු H.M.S. FOX කියලා කන්දකට..කන්දට යන්න කලින් අපි ඒකෙ පාමුල තිබුනු වෙන කන්දක්ට තමා ගියෙ..ෆයිනස් විමානයක්..කොහොම හරි කූඩාරම් අටවලා අපේ කන්ඩායම වලින් කට්ටියක් යැව්වා උයන්න..ඊට පස්සෙ අපි එක එක විකාර කර කර හිටියා...දවල් කෑමෙන්  පස්සෙ අපි කන්ද නැග්ගා..යන්න බැරි අය ඇදගන තල්ලු කරගන ගිය ගමනෙන් අපි මිත්‍ර කමේත් සහෝදරත්වයේත් පාඩම ඉගන ගත්තා..! අන්තිමට අපි කොහොම හරි නරියා ලඟට ගියා..ගිහින් පොටො එකකුත් ගත්තා.
ආයිත් කන්ද පාමුලට ආපුවාම ඔෆිසර් කෙනෙක් අපිට කන්දට නම වැටුනු හැටි කියාදුන්නා..
මුහුදෙදි අනතුරට පත් උනු නැවක් ලංකාවට ගහගන ඇවිත් තියනවා..ඒ නැවෙ නම තමයි H.M.S. FOX ඒ ගොල්ලො අපි හිටපු පලාතට ඇවිත් කදවුරු ගහගන අර කන්දේ ඒ ගොල්ලන්ගෙ මුලස්ථානය කරන් තිබුනාලු.
කෝ නරිය? දැන් අපිද නරි? :O


කැම්ප් ෆයර් එක

කැම්ප් ෆයර් ගැනනම් දන්න හුඟක් අය ඇති...මෙතනදි අපේ දක්ශකම් ඉදිරිපත් කරන්න පුලුවන්..එක එක ජාතියෙ දස් කම් ඉදිරි පත් උනා..අපේ ප්ලැටූන් එකෙන් ඉදිරිපත් කරපු අයිටම්ස් 3න් 2ක්ම හිනාවෙලා පනයන ජාතියේ එවා....ඒවා කිව්වොත් මටත් පාරෙ බැහැලා යන්න වෙන්නෙ නැ...ඕනිනම් අපේ උපදේශකයින්ගෙන් අහගන්න..:P :P හුඟක් විනෝද උනු දවසක්..සහෝදරත්වය වගේම සහයෝගීතාව වර්දනය කරපු තවත් අවස්තාවක්

ඉතින් මම මේ කිව්වෙ අපේ නායකත්ව පුහුනුවේ විවිද අවස්තා ටිකක්.මේකෙ වැරදි නොතිබුනාම නෙවෙයි..නමුත් හොද පැත්තට සාපේක්ශව ඒවා ඉතා කුඩායී..
යන්න තේරිච්ච යාලුවෙක් ඉන්නවනම් අනිවා මේ අවස්තාව ගන්න..මගඅරින්න එපා අලුත් යාලුවො ටිකක් සහ අත්දැකීම් ටිකක් හොයාගන්න තියන අවස්තාව

ප/ලි:- ඦායාරූප ලබාදීම පිලිබදව අටවන ඛන්ඩයේ තිලින රත්නසේකර සොයුරාට ස්තූතිය!

Saturday, June 11, 2011

එස් බී මාමා අපට දුන් අපේ නායකත්ව පුහුනුව එලය!!

පසු ගිය මාසයෙ මැද හරියේදි සිත කලඹන සුලු ආරන්චියක් අපට ලැබුනි,
ඒ එස් බී මාමා(:P :P) අපට හමුදා පුහුනුවක් දෙන්නට යන වගයි(තනියෙන්ද මන්දා ලොල් ලොල්)
පසුව නායකත්ව හා ධනාත්මක චින්තන වර්දන වැඩසටහනක් බවට වෙනස් වූ මෙය තිබෙන තැනනම් වෙනස් කලේ නැත(හමුදා කදවුරු,පොලිස් අභ්‍යාස විද්‍යාල)....

වැඩේ පසුගිය මස 22 පටන් ගත්තේය,22 10.30 වන විට මම මට නියමිත වූ කදවුරට රිංගුවෙමි :P
කොහොම වෙතත් 22 හවස් ජාමය වන විට නියමිත පිරිසට තිස් ගනනක් අඩුවෙන් කට්ටිය කදවුරට රිංගා තිබුනි..
හවස හයට පමන අපව උස අනුව පොලිම් කරවා එකේ සිට නවයට ගනින්නට කියා ඛන්ඩ නවයකට බෙදුවේය..

එලම වැඩේ ඌයෙ ඛන්ඩ වල ගෑනු ලමයි සිටිමය..

ඊට පසුව කදවුර අවට ගොඩ නැගිලි,අප හැසිරිය යුතු ආකාරය ගැන මූලික උපදෙස් ලබා දී...ඇදන්(ගැහැනු පිරිමි වෙන වෙනම හොදෙ!!...ගැනු ලමයින්ගෙ නේවාසිකාගාර ටකරම් තාප්පයක් ගසා අපට ඇතුලු විය නොහැකි පරිදි වසා තිබිනි අනේ :(),මදුරු දැල් ආදිය බෙදා දුන්නෝය(එහෙ පොල් සයිස් මදුරුවෝ ඇත.උන් අපේ ගෙවල් ලඟ ඇති උන් මෙන් අඩු තරමේ පස් ගුනයක්වත් ලොකුය!!)

කාල සටහනට අනුව අප 5.45 වන විට ශාරීරික අභ්‍යාස වලට ඛන්ඩ වශයෙන් පෝලිම් විය යුතුය..(අපිනම් උනා ඕං) 6ට ජාතික ගිය කියා රවුමක්(කිලො මිටර කිහිපයක) දිවිය යුතුය...(අපිනම් වැඩිපුර කොලෙ ඇවිදපු එක තමා..ආයිශ් අප්පා කොහොමද අර මල් එහෙම පිපිලා තිබුනු ෆිල්ම් ලොකේශන්ස් වගේ එවගෙ උදේ පාන්දර ගැනු ලමයිත් එක්ක "ඇවිදිනකොට" :P :P)
නැවත පැමින "වෝම් ඩවුන් ව්‍යායාම" සහ "මාංශ පේශී ඇදීමේ" ව්‍යායාම කර 7ට කැමට යා යුතුය(කැමනම් සුපිරිය!!...ගෙදරදීවත් ජීවිතේට එසේ කැම දෙන්නෙ නැත..එලේ එලය.....:D :D)...
බුෆේ ක්‍රමයට කෑම තබා ඇති අතර..බෙදාගන කෑ යුතුය....

ඉන් පසු ඩ්‍රිල්ය...සාමන්‍ය ඝන සරඹ මෙහිදි පුහුනු කලේය(පහසුවෙන්,සීරුවෙන්,සිත්සේ සිටීම්..ගමනේ යාම්.....ඊ.ටී.සී..)...තවත් දෙයකි..කැමත්තක් නැතිනම් ශාරීරික අභ්‍යාස සහ ඩ්‍රිල් වලට සහභාගි නොවී සිටිය හැක...
ඊට පසු දෙශනය...අපි මේවාගේනම් කොලේ දොයියා ගන්නා එකමය...දේශන නීතිය,නායකත්වය,ගැටුම් කලමනාකරනය...බ්ලා බ්ලා ඔස්සෙ ප්‍රායෝගික සහ න්‍යායාත්මක ලෙස පැතිරි තිබුනි(අප දොයියා ගත්තෙ න්‍යායාතමක ඒවාගෙය...ප්‍රායෝගික එවා මරේ මරුය..අපේ උපදේශකයින්ට රඟපැමට උපන් හැකියාවක් ඇත!!)
1.30ට දහවල් ආහාරය වන අතර ඊට පසු 4.30 වන තුරු නැවත ලෙක්චර්ස්ය!!.. :ZZZZZ
4.30 සිට සන්ද්‍යා ක්‍රීඩාය..
කලින් මෙලො ක්‍රිඩාවක් කර නැති මම බැඩ්මින්ටන්,ටේබල් ටෙනිස්.......කොර ජිම් එකටද ගියෙමි ලොල් ලොල්
6ට මෙය ඉවරය...8.30 රාත්‍රි ආහාරය වන තෙක් විවාද,චිත්‍රපටි දරශන හො අයිස් ගැසීම සදහා කාලයයි...

අපගේ කැම කාල සටහන මෙසේය!!
අලුයම 5            -උදැසන තේ(කිරි සමග හො නොමැතිව :P)
උදැසන 7          -උදැසන ආහාරය(මස් හෝ මාලු,පරිප්පු,පාන්)
උදැසන 10.30   -තේ(කිරි සමග හො නොමැතිව)
උදැසන 11.30   -කොඩියල් :P
දහවල්   1.30    -දහවල් ආහාරය(මස් හෝ මාලු එලවලු 2ක් හෝ 3ක් බත්)
හවස 4.30        -තේ(කිරි සමග හො නොමැතිව)
රාත්‍රී   8.30        -රාත්‍රී ආහාරය(එලවලු 2ක් හො 3ක්...බිත්තර හෝ හාල මැස්සන් :P)
රාත්‍රී   10.00      -තේ(කිරි සමග හො නොමැතිව) හෝ කොත්තමල්ලි :P

කවුරුවත් කියනවා එහෙම නෙවෙයි අපි කාලා බීලා විතරයි කියල ඕං!!
ඊට පස්සෙ 10.15 නිදා ගන්න කියලා කිව්ව අපි ඒක කියලා 11 කරගත්තා.....
පස්සෙ දාන්නම් තවත් තොරතුරු.. :P :P

Saturday, May 21, 2011

හෙට මම යා යුතුය!!

කොහොම කොහොම හරි අපෙ නායකත්ව පුහුනුව බාදක දුවලා අදිකරනයෙන් දාපු උදලු උඩින් පැනලා,
අනිද්දා(23) පටන් ගන්නවා..අපි හෙට(22) කදවුරු වලට වාරතා කරන්න ඕනි..
අපේ දුර පලාත වල කදවුරු වලට දාලා තියන යාලුවො අදම පිටත් වෙලා..
අපිනම් හෙට උදේ ගියාම ඇති....

මම ජුනි 16 පටන් ගනී කියලා තියන දෙවනි අදියරට යන්න ඉන්න යාලුවොන්ට  වැදගත් වෙයි කියලා,
මේ සදහා අපේ මිලදී ගැනිමෙ චාරිකාව ගැන ටිකක් කියන්නම්,

තව එකක් කියන්න ඕනි..හැම මගුලටම හිනාවෙන මට ඊයෙ සහ අද දවස් දෙක ලොලේ ලොල් දවස් දෙකක් උනා,

ඔන්න ඊයෙ උදේ වගෙ තමා ඔය කියන චාරිකාව පටන් ගත්තෙ,
ගිය ගමන් කොරන්න උනෙ කොන්ඩෙ කපන එක :P
මම කොන්ඩෙ පීරන්නෙ නැති හන්දා අම්මා තරයේම ප්‍රකාශ කලා කොන්ඩෙ කපන්නම ඕනි කියලා,
මම ඉතින් ගිහින් වාඩි වෙලා බාබර් අයියාට කිව්වා "අල්ලලා දාපන් බන් අඩුම එකෙන්ම" කියලා,
කොහොම හරි මූ මගෙ තට්ටෙ ගාන්නෙ නැතුව ඉතුරු කරලා තිබුනා :P :P

ලොල්

ඊ ලගට පෝටෝ අල්ලන්න උනා ඇයි පාස් පෝට් සයිස් පොටො 3ක් ඉල්ලලා තිබුනානෙ,
පොටෝ ගන්න තැනට හෙනට වැඩ..අපි යනකොටත් එතන 10ක් විටර පෝලිමේ..අපේ වයසෙ උන්!!
කොහොම හරි පොටො අල්ලන තැන හිටපු ලස්සන අක්කා කිව්වා දවස් තුනකින් ගන්නවානම් 190/=
දැන්ම ගන්නවානම් 295/= කියලා
දවස් තුනකින් මදි හන්දා දැන් ගන්න සේවයෙන් පොටෝ ගහනකොට පොටො ගත්තු අයියා කිව්වා "මල්ලි බන් මේකෙ බැටරි පැයක්වත් තියෙන්නෙ නැ බහිනවා" කියලා
මම ඇහුවා "මක්කැයි අය්යෙ අවුලක් ද?" කියලා
ඒ පාර ඌ කියපි "නෑ මල්ලි අද ආවනෙ 500ක් විතර පොටො ගන්න,ඔච්චර කැම්පස්වත් ගන්නවද?" කියලා...

ලොල්

ඊට පස්සෙ අපි ගියා භාන්ඩ ලැයිස්තුව ගන්න :P :P
ඔන්න කඩෙකට ගිහින් ගන්නනවා බඩු,
නිල් ශෝට් දෙකයි----------350‍‍‍‍‍‍x2 (යකෝ 15 වෙනිදා 150/= තිබුනු එක!!)
ට්‍රැක් බොටම් එකායි--------560/= (මේකෙනම් කලින් ගාන නොදනී..දැන් ගාන 200% වී ඇති බව අනුමාන කරමු!)
ටී ශර්ට් 2 දෙකායි-----------250‍x2(15 වෙනිදා 150/=)
තව තව පොඩි අයිටම්-------500/=(ලොල් නොඅසනු මොනවාද!!)
හරි එතන-------------------2260/=

අතෙ මුදල් සතේට හිදුන හන්දා ආයි ආවා....
ඉතුරු ටික ගන්න අද :P :P

ඊට කලින් තව එකක්..
අර කලු සපත්තු ජෝඩුව හොයන්න මාර මහන්සියක් උනේ...
මම ගිවිසුමක් ගහලා ඉන්නෙ සපත්තු දාන්නෙ නෑ මීට පස්සෙ කියලා ලොල්
ඒක හන්දා මටම කියලා සපත්තු අරන් වැඩක් නෑ.. :P :P
ඔන්න හොයනවා,
තාත්තගෙ යලුවෙක් කකුලෙ තිබුනු එක ගලොලා දිලා තිබුනා ඒක මදි,
ඔන්න තව එක්කෙනෙක් එයා වෙඩින් වලට විතරක් දාන්න ගත්තු අවුරුදු ගානකින් වෙඩින් එකකට නගියපු සපත්තු දෙකක් දුන්නා ඒ දෙකත් මදි(කොහෙද මගෙ අලි කකුලක්නෙව!! )
ඔන්න යන්තම් තුන් වෙනියට අලි කකුලක් තිබිලා ගානට මට සෙට් උනා..
ඒ මාමා මට පොලිශ් එකකුත් එවලා තිබුනා :P :P

ඊට පස්සෙ ඔන්න අද උදේ බඩු ලැයිස්තුවෙ ඉතුරු ටික!!
උදේ පාන්දර 11ට විතර අම්මා මාවත් ඇදගන ගියා ටවුන්!!
යනකොටම ඇදගන වැටුනා වැස්සක් :P :P

වැස්සෙ තෙමීගනම ගොඩ උනෙ උකස් ගන්න ආයතනයකට..
අම්මා මොනවද උගස් තියලා කීයකද මන්දා ගත්තා..
මට ඒක ගැන අයිඩියාවක් තිබුනෙ නැ..
වැස්සට තෙමිලා අර ඒ.සී. කරපු උකස් බඩු කඩේට ගොඩ් උනාම ආවේ වාශ්ප වෙනවා වගේ හැඟීමක් හන්දා :P :P

නැවතත් චාරිකාවෙ,
දැන් ගොයනවා කැන්වස් සපත්තු..මම ඉස්කෝලෙ යන කාලෙ කැන්වස් වලට කැමැත්තක් නෑ..
ඒක හන්දා ගන්න උනා..
ඒකට--------------------------885/=
මේස් සහ අනිත් මගුල් වලට----200/=
එතන--------------------------1085/=

දැන් හොයපන් සුදු බෙඩ් ශීට්...
අපේ ගෙවල් වලට සුදු බෙඩ් ශීට් ගන්නෙ නැනෙව.අපි රටේ තියන මල හත්ජාරාව ගානකොට පේන්නෙ නැති පාට වල ඒවානෙ ගෙවල් වල තියෙන්නෙ

ඒවාත් ගන්න වෙනවා
ඔන්න ගියා ගන්න මෙලෝ චාරයක් නැති රෙදි වගයක් තියනවා එක තැනක එකක් 500++ වගේ ගානක් කිව්වා..
ඒවා චා හන්දා ගත්තෙ නැ..:P :P :P
කොට්න් රෙදි මීටර් 4ක් ගත්තා බෙඩ් ශීට් වෙනුවට.අන්න අරෙහෙ අම්මා මහනවා!!

ඒවාට-----------------------------------------275‍x4
පිඟන් කෝප්ප සහ අනිත් ලට පට වලට-------300/=(විතර)
එතන-----------------------------------------1400/=
හරි දැන් වැඩි හරිය ඉවරනෙ....

ටෝටල් බලමු!!
----------------------------------4745/=
තව මතක නැති උන ඒවා සමග ---5000/=ම දාමු!!
අර මාලන්ගෙ ගානට ටිකක් අඩුයි
ඔය යන එන මං ගාස්තු එහෙම නැතුව ආ,,ඒවා ගිහින් ඇවිත්!! :P :P

හික් අපෙ පවුල සති කීපයක් කන සල්ලි :P :P

මාලන් කිව්වා වගේ අඩු තරමෙ දුප්පත් අයට හොයලා බලලා ඔය ටික රජයෙන් සැපයුවානම්!!
(හෙ හෙ මටනම් ඕනි නැ..තාතතා ඉන්නවානෙ දෙයියනෙ කියලා :D)

ඔන්න ඔය ටික ඔක්කොම දාන්න පුලුවන් ට්‍රැවලිං බැගක් තාත්තා කාගෙන් හරි ඉල්ලගන ඇවිත් තිබුනා(උස්සගන යන එක තමා අවුල :P :P)

දැන් වැඩේ ඔක්කොම සෙට්...මම හෙට උදේම(4ට විතර :P :P) කොලඹ් බදුල්ල බසයක නැගී හෝ යාලුවාගේ කාරයෙ නැගි බ්ලොග් අවකාශයෙන් සහ බස් වලින් සති 3කට සමු ගන්නවා..(බුකියටනම් පෝං එකෙන් ආවැකිනෙ ලොල් :P :P)

මගේ බ්ලොගෙ පැත්තෙ එන්න ආ.......

ආ තව එකක් දේශපාලන කොමෙන්ට් දාන මහත්තුරුන්ට කියන්නෙ
ඒවා දාන්න වෙන බ්ලොගෙක,මේකෙ එපා!!!!
මොකද මේවා දෙශපාලන පක්ශ වලම වැරදි නෙවෙයි පද්දතියේම වැරදි..ඒ කියන්නෙ අපෙත් එක්ක!!!

ටටා මට ශෙඩියුල්ඩ් පෝස්ට් කිහිපයක් දාන්න අයිඩියා..බලමු :P :P

ප/ලි--එකක් මතක නැති උනානෙ!!
දෙවනි අදියරට සිටින උන් සැලකිය යුතු කරුනු
1)තමන් හරි උගස් තියා ඔය මුදල හොයා ගනු!!
2)කැන්වස් සපත්තු 23 පහු වෙච්චි ගමන් අරන් තියා ගනු!!
3)පොටො අල්ලන්න 16 වෙන තුරු නොසිට හෙට අනිද්දාම අල්ලා දවස් තුනකින් ගනු!!
4)ශෝට්,බොටම් ආදිය 23න් පසු මිල බසිනු ඇත (50%පමන) එවිට අරන් තියාගනු!!
5)එපමනකි......යාලුවා මේකෙ සහ ඔබ 16න් පටන් ගන්නා එකෙනම් ඔටෝ ගොඩ ගිය හැක..මට හෝ මගේ යාලුවන්ට එවැනි පිනක් නැත!!
තවත් එකකි කල දුටු කල වල ඉහ ගන්නා කඩ කාරයින්ට පොල් ගසනු!! ලඟම දේවාලයට ගොස්!!

Tuesday, April 26, 2011

අලුත්ම ස්පැම් විදියද??

දවස් කීපයකට කලින් ආරන්චි උනා ලොකයේ හුවමාරු වන ස්පැම් ප්‍රතිශතය 75% කින් ඒ කියන්නෙ 3/4 කින් අඩු උනා කියල හදිස්සියෙම.ලෝකෙ තියන බොට් නෙට් වලින් වැඩි ප්‍රමානයක් ක්‍රියාකරි බවිනුත් අඩුවෙලා කියල..ඒත් ලෝකෙ තොරතුරු තාක්ශන පිලිබද ලොකු ලොකු අය ඔක්කොම වගේ එකඟ වෙච්චි දෙයක් තමා,ආයිත් ස්පැමිං අලුත් විදියකට පටන් ගනී කියන එක.

මට ඒ කතාව ඇත්ත කියල හිතුනෙ මම සම්බන්ද වෙලා ඉන්න පොඩි ෆොරම් ස්යිට් එකක(ලංකාවෙ) දවස් 2ක් වගෙ ඇතුලත ස්පැම් පෝස්ට් සාපේක්ශව ටිකක් වැඩි ප්‍රමානයක් දැක්කට පස්සෙයි..ඒ කියන්නෙ අලුත්ම ස්පැමිං ක්‍රමය ෆෝරම් භාවිතා කිරිමද??..

ෆෝරම් වල ස්පැම් කිරිම පරන මාතෘකාවක් නොව්නත් මේ තරම් වැඩි වෙලා තියනව දැක්කෙ පලමු වතාවට!