Showing posts with label බස්. Show all posts
Showing posts with label බස්. Show all posts

Sunday, May 8, 2011

ගුගල් බස් පැදිමට කැමති සියලුම අලුත් අයටයි..(මම වගෙ!!)

මමනම් ඉතින් බ්ලොග් අවකශෙට ආවෙත් ලඟදිනෙ...
බස් පදින්න ගියෙනම් මෙහෙමයි...

කට්ටිය ඔය බ්ලොග් කොමෙන්ට් වල බස් බස් ගගා හිටියට මට මෙලො දෙයක් තෙරුනෙ නැ...
මම මුලින්ම හිතුවෙ මේ කියන්නෙ බ්ලොගර් ඩැශ්බෝඩ් එකෙ තියල බ්ලොගර් බස් කියල..
එකෙ තියෙන්නෙ බ්ලොගර් එකෙන් කරන වැඩ ගැන විස්තරනෙ..ඒකෙ පදින්න තරම් දෙයක් නැනෙ..

දැන් මක් කරන්නද...මම වැඩෙ අල්ලලා දාලා නිකන් හිටියා.

පස්සෙ තමයි දැක්කෙ ජී-මෙල් එකෙ තියන බස් එක(Buzz) මේක පෙන්නනම් ජී-මේල් එකට ලොග් වෙලා  standard view එකෙන් ඉන්න ඕන එතකොට ලස්සනට  මෙන්න මේ වගෙ පේනවා,
ටැබ් එක උඩ කොටලා ඒකට යන්න..
ඊට පස්සෙ ඒකෙ තියන එකම ටෙක්ස්ට් බොක්ස් එක උඩ(මීට කලින් බස් පැදලා නැත්නම්) කොටන්න..කොටපුවාම අහනව ගූහල් බස් ප්‍රොෆයිල් එක හදන්නද කියල..ඒ එන සංවාද කොටුවෙ(Dialog box) අහලා තියන තොරතුරු දීලා ප්‍රොෆයිල් එක හදාගන්න..

දැන් වැඩේ හරි.. :) :)

:P :P කොහෙ හරියන්නද පස්සෙන් යන්න කට්ටිය(Followers) නැත්නම්.මෙලෝ තෙරුමක් නැනෙ..අපි දාන බස් එකකට නගින්නවත්.අපිට වෙන කාගෙ හරි බස් එකකකට නගින්නවත් පුලුවන් වෙන්න අපි පස්සෙන් යන කට්ටිය හරි..අපේ පස්සෙන් එන කට්ටිය හරි ඉන්න ඕනි

ඒකට කරන්න තියෙන්නෙ දැන් යන අපේ කට්ටියගෙ බස් එකට(කොටන්න්න) නැගලා එතන ඉන්න අයගෙ පස්සෙන්(නම උඩ කොටලා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගිහින් "Follow" කියන එකට කොටන්න) යන්න..

ඊට පස්සෙ ඒ කෙනෙක් පස්සෙන් යල ලිස්ට් එක ලෝඩ් කරගන්න (‍‍‍xxx has 123 followers කියන තැන හරි ‍‍‍xxx is following 200 කියන තැනක කොටලා) එතන ඉන්න අයගෙන් කැමති අයගෙ පස්සෙන් යන්න(Follow මම නම් කලෙ එක් කෙනෙකගෙ ලිස්ට් එක ලෝඩ් කරගන යුනිකෝඩ් වලින් නම් දාලතියන ඔක්කොම පස්සෙන් ගියා :P :P)

දැන් නම් වැඩෙ ටිකක් හරි..අර පස්සෙන් ගිය අය සමහර වෙලාවට ඔයාගෙ පස්සෙනුත් එයි ඔයාලාට උදව්වක් විදියට..දැන් යන බස් එකට නැගල කොමෙන්ට් එකක් එහෙම දැම්මාට පස්සෙ තව කට්ටිය ඔයගෙ පස්සෙන් එයි..උදව්වක් විදියට ඔයාලත් එයාලගෙ පස්සෙන් යන්න අමතක කරන්න එපා.!!!

ප/ලි-මෙහෙම පන්ඩිත කම් කියෙව්වෙ කිප දෙනෙක් මගෙන් බස් පදින්නෙ කොහොමදැයි අසා සිටි බැවින් හා,
මම මේ ඊයෙ බස් පැදීමට සෙට් ඌවෙකු මිසක බස් පැදීම පිලිබද විශාරදයෙකු නොවන බවත්,කිසියම් වරදක් ඇත්නම් කරුනාවෙන් පෙන්වා දෙන ලෙසත්,බස් පැද ඔබගෙ කාලය නාස්ති ඌවාට මගේ වගකිමක් නැති බවත්(අතිශයින්ම ඇබ්බැහි කාරක වන බැවින්!!) පෝසටය කියවා අහවර වී ඔලුවට ගනු මැනවි!!! :P :P