Showing posts with label මගෙ ලියුම්. Show all posts
Showing posts with label මගෙ ලියුම්. Show all posts
Monday, January 28, 2013
ආයිමත් එනවා නේද මට එලවන්න?.............
"Close The Terminal session?"
තීරන පිරුනු ජීවිතේට තවත් එක් ප්රශ්නයක් එල්ල උනා,
තීරන අරගන හෙම්බත් වෙලා හිටපු මට ජීවිතේ තවත් එක ප්රශ්නයක් එල්ල කලා.
නෑ නෑ,ජීවිතේ නෙවෙයි මගෙ ඉස්සරහ තිබුනු කොම්පියුටරේ.
ඒ තීරනේ ගන්න එක මොහොතකට නතර කරලා මම වටපිට බැලුවෙ ඒකාකාරී ජීවිතේ රටාව බිඳින්න දෙයක් හොයාගන්න,
සිකුරාදාවක් වෙච්චි එදා පරිගණක ඒකකයෙ පාලුව බිඳින්න හිටියෙ මම වගේම තවත් කොම්පියුටරේට මූන ඔබාගත්තු හතර දෙනෙක්ම විතරයි,
හැමෝම තම තමංගෙ වැඩ,
එකෙක් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා ඇති,සමහර දවස් වලට මම වගේ,
තව එකෙක් සබ්මිට් කරන්න පරක්කු උනු ප්රැක්ටිකල් එකක් කරනවා ඇති,
මම නම් කලේ හිත කියන දේ,
මොකක් කර කර හිටියද මන්දා,
කොහොම හරි,හිත කියන දේ,
මහ පාලුවේ ඒකාකරි බව බිදින්න කියලා මම කියපු දේ ඇහිලද කොහෙද,
කවුදෝ මන්දා දොරක් ඇරියා,
කල්පනා ලෝකෙක හිටපු මම ගැස්සිලා ඒ පැත්ත බැලුවා,
මම දැක්කෙ,
මෙහෙදි කලාතුරකින් දකින්න පුලුවන් හිනාවෙන් පිරුනු මූනක්,
දැකලා පුරුදු එකක්,
සියවෙනි වතාවට දකිනවා උනත් මට තවම මතකයි ඇයව පලවෙනි වතාවට දැකපු දවස,
මම හිටියෙ පරිගනක ඒකකයට යන කොරිඩෝවෙ,
ඒ වෙලාවෙ පොඩි වැස්සක් තිබුනා,
ලඟ පාත කවුරුත් හිටියෙ නැති හන්දා මම හිටියෙ වහලෙන් වැටෙන වතුර පාරවල් වලට අහුවෙන්න අත පද්ද පද්ද මගේම හීන ලෝකෙක,
ඒ වෙලාවෙ තමා එයා කොරිඩෝවෙ එහා කොනෙන් මතු උනේ,
මම එයාව දැකපු ගමන් කර කර හිටපු විකාර වැඩ නැවැත්තුවා,
ඒත් එයා ඇති තරම් දැක්කා,
මගෙ ලඟින් යන ගමන් ලොකු හිනාවක් දැම්මා,
මට ආපහු හිනා වෙන්න මතක් උනෙ ටික වෙලාවකට පස්සෙ,
මොකද මම මෙහෙදි හිනාවෙන මූනක් දැක්කමයි.
එයාගෙ පලවෙනි හිනාවම මගේ හීන ලෝකෙට එලියක් දුන්නා,
මගේ හීනවල,එයා හිටියා.
එක එක විදි වලට,
කවදාවත් හැබෑ නොවෙන විදි වලට.
එයා ආපහු හිනා වෙනවා,
මම හැරිලා බැලුවා මගෙ පිටි පස්සෙ කෙනෙක් එක්කද කියලා,
කවුරුත් හිටියෙ නෑ මගෙ පිටිපස්සෙන්,
මමත් හිනා උනා,
ඇඟෙන් කෑල්ලක් යනවයෑ,
එයා මගෙ ලඟට ඇවිත් එහා පැත්තෙ පුටුවෙන් වාඩි උනා,
හීන දකින්න ඇති මම දහස් පාරක්,
මේක වෙයි කියලා,
ඒත් කවුද හිතුවෙ ඇත්ත වෙයි කියලා!
"මල්ලි හැමදාම මෙහෙ එනවා නේද?",
මම හිතුවෙම නෑ කතාකරාවි කියලා,
"නෑ...මේ....ඔවු..නෑ..නෑ...ඔව්",මට වචන පැටලුනා.
"මොකෝ මල්ලි බය වෙලා?.මම ආවෙ එලවන්න නෙවෙයි" ආයිමත් අර හිනාව.
"ඔවු ඉතින්,ඉදලා හිටලා එනවා",ඒ පාරනම් ටිකක් හරි ගියා.
"ඉඳලා හිටලා?.හොඳ ඉඳලා හිටලා.පහුගිය සතියෙම උදේ ඉඳලා හවස් වෙනකම් මේකෙ නේද?"එයා හිනා වෙවී අහනවා.
මම හිනා උනා,
"මොකද හිනා වෙන්නෙ?.නීවාඩු දෙන්නෙ ගෙදර යන්න.මේක ඇතුලට වෙලා ඉන්න නෙවෙයි.",
"එහෙනම් මම යන්නද?" මම හෙමිහිට ඇහුවා.
"අපෝ පිස්සා,ඔච්චර බය වෙන්න එපා.මම කිව්වනේ එලවන්න නෙවෙයි ආවෙ කියලා" ආයිමත් අර හිනාව..
"එහෙනම් යන්න කිව්වෙ?"
"විහිලුවටනෙ ලමයෝ,හැමදාම උනත් එන්න.මගේ අකමැත්තක් නෑ",හීනයක දෙබස් ඒ වගේම.
මම හෙමිහිට ෆෝන් එක අතට අරන් වෙලාව බැලුවා,
වහන වෙලාවමයි,
"මොකද වෙලාව බලන්නෙ?යන්න ඕනිද?" තවත් ප්රශ්නයක්.
"දැන් වහනවා නේද?,වහන්නෙ නැත්නම් යන්නෙ නැතුව ඉන්නම්" මම කිව්වා.
එයාට ලොකු හිනාවක් ගියා.
"අපෝ දැන් වහන්න ඕනි.ඔයාට ගෙවල් නැති උනාට අපිට යන්න ගෙවල් තියනවා",
"එහනම් මම යන්නද?" ආයිමත් මම ඇහුවා,
මට හිතුනෙ "ඉතින් යන්න,මට මොකද" කියයි කියලා,
ඒත්,
"එහෙනම් යන්න,ආයිමත් එනවා නේද මට එලවන්න?"...................................................................................................
Sunday, June 10, 2012
දින පොතක පිටු ටිකක්.....................
xx/xx/2011:
ඊයෙ සිරීපාදේ ගියා,අවාරෙට.අපිත් එක්ක ගොඩක් අය ගියා.හුඟාක් හිටියෙ පොඩි මල්ලිලා නංගිලා.තාමත් අපිට බයයිද කොහෙද.පවු..
xx/xx/2011:
අද මේ ලඟ තියන ඇල්ලක් බලන්න ගියා.වැඩිය කට්ටිය හිටියෙ නෑ.අපේ අය ටිකකුයි පොඩි නංගිලා මල්ලිලා ටිකකුයි හිටියෙ.හැමෝම තෙමුනා,ඇඳුම් පිටින්ම.අපේ අය වැඩිය තෙමුනෙ නැති හන්දා මම පැත්තකට වෙලා ඉන්නකොට,පොඩි මල්ලි කෙනෙක් මට කතා කලා තෙමෙන්න එන්න කියලා.මම ගියාට පස්සෙ අපේ අනිත් අයත් ආවා.නියමයි.එන්න ලෑස්ති වෙද්දි අර මල්ලි මගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තා.
xx/xx/2011:
අර මල්ලි මැසේජ් එකක් එවලා තිබුනා.මීටිමට එනවද අහලා.මිටිමටත් ගියා.දිගටම යන්න ඕනි.
xx/xx/2011:
මල්ලියි මමයි හුඟක් කතාකරනව වගේ.එයා දැන් මගේ ගැන හුඟක් දේවල් දන්නවා.වෙනස් විදියට හිතන ලමයෙක්.කාලයක් හිතට මදි වෙලා තිබුනු දෙයක් ලැබුනා වගෙ.
xx/xx/2011:
ඊයෙයි පෙරේදයි ලොකු ගමනක්,දවස් 2ක.ගමන පටන් ගන්න කොටත් මම මහන්සි වෙලා හිටියෙ.හොල්මන් කථා අහල බයත් වෙලා.එ මදිවට අර පිස්ස කෝච්චියෙ වීදුරුවකින් ඔලුව දාලා මාව බය කලා.තාම ශොක් වගේ.මරු වැඩක් උනා.එයා මගෙ ගාව දවස් දෙකම වගේ හිටියෙ.ඒ මදිවට තව පරන අයියා කෙනෙක් මගෙ පස්සෙන් වැටිලා.බලන්න තිබුනෙ මල්ලිගෙ මූනෙ පෙනුම.මට හිත යටින් හිනා.පිස්සා.
xx/xx/2011:
අපෝ රෑට හීනෙන් හොල්මන් පේනවා.නිදාගන්න බෑ.අර පිස්සා කියනවා ඕවා ගැන හිතන් නැතුව නිදා ගන්නලු.එයා කියයි.
xx/xx/2011:
ඊයෙ රෑ බන අහන්න ගියා.යන්තම් හොල්මන් පේන්නෙ නැතුව නිදාගත්තා.ඒක ඉවරයි.මල්ලි කියනවා එයා ඕවා විස්වාස කරන් නෑලු.මට මොකද.
xx/xx/2012:
ව්භාගෙ ලඟයි.පිස්සත් එක්ක පිස්සු කර කර ඉන්න ආසයි.ඒත් මේක ඉවර කරල යන්නත් ඕනිනෙ.මැසේජ් එවන්න එපා කියලා කියලා බැරි තැන මම හොදටම බැන්නා.කියන දේ අහන්න කියලා.දුක හිතෙන්න ඇති.බැනලා ඉවර වෙනකොට මගේ ඇස් වලත් කඳුලු.මට මොනවා වෙලාද මන්දා.
xx/xx/2012:
මල්ලි තාමත් මැසේජ් එවනවා.මම රිප්ලයි කලේ නෑ.පවු පොඩි එකා.යාලුවො කියනවා මම එයාට කිට්ටු වෙලා වැඩීලු."ඕවා හරියෙන්නෙ නෑ"ලු.මම ඇහුවා ඕවා මොනාද කියලා.එතකොට කියනවා මම එයාට වඩා අවුරුදු කීයක් වැඩිමල්ද කියලවත් හිතලා බලන්නලු.යාලුවොන්ට පිස්සු.
xx/xx/2012:
ව්භාගෙ ඉවරයි.යාලුවො කියපු එක හරි වගෙ.මමයි මල්ලියි යාලුවොන්ට වඩා කිට්ටු වෙලා.මම ඇස් දෙකේ කඳුලු පුරෝගන එයාට කිව්වා මට ආයිත් මැසේජ් කරන්න එපා කියලා.එයාගෙම හොදට.එයාට මගෙත් එක්ක අනාගතයක් නෑ.පිස්සා ආයිත් මැසේජ් එකක් එවලා තිබුනා.එයා හිතුවෙ නැහැල්ලු මම කවදාවත් මෙහෙම කියයි කියලා.ආයිත් මට කරදර කරන්නෙ නෑලු.පව්.
xx/xx/2012:
අද එයාව ආයිමත් දැක්කා.කෙලින් මගෙ දිහා බැලුවෙවත් නෑ.මට කථා කරන්න හිතුනෙ එක පාරක් නෙවෙයි.අන්තිමට ඉවසගන්න බැරුව වොශ් රූම් එකට ගිහින් ටිකක් ඇඬුවා.එයා හිතාගන ඉන්නෙ වැරැද්ද එයාගෙ කියලද කොහෙද.වැරැද්ද අපි දෙන්නගෙම නෙවෙයි.කාගෙද කියලා මට හිතාගන්න බෑ.අපි හිතන විදියෙද කොහෙද.
(මා බොහෝ ඇලුම් කල තැනැත්තියකගෙ දින පොත මෙසේ වන්නට ඇතැයි කරන ලද උපකල්පනයක් පමනක් වන අතර,ඇයට දින පොතක් ඇතැයිද යන්නවත් මා නොදන්නා අතර ඇයට මෙසේ හැගුනු බවත් මා නොදන්නෙමි.කෙසෙ නමුත් මගේ පරිකල්පනය තුල "ඈ" ගේ දින පොතින් කොටසකි ඉහත දැක්වෙන්නෙ.)
Sunday, December 18, 2011
ෆැන්ටසිය මතින් ඉහිරුනු සත්යයෙන් බිඳක්.......................
ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....................
උදේ පාන්දරම කෝල් එකක්..
"අනේ ___ගෙ ___ නැති වෙලා"..
මලා දැන් පංලයංකෝ ඒකටත්..
නිදිමතේම ගිහිං දත් බුරුසුව කටේ ගහගන්න ගමං මම අම්මට කිව්වා "අම්මේ යලුවෙක්ගෙ ___ කෙනෙක් නැති වෙලා ඒකටත් යන්නත් වෙනවා"..
"එතකොට අර තව දානෙකටත් යනවා කිව්වා නේද?".
"ඔව් ඒකටත් යන්න ඕනි".
"දැන් ඕවා කොහෙද තියෙන්නෙ?".
"එකක් _____ අනික ____".
"අප්පා දෙපැත්තකනෙ,දවසම යයි.දැන් පර්ස් එකේ සල්ලි කීයක් තියනවද?".
"රුපියල් හැටයි".
ඇත්තටම හැටයි තිබුනෙ,ඊයෙ එක එක වැඩවලට,කැම්පස් එකේන් එද්දි පර්ස් එකේ ඉතුරු වෙච්චි රුපියල් 500ම ඉවරයි.
"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........'අම්මා හූල්ලනවා.
අම්මා ගාවත් සල්ලි නැතුව ඇති.එයා ගාව තිබුනු අන්තිම රුපියල් 2000ත් මාරු කරලා මම ඉල්ලපු 100යෙ කාඩුයි අරවයි මේවයි ගත්තනෙ,මම ඉරිදා ආයි යනකොට දෙන්නත් කීයක් හරි ඉතුරු කරගන්න ඕනිනෙ.
මුන හෝදගන එනකොට අම්මා නංගිවත් අරන් පන්ති ගිහින්,
මගේ පර්ස් එකට රුපියල් 200කුත් දාලා,යන්තම් ගමන් දෙකට ගමන් ගාස්තුව විතරක් පිරිමහගන්න ඇති,
අනික දානෙ ගෙදරකත් යන එකේ හොඳට කාලා එන්න පුලුවන්නෙ,වෙන මොන වියදම්ද,
"පන්තියක්වත් කරන්න ඕනි,හැමදාම ගෙදරින් ඉල්ලන්නත් බෑනෙ" හැමදාම හිතුවට,කොහොම පටන්ගන්නද තේරෙන්නෙ නෑ..තාමත් අදහස හිතේ විතරයි...
යන්න තියන ගමන් දෙකම ගියා,
මල ගෙදරින් එන්න හදනකොට,එතන හිටපු එක යාලුවෙක් කියනවා "මචං හෙට උදෙත් ඇවිල්ලා හවස කැම්පස් එකට පලයං,එතකොට අපිට උදෙ යන්න පුලුවං"...
ගෙදර ආපුවම අම්මා කියනවා,
"හෙට හවස් වෙලා කැම්පස් එකට යන්න පුලුවන්ද?.අතේ තියෙන්නෙ රුපියල් පන්සියයි.ඒක සතියක් කන්නවත් මදිනෙ.කාගෙන් හරි ණයක්වත් අරන් කීයක් හරි දෙනකං"................
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
උදේ පාන්දරම කෝල් එකක්..
"අනේ ___ගෙ ___ නැති වෙලා"..
මලා දැන් පංලයංකෝ ඒකටත්..
නිදිමතේම ගිහිං දත් බුරුසුව කටේ ගහගන්න ගමං මම අම්මට කිව්වා "අම්මේ යලුවෙක්ගෙ ___ කෙනෙක් නැති වෙලා ඒකටත් යන්නත් වෙනවා"..
"එතකොට අර තව දානෙකටත් යනවා කිව්වා නේද?".
"ඔව් ඒකටත් යන්න ඕනි".
"දැන් ඕවා කොහෙද තියෙන්නෙ?".
"එකක් _____ අනික ____".
"අප්පා දෙපැත්තකනෙ,දවසම යයි.දැන් පර්ස් එකේ සල්ලි කීයක් තියනවද?".
"රුපියල් හැටයි".
ඇත්තටම හැටයි තිබුනෙ,ඊයෙ එක එක වැඩවලට,කැම්පස් එකේන් එද්දි පර්ස් එකේ ඉතුරු වෙච්චි රුපියල් 500ම ඉවරයි.
"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........'අම්මා හූල්ලනවා.
අම්මා ගාවත් සල්ලි නැතුව ඇති.එයා ගාව තිබුනු අන්තිම රුපියල් 2000ත් මාරු කරලා මම ඉල්ලපු 100යෙ කාඩුයි අරවයි මේවයි ගත්තනෙ,මම ඉරිදා ආයි යනකොට දෙන්නත් කීයක් හරි ඉතුරු කරගන්න ඕනිනෙ.
මුන හෝදගන එනකොට අම්මා නංගිවත් අරන් පන්ති ගිහින්,
මගේ පර්ස් එකට රුපියල් 200කුත් දාලා,යන්තම් ගමන් දෙකට ගමන් ගාස්තුව විතරක් පිරිමහගන්න ඇති,
අනික දානෙ ගෙදරකත් යන එකේ හොඳට කාලා එන්න පුලුවන්නෙ,වෙන මොන වියදම්ද,
"පන්තියක්වත් කරන්න ඕනි,හැමදාම ගෙදරින් ඉල්ලන්නත් බෑනෙ" හැමදාම හිතුවට,කොහොම පටන්ගන්නද තේරෙන්නෙ නෑ..තාමත් අදහස හිතේ විතරයි...
යන්න තියන ගමන් දෙකම ගියා,
මල ගෙදරින් එන්න හදනකොට,එතන හිටපු එක යාලුවෙක් කියනවා "මචං හෙට උදෙත් ඇවිල්ලා හවස කැම්පස් එකට පලයං,එතකොට අපිට උදෙ යන්න පුලුවං"...
ගෙදර ආපුවම අම්මා කියනවා,
"හෙට හවස් වෙලා කැම්පස් එකට යන්න පුලුවන්ද?.අතේ තියෙන්නෙ රුපියල් පන්සියයි.ඒක සතියක් කන්නවත් මදිනෙ.කාගෙන් හරි ණයක්වත් අරන් කීයක් හරි දෙනකං"................
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Saturday, October 22, 2011
යන්තමින් හිනා උන...................
යන්තමින් හිනා උන,
මුකුත් නොකියම උන්න,
ඔබ දුටුව පලමු දින,
ඔබට මතකැති නේද?
කතා නොකලට වැඩිය,
පිටු ගනන් දිග හැරුන,
සොඳුරු පනිවුඩ ගොන්න,
ඔබට මතකැති නේද?
ඈතටම ඔබ යන්න,
හදන මොහොතක මෙන්න,
ඔබ ලඟින් සිටිය මම,
ඔබට මතකැති නේද?
ඇසෙන් එලියට එන්න,
කඳුලු බිඳ, වෙර දරන,
දකින්නට නොහැකි මුත්,
හැඟෙනවා ඇති නේද?
Tuesday, September 27, 2011
පසුව නම් කරමි..............
පොෂ් ගැහැණු,
මහලු මිනිස්සු,
ස්ලිම් කෙල්ලො,
සක්මන් මාවත දිගේ ඇවිදිමින්,හුරු පුරුදු "ඊවිනිං වෝක් එක" ගනිමින් සිටියහ..
පොෂ් ගැහැණු "ශෝ එකට" ද,
මහලු මිනිස්සු "සීනි වැඩි නිසා"ද,
ස්ලිම් කෙල්ලො "ස්ලිම් ගතිය පවත්වා ගැනීමට?"ද,
"ඊවිනිං වෝක් එක"ගනිමින් සිටියද,
අප,
මා සහ මලයා නිදහස් චතුරශ්රයේ අතුරු පිවිසුම් මගෙහි ඇවිදිමින් සිටියේ හුදෙක් රස්තියාදුව සදහාය,
ජාත්යන්තර පොත් ප්රදර්ශනය බලා,පොත් දෙකක් මිලදී ගෙන,අතේ සතේ නැතිව සිටි මා,
"අයියෙ නිදහස් චතුරශ්රෙ තියෙන්නෙ මේ ළඟ,යමුද බලන්න?" මලයා ගේ කීමට එකඟ වූයේ,"ආයි කවදා මේ පැත්තෙ එන්නද.." යන හැඟීමෙන් යුක්තවය.
පොෂ් ගැහනු සහ මහල්ලන් ගැන සැලකිල්ලක් නොදැක්වූ මා සහ මලයා "ස්ලිම් කෙල්ලන්" දෙස බලමින්,අතුරු පිවිසුම් මගෙහි "පුළුවන් තරම් අයිනෙන්" ගමන් කරමින් සිටියේ ඇවිදින්නන්ට ඇවිදගන්නට කියායි.
දෙපය මගෙහි වූවද,දෙනෙත සහ මනස වෙනතක නිසා,යමක් කියමින් මලයා මගේ අතින් ඇදීම මට නොදැනීම එතරම් පුදුමයක් නෙවේ.
මොහොතකින් යමෙකුගේ සිරුරේ මා ගැටුණේ දෙදෙනාවම බිම ඇද දමන තරම් වේගයකින්,
"Bloody idiot,Are you bloind or something?"
නුහුරු විදෙස් බස් හැසුරුමකින් ඇසුණේ,මා නැවත නැගී සිටින්නටත් පෙරයි..
"නොදකිං ලංකාවෙ ගොං කෙල්ලො,ඉංග්රීසියෙං කතාකරනවා මදිවට ඇක්සන්ට් එකත් වෙනස් කරගන",සිතින් බණිමින් නැගීසිටි මා,
මොහොතකට ගොළු වූයේ,ඇය දැකිමෙනුයි,මට "I'm sorry,I'm very sorry..", කීමට මතක් වූයේද යම් කාලයකට පසුවයි..
විදේශීය කෙල්ලක වූ ඈ,බැලූ බැල්මටම යුරෝපා රටකට අයත් වූ බව හදුනාගැනීමට ඕනැම අයෙකුට හැකි විය යුතුයි.
නිමේෂයකින් මගේ මතකය තුළ,නොමැකෙන ලෙසම ඇදෙන්නට ඇගේ රුව සමත් උණා.
ඇගෙන් ගිලිහුණු අයි පොඩය සහ වතුර බෝතලය අහුලා දුන් මා,සිනහවක් පා ඇය පසුකර යන්නට සූදානම් උණා.
"Thanx,Sorry i couldn't mind my language before.think you were checking out them." අප පසුකර යමින්
සිටි "ස්ලිම් කෙල්ලෙකු" පෙන්වමින්,ඇය කියා සිටියෙ සරදම් සහගත මදහසක් මුහුණේ රඳවාගනයි.
ඇයගේ සෘජු භාවය හමුවේ දෙන්නට පිළිතුරක් නොවූ මා,"කඩු සටන්" පිළිබඳවද වැඩි කැමැත්තක් නොවූයෙන් වචන කීපයකින් ඇය හා සංවාදය නිමකර ලිස්සා ගියා.
පියවර කිහිපයක් ඉදිරියට යද්දි, "පට්ට කෑල්ල නේද අයියෙ?" මලයා ඇසූ ප්රශ්නයෙනුයි ඔහු සිටි බව මතක් උණෙ.
ඔහුටද මා සම වයැසියෙකු නොවන බව මතක් වන්නට ඇත්තෙ යම් කිසි කාලයකට පසුව විය යුතුයි.මක් නිසාද ඔහු කිසිවිටෙකත් මා ඉදිරියේ එවන් ප්රකාශ නොකිරීමට සෑම විටම වග බලාගත් නිසා.
මා ඇය දෙස කීපවරක් නැවත හැරී බැලුවත්, ඉක්මනින්ම ඈතට ඇදී ගිය ඈ ටික වේලාවකින් නොපෙනී ගියා.නිදහසේ චතුරශ්රය වටා ඇවිදිමින් හොඳ හැටි එය බලාගත් අප නැවතත් නවාතැනට පැමිණෙද්දි රාත්රි 8ත් ඉක්ම ගොස්.
මෙහි මීළඟ ආරම්භය ලියවෙන්නෙ,මෙයින් සති කීපයකට පසුව විශ්වවිද්යාලය ඇරඹුමත් සමගයි...
මල් සමයක් නොවූ අපට,වැසි සමය අවසානයේ,තවත් අමුත්තන් පිරිසක් විශ්වවිද්යාලය තුළ දැක ගන්නට ලැබුණා,
අධ්යාපන ඇමත්තාගේ "ඇස් රවුං උන්,බෝල උං,කලු උං සුදු උං.." ප්රකාශය සැබෑ කරමින් විදේශික සිසුන් අධ්යන වාරය සදහා පැමිණ සිටියා,
ඔවුන් අතර ඇයද සිටීම,අහඹුවක් වන්නට ඇති,
දුටු සැණින් මා ඇය හදුනාගත්තද,කතාවට මුල පිරුවේ ඇය වීම මගේ සංස්කෘතික බැම්මද,නැතිනම් සිත යට තිබූ ලැජ්ජාවක සේයාවද යන්න තවමත් වටහා ගැනිමට අපහසු වන්නක්.
"You are the one that..."ලෙස ඇරඹුණු ඇය සහ මගේ සල්ලාපය දෙස මාගේ මිතුරන් බලා සිටියේ විස්මයෙන්.
එය අවසන් වූ වහාම "පට්ට කෑල්ලක්නෙ බං,උඹ කොහොමද ඒකිව දන්නෙ?" පැනය නිතැතින්ම මා වෙත එල්ල වූවා.
සත්යම කතාව ඔවුන් හා පැවසුවත්,මා විශ්වාස නොකළ ඔවුන් ඇය සහ මා වෙනත් ක්රමයකින් හදුනන්නන් බවට සැක කළා.
දේශන ශාලාවෙ යාබද අසුන් දෙකක දිනපතා අසුන් ගෙන සිටීමෙන් ආරම්භ වූ,ඇයගේ,මට සමීප වීම මට යම් තරමක පුදුමයක් ඌවත්,නොදන්නා පුත්ගලයින් අතර "ඇඟේ හැපීමෙන්" හෝ,දන්නා පුත්ගලයාට සමීප වීමෙ පුදුමයක් නැතැයි,මා එය සාධාරණීකරණය කළා.
මගේ මවට පසු,මා තේරුම් ගැනීමට වැඩිම හැකියාවක් දැක්වූ ඇය,මා දුරස්ථව සිටියදී පවා මාගේ හැඟීම් පිළිබඳව දැනගන්නේ කෙසේදැයි අදටත් ප්රශ්නයක්,
කලක් ගත වීමේදී ඇය පිළිබඳ යම් හැඟීම් ගොන්නක් මා තුළ ඇති උවත්,ඉඟියක්වත් ඇයට නොපෑමට මා තීරණය කළේ,හොඳ මිතුරියක් අහිමි කර ගැනීමේ වේදනාවට මා කලින් මුහුණ පා ඇති නිසා.
මා සමුගන්නේ ඔබේ පරිකල්පනයට අවසානය නීර්ණය කර ගැනීමට,
මා තරම් සංස්කෘතික බැම්මකින් ඇය බැදී සිටියේ නැති බවත්,
හැඟීම් වචනයට පෙරළීමට ඇයට මා තරම් බියක් තිබුණේ නැති බවත්,
ඉඟි වලට ලබා දෙමින්!!........................
Tuesday, September 20, 2011
නැවත ජීවත් වෙන්නට ඇත්නම්..
දෙතුන් පාරක් ගැස්සුණු බල්බ් එක එක පාරටම පත්තු උණා,
වැඩි වෙච්චි එළියත් එක්කම මට මතක් උණේ අවුරුද්දකට කලින් පෙර හැර බලන්න ආපු හැටි..
රටේ නැති නිදහසට කරුණු ගෙවල් වලට කියලා,දෙන්නත් එක්ක ගෙවල් වලින් පැනලා පෙරහැර බලන්න ගියා.
අනිත් උං හෝටල් ගානෙ යද්දි,අපි අත් අල්ලගන පෙරහැර බැලුවා,පෙරහැරේ යන අලි ගණං කළා,මහ වැස්සෙ අයිස් ක්රීම් කෑවා,කොහොම හරි මඩ ගොඩේ වාඩිවෙලා පෙරහැරත් ඉවර වෙනකන්ම බැලුවා.බලලා ගෙවල් වලට යනකොට මහ රෑ වෙලා,දෙන්නම ගෙවල් වලින් බැණුමුත් අහගත්තා.
එතකොට අපි දෙන්නම ඒ ලෙවල් කරලා,කැම්පස් වලටත් තේරිලා අධ්යාපන ඇමතිට පිං සිද්ධ වෙන්න ගෙදර ගතකරන දොළොස්වෙනි මාසෙ,
අපිට ජීවිතේ ගැන එච්චර බරක් තිබුණෙ නෑ.හැම දේම කරන්න අම්මලා තාත්තලා හිටියානෙ.
හැමදෙයක්ම සැහැල්ලුවෙන් ගත්තු මට,වැඩිය කිසිදෙයක් ගැන නොසලකපු එයා හොඳට ගැලපුනා.
අපි දෙන්නා තේරිලා තිබුණෙ විශ්වවිද්යාල දෙකකට උණත් ඒක එච්චර ප්රශ්නයක් කරගත්තෙ නෑ.
මම හිතෙන්නෙ අපි ඇත්තටම ආදරය කරන්න ඇති.
ප්රශ්න ඔක්කොම පටන් ගත්තෙ කැම්පස් පටන් අරන් මාස කීපයකට පස්සෙ,
අනතුරු හැඟවීමක් නැතුවම තාත්තා අපිව දාලා ගියා,
අම්මට පවුල තනියම ජීවත් කරවලා මටත් වියදම් කරන්න විදියක් නොතිබුණු හන්දා විශ්වවිද්යාල ජීවිතේට සමු දුන්නු මම පවුලෙ බරට කර ගහන්න රස්සාවක් හොයාගත්තා.
ඔක්කොම උණාට පස්සෙයි මම එයා ගැන කල්පනා කරන්න ගත්තෙ.
ජීවිතේ බර දැනෙන්න පටන් ගත්තට පස්සෙ මම හුඟක් කල්පනා කරන්න ගත්තා,
ටිකක් අලුත් පන්නෙට හැදිච්චි කෙල්ලෙක් උණු එයාට,කැම්පස් එකෙන් අවුට් වෙලා,ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්වෙලා හිටපු මගෙත් එක්ක ජීවත් වෙන්න පුළුවන් උණත්,සෙමෙස්ටරයක්වත් කැම්පස් එකේ ඉන්නෙ නැතුව රස්සාවක් හොයාගත්තු මගෙත් එක්ක ඉන්න බැරිවෙයි කියලා මට හොදටම පෙනුණා,
එයා මට කොච්චර ආදරේ උණත් මට එයාව සතුටෙන් තියන්න බැරි බව පැහැදිලිවම පෙනුණා,
මම එයාගෙ දුරකථන ඇමතුම් වලටයි,කෙටි පණිවුඩ වලටයි ප්රතිචාර දක්වන එක ටිකින් ටික මග ඇරියා
හැඟීම් වලට ඉඩ දුන්නොත් මගේ විතරක් නෙවෙයි එයාගෙ ජීවිතෙත් අවුල් ජාලයක් වෙන හන්දා,
එයා මුලින් හිතුවෙ මම වෙච්චි දේවල් නිසා දුකින් වෙන්න ඇති කියලා,නමුත් පස්සෙ පස්සෙ එයා තේරුම් ගත්තා මම එයාව මග අරිනවා කියලා.
සම්පූර්ණයෙන්ම සම්බන්ධෙ මගේ පැත්තෙන් නවත්තලා ටික කාලෙකට පස්සෙ,
එයා ගෙදරට ආවා මාව හොයාගන,මම හැංගුණා,මම ආදරේ කරන කෙල්ලගෙන්ම මට හැංගෙන්න සිද්ධ උණා,
එයා මට තිබුණු ආදරය ඇරෙන්න එයාට මාව හොයාගන එන්න වෙන හේතුවක් තිබුණෙ නෑ,මම එයාට කිසිම වැරැද්දක් කරලා තිබුණෙ නෑ.
කොච්චර ආදරේ උණත් මම හැංගුණේ අනාගතය ගැන හිතලා,
කවදා හරි සමාජයේ ඉහළ තලයකට යන එයාට,මගෙත් එක්ක ජීවිතයක් තිබුණෙ නෑ..
ඔක්කොටම දැන් අවුරුද්දක්,
කොහොම හිතුවත්,එයා මේ අවුරුද්දෙත් මෙතනට එයි කියලා මගේ හිතේ කොනක බලා පොරොත්තුවක් තියනවා..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...................................................................
බල්බ් එක ආයිමත් නිමිලා..............
හිතේ බලාපොරොත්තු වගේම.......................................
පහන් කණුවට යටින් ගිනිබෝල කාරයො යන්නෙ,බලාපොරොත්තු ආයිත් දල්වන්න වගේ......
සුපුරුදු හඬක් ,
ඈ...................
"මම හිතුවා ඔයා මෙතන ඇති කියලා!!........."
Wednesday, September 14, 2011
ඔබේ ඒ ආදරය,ලබන්නට ඇත්නම්........................
උදෑසන නැගෙද්දි,
වැටෙන හිරු කිරන තුල,
ඔබ බදා නලල් තල,
සිපින්නට ඇත්නම්......
සදා කල් ඔබ ලඟින්,
ඔබට දිරියක් වෙමින්,
මහා නුග රුකක් සේ,
රැඳෙන්නට ඇත්නම්.......
ඔබ ගිලන් ඌ විටෙක,
නුහුරු නුපුරුදු අතින්,
මා හැදූ අහර පිඩ,
කවන්නට ඇත්නම්........
ජීවිතය විඳින්නට,
සදාකල් ඇවැසි වූ,
ඔබේ ඒ ආදරය,
ලබන්නට ඇත්නම්........................
වැටෙන හිරු කිරන තුල,
ඔබ බදා නලල් තල,
සිපින්නට ඇත්නම්......
සදා කල් ඔබ ලඟින්,
ඔබට දිරියක් වෙමින්,
මහා නුග රුකක් සේ,
රැඳෙන්නට ඇත්නම්.......
ඔබ ගිලන් ඌ විටෙක,
නුහුරු නුපුරුදු අතින්,
මා හැදූ අහර පිඩ,
කවන්නට ඇත්නම්........
ජීවිතය විඳින්නට,
සදාකල් ඇවැසි වූ,
ඔබේ ඒ ආදරය,
ලබන්නට ඇත්නම්........................
Sunday, September 11, 2011
මම ඔයාට කියන්නෙ නෑ...........
මම ඔයාට කියන්නෙ නෑ,
අඬන්නෙ නැතුව ඉන්න මගේ ලඟට එන්න කියලා,
ඒත්,
ඔයා අඬනකොට මමත් ලඟින් ඉදගන අඬන්නම්..
මම ඔයාට පොරොන්දු වෙන්නෙ නෑ,
හැම්දාම ඔයාව හිනස්සනවා කියලා,
ඒත්,
ඔයා හිනා වෙනකොට මමත් හිනා වෙන්නම්..
මට ඔයාට කියන්න බෑ,
ලෝකෙ කඩා නොවැටේවි කියල,
ඒත්,
ඒක කඩා වැටෙනකොට මම ඔයාගෙ ලඟින්ම ඉන්නම්,
ඔයත් එක්කම වැටෙන්න..
මම ඔයාට කියන්නෙ නෑ,
මම හැමදාම ඔයා ලඟ ඉදීවි කියලා,
ඒත්,
ඔයාට ඕනි වෙන වෙලාවට මම ඔයාගෙ අත ගන්න ඉඳිවි .............
Saturday, August 6, 2011
සිතුවමත් සමගින්ම...............
අඳින්නට අවසරයි,
පන ගැහෙන ජීවිතය,
ඔබේ ඔය සදාතන,
සොඳුරු සිත් අහස තුල...
දිලෙන්නට කැමැත්තෙන්,
සොදුරු සිතුවමක් වී,
අයදින්නෙ ඔබෙන් මම,
වන්න මට පින්සලය..
සිතුවමට දිලෙන්නට,
ඇවැසි ඌ පින්සලය,
ලෙසම ඒ සිත් අහස,
සදාකල් රැදේවිද?
Subscribe to:
Posts (Atom)