Showing posts with label මගේ ඇබ්බැහි. Show all posts
Showing posts with label මගේ ඇබ්බැහි. Show all posts

Friday, May 6, 2011

මගේ ඇබ්බැහි?? -පරිගනකය-

මගේ තවත් (ලොකූම!!)ඇබ්බැහියක් තමා මෙන්න මේක!!
මේකනම් සිරාම ඇබ්බැහියක් වෙලා තියෙන්නෙ දැන්...පැය 24ට පෝඩ්ඩක් අඩුවෙන් මේක ඉස්සරහ තමයි වාඩිවෙලා ඉන්නෙ.
හ්ම්ම්ම්ම් පටන් ගන්නෙ කොහෙන්ද?..

හරි මතක් උනා..දහම් පාසල් යන දවස්වල(හ්ම්ම්ම් 6 වසරෙදි විතර මතක විදියට).එක ඉරිදා දවසක දහම් පාසල් ප්‍රධාන ආචාර්යතුමිය අපිට විශේශ නිවෙදනයක් දිලා(කටින් හොදේ පන්තියක් පන්තියක් ගානෙ ගිහින්.ලමයි 150ක් විතරනෙ හිටියෙ) කියනවා.
"පරිගනක අද්‍යාපන ආයතනයකින් සිස්වත්ත වගයක් දිලා තියනවා කැමති අය ඇවිත් නම් භාර දෙන්න" කියලා.

අපෙන් හුඟක් අය පරිගනකයක් හතරැස්ද?,ඒක වැඩ කරන්නෙ රැටද?,හුලන් ගහල පුම්බන එකක්ද කියලවත් දන්නෙ නැ :P :P..කොටින්ම කියනවනම් මුකුත්ම දන්නෙ නැ(ඔය හුඟක් අයට මාත් අයිතී හොදේ!!)...
ඉතින් ඔය මුකුත්ම දන්නෙ නැති එක ඉගන ගන්නවා කියන්නෙ මැජික් වගේ වැඩක්නෙ.තනියම තීරන ගන්න හොද නැති හන්දා ගෙදර ඇවිත් අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා.අරකට නම දැම්මයි කියමුකො..

ඉතින් නම දාලා මාසෙකට විතර පස්සෙ පරිගනක පාටමාලාව පටන් ගත්තා..ආයතනය තමයි "Tec Sri Lanka" කියන එකෙ අපෙ නගර ශාකාව..මට හරියටම කාලය මතක නැති උනත් අවුරුද්දක සති අන්ත පාටමාලාවක් මම හිතන්නෙ..ඒකෙ පරිගනක 20ක් විතර තියන A/C කරපු පරිගනක විද්‍යාගාරයක් තමයි තිබුනෙ(පරිගනකනම් ගන්න දෙයක් නැ!!..125MB HDD,WIN 98 ඒ දවස් වල රැම් ප්‍රොසෙසර් තියනව කියලා කියා දුන්නට ඒවා මොනවටද කියල තෙරුනෙ නැ ඒක හන්දා එවා මතක නැ :P :P).

ඕක ඇතුලට යන්න  සපත්තු සෙරප්පු ගලෝලා වැඩ ගොඩක් කරලා දොර ගාව කොල අත්තක් එහෙම එල්ලලා තමා ඇතුලට යන්න ඕනි ලොල්..
ඕකෙදි අපි කරපු වැඩ ලිව්වොත් පෝස්ට් එකට වෙන නමක් දාන්න වෙනවා..ඒක හන්දා ඇබ්බැහිය ගැන කියන්නම්..
ඔය කොහොම උනත් අපිට ඕකෙදි පරිගකය පාවිච්චි කරන්න වෙන්නෙ සති අන්තයෙ පැය 2කකට විතරනෙ..ඉතින් ඉච්චර ගතියක් නැ!

ගතිය ආවෙ ඉස්කොල වලට ICT කියලා විශයක් හදුන්වලා දිලා පරිගනක විද්‍යාගාරයක් අපේ ඉස්කොලෙට ලැබුනට පස්සෙ තමා!!!(මෙ පරිගනක 256MB ram,1 GHz processor,40GB HDD සහ ඔක්කොටම එකයි 1MBps slt ඉන්ට'නෙට් කනෙක්ශන් එකකුත් එක්ක.)

ඕවා ආපු දවස්වල අපිව පරිගනක විද්‍යාගරයෙන් එලියට ගන්න හරි අමාරුයි..ඒ උනාට හිටපු ස'ර් හෙන අයිසා උගන්නනෙම නැ!..අපිට පරිගනක දාගන්න කියල යනවා රෝන්දෙ ගහන්න :P :P..

අපි ඉතින් අර පරිගනක වලට කරන්න තියන ඔක්කොම කරනවා.කරලා බලනවා මොකද වෙන්නෙ කියලා..
BIOS පාස් වර්ඩ් දාල මතක නැති වෙනවා අන්තිමට ස'ර් ට ඔන් කරන්නත් බැ!...මිනිහා දන්නෙ නැ සීමොස් රිසෙට් කරන්න ජම්පර් එකක් තියනව කියල!.අන්තිමට පන්තියෙ ඔය දන්න එකෙක් ඉදලා තමයි රීසෙට් කලෙ..

ස'ර්ව කොයිල් කරන්න අපි කරන ජනප්‍රියම වැඩෙ තමා BOOT.INI එක වෙනස් කරලා අර සිස්ටම් කීපයක් තියනවා වගේ පෙන්න හදන්න පුලුවන් එක.අපි 15ක් විතර හදලා තියලා එනවා..ස'ර් අනිත් දවසෙ අපෙ ජාතිය අමත්නවා(ඒත් අම්මලා තාත්තලා බලනව ඇති කොල්ලො ටිකට ICT තියන දවසට කිඹුහුම් යන්නෙ ඇයි කියලා ලොල්)..

ටික දවසකින් ඉස්කෝලෙ පරිගනක වල වේගය අඩු වෙන්න පටන් ගත්තා වයිරස්,හාඩ්වෙයා ප්‍රෆෝමන්ස් අඩු විම වගෙ ඒවා හන්දා(අහන්න එපා දැන් 256 රැම් එක 128 වලට බැස්සෙ කොහොමද කියලා!!!)..
ඉතින් ඒකත් එපා උනා..

පස්සෙ මටම පරිගනකයක් ඕනි උනා..නහයෙන් අඬ අඬා ඉද්දි ඉස්කොලෙ A/L පන්ති පටන් අරන් මාස 5කින් විතර  මගෙ අදහාගත නොහැකි O/L ප්‍රතිපලය වෙනුවෙන් මට පරිගනකයක් හම්බ උනා(1GB ram,160GB HDD,2GHz@2 cpu)..

ඊට පස්සෙ තමයි තාත්තට හිතෙන්න ඇත්තෙ මූට පරිගනකෙ අරන් දීපු සල්ලි වල බල්ලන්ට ආප්ප අරන් දුන්නනම් නියමයි කියල.ඇයි මම වහන්සෙ හැම වෙලේම ඒකට අරක් අරගෙන...ඉස්කෝලෙ වැඩ නැ,පොතක් පතක් බලන්නෙ නැ,අඩු තරමෙ TV බලන්නෙත් නැ!

එක්කො 1950 විතර අවුට් වෙච්චි ගේම් එකක් ගහනවා නැත්නම් ෆිල්ම් එකක් බලනවා!!..
දැන් තමා  නියම ඇබ්බැහිය වෙලා තියෙන්නෙ..අන්තර් ජාල සම්බන්දතාවය ලබාගැනිමත් එක්කම..ඒ ගැන පස්සෙ මට නිදි මතෝ!!!!

Sunday, May 1, 2011

මගේ ඇබ්බැහි?? -පොත්-

හ්ම්ම්ම් මගේ විශයෙන් ගන්නකොට ඇබ්බැහි කියන්නෙ ලොකූ මාතෘකාවක්!...
හැම කෙනෙක් දිහාම බලද්දි හැමෝටම මොන ආකාරයකම හරි(හොද හෝ නරක) ඇබ්බැහි,අඩු තරමේ එකක් වත් තියන බව පේනවා!!

මට පලවෙනියටම කියවන්න තරම් ලොකු පොතක් අහු උනේ 5හ වසරෙ ඉද්දි..
-"පාලු දුපත"-
මට මතක විදියට..
අපේ ගමේ ඉස්කොලේ පොඩි පුස්තකාලේ තිබුනු මේ පොත අපි යාලුවො  5ස් දෙනෙක් විතර සමූපකාර ක්‍රමයට තමයි කියෙව්වෙ.ඒ කිව්වෙ පොතෙ කැලි කැලි ඉඩ ලැබුනු වෙලාවට කට්ටියත් එක්ක කියෙව්වා.පිටු 150ක් විතර තිබුනු මේ පොතේ විස්තර උනේ කරවල වාඩියක වැඩට පැහැරගන ගිහින් යොදවපු ලමයි දෙන්නෙක් ගැන..

ඒ තමයි පොත් වලට මගේ ඇබ්බැහිය පටන් ගත්තු විදිය..මගේ පොත් ඇබැහියෙ ස්වර්නමය කාලය ඉස්කොලෙ 6-11 කාලය තමයි..
ඒ දවස් වල මට පොතක් කිව්වොත් ඕනි දෙයක් (හ්ම්ම්ම් තාමත් එහෙම තමයි).

6 වසරෙදි සිස්වත්තෙ කියන එක පාස් වෙලා අලුත් ඉස්කොලෙට ගියාට පස්සෙ පලවෙනි වතාවට බැහැර දැන පුස්ථකාලෙක සාමජිකයෙක් වෙන්න හම්බ උනා!!
ඉබ්බ දියට දැම්මහම ඇන්නැවෙ කියන සිරිතක් තියනවයැ..
සති 2කට බැහැර දෙන පොත (අනිවා පිටු 200ට වැඩී) එක දවසෙන් (ඉස්කොලෙ ඇතුලෙදිම) කියවලා,යාලුවෙක් එක්ක මාරු කරලා උගෙන් ගන්න පොතත් කියවලා ඕනිනම් තව එකෙක් එක්ක මාරු කරලා.වැඩිම උනොත් දවස් දෙකෙන් පුස්ථකාලේට දිලා තව පොතක් ගන්නවා..

අන්තිමට පුස්ථකාලෙ තිබුනු කියවන්න පුලුවන් හැම පොතක්ම(කතා,විද්යාත්මක,සාහිත්‍ය,ඉතිහාසය,එකි නොකි හැම ජාතියකම) ඉවර උනාට පස්සෙ,කබඩ් අව්ස්ස අව්ස්ස තවත් පොත් හොයල පන්තියට යනකොට පීරියඩ් 2ක් 3ක් ගිහින්.පන්තියෙ ඉන්න ගුරුවරයා අපිව ආපහු යවනව පුස්ථකාලය භාර ගුරුතුමාගෙන් ලියුමක් අරන් එන්න පුස්ථකාලෙ හිටියා කියලා (කාලා වරෙන්කො දැන්,6දි අපි දන්න ලියුම්!! :D).

ඒ මදිවට යලුවොන්ගෙ පොත් එකතු පිටින් ඉස්කොලෙට ගෙන්නගන,බැග් එකෙ දාගන,ඉල්ලගන එන අනිත් උන්ගෙන් බේරගන්න දෙන ගේම දන්නේ අපි විතරයි..

ඔය ගන්න පොත් දැන් කියවන්නත් එපැ!!..
මක් කොල්ල කියවන්නද..ඉන්ටවල් එක පැය බාගයයි!..ඊටත් ඉන්ටවල් එකෙ ගෙදරි බැදලා දෙන යෝද බත් ගෙඩිය කන්නත් එපැ..දැන් ඉතින් පොත් කියවන්න සෙට් වෙන්නෙ අහින්සක ගුරුවරුන්ගෙ ඉගැන්වීම් කාලය තමයි!
පන්තිය ඉස්සරහ ගුරුවරයා බර දාල මොනවාහරි උගන්නනකොට කොල්ලා ඩෙස් එකක් අස්සෙ දාගන "2010-ආතර් සී. ක්ලාර්ක්" කියවනවා!!..ඔන්න ඉතින් ඔය ගුරුවරයෙක් අර මම පොත කියෝන අස්සෙ උගන්නපු දෙයක් ගැන ඔනි නැති ප්‍රස්නයක් අහපුවාම!...කොල්ල දෙනවා උත්තර,ගුරුතුමා හෙල්ලිල යන්න!!!
"2010" ගැන :D

බොරු කියන්න ඕනි නැ.මමනම් ඔය 6-11 කාලය ඇතුලත තිබුනු දවස් ගානටත් වඩා පොත් කියවලා ඇති :P :P..

ඒ දවස් වල අපිට වෙලාව තිබුනෙ නැතත් ඩෙස් අස්සෙ දාගන හරි කියවන්න පොත් තිබුනා..
පොත් දෙන්න යාලුවො හිටියා..
නමුත් දැන් ඕනි තරම් කාලය තියෙද්දි කියවන්න පොත් නැ..
පොත් ලැබෙන්න ක්‍රමයක් නැ.වටේ හිටපු යාලුවො ටික හම්බවෙන්නෙ නැ..
මාසෙකට විතර සරයක් තමා පොතක් හම්බ වෙන්නෙ.

යන්න තිබුනු මහජන පුස්ථකාලෙ ගොඩනැගිල්ල කඩලා හදනවලු මේ දවස් වල (අවුරුද්දක විතර ඉදලා).
අලුතින් හදල තියන පුස්ථකාලය (ලොකු!!) හදලා පොතුත් පුරෝලා දැන් කාලයක්ලු.
විවෘත කරන්නෙ ඊලඟ ඦන්දෙ බලලා වෙන්න ඇති..

ඊටත් හපන් ලංකාවෙ පුස්ථකාල වල නීති.පොත් බැහැර ගෙන යාමේ අංශයට බැඳෙන්න නගරසභා සීමාවෙ කෙනෙකුගෙ අත්සනයි.වරිපනම් සහතිකේකුයි ඕනි.ඒ මදිවට අවුරුද්දකට සරයක් අලුත් කරන්නත් ඕනි.එක පාරක් යාලුවෙකුට කියල අවුරුදු 150ක් විතර මනුස්සයෙක්ගේ අත්සනක් ගහල බැදුනා පුස්ථකාලේට.මට වැඩෙ එපා උනා අර අවුරුද්දෙ සීන් එක හන්දා.

ඉතින් මගේ ලොකුම ඇබ්බැහියක් තමා කියවන එක(පොත්,පත්තර...ඕනි දෙයක්)..
මගේ බ්ලොග් එක බලන හැමෝටම කියන්න තියෙන්නෙ "කියවන්න" පුලුවන් තරම්.අතට අහුවෙන ඕනි දෙයක්!!!