පෝස්ට් එක ලියන්න පටන් අරන් තිබුනාට ලියන්න කමමැලි හන්දා අද තමා දැක්කෙ :P :P
මම හිතුවෙ තවත් පුහුනුවක්වත්ද කියලා..
ඔවු ජීවිතේ ඉස්සරහ අවුරුදු 4ම කරන්න තියන පුහුනුව ගැන.....
මාව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තෝරගන.. :D :D :D
ඉතින් ලබන මාසෙ 18 ලියාපදින්චි වෙන්න කියලා තියනවා...
කවදා පටන් ගනීද දන්නෙ නැ....
ආචාර්‍ය වරුන්ගේ වෘතීය ක්‍රියාමාරග හන්දා දැන්මනම් පටන් ගන්න වෙන එකක් නෑ..
ඒ මදිවට අපිට පූර්ව නමනී කරන වැඩසටහනකුත් තියනවලුනෙ....
ලේසි පහසු කාලයක් නෙවෙයි මාස 3ක්ම....
මේ වැඩේ හන්දා මේ මාසෙ හෝ ලබන මාසෙ පටන් ගන්න තිබුනු අපේ පලමු වසර,
තව මාස තුනකින් කල් යනවා...
මේ නමනීකරන වැඩ සටහන පටන් ගන්න දවසකුත් හරියට නැති හන්දා කොච්චර කල් යයිද කියලා හරියටම කියන්නත් බෑ......
අපි කෑම්ප් එකෙ ඉද්දි එස්.බී ඇවිල්ලා කියපු හැටියට ඔක්තෝබර් මාසෙ විශ්ව විද්‍යාල පීඨ ඔක්කොම එකපාර පටන් ගන්නවාලු..
එතකොට ඉංජිනේරු සහ වෛද්‍ය ඒ වෙනකොට අවසාන වසර පිටවෙලා ගිහින් හිස්වෙලා තියන පීඨ විද්‍යාගාර,දේශනශාලා සහ අනිකුත් ඉගනුම් ආශ්‍රිත පහසුකම් මාස ගානක් නිකනම හිස් වෙලා තියනවා..
ඒ වගේම ඔක්තෝබර් වල ඉවර වෙන්නෙ නැති විශ්වවිද්‍යාල පාඨමාලා වල තදබදය වැඩිවෙනවා....
පලමු වසර දෙකක් තියන හන්දා..!!
ඒ වගේම මේ අවුරුද්දෙ උසස් පෙල කරන කට්ටිය විභාගෙ ලියලා ඉවර වෙලා මාස දෙකක් විතර යනකං අපි ගෙදර :(
දැන් අර නමනී කරන වැඩ සටහන..
ඒකෙ දෙන්නෙ මූලික ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ශන දැනුමක්ලු..
උසස් පෙලට තියන සාමන්‍ය ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ශනය විශයන් විදිමත් කලානම් විශ්ව විද්‍යාල වලට නොතේරුනු අයටත් වැඩක් වෙයි කියලා මම හිතනවා....
මේ වැඩසටහනට සහභාගි වෙන්න ඕනිද නැද්ද කියන එක තීරනය කරන්න මේ මාසෙ 20-30 ඔන්ලයින් විබාග තියනවා..
විහිලුව කියන්නෙ ජීවිතේට පරිගනකයක් දැකලා නැති අපේ සමහර සහොදර සහෝදරියන්ටත් මේ විබාගෙ තියන වෙලාව දැනගන්න වෙබ් අඩවියකට පිවිසෙන්න වෙන එක...ලිඛිත දැනුම් දීමක් නෑ!!..
අනික මේක ගැන අපිට කෑම්ප් එකෙදි දුන්නු අත් පොතේ(මගේ එකනම් කොහෙද මන්දා) කියලා තියනවා ගෙදර ඉදලා පයින් යන්න පුලුවන් දුරක මේවාගෙ ඉගැන්වුම් මද්‍යස්තාන තියනවා කියලා....
නමුත් රත්නපුරේ මෙච්චර ගන්න තැන් තියෙද්දි,වෙබ් අඩවියෙ දාලා තියන සිතියමේ හැටියට,සියලුම ඉගනුම් මද්‍යස්තාන තියෙන්නෙ ගෙදරින් කිලො මිටර 30ක අවමයකට එහා!!
වෙලාවට විබාග මද්‍යස්තානය තියෙන්නෙ හැම නගරයකම විවෘත විශ්ව විද්‍යාල වල..ඒකනම් මට ලඟයි...
සමහර යාලුවොනම් ඉතින් රුපියල් 60ක විතර ටිකට් එකක් අරන් එන්න ඕනි :D :D
වෙබ් අඩවියෙ තියන විදියට ඉංග්‍රීසි පාඨමාලාව පැය 60ක එකක් වෙනකොට පැය 48ක් ගුරුවරු මගිනුත් පැය 12ක් පරිගනක මගිනුත් උගන්නනවලු...(පරිගනක කොහෙන් හොයාගනීද මන්දා)
ඒ වගේම තොරතුරු තාක්ශන විශයන් ගැන මුකුත් සදහන් වෙන්නෙ නෑ!
හප්පොයි මේ ඇති
මෙන්න ලින්ක් ටික
පූර්ව නමනීකරන වැඩ සටහන පිලිබද අඩවිය- http://pop.nodes.lk
මූලික පරීක්ශනයට ඔබගේ විබාග මද්‍යස්තානය සහ වේලාව දැනගැනීමට- http://pop.nodes.lk/popex/nview/index.php