Friday, November 25, 2011

අත මානයෙ වැනුනු...................

අත මානයෙ වැනුනු,
පිපුනු සුවඳැති කුසුම,
නෙලන්නට ඉඩ නොදුන්,
දෑස නොවැසූව අඳුර,
පහව ගොස් ඇති නමුත්,
හිරුට දිලුමට දෙමින්,
කුසුම නැත තිබුනු තැන,
කවුරුදෝ නෙලාගන.....................................................

Monday, November 7, 2011

මාරම අස්පට් දවසක්.............


........................................
හප්පොයි,
මොන උලව්වක්ද,උදේ පාන්දරම පෝං එක වදිනවා..
නිදිමතේම අතගාලා ගත්තා පොංඑක.

.."හෙලෝ..ගුඩ් මෝනිං,කොහොමද?"

හුටා!,උදේ පාන්දරම චීත්තයක්..
කවදාවත් නැතුව උදේ පාන්දරම කෙල්ලෙක්?..
අද දවසෙ මොකක් හරි අස්පට් එකක් තියනවා,
කමක් නෑ කවුද මේ?,ඕක අහන්න පුලුවනෑ මේ ගෑනිගෙන්,අන්තිමට මාව අදුනගන්න බෑ කියලා නහයෙන් අඬන්න ගනී.
හප්පොයි නිදිමතට ඇස් පියවෙනවා,ස්ක්‍රින් එක පේන්නෙත් නෑ,
ආ මේ මෙයානෙ,මොකද උදේ පාන්දරම..

"හෙලෝ හෙලෝ,ගුඩ් මෝනිං,මොකද පාන්දරම අපිව මතක් වෙලා?"..
"ඔයාලා නැතුව කවුරු මතක් වෙන්නද අනේ..".
එන පොට හොඳ නෑ,කොල්ලො ගෙටවෙයං කිව්වලු,මේකි මොකාටද එන්න හදන්නෙ?..
"මොකද සද්ද නැත්තෙ,මම ඔයාව ඇහැරෙව්වද?"
උදේ පාන්දරම ඝාන්ටාරෙ කනේ තියලා ඇහැරෙව්වද අහනවා,

"ඔව් අනේ දැන් ඇහරුනේ,මොකෝ කතාකලේ කියන්නකො?"
"හරි වැඩක්නෙ දැන් කතාකරන්නත් අවසර අරන් ඉන්න ඕනිද?,වෙන අය ඇතිනෙ දැන් කතා කරන්න"
අප්පා මේ මොන කෝලමක්ද,අදනං අස්පට්ම දවසක් වගේ.
කෝල් කරපු හේතුවක් කයන්නෙත් නැතුව හොඳට නිදාගන්න තිබුනු පැය බාගයක්ම කාලා යන්තං පෝං එක තිබ්බා ඒ කෝලම.
අනිත් පැත්ත හැරිලා නිදාගන්න හදනකොට ආයි කූක් කූක් ගානවා,

හුටා! ඒ පාර ඇස් ඇම් ඇස්ම 3ක් චීත්ත කෑලි තුනකින්,
ගූඩ් මොනිං කියයි,ඔයාට කොහොමද අහයි,යකෝ අද දවසෙ සිරාවට මොකක් හරි අස්පට් ගතියක් තියනවා.
නැත්නම් මෙච්චර චීත්ත ලයින්?..
තරහ කරගන බැරි හන්දා අරවයි මෙව්වයි කියලා රිප්ලයි කරලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න හදනකොට තව කෝල් එකක්,
ඒකත් චීත්ත කෑලලකින්,

"මේ හරකො අද ලෙක්චස් එන්නෙ නැද්ද?"..මලා ලෙක්චස්.
"ලෙක්චස්?,වෙලාව කීයද?"..සික් වෙලාව මතකත් නෑ.පෝං එකේ ඔරලෝසුව මතක් උනෙත් නෑ.
"මගෙන්ද අහන්නෙ 8:05,පුලුවන්නම් ලෙක්ච හෝල් එකේ පිටි පස්සෙං පනිනවා." මගුලක් කතාකරනවා,මෙහෙම ලෙක්චස්?,ලෙචා මාව කයි..
"අනේ කොහේ පනින්නද පනේ,මම මේ නැගිට්ටා විතරයි"
"නැගිට්ටා විතරයි?ඇයි ඔහේගෙ අතිජාත රූමලා නැගිට්ටෙව්වෙ නැද්ද?" හෑ සිරාවට,මුං කොහෙද ගියෙ මාව දාලා..මම අද ලෙක්චස් වලින් ලීව්ද කොහෙද.
"නෑනෙ,මම අද ලෙක්චස් වලින් ලීව්ද කොහෙද,මේ නිදි මතේ මුකුත් මතක් වෙන්නෙ නෑ අප්පා"
"හරි හරි ඕනි ඔලුගෙඩියක්,ඊ ලඟ ලෙක් එකටවත් එනවා"..
මෙලෝ මගුලක් මතක නෑනෙ,ගත්තා රූමෙකුට කෝල් එකක්..

"මචං,මම අද ලෙක්චස් ලීව්ද?"
"ඔව් ___,තොට අද අර වැඩේට යන්න තියනවා නේද?,__ තොට අපිම මතක් කරන්න ඕනි,උගුඩුවා වගේ බුදිව්වද යකෝ"
හුටා වැඩේ නේන්නම්,
මූන හෝදලා යනවද,ඇවිල්ලා මූන හෝදනවද..
ඕනි ඔලුගෙඩියක්,ඇදුමක් දාගන යනගමන්ම මූන පොඩ්ඩක් ටැප් එකට ඇල්ලුවා..
හප්පා වැඩේට චීත්ත කෑලි විතරයි වගේ ඇවිත් තියෙන්නෙ,කෝ යකෝ යුනියෙ කොල්ලො නැද්ද?
සික් මූන හෝදගනම ආවනම් ඉවරයි,පනාව දාන්නත් බෑනෙ මෙහෙම..

"ඊක්කා අනේ,ඔයා ගාව ගඳයි,දත් මැද්දෙ නැද්ද?" කියලා ඇහුවොත් එහෙම..
අරෙහෙට මෙහට පැනලා යන්තම් වැඩේ ගොඩ දානකොට රෑ 8:00ත් පහු වෙලා.
ආවා රූම් එකටටැහෙමම ඇඳක පෙරලුනා,
සික්,විනාඩි පහක් නිදාගන්න උනේ නෑ,එකෙක් කෑ ගහනවා,
"ගස් බල්ලො,තොගෙ පෝං එක රිං වෙනවා,අර අහවලා කතා කරන්නෙ" නොදකිං තවත් චීත්තයකක් අදනම් අස්පට්ම අස්පට් දවසක්..
"හෙලෝ මම මේ මෙයා.."ඔව් ඉතිං මෙයා තමා,මම දන්නවා පෝං එකේ සී ඇල් අයි තියනවනෙ.
"ඔව් ඉතිං,මොකද මෙයා කතා කලේ?"
"නෑ අනේ මට දෙයක් අහන්න තියනවා" අහන්න තියනවනම් මොන උලව්ව්වටද නෑ කියන්නෙ..අනේ අම්මපා ගෑනුනම්.
"ඉතිං අහන්න." ඉක්මනට අහපං බං නිදාගන්න දීලා,
"..............._____________.................." හෑ,අහපු දේට නිදිමත කොහෙද මන්දා ගිහින් හීන් දාඩියත් දැම්මා,යකෝ කෙල්ලො අහනවද මෙහෙම,ආයි දවස් දෙක තුනකට නින්ද යන එකක්නම් නෑ.
.................සිරාවටම අද මාරම අස්පට් දවසක්....................................

Saturday, October 22, 2011

යන්තමින් හිනා උන...................


යන්තමින් හිනා      උන,
මුකුත් නොකියම උන්න,
ඔබ දුටුව පලමු       දින,
ඔබට මතකැති     නේද?

කතා නොකලට     වැඩිය,
පිටු ගනන් දිග      හැරුන,
සොඳුරු පනිවුඩ ගොන්න,
ඔබට මතකැති        නේද?

ඈතටම ඔබ            යන්න,
හදන මොහොතක මෙන්න,
ඔබ ලඟින් සිටිය         මම,
ඔබට මතකැති          නේද?

ඇසෙන් එලියට   එන්න,
කඳුලු  බිඳ, වෙර   දරන,
දකින්නට නොහැකි මුත්,
හැඟෙනවා ඇති   නේද?

Saturday, October 15, 2011

තවත් ලියුමක් හෙවත් නො(මිලේ) ලැප්ටොප් ගොං පාට්

ඔන්න ඉතිං තවත් සතියක් කැම්පස් ඉඳලා ගෙදර ආවා,
එනකොට අර අරයා,කලිං ලිවුම් දෙකක් තුනක්ම එවලා තිබුනු එක්කෙනා,තවත් ලිවුමක් එවලා,
ගෙදරට කෝල් කරපු වෙලාවක අම්මා ලැප්ටොප් කතාවක් කියපු හන්දා මමත් හෙන හැපි එකේ හිටියෙ,

ඒත් ලියුම දැක්කාම නිකං එපාආආආආආආඅ වෙලා ගියා..
ඒක තනිකරම බැංකු ණයක් මත දෙන එකක්,ණයක් කිව්වට සල්ලි අපේ අතට දෙන්නෙත් නෑ මහ කුනු හරුපයක්,
මූලිකවම වෙන්නෙ මේකයි ,

ආපු ලියුමෙ පුරවන්න කියලා තියන ටික පුරෝගන අපි යන්න ඕනි ජාතික ඉතිරි කිරීමේ බැංකුවට,
මේ ලියුමෙ ඇප කාරයො විදියට අපේ දෙමවුපියන්ගෙන් එක්කෙනෙකුයි,රජයේ සේවකයෙකුයි අත්සන් කරන්න ඕනි,කොටින්ම අර වෙන ණයක් ගන්නවා වගේම තමා!..අඩු තරමෙ රජය ඇප කාරයෙක්වත් නෙවෙයි..
මේ ණයේ අවම පොලිය වාර්ශිකව 12%,බැංකුවට ඕනිනම් තව වැඩි කරන්නත් පුලුවන්නෙ..
ඉල්ලන්න පුලුවන් උපරිම ණය 75000/= යි.

මේක ගෙවන්න ක්‍රම කීපයක් තියනවා,
මාසිකව අවුරුදු දෙකක් වාරික වශයෙන් ගෙවීම,
රස්සාවක් හම්බ උනාට පස්සෙ එක වර ගෙවීම,
බ්ලා බ්ලා......

හුඟක් කට්ටිය තෝරන්නෙ දෙවනි ක්‍රමයනෙ,
එතකොට අපේ හුඟක් අයට උපාදිය සම්පුර්න කරන්න අවුරුදු 3ක් හෝ 4ක් යනවා,
මට 4ක් නිසා මම ඒ ගාන ගන්නවා,
පොඩි ගානක් හදලා බලමු,
බැංකුවෙන් හදන්නෙ වැල් පොලිය නෙවෙයිනම්,
අවුරුදු 4ට පොලිය 48% ක්
ඒ කියන්නෙ 36000/= ක්
ඔක්කොම ගාන 111000/= ක්
ටිකක් ලොකු වැටුප් වලට රස්සා වලට යන අපිට,මෙඩ්ඩොන්ට සහ අනිත් අයට ඕක එච්චර අවුලක් වෙන එකක් නෑ,
ඒත් උපාදිය අරනුත් තව අවුරුදු ගනං රස්සාවල් හම්බ වෙනකන් ඉන්න වෙන ආටොන්ට එහෙම මොනවා වෙයිද?

ඔක්කොම හරි කියමුකො,
ඊට පස්සෙ බැංකුවෙන් අපිට අවශ්‍ය ණය මුදලට "නියෝග පත්‍රය"ක් නිකුත් කරනවා(සල්ලි එහෙම නෙවෙයි හරිය),
ඊට පස්සෙ අපි ඒක අරගන ඒ පැත්තෙ තියන අබාන්ස් ශාකාවකට යන්න ඕනි,
අපිට එතන තියන ලැප්ටොප් වලින් ඕනි එකක් ගන්නත් බෑ,
තෝරා ගැනීම් දෙකයි තියෙන්නෙ,
දෙකම අර ලඟදි ලැප්ටොප් හදන එක නවත්තපු HP සමාගමේ නිශ්පාදන,
පාවිච්චි කරපු උන්දැල දන්නවා ඇති ඒවාගෙ ගුණ :P

අපිට ලැබෙන තෝරා ගැනීම් දෙක තමා
HP 420(core2duo 2GHz,2GB ram,320GB,DVD R-WR,14" LED,)
සහ
HP 630(2nd gen core i3,2GB ram,320GB,DVD R-WR,15.6" LED)
අනේ මන්දා ස්ක්‍රීනුත් LED ලු,තව මේවත් එක්ක වින්ඩෝස් ස්ටාටර් එකයි,ඔෆිස් 2010 ප්‍රෝ පැක් එකයි දෙනවලු,
මමනම් මේවා ගැන අඩු තරමෙ අහලවත් නෑලු කලින්,
ඔය පොඩි එකේ ගාන 59490/= වෙනවලු,
ලොකු එක 71490/= වෙනවලු,
වින්ඩෝස් උලව්ව අයින් කරලා උබුන්ටු වගේ දාලා දුන්නනම් ඔය ලොකුයි කියන එක 59000/= වගේ දෙන්න පුලුවන් කියල මගේ යාලුවෙක් කිව්වලු..
දැනට වෙලඳ පොලෙ තියන ඔය ලැප්ටොප් වල ගනං දැන ගත්තාම අප්ඩේට් එකක් දාන්නම්.

අනිත් එක මේකත් එක්ක 2999/= කට මොබිටෙල් එකෙන් බ්‍රෝඩ් බැන්ඩ් ඩොංගලයක් දෙනවා,
පැකේජ් එකෙ ගනං එහෙමනම් තාම දන්නෙ නෑ,දැන ගත්තාම බලමු,

ඔන්න ඕකයි අර අරයගෙ (නො)මිලේ ලැප්ටොප් දීමෙ අන්දරය,රටේ හුඟක් කැම්පස් කොල්ලො කෙල්ලො මේකට අහු වෙයි,
ඔය ගොං පාට් ලැප්ටොප් දෙකේ කතාව නැත්නම් මමත් ගන්නවා ඕක,ඔය කෙහෙල්මල් ලැප්ටොප් දෙක දෙන ගානට කොහොමත් වටින්නෙ නෑ,ඒ මදිවට තව අවුරුදු 2ක් යන්න කලින් ඔය ලැප්ටොප් දෙකේම සීමාවන් වලින් එහාට මෘදුකාංග වල අවශ්‍යතා යාවි.ඒ කියන්නෙ එක වාරිකයක්වත් ගෙවන්න කලින්!

ඇත්තටම ලමයින්ට උදව්වක් කරන්න ඕනි උනානම් කරන්න තිබුනෙ නෙමිලේම ලැප්ටොප් එක දීම,අඩු පොලී ණයක් නිකුත් කිරීම(අඩු තරමෙ 8%කවත්),අබාන්ස් එකේ තියන ඕනිම ලැප්ටොප් එකක් ගන්න පුලුවන් වෙන්න පේමන්ට් ස්ලිප් එක නිකුත් කිරිම වගේ දෙයක්.

හරි ගොං පාට් ගැන කතාව ඉවරයි.
කැම්පස් එක ගැන,
කියන්න තරම් ලොකු දෙයක් නෑ,කලින් සතිය වගේමය.ඉංග්‍රීසි උගන්නනවා මේ දවස් වල.තාමත් කොහේවත් බලන්න යන්න උනේ නෑ කැම්පස් ටුවර් එකෙන් පස්සෙ.ඒකයි හිතට දුක :/

Sunday, October 9, 2011

ඔන්න අපිත් කැම්පස් ගියාලු

ඔන්න කැම්පස් ගිහින් සති අන්තෙට ගෙදර ආවා.. :D
දැන් මේ බ්ලොග් එක ලියන්න වෙන්නෙ දින පොත වගේ තමා,
නෑ නෑ වැරදුනා,සති පොත වගේ..
මෙලෝ අයිඩියාවක් හිතට එන්නෙ නෑ කවියක්වත් ලියන්න :/

සික් රොබොට්ටෙක් වත් හිටියනම් ඔලුවට එන ඒවා ඒ වෙලාවෙම ලියලා දාන්න තිබුනා,
කොහෙද අතේ සතේ නෑනෙ :/ :/

කැම්පස් එක ගැන කියමුකො..
කියන්න තරම් ලොකු වැරැද්දක් තාම නෑ,
සින්නො අපිව අල්ලගන බයිට්නම් කරනවා තමා,ඉතිං එව්වත් නැත්නම් වැඩක් නෑනෙ.
දිගටම මෙහෙම තිබුනොත් හොඳා..කවුද දන්නෙ වෙනස් වෙයිද කියලා.

කොහොම උනත් සීනියර්ස්ලා සෑහෙන්න උදවු කරනවා,
හොස්ටල් වල ඉන්න ඕනි විදිය,කැන්ටින්,ලෙක්ච රූම්ස් ගැන එහෙම කියලා දීලා.

තියන එකම දුක දැන්ම කැම්පස් එකේ ඇවිදින්න එපා කියන එක තමා..මෙච්චර ලස්සන කැම්පස් එකක ඇවිදින්නෙ නැතුව ඉන්නෙ කොහොමද..
කමක් නෑ තව සතියක් දෙකක් ඉවසනවා.

හැම දෙයක් ගැනම ලියන්න පැය ගානක් යයි :P පැය ගානක් නෑනෙ  තව ටිකකින් ආයි යන්න ඕනි.
ඔන්න දැන් රත්තා කෝල් එකක් දැම්ම..හාවිගෙන් තමා ආරන්චියක් නැත්තෙ පිසාචයත් පෝස්ට් එකක් දාලා තිබුනනෙ. දැන් අපේ කැම්පස් එකේ බ්ලොග් ලියන තව කට්ටිය ඉන්නවද?..

ඔන්න එහෙනම් මම යනවා,ආයිත් ලබන සතියෙ ලියන්න්නම් කම්මැලි හිතුනෙ නැත්නම් :D

Sunday, October 2, 2011

අවසරයි සමු ගන්න හිතක් නැති උනත් මට.


අවසරයි සමු ගන්න,
ඔබෙන් ඈතට යන්න,
පියාඹා ඉගිලෙන්න,
අනන්තය අල්ලන්න..

රිදුම් දෙන දෙනෙත් අග,
කිති කවන කඳුලු බිඳ,
ඉඟි මරන මිතුරු දම,
සදා කල් නොමියෙන්න..

ජීවිතය අදුරු වන,
ඒ සෑම මොහොතකම,
ලඟ රැඳුනු ඔබ සැමට,
සදා නය ගැතිය මම..

ඉතින් අවසර දෙන්න,
ඔබ දමා දුවන්නට,
දුවන ලෝකය එක්ක,
හිතක් නැති උනත් මට.
............................................................................

ගෙදර ජීවත් වෙච්චි කාලය ඉවරයක් වෙන්න ඇවිල්ලා,
මෙච්චර කල් හිටපු කූඩුවෙන් ඉගිල්ලෙන්න කාලෙ ඇවිල්ලා,තටු එච්චරම හයිය නැති උනත් ඉගිල්ලෙන්න වෙලා.
දැනටමත් සමහර යාලුවො අපිව දාලා ඉගිල්ලිලා,අපිත් හෙට දවසෙදි අනිත් යාලුවො දාලා ඉගිල්ලේවි,
කොලඹ නීති පීඨයෙත්.වෛද්‍ය පීඨයෙත්,ජපුර වෛද්‍ය පීඨයෙත් යාලුවො දැනටමත් ඉගිල්ලිලා.
මොරටුව ඉංජිනේරු පීඨයෙ සහ පේරාදෙනිය විද්‍යාපීඨයෙ යාලුවො අපිත් එක්කමත්,වෛද්‍ය පීඨයෙ අය දවස් දෙකක් පහු වෙලත්,එදාම රුහුනු ඉංජිනේරු පීඨයෙ යාලුවොත් ඉගිල්ලෙන්න පටන් ගනීවි.

මේ ගෙවෙන්නෙ අපි ගෙවල් වල ඉන්න අන්තිම දවස් කීපය.ආයිත් අපි ගෙවල්වල මාසයකට වැඩි කාලයක් එක දිගට නවතීවි කියලා හිතන්න අමාරුයි,අපි අපේම කූඩූ හදාගනීවි.

එහෙනම් මම ඔක්කොම යාලුවොන්ගෙන් සමුගන්න අවසර ඉල්ලනවා.
සයිබරයට ආයිත් ගොඩ වදින්න කොච්චර කාලයක් යාවිද මම දන්නෙ නෑ..

එතෙක්

සමුගන්න අවසරයි....!!

Tuesday, September 27, 2011

පසුව නම් කරමි..............



පොෂ් ගැහැණු,
මහලු මිනිස්සු,
ස්ලිම් කෙල්ලො,

සක්මන් මාවත දිගේ ඇවිදිමින්,හුරු පුරුදු "ඊවිනිං වෝක් එක" ගනිමින් සිටියහ..
පොෂ් ගැහැණු "ශෝ එකට" ද,
මහලු මිනිස්සු "සීනි වැඩි නිසා"ද,
ස්ලිම් කෙල්ලො "ස්ලිම් ගතිය පවත්වා ගැනීමට?"ද,
"ඊවිනිං වෝක් එක"ගනිමින් සිටියද,

අප,
මා සහ මලයා නිදහස් චතුරශ්‍රයේ අතුරු පිවිසුම් මගෙහි ඇවිදිමින් සිටියේ හුදෙක් රස්තියාදුව සදහාය,
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලා,පොත් දෙකක් මිලදී ගෙන,අතේ සතේ නැතිව සිටි මා,
"අයියෙ නිදහස් චතුරශ්‍රෙ තියෙන්නෙ මේ ළඟ,යමුද බලන්න?" මලයා ගේ කීමට එකඟ වූයේ,"ආයි කවදා මේ පැත්තෙ එන්නද.." යන හැඟීමෙන් යුක්තවය.

පොෂ් ගැහනු සහ මහල්ලන් ගැන සැලකිල්ලක් නොදැක්වූ මා සහ මලයා "ස්ලිම් කෙල්ලන්" දෙස බලමින්,අතුරු පිවිසුම් මගෙහි "පුළුවන් තරම් අයිනෙන්" ගමන් කරමින් සිටියේ ඇවිදින්නන්ට ඇවිදගන්නට කියායි.

දෙපය මගෙහි වූවද,දෙනෙත සහ මනස වෙනතක නිසා,යමක් කියමින් මලයා මගේ අතින් ඇදීම මට නොදැනීම එතරම් පුදුමයක් නෙවේ.
මොහොතකින් යමෙකුගේ සිරුරේ මා ගැටුණේ දෙදෙනාවම බිම ඇද දමන තරම් වේගයකින්,

"Bloody idiot,Are you bloind or something?"
නුහුරු විදෙස් බස් හැසුරුමකින් ඇසුණේ,මා නැවත නැගී සිටින්නටත් පෙරයි..
"නොදකිං ලංකාවෙ ගොං කෙල්ලො,ඉංග්‍රීසියෙං කතාකරනවා මදිවට ඇක්සන්ට් එකත් වෙනස් කරගන",සිතින් බණිමින් නැගීසිටි මා,
මොහොතකට ගොළු වූයේ,ඇය දැකිමෙනුයි,මට "I'm sorry,I'm very sorry..", කීමට මතක් වූයේද යම් කාලයකට පසුවයි..
විදේශීය කෙල්ලක වූ ඈ,බැලූ බැල්මටම යුරෝපා රටකට අයත් වූ බව හදුනාගැනීමට ඕනැම අයෙකුට හැකි විය යුතුයි.
නිමේෂයකින් මගේ මතකය තුළ,නොමැකෙන ලෙසම ඇදෙන්නට ඇගේ රුව සමත් උණා.
ඇගෙන් ගිලිහුණු අයි පොඩය සහ වතුර බෝතලය අහුලා දුන් මා,සිනහවක් පා ඇය පසුකර යන්නට සූදානම් උණා.

"Thanx,Sorry i couldn't mind my language before.think you were checking out them." අප පසුකර යමින්

සිටි "ස්ලිම් කෙල්ලෙකු" පෙන්වමින්,ඇය කියා සිටියෙ සරදම් සහගත මදහසක් මුහුණේ රඳවාගනයි.
ඇයගේ සෘජු භාවය හමුවේ දෙන්නට පිළිතුරක් නොවූ මා,"කඩු සටන්" පිළිබඳවද වැඩි කැමැත්තක් නොවූයෙන් වචන කීපයකින් ඇය හා සංවාදය නිමකර ලිස්සා ගියා.

පියවර කිහිපයක් ඉදිරියට යද්දි, "පට්ට කෑල්ල නේද අයියෙ?" මලයා ඇසූ ප්‍රශ්නයෙනුයි ඔහු සිටි බව මතක් උණෙ.
ඔහුටද මා සම වයැසියෙකු නොවන බව මතක් වන්නට ඇත්තෙ යම් කිසි කාලයකට පසුව විය යුතුයි.මක් නිසාද ඔහු කිසිවිටෙකත් මා ඉදිරියේ එවන් ප්‍රකාශ නොකිරීමට සෑම විටම වග බලාගත් නිසා.

මා ඇය දෙස කීපවරක් නැවත හැරී බැලුවත්, ඉක්මනින්ම ඈතට ඇදී ගිය ඈ ටික වේලාවකින් නොපෙනී ගියා.නිදහසේ චතුරශ්‍රය වටා ඇවිදිමින් හොඳ හැටි එය බලාගත් අප නැවතත් නවාතැනට පැමිණෙද්දි රාත්‍රි 8ත් ඉක්ම ගොස්.

මෙහි මීළඟ ආරම්භය ලියවෙන්නෙ,මෙයින් සති කීපයකට පසුව විශ්වවිද්‍යාලය ඇරඹුමත් සමගයි...

මල් සමයක් නොවූ අපට,වැසි සමය අවසානයේ,තවත් අමුත්තන් පිරිසක් විශ්වවිද්‍යාලය තුළ දැක ගන්නට ලැබුණා,
අධ්‍යාපන ඇමත්තාගේ "ඇස් රවුං උන්,බෝල උං,කලු උං සුදු උං.." ප්‍රකාශය සැබෑ කරමින් විදේශික සිසුන් අධ්‍යන වාරය සදහා පැමිණ සිටියා,

ඔවුන් අතර ඇයද සිටීම,අහඹුවක් වන්නට ඇති,
දුටු සැණින් මා ඇය හදුනාගත්තද,කතාවට මුල පිරුවේ ඇය වීම මගේ සංස්කෘතික බැම්මද,නැතිනම් සිත යට තිබූ ලැජ්ජාවක සේයාවද යන්න තවමත් වටහා ගැනිමට අපහසු වන්නක්.

"You are the one that..."ලෙස ඇරඹුණු ඇය සහ මගේ සල්ලාපය දෙස මාගේ මිතුරන් බලා සිටියේ විස්මයෙන්.
එය අවසන් වූ වහාම "පට්ට කෑල්ලක්නෙ බං,උඹ කොහොමද ඒකිව දන්නෙ?" පැනය නිතැතින්ම මා වෙත එල්ල වූවා.
සත්‍යම කතාව ඔවුන් හා පැවසුවත්,මා විශ්වාස නොකළ ඔවුන් ඇය සහ මා වෙනත් ක්‍රමයකින් හදුනන්නන් බවට සැක කළා.

දේශන ශාලාවෙ යාබද අසුන් දෙකක දිනපතා අසුන් ගෙන සිටීමෙන් ආරම්භ වූ,ඇයගේ,මට සමීප වීම මට යම් තරමක පුදුමයක් ඌවත්,නොදන්නා පුත්ගලයින් අතර "ඇඟේ හැපීමෙන්" හෝ,දන්නා පුත්ගලයාට සමීප වීමෙ පුදුමයක් නැතැයි,මා එය සාධාරණීකරණය කළා.

මගේ මවට පසු,මා තේරුම් ගැනීමට වැඩිම හැකියාවක් දැක්වූ ඇය,මා දුරස්ථව සිටියදී පවා මාගේ හැඟීම් පිළිබඳව දැනගන්නේ කෙසේදැයි අදටත් ප්‍රශ්නයක්,

කලක් ගත වීමේදී ඇය පිළිබඳ යම් හැඟීම් ගොන්නක් මා තුළ ඇති උවත්,ඉඟියක්වත් ඇයට නොපෑමට මා තීරණය කළේ,හොඳ මිතුරියක් අහිමි කර ගැනීමේ වේදනාවට මා කලින් මුහුණ පා ඇති නිසා.

මා සමුගන්නේ ඔබේ පරිකල්පනයට අවසානය නීර්ණය කර ගැනීමට,
මා තරම් සංස්කෘතික බැම්මකින් ඇය බැදී සිටියේ නැති බවත්,
හැඟීම් වචනයට පෙරළීමට ඇයට මා තරම් බියක් තිබුණේ නැති බවත්,
ඉඟි වලට ලබා දෙමින්!!........................