Showing posts with label ම්ගෙ ලියුම්. Show all posts
Showing posts with label ම්ගෙ ලියුම්. Show all posts

Wednesday, October 31, 2012

මට නැති ජීවිතය......................

මට නැති ජීවිතය,
උඹට තියනව කියලා දැනෙනකොට,
හිත් අගට දැනෙන හීන් ඉරිසියාව,
දැනෙන්නෙ නැතුව ඇති ලෝකෙ වෙන කාටවත්...

කාටවත් බරක් නැති,
මහා ලොකු පැතුම් නැති,
වැඩ කරන උඹ,
එදා වේල කන්න විතරක්...

මම මෙහේ දුවනකොට,
අල්ලන්න මහා ලොකු වගකීම්,
බලා පොරොත්තු...

උඹ ගෙවනකොට මගේ,
සිහින ජීවිතය,
දාලා දුවන්න හිතෙනවා බං,
මේ මුලු කෙහෙල්මලම...............................

මගෙන් උඹලා දෙන්නට magepissulokaya.blogspot.comahikuntakaya.blogspot.com

Tuesday, October 30, 2012

දුයිශෙන් උඹ කොහෙද?

දුයිශෙන් උඹ කොහෙද?
උඹ වගේ ගුරුවරු නෑ අද,
සෙනෙහස උඹ දීපු,
නොකියා වචනයක්වත්,
අල්තීනායිට,
දෙන්නෙ නෑ අද කවුරුවත්...

වහල් වෙලා මුදලට,
දුවනවා පස්සෙන් ප්‍රසිද්දිය...

අයිලයට උඩින් පායපු හඳ එලිය,
රසවිඳින්න බෑ ඒ කාටවත්,
හැමෝම මහ යුද්දෙක...

කවුරුවත් නෑ කියාදෙන්න,
නිදහසේ පාඩම,
උඹ වගේ හදවතට වදින්නට...
දුයිශෙන් ඉපදියං ආයිමත්,
සිය ගනං උඹ වගේ උන් එක්ක,
ඇවැසි උඹ වගේ උන් අප හට,
එදාට වඩා අදට.....................................

Friday, April 20, 2012

නික්ම ගිය ඇය සහ පැහැදිලි කල නොහැකි සඹඳ කම වෙනුවෙන්.............

හිනැහෙන්නට හිතක් නැති,
හඬන්නට සවිය නැති,
ඇදෙනවා වෙනුවට ඇදෙන,
ඔහේ ජීවත් වන,
දින කිහිපයක සිට,
මගේ ජීවිතය..

නැවත පන ගසන්නට,
ඒවිදෝ ඔබ,
නැවතත්,
අසම්මත උවත්,
දෑත් පටලා ඇවිදින්නට,
කිසිවෙකු නොදන්නා,
ලෝකයෙ රාමුවට ඔබ්බෙන්,
විදින්නට අපේ නිදහස..

නොපවසා නොහැකි,
පවසන්නටද නොහැකි,
ඉමක් නොදන්නා,
කිසිදා නොපෙනෙනා,
අපෙ සඹඳ කම,
සොයා ඇවිදින්නද මම,
ඉබා ගාතයේ?...

Monday, September 5, 2011

මොහොතකට අප දෙවියන් වීමු


එය.....
නැත්නම් ඌ කියලා හදුන්වන්නත් පුලුවන්,
ඇත්තටම ජීවයේ සීමාවන් තවමත් අපි දන්නෙ නැති හන්දා.

මුලදි අපි හිතුවෙ නෑ අපි කරේ ජීවය නිපදවීම කියලා,
ස්ව්භාවදර්මය පමන්ක් කල යුතු වූ හුඟක් දේවල් අතට ගත්තා වගේම,ජීවය නිපදවිම අපේ අතට නොදැනුවත්වම අරන් කියලා දැනෙද්දි කෝච්චිය ගිහින් ඉවරයි...

කතාව පටන් ගන්න මුලක් හොයාගන්න බැරි හන්දයි මේ වටේ යන්නෙ..
කොහොම කියන්නද දෙවියන්ගෙ වගකීම් අතට අරගන,ලෝකෙම වලකට ඇදලා දාපු කතාව..

කියන්නෙ මම හන්දා මගෙන්ම පටන් ගන්නම්,
මම ගොඩක් දේවල් ඉගන ගත්තු,ඒවා යොදා ගැනීම හරියට කරපු,ලැබෙන ප්‍රතිඵලේ අනුමාන නොකරපු මිනිහෙක්.
ඉගන ගන්න තියන ආසාවටම එකිනෙකට වෙනස් ක්ශේත්‍ර වලින් පශ්චාත් උපාදි 5ක් සම්පූර්න කරපු මට,
ඇමරිකාවෙ නාසා ආයතනයෙන් රැකියා ඇරයුමක් ලැබෙද්දි මට මුලු ලෝකෙම හොදම පරීක්ශනාගාර පහසුකම් ලැබුනා..

ඔක්කොටම හේතු උනේ දවසක් අපි කරමින් හිටිය "වයිරසයක ව්‍යුහය නැනෝ යන්ත්‍රයකට ආදර්ශනය කිරීම" කියන පරීක්ශනය ධන ප්‍රතිඵල පෙන්වීමත් එක්ක.
එදා අපිට ආදර්ශනය කරගන්න පුලුවං උනේ වයිරසයකින් 10% වගේ ප්‍රමානයක් උනත්,
අවුරුදු කීපයක පරීක්ශන වලින් මේ ප්‍රතිශතය 75% දක්වා ගෙන එන්න පුලුවං උනා,
සාමන්‍ය කාබන් නැනෝ නාල සහ තනි පරමානු ස්තරයේ ගැපයිට් පාවිච්චි කරමින් කරපු මේ පරික්ශන වල අවසානයට අපිට වයිරසයක මූලික ක්‍රියාකාර කම උනු ප්‍රතිජනනය ආදර්ශනය කරන්න පුලුවං උනා,
කාබනික මාද්‍යක අපි දෙන විද්‍යුත් උපදෙස් භාවිතයෙන් ඒවා ප්‍රති ජනනය උනා(කාබනික මාද්‍ය ජීවි එකක් කියලා කියන්න ඕනි නෑනෙ).
ඒත් අපේ පරීක්ශන 100% සාර්තක නොවුනෙ වයිරසයක තිබුනු බුධ්දිමත් ස්වහාවය ආදර්ශනය කරගන්න ඒ වෙනකොටත් අපිට බැරි වෙලා තිබුනු හන්දා.
වයිරසය අනුකරනය කිරීම කොච්චර කලත් 75%න් එහාට ගිනියන්න අපිට බැරි උනු හන්දා අසාර්තක තවත් පරීක්ශනයක් කියලා අපි ඒක පැත්තකට කරලා දැම්මා.

ඊ ලඟට කතාවට වැදගත් වෙන කොටස තියෙන්නෙ අවුරුදු කීපයකට පස්සෙ ප්‍රතිවාදී අභ්‍යාවකාශ ගවේශන ආයතනයකින් නෙප්චූන්ට යවන රෝවරේකට වැරදි දත්ත ආපසු එවන විදියට පරිගනක වයිරසයක් සකස් කරන කන්ඩායමක නායකයා වීමත් එක්ක.
මේක සාර්තකව නිමාකරලා ලැබුනු විවේකයෙදි,මට නැවතත් අර පරන නැනෝ පරීක්ශනයේ වාර්තා දකින්න හම්බ වෙනවා,
එතනදි එන පිස්සු අදහසක් ව්‍යාපෘති යෝජනාවක් කරලා ආයතනයට ඉදිරිපත් කරද්දි හුඟක් දෙනා මගේ දිහා පිස්සෙක් විදියට බැලුවත්,මගේ කලින් පිස්සු අදහස් හුඟක් දුරට සාර්තක උනු හන්දා,
ආයතනයෙන් ව්‍යාපෘතිය සදහා අවශ්‍ය ප්‍රතීපාදන සපයන්න එකඟ වෙනවා,

මගේ අදහස වෙන්නෙ කලින් සකසපු නැනෝ වයිරස ආදර්ශනයත් එක්ක පස්සෙ රෝවරයට යවන්න හදපු කෘතීම බුද්දි වයිරසය එකතු කිරීම..බැලූ බැල්මට අතාත්විකයි කියලා පෙනුනට ලොකු වැඩ කොටසකින් පස්සෙ අපිට පුලුවං වෙනවා මෘදුකාංගමය කොටසකින් සහ පදාර්තමය කොටසකින් සමන්විත නැනෝ පරිගනක වයිරසයක් ගොඩනගන්න.
ඒක පරිගනක වයිරසයක් කියලා හදුන්වපු එකේ නිවැරදි භාවය ප්‍රස්නයක් උනත් ඒ දවස් වල ඒක පරිගනක වයිරසයක් පමනක් උනේ මෘදුකාංගමය කොටස හන්දා.ඒක ජීවත් වෙන්න පරිගනකය අත්‍යාවශ්‍ය උනා.වයිරසයට ජීවත් වෙන්න හැකි උනේ පරිගනක පද්දතියක් තුල පමනයි.ලෝහ අයන සහ කාබන් නැනෝ නාල අන්තර්සම්බන්දය පිලිබදව පරීක්ශන වලින් අපි සම්පූර්න වයිරසයම පරිගනක පද්දති තුල පවත්වාගන්න පුලුවන් විදියට සැකසුවා.
නමුත් ඒකට පරිගනක පද්දතියක් තුල ගුනනය වෙන්න හැකියාවක් තිබුනේ නෑ.මොකද කාබනික මාද්‍ය නොතිබුනු නිසා.ගුනනය වෙන්න කාබනික මාද්‍යකට ආවත් බාහිර උදවුවකින් තොරව ගුනනය වෙන්න බැරි වෙන්නෙ මෘදුකාංගමය කොටස ක්‍රියාත්මක වෙන්නෙ පරිගනක පද්දතියක පමනක් හන්දා..

වයිරසයට දෘඩාංගමය සම්බන්දයක් තියන ඕනෑම පරිගනක ජාලයක් හරහා ගමන් කල හැකි උනත් ඒක එච්චර ලොකු ප්‍රස්නයක් නොවුනෙ ගුනනය වීමක් නැති හන්දා.
පරික්ශනය සාර්තක උනා වගේම අපි ඒකෙන් විශාල වැඩ ප්‍රමානයක් ගත්තා.වයිරසයේ බුද්දිමය ස්වභාවය වගේම පරිගනක පද්දතියක සැඟවීමෙ හැකියාවකුත් තිබුනු හන්දා ඔත්තු බැලීමේ කටයුතු සදහා වැඩයෙන්ම මේක යොදා ගත්තා.

ඔක්කොම වෙනස් වෙන්න පටන් ගත්තෙ පලමු වානිජ මොල පරිගනක අතුරු මුහුනත(BCI-Brain computer interface) වෙලද පොලට නිකුත් වීමත් එක්ක.මෙච්චර කල් කාබනික මාද්‍ය සහ පරිගනක පද්දතිය එකට නොලැබුනු වයිරසයට ඒ දෙකම එකට ලැබෙන්න පටන් ගත්තා.මිනිස් සිරුර සහ මිනිස් මොලය..
පලමු වානිජ මොල පරිගනක අතුරු මුහුනත නිකුත් වීමෙන් මාස කිහිපයකට පස්සෙ පලමු ආසාදිතයා වාර්තා උනා.වයිරසය මගින් සිරුරට කල දේවල් මම කියන්න යන්නෙ නැහැ.ආසාදිතයින් මැරුනෙ නෑ කියලා විතරක් කියන්නම්..කතාවෙ ඉතුරු ටිකත් සෑහෙන්න පැහැදිලි ඇති.
සම්පූර්නයෙන්ම නව ජීව විශේශයක් උනු මෙය තව දුරටත් වයිරසයක් කියලා හදුන්වන එක සාදාරන උනේ නෑ.මිනිස් ප්‍රතිශක්තීකරන පද්දතියේ දුර්වලතා හදුනා ගත්තු මෙය විවිද ක්‍රම වලට පැතිරෙන්න පටන් ගත්තා.මේ කාලයේදීම සමහර වයිරස,ස්ඵටිකීකරනයවෙන අවස්තා වලදි දක්වන ව්‍යුහ වෙනස් වීම් මෙයිනුත් වාර්තා වෙන්න පටන් ගත්තා.
එතනින් එහාට කතාව කීමේ තේරුමක් නෑ..

දෙවියන් වෙන්න උත්සාහ කරපු අපි දැන් දෙවියන් වගේම තනිවෙලා මරණය එන තුරු බලා ඉන්නවා.....
කවුරු හරි කෙනෙක් මේක කියවනවනම් කියන්න තියෙන්නෙ "ඔබ වාසනාවන්තයි,කිසිදාක ස්වභාවදර්මයේ ක්‍රියා පාලනය කිරීමට උත්සාහ නොකරන්න!" කියලා..

ඉතින් ආයුබෝවන්....................................................................................

Thursday, August 25, 2011

මගේ ජීවිතෙන් දවසක්


සුපුරුදු පරිදි උදේ 6.00 විතර ඇහරුනා,
නැගිටලා මක් කොරන්නද,
මෙච්චර වෙලා දැක්කෙ මට ඕනි හින නෙවෙයිනෙ,දැන් එයා ගැන හීනයක් බලනවා,
"අවදි සිහින" කස්ටමයිස් කර කර බැලුවැහකිනෙ..

ඔන්න හරි,

කෝ ස්ටාට්!!..
ආ හරි ඔන්න වැඩ ඇරිලා එනවා
එයා එන්නව දෙර ගාව මම එනකන් බලාගන..
......................................................................
......................................................................

"පුතේ නැගිටිනවා අද මොකක්ද විබාගයක් කිව්වා නේද හ්ම්! හ්ම්!"...
සිහ් අම්මා කෑ ගහලා කෑවා අවදි සිහිනෙ...

හුටා!! මොකද්ද විබාගෙ කතාව?
අද................ කවද්ද,මතක නෑනෙ..
නිකං ගෙදරට වෙලා ඉන්න මට මොකටද දවස...

අඃ පෝං එක ඇති කොට්ටෙ යට.......
කෝ බලන්න..
ඒකත් නෑ..
ඇද යට වෙන්න ඇති..

අඃ අර තියෙන්නෙ ලස්සනට කෑලි තුනකට ගැලවිලා,
හයි කරලා බැලුවා දවස විසි පහ..
විසි පහ..විසි පහ..විසි පහ...
හුටා අර පොප් මගුල නේද?..
තියනවා නේන්නං විබාගයක්..
අම්මාපා මේ ඇස්බියා අපිට කිව්වනම් "දැන්ම කැම්පස් ගන්න බෑ,ටිකක් කල් ගෙදර හිටපියව්" කියලා, අඩු තරමෙ

පතලකවත් වැඩට යන්න තිබුනා..
නායකත්ව පුහුනුයි පූර්ව නමනිකරනයි දදා වද දෙන්නෙ නැතුව..

අවදි සිහිනේ බැලුවෙ පොඩඩ උනාට වෙලාව 8.00යි

පලයංකො විබාගෙට යාලුවො එන හන්දා දාගත්තෙ 10.00ටද කොහෙද..10.30ටද?..හැහ් දැන් කොහොම ගියත්

10.30ට තමා..
මට ඕනි වෙලාවට පාරෙ බස් යන එකක්යෑ..
අරෙහෙං මෙහෙං ගහලා මූන හෝද ගත්තා,
මට අමතක උනාට අම්මට විබාගෙ අමතක වෙලා නෑ වගේ ඇදුම් දෙකකුත් මැදලා!!
අරෙහෙං මෙහෙං උදේ කෑම එකත් ගිලලා දිව්වා පාරට..

හැහ් අවුරුදු ගනං පරන තඩි වලවල් පාරෙ,කොහෙද කාපට් කොරං ඇවිල්ලා හතරමං හන්දිය ගාව නැවැත්තුවනෙ,
යන්නෙ කොයි පැත්තටද කියලා හිතාගන්න බැරිවෙන්න ඇති..දැන් වෙන කොහෙද පාරක් කාපට් කොරනවා

කියන්නෙ මැශින් ටික අරන් ගිහින්..

හම්මෙ යන්තං ඔය එන්නෙ බස් එකක්,
හැටි විතරක් දැක්කාම නගින හිතෙන් නෑ..වෙන මොකක යන්නද ඔන්න ඔහෙ නගිනවා..

දඩස්!!..
හප්පොයී තවත් වලක්,මේකෙ ඇන්ජිම වැටෙයිද මන්දා.. o_O

යන්තම් 9.40 ට ආවා ස්ටෑන්ඩ් එකට,අරුං මාව කන්න බලාගන ඇති 9.20 එනවා කිව්වෙ..

තෝඔඔඔ හැමදාම පරක්කුයි!!,හුහ් මම කලින් ආපු දවසට මුං පරක්කු වෙනවා ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....

හරි හරි දැං යමං බස් නෑනෙ බං අපේ පාරෙ...

නැග්ගා බස් එකට
මචං මටත් එක්ක ගනිංකො...
නොදකිං තෝ මාවමයි කන්නෙ, හුහ් මූට මතක නෑ මම මූට ටිකට් ගත්තුවා..

එනකොට 10.30 වෙයි කියලා හිතුවට 10.15 වෙනකොට ආවා..
ගිහන් අහපුවාම ලස්සන කෙල්ලෙක් -මිස් කෙනෙක්- කිව්වෙ නැතෑ, 10.30 ට එන්න ඒ වෙලාවට ටයිම් බුක් කලා

නම්.හරි හරි ඉතිං අපිට බලෙං ලියන්න ඕනි නෑ

හිටුකො අපි ඇතුලට එනකම්...
හෆ්ෆොයි ඉංග්‍රීසි පේපරෙ ගිය පාර එකට වඩා අමාරුයි පැය එක හමාරම ගියා,මිස්ට මුකුත් කියන්න උනේ නෑ...අපි

හතර දෙනා විතරනෙ,
කිසි කික් එකකුත් නෑ..

ද්වල්ට ලඟ තියන කඩෙං කාල අනිත් එක ලියන්න ගියා,
රෙද්දෙ අයිටී
මේක හදන්නෙ මයික්‍රොසොෆ්ට් එකට කඩේ යන එකෙක්ද?
ඔෆිස් ප්‍රස්න විතරයි..ඇහුවාම ඔය යන්නෙ රවාගන මිස්..කලිං සෙසන් එකේ කියපුවට මාව තාම නෝට්ද මන්දා..

අයිටී එක විනාඩි 45න් ඉවර කරලා බුකිය පැත්තෙ යන්න බැලුවා..කොහෙද ගූගලා පැත්තෙ යන්නත් බෑ ඔක්කොම බ්ලොක් වගේ..
මොනවා කොරන්නද සබ්මිටුත් කරපු එකේ අරූගෙ පේපරේට එබෙනවා...

ඌටත් ටිකක් කියාදීලා සෙට් එකම ආවා එලියට..
යන්නම් කියපුවාම මිස්ගෙ මූනෙ ආපු හිනාව..හපෝයි කරදරයක් ඉවරයි කියනවා වගේ..

හයියෝ කම්මැලී ඉතුරු ටික හිතුනොත් පස්සෙ දානවා..දැම්මත් මම විතරනෙ බලන්නෙ... :D :D

Tuesday, August 23, 2011

හිත යටින් ඉකි ගසන්.................................

ඔබ ඈත දුර ගිහින්,
යන්න මගෙ හිත අරන්,
සිනාසෙමි මම මුවින්,
හිත යටින් දුක අරන්..

උදා තරුවක් ලෙසින්,
ජීවයට එලිය දුන්,
ඇයි ඔබට බැරි ඉන්න,
හැමදාම මගෙ ලඟින්..

සිනා මුසු මුහුනකින්,
පිනවුවත් දසුන මං,
ඉන්නෙ මම දුක දරන්,
හිත යටින් ඉකි ගසන්..............

Thursday, July 21, 2011

කිරිල්ලියෙක් ඇවිත්.............

පියාඹන්න හදන පලවෙනි උත්සාහයේදිම,
බිමට ඇදගන වැටිලා තටු කැඩුනු කිරිල්ලියෙගෙ හිතේ,
පියාඹන්න ඇතිවෙන බය ස්වාහාවිකයි නේද?

එයාව දිරිමත් කරලා,
ආත්ම විස්වසය ඇති කරලා,
ආයිමත් අහසට පුරුදු කරන්න ටිකක් අමාරුයි නේද?

අවදානම අරගන පුරුදු කරන්න ගිහින්,
එයා ආයිමත් වැටුනොත්,
එයා හැමදාටම අහසට බය වෙයි..
ජීවිත කාලෙටම නිදහසේ පියාඹගන යන්න තියන එයාගෙ උරුමයටම එයා බය වෙයි...

ඒත් මම හදන්නෙ අවදානම ගන්න,
පුරුදු කරලා නිදහසේ පියාඹන්න දෙන්න..
පියාඹගන එයා ඈතට ගියත්,
ආපහු මගේ ලඟටම ආවත්,
මට එකම විදියට සතුට දැනෙයි..

අහින්සක කිරිල්ලියෙකුට පියාඹන්න උදවු කලා කියලා.. :)
ඒත් මගේ හිත කියන්නෙම එයා මගේ ගාවට ආවොත්.. කියලා

(මම ඉංජෙකු වීමෙ පලමු පියවර තිබ්බා..ගිය 18 වෙනිදා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙ ඉංජිනේරු පීඨයේ ලියාපදිංචි උනා.මම දැන් ®ඉංජෙක්  :D :D)

Friday, July 1, 2011

ඔබ සහ මම(හෆ්ෆොයි මම)

ඔයා මගෙ යාලුවෙක්,
මම හිතන්නෙ මම ඔයාට ආදරෙයි,

ඒත් මම එහෙමයි කියලා ඔයා දන්නෙ නෑ නෙ,

ඔයා වෙන කොල්ලෙක් එක්ක හරි චැට් කරනවා කියලා දැන ගත්තොත්,
මට පට්ටම ඊරිසියයි;
ඒත් ඉතින් ඔයා චැට් නොකර ඉන්න් ඕනි නෑනෙ..

ඔයා වෙන කොල්ලෙක්ගෙ හරි ස්ටෙට්ස් එකක,පොටෝ එකක කොමෙන්ට් එකක් දාලා තියනකොට,
මට  පට්ටම ඊරිසියයි,
ඒත් ඉතින් ඔයා මගේ එවගෙම කමෙන්ට් කරන්න කියලා නීතියක් නෑනෙ..

ඔයාට එවන මැසේජ් වලට රිප්ලයි පරක්කු වෙනකොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයා පෝන් එක අතේ තියන් ඉන්නෙ නෑනේ මගෙන් මැසේජ් එකක් එයි කියලා බලාගන..

ඔයා මාව ගනන් නොගෙන ඉන්න කොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයාට වෙන වැඩත් තියනවනෙ..

ඔයා වෙන කොල්ලො ගැන කියන කොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයාටත් හැඟීම් තියනවනෙ..

ඔයාට වෙන කොල්ලෙක් "හායි ඩියර්" කියලා වෝල් පෝස්ට් එකක් දාලා තියනකොට,
මට තරහයි,
ඒත් ඉතින් ෆේස්බුක් තියෙන්නෙ ඕවාටත් එක්කනෙ..

ඔයා මට නොකියා ඕෆ් ලයින් උනාම,
මට තරහයි,
ඒත් ඉතින් ඔයා මට කියන්න ඕනිම නෑ නෙ..

කොහොම උනත්..
ඔයාට සතුටුනම් මටත් සතුටුයි..
ඔයා දුකින්නම් මමත් දුකින්...

ඒකටද ආදරේ කියන්නෙ?

Friday, June 24, 2011

ඇය

ඇය නැතනම් එයා
මට හම්බ උනෙ අන්තර්ජාලය හරහා..
අපි කවුරුත් දන්න බුකිය හරහා..

මතකද මම දාපු මේ නිසදැස?
ඒක එයා ගැන..
අග ටිකනම් තාම උනේ නෑ..

ඇත්තටම අරමුනක් නැතුව එක එක කෙල්ලො ගාවට දුවපු හිතට,
එයා අරමුනක් දුන්නා,
නැත්නම් මම එයාව අරමුනක් කර ගත්තා..
මේ ලඟක් වෙනකන්ම ඒක නිකංම අරමුනක් විතරක් උනත්,
එයා මට හුඟාක්(මම හිතන විදියට) ලං උනා,
මම එයාට ලං උනාද කියන එකනම් දන්නෙ නෑ..

ඒත් එයා මේ ලඟදි,
මම මගේ වෙන කෙල්ලට තියෙන්නෙ ඕනි කියලා හිතන කොන්දේසියක්,
"අම්මා කෙනෙකුගෙ හදවත"
එයාට තියනවා කියලා පෙන්නුවා,

හිත ආයිමත් ප්‍රස්න වල,
එයා මට කැමති වෙයිද?
අකමැති වෙන්නත් හේතු ගොඩාක් තියනවා,

අනික එයා මගේ හොදම යාලුවෙක්,
මම කොහොමද යාලු කම බිල්ලට තියන්නෙ,
සදාකාලිකයිද කියලවත් හරියට දන්නෙ නැති හැඟීමක් වෙනුවෙන්?

කාලෙකට කලින් හිතින් ඈත් උනු සැනසිල්ලක්,
එයා ගැන මතක් වෙනකොට හිතට එනවා,

ගලන සිතුවිලි ධාරාව,
මෙහෙම බ්ලොග් එකට,
එයා බ්ලොග් එක බලන්න තියන ඉඩ බොහොම අඩු හන්දා!! 

Tuesday, June 21, 2011

නින්දත් නොනින්දත් අතර හීනයක්ද මේ?

ලස්සනට ඉර එලිය වැටිලා තිබුනු කදු මිටියාවතේ
පුන්චි ගෙදරට මම සේන්දු වෙනකොට
හිමිදිරි පාන්දරනම් ගෙවිලා ගිහින්
උදැසනේ අන්තිම බාගයට ඇවිල්ලා...

ගමන කොච්චර දුර උනත්
පුන්චි හරි මහන්සියක් නොතිබුනු මම
ප්‍රබෝදයෙන් පිරුනු හදවතකින් හෙව්වෙ එයාව
දොර එලිපත්තට හෙමින් ලං උනු මම ටිකක් හයියෙන් කෑ ගැහුවෙ
"____ ඔයා කොහෙදෝ" කියලා....

ලස්සන ගස් වලින් පිරිලා තිබුනු ගෙවත්තෙ කොනකින්
මට එයාගෙ කටහඩ ඇහුනෙ හරියට දිව්‍ය ලෝකෙන් ආපු කටහඬක් වගේ
"මදුශාන්..මම මෙහේ...මම ඔයා එන දිහා බලාගන හිටියා......."
එයාටත් හොරෙන් හිනාවුන එයාගෙ ඇස් අතරින් එයා කියද්දි
මට හිතුනෙ අහන්න ආපු දේනම් අහන්න ඕනි වෙන එකක් නෑ කියලා...

මම එයාගෙ පුංචි ඇස් දිහා බලාගන ඉන්නවා දැකපු එයා
මූනත් රතු කරගන මුව පැටික්කියෙක් වගේ ගෙට රිංගුවෙ
"මම ඔයාට තේ එකක් හදාගන එන්නම්"
කියන ගමන්....

ජීවිත කාලයක්ම වගේ
මගේ හොදම යාලුවා වෙලා හිටපු එයාගෙන්
අහන්න හිටපු දේට ලැබෙන උත්තරේ මම මෙච්චර කාලයක් දැනගන හිටියෙ නෑ..
ඒත් දැන් ටිකකට කලින් දැකපු ඇස්
වචන දාහකට වඩා හොදට ඒ උත්තරේ පැහැදිලි කලා

ටික වෙලාවකින් හැඟීමුත් මුසු කරපු රසම රස් තේ කෝප්පයක් අරන් ආපු එයා
ලොකූ හිනාවකුත් මූනෙ තියාගන ඒක මට දෙනකොට
ඒ උත්තරේ ආයිමත් තහවුරු උනා...

එයා හදපු තේ එක බීලා ඉවර කරපු මම
එයාගෙ සියුමැලි අතකින් අල්ලගන ආපු පාර දිගේම ආපහු ගියෙ
කදු පන්ති ටික ලස්සනට පේන තැනකට

කදු වල වැවිලා තියන උස ගස් අතරට
හැන්දැ මීදුම ගලාගන එනකන්ම වගේ දික් ගැස්සුනු
අපේ ආ ගිය කතා බහ
කෙලවරක් කරන්න ඕනි කියලා හිතුනෙ
එයාගෙ අම්මා කතා කරන්කොට...

ඉතින්
ගැහෙන හදවතකින් වගේම
ගැහෙන කටහඬකින්
මම අහන්න ආපු දේ අහපුවාම
ලැබුනු එයාගෙ උත්තරේ
ජීවිතේ අහපු ලස්සනම වචන ටික කියපුවාම ඇතිවෙයි නේද?

(නින්දත් නොනින්දත් අතර ලියවුනු මේ වචන ටික හීනයක්ද හැබෑවක්ද කියලා අදුනගන්න මට ටිකක් අමාරු උනා..
ඔයා මේක බලනවනම් මේ ඔයාටයි!)

Tuesday, June 14, 2011

තරු පිරුනු රැ අහසකට?

හැන්දෑවෙ අහස දිහා
මම බලා හිටියෙ,
ගොඩාක් කාලෙකට පස්සෙ,

ලස්සනට පාට වැටුනු,
වලාකුලු අස්සෙන්,
පරක්කු වෙලා ගෙදර යන කුරුල්ලො,
පියාඹගන යනකොට,
හිතට දැනෙන පුන්චි ඉරිසියාව,
උන් අපට වඩා හුඟාක් නිදහසේ,
මුලු අහස පුරාම ඉගිල්ලෙන හන්දා වෙන්න ඇති,

ඒ මේ අස්සෙ මගෙත් එක්ක හිනාවෙන,
පුන්චි හද පලුව,
ඉගි කරන්නෙ,
තරු පිරුනු රැ අහසකටද?

(නායකත්ව පුහුනුවෙ 17 වන දිනයේ හවස 6ට පමන මිනි පෙරඩ් පිටියෙ බැම්ම මත හිදිමින් අකුරු කරන ලදී...:P :P)

Saturday, June 11, 2011

ඔං එහෙනං ඒකත් ඉවරයි

මාස හයකට කලින් පටන් ගන්න කොට,
කව්ද හිතුවෙ මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා,
මාස හය ඇතුලෙ ඉගන ගත්තු දෙවල්,
ඇති කරගත්තු යාලුකම්,
අමතක කරන්න බැනෙ,

හතර වටෙන් ආපු යාලුවො ආයි කවදා හම්බ වෙන්නද,
ගතකරපු ඒ සොදුරු මොහොත් වල,
කරපු එ සොදුරු විහිලු වල,
මතකයන් හිතට එනකොට,
තාමත් ලොකු සතුටක් වගෙම,
වේදනාවකුත් දැනෙන්නෙ,
ආපහු එ සොදුරු අවස්ථා වලට,
යන්න බැරි හන්දා වෙන්න ඇති,

ඔං එහෙනං ඒකත් ඉවරයි කිව්වට,
ලබන සතියෙන් පස්සෙ දැනෙන පාලුවට,
මොකක් කරන්නද?


ඉතා ආසාවෙන් ගිය ඉංගිරිස් පන්තියක් නිම වීම හේතුවෙන් සිංහලෙන් ලිවීමි

Friday, June 10, 2011

MY LOVE or NOT?

the 1st day i saw you,
i thaught you are just a normal girl with normal thaughts,
as i knew you are not,
i fell in LOVE with you,
like never before,
like crazy,
but,
after knowing i'm too late and he is early,
what should i do?,
i still LOVE you,
and he also LOVE you,
as they say,
"YOUR HAPPY IS MY HAPPY",
so,
i'm out from the way of relationship,
but i LOVE you for ever,
if you wonna someone to take your hand,
just take a look back,
i'll be there!


මෙය පරන ක්‍රශ් එකකට ලියුවක් බව සලකන්න!!

Sunday, June 5, 2011

කාලය,අවකාශය සහ සිත

දකින විට ඒ සුපුන් පුර හඳ,
දකින විට ඒ පබලු තරු කැට,
දැනෙන විට මේ හමන මුදු නල,
දැනෙන විට මේ ජලයෙ සීතල,

ඇදෙන සිත මගෙ,
අනන්තය වෙත,
කෙසෙ අදහයිද,
මා සිටින්නෙ,
නිව්ටන්ගෙ,
අවස්ථිතික රාමුවක බව,
අයින්ස්ටයින්ගෙ,
කාල අවකාශ රාමුවක බව,

නොඅදහා,
සියල්ලම,
සිතද සිතුවිලිද බව!!

Tuesday, May 31, 2011

Someone Speaking

Remember the times,
that,

We were building the TIME,
We were building the WORLD,
We were building the MAN and WOMEN,
as our son and daughter,

As the time,
How much happy we were,
We built everything what we want,
as the man today,
Without thinking,
What would happen by what we built,

Today the results are present,
They don't even care us,
even we are the Father and Mother,
They don't believe in us,
even we gave them Birth,

The only thing left to do,
is wait,
Till they find,
What we found,
in Us!!!

Wednesday, May 25, 2011

Friends

In the past,
the time that i didn't have any friends,
when i'm in a problem,
I hate it,
I hate the whole world,
I hate myself,
I hate everyone,

But,
since i got good friends,
like YOU,
I learn that,
FRIENDS,
always,
get my back,
my side,
when i'm in a problem,

as i know,
YOU,
will give up your life,
for me,
will take my hand,
when i'm crying,

I'm so happy,
because of YOU,

YOU ALL ARE MY FRIENDS,
SO AM I,
YOU HOLD MY BACK,
SO AM I,
FRIENDS ARE MY LIFE!!


බ්ලොගය අප් ටු ඩේට් තබාගැනිමට එල අයිඩියාවක් ආවේය පරන බුකි නෝට් ටිකක් ශෙඩියුල්ඩ් පෝස්ට් වලට දැමීමි..(සින්ඩි වලින් මාව අයින් කොරයිද මන්දා කඩුව හරස් කොරනවා කියලා ලොල්)

Friday, May 20, 2011

හාමුදුරුවනේ!!!

වඩී ආරන්‍යයෙ හාමුදුරුවෝ,
පිඬු සිඟා ගෙදරටම,
දින තුනක්ම වැඩ,
තෙවැනි දිනයේ,
කියා දෙයි පාඩමක් ජීවිතයටම,
අපි වදී ඉන නවා එකවරක්,
"හාමුදුරුවනේ!!!"

පන්සලේ හාමුදුරුවො,
දකී අපි එක්දිනක්,
මාසෙටම,
කොහෙද,
"හාමුදුරුවන්ට වැඩට වඩින්න තියනවානෙ!!",
එහෙත් අප වඳි,
පන්සලේ හාමුදුරුවන්ට,
නවා දන නොව,
සියලුම හන්දි,
වැටී වැඩ දැමූ රතු පලස මත,
නව පොලක් බිම ගාවා,
"අනේ අපේ හාමුදුරුවනේ!!!"

Monday, May 16, 2011

ලබැදි මිතුරියෙ එන්න..............

හද පත්ලෙන්ම  එන,
සුහද ඇරයුම ඔබට,
මිතුරියෙ එක් වෙන්න,
ගලන මගෙ ජීවයට,

සදා ස්ථිර ලෙසින්,
සදා මිතුරිය වෙලා,
හැමදාම මගෙ ලඟින්,
ඉන්න සෙවනැල්ල සේ,

ඔබ දන්නවා මගෙන්,
කිසිම දින කිසි විටෙක,
ඔබ නොරැවටෙනා බව,

අහඹු ලෙස හමු උවත්,
ලබැඳි මිතුරෙකු මගින්,
කෙටි කලයි ගත උනේ,
අපට ලංවෙනු මෙලෙස,

ජාලයේ බොහො ඇති,
ලබැදි මිතුරන් තුලින්,
ඇරයුම ඔබටමයි,
මිතුරියේ,සොයුරියේ,
එන්න මගෙ අත ගන්න...........

(මෙය බුකිය තුල කිහිප දෙනෙකුට පෙනීම සදහා දමන ලද්දක් වන අතර..බලා පොරොත්තු වූ කාර්යය සිදු වූ බව පෙනෙනා බැවින් මෙලෙස බ්ලොග් අවකාශයට එක් කරමි....)

Sunday, May 15, 2011

මටද මහන වන්නට සිතුනේය!!

මට මහන වෙන්න හිතිච්චි එක,එක පාරටම වෙච්චි එකක්නම් නෙවෙයි,
හුඟක් කල් ඉදලා මගෙ හිතේ ඔය අදහස තිබුනා,

ඒක අලුත් උනෙ අද උදෙ අපේ ගෙදරට ආරන්‍යවාසි හාමුදුරු කෙනෙක් පිඬුසිඟා වැඩලලු,
(මමනම් දන්නෙ නෑ...6.30 විතර මල රෑ කවුද ඇහැරෙන්නෙ හික් හික්)
අපේ පැත්ත ගමක් උනත් හාමුදුරු වරු පිඬුසිඟා වඩින එක එච්චරම සුලභ නෑ,

ඉතින් මේ හාමුදුරුවොන්ගෙ ආගමනයත් එක්කම මට මතක් උනා ආරන්‍යවාසී(පන්සල් වාසී නොවේ!!) හාමුදුරු නමකට තියන නිදහස ගැන,

වැඩ කරන්න නෑ...
පවුල් නඩත්තු කරන්න නෑ...
කන්න බොන්න දෙන්න තරම් හිතක් තියන මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්නවා(නැත්නම් කැලැව තියෙන්නෙ..මොනවා හරි හොයාගන්න පුලුවන්නෙ..)
ඔක්කොටම වඩා කොම්පියුටර් නෑ,සෙල් පෝන් නෑ!!

මටනම් ජීවිතේ තියන ලොකුම දේ නිදහස!

කාලය තමන්ට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුලුවන්,

නිදහසේ ඉන්න..
භාවනා කරන්න..

අපි කලාතුරකින් ආරන්‍යට ගියාම දැනෙන සන්සුන් හැඟීම,
සිසිලස,
ඒ හාමුදුරු වරුන්ට හැමදාම දැනෙනවා ඇති,

ටිකක් හිතන්න,
ඒ වගෙ තැනකදි(පන්සල් නොවේ!!) හිත එක තැනක තියා ගන්න කොච්චර ලේසිද කියලා!!

ඒ අයට අදහස් ප්‍රකාශකරන්න බුකිය,බස් හෝ බ්ලොග් නැති උනාට අසීමිත වෙච්චි පරිසරය තියනවා!!
අපිට නැති මහා නිදහසක් ආරන්‍ය වාසී ජීවිතය තුල තියනවා.....

මේවා ගැන හිතනකොට මම ආයි අයිත් හැඟීම් අතර අතරමං වෙලා අනාගතය වෙනුවෙන් මම ගත්තු තීරනය හරිද කියන සැකය නැවතත් ඔලුවට එනවා..!!

Saturday, May 14, 2011

අහෝ ඛෙදයකි..මුන්ට සිංහල තේරෙන්නෙද නැත(හෙවත් ලංකාවෙ තොරතුරු තාක්ශන අද්‍යාපනය!)

අද මට යුනිකෝඩ් සම්බන්දයෙන් මල පැන්නෙය..(ඇයි හත් දෙයියනෙ මේ මගුල එ‍‍ක්ස් පී හදන්න කලින් හැදුවෙ නැත්තෙ?)
මගෙන් අද 65ස් දෙනෙක්(තාර බර අඩු කරන්න :P :P) පමන සිංහල යුනිකේත පහසුකම පරිගනකයට ලබාගන්නෙ කෙසේ දැයි ඇසුවෝය(හරියට මම ඒක හැදුවා වගේ)
මම ඔවුන්ට පහසුම විකල්පය වන සියබස් අඩවියෙ ලිපිනය දී ගැලවෙන්නට ඉටා ගතිමි,
ඛේදයකි තුන් දෙනෙකුම මගෙන් නැවත නැවතත් ප්‍රස්න අසමින් බුකි චැටේ මාව කන්නට හැදුවෝය,
දෙන්නෙක් කෙල්ලන් වූ අතර එකෙකු කොල්ලෙකි,
ඛේදයට කරුන වන්නෙ...මෙයින් දෙදෙනෙකු අප සමග ඉන්ජිනියරිං යාමට සිටීමත් අනිකිය මෙඩිසිං යාමට සිටීමත්ය,
කොල්ලා ගැන කියන්නෙ නම්,
මූ මගෙන් මුලින්ම ඇසුවෙ,
"එතන ගොඩක් තියනවානෙ බන්,මොකක්ද දාන්නෙ කියාය" :P :P
මම "උබේ ඉතින් තියෙන්නෙ ‍එක්ස් පී නෙ සර්විස් පැක් එක බලලා බා ගනින්" කියා කීවෙමි,
මූ සර්විස් පැක් එක යනු කුමක්ද දන්නෙ නැත!!...
යන්තම් සර්විස් පැක් එක යනු කුමක්දැයි පැහැදිලි කර මූ ලවා යුනිකෝඩ් එනබලරයා බැවූවෙමි,
මු එය බා ඉන්ස්ට්‍රෝල් වෙන්නෙ නැතැයි කියයි..
එන එරර් එක මොකක්ද කියා කියන්නෙ ද නැත(මූ ඉංග්‍රිසි පන්තිනම් යනවා මහලොකුවට :P :P)
මට නහුතයටම තද විනි..(ඇයි දෙයියනෙ!!!!!එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්)

එහෙනම් බම්බු ගහපිය කියා මම මූට ඉස්කොලෙපොත ෆොන්ටයෙ ලින්කුවක් දී
"බාගන ඉන්ස්ට්‍රෝල් කරපිය" යැ කිවෙමි,
මු එය බා ඩබල් කිලික් කොට කෝ බන් ඉන්ස්ට්‍රොල් කියා එකක් නැතැයි කීවෙය,
මූ ෆොන්ට ඉන්ස්ට්‍රෝල් කිරිමට දන්නෙද නැත!
මම ඉතින් මූට සිංහලෙන් දෙකක් කියා,
ෆොන්ටය C:/windows/fonts වලට කොපි කරන්නට කීවෙමි
මූ මගෙන් ඊලගට ඇසුවේ "කොහෙද බන් බාපු ෆයිල් එක"කියාය (ඇයි ඇන්නැවේ මගෙ හාඩ් එකටයැ බැවේ,තොගෙ හාඩ් එකටනෙ)
මම යන්තම් ගෙස් කර මුගෙ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරය වන්නට හැකි එකක් කීවෙමි(මේවර මට කියන්නට සිංහල ඉතිරි වී නොතිබින)
මූ එතනින් ෆොන්ටය හොයා(කනාවට හරිගොස් තිබිනි..නැත්නම් මම තාම මූට බනිමි..)
කොපි කරගන.වැඩේ කොරගත්තෙය,
නමුදු මූට සිංහල පෙනෙනේ නැතිලු!!,,(රෙන්ඩරිං අල වෙන එක වෙනම කතාවක් ඒ උනාට පේන්න එපැ!!)

මම ඊට බසු බ්‍රව්සර විසදුමක් දෙන්නට සිතා,
"උබේ බ්‍රවුසරය මොකක්දෑ "ඇසීමි,
ගත කටටම මූ එයද මොකක්දෑ ඇසීය,
මූ බ්‍රවුසරය යනු කුමක් දෑ දන්නෙද නැත...
යන්තම් වෙබ් බ්‍රව්සර කිහිපයක නම් කියා ක්රෝම් සහ ගිනි හිවලා හවුල් භාවිත කරනා බව සොයාගත්තෙය,
ගිනි හිවලා සදහා ඇති qsfox ඇඩෝනය දී ශේප් විමට සිතා,
ගිනි හිවලා ඕපන් කරන්නට කිවු විට මූ එය ඕපන් කර බලා
"ඒ බන් සිංහල පේනවා තැන්කූ" යැ කීවෙය...
මු ඉන්ස්ට්‍රෝල් කල ෆොන්ටය වැඩ කරන්නට ඇත්තෙ මූ වාගේම ටියුබ් ලයිට් විය යුතුය,
ගෑනූ දෙදෙනා ගැන කියන්නට පෝස්ට් දහයක්වත් අවශ්‍ය බැවින්..මම උන් දෙදෙනාට  qsfox ඇඩෝනය දී ශේප් වු බව පමනක් කියමි,,

දුකට කරුන වන්නේ මුන් තිදෙනාම මට කලින් පරිගනක භාවිතා කරන්නට පටන් ගත් වුන් වීමයි(නොදකින් අම්මපා මුන් දන්නෙ කොම්පීතරෙන් බුකි බඩගාන්න විතරද මන්දා) 
ලංකාවෙ තොරතුරු තාක්ශන අද්‍යාපනය 34% කින්ද කොහෙද ඉහල ගියාලු(මම හිතන්නෙ මේකට ගන්න ඇත්තෙ ලංකාවෙ බුකි බඩගාන ජනගහනය!!)

ඊටත් වඩා දුකට කරුන වන්නෙ..මුන්ගෙන් දෙදෙනෙකු ඉංජිනේරුවන් වීමටද,අනෙකා ඩොකෙකු වීමටද බලා සිටිනා බවයි!!...
විශ්ව විද්‍යාල ගත වීමට සිටින උන්ට කොහෙද නැති නායකත්ව පුහුනුවක් වෙනුවට හරි හමං තොරතුරු තාක්ශන අද්‍යාපනයක් ලබා දෙන්නෙනම්!!!(අහෝ..මයික්‍රොසොෆ්ට් ඔෆිස් නොවේ :P :P....)

(දැන් මම මේ කියපු එකා මං දාල දීපු සිංහලෙන්ම මේක බලලා මට ගහන්න සෙට් වෙයිද මන්දා..කමක් නෑ උගේ රෙන්ඩරිං අලනේ :P :P මොනවා හරි කියලා ශේප් වෙනවා!!)