Saturday, July 9, 2011

අනේ මගේ හිත,ඒකට මොකද උනේ........................

අරෙහෙ මෙහෙ ගිය මගේ හිත,
FB chat එකේ,
මැසේජස් අස්සෙ,
කෙල්ලො දාස් ගානක් අතරෙ දුවපු,
මගේ හිත....

එක තැනම හිරවෙලා,
එක කෙල්ලෙක් ගාව නැවතිලා,
කොට්ටෝරුවා කෙටුවවත්ද කෙහෙල් ගහට?

අනේ මගේ හිත,
ඒකට මොකද උනේ........................

Thursday, July 7, 2011

මම ඉගනගත්තු හැටි..........

කාට හරි වැදගත් වෙයි කියලා මෙන්න මම ඉගන ගත්තු හැටි

පටන් ගන්නම් මම අන්තිමට කරපුවගෙන්
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව
සංයුක්ත ගනිතය

ඔවා තමා මම උ.පේ. ට කලේ..

භෞතික විද්‍යාව රලු මතෘකා ගානකට වෙන්කරලා තියන ඇත්තටම අපිට ජීවත් වෙනකොට ඕනි වෙන දේවල් වලින් පිරිලා තියන,ඒවා වෙන්නෙ කොහොමද කියලා අවුරුදු ගානක් තිස්සෙ මිනිහා හොයපු දේවල් වල ලිඛිත පැත්ත..
මගේ පැත්තෙන් බලද්දි,
මට කවදාවත් ඕනි උනේ නෑ සාපේක්ශ ආර්ද්‍රතාවය පරිසර උශ්නත්වයත් එක්ක විචලනය වෙන හැටි හොයන්න,
නමුත් මට ඕනි උනා රත්නපුරේ අපිට හැමදාම ඉහිං කනිං දාඩිය දාන්නෙ ඇයි කියලා දැනගන්න,

මට ඕනි උනේ නෑ තාපගතික සමීකරන අර්ත දක්වන්න,
ඒත් මට ඕනි උනා ජෙට් එකක් යනකොට පස්සෙන් ඇදෙන සුදුපාට ඉර හැදෙන්නෙ මොකද කියලා දැනගන්න..

ගුරුත්වාකර්ශන,විද්යුත් පාරවේද්‍යතා නියතවල අගය මතක තියාගන්න ඕනි උනෙත් නෑ,
ඒවා හොයාගත්තෙ කොහොමද කියන එකයි ඕනි උනේ...

බාග සංකල්ප වලට වදින්න කොහෙත්ම ඕනි උනේ නෑ,
ඒවාගෙ වැරදි හොයන්නයි ඕනි උනේ..

රසායන විද්‍යාව,දහසකුත් එකක් වැඩවලට උදවු කරන...මලක පාට වෙනස් වෙන හැටි ඉදලා මිනිහෙක්ව මරන හැටි දක්වාම උගන්නන සොදුරුම විශය.....

සංයෝග දෙක මිශ්‍රකරපුවාම ගඳයි කියලා ලැබ් එකෙන් එලියට දුවනවා වෙනුවට ඒක ගඳ උනේ ඇයි කියලා බලන්නයි ම්ට ඕනි උනේ..

ඩී-ගොනුවේ අයන ද්‍රාවනේකට එක එක සංයෝග දාපුවාම් එන පාටවල් කට පාඩමේ මතක තියාගන්නවට වඩා
ඒ පාට ආවේ ඇයි කියලා ඉගනගන්නයි ගන්නයි ඕනි උනේ..

කාබනික ප්‍රතික්‍රියාවකට විකල්ප යාන්ත්‍රනයක් යෝජනා කරලා ඇයි එහෙම වෙන් නැත්තෙ කියලා කෙමෙස්ට්‍රි සර්ගෙන් ගේම ඉල්ලන්නයි මට ඕනි උනේ.........

සංයුක්ත ගනිතය,අවුරුදු දෙකහමාරක්ම ඉගනගන බාගයකවත් හරියට තේරුම් ගන්න බැරිඋනු විශය...
 රලු මාතෘකා හන්දාම හරියට තේරුම් ගන්න බැරිඋනු විශයක්..

වීජ ගනිත සමීකරන අතරෙ අතරමං වෙලා හීන දකින්න අමාරුවක් නැති උනත්,
මට කවදාවත් තේරුම් ගන්න බැරිඋනා කොහේවත් නැති සරල රේඛා දෙකක සමීකරන විසදලා ජේදන ලක්ශ හොයන්නෙ  මොන මගුලකටද කියලා..

කොහේවත් නැති රවුං දෙකක සමීකරන හොයාගන්න ඒවා ප්‍රලම්භව පිහිටලා තියනවා කියන එක යොදාගන්නෙ ඔලුගෙඩියටද කියලා...

ඒත් ඕක දුන්නානම් ගෝල දෙකක් ජේදනය වෙනතැන එකිනෙකට ලම්බක තල දෙකක එන විදියට හිල් විදින්න ඕනි කියලා මම ගල් මාට්ටුවක් දාලා හරි උත්තරේ ගන්නවා...

මට ඕවා තේරුම් ගන්න පුලුවන් උනේ විශයෙන් ගෙඩිය පිටින්ම උගන්නන විදියට ගන්නෙ නැතුව මටම ආවේනික ක්‍රම වලින්(පේනවනෙ :P )...
මම කටපාඩමින් ගෙඩිය පිටින් ගිලින්න හැදුවානම් මම හබක් (එහෙම හරියන අයත් ඇති :P :P)

Sunday, July 3, 2011

ආදරයේ අර්ථදැක්වීම??

‍X සහ Y යනු පුත්ගලයින් දෙදෙනෙකුනම්,
X ගේ සතුට Y ගේ සතුටත්,
X ගේ දුක Y ගේ දුකත් නම්,
Y, Xට ආදරය කරයි....


ඔය අපේ පිසික්ස් සර් ආදරය අර්ථ දක්වපු විදිය,

හිතුවා පහුගිය දවස් වල ආදරය කියන මාතෘකාව හොදටම ඔලුවට ගහපු හන්දා(තාමත් තියනවා :P) ආදරය කියන්නෙ මොකක්ද කියන එක ගැන මගේ අදහස් ලියන්න...

මගේ ආදරය ගැන තියන අදහසත උඩ තියන එකම තමයි..

උඩ තියන අර්ත දැක්වීමට අනුව ආදරය ඒක පාර්ශික ද්වී පාර්ශික හෝ බහු පාර්ශික වෙන්න පුලුවන්..
මොකද මේකෙ තියෙන්නෙ "Y, X එකිනෙකාට ආදරය කරයි" කියලා නෙවෙයි හන්දා...

අපේ හුඟක් අය "ආදරය" සහ "ආදර සම්බන්දතාවය" කියන දෙක පටලෝගන ඉන්නවා කියලයි මම හිතන්නෙ..
ආදරය කරද්දි අපි අම්මලා තාත්තලාගෙන් පටන් අරගන යාලුවො දක්වාම ආදරය කරනවා..
අම්මලා තාත්තලාත දුකක් උනාම අපිට දුක නැද්ද?
යලුවොන්ට කරදරයක් උනාම?

මම විස්වාස කරනවා ආදරය කියන්නෙ ඇත්තටම පිවිතුරු හැඟීමක් කියලා..
ඔනෑම කෙනෙකුට දෙන්න පුලුවන්,කිසිවක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව,හොදම හැඟීම ආදරය....

ආදර සම්බන්දතාවයක් කියන්නෙ මම විස්වාසකරන විදියට,

දෙදෙනෙකු අතර අන්‍යොන්‍ය වශයෙන් ආදරය කියන හැඟීමත් එක්කම ඊරිසියාව සහ රාගය එකතු උනාම හැදෙන දෙයක්,

ආදර සම්බන්දතාවකදි එකෙක් අනෙකාගෙ සමාජ සම්බන්දතා වලට ඊරිසියා කරනවා..(මම කලින් දාපු පෝස්ට් එකක මම ඕක කරන හැටි ඇති :D)

ඒක සම්බන්දතාවය පවත්ව ගන්න අවශ්‍යයි වගේම සීමාව ඉක්මවලා ගියොත් සම්බන්දතාවය බිඳ වැටෙන්නත් හේතු වේවි....

සම්බන්දතාවයකට රාගය එකතුවෙන හැටි ගැනනම් මේලෝ අදහසක් මගේ නැති උනත් ඒක සම්බන්ද වෙන බවට උදාහරන මම දැකලා තියනවා...

පන්ඩිත කතා කියෙව්වට මම තවම කරලා තියෙන්නෙ "ආදරය" විතරයි තවම "ආදර සම්බන්දතාවයක්" පටන් ගන්න උනේ නෑ..
වැරදි තැනක් තියනවානම් කියන්න ඒ හන්දා :D

Friday, July 1, 2011

ඔබ සහ මම(හෆ්ෆොයි මම)

ඔයා මගෙ යාලුවෙක්,
මම හිතන්නෙ මම ඔයාට ආදරෙයි,

ඒත් මම එහෙමයි කියලා ඔයා දන්නෙ නෑ නෙ,

ඔයා වෙන කොල්ලෙක් එක්ක හරි චැට් කරනවා කියලා දැන ගත්තොත්,
මට පට්ටම ඊරිසියයි;
ඒත් ඉතින් ඔයා චැට් නොකර ඉන්න් ඕනි නෑනෙ..

ඔයා වෙන කොල්ලෙක්ගෙ හරි ස්ටෙට්ස් එකක,පොටෝ එකක කොමෙන්ට් එකක් දාලා තියනකොට,
මට  පට්ටම ඊරිසියයි,
ඒත් ඉතින් ඔයා මගේ එවගෙම කමෙන්ට් කරන්න කියලා නීතියක් නෑනෙ..

ඔයාට එවන මැසේජ් වලට රිප්ලයි පරක්කු වෙනකොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයා පෝන් එක අතේ තියන් ඉන්නෙ නෑනේ මගෙන් මැසේජ් එකක් එයි කියලා බලාගන..

ඔයා මාව ගනන් නොගෙන ඉන්න කොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයාට වෙන වැඩත් තියනවනෙ..

ඔයා වෙන කොල්ලො ගැන කියන කොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයාටත් හැඟීම් තියනවනෙ..

ඔයාට වෙන කොල්ලෙක් "හායි ඩියර්" කියලා වෝල් පෝස්ට් එකක් දාලා තියනකොට,
මට තරහයි,
ඒත් ඉතින් ෆේස්බුක් තියෙන්නෙ ඕවාටත් එක්කනෙ..

ඔයා මට නොකියා ඕෆ් ලයින් උනාම,
මට තරහයි,
ඒත් ඉතින් ඔයා මට කියන්න ඕනිම නෑ නෙ..

කොහොම උනත්..
ඔයාට සතුටුනම් මටත් සතුටුයි..
ඔයා දුකින්නම් මමත් දුකින්...

ඒකටද ආදරේ කියන්නෙ?

Friday, June 24, 2011

ඇය

ඇය නැතනම් එයා
මට හම්බ උනෙ අන්තර්ජාලය හරහා..
අපි කවුරුත් දන්න බුකිය හරහා..

මතකද මම දාපු මේ නිසදැස?
ඒක එයා ගැන..
අග ටිකනම් තාම උනේ නෑ..

ඇත්තටම අරමුනක් නැතුව එක එක කෙල්ලො ගාවට දුවපු හිතට,
එයා අරමුනක් දුන්නා,
නැත්නම් මම එයාව අරමුනක් කර ගත්තා..
මේ ලඟක් වෙනකන්ම ඒක නිකංම අරමුනක් විතරක් උනත්,
එයා මට හුඟාක්(මම හිතන විදියට) ලං උනා,
මම එයාට ලං උනාද කියන එකනම් දන්නෙ නෑ..

ඒත් එයා මේ ලඟදි,
මම මගේ වෙන කෙල්ලට තියෙන්නෙ ඕනි කියලා හිතන කොන්දේසියක්,
"අම්මා කෙනෙකුගෙ හදවත"
එයාට තියනවා කියලා පෙන්නුවා,

හිත ආයිමත් ප්‍රස්න වල,
එයා මට කැමති වෙයිද?
අකමැති වෙන්නත් හේතු ගොඩාක් තියනවා,

අනික එයා මගේ හොදම යාලුවෙක්,
මම කොහොමද යාලු කම බිල්ලට තියන්නෙ,
සදාකාලිකයිද කියලවත් හරියට දන්නෙ නැති හැඟීමක් වෙනුවෙන්?

කාලෙකට කලින් හිතින් ඈත් උනු සැනසිල්ලක්,
එයා ගැන මතක් වෙනකොට හිතට එනවා,

ගලන සිතුවිලි ධාරාව,
මෙහෙම බ්ලොග් එකට,
එයා බ්ලොග් එක බලන්න තියන ඉඩ බොහොම අඩු හන්දා!! 

Thursday, June 23, 2011

මගේ ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට පොඩි හෙල්ප් එකක්(එක්ක ලොකු පුදුමයක්!!)

අද මට ඊමේල් එකක් ආවා මම කලින් හදපු ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට හෙල්ප් ෆයිල් එක හදන්න කියලා..
ඒකට වෙනම හෙල්ප් එකක් හදන්න ඕනි උනේ නැත්තෙ,මම ඒක හදද්දි පාවිච්චි කලේ රියල් ටයිම් සින්ග්ලිශ් එකෙ ස්ක්‍රිප්ට් එක හන්දා....
ඒක http://madurax86.comuv.com/readme/readme.html මෙතනින් ගන්න පුලුවන්..
නමුත් මේකෙ පාවිච්චි කරන්නෙත් නියම යුනිකෝඩ් ෆොන්ට් වෙන හන්දා,මොබයිල් බ්‍රවුසර් වල හරියට පේන්නෙ නෑ කියලා ඊමේල් එක එවපු එක්කෙනා කියලා තිබුනා.
එයාම ‍යෝජනා කලා මේක ඉමේජ් ෆයිල් එකක් උනොත් ඒ ගොල්ලන්ට ඩවුලෝඩ් කරගන පාවිච්චි කරන්න තිබුනා කියලා..
ඔන්න මම ඉමේජ් ෆයිල් එකකට ස්නැප් කරලා දානවා මෙතන..
හිතනවා මදුර නඩු දාන එකක් නෑ කියලා :D :D
 ඔන්න ඕනි අය ඉමේජ් එක උඩ කොටලා ඩවුන් කරගන්න
මෙන්න මගේ ඇප් එකට ගෙට් ජා ලින්ක් එක http://getjar.com/Singlish-For-Mobile
තව එකක් මම මේ ඇප් එක ගෙට් ජා එකට දැම්මෙ මැයි 7....
අද වෙනකොට මේක 3613 පාරක් ඩවුන් කරලා තියනවා..
මට් ඒක දැක්කාම නිකං කලන්තෙ වගේ හැදුනා...
මොකද මම මේක ගෙට් ජා දැම්මා කියලා කාටවත් කිව්වෙ නෑ..
කලින් පොස්ට් එකෙත් තියෙන්නෙ සෝස් ෆොරෙජ් ලින්ක් එකක්...
ගෙට් ජා එකට වැරදිලාද කොහෙද :P :P
මම මේක දැක්කෙ ලිංක් එක ගන්න ගෙට් ජා ගිය වෙලාවෙ :O :O

මම හදපු දෙයින් වැඩ ගන්නෙ මම විතරක් නෙවෙයි කියලා හිතෙන එනම් මාරයි :D :D :D

Tuesday, June 21, 2011

නින්දත් නොනින්දත් අතර හීනයක්ද මේ?

ලස්සනට ඉර එලිය වැටිලා තිබුනු කදු මිටියාවතේ
පුන්චි ගෙදරට මම සේන්දු වෙනකොට
හිමිදිරි පාන්දරනම් ගෙවිලා ගිහින්
උදැසනේ අන්තිම බාගයට ඇවිල්ලා...

ගමන කොච්චර දුර උනත්
පුන්චි හරි මහන්සියක් නොතිබුනු මම
ප්‍රබෝදයෙන් පිරුනු හදවතකින් හෙව්වෙ එයාව
දොර එලිපත්තට හෙමින් ලං උනු මම ටිකක් හයියෙන් කෑ ගැහුවෙ
"____ ඔයා කොහෙදෝ" කියලා....

ලස්සන ගස් වලින් පිරිලා තිබුනු ගෙවත්තෙ කොනකින්
මට එයාගෙ කටහඩ ඇහුනෙ හරියට දිව්‍ය ලෝකෙන් ආපු කටහඬක් වගේ
"මදුශාන්..මම මෙහේ...මම ඔයා එන දිහා බලාගන හිටියා......."
එයාටත් හොරෙන් හිනාවුන එයාගෙ ඇස් අතරින් එයා කියද්දි
මට හිතුනෙ අහන්න ආපු දේනම් අහන්න ඕනි වෙන එකක් නෑ කියලා...

මම එයාගෙ පුංචි ඇස් දිහා බලාගන ඉන්නවා දැකපු එයා
මූනත් රතු කරගන මුව පැටික්කියෙක් වගේ ගෙට රිංගුවෙ
"මම ඔයාට තේ එකක් හදාගන එන්නම්"
කියන ගමන්....

ජීවිත කාලයක්ම වගේ
මගේ හොදම යාලුවා වෙලා හිටපු එයාගෙන්
අහන්න හිටපු දේට ලැබෙන උත්තරේ මම මෙච්චර කාලයක් දැනගන හිටියෙ නෑ..
ඒත් දැන් ටිකකට කලින් දැකපු ඇස්
වචන දාහකට වඩා හොදට ඒ උත්තරේ පැහැදිලි කලා

ටික වෙලාවකින් හැඟීමුත් මුසු කරපු රසම රස් තේ කෝප්පයක් අරන් ආපු එයා
ලොකූ හිනාවකුත් මූනෙ තියාගන ඒක මට දෙනකොට
ඒ උත්තරේ ආයිමත් තහවුරු උනා...

එයා හදපු තේ එක බීලා ඉවර කරපු මම
එයාගෙ සියුමැලි අතකින් අල්ලගන ආපු පාර දිගේම ආපහු ගියෙ
කදු පන්ති ටික ලස්සනට පේන තැනකට

කදු වල වැවිලා තියන උස ගස් අතරට
හැන්දැ මීදුම ගලාගන එනකන්ම වගේ දික් ගැස්සුනු
අපේ ආ ගිය කතා බහ
කෙලවරක් කරන්න ඕනි කියලා හිතුනෙ
එයාගෙ අම්මා කතා කරන්කොට...

ඉතින්
ගැහෙන හදවතකින් වගේම
ගැහෙන කටහඬකින්
මම අහන්න ආපු දේ අහපුවාම
ලැබුනු එයාගෙ උත්තරේ
ජීවිතේ අහපු ලස්සනම වචන ටික කියපුවාම ඇතිවෙයි නේද?

(නින්දත් නොනින්දත් අතර ලියවුනු මේ වචන ටික හීනයක්ද හැබෑවක්ද කියලා අදුනගන්න මට ටිකක් අමාරු උනා..
ඔයා මේක බලනවනම් මේ ඔයාටයි!)