Friday, June 24, 2011

ඇය

ඇය නැතනම් එයා
මට හම්බ උනෙ අන්තර්ජාලය හරහා..
අපි කවුරුත් දන්න බුකිය හරහා..

මතකද මම දාපු මේ නිසදැස?
ඒක එයා ගැන..
අග ටිකනම් තාම උනේ නෑ..

ඇත්තටම අරමුනක් නැතුව එක එක කෙල්ලො ගාවට දුවපු හිතට,
එයා අරමුනක් දුන්නා,
නැත්නම් මම එයාව අරමුනක් කර ගත්තා..
මේ ලඟක් වෙනකන්ම ඒක නිකංම අරමුනක් විතරක් උනත්,
එයා මට හුඟාක්(මම හිතන විදියට) ලං උනා,
මම එයාට ලං උනාද කියන එකනම් දන්නෙ නෑ..

ඒත් එයා මේ ලඟදි,
මම මගේ වෙන කෙල්ලට තියෙන්නෙ ඕනි කියලා හිතන කොන්දේසියක්,
"අම්මා කෙනෙකුගෙ හදවත"
එයාට තියනවා කියලා පෙන්නුවා,

හිත ආයිමත් ප්‍රස්න වල,
එයා මට කැමති වෙයිද?
අකමැති වෙන්නත් හේතු ගොඩාක් තියනවා,

අනික එයා මගේ හොදම යාලුවෙක්,
මම කොහොමද යාලු කම බිල්ලට තියන්නෙ,
සදාකාලිකයිද කියලවත් හරියට දන්නෙ නැති හැඟීමක් වෙනුවෙන්?

කාලෙකට කලින් හිතින් ඈත් උනු සැනසිල්ලක්,
එයා ගැන මතක් වෙනකොට හිතට එනවා,

ගලන සිතුවිලි ධාරාව,
මෙහෙම බ්ලොග් එකට,
එයා බ්ලොග් එක බලන්න තියන ඉඩ බොහොම අඩු හන්දා!! 

Thursday, June 23, 2011

මගේ ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට පොඩි හෙල්ප් එකක්(එක්ක ලොකු පුදුමයක්!!)

අද මට ඊමේල් එකක් ආවා මම කලින් හදපු ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට හෙල්ප් ෆයිල් එක හදන්න කියලා..
ඒකට වෙනම හෙල්ප් එකක් හදන්න ඕනි උනේ නැත්තෙ,මම ඒක හදද්දි පාවිච්චි කලේ රියල් ටයිම් සින්ග්ලිශ් එකෙ ස්ක්‍රිප්ට් එක හන්දා....
ඒක http://madurax86.comuv.com/readme/readme.html මෙතනින් ගන්න පුලුවන්..
නමුත් මේකෙ පාවිච්චි කරන්නෙත් නියම යුනිකෝඩ් ෆොන්ට් වෙන හන්දා,මොබයිල් බ්‍රවුසර් වල හරියට පේන්නෙ නෑ කියලා ඊමේල් එක එවපු එක්කෙනා කියලා තිබුනා.
එයාම ‍යෝජනා කලා මේක ඉමේජ් ෆයිල් එකක් උනොත් ඒ ගොල්ලන්ට ඩවුලෝඩ් කරගන පාවිච්චි කරන්න තිබුනා කියලා..
ඔන්න මම ඉමේජ් ෆයිල් එකකට ස්නැප් කරලා දානවා මෙතන..
හිතනවා මදුර නඩු දාන එකක් නෑ කියලා :D :D
 ඔන්න ඕනි අය ඉමේජ් එක උඩ කොටලා ඩවුන් කරගන්න
මෙන්න මගේ ඇප් එකට ගෙට් ජා ලින්ක් එක http://getjar.com/Singlish-For-Mobile
තව එකක් මම මේ ඇප් එක ගෙට් ජා එකට දැම්මෙ මැයි 7....
අද වෙනකොට මේක 3613 පාරක් ඩවුන් කරලා තියනවා..
මට් ඒක දැක්කාම නිකං කලන්තෙ වගේ හැදුනා...
මොකද මම මේක ගෙට් ජා දැම්මා කියලා කාටවත් කිව්වෙ නෑ..
කලින් පොස්ට් එකෙත් තියෙන්නෙ සෝස් ෆොරෙජ් ලින්ක් එකක්...
ගෙට් ජා එකට වැරදිලාද කොහෙද :P :P
මම මේක දැක්කෙ ලිංක් එක ගන්න ගෙට් ජා ගිය වෙලාවෙ :O :O

මම හදපු දෙයින් වැඩ ගන්නෙ මම විතරක් නෙවෙයි කියලා හිතෙන එනම් මාරයි :D :D :D

Tuesday, June 21, 2011

නින්දත් නොනින්දත් අතර හීනයක්ද මේ?

ලස්සනට ඉර එලිය වැටිලා තිබුනු කදු මිටියාවතේ
පුන්චි ගෙදරට මම සේන්දු වෙනකොට
හිමිදිරි පාන්දරනම් ගෙවිලා ගිහින්
උදැසනේ අන්තිම බාගයට ඇවිල්ලා...

ගමන කොච්චර දුර උනත්
පුන්චි හරි මහන්සියක් නොතිබුනු මම
ප්‍රබෝදයෙන් පිරුනු හදවතකින් හෙව්වෙ එයාව
දොර එලිපත්තට හෙමින් ලං උනු මම ටිකක් හයියෙන් කෑ ගැහුවෙ
"____ ඔයා කොහෙදෝ" කියලා....

ලස්සන ගස් වලින් පිරිලා තිබුනු ගෙවත්තෙ කොනකින්
මට එයාගෙ කටහඩ ඇහුනෙ හරියට දිව්‍ය ලෝකෙන් ආපු කටහඬක් වගේ
"මදුශාන්..මම මෙහේ...මම ඔයා එන දිහා බලාගන හිටියා......."
එයාටත් හොරෙන් හිනාවුන එයාගෙ ඇස් අතරින් එයා කියද්දි
මට හිතුනෙ අහන්න ආපු දේනම් අහන්න ඕනි වෙන එකක් නෑ කියලා...

මම එයාගෙ පුංචි ඇස් දිහා බලාගන ඉන්නවා දැකපු එයා
මූනත් රතු කරගන මුව පැටික්කියෙක් වගේ ගෙට රිංගුවෙ
"මම ඔයාට තේ එකක් හදාගන එන්නම්"
කියන ගමන්....

ජීවිත කාලයක්ම වගේ
මගේ හොදම යාලුවා වෙලා හිටපු එයාගෙන්
අහන්න හිටපු දේට ලැබෙන උත්තරේ මම මෙච්චර කාලයක් දැනගන හිටියෙ නෑ..
ඒත් දැන් ටිකකට කලින් දැකපු ඇස්
වචන දාහකට වඩා හොදට ඒ උත්තරේ පැහැදිලි කලා

ටික වෙලාවකින් හැඟීමුත් මුසු කරපු රසම රස් තේ කෝප්පයක් අරන් ආපු එයා
ලොකූ හිනාවකුත් මූනෙ තියාගන ඒක මට දෙනකොට
ඒ උත්තරේ ආයිමත් තහවුරු උනා...

එයා හදපු තේ එක බීලා ඉවර කරපු මම
එයාගෙ සියුමැලි අතකින් අල්ලගන ආපු පාර දිගේම ආපහු ගියෙ
කදු පන්ති ටික ලස්සනට පේන තැනකට

කදු වල වැවිලා තියන උස ගස් අතරට
හැන්දැ මීදුම ගලාගන එනකන්ම වගේ දික් ගැස්සුනු
අපේ ආ ගිය කතා බහ
කෙලවරක් කරන්න ඕනි කියලා හිතුනෙ
එයාගෙ අම්මා කතා කරන්කොට...

ඉතින්
ගැහෙන හදවතකින් වගේම
ගැහෙන කටහඬකින්
මම අහන්න ආපු දේ අහපුවාම
ලැබුනු එයාගෙ උත්තරේ
ජීවිතේ අහපු ලස්සනම වචන ටික කියපුවාම ඇතිවෙයි නේද?

(නින්දත් නොනින්දත් අතර ලියවුනු මේ වචන ටික හීනයක්ද හැබෑවක්ද කියලා අදුනගන්න මට ටිකක් අමාරු උනා..
ඔයා මේක බලනවනම් මේ ඔයාටයි!)

Monday, June 20, 2011

හෆ්ෆොයි තවත් ලියුමක්...(සහ පූර්ව නමනීකරන වැඩසාටහන)

ලියුම ඇවිලලානම් දව කීපයක් වෙනවා..
පෝස්ට් එක ලියන්න පටන් අරන් තිබුනාට ලියන්න කමමැලි හන්දා අද තමා දැක්කෙ :P :P

මම හිතුවෙ තවත් පුහුනුවක්වත්ද කියලා..
ඔවු ජීවිතේ ඉස්සරහ අවුරුදු 4ම කරන්න තියන පුහුනුව ගැන.....
මාව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තෝරගන.. :D :D :D

ඉතින් ලබන මාසෙ 18 ලියාපදින්චි වෙන්න කියලා තියනවා...
කවදා පටන් ගනීද දන්නෙ නැ....
ආචාර්‍ය වරුන්ගේ වෘතීය ක්‍රියාමාරග හන්දා දැන්මනම් පටන් ගන්න වෙන එකක් නෑ..

ඒ මදිවට අපිට පූර්ව නමනී කරන වැඩසටහනකුත් තියනවලුනෙ....
ලේසි පහසු කාලයක් නෙවෙයි මාස 3ක්ම.... 

මේ වැඩේ හන්දා මේ මාසෙ හෝ ලබන මාසෙ පටන් ගන්න තිබුනු අපේ පලමු වසර,
තව මාස තුනකින් කල් යනවා...
මේ නමනීකරන වැඩ සටහන පටන් ගන්න දවසකුත් හරියට නැති හන්දා කොච්චර කල් යයිද කියලා හරියටම කියන්නත් බෑ......
අපි කෑම්ප් එකෙ ඉද්දි එස්.බී ඇවිල්ලා කියපු හැටියට ඔක්තෝබර් මාසෙ විශ්ව විද්‍යාල පීඨ ඔක්කොම එකපාර පටන් ගන්නවාලු..
එතකොට ඉංජිනේරු සහ ‍වෛද්‍ය ඒ වෙනකොට අවසාන වසර පිටවෙලා ගිහින් හිස්වෙලා තියන පීඨ විද්‍යාගාර,දේශනශාලා සහ අනිකුත් ඉගනුම් ආශ්‍රිත පහසුකම් මාස ගානක් නිකනම හිස් වෙලා තියනවා..
ඒ වගේම ඔක්තෝබර් වල ඉවර වෙන්නෙ නැති විශ්වවිද්‍යාල පාඨමාලා වල තදබදය වැඩිවෙනවා....
පලමු වසර දෙකක් තියන හන්දා..!!
ඒ වගේම මේ අවුරුද්දෙ උසස් පෙල කරන කට්ටිය විභාගෙ ලියලා ඉවර වෙලා මාස දෙකක් විතර යනකං අපි ගෙදර :(

දැන් අර නමනී කරන වැඩ සටහන..
ඒකෙ දෙන්නෙ මූලික ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ශන දැනුමක්ලු..
උසස් පෙලට තියන සාමන්‍ය ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ශනය විශයන් විදිමත් කලානම් විශ්ව විද්‍යාල වලට නොතේරුනු අයටත් වැඩක් වෙයි කියලා මම හිතනවා....

මේ වැඩසටහනට සහභාගි වෙන්න ඕනිද නැද්ද කියන එක තීරනය කරන්න මේ මාසෙ 20-30 ඔන්ලයින් විබාග තියනවා..
විහිලුව කියන්නෙ ජීවිතේට පරිගනකයක් දැකලා නැති අපේ සමහර සහොදර සහෝදරියන්ටත් මේ විබාගෙ තියන වෙලාව දැනගන්න වෙබ් අඩවියකට පිවිසෙන්න වෙන එක...ලිඛිත දැනුම් දීමක් නෑ!!..

අනික මේක ගැන අපිට කෑම්ප් එකෙදි දුන්නු අත් පොතේ(මගේ එකනම් කොහෙද මන්දා) කියලා තියනවා ගෙදර ඉදලා පයින් යන්න පුලුවන් දුරක මේවාගෙ ඉගැන්වුම් මද්‍යස්තාන තියනවා කියලා....
නමුත් රත්නපුරේ මෙච්චර ගන්න තැන් තියෙද්දි,වෙබ් අඩවියෙ දාලා තියන සිතියමේ හැටියට,සියලුම ඉගනුම් මද්‍යස්තාන තියෙන්නෙ ගෙදරින් කිලො මිටර 30ක අවමයකට එහා!!

වෙලාවට විබාග මද්‍යස්තානය තියෙන්නෙ හැම නගරයකම විවෘත විශ්ව විද්‍යාල වල..ඒකනම් මට ලඟයි...
සමහර යාලුවොනම් ඉතින් රුපියල් 60ක විතර ටිකට් එකක් අරන් එන්න ඕනි :D :D

වෙබ් අඩවියෙ තියන විදියට ඉංග්‍රීසි පාඨමාලාව පැය 60ක එකක් වෙනකොට පැය 48ක් ගුරුවරු මගිනුත් පැය 12ක් පරිගනක මගිනුත් උගන්නනවලු...(පරිගනක කොහෙන් හොයාගනීද මන්දා)

ඒ වගේම තොරතුරු තාක්ශන විශයන් ගැන මුකුත් සදහන් වෙන්නෙ නෑ!

හප්පොයි මේ ඇති

මෙන්න ලින්ක් ටික

පූර්ව නමනීකරන වැඩ සටහන පිලිබද අඩවිය- http://pop.nodes.lk
මූලික පරීක්ශනයට ඔබගේ විබාග මද්‍යස්තානය සහ වේලාව දැනගැනීමට- http://pop.nodes.lk/popex/nview/index.php

Tuesday, June 14, 2011

තරු පිරුනු රැ අහසකට?

හැන්දෑවෙ අහස දිහා
මම බලා හිටියෙ,
ගොඩාක් කාලෙකට පස්සෙ,

ලස්සනට පාට වැටුනු,
වලාකුලු අස්සෙන්,
පරක්කු වෙලා ගෙදර යන කුරුල්ලො,
පියාඹගන යනකොට,
හිතට දැනෙන පුන්චි ඉරිසියාව,
උන් අපට වඩා හුඟාක් නිදහසේ,
මුලු අහස පුරාම ඉගිල්ලෙන හන්දා වෙන්න ඇති,

ඒ මේ අස්සෙ මගෙත් එක්ක හිනාවෙන,
පුන්චි හද පලුව,
ඉගි කරන්නෙ,
තරු පිරුනු රැ අහසකටද?

(නායකත්ව පුහුනුවෙ 17 වන දිනයේ හවස 6ට පමන මිනි පෙරඩ් පිටියෙ බැම්ම මත හිදිමින් අකුරු කරන ලදී...:P :P)

Monday, June 13, 2011

අපේ නායකත්ව පුහුනුවේ ගත්තු ෆන්


නායකත්ව පුහුනුවේ අපි ෆන් හුඟාක් ගත්තා කියන්න පුලුවන් හරිය මම කියන්නම්(ඒ කියන්නෙ කියන්න බැරි ඒවත් තියනවා :D)

පලවෙනි ෆන් එක තමයි සම වයස් සෙට් එකක් එක්ක..රෙදි හෝදලා දෙන්න,බත් කවන්න අම්මා නැතුව...සති 3ක් හිටපු එක..කාට හරි හිතෙන්න පුලුවන් ඒකෙ මොන ෆන්ද කියලා..
ඒ උනාට ඒකේ මාර ෆන් එකක් තියනවා..ඉදලම බලන්න ඕනි

පීටී රන් එක

පීටි රන් එක කිව්වෙ ශාරීරික යෝග්‍යතාව තියාගන්න උදේ පාන්දර(6ට) දුවපු කිලෝ මිටර කිහිපයේ රන් එක.අපිනම් කරේ වැඩිපුර ඇවිදපු එක තමා :P...කොහොමද උදේ පාන්දර කෙල්ලො ටිකක් එක්ක පාරවල් දිගේ ඇවිදින්න දුන්නාම.අපිනම් බෑ කියයි ලොල්
අනික අපි හිටියෙ ටිකක් උන්නතාංශය වැඩි පලාතක හන්දා භුමි දරශන මාර ලස්සනයි..අපේ අනදෙන නිලදාරි තුමත් අපිට පලාත පෙන්නන්න කියලා එක එක දවස් වලට එක එක පාරවල් වල එක්ක ගියා..
තවමත් අයින් වෙලා නැති මීදුමත් එක්ක,දෙපැත්තෙ මල් පිපිලා පාරවල් වල,උදේ පාන්දරට තියන හීනි හීතලත් එක්ක ගිය ගමන් වල මතකය හැමදාමත් තියේවි!

මේකනම් අපිට නිවාඩු දවස උනු ඉරිදා හැර හැමදාම තිබුනා(එල නෙහ්?)

බාදක තරනය

මේකනම් ටිකක් බය හිතෙන එකක්...නමුත් මම නම් මේකෙ අවස්තා 2ක් ඇරෙන්න අනිත් ඔක්කොම කලා..පොඩී අවදානමක් තිබුනත් අපේ කාටවත් ලොකු හානියක් උනේ නැ..වෙච්චි ලොකුම හානිය අපේ කොල්ලෙක්ගෙ කකුලෙ මසල් එකක් ඉරිලා එයාට මාස 1 1/2 ප්ලාස්ටරයක් දාගන ඉන්න උනු එක..ඒක ඌටවත් ගානක් නැ..ගත්තු ෆන් එකේ හැටියට.මිනිහා ආතල් එකෙ ඉන්නව....අපිටනම් මුකුත් උන් නැ..කවුද ඔය පොඩ්ඩක් හීරුනා කියලා ගනන් ගන්නෙ :P :P...

ක්‍රිකට් මැච් එක

මේකනම් තිබුනෙ අපිට නිවාඩු තිබුනු ඉරිදා දවසක,
අපේ ප්ලැටුන් එකකින් කන්ඩායමක් ගානෙත්...කොම්පැනි දෙකෙන් කාන්තා කන්ඩායමක් ගානෙත් ඉදිරි පත් කරපු මේ ක්‍රිකට් මැච් එක එලට ගියා..එදා නම් කෑ ගහලා මගේ උගුරෙ පොටත් ගියා..:P :P

කොහොම උනත මැච් එකට ආලොක තත්ව වලින් වෙච්චි බාදා නිසා එහා පැත්තෙ ඉන්න එකාගෙ ඔලුවට බෝලෙ කියලා හිතාගන බැට් එකෙන් ගහන්න ඉඩ තිබුනු හන්දා රැ 7ට විතර මැච් එක ඩ්‍රෝ කලා..

පැදුරු පාටිය

එක දවසක් අපේ අනදෙන නිලදාරි තුමා කිව්වා පැදුරු පාටියක් තියමු කියලා...අපිටත් ඉතින් ෆන් නම් ඕනි එකක්..එහා පැත්තෙ තිබුනු කන්ද උඩ තිබුනු පැදුරු පාටිය පට්ටම ෆන් අයිටම් එකක් උනා..මුලින් මුලින් එක් කෙනෙක් ගානේ සින්දු කියපු මේකෙ..අපේ උපදේශකයො ඉදිරිපත් කරපු "මුලු ලොවම නැති උනත් එකම කලිසමක්" කියන සමූහ ඉදිරිපත් කිරීමත් එක්කම නන් ස්ටෝප් පැදුරු පාටියක් උනා...
කට්ටියට සින්දු කියලා අන්තිමට කන්න ඕනිත් නෑ...

සංගීත රාත්‍රිය

හමුදා සංගීත කන්ඩායමත් එක්ක තිබුනු මේ සංගීත රාත්‍රිය දවසනම් එලේත් එල..හමුදාවෙ අය වගේම අපේ කොල්ලො කෙල්ලොත් හොදට සින්දු කිව්වා.සින්දු කිව්වෙ නැති අය හොදටම නැටුවා..අපේ ඔෆිසර් කෙනෙකුත් සින්දු 4ක්ම කිව්ව..මරේ මරු රාත්‍රිය.සංගිතයක් තිබුනොත් වලියක් යන හන්දා කට්ටිය කිව්වෙ වලියක් ගියොත් හමුදාවෙන් ගෙන්නන්න ඕනි නැ වටේම ඉන්නවනේ කියල :P

හයික් එක

  
කට්ටිය හයික් යනවලු
ෆයිනස් උනත් කැලෑනේ
හයික් කියන්නෙ පාගමන වෙන්න ඕනි මම හිතන විදිහට..
අපේ හයික් එක නියම ෆන් එකක් ගත්තු දවසක්....
අපි ගියෙ ලඟම තිබුනු H.M.S. FOX කියලා කන්දකට..කන්දට යන්න කලින් අපි ඒකෙ පාමුල තිබුනු වෙන කන්දක්ට තමා ගියෙ..ෆයිනස් විමානයක්..කොහොම හරි කූඩාරම් අටවලා අපේ කන්ඩායම වලින් කට්ටියක් යැව්වා උයන්න..ඊට පස්සෙ අපි එක එක විකාර කර කර හිටියා...දවල් කෑමෙන්  පස්සෙ අපි කන්ද නැග්ගා..යන්න බැරි අය ඇදගන තල්ලු කරගන ගිය ගමනෙන් අපි මිත්‍ර කමේත් සහෝදරත්වයේත් පාඩම ඉගන ගත්තා..! අන්තිමට අපි කොහොම හරි නරියා ලඟට ගියා..ගිහින් පොටො එකකුත් ගත්තා.
ආයිත් කන්ද පාමුලට ආපුවාම ඔෆිසර් කෙනෙක් අපිට කන්දට නම වැටුනු හැටි කියාදුන්නා..
මුහුදෙදි අනතුරට පත් උනු නැවක් ලංකාවට ගහගන ඇවිත් තියනවා..ඒ නැවෙ නම තමයි H.M.S. FOX ඒ ගොල්ලො අපි හිටපු පලාතට ඇවිත් කදවුරු ගහගන අර කන්දේ ඒ ගොල්ලන්ගෙ මුලස්ථානය කරන් තිබුනාලු.
කෝ නරිය? දැන් අපිද නරි? :O


කැම්ප් ෆයර් එක

කැම්ප් ෆයර් ගැනනම් දන්න හුඟක් අය ඇති...මෙතනදි අපේ දක්ශකම් ඉදිරිපත් කරන්න පුලුවන්..එක එක ජාතියෙ දස් කම් ඉදිරි පත් උනා..අපේ ප්ලැටූන් එකෙන් ඉදිරිපත් කරපු අයිටම්ස් 3න් 2ක්ම හිනාවෙලා පනයන ජාතියේ එවා....ඒවා කිව්වොත් මටත් පාරෙ බැහැලා යන්න වෙන්නෙ නැ...ඕනිනම් අපේ උපදේශකයින්ගෙන් අහගන්න..:P :P හුඟක් විනෝද උනු දවසක්..සහෝදරත්වය වගේම සහයෝගීතාව වර්දනය කරපු තවත් අවස්තාවක්

ඉතින් මම මේ කිව්වෙ අපේ නායකත්ව පුහුනුවේ විවිද අවස්තා ටිකක්.මේකෙ වැරදි නොතිබුනාම නෙවෙයි..නමුත් හොද පැත්තට සාපේක්ශව ඒවා ඉතා කුඩායී..
යන්න තේරිච්ච යාලුවෙක් ඉන්නවනම් අනිවා මේ අවස්තාව ගන්න..මගඅරින්න එපා අලුත් යාලුවො ටිකක් සහ අත්දැකීම් ටිකක් හොයාගන්න තියන අවස්තාව

ප/ලි:- ඦායාරූප ලබාදීම පිලිබදව අටවන ඛන්ඩයේ තිලින රත්නසේකර සොයුරාට ස්තූතිය!

Saturday, June 11, 2011

ඔං එහෙනං ඒකත් ඉවරයි

මාස හයකට කලින් පටන් ගන්න කොට,
කව්ද හිතුවෙ මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා,
මාස හය ඇතුලෙ ඉගන ගත්තු දෙවල්,
ඇති කරගත්තු යාලුකම්,
අමතක කරන්න බැනෙ,

හතර වටෙන් ආපු යාලුවො ආයි කවදා හම්බ වෙන්නද,
ගතකරපු ඒ සොදුරු මොහොත් වල,
කරපු එ සොදුරු විහිලු වල,
මතකයන් හිතට එනකොට,
තාමත් ලොකු සතුටක් වගෙම,
වේදනාවකුත් දැනෙන්නෙ,
ආපහු එ සොදුරු අවස්ථා වලට,
යන්න බැරි හන්දා වෙන්න ඇති,

ඔං එහෙනං ඒකත් ඉවරයි කිව්වට,
ලබන සතියෙන් පස්සෙ දැනෙන පාලුවට,
මොකක් කරන්නද?


ඉතා ආසාවෙන් ගිය ඉංගිරිස් පන්තියක් නිම වීම හේතුවෙන් සිංහලෙන් ලිවීමි