Sunday, June 10, 2012

දින පොතක පිටු ටිකක්.....................

xx/xx/2011:
ඊයෙ සිරීපාදේ ගියා,අවාරෙට.අපිත් එක්ක ගොඩක් අය ගියා.හුඟාක් හිටියෙ පොඩි මල්ලිලා නංගිලා.තාමත් අපිට බයයිද කොහෙද.පවු..

xx/xx/2011:
අද මේ ලඟ තියන ඇල්ලක් බලන්න ගියා.වැඩිය කට්ටිය හිටියෙ නෑ.අපේ අය ටිකකුයි පොඩි නංගිලා මල්ලිලා ටිකකුයි හිටියෙ.හැමෝම තෙමුනා,ඇඳුම් පිටින්ම.අපේ අය වැඩිය තෙමුනෙ නැති හන්දා මම පැත්තකට වෙලා ඉන්නකොට,පොඩි මල්ලි කෙනෙක් මට කතා කලා තෙමෙන්න එන්න කියලා.මම ගියාට පස්සෙ අපේ අනිත් අයත් ආවා.නියමයි.එන්න ලෑස්ති වෙද්දි අර මල්ලි මගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තා.

xx/xx/2011:
අර මල්ලි මැසේජ් එකක් එවලා තිබුනා.මීටිමට එනවද අහලා.මිටිමටත් ගියා.දිගටම යන්න ඕනි.

xx/xx/2011:
මල්ලියි මමයි හුඟක් කතාකරනව වගේ.එයා දැන් මගේ ගැන හුඟක් දේවල් දන්නවා.වෙනස් විදියට හිතන ලමයෙක්.කාලයක් හිතට මදි වෙලා තිබුනු දෙයක් ලැබුනා වගෙ.

xx/xx/2011:
ඊයෙයි පෙරේදයි ලොකු ගමනක්,දවස් 2ක.ගමන පටන් ගන්න කොටත් මම මහන්සි වෙලා හිටියෙ.හොල්මන් කථා අහල බයත් වෙලා.එ මදිවට අර පිස්ස කෝච්චියෙ වීදුරුවකින් ඔලුව දාලා මාව බය කලා.තාම ශොක් වගේ.මරු වැඩක් උනා.එයා මගෙ ගාව දවස් දෙකම වගේ හිටියෙ.ඒ මදිවට තව පරන අයියා කෙනෙක් මගෙ පස්සෙන් වැටිලා.බලන්න තිබුනෙ මල්ලිගෙ මූනෙ පෙනුම.මට හිත යටින් හිනා.පිස්සා.

xx/xx/2011:
අපෝ රෑට හීනෙන් හොල්මන් පේනවා.නිදාගන්න බෑ.අර පිස්සා කියනවා ඕවා ගැන හිතන් නැතුව නිදා ගන්නලු.එයා කියයි.

xx/xx/2011:
ඊයෙ රෑ බන අහන්න ගියා.යන්තම් හොල්මන් පේන්නෙ නැතුව නිදාගත්තා.ඒක ඉවරයි.මල්ලි කියනවා එයා ඕවා විස්වාස කරන් නෑලු.මට මොකද.

xx/xx/2012:
ව්භාගෙ ලඟයි.පිස්සත් එක්ක පිස්සු කර කර ඉන්න ආසයි.ඒත් මේක ඉවර කරල යන්නත් ඕනිනෙ.මැසේජ් එවන්න එපා කියලා කියලා  බැරි තැන මම හොදටම බැන්නා.කියන දේ අහන්න කියලා.දුක හිතෙන්න ඇති.බැනලා ඉවර වෙනකොට මගේ ඇස් වලත් කඳුලු.මට මොනවා වෙලාද මන්දා.

xx/xx/2012:
මල්ලි තාමත් මැසේජ් එවනවා.මම රිප්ලයි කලේ නෑ.පවු පොඩි එකා.යාලුවො කියනවා මම එයාට කිට්ටු වෙලා වැඩීලු."ඕවා හරියෙන්නෙ නෑ"ලු.මම ඇහුවා ඕවා මොනාද කියලා.එතකොට කියනවා මම එයාට වඩා අවුරුදු කීයක් වැඩිමල්ද කියලවත් හිතලා බලන්නලු.යාලුවොන්ට පිස්සු.

xx/xx/2012:
ව්භාගෙ ඉවරයි.යාලුවො කියපු එක හරි වගෙ.මමයි මල්ලියි යාලුවොන්ට වඩා කිට්ටු වෙලා.මම ඇස් දෙකේ කඳුලු පුරෝගන එයාට කිව්වා මට ආයිත් මැසේජ් කරන්න එපා කියලා.එයාගෙම හොදට.එයාට මගෙත් එක්ක අනාගතයක් නෑ.පිස්සා ආයිත් මැසේජ් එකක් එවලා තිබුනා.එයා හිතුවෙ නැහැල්ලු මම කවදාවත් මෙහෙම කියයි කියලා.ආයිත් මට කරදර කරන්නෙ නෑලු.පව්.

xx/xx/2012:
අද එයාව ආයිමත් දැක්කා.කෙලින් මගෙ දිහා බැලුවෙවත් නෑ.මට කථා කරන්න හිතුනෙ එක පාරක් නෙවෙයි.අන්තිමට ඉවසගන්න බැරුව වොශ් රූම් එකට ගිහින් ටිකක් ඇඬුවා.එයා හිතාගන ඉන්නෙ වැරැද්ද එයාගෙ කියලද කොහෙද.වැරැද්ද අපි දෙන්නගෙම නෙවෙයි.කාගෙද කියලා මට හිතාගන්න බෑ.අපි හිතන විදියෙද කොහෙද.

(මා බොහෝ ඇලුම් කල තැනැත්තියකගෙ දින පොත මෙසේ වන්නට ඇතැයි කරන ලද උපකල්පනයක් පමනක් වන අතර,ඇයට දින පොතක් ඇතැයිද යන්නවත් මා නොදන්නා අතර ඇයට මෙසේ හැගුනු බවත් මා නොදන්නෙමි.කෙසෙ නමුත් මගේ පරිකල්පනය තුල "ඈ" ගේ දින පොතින් කොටසකි ඉහත දැක්වෙන්නෙ.)