Wednesday, October 31, 2012

මට නැති ජීවිතය......................

මට නැති ජීවිතය,
උඹට තියනව කියලා දැනෙනකොට,
හිත් අගට දැනෙන හීන් ඉරිසියාව,
දැනෙන්නෙ නැතුව ඇති ලෝකෙ වෙන කාටවත්...

කාටවත් බරක් නැති,
මහා ලොකු පැතුම් නැති,
වැඩ කරන උඹ,
එදා වේල කන්න විතරක්...

මම මෙහේ දුවනකොට,
අල්ලන්න මහා ලොකු වගකීම්,
බලා පොරොත්තු...

උඹ ගෙවනකොට මගේ,
සිහින ජීවිතය,
දාලා දුවන්න හිතෙනවා බං,
මේ මුලු කෙහෙල්මලම...............................

මගෙන් උඹලා දෙන්නට magepissulokaya.blogspot.comahikuntakaya.blogspot.com

Tuesday, October 30, 2012

දුයිශෙන් උඹ කොහෙද?

දුයිශෙන් උඹ කොහෙද?
උඹ වගේ ගුරුවරු නෑ අද,
සෙනෙහස උඹ දීපු,
නොකියා වචනයක්වත්,
අල්තීනායිට,
දෙන්නෙ නෑ අද කවුරුවත්...

වහල් වෙලා මුදලට,
දුවනවා පස්සෙන් ප්‍රසිද්දිය...

අයිලයට උඩින් පායපු හඳ එලිය,
රසවිඳින්න බෑ ඒ කාටවත්,
හැමෝම මහ යුද්දෙක...

කවුරුවත් නෑ කියාදෙන්න,
නිදහසේ පාඩම,
උඹ වගේ හදවතට වදින්නට...
දුයිශෙන් ඉපදියං ආයිමත්,
සිය ගනං උඹ වගේ උන් එක්ක,
ඇවැසි උඹ වගේ උන් අප හට,
එදාට වඩා අදට.....................................