Saturday, April 30, 2011

මමමද??

මම බ්ලොග් අවකාශයට ආවෙ බොහොම මැතකදි.ඒත් සමහර සහොදර සහොදරියො ලියල තියන බ්ලොග් වල තියෙන්නෙ,මමම ලිව්වයි කියල හිතෙන තරමට හැගිම් මගේ ලගින්ම යන බ්ලොග් පොස්ට්.ජීවිතේ අරමුනු කිපයක් අතර තියන විවේක කාලෙදි මමත් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තෙ.මගේ මාහා විශාල හැගිම් ගොන්නෙන් ටිකක් එලියට දාන්න හිතාගන.කොහෙන් පටන් ගන්නද කියල හිතාගන්න ටිකක් අමාරු උනත මම පටන් අරගන තියනවා.හැඟීම් හැඟීම්....
මිනිස්සුන්ගේ ප්‍රභල වගේම දුර්වල ස්ථාන වෙන්නෙ හැඟීම් තමයි.මිනිහෙක්ව ඇති කරන්න වගේම නැති කරන්නත් හැඟීම් වලට පුලුවන් වෙන්නෙ මිනිස්සු ජීවත් වෙන්නෙ හැඟීම් මතම හන්ද වෙන්න ඇති..
මට පෝස්ට් එක ලියන්න පටන් ගද්දි හිතෙ තිබුනු දෙවල් ඔක්කොම මතක නැ..
එක නිසා මෙතනින් ඉවරයි

Friday, April 29, 2011

අරමුනක්!

අරමුනක් නැති ඇස් වලින්,
මම ජීවිතය දිහා බලන් ඉන්න කොට,
හුඟාක් ඇතින් ඔයා පේන්න පටන් ගත්තෙ,
මගේ ජීවිතේට අරමුනක් එකතු කරන ගමන්මයි,
ඔයා මගේ දිහාවට හුඟාක් වේගෙන් ලං උනේ,
ඔයා මගේ "සිහින කුමරිය" කරන ගමන්මයි,

ජීවිතේ දැකපු ලස්සනම හීනේ ඒක වෙනකොට,
මගෙ හැඟිම් නැති ජීවිතය,
ආයිමත් සතුටෙන් පිරුනේ,
මටත් නොදැනීමයි,

ඔයා ආපු වේගෙන්ම නොපෙනී යනකොට,
මගේ හීනෙවත්,
හිතේ පිරුනු මහා ලොකු සතුටවත්,
නොපේනී ගියෙ නැත්තෙ ඇයි කියල,
තෙරුම් ගන්න මගේ හිතට,
ටිකක් විතර අමාරුයි!!

Tuesday, April 26, 2011

යාලුවේ!

ඔබට මතක නැතිමුත්,
මට හොඳින් මතකයි,
ඇවිද ගිය හැටි අප,
දැත් අල්ලාගන,
අනන්තය කරා දිවෙන,
මිතුරු කමේ මාවතේ,
සිනහාසෙමින්,
සියල්ලටම සියල්ලන්ටම,

ඔබ හා මා..
වෙන් ඌවත්,
කාලයාගෙ ඇවැමෙන්,
මම දන්නවා,
මා දුටු විගස,
ඔබ මා හදුනාගන්නා බව,

යාලුවේ,
ඔබ කරදරයකනම්,
මම සැම විටම ඔබ ලඟින් ඇති,
උර හිසින් අත තබා,
"මම ඉන්නවානේ!"
යැයි කියන්නට.....

වරකා කන ගමන්!

"මටත් ගෙඩියක් ඕනි!!" කැ ගහනවා ඇහෙනවා!
බැහැලා බැලුවා එලියට..
අල්ලපු ගෙදරක මාමා කෙනෙක් කොස් ගහක!
අපෙ අම්මා කැ ගහනවා කොස් ගෙඩියක් ඕනි කියල :P :P
ගහේ ඉන්න මාමා කියනවා
"ඒක ගෙඩියයිනෙ පැහිලා තියෙන්නෙ!..ආආ වරකා ගෙඩියකුත් තියෙන්නෙ!"
කොහොම හරි ඉතින් අර පැහිලා තිබුනු ගෙඩියෙන් බාගයක්ම අපිට හම්බ උනා කියමුකො.
ටව්මෙ කොස් මදුලු 10ක් 15ක් තියන කොස් කවරයක් රුපියල් 50හට විකුනනකොට,
අපෙ අල්ලපු ගෙවල් වල මිනිස්සු "My car my petrol" කියලා තමන්ගෙ කොස් ගහට තමන්ම නැගලා
කොස් කඩාගන,කොස් මදුලු 100ක් 150ක් තියන කොස් පලුවක්,
අහලපහල මිනිස්සුන්ටත් නිකන්ම බෙදනකොටඅඅ.......
අපේ ගම්වල තාමත් මනුස්සකමෙ සුවද හොදට හමනවා කියලා දැනෙනවා..

ඕඔඔඔ කියාගන ආපු කතාව වෙන දිහාවක ගියානෙ!
අර මම කියපු වරකා ගෙඩිය!
ඔව් ඔව් ඒක තමයි ඒකෙනුත් බාගයක්ම හම්බ උනානේ!
වැඩි හරියක් ඉතින් කැවෙ මම තමයි :P :P
ඒක් කන ගමන් තමයි මේක ලියන්න පටන් ගත්තෙ දැන්නම් ඉතින් කොස් ඇටත් නැ!!

අලුත්ම ස්පැම් විදියද??

දවස් කීපයකට කලින් ආරන්චි උනා ලොකයේ හුවමාරු වන ස්පැම් ප්‍රතිශතය 75% කින් ඒ කියන්නෙ 3/4 කින් අඩු උනා කියල හදිස්සියෙම.ලෝකෙ තියන බොට් නෙට් වලින් වැඩි ප්‍රමානයක් ක්‍රියාකරි බවිනුත් අඩුවෙලා කියල..ඒත් ලෝකෙ තොරතුරු තාක්ශන පිලිබද ලොකු ලොකු අය ඔක්කොම වගේ එකඟ වෙච්චි දෙයක් තමා,ආයිත් ස්පැමිං අලුත් විදියකට පටන් ගනී කියන එක.

මට ඒ කතාව ඇත්ත කියල හිතුනෙ මම සම්බන්ද වෙලා ඉන්න පොඩි ෆොරම් ස්යිට් එකක(ලංකාවෙ) දවස් 2ක් වගෙ ඇතුලත ස්පැම් පෝස්ට් සාපේක්ශව ටිකක් වැඩි ප්‍රමානයක් දැක්කට පස්සෙයි..ඒ කියන්නෙ අලුත්ම ස්පැමිං ක්‍රමය ෆෝරම් භාවිතා කිරිමද??..

ෆෝරම් වල ස්පැම් කිරිම පරන මාතෘකාවක් නොව්නත් මේ තරම් වැඩි වෙලා තියනව දැක්කෙ පලමු වතාවට!

මිනිස්සුංගෙ හිනාව

බ්ලොග් අවකාශයේ තියන ලිපි දිහා බලනකොටත්,සාමන්‍ය ජිවිතෙ දිහා පොතක් පතක් දිහා බලනකොටත් සමහර වෙලාවට මට හිනා යනවා.අද ඔහොම හිනා යද්දි තමයි මට හිතුනෙ මිනිස්සු වැඩියෙන්ම හිනා වෙන්නෙ මිනිස්සුන්ගෙම දුර්වලතා වලටදෝ කියලා!!!..ඒක ඇත්තටම එහෙමද?.ඇත්තටම එහෙමනම් ඇ එහෙම වෙන්නෙ??

Monday, April 25, 2011

ලියන්න දෙයක් හිතාගන්න බැනෙ!

අයියා වගෙ බ්ලොග් එක පටන් ගත්තා මහලොකුවට  මොනවහරි දාන්න බැරියැ කියල.
දැන් ඉතින් දාපන්කො.
ඔලුවට මොනවත් ලියන්න එන්නෙ නැති කොට මොනව දාන්නද?
එහෙම කියල ඉතින් පටන් ගත්තු වැඩේ අත අරින්නත් බැනෙ.
දැන් ඉතින් කාගෙන් හරි කොපියක්වත් දාන්න තමයි වෙන්නෙ ලොල්!!

Wednesday, April 20, 2011

Alone

no one at home,
but me,
can't turn on the pc,
coz it's lightning,
no book near to read,
as they all are read,
fb also booring,
as no one online,
so this is the time for dreaming,
time for you,
time for go into my own world,
that every one loves me,
that i'm so important to someone,
catch me dreams,
I AM COMING!

තවත් නිදි නැති රැයක්

මදැ ගෙදර ආවා,
කට්ටිය ඉන්න තැනින් මිදිලා,
සැනසිල්ලෙ පැයක් දෙකක් ඉන්න,
ආවනෙ මෙතන,
කැ ගහගන,
මොකක්ද පොඩි දේකට,
කැ ගහනවා කැ ගහනවා,
කාටද,
තමන්ටම?
නැ,
අපිට,
අපි හැමෝටම,
මොනවා ලබාගන්නද?
කවුද දන්නෙ?
ඇත්තටම ප්‍රස්න විසදන්න,
වෙන ක්‍රම තියෙද්දි,
ඇයි මේ තරම් කැ ගහන්නෙ?

Thursday, April 14, 2011

අව්රුද්ද

මේ අලුත් අව්රුද්දෙ,
අනිත් හැමොම වගේ,
එයත් අව්රුදු සමරනවා ඇති,
නොවැලැක්විය හැකි හේතු මත,
අපිට මේ අව්රුද්ද නැති උනත්,
එයාගෙ හිතෙ තියන සතුට මටත් දැනෙනවා වගේ,
එයා කොච්චර දුරින් හිටියත්,
සුභ අලුත් අව්රුද්දක්,
මගෙ සිහින කුමාරියට සහ,
ඔයගොල්ලො හැමොටම.....

Wednesday, April 13, 2011

කනාමැදිරියො??

අලුත ගොයම් කපපු වෙල්එලියක,
කනාමැදිරියො පියාඹනකොට,
කොච්චර ලස්සනද?,
අතරින් පතර වෙලට වැටෙන,
මෙ විදුලි එලිත්,
වෙල මැදින් වැටුනු,
අඩි අටේ කොන්ක්‍රට් පාරත් නැත්නම්,
එයාලගෙ එලි තව කොච්චර ලස්සන වෙන්න තිබුනද?,
එයාලගෙන් සමහර අය මගෙත් එක්ක පියාඹල,
මගෙ වේගේ වැඩි හන්දා,
මග ඇරෙනකොට තමයි හිතෙන්නෙ,
මිනිස්සු යන වේගෙ හන්දා,
ලොකෙ ලස්සන මිනිස්සුන්ට මග ඇරිල කියල!!

මගෙ පලවෙනි පොස්ට් එක කියමුකො!!

හප්පෙ සිංහල බ්ලොග් රිඩර් එකෙ තියන බ්ලොග් ගාන.ඒවා දැකල මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න.
ඉතින් ඔන්න ආවයි කියමුකො බ්ලොග්ස්පොට් එකට.මෙ මල වාත ඩොන්ගලෙ හන්දා කිව්වෙ නැතැ "Page not found"  කියලා.
දැම්ම ඒ නමම "පිටුව සොයාගන්නට නැත".
ආවට ඉතින් මොන විකාරයක් කොරන්නද කියලා හිතා ගන්න බැ.කතාවක් තියනවනෙ "පිනන්න ඔනිනම් වතුරට බහින්නම ඕනි" (මට බැරි එක වෙනම කතාවක්) කියල.
ඕන්න ඉතින් පටන් ගත්තා..
පලවෙනියටම කියමු
"සුභ අලුත් අව්රුද්දක් වේවා!!"