Tuesday, May 31, 2011

Someone Speaking

Remember the times,
that,

We were building the TIME,
We were building the WORLD,
We were building the MAN and WOMEN,
as our son and daughter,

As the time,
How much happy we were,
We built everything what we want,
as the man today,
Without thinking,
What would happen by what we built,

Today the results are present,
They don't even care us,
even we are the Father and Mother,
They don't believe in us,
even we gave them Birth,

The only thing left to do,
is wait,
Till they find,
What we found,
in Us!!!

Wednesday, May 25, 2011

Friends

In the past,
the time that i didn't have any friends,
when i'm in a problem,
I hate it,
I hate the whole world,
I hate myself,
I hate everyone,

But,
since i got good friends,
like YOU,
I learn that,
FRIENDS,
always,
get my back,
my side,
when i'm in a problem,

as i know,
YOU,
will give up your life,
for me,
will take my hand,
when i'm crying,

I'm so happy,
because of YOU,

YOU ALL ARE MY FRIENDS,
SO AM I,
YOU HOLD MY BACK,
SO AM I,
FRIENDS ARE MY LIFE!!


බ්ලොගය අප් ටු ඩේට් තබාගැනිමට එල අයිඩියාවක් ආවේය පරන බුකි නෝට් ටිකක් ශෙඩියුල්ඩ් පෝස්ට් වලට දැමීමි..(සින්ඩි වලින් මාව අයින් කොරයිද මන්දා කඩුව හරස් කොරනවා කියලා ලොල්)

Saturday, May 21, 2011

හෙට මම යා යුතුය!!

කොහොම කොහොම හරි අපෙ නායකත්ව පුහුනුව බාදක දුවලා අදිකරනයෙන් දාපු උදලු උඩින් පැනලා,
අනිද්දා(23) පටන් ගන්නවා..අපි හෙට(22) කදවුරු වලට වාරතා කරන්න ඕනි..
අපේ දුර පලාත වල කදවුරු වලට දාලා තියන යාලුවො අදම පිටත් වෙලා..
අපිනම් හෙට උදේ ගියාම ඇති....

මම ජුනි 16 පටන් ගනී කියලා තියන දෙවනි අදියරට යන්න ඉන්න යාලුවොන්ට  වැදගත් වෙයි කියලා,
මේ සදහා අපේ මිලදී ගැනිමෙ චාරිකාව ගැන ටිකක් කියන්නම්,

තව එකක් කියන්න ඕනි..හැම මගුලටම හිනාවෙන මට ඊයෙ සහ අද දවස් දෙක ලොලේ ලොල් දවස් දෙකක් උනා,

ඔන්න ඊයෙ උදේ වගෙ තමා ඔය කියන චාරිකාව පටන් ගත්තෙ,
ගිය ගමන් කොරන්න උනෙ කොන්ඩෙ කපන එක :P
මම කොන්ඩෙ පීරන්නෙ නැති හන්දා අම්මා තරයේම ප්‍රකාශ කලා කොන්ඩෙ කපන්නම ඕනි කියලා,
මම ඉතින් ගිහින් වාඩි වෙලා බාබර් අයියාට කිව්වා "අල්ලලා දාපන් බන් අඩුම එකෙන්ම" කියලා,
කොහොම හරි මූ මගෙ තට්ටෙ ගාන්නෙ නැතුව ඉතුරු කරලා තිබුනා :P :P

ලොල්

ඊ ලගට පෝටෝ අල්ලන්න උනා ඇයි පාස් පෝට් සයිස් පොටො 3ක් ඉල්ලලා තිබුනානෙ,
පොටෝ ගන්න තැනට හෙනට වැඩ..අපි යනකොටත් එතන 10ක් විටර පෝලිමේ..අපේ වයසෙ උන්!!
කොහොම හරි පොටො අල්ලන තැන හිටපු ලස්සන අක්කා කිව්වා දවස් තුනකින් ගන්නවානම් 190/=
දැන්ම ගන්නවානම් 295/= කියලා
දවස් තුනකින් මදි හන්දා දැන් ගන්න සේවයෙන් පොටෝ ගහනකොට පොටො ගත්තු අයියා කිව්වා "මල්ලි බන් මේකෙ බැටරි පැයක්වත් තියෙන්නෙ නැ බහිනවා" කියලා
මම ඇහුවා "මක්කැයි අය්යෙ අවුලක් ද?" කියලා
ඒ පාර ඌ කියපි "නෑ මල්ලි අද ආවනෙ 500ක් විතර පොටො ගන්න,ඔච්චර කැම්පස්වත් ගන්නවද?" කියලා...

ලොල්

ඊට පස්සෙ අපි ගියා භාන්ඩ ලැයිස්තුව ගන්න :P :P
ඔන්න කඩෙකට ගිහින් ගන්නනවා බඩු,
නිල් ශෝට් දෙකයි----------350‍‍‍‍‍‍x2 (යකෝ 15 වෙනිදා 150/= තිබුනු එක!!)
ට්‍රැක් බොටම් එකායි--------560/= (මේකෙනම් කලින් ගාන නොදනී..දැන් ගාන 200% වී ඇති බව අනුමාන කරමු!)
ටී ශර්ට් 2 දෙකායි-----------250‍x2(15 වෙනිදා 150/=)
තව තව පොඩි අයිටම්-------500/=(ලොල් නොඅසනු මොනවාද!!)
හරි එතන-------------------2260/=

අතෙ මුදල් සතේට හිදුන හන්දා ආයි ආවා....
ඉතුරු ටික ගන්න අද :P :P

ඊට කලින් තව එකක්..
අර කලු සපත්තු ජෝඩුව හොයන්න මාර මහන්සියක් උනේ...
මම ගිවිසුමක් ගහලා ඉන්නෙ සපත්තු දාන්නෙ නෑ මීට පස්සෙ කියලා ලොල්
ඒක හන්දා මටම කියලා සපත්තු අරන් වැඩක් නෑ.. :P :P
ඔන්න හොයනවා,
තාත්තගෙ යලුවෙක් කකුලෙ තිබුනු එක ගලොලා දිලා තිබුනා ඒක මදි,
ඔන්න තව එක්කෙනෙක් එයා වෙඩින් වලට විතරක් දාන්න ගත්තු අවුරුදු ගානකින් වෙඩින් එකකට නගියපු සපත්තු දෙකක් දුන්නා ඒ දෙකත් මදි(කොහෙද මගෙ අලි කකුලක්නෙව!! )
ඔන්න යන්තම් තුන් වෙනියට අලි කකුලක් තිබිලා ගානට මට සෙට් උනා..
ඒ මාමා මට පොලිශ් එකකුත් එවලා තිබුනා :P :P

ඊට පස්සෙ ඔන්න අද උදේ බඩු ලැයිස්තුවෙ ඉතුරු ටික!!
උදේ පාන්දර 11ට විතර අම්මා මාවත් ඇදගන ගියා ටවුන්!!
යනකොටම ඇදගන වැටුනා වැස්සක් :P :P

වැස්සෙ තෙමීගනම ගොඩ උනෙ උකස් ගන්න ආයතනයකට..
අම්මා මොනවද උගස් තියලා කීයකද මන්දා ගත්තා..
මට ඒක ගැන අයිඩියාවක් තිබුනෙ නැ..
වැස්සට තෙමිලා අර ඒ.සී. කරපු උකස් බඩු කඩේට ගොඩ් උනාම ආවේ වාශ්ප වෙනවා වගේ හැඟීමක් හන්දා :P :P

නැවතත් චාරිකාවෙ,
දැන් ගොයනවා කැන්වස් සපත්තු..මම ඉස්කෝලෙ යන කාලෙ කැන්වස් වලට කැමැත්තක් නෑ..
ඒක හන්දා ගන්න උනා..
ඒකට--------------------------885/=
මේස් සහ අනිත් මගුල් වලට----200/=
එතන--------------------------1085/=

දැන් හොයපන් සුදු බෙඩ් ශීට්...
අපේ ගෙවල් වලට සුදු බෙඩ් ශීට් ගන්නෙ නැනෙව.අපි රටේ තියන මල හත්ජාරාව ගානකොට පේන්නෙ නැති පාට වල ඒවානෙ ගෙවල් වල තියෙන්නෙ

ඒවාත් ගන්න වෙනවා
ඔන්න ගියා ගන්න මෙලෝ චාරයක් නැති රෙදි වගයක් තියනවා එක තැනක එකක් 500++ වගේ ගානක් කිව්වා..
ඒවා චා හන්දා ගත්තෙ නැ..:P :P :P
කොට්න් රෙදි මීටර් 4ක් ගත්තා බෙඩ් ශීට් වෙනුවට.අන්න අරෙහෙ අම්මා මහනවා!!

ඒවාට-----------------------------------------275‍x4
පිඟන් කෝප්ප සහ අනිත් ලට පට වලට-------300/=(විතර)
එතන-----------------------------------------1400/=
හරි දැන් වැඩි හරිය ඉවරනෙ....

ටෝටල් බලමු!!
----------------------------------4745/=
තව මතක නැති උන ඒවා සමග ---5000/=ම දාමු!!
අර මාලන්ගෙ ගානට ටිකක් අඩුයි
ඔය යන එන මං ගාස්තු එහෙම නැතුව ආ,,ඒවා ගිහින් ඇවිත්!! :P :P

හික් අපෙ පවුල සති කීපයක් කන සල්ලි :P :P

මාලන් කිව්වා වගේ අඩු තරමෙ දුප්පත් අයට හොයලා බලලා ඔය ටික රජයෙන් සැපයුවානම්!!
(හෙ හෙ මටනම් ඕනි නැ..තාතතා ඉන්නවානෙ දෙයියනෙ කියලා :D)

ඔන්න ඔය ටික ඔක්කොම දාන්න පුලුවන් ට්‍රැවලිං බැගක් තාත්තා කාගෙන් හරි ඉල්ලගන ඇවිත් තිබුනා(උස්සගන යන එක තමා අවුල :P :P)

දැන් වැඩේ ඔක්කොම සෙට්...මම හෙට උදේම(4ට විතර :P :P) කොලඹ් බදුල්ල බසයක නැගී හෝ යාලුවාගේ කාරයෙ නැගි බ්ලොග් අවකාශයෙන් සහ බස් වලින් සති 3කට සමු ගන්නවා..(බුකියටනම් පෝං එකෙන් ආවැකිනෙ ලොල් :P :P)

මගේ බ්ලොගෙ පැත්තෙ එන්න ආ.......

ආ තව එකක් දේශපාලන කොමෙන්ට් දාන මහත්තුරුන්ට කියන්නෙ
ඒවා දාන්න වෙන බ්ලොගෙක,මේකෙ එපා!!!!
මොකද මේවා දෙශපාලන පක්ශ වලම වැරදි නෙවෙයි පද්දතියේම වැරදි..ඒ කියන්නෙ අපෙත් එක්ක!!!

ටටා මට ශෙඩියුල්ඩ් පෝස්ට් කිහිපයක් දාන්න අයිඩියා..බලමු :P :P

ප/ලි--එකක් මතක නැති උනානෙ!!
දෙවනි අදියරට සිටින උන් සැලකිය යුතු කරුනු
1)තමන් හරි උගස් තියා ඔය මුදල හොයා ගනු!!
2)කැන්වස් සපත්තු 23 පහු වෙච්චි ගමන් අරන් තියා ගනු!!
3)පොටො අල්ලන්න 16 වෙන තුරු නොසිට හෙට අනිද්දාම අල්ලා දවස් තුනකින් ගනු!!
4)ශෝට්,බොටම් ආදිය 23න් පසු මිල බසිනු ඇත (50%පමන) එවිට අරන් තියාගනු!!
5)එපමනකි......යාලුවා මේකෙ සහ ඔබ 16න් පටන් ගන්නා එකෙනම් ඔටෝ ගොඩ ගිය හැක..මට හෝ මගේ යාලුවන්ට එවැනි පිනක් නැත!!
තවත් එකකි කල දුටු කල වල ඉහ ගන්නා කඩ කාරයින්ට පොල් ගසනු!! ලඟම දේවාලයට ගොස්!!

Friday, May 20, 2011

හාමුදුරුවනේ!!!

වඩී ආරන්‍යයෙ හාමුදුරුවෝ,
පිඬු සිඟා ගෙදරටම,
දින තුනක්ම වැඩ,
තෙවැනි දිනයේ,
කියා දෙයි පාඩමක් ජීවිතයටම,
අපි වදී ඉන නවා එකවරක්,
"හාමුදුරුවනේ!!!"

පන්සලේ හාමුදුරුවො,
දකී අපි එක්දිනක්,
මාසෙටම,
කොහෙද,
"හාමුදුරුවන්ට වැඩට වඩින්න තියනවානෙ!!",
එහෙත් අප වඳි,
පන්සලේ හාමුදුරුවන්ට,
නවා දන නොව,
සියලුම හන්දි,
වැටී වැඩ දැමූ රතු පලස මත,
නව පොලක් බිම ගාවා,
"අනේ අපේ හාමුදුරුවනේ!!!"

Wednesday, May 18, 2011

වෙසක් නම් මරුය..!!

වෙසක් ගැන කියන්නට පෙර මට කියන්නට යමක් ඇත,
මම ඊයෙ දිනයේදී අපට දෙන නායකත්ව පුහුනුව ගැන මම දැමූ පෝස්ටුවට කොහෙදැ නැති ඇනෝ කොමෙන්ට් කාරයින් කිහිප දෙනෙක් දේශපාලනය ගාවා තිබේ..
මම දේශපාලනයට නැත,එයට කැමති නැත,අවශ්‍යද නැත මම කතාකලේ එම වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදි කර ඇති සංවිදානාත්මක වැරදි ගැන ලිවීමයි...
එම නිසා මින් පසු මගෙ බ්ලොගයෙ කොමෙන්ට් කරන්නන් දේශ පාලනය ගාවා නොගත්තාට කම් නැත,

හරි දැන් වෙසක් වලට
ඊයෙ වෙසක්ය!
යාලුවන් සෙට් එක සමග උදේම රවුමක් යාමට සෙට් උවත් එක් යාලුවෙකුට පන්සලෙ දානේ බෙදීමට යා යුතු බව කී නිසා වැඩෙ දෙල් විය,
එම නිසා කරගන්නා පිනක් ඌවත් කරගත්තාවේ යැයි සිතා අපි රවුම නොගැසුවෙමු,
හවස් භාගය වන විට එක් යහලුවෙකුට දේවාලෙ යාමට ඕනැ විය..(මෙහි පන්සලක්ද ඇත..දන්නො දනිති!)
ගෙදරින් පනින්නට බලා සිටි මට මෙය ඉබ්බා දියට දැම්මාම ඇන්නැවේ කියන්නා සේ උනි,

ඉතින් අපි ගියෙමු..
එකෙක් ගෙදරින් කා ඇවිත් නැත...
මූට දවල්ට කන්නට ඕනැ වී තිබිනි :P
අපි දැන් දන්සලක් සොයමින් යමු..
බත් දන්සලක් කෙසේ වෙතත් අපට බෙලිමල් වතුර දන්සලක් හමු විය..
බෙලිමල් වතුර පොල්කටු වලට දමා හකුරු කැල්ලක්ද දෙති :P :P
ඉතින් අපි බොන්නට පටන් ගත්තෙමු...
අර බෙලිමල් වතුර වලින් බලා ඉද්දී දුම් දමයි,
තේ එකද පැයක් පමන නිවෙන්නට හැර බොන මා කෙසේ වෙතත්,බඩගින්නෙ හිටි එකා දෙපාරක්ම ඉල්ලාගන බිව්වේය :P

දැන් අරූගෙ බඩ ගින්න ටිකක් හරි බැවින් අපි දේවාලය කරා ගියෙමු..
යන විට එතන අලි පෝලිමක් තිබිනි
පෝලිම මොකක්ද දාතුවක් බලන්නලූ....
අප්ට එය බැලීමට අවශ්‍ය නැති බැවින්
අපි පෝලිම මග හැර වෙන පාරකින් ගියෙමු..
ගොස් පඩිපෙලක් අල්ලාගන වාඩී වී සිටි අපෙ අනික් යාලුවන් සෙට් එක සොයා ගතිමු,
 මුං මල් පහන් සුවද දුම්,තෙල් ආදී සියල්ල ගෙනවිත් තිබුනෝය,
එකෙකු කීවෙ පොල්තෙල් කාලට රු 80ක් ගත බවත්..දැන් අප පිං කැට වලට රු 10,20 දමනවාට වඩා පහන් වලට තෙල් දැමීම සුකොපභෝගි පිනක් බවත්ය,

එකෙකුට පොටො උන්මාදය සැදී තිබිනි...ඌ සැම්සුන් වරගයෙ ජංගමයක් හතර අතේ අල්ලමින් පොටෝ ගත්තේය..බුකියට දමන්නලූ!!

හරිය අපි බුදුන් වදින්නට ගියෙමු..
එහි බුදුන් ඇත්තේ නමටය ..ඉතා කුඩා කුටියක ඇති බුදු පිලිමයට වැදීමට ගොස් හුස්ම හිරකර නොගෙන බේරුනේ අමාරුවෙනි..මම හිතන අන්දමට එම කුටියෙ වැඩි පුර ඇත්තේ දහඩිය වාශ්ප විය යුතුය,

ඉන් පසු දෙවියන් වදින්නට ගියෙමු..
එතන දෙවියන් වදින්නට අලුත් ගාතාවක් දමා තිබිනි
ඒ "ජංගම දුරකතන ක්‍රියා විරහිත කරන්න" යන්නයි :D :D

ඔක්කොම වැද පහලට බැස බෝදිය වදින්නට ගියෙමු,
අපෙ එකෙකුවත් රැ දෙගොඩ හරි ජාමයෙ නින්දෙන් නැගිට ගෙදර මල්ගස් ටිකට වතුර දමන එක ඇරෙන්නට ගසකට වතුරනම් දමා නැත,
නමුත් මුං ටික ඔක්කොටම බෝ ගසට වතුර කල පිටින් දමන්නට ඕනැ වූයේය,
මම ඔය කතාව උන්ට කී විට උන් ටික මගේ ඇගට ගොඩ ඌවෝය,
මමද කලයක් ගෙන බෝ ගහට වතුර දැම්මෙමි..

දැන් වැඩේ හරිය...නැවතත් අර පඩිපෙල මතට ගොස් කතාවක් දැම්මෙමු,
දැන් මුන්ට ඇති ප්‍රශ්නය දෙවියන් චුත වන්නෙ කෙසෙද කියාය
එකෙකු කීවෙ දෙවියන් ජංගමදුරකතන ජාල වැනී ජාලයක් හරහා චුත වන බවයි,
නෙට් වර්ක් බිසී වූ විට දෙවියන්ට පයින් යන්නට සිදුවේ!!

තවෙකෙකුට අනුව දෙවියන් කොහේවත් යන්නෙ නැත...දෙවියන් කොහෙවත් යන්නෙනම් ලංකාවෙ එක දෙවියෙකුට ඇති දේවාල ගනන බැලූ විට දෙවියාට යනවා ඇරෙන්නට වෙන වැඩක් නැති වනු ඇතැයි ඔහු කියයි..දෙවියන් ඒ වෙනුවට පියන් කෙනෙකු යවනවාලූ...මට හිතෙනා හැටියට දෙවියන්ට මාර විදියට සල්ලි තිබෙනවා ඇත,
ඇයි මේ පියන්ලාට පඩි ගෙවීමට?...කීයක්ද!!

හොදම දර්ශන ටික දැක්කෙ ඉන් පසුවය,
කෙල්ලෝ පෝය දවස බැවින් "සුදු" ඩෙනිම් ගසා දේවාලයෙ එති,
ඒකත් පුක පැලෙන්නටය!!
අපිද හොද හැටි වෙසක් බලා ගත්තෙමු..
නොදෝකිං මුංට පෝයටවත් ගවුමක් අදින්නට බැරි හැටි!!....

තව බහුරූ කොලං දුටු නමුත පෝස්ටය දිග වැඩිය...
පස්සේ දමමි!!

Tuesday, May 17, 2011

වැඩේ හරිය මටද ටොපිය සෙට් වී ඇත..(හෙවත් එස්.බීයා ගෙ නායකත්ව පුහුනුව!!)

එස් බීයාගෙ ටොපිය ගැන කියන්න ආවත් පොඩි කතාවක් තියනවා ඊට කලින් කියන්න..මට මගේ මුලු ජීවිතෙම තිබුනු හීන ආයිත් මතක් කරලා දුන්නු බ්ලොග් එකක් හම්බ උනා අද උදේ...හිපියාගේ සටහන් ...මගෙ ජීවිතේ ඔය වගේ නෙවෙයි..ඒ උනාට මගේ හීනය ඒ වගෙ..

ඒ කතාව ඇති....
එස් බීයා අපිට දෙනවා කියල තිබුනානෙ හොදවයින් ටොපියක්..
හමුදා කදවුරු තුල නායකත්ව පුහුනුවක්!! :P :P

ඕක කිව්වට මම හිතාගන හිටියෙ දෙන එකක් නෑ..ඕකත් කලින් කතා වගේම යට යයි කියලා..
වෙන පාර වගේ කලින් කියවන්නෙ නැතුව මූ ඔක්කොම සෙට් කරලා ලියුම් හිටන් තැපැල් කරලා තමයි මේ පාර නිල වශයෙන් ඒක ප්‍රකාශ කරලා තියෙන්නෙ..

මටනම් ලියුම ආවෙ නැ..පෝයට නිවාඩුනෙ තැපැල් මාමලා :P :P
ඒ උනාට ඉතින් සයිට් එකෙ දාල තිබුනනෙ නම........
අපි අහු උනෙ නැත්නම් තමා පුදුමෙ..
ඇයි අපිනෙ කැම්පස් අස්සට මුලින්ම රිංගන්න බලා ඉන්නෙ :P

අපේ සෙට් එකම වගෙ අහුවෙලා.....
බලන්නකො අපි මේකට ගියෙ නැත්නම් කැම්පස් යන්න දෙන් නැලු,
යකො අපි උසස් පෙල පාස් උනේ කොපි කරලද?
මේක හරි වැඩක්නෙ....

ඊටත මුන් මේ ලඟ තියන කැම්ප් එකක් දාන්නෙ නැතුව මට දියතලාව දාල,
යාලුවෝ සැහෙන සෙට් එකකට බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට දාලා..
කොහෙ තියන එකක්ද මන්දා,
හපුතලේ දිහාවෙලු!!
තව යාලුවො ටිකකට මින්නෙරියලු
තව අදුනන ගැනූ ලමයි කිප දෙනෙකුට ත්‍රිකුනාමලය හමුදා පුහුනු මද්‍යස්ථානයක් දාල..
අඬනවා යන්න බැ කියලා.. :P :P

ඇයි ඔච්චර දුර දාල තියෙන්නෙ..රත්නපුරෙ ඉන්න අපිට ලඟපාත වෙන හමුදා කදවුරු/පොලිස් අභ්‍යාස විද්‍යාල නැද්ද?
කියලා තියනවා මොනම හේතුවක මතවත් මේ මද්‍යස්තානය වෙනස් කරන්න බෑලු...
(මෙතන බලන්න http://pop.nodes.lk/mohesys/InstructionsLetter_Sinhala_2003.pdf)
මගෙ ඔය නායකත්ව පුහුනුව කියන එකට විරුද්දත්වයක් නැ..නමුත් ඒක නැත්නම් කැම්පස් යන්න දෙන්න බෑ කියන එක සාදාරන නැ නේද?
එතකොට අපි අවුරුදු 2 හො 2 1/2 කට ආසන්නව ගත්තු දැනුම සම්පූර්නයෙන්ම බල්ලට දානවා වගෙ නෙවෙයිද?
අනික් අතට නේවාසිකව ඉන්න උනත් ලමයිංව ඔච්චර දුර මද්‍යස්තාන වලට දාන එක හරිද?
ඕකට තර්කයක් විදියට කියන්න පුලුවන් ලමයි කැම්පස් ගියාමත් ඉන්න ඔනි ගෙදරින් ඈත නේ කියලා...
නමුත් මේ අවස්තා දෙකේදි අරමුනු වෙනස්නේ...

තව දෙයක්
මේ වැඩ සටහම පටන් ගන්නෙ මැයි 23,
අපි අපට අයත් මද්‍යස්තාන වලට වාර්තා කරන්න ඕනි 22 උදේ 10.30 ට,
අද පෝය(17)..හෙට පෝය දිනට පසු දින(18)
දවස් දෙකම රජයේ ආයතන වලට නිවාඩු,
එතකොට ඊයෙ(16) තැපැලට දාපු ලියුම් ඊයෙම හම්බ උනේ නැති කට්ටියට
ලියුම හම්බවෙන්නෙ 19 වෙනිදා..

හිතන්න මේ බඩු ලිස්ට් එකෙ හැටියට හොයාගන්න පුලුවන් වෙයිද 22 වෙනකොට?

  1. ජාතික හැඳුනුම්පත
  2. පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 03 ක්
  3. සුදු කැන්වස් සපත්තු යුගලක් (ශාරීරික අභ්‍යාස සඳහා)
  4. සුදු මේස් කුට්ටම් 02 ක්
  5. අත්කොට ටී ෂර්ට් 02 ක්
  6. අත් දිග කමිස 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
  7. නිල් කොට සලිසම් 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
  8. කළු හෝ නිල් පැහැති දිග කලිසම් 02 ක් (පිරිමි සහභාගිවන්නන්ට)
  9. සාරි 02 ක් සහ අවශ්‍ය පරිදි ඊට අදාල අනෙකුත් දෑ (කාන්තා සහභාගිවන්නන්ට)
  10. ට්‍රැක් බොටම් 01 ක්
  11. සිසුන් සඳහා කළු සපත්තු යුගලයක්
  12. සිසුවියන් සඳහා කාන්තා සෙරෙප්පු යුගලයක්
  13. රෙදි තොප්පියක්
  14. සුදු ඇඳ ඇතිරිලි 02 ක්
  15. සුදු කොට්ට උර 02 ක්
  16. තුවායක්, සබන්, දත් බෙහෙත්, දත් මදින බුරුසු, සපත්තු පොලිෂ් අදිය
  17. පිඟානක්, කෝප්පයක්
  18. අගුළු දැමිය හැකි සූට්කේස් එකක්/ බෑගයක්/ Travelling Bag එකක්
  19. ෆයිල් කවර දෙකක්
  20. කාබන් පෑන් දෙකක්

 (http://pop.nodes.lk/mohesys/ItemList_Sinhala_2003.pdf)
හැමෝටම අපිට වගේ තොරතුරු තාක්ශනයේ පිහිට නෑනෙ.....

මගේ අදහසෙ හැටියට ඔය වැඩසටහන තියන්න තිබුනෙ කැමති අයට කැමති මද්‍යස්තානයක....

දැන් ඉතින් මක්කොරන්නද මමත් යනවා මේ වැඩ සටහනට...
අල ලෙවලය ගොඩ දාගත්තු එකෙ මේ නායකත්ව පුහුනුවක් හන්දා නවතින්න පුලුවනෑ කැම්පස් යන්නෙ නැතුව :P :P
(කොහොම හරි මාව තොරපු මනුස්සයා තෝරලම දාලා තියනවා හරි එකට:P :P  මටත් බන්ඩාරවෙල පැත්තෙ යන්න ලෝකූ වුවමනාවක් තිබ්බා :D)


ප/ලි:-
- තමන් මේ පාර එකර අහුවෙලා නැ කියලා ආතල් එකෙ ඉන්න බැ කාටවත්,ජුනි 16 දෙවනි අදියර පටන් ගන්නවාලු.........පලමු අදියරට 10000යි දෙවනි අදියරට ඉතුරු ඔක්කොම කියලයි ආරන්චිය..
-තමන් මේ අදියරට අහුවෙලාද කියලා බලාගන්න ඕනිනම් http://www.mohe.gov.lk අඩවියට ගිහින් ඇස් දෙක පාවිච්චි කරන්න
-මේකෙන් නිදන්ගත රෝග තියනවා කියලා බෙරෙන්න බෑ...ඒ ගොල්ලොත් වෛද්‍ය වාරතා එක්ක එන්න ඕනි..බෝ වෙන රෝග,පිටරට ගමන් හෝ නොවැලැක්විය හැකි ඕනැම කරුනක් යෙදෙන අය එයාලට දැනුම් දෙන්න ඕනිලු..එයාලව ඊලග අදියරට ඇතුලත් කරනවාලු
-ඉතුරු විස්තර දාල තියන ලිංක් වලින් බලාගන්න පුලුවන් :D

කරුනාවෙන් සලකන්න..මම මෙහි එස් බී දිසානායක මහතාට එස්.බීයා යනුවෙන් සදන් කර ඇත්තේ ඔහුත් සමහ ඇති තරහක් නිසා නොව එය මාගෙ සාමාන්‍ය භාශා විලාශය බැවිනි!!
එමෙන්ම මාගෙ කිසිම විරුද්ද්ත්වයක් මෙම නායකත්ව පුහුනු වැඩ සටහන සමග නොමැත....මාගෙ විරුද්දත්වය එහි සංවිදාන කටයුතු පිලිබදවය!!

Monday, May 16, 2011

ලබැදි මිතුරියෙ එන්න..............

හද පත්ලෙන්ම  එන,
සුහද ඇරයුම ඔබට,
මිතුරියෙ එක් වෙන්න,
ගලන මගෙ ජීවයට,

සදා ස්ථිර ලෙසින්,
සදා මිතුරිය වෙලා,
හැමදාම මගෙ ලඟින්,
ඉන්න සෙවනැල්ල සේ,

ඔබ දන්නවා මගෙන්,
කිසිම දින කිසි විටෙක,
ඔබ නොරැවටෙනා බව,

අහඹු ලෙස හමු උවත්,
ලබැඳි මිතුරෙකු මගින්,
කෙටි කලයි ගත උනේ,
අපට ලංවෙනු මෙලෙස,

ජාලයේ බොහො ඇති,
ලබැදි මිතුරන් තුලින්,
ඇරයුම ඔබටමයි,
මිතුරියේ,සොයුරියේ,
එන්න මගෙ අත ගන්න...........

(මෙය බුකිය තුල කිහිප දෙනෙකුට පෙනීම සදහා දමන ලද්දක් වන අතර..බලා පොරොත්තු වූ කාර්යය සිදු වූ බව පෙනෙනා බැවින් මෙලෙස බ්ලොග් අවකාශයට එක් කරමි....)

Sunday, May 15, 2011

මටද මහන වන්නට සිතුනේය!!

මට මහන වෙන්න හිතිච්චි එක,එක පාරටම වෙච්චි එකක්නම් නෙවෙයි,
හුඟක් කල් ඉදලා මගෙ හිතේ ඔය අදහස තිබුනා,

ඒක අලුත් උනෙ අද උදෙ අපේ ගෙදරට ආරන්‍යවාසි හාමුදුරු කෙනෙක් පිඬුසිඟා වැඩලලු,
(මමනම් දන්නෙ නෑ...6.30 විතර මල රෑ කවුද ඇහැරෙන්නෙ හික් හික්)
අපේ පැත්ත ගමක් උනත් හාමුදුරු වරු පිඬුසිඟා වඩින එක එච්චරම සුලභ නෑ,

ඉතින් මේ හාමුදුරුවොන්ගෙ ආගමනයත් එක්කම මට මතක් උනා ආරන්‍යවාසී(පන්සල් වාසී නොවේ!!) හාමුදුරු නමකට තියන නිදහස ගැන,

වැඩ කරන්න නෑ...
පවුල් නඩත්තු කරන්න නෑ...
කන්න බොන්න දෙන්න තරම් හිතක් තියන මිනිස්සු තාමත් ලංකාවෙ ඉන්නවා(නැත්නම් කැලැව තියෙන්නෙ..මොනවා හරි හොයාගන්න පුලුවන්නෙ..)
ඔක්කොටම වඩා කොම්පියුටර් නෑ,සෙල් පෝන් නෑ!!

මටනම් ජීවිතේ තියන ලොකුම දේ නිදහස!

කාලය තමන්ට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුලුවන්,

නිදහසේ ඉන්න..
භාවනා කරන්න..

අපි කලාතුරකින් ආරන්‍යට ගියාම දැනෙන සන්සුන් හැඟීම,
සිසිලස,
ඒ හාමුදුරු වරුන්ට හැමදාම දැනෙනවා ඇති,

ටිකක් හිතන්න,
ඒ වගෙ තැනකදි(පන්සල් නොවේ!!) හිත එක තැනක තියා ගන්න කොච්චර ලේසිද කියලා!!

ඒ අයට අදහස් ප්‍රකාශකරන්න බුකිය,බස් හෝ බ්ලොග් නැති උනාට අසීමිත වෙච්චි පරිසරය තියනවා!!
අපිට නැති මහා නිදහසක් ආරන්‍ය වාසී ජීවිතය තුල තියනවා.....

මේවා ගැන හිතනකොට මම ආයි අයිත් හැඟීම් අතර අතරමං වෙලා අනාගතය වෙනුවෙන් මම ගත්තු තීරනය හරිද කියන සැකය නැවතත් ඔලුවට එනවා..!!

Saturday, May 14, 2011

අහෝ ඛෙදයකි..මුන්ට සිංහල තේරෙන්නෙද නැත(හෙවත් ලංකාවෙ තොරතුරු තාක්ශන අද්‍යාපනය!)

අද මට යුනිකෝඩ් සම්බන්දයෙන් මල පැන්නෙය..(ඇයි හත් දෙයියනෙ මේ මගුල එ‍‍ක්ස් පී හදන්න කලින් හැදුවෙ නැත්තෙ?)
මගෙන් අද 65ස් දෙනෙක්(තාර බර අඩු කරන්න :P :P) පමන සිංහල යුනිකේත පහසුකම පරිගනකයට ලබාගන්නෙ කෙසේ දැයි ඇසුවෝය(හරියට මම ඒක හැදුවා වගේ)
මම ඔවුන්ට පහසුම විකල්පය වන සියබස් අඩවියෙ ලිපිනය දී ගැලවෙන්නට ඉටා ගතිමි,
ඛේදයකි තුන් දෙනෙකුම මගෙන් නැවත නැවතත් ප්‍රස්න අසමින් බුකි චැටේ මාව කන්නට හැදුවෝය,
දෙන්නෙක් කෙල්ලන් වූ අතර එකෙකු කොල්ලෙකි,
ඛේදයට කරුන වන්නෙ...මෙයින් දෙදෙනෙකු අප සමග ඉන්ජිනියරිං යාමට සිටීමත් අනිකිය මෙඩිසිං යාමට සිටීමත්ය,
කොල්ලා ගැන කියන්නෙ නම්,
මූ මගෙන් මුලින්ම ඇසුවෙ,
"එතන ගොඩක් තියනවානෙ බන්,මොකක්ද දාන්නෙ කියාය" :P :P
මම "උබේ ඉතින් තියෙන්නෙ ‍එක්ස් පී නෙ සර්විස් පැක් එක බලලා බා ගනින්" කියා කීවෙමි,
මූ සර්විස් පැක් එක යනු කුමක්ද දන්නෙ නැත!!...
යන්තම් සර්විස් පැක් එක යනු කුමක්දැයි පැහැදිලි කර මූ ලවා යුනිකෝඩ් එනබලරයා බැවූවෙමි,
මු එය බා ඉන්ස්ට්‍රෝල් වෙන්නෙ නැතැයි කියයි..
එන එරර් එක මොකක්ද කියා කියන්නෙ ද නැත(මූ ඉංග්‍රිසි පන්තිනම් යනවා මහලොකුවට :P :P)
මට නහුතයටම තද විනි..(ඇයි දෙයියනෙ!!!!!එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්)

එහෙනම් බම්බු ගහපිය කියා මම මූට ඉස්කොලෙපොත ෆොන්ටයෙ ලින්කුවක් දී
"බාගන ඉන්ස්ට්‍රෝල් කරපිය" යැ කිවෙමි,
මු එය බා ඩබල් කිලික් කොට කෝ බන් ඉන්ස්ට්‍රොල් කියා එකක් නැතැයි කීවෙය,
මූ ෆොන්ට ඉන්ස්ට්‍රෝල් කිරිමට දන්නෙද නැත!
මම ඉතින් මූට සිංහලෙන් දෙකක් කියා,
ෆොන්ටය C:/windows/fonts වලට කොපි කරන්නට කීවෙමි
මූ මගෙන් ඊලගට ඇසුවේ "කොහෙද බන් බාපු ෆයිල් එක"කියාය (ඇයි ඇන්නැවේ මගෙ හාඩ් එකටයැ බැවේ,තොගෙ හාඩ් එකටනෙ)
මම යන්තම් ගෙස් කර මුගෙ ඩවුන්ලෝඩ් ෆෝල්ඩරය වන්නට හැකි එකක් කීවෙමි(මේවර මට කියන්නට සිංහල ඉතිරි වී නොතිබින)
මූ එතනින් ෆොන්ටය හොයා(කනාවට හරිගොස් තිබිනි..නැත්නම් මම තාම මූට බනිමි..)
කොපි කරගන.වැඩේ කොරගත්තෙය,
නමුදු මූට සිංහල පෙනෙනේ නැතිලු!!,,(රෙන්ඩරිං අල වෙන එක වෙනම කතාවක් ඒ උනාට පේන්න එපැ!!)

මම ඊට බසු බ්‍රව්සර විසදුමක් දෙන්නට සිතා,
"උබේ බ්‍රවුසරය මොකක්දෑ "ඇසීමි,
ගත කටටම මූ එයද මොකක්දෑ ඇසීය,
මූ බ්‍රවුසරය යනු කුමක් දෑ දන්නෙද නැත...
යන්තම් වෙබ් බ්‍රව්සර කිහිපයක නම් කියා ක්රෝම් සහ ගිනි හිවලා හවුල් භාවිත කරනා බව සොයාගත්තෙය,
ගිනි හිවලා සදහා ඇති qsfox ඇඩෝනය දී ශේප් විමට සිතා,
ගිනි හිවලා ඕපන් කරන්නට කිවු විට මූ එය ඕපන් කර බලා
"ඒ බන් සිංහල පේනවා තැන්කූ" යැ කීවෙය...
මු ඉන්ස්ට්‍රෝල් කල ෆොන්ටය වැඩ කරන්නට ඇත්තෙ මූ වාගේම ටියුබ් ලයිට් විය යුතුය,
ගෑනූ දෙදෙනා ගැන කියන්නට පෝස්ට් දහයක්වත් අවශ්‍ය බැවින්..මම උන් දෙදෙනාට  qsfox ඇඩෝනය දී ශේප් වු බව පමනක් කියමි,,

දුකට කරුන වන්නේ මුන් තිදෙනාම මට කලින් පරිගනක භාවිතා කරන්නට පටන් ගත් වුන් වීමයි(නොදකින් අම්මපා මුන් දන්නෙ කොම්පීතරෙන් බුකි බඩගාන්න විතරද මන්දා) 
ලංකාවෙ තොරතුරු තාක්ශන අද්‍යාපනය 34% කින්ද කොහෙද ඉහල ගියාලු(මම හිතන්නෙ මේකට ගන්න ඇත්තෙ ලංකාවෙ බුකි බඩගාන ජනගහනය!!)

ඊටත් වඩා දුකට කරුන වන්නෙ..මුන්ගෙන් දෙදෙනෙකු ඉංජිනේරුවන් වීමටද,අනෙකා ඩොකෙකු වීමටද බලා සිටිනා බවයි!!...
විශ්ව විද්‍යාල ගත වීමට සිටින උන්ට කොහෙද නැති නායකත්ව පුහුනුවක් වෙනුවට හරි හමං තොරතුරු තාක්ශන අද්‍යාපනයක් ලබා දෙන්නෙනම්!!!(අහෝ..මයික්‍රොසොෆ්ට් ඔෆිස් නොවේ :P :P....)

(දැන් මම මේ කියපු එකා මං දාල දීපු සිංහලෙන්ම මේක බලලා මට ගහන්න සෙට් වෙයිද මන්දා..කමක් නෑ උගේ රෙන්ඩරිං අලනේ :P :P මොනවා හරි කියලා ශේප් වෙනවා!!)

ෆේස් බුක් සිහිනය

කාගෙදෝ "Status" එකක,
"Comment" කරලා තියෙද්දි,
මම එයාව "Add" කලෙ
"Profile pic"එක බලලානම් නෙවෙයි,

එයා "Request" එක "Accept" කරද්දි,
මම "Thanx" කියලා "Message"එකක් යැව්වෙ,
"Reply"එකක් එයි කියලා බලාගන නෙවෙයි,
ඒත් එයා "U r welcome,R u this 1ns friend?" කියලා අහද්දි,
පටන් ගත්තු "Message Thread" එකෙ නම තාමත් "Thanx"!

එදා "Message" එකක් දෙකක් යවලා නවත්තන්න තිබුනු "Message Thread"එක,
"Message" දහස් ගානක් වෙද්දි,
කවුද හිතුවෙ
එයා "In a relationship with" කියලා,
මගෙ නම දායි කියලා!!!

(වගකීමෙන් නිදහස් වීමෙ ලේඛනය:
 :අවසාන පදපෙල කිහිපය සම්පූර්නයෙන්ම මනඃකල්පිත වන අතර තනිකරම මාගෙ ෆැන්ටසියකි!!
මට බුකිය මත කිසිම මිතුරෙකු සමග:Thanx නමින් මැසෙජ ත්‍රෙඩයක් නොමැත)

Thursday, May 12, 2011

සියවසක් උනත් මා......

සියවසක් උනත් මා,
බලා ඉන්නම් ඔබව,
නොආ වත් කිසිදිනක,
ඔබ මගේ තුරුල්ලට,

නමුත් මගේ සිහිනයට,
මිතුරෙකුම එල්ල කල,
මෘදු සියුම් ගල් පහර,
ඔබේ නම කොටා ඇති,
දරා ගන්නෙ කෙලෙස,
හිතක් නැත්තෙකු ලෙසින්,

හැමදා මගෙ හැටිය,
උදැසන නැගෙන විට,
අමතකය සියල්ලම,
නමුදු මේ වාරයෙ,
එලෙස නොවුනේ ඇයිද?

ඔහු එය නොසිතුවත්,
ඒ වදන් මට රුදුරු,
මගේ සිතම පෙලවමින්,
නැවත එන්නෙ ඇයිද?

විය හැකිය මුලාවක්,
ඒ මෙන්ම විහිලුවක්,
නමුත් මගේ සිහිනයට,
තෙරුමක් නැති දෙයක්,

දමමි මා සියල්ලම,
මතකයෙන් ඒහාටම,
අතර තුර මා නිදන,
එන්න මගෙ තුරුල්ලට,
මගෙ සිහින කුමරියේ,
සදාතන ප්‍රේමයේ!!

Wednesday, May 11, 2011

ලොකල්හොස්ට් මත වර්ඩ්ප්‍රෙස් හෙවත් මමම ලියා මමම බැලීම

මාව අදුනන කට්ටිය ටිකක් දන්නවා මට ලාවට පිස්සු කියලා :P
ඊයෙ උදේ පාන්දර මම දැක්කා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් සොෆ්ට්වෙයා එක දාල හදලා තියන බ්ලොග් සර්වර් එකක්,
මටත් හිතුනා එකක් හදන්න :P :P,
ඒත් ඉතින් මට බ්ලොගර් බ්ලොග් එක ඇති,
ඒක හින්දා ටික කාලෙකට කලින් ආපු අයිඩියා එකක් කරලා බලන්න හිතුනා,
මගේම පරිගනකය සර්වරයක් බවට හරවන එක,
ටිකක් විතර වෙලා යන වැඩක්,
වින්ඩෝස් මත මේක කරන්න,
මුලින්ම ඇපාචේ හෝ IIS වගේ සර්වර් සොෆ්ට් එකක් දාන්න ඕනි,
ඊට පස්සෙ ඩෙටාබෙස් එක විදියට MYSQL වගේ එකක් දාල,
වෙබ් ප්‍රොග්‍රැම්ස් හුඟක් දුවන්න ඕනි වෙන PHP වගෙ ප්‍රොග්‍රැමිං ලැංවෙජ් රන් ටයිම් එකක් දාලා,
ඔක්කොගෙම සෙටිංස් ගැලපෙන්නත් හදන්න ඕනි,
හැබැයි ඉතින් ඉන්ටනෙට් තියන හන්දා ඕවා එච්චර අමාරුත් නැ..:D
හොයගන්න පුලුවන් ටියුටෝරියල ගමක,
නමුත් ඊට වඩා හොද විකල්පයක් තියනවා බොහොම ලේසියෙන් කරන්න පුලුවන්.
ඒ තමයි wampserver !
වැම්ප් සර්වර් කියන්නෙ අපිට බොහොම ලේසියෙන් සර්වරයක් හදාගන්න ඉඩදෙන සෝෆ්ට්වෙයා එකක්,
මේක අර කලින් කියපු ඇපාචෙ,MYSQL සහ PHP මෙන්ම තවත් සර්වරයක් සදහා ඕනි වෙන දහසකුත් එකක් වැඩ කැලි එකට පැක් කරලා අපිට පහසුවෙන් සර්වරය නඩත්තු කරන්න ඉඩදෙන ලස්සනට හදපු සොෆ්ට්වෙයා එකක්,
වැම්ප් සර්වරය දාගත්තාම අපිට සර්වරෙ හදන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ,
ඕනිනම් ඔය කලින් දීපු ලින්ක් එකෙන් ගිහින් අලුත්ම ස්තායි සංස්කරනය බා ගන්න(මම හිතන්නෙ මේකෙ ඉන්ස්ට්‍රොලරෙ අලි 10ක් විතර දාල තලලා ඒකත් දෙකට වගේ බෙදලා ඇත්තෙ..මොකද මම බාපු ඉන්ස්ට්‍රෝලරෙ 20mb විතර ඉන්ස්ට්‍රොලෙශන් එක 200mb වලට වඩා ආව..ඕෆ්ල්යින් ඉන්ස්ට්‍රෝලර් එකක් :P :P)
ඊට පස්සෙ ඉතින් ඒක උඩ ඩබල් කිලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරගන්න,
එච්චර තමා සර්වර් කතාව,
ඊට පස්සෙ ස්ටට් මෙනු එකෙන් start Wamp Server කියන එක හොයලා ක්ලික් කරපුවාම ටිකවෙලාවකින් සර්වරෙ වැඩ,
දැන් වෙබ් බ්‍රව්සරෙන් ගිහින් http://localhost/ හරි 127.0.0.1 හරි ගහලා බලන්න,
එතකොට එන්න ඕනි වැම්ප් සර්වර් හෝම් පේජ් එක..මේක මාරුකරන්නත් පුලුවන්,
ඒක පස්සෙ බලමු!!

දැන් සර්වර් වැඩේ හරි,
ඊට පස්සෙ මම කලේ වර්ඩ් ප්‍රෙස් සෝෆ්ට්වෙයාඑක ඩවුන් කරපු එක මෙතනින් ගිහින්,
ඕක ඉතින් සෝෆ්ට් වෙයා එකක් කිව්වට .zip ෆයිල් එකක්,
ඒක ඇතුලෙ තියෙන්නෙ EXE කැල්ලක් එහෙම නෙවෙයි,PHP ෆයිල් ගොඩක්,
මේක වෙබ් සොෆ්ට් වෙයා එකක්නෙ,
ආආ තව එකක් ඕකෙ සිංහල සංස්කරනයකුත් තියනවා,
මෙතනින් ඒක බාගන්නවා වගේම ඉන්ස්ට්‍රොලෙශන් එක ගැන සිංහලෙන් විස්තර ලබා ගන්නත් පුලුවන්,
මම හිතන්නෙ ඕක සිංහලට හැරවීම අපේ අයියල සෙට් එකකගෙ වැඩක් වෙන්න ඕනි..මමනම් දන්නෙ නෑ කවුද කියල.අගය කලයුතු වැඩක්!!
හරි හැබැයි ඉතින් ඕකෙ තියන විදිය අපේ වැම්ප් සර්වරෙත් එක්ක පෝඩ්ඩක් අවුල්,
මොකද එතන කියලාතියෙන්නෙ ඇත්තම සර්වරයක් හාවිතයෙන් කරන හැටි,(වැම්ප් එකත් ඉතින් ඇත්ත වගේ තමයි :P :P)

හරි දැන් කොහොම හරි ඔය ඉංගිරිස් වර්ඩ්ප්‍රෙස් එක හරි සිංහල වර්ඩ්ප්‍රෙස් එක හරි බැවාය කියමුකො,
ඊට පස්සෙ
ZIP ෆයිල් එක ඇතුලෙ තියන wordpress කියන ෆෝල්ඩර් එක,අර අපි කලින් වැම්ප් සර්වරය ඉන්ස්ට්‍රෝල් කරපු තැන තියන WWW කියන ෆෝල්ඩරය ඇතුලට ඩ්‍රැග් ඇන් ඩ්‍රෝප් කරන්න..(තේරුනානෙ??ඇදලා දාන්න :P :P)
ඒ වැඩෙත් හරිය කියමුකො,
හරි දැන් අපි wordpress සදහා ඩේටා බේස් එක හදාගන්න ඕනි,
ඒකට බ්‍රව්සරෙ ඇඩ්‍රස් බාර් එකෙ ගහන්න http://localhost/phpmyadmin/ කියලා,
එතකොට ඕපන් වෙනවා PHPMYADMIN කියන ඩේටාබේස් පාලක වැඩ සටහන වැම්ප් සර්වරෙත් එක්ක එන,
ඒකෙ

MySQL localhost

යටතෙ තියන 
 
කියන තැන තියන ටෙක්ස්ට් බොක්ස් එකට ඩෙටාබේස් එක සදහා කැමති නමක්(උදා:mydb) දෙන්න,
ඉස්සරහා තියන ලිස්ට් බොක්ස් එකෙන්(collation කියලා තෙරිලාතියන එකෙන්) තොරන්න utf8_bin කියන එක,
ඊට පස්සෙ ඉතින් create කියන එකට කොටන්න,:P :P
හරී ඩෙටාබේස් සෙල්ලනුත් ඉවරයි(මාව කවුරුවත් හැක් කරන එකක් නෑ කියලා හිතුනු හන්දා මම ඩේටාබේස් එකට පාස්වර්ඩ් දැම්මෙ නෑ..ඕනිනම් PHPMYADMIN එකෙ පහසුකම් සලසලා තියනවා ඒකට..:P :P හැක් කරනවා එහෙම නෙවෙයි ඕං :D :D)
දැන් ඉතින් වර්ඩ් ප්‍රෙස් කන්ෆිගර් කරන්න ඕනී..මහ වැඩක් නෙවෙයි..
අර කලින් කොපි කරපු wordpress ෆෝල්ඩරෙට යන්න එතන ඇති 
wp-config-sample.php
කියලා ෆයිල් එකක් ඒක 
wp-config.php
රී නෙම් කරන්න,
ඒක නෝට් පැඩ් එකෙ එඩිට් කරන්න

define('DB_NAME', 'ඩේටා බේස් නාමය'); අර කලින් දීපු ඩේටා බේස් නම

define('DB_USER', 'root'); මෙහෙමම

define('DB_PASSWORD', ''); පාස් එකක් දුන්නෙ නැත්තම් මෙහෙම

define('DB_HOST', 'localhost'); මේක ඉතින් සරවර් ඇඩ්‍රස් එක අපේ ලොකල්හොස්ට්නෙ :P :P

define('DB_CHARSET', 'utf8'); මෙහෙමම

(මේවා ෆයිල් එකට ඇඩ් කරන්න එපා අලුතින් ෆයිල් එක ඇතුලෙම තියනවා..පොඩ්ඩක් බලන්න)
හරී සේව් කරන්න දැන්..වින් 7 හරි විස්ටා හරි පවිච්චි කරනවානම් නෝට් පැඩ් එක රන් ඈස් ඇඩ්මින් කරන්න වෙයි

වැඩේ ඉවරයි වගේ තමයි
දැන් 
ඇඩ්‍රස් බාර් එකෙ ගහන්න
http://localhost/wordpress/wp-admin/install.php
කියලා,
එතකොට එනවා ඉන්ස්ට්‍රොලෙශන් එක,
ඒක සම්පුර්න කරලා ලොග් වෙලා පෝස්ට් කරන්න පටන් ගන්න පුලුවන්,
ඔයගොල්ලන්ට අලුත් පෝස්ට් එකක් දාන්න ඕනිනම්  http://localhost/wordpress/wp-admin/ යන්න ඕනි
පෝස්ට් බලන්න ඕනිනම් http://localhost/wordpress/ යන්න ඕනි..

ඕන්න ඔහොම තමයි "මමම ලියා මමම බැලුවෙ"
මම http://www.dyndns.com/ පාවිච්චි කරලා මගෙ IP එක ඩෝමෙන් එකකට මැප් කලා ඒත් වැඩෙ හරිගියෙ නැ..මගෙ සෙටිංස් වල අවුලක් වෙන්න ඇති..forbidden error එකක් එනවා දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මොකද කරන්න ඕනි කියලා..
ආ http://www.dyndns.com/ කියන්නෙ අපෙ වෙනස් වන සුලු IP (ලංකාවෙ තියෙන්න්නෙම මේවනෙ) හැම වෙලෙම එක ඩෝමෙන් එකකින් මැප් කරන්න දෙන සේවාවක්

සැ.යු-මම සරවර් හෝ ඉහත දක්වා ඇති මෘදුකාංග පිලබඳ විශාල අත්දැකීම් ඇත්තෙකු නොවෙ..
හෆ්ෆොයි ලියන එකත් ලේසි වැඩක් නෙවෙයි මේක ලියන්න මම ඊයෙ රැ පටන් ගත්තෙ දොයිය මත වැඩිඋනු හන්දා අද උදේ ඉවර කලේ :P :P

Tuesday, May 10, 2011

මගෙ බ්ලොගය බලන්නන්ගෙන් උදව්වක් අවශ්‍ය වී ඇත

මගෙ අනාගත ගමන් දිශාව තෝරා ගැනීම සදහා මගේ බ්ලොගය බලන්නන් ගෙන් සහ බස් මිතුරන්ගෙන් උදව්වක් අවශ්‍ය වී ඇත,
අවශ්‍ය උදව්ව පවසන්නට පෙර ප්‍රශ්නයට අදාල පසුබිම පැහැදිලි කල යුතුය,
මම,
හයක් හතරක් තේරෙන කාලයෙ සිට විද්‍යාවට සහ තාක්ශනයට බරය,
පොඩි කාලයෙ සිටම මට අවශ්‍ය ඌයෙ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කිරීමට නොවේ,
ඒවා ගලවා වැඩ කරන්නේ කෙසෙදැයි බැලීමටය,

විද්‍යාවට තිබූ නැමියාවට උදාහරන ලෙස මා 6 වන වසරේ සිට විදුසර පත්‍රය මිලදී ගත් බවත් එය අකුරක් නෑර කියවා තෙරුම් ගැනීමට උත්සාහ කලබවත්(99%ක් ම නොතෙරුනත්) පැවසීම ඇතැයි මා සිතමි.

ඒ කාලයෙ මගෙ ප්‍රියතමය වන්නට බලා සිටියෙ ඉලෙක්ට්‍රොනික විද්‍යාවයි,
නමුත් ටික කලකින් මට පරිගනකය අසු විය.මට එය ප්‍රියතමය විය..

සාමාන්‍ය පෙල විභාගයට ටික කලකට පෙර මා,මා ඉගන ගත යුතුම බව සදහන්කරගනිමින් විශයන් කීපයක් අනිවාර්ය කර ගත්තෙමි,
උසස් පෙල කරන අතර තුර ඒම විශයන් තරමක් සංශෝදනය වී වෙනස් මුහුනුවරක් ගත්තේය,
 ඒවා නම්

--පරිගනක තාකශනය
--රසායන විද්‍යාව(කාබනික සහ අකාබනික)
--න්‍යශ්ටික තාක්ශනය
--විශ්වවේදය
--ජීව විද්‍යාවෙ යම් යම් කොටස්(DNA තාක්ශනය පරිනාමය ආදී)
--භාශා

ලිස්ට් එක හැදුවා මෙන් නොව මේවා ඉගන ගැනීම ලෙසි වැඩක් නොවන බව මා දනිමි,
නමුත් කාලය තිබෙ නම් මට මේවා ඉගන ගැනීමට ශක්තිය සහ උවමනාව මට ඇති බව දනිමි

මගේ සාමන්‍ය පෙල ප්‍රතිපල මත මා උසස් පෙල විශය සදහා ගනිත විශය තෝරා ගතිමි(ජීව විද්‍යාව සදහා අත් අකුරුද සාදකයක් වන බව කවුදෝ පැවසූ බැවින් සහ පරිගනක අංශය සදහා තිබූ වැඩි ඇල්ම මත,මා ගනිත සහ ජීව විද්‍යා විශයන් සදහා එක සේ කැමතිය)

අවසානයෙ මා සැහීමකට පත් විය හැකි ප්‍රතිපලයක් උසස් පෙල විභාගයෙන් ලබා ගතිමි,
දැන් ඉංජිනෙරු අංශයෙන් විශ්ව විද්‍යාලයට පිවිසිමට බලා පොරොත්තුවෙන් සිටිමි,

අද උදැසන වනතුරු මාගේ තෝරා ගැනීම පිලිබද සැකයක් මට තිබුනේ නැත,
නමුත් මා රසායන විද්‍යාවට සම්බන්ද අයෙකුගෙ බ්ලොගයක් කියවමින් සිටියදී,
මගෙ සිතේ සැකයක් පැන නැගුනි,
මගේ තෝරාගැනීම හරිද?
මම හිතාගෙන ඇති ආකාරයට වැඩ කයුතු සිදුවේද?

මා දැන් තෝරාගන ඇති මාරගය දීගෙ ගියහොත් ජීවිතයෙන් අවුරුදු 4ක් තෙරුමක් නැති වේවිද,
මට කිසි දිනයක මා ඉගන ගන්නා දෙයින් "හම්බ කිරීමට" උවමනා ඌයෙ නැත,
මට අවශ්‍ය හුදෙක් ඉගනීමත්,එම දැනුමෙන් වැඩක් කිරීමටත් මිස "හම්බ කිරීමට" නොවෙ,

පසුබිම විස්තර කිරීම අවසානය,
මගෙ ප්‍රශ්න වනුයෙ
1)ඉහත විශයන් සියල්ල ඉගන ගැනීමට හැකියාවක් ඇතිද?
2)ඒ සියල්ල ඉගෙන අවසාන කිරීමට කොපමන කාලයක් යාවිද?(ඉගනීම අවසාන කල නොහැකි බව මා දනිමි නමුත් මූලික දැනීම ලබාගැනිමට?)
3)මා දැනට තෝරාගෙන ඇති ආරම්භය සුදුසුද?නැතිනම් විකල්ප ආරම්භයක්

ප්‍රශ්නද අවසානය,
මා බ්ලොගය බලනා සියල්ලන්ගෙන්ම පිලිතුරක් බලාපොරොත්තු වෙමි,
කමෙන්ටුවක් දමා යාමට කාරුනික වන්න,,,

දමන්නෙද නැද්ද?? හිතාගන්නට බැරිය

සුපුරුදු පරිදි මා සිංහල බ්ලොග් අඩවි ගනනාවක කරක්,ගසා බස් පාරකුත් පැද,යාලුවෙක් සිටීනම් ජී.එන්. පාරක් දැමීමට බුකිය පැත්තට ගියෙමි,
වෙලාව උදැසන එකට මිනිත්තු කීපයක් වන්නට ඇත,
යාලුවන් කිසිවෙකු ඔන්ලයින් නැත,
රැ තිස්සෙ බස් පැද බ්ලොග් බලා නින්ද නැති කරගන්නට තරම් පිස්සුවක් උන්ට නැතුවා ඇත,
බුකියෙන් ආපසු එන්නට සැරසෙද්දි චැට් මැසේජයක් පොප් උනි,

--"ඔයා කොහෙද?"
මෙ මල රැ මම කොහෙදැයි  අසන එකාට  මට දෙන්නට හිතුනු උත්තරයනම්,
--"පුටුව උඩ" කියාය
නමුත් චැට් කරන්නාගෙ නම දුටු මම පුටුවෙන් අඩියක් පමන උඩ විසි උනි,
"______ thero" සිංහලෙන් කියන්නෙ නම් "______ හාමුදුරුවෝ" ය,
මට මුලින් සිතුනෙ ෆේක් ප්‍රෝෆ්යිලයක් කියාය,
එම නිසා මම ආචාර සමාචාර ගරු නම්බු නාම නැතිව නිකන්ම,

--"_'පුර" කියා ශේප් එකක් දැම්මෙමි,
පසුව සැකය නිසා ඉංගිරිසියෙන්,
--"මේක ෆේක් ප්‍රොෆයිලයක් නේද?" යැයි ඇසීමි,

"නැහැ මම _____ හමුදුරුවෝ" යැයි පිලිතුර ලැබිනි
දැන් මට දෙලොවම නැත,
හාමුදුරු නම් වලින් ෆේක් ප්‍රොෆයිල් හදාසිටින්නෙකුට සිංහලෙන් දෙකක් කිවයුතු නමුත්,
"සිරාවටම හාමුදුරු කෙනෙක් උනොත්?" යන පැනය හිතට වද දුනි,
ඇයි හාමුදුරුවන්ට බුකිය තහනම්ද?,
මම නම් අසා නැත,වැරැද්දක් දකින්නෙද නැත,
මක් කොරන්නදැයි එකල මෙකල වෙමින් සිටියදි තවත් චැට් මැසෙජයක් පොප් විය

--"මම ___හ", චැට් කරන්නාගෙ නගරයය

--"මගෙ ගාව _______වේ ලමෙක් හිටයා",

______ අපෙ නගරයට ආසන්න ගමකි,
මට දැන් ශුවරම නැත,
සිරාවට හාමුදුරු නමක් විය හැක,
නැතිනම් බය නැතිව මා අදුනනවා විය හැකි මිනිසුන්ගෙ නම් නොකියනවා ඇත,
මම කොකටත් ප්‍රොෆයිලය වීව් කර බැලුවෙමි,
ප්‍රොෆයිල් පික්චරයක් නැත
ප්‍රොෆ්යිල් එකෙ මොලො ස්ටෙටසයක් නැත,
ශෙයා කර ඇත්තෙ අනුන්ගෙ ප්‍රොෆයිල් පමනි,
දහම් පාසලට එන ලමුන් විය හැක,
ෆ්‍රෙන්ඩ්ස්ලාද තුන්සිය ගනනක් ඇත,

--"_________________"
අර ලමයා ගැන තවත් විස්තර ටිකකි,
දැන් නැවතත් ඔහු අර ගමෙලූ,
උසස් පෙල දක්වා ඉගැන් ඌවාලු,
මට දැන් අවශ්‍ය මෙම ඔලුවට කඩා වැටුනු සංවාදයෙන් මිදීමටය,
ශේප් න්‍යාය දමමින් ගියෙමි,
බයිටක් ඌවොත් මාත් බේරෙන පරිදි ගෞරවනීය ආමන්ත්‍රන වලින් තොරව චැට මැසෙජ දෙකක් තුනක් ඇරියෙමි,
මම කවදා මෙම ෆ්‍රේන්ඩ් රික්වෙස්ටය කන්ෆර්ම් කලාදැයි මතකද නැත,
මම සාමාන්‍යෙන් ඇහිල්ලක බැලිලක් නැතිව බුකියෙ  ෆ්‍රේන්ඩ් රික්වෙස්ට කන්ෆර්ම් කලෙමි,
එයින් වරක් පාඩමක් ඉගන ගත් පසුවයි එය නැවතුනෙ,
මෙය ඊට කලින් හෙන හදිස්සියකින් කන්ෆර්ම් කල යුත්තක් විය යුතුය,
නැතිනම් නමවත් පෙනිය යුතු නොවෙද?
තවත් මැසෙජ කිහිපයක් හුවමාරු වූ බව මතකය,
බැලීමට බුකිය පැත්තට යා නොහැක,
නැවත චැට ආරම්භ උවහොත් මල කෙලියකි

--"ගෙදර කට්ටිය නිදිද?" තවත් මැසේජයක් පොප් විය,
මලා මේ මොනවද අහන්නෙ?,
කමක් නැත ශේප් විමට හොදම තැනය,

--"ඔවු මමත් නිදියන්න කියලා හැදුවෙ" මම කීවෙමි

--"මමත් මේ නිදියගන ඉදලා ඇහැරුනා" අට අරින බවක් පෙනෙන්නටම නැත....

--"සුභ රාත්‍රියක්" මම ජී.එන්. කිමට නොහැකි නිසා සිංහල ක්‍රමයට ගොඩ දැම්මෙමි,

--"GN" අමු ඉංගිරීසියෙන් පොප් විය,මගෙ කී බොඩ් එක ගලක උලන්නට සිතුනි,

දැන් ගොස් බලන විට අවසානයට තවත් චැට් මැසේජයක් එවා ඇත,
එය කීප ආකාරයකට තේරුම් ගත හැකි නිසා මෙතන නොදමමි.

දැන් පෝස්ටය බලන්නන්ගෙන් මට විවිද චෝදනා පැමිනිය හැක,
"බුදු දහමට නිගා කරනවා"
"මිත්‍යා දුශ්ටිකයා"
"බොරු කාරයා"
කිහිපයක් විය හැකිය,

මගෙ අදහසනම් හාමුදුරුවන්ට බුකිය තහනම් නැති බවයි,
හාමුදුරුවන්ට බුකිය බුදු දහම පැතිරවීමට යොදාගත් හැකිය,
තමන්ගෙ දායකයින් මෙන්ම ස්‍රාවකයින් සම්බන්ද කර ගැනීමට යොදා ගත හැක

නමුත් මේ සිදුවීම මාගෙ හිත සසල කලේ මම සාම්ප්‍රදායිකව සිතන්නෙකු නිසා විය හැක

බැරි වෙලාවත් ප්‍රොෆයිලය ෆේක්නම්,
මා ඒගැන සොයාබැලිමට සිතා සිටිමි,
ෆේක්නම් අවශ්‍ය පියවර ගත හැකිවනු ඇත,

මගෙ හිතේ තිබෙනා ලොකුම ප්‍රශ්නය මෙම පෝස්ටය පබ්ලිශ් කරනවාද නැද්ද කියාය,
උනු හින්දා බොන්නත් බෑ,කිරි හන්දා අහක දාන්නත් බෑ වගේය,
කියලාත් බැරිය නොකියාත් බැරිය,
මොන නම් ගම් තිබුනත් සයිබර් අවකාශයෙ මම ඇනෝය,
පබ්ලිශ් කරන්නට හිත හදා ගතිමි
මෙන්න.....

Monday, May 9, 2011

මම නැවතත් හඬමි

අවුරුදු කිහිපයකට කලින්,
මම බොහෝම සංවෙදි පුත්ගලයෙක්,
ඉතාම පුන්චි විහිලුවක්වත් මට දරාගන්න පුලුවන් කමක් තිබුනෙ නැහැ,
යාලුවෙක් හො වෙනත් කෙනෙක් විහිලුවක් කලොත් මම කලෙ පැත්තක් අල්ලගන අඬන එක,
ඇත්තටම නොඅඬා දුක හිතෙ හිර කරන් ඉන්නවට වඩා ඒක ඉතාම හොද ක්‍රමයක් උනා දුක පිට කරගන්න,
නමුත් කවදාවත් මම අඩනවයි කියලා මට වෙන විහිලු අඩු උනේ නැහැ,
වැඩි උනා මිසක්,
මට සත්‍ය ලොකයෙ තිබුනු ඉඩ අඩු උනා,
මම මගේම ලෝක මවා ගන්න උත්සාහකලා,
මම වීරයා වෙන,
මගේම ලෝකයක් මම නිර්මානය කලා,
පොත්,
මේ නිර්මානය කිරිමෙදී මගෙ සහකරුවා උනා,
පොතක් කියවන මම ඒකෙ චරිතයක හැකියාවන් මගේ ලොකයෙ මා තුලට ඔබ්බවන්නෙ,
මාව ඒ ලොකයෙ අත්‍යාවශ්‍යම පුත්ගලයා කරමින්,

පහුගිය අවුරුදු තුනක කාලය ඇතුලත,
මට මිතුරන් ලැබුනා,
මගේ සත්‍ය ජීවිතයෙත් මම යම් තරමක වීරයෙක් උනා,
මෙන්න මේ හෙතු හන්දා මගෙ සිහින ලොකයෙ අවශ්‍යතාවය අඩුවෙලා ගියා,
සිහින ලොකයෙ අහිමි වීම හන්දම,
මගෙ හිතත් ගලක් වගෙ උනා කියලා මට හිතෙනවා,
පහු ගිය අවුරුදු තුන ඇතුලෙ මම ඇඩුවෙ හුඟක් අඩුවෙන්,
ඒ වගෙම හදවතින්ම හිනා උනෙත් අඩුවෙන්,

දැන් මම ආයිමත් තනියෙන්,
ලබැදි මිතුරන් හමුවෙන්න කලාතුරකින්,
මම නැවතත් සිහින මවන්න ආරම්භ කරලා,
මම නැවතත් සංවේදි පුත්ගලයෙකු වෙලා,
මේ දැන් පොතක් කියවනකොට තමයි තෙරුනෙ,
මම නැවතත් අඬන්නත් පටන් අරන්,

හීතෙ පිරුනු සතුටෙන් මම ලෝකෙටම කෑ ගහල කියනවා,
මම නැවතත් හඩමී!!!!! 
කියලා............................................  

ඔයාට..

කාට හරි ඔයා ගාව තියන මොනවා හරි ඔනි උනොත්,
දෙන්න,
ආපහු ලැබෙයිද නොලැබෙයිද හිතන්නෙ නැතුව,

ඔයා හුගක් ආස කරන දෙයක්නම් හුඟක් දුක හිතෙනවා තමයි දෙනකොට,
ඒ වගෙම නැවත ලැබුනෙ නැතොත්,
ඒ උනාට මතක තියාගන්න දුකත් අපි විඳින්න පුරුදු වෙන්න ඕනි දෙයක් කියලා,
තේරුම් ගන්න නැතිවුනු දෙයක් අත ඇරලා අපිට සතුටින් ජීවත් වෙන්න පුලුවන් කියලා,
මොන දේ නැති උනත් අපිට සතුටෙන් ජීවත් වෙන්න පුලුවන් කියලා අත්දැකීමෙන් දැනගන්න,
ඉවසන්න පුරුදු වෙන්න,
කවුරු මොනවා කිව්වත් ඉවසීමට සීමා නැ කියලා පසක් කරගන්න,
ජීවිතෙ තියන වටිනාම දේ ඉවසිම බව වටහා ගන්න,

හිතන්න,
අර දේ අරගෙන ගිය කෙනා,
ලොකු හිනාවක් මූනෙ පුරෝගන,
"උදව් කරාට ඔයාට බොහොම ස්තුතී"
කියන ගමන් අර දේ නැවත ගෙනත් දෙනකොට,
දැනෙන සතුටත්,

එහෙම නැත්නම් ඒ දේ ගත්තු කෙනා,
ඒක ජිවත් වෙන්න උදව්වක් කරගන්න හැටි පේන කොට,
දැනෙන සතුටත්,
ලඟින් අර පොඩි දුක තියන්නවත් පුලුවන්ද කියලා!!

Sunday, May 8, 2011

ගුගල් බස් පැදිමට කැමති සියලුම අලුත් අයටයි..(මම වගෙ!!)

මමනම් ඉතින් බ්ලොග් අවකශෙට ආවෙත් ලඟදිනෙ...
බස් පදින්න ගියෙනම් මෙහෙමයි...

කට්ටිය ඔය බ්ලොග් කොමෙන්ට් වල බස් බස් ගගා හිටියට මට මෙලො දෙයක් තෙරුනෙ නැ...
මම මුලින්ම හිතුවෙ මේ කියන්නෙ බ්ලොගර් ඩැශ්බෝඩ් එකෙ තියල බ්ලොගර් බස් කියල..
එකෙ තියෙන්නෙ බ්ලොගර් එකෙන් කරන වැඩ ගැන විස්තරනෙ..ඒකෙ පදින්න තරම් දෙයක් නැනෙ..

දැන් මක් කරන්නද...මම වැඩෙ අල්ලලා දාලා නිකන් හිටියා.

පස්සෙ තමයි දැක්කෙ ජී-මෙල් එකෙ තියන බස් එක(Buzz) මේක පෙන්නනම් ජී-මේල් එකට ලොග් වෙලා  standard view එකෙන් ඉන්න ඕන එතකොට ලස්සනට  මෙන්න මේ වගෙ පේනවා,
ටැබ් එක උඩ කොටලා ඒකට යන්න..
ඊට පස්සෙ ඒකෙ තියන එකම ටෙක්ස්ට් බොක්ස් එක උඩ(මීට කලින් බස් පැදලා නැත්නම්) කොටන්න..කොටපුවාම අහනව ගූහල් බස් ප්‍රොෆයිල් එක හදන්නද කියල..ඒ එන සංවාද කොටුවෙ(Dialog box) අහලා තියන තොරතුරු දීලා ප්‍රොෆයිල් එක හදාගන්න..

දැන් වැඩේ හරි.. :) :)

:P :P කොහෙ හරියන්නද පස්සෙන් යන්න කට්ටිය(Followers) නැත්නම්.මෙලෝ තෙරුමක් නැනෙ..අපි දාන බස් එකකට නගින්නවත්.අපිට වෙන කාගෙ හරි බස් එකකකට නගින්නවත් පුලුවන් වෙන්න අපි පස්සෙන් යන කට්ටිය හරි..අපේ පස්සෙන් එන කට්ටිය හරි ඉන්න ඕනි

ඒකට කරන්න තියෙන්නෙ දැන් යන අපේ කට්ටියගෙ බස් එකට(කොටන්න්න) නැගලා එතන ඉන්න අයගෙ පස්සෙන්(නම උඩ කොටලා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගිහින් "Follow" කියන එකට කොටන්න) යන්න..

ඊට පස්සෙ ඒ කෙනෙක් පස්සෙන් යල ලිස්ට් එක ලෝඩ් කරගන්න (‍‍‍xxx has 123 followers කියන තැන හරි ‍‍‍xxx is following 200 කියන තැනක කොටලා) එතන ඉන්න අයගෙන් කැමති අයගෙ පස්සෙන් යන්න(Follow මම නම් කලෙ එක් කෙනෙකගෙ ලිස්ට් එක ලෝඩ් කරගන යුනිකෝඩ් වලින් නම් දාලතියන ඔක්කොම පස්සෙන් ගියා :P :P)

දැන් නම් වැඩෙ ටිකක් හරි..අර පස්සෙන් ගිය අය සමහර වෙලාවට ඔයාගෙ පස්සෙනුත් එයි ඔයාලාට උදව්වක් විදියට..දැන් යන බස් එකට නැගල කොමෙන්ට් එකක් එහෙම දැම්මාට පස්සෙ තව කට්ටිය ඔයගෙ පස්සෙන් එයි..උදව්වක් විදියට ඔයාලත් එයාලගෙ පස්සෙන් යන්න අමතක කරන්න එපා.!!!

ප/ලි-මෙහෙම පන්ඩිත කම් කියෙව්වෙ කිප දෙනෙක් මගෙන් බස් පදින්නෙ කොහොමදැයි අසා සිටි බැවින් හා,
මම මේ ඊයෙ බස් පැදීමට සෙට් ඌවෙකු මිසක බස් පැදීම පිලිබද විශාරදයෙකු නොවන බවත්,කිසියම් වරදක් ඇත්නම් කරුනාවෙන් පෙන්වා දෙන ලෙසත්,බස් පැද ඔබගෙ කාලය නාස්ති ඌවාට මගේ වගකිමක් නැති බවත්(අතිශයින්ම ඇබ්බැහි කාරක වන බැවින්!!) පෝසටය කියවා අහවර වී ඔලුවට ගනු මැනවි!!! :P :P

Saturday, May 7, 2011

මමත් බස් පැදීමට සෙට් උනෙමි..

ඊයෙ පෙරෙදා බ්ලොග් කෙරුවාවට ආපු මම එහෙනම් අද බසුත් පැද්දා.. :P :P

උදෙ පාන්දරම හෙව්වා කට්ටිය මෙච්චර ආතල් එකෙ යන බස් එක මොකක්ද කියල...

පස්සෙයි දැක්කෙ ජීමෙල් වින්ඩෝ එකෙ තියනවා කියලා බස් කියල එකක්..
ගිහින් බැලුවා ම්හු...මේලො තෙරුමක් තිබුනෙ නැ..කෝකටත් කියල ප්‍රොෆයිල් එක හදලා.
පින්තුර කට්ටක් එහෙම දාලා..
පස්සෙන් යන්න කට්ටිය හෙව්වා..වැඩෙ හරිගියෙ නැ :( :(..කොහෙ හොයන්නද ලංකාවෙ කට්ටිය..

පස්සෙ දැක්ක ඔය මොකක් හරි සින්ඩියක තියන පෝස්ට් එකක්..
ඒක ඇතුලට ගිහින් තව එකකට ගියාම(මම හිතන්නෙ ලිංක් 5ක් විතර ඇතුලට ගියාට පස්සෙ) මම දැක්ක ලංකාවෙ කට්ටිය සෙට් වෙලා කඩපු අන්තර් ජාතික බස් එකක්...
එතන හිටපු ලංකාවෙ කට්ටිය පස්සෙන් ගිහින් වැඩෙ පටන් ගත්තා..
උදෙ කට්ටිය මාව ගනන් ගත්තු බවක් පේන්න තිබුනෙ නෑ..

මට ඇඬිලා වගෙ හිටියෙ...ඉතින් ඔහොමත් කරන සිරිතක් තියනවද මම අහන්නෙ???

පස්සෙ කොහොම හරි වැප් කියල(අයියා කෙනෙක් මම හිතන්නෙ) කිව්වා මල්ලි මේ බස් එකෙ නගින්න ටිකට් එපා කියලා...කොහොම හරි නැගලා රේඩියෝ එහෙමත් අහලා(ප්‍රියිවෙට් බස් වල එවා නෙවෙයි)..
අන්තිමට ජීවිතෙට කරපු වැඩක් නොවෙන කවි ටිකකුත් ලියලා ආවේ
කවදා පැදපු බස්ද!! නෙහ්??

ජංගම දුරකතන සදහා සින්ග්ලිශ් කන්වටරය(Singlish For Mobile-j2me)

මට එක පාරට වැඩක් කරන්න හිතුනා..මේ තියෙන්නෙ ඒකෙ ප්‍රතිපල...
වැඩෙ හොදද??
මම හිතන්නෙ ඔය මම සම්පූර්නයෙන් කරපු පලවෙනි වැඩේ..
මේක ජාවාමී(javaMe,J2ME) තාක්ශනය තියන ඕනිම ජංගම දුරකතනයක වැඩ කරන්න පුලුවන් සින්ග්ලිශ් කන්වටර් එකක්..
හැබැයි මාරු උනාට පස්සෙ සිංහල අකුරු බලාගන්න පුලුවන් වෙන්නෙනම් සිංහල යුනිකෝඩ් පහසුකම තියන ජංගම දුරකතන වල විතරයි.අනිත් ජංගම දුරකතන වල මේක වැඩ කරාට හරි වැරදි බලන්න වෙන්නෙ නැ!!..ඒක නිසා හරියටම ටයිපිං ස්ක්‍රිප්ට් එක අනුගමනය කරන්න වෙනවා..ඒ කියන්නෙ හරියටම කැපිටල් සිම්පල් මාරු කර කර ටයිප් කරන්න වෙනවා..ටයිප් කරලා ඉවර උනාම ඉතින් අනිත් බොක්ස් එකට එන්නෙ කොටු ටිකක් තමා(සිංහල නැති දුරකතන වලට..මමත් කරන්නෙ ඔහොම තමා මගෙ එකෙත් සිංහල නැ!!)..

කොහොම උනත් කන්වට් වෙලා ඉවර උනාට පස්සෙ ජංගම දුරකතනයේ සාමන්‍ය Copy-Past පහසුකම පාවිච්චි කරන්න Text එක වෙන තැනකට ගන්න..
මේක ඉතින් තනිකරම මගේ නිර්මානයක්(ඔය වගේ ගොං අයිඩියා එන්නෙ මට විතරනෙ)...තනිකරම කිව්වට එහෙමමත් නෑ...සින්ග්ලිශ් >>යුනිකෝඩ් අයිඩියා එක ගත්තෙ අර ඔන්ලයින් යුනිකෝඩ් කන්වටරේ සෝස් එක බලලා තමයි...යුනිකෝඩ් >>සින්ග්ලිශ් තනිකරම මගෙන්..
තව ටිකක් කපලා කොටලා මේකට යොදාගන්න සින්ග්ලිශ් >>යුනිකෝඩ්,යුනිකෝඩ් >>සින්ග්ලිශ් ලයිබ්‍රිය දාන්න ඕනි ඕපන් සෝස් විදියට...
ඔයගොල්ලන්ට මෙතනින් බාගන්න පුලුවන් .jar සහ .jad ෆයිල් දෙක.. ඔක sourceforge.net ප්‍රොජෙක්ට් සයිට් එක....
තාම පාවිච්චි කරන්නෙ Lcdui ජී.යු.අයි එකක්..නමුත් ඉස්සරහට මොකක් හරි බර ජී.යු.අයි එකක් පාවිච්චි කරන්න හිතාගන ඉන්නවා බිට්මැප් ෆොන්ට් එහෙම දාලා(මම තාම ඒවා දන්නෙ නැ :( කවුරු හරි උදව් කරන්න කැමතිද?) සිංහල නැති දුරකතන වලත් අකුරු පේන්න..
මොනවා හරි වැරදි එහෙම නැත්නම් එකතු වෙන්නෙ තියන දේවල් තියනවනම් මට කියන්න j.l.madushanඇට්gmail.com

ප/ලි:-මලා තව පොඩ්ඩෙන් අමතක වෙනවා මෙකෙ පාවිච්චි කරන්නෙ රියල්ටයිම් සින්ග්ලිශ් කියන ප්‍රෝග්‍රැම් එකෙ සින්ග්ලිශ් ස්ක්‍රිප්ට් එක මෙන්න මෙතන කොටන්න!!

ඔබ

මම,
මා විසින් සිර කෙරුනු,
යතුරු පුවරුව,
මොනිටරය සහ දුරස්ත ස'වරය,
අතර ගෙවුනත් මුලු දිනයම,

ලැබෙනා ඇසිල්ලෙ සිතන්නට,
සිත දුවන්නෙ මතකයට ඔබෙ,
ඉතා සුලු මොහොතක,
උරුමයට,
ලැබූ ඔබගෙ සිනහවෙ,
සදාකලික සතුටට,


ලැබුනත් ඔබෙ සිනහව,
සියල්ලන්ට ඔබ දකින,
මට ඉතා වැදගත් එය,
මන්ද,
මා සමග සිනහාවන්නන්,
ඉතා අඩු බැවිනි,

ඔබෙ සිනහවෙන්ම පමනක්,
ඇයි,
ඔබ මගෙ සිහින වල,
අග රැජින වූයෙ,
මගේ "සිහින කුමරියේ"!! 

Friday, May 6, 2011

මගේ ඇබ්බැහි?? -පරිගනකය-

මගේ තවත් (ලොකූම!!)ඇබ්බැහියක් තමා මෙන්න මේක!!
මේකනම් සිරාම ඇබ්බැහියක් වෙලා තියෙන්නෙ දැන්...පැය 24ට පෝඩ්ඩක් අඩුවෙන් මේක ඉස්සරහ තමයි වාඩිවෙලා ඉන්නෙ.
හ්ම්ම්ම්ම් පටන් ගන්නෙ කොහෙන්ද?..

හරි මතක් උනා..දහම් පාසල් යන දවස්වල(හ්ම්ම්ම් 6 වසරෙදි විතර මතක විදියට).එක ඉරිදා දවසක දහම් පාසල් ප්‍රධාන ආචාර්යතුමිය අපිට විශේශ නිවෙදනයක් දිලා(කටින් හොදේ පන්තියක් පන්තියක් ගානෙ ගිහින්.ලමයි 150ක් විතරනෙ හිටියෙ) කියනවා.
"පරිගනක අද්‍යාපන ආයතනයකින් සිස්වත්ත වගයක් දිලා තියනවා කැමති අය ඇවිත් නම් භාර දෙන්න" කියලා.

අපෙන් හුඟක් අය පරිගනකයක් හතරැස්ද?,ඒක වැඩ කරන්නෙ රැටද?,හුලන් ගහල පුම්බන එකක්ද කියලවත් දන්නෙ නැ :P :P..කොටින්ම කියනවනම් මුකුත්ම දන්නෙ නැ(ඔය හුඟක් අයට මාත් අයිතී හොදේ!!)...
ඉතින් ඔය මුකුත්ම දන්නෙ නැති එක ඉගන ගන්නවා කියන්නෙ මැජික් වගේ වැඩක්නෙ.තනියම තීරන ගන්න හොද නැති හන්දා ගෙදර ඇවිත් අම්මගෙනුයි තාත්තගෙනුයි අහලා.අරකට නම දැම්මයි කියමුකො..

ඉතින් නම දාලා මාසෙකට විතර පස්සෙ පරිගනක පාටමාලාව පටන් ගත්තා..ආයතනය තමයි "Tec Sri Lanka" කියන එකෙ අපෙ නගර ශාකාව..මට හරියටම කාලය මතක නැති උනත් අවුරුද්දක සති අන්ත පාටමාලාවක් මම හිතන්නෙ..ඒකෙ පරිගනක 20ක් විතර තියන A/C කරපු පරිගනක විද්‍යාගාරයක් තමයි තිබුනෙ(පරිගනකනම් ගන්න දෙයක් නැ!!..125MB HDD,WIN 98 ඒ දවස් වල රැම් ප්‍රොසෙසර් තියනව කියලා කියා දුන්නට ඒවා මොනවටද කියල තෙරුනෙ නැ ඒක හන්දා එවා මතක නැ :P :P).

ඕක ඇතුලට යන්න  සපත්තු සෙරප්පු ගලෝලා වැඩ ගොඩක් කරලා දොර ගාව කොල අත්තක් එහෙම එල්ලලා තමා ඇතුලට යන්න ඕනි ලොල්..
ඕකෙදි අපි කරපු වැඩ ලිව්වොත් පෝස්ට් එකට වෙන නමක් දාන්න වෙනවා..ඒක හන්දා ඇබ්බැහිය ගැන කියන්නම්..
ඔය කොහොම උනත් අපිට ඕකෙදි පරිගකය පාවිච්චි කරන්න වෙන්නෙ සති අන්තයෙ පැය 2කකට විතරනෙ..ඉතින් ඉච්චර ගතියක් නැ!

ගතිය ආවෙ ඉස්කොල වලට ICT කියලා විශයක් හදුන්වලා දිලා පරිගනක විද්‍යාගාරයක් අපේ ඉස්කොලෙට ලැබුනට පස්සෙ තමා!!!(මෙ පරිගනක 256MB ram,1 GHz processor,40GB HDD සහ ඔක්කොටම එකයි 1MBps slt ඉන්ට'නෙට් කනෙක්ශන් එකකුත් එක්ක.)

ඕවා ආපු දවස්වල අපිව පරිගනක විද්‍යාගරයෙන් එලියට ගන්න හරි අමාරුයි..ඒ උනාට හිටපු ස'ර් හෙන අයිසා උගන්නනෙම නැ!..අපිට පරිගනක දාගන්න කියල යනවා රෝන්දෙ ගහන්න :P :P..

අපි ඉතින් අර පරිගනක වලට කරන්න තියන ඔක්කොම කරනවා.කරලා බලනවා මොකද වෙන්නෙ කියලා..
BIOS පාස් වර්ඩ් දාල මතක නැති වෙනවා අන්තිමට ස'ර් ට ඔන් කරන්නත් බැ!...මිනිහා දන්නෙ නැ සීමොස් රිසෙට් කරන්න ජම්පර් එකක් තියනව කියල!.අන්තිමට පන්තියෙ ඔය දන්න එකෙක් ඉදලා තමයි රීසෙට් කලෙ..

ස'ර්ව කොයිල් කරන්න අපි කරන ජනප්‍රියම වැඩෙ තමා BOOT.INI එක වෙනස් කරලා අර සිස්ටම් කීපයක් තියනවා වගේ පෙන්න හදන්න පුලුවන් එක.අපි 15ක් විතර හදලා තියලා එනවා..ස'ර් අනිත් දවසෙ අපෙ ජාතිය අමත්නවා(ඒත් අම්මලා තාත්තලා බලනව ඇති කොල්ලො ටිකට ICT තියන දවසට කිඹුහුම් යන්නෙ ඇයි කියලා ලොල්)..

ටික දවසකින් ඉස්කෝලෙ පරිගනක වල වේගය අඩු වෙන්න පටන් ගත්තා වයිරස්,හාඩ්වෙයා ප්‍රෆෝමන්ස් අඩු විම වගෙ ඒවා හන්දා(අහන්න එපා දැන් 256 රැම් එක 128 වලට බැස්සෙ කොහොමද කියලා!!!)..
ඉතින් ඒකත් එපා උනා..

පස්සෙ මටම පරිගනකයක් ඕනි උනා..නහයෙන් අඬ අඬා ඉද්දි ඉස්කොලෙ A/L පන්ති පටන් අරන් මාස 5කින් විතර  මගෙ අදහාගත නොහැකි O/L ප්‍රතිපලය වෙනුවෙන් මට පරිගනකයක් හම්බ උනා(1GB ram,160GB HDD,2GHz@2 cpu)..

ඊට පස්සෙ තමයි තාත්තට හිතෙන්න ඇත්තෙ මූට පරිගනකෙ අරන් දීපු සල්ලි වල බල්ලන්ට ආප්ප අරන් දුන්නනම් නියමයි කියල.ඇයි මම වහන්සෙ හැම වෙලේම ඒකට අරක් අරගෙන...ඉස්කෝලෙ වැඩ නැ,පොතක් පතක් බලන්නෙ නැ,අඩු තරමෙ TV බලන්නෙත් නැ!

එක්කො 1950 විතර අවුට් වෙච්චි ගේම් එකක් ගහනවා නැත්නම් ෆිල්ම් එකක් බලනවා!!..
දැන් තමා  නියම ඇබ්බැහිය වෙලා තියෙන්නෙ..අන්තර් ජාල සම්බන්දතාවය ලබාගැනිමත් එක්කම..ඒ ගැන පස්සෙ මට නිදි මතෝ!!!!

Thursday, May 5, 2011

අවිනිශ්චිත ජීවිතයෙ රස


මම! බොහොම අවිනිශ්චිත මනුස්සයෙක් හුඟක් වෙලාවට,
ඒක පුරුදු උනේ කොහෙන්ද කියන්න මතකයක් නැති උනත්,මම හිතන්නෙ පොඩි කාලෙ ඉඳලා ලැබිච්ච අත්දැකීම් වල ප්‍රතිපලයක් වෙන්න ඇති.
"මචං ට්‍රිප් එකක් යනවා එනවද?" යාලුවෙක් අහනවා,
"බලමු මචං.කවද වගෙද යන්නෙ?.ඊට කලින් දවසෙ කියන්නම්!" මගේ උත්තරය.

මගේ මුලු ජීවිතයම ඔය වගෙ.
කෙල්ලෙක් පස්සෙ ගියත් කවද ඒ කෙල්ල ගැන බලාපොරොත්තු අතඇර ගනිද මන්ද,

"කොහොමද විභාගෙ?" O/L ඉවර වෙච්චි දවසෙ හුඟක් අය අහනවා
"ගනනුයි විද්‍යාවයි "A",අනිත්වනම් මන්දා" මගෙ උත්තරය,
ජීවිතෙ කොච්චර අවිනිශ්චිත උනත් මම මට ඕනි දෙවල නොදැනුවත්වම වගේ කරගන්නවා කියලා තේරුනේ,
ඔය කියන දේවලුත් ඇතුලත්ව මගේ O/L ප්‍රතිඵල ආපු දවසෙ.
ඒක වැඩියෙන්ම දැනුනෙ A/L ප්‍රතිඵල ආපු දවසේ.

ඒ කොහොම උනත් තීරනයක් ගන්න බැරුව දෙපැත්තට වැනෙන ගතිය මගෙ ජීවිතෙ පුරුදු කරපු දක්ශතාවයක් වගෙ,
මූනු පොතේ යාලුවෝ චැට් කරනකොට මගේ ප්‍රියතම උත්තර තමයි,
"මන්දා බන්","අනේ මන්දා"...

ඒ උනාට A/L ප්‍රතිඵල ආපු දවසෙ ඉඳලා මගෙ ජීවිතේ මම හුඟක් ආදරය කරපු,
මාව හුඟක් දෙවල් වලින් ඈත් කරපු,අහිමි කරපු,
අවිනිශ්චිත භාවය ජීවිතෙන් ඈත් වෙලා,
මුලු ජීවිතෙම මෙතනින් එහාට සැලසුම් වෙලා ඉවරයි වගේ,
එහෙම ජීවිතේකින් වැඩක් තියනවද?
සැලසුම් කරපු එකක්?

ආයිත් අවිනිශ්චිතත්වය ජීවිතේට ලං කරගන්න ලොකූ පිස්සු වැඩක් කරන්න තියනවනම්!!!

Monday, May 2, 2011

අතිතය ඔබට ආයුබෝවන්!!

නුදුරු අනාගතයේ සුපිරි තාක්ෂණ ආයතනයක අවන්හල තුළ

නුතන සන්නිවේදන ක්‍රමපිළිබඳ පැවති කතාබහක දිගුව.
-------------------------------------------------------------------------------------------------------------
man1-පහුගිය අව්රුදු ගණනාව ඇතුළතම විවිධ තාක්ෂණික ක්‍රම දියුණු උණත් සන්නිවෙදන කටයුතු වල             වේගය වැඩි කරන්න,මට හිතෙන විදියට ලගදිම ඕවා සිමාවකට පත් වෙලා නවතිවි.

man2-ඇයි එහෙම කියන්නෙ?.මිනිහගේ තොරතුරු ඉල්ලුම එන්න එන්නම් වැඩිවෙනවා වගෙයි මටනම්    පේන්නෙ.බලන්න චිත්‍රපටි කර්මාන්තය දිහා.මුලින්ම සෙයා පටල.පස්සෙ VCD,ඊටත් පස්සෙ Video DVD,දැන් Blu-Ray Disk,අලුත්ම ක්‍රමය අධි විහේධනය සහිත වෙබ් වීඩියො..ඉතින් ඔය වගෙ තොරතුරු ඉල්ලුමක් සහිත සාමාජයකට අධි වේගි සන්නිවේදන ක්‍රමයක් වැඩක් නැ කියලද කියන්න හදන්නෙ?

man3-නැහැ මම හිතන්නෙ මෙයා කියන්න උත්සාහ කරන්නෙ මිනිස්සුන්ගේ තොරතුරු ඉල්ලුමේ සිමාව මිනිස්සුන්ගේ ඉන්ද්‍රිය වලට දරාගන්න්න පුළුවන් සිමාව කියල වෙන්න ඔනී

man1-ඔව් ඒක තමයි මම කියන්න උත්සාහ කළේ.බලන්න තව අවුරුදු කීපයකින් අධි විහේධනය සහිත වෙබ් වීඩියො තාක්ෂණය මිනිස් ඇසට දරාගන්න පුළුවන් උපරිම සීමාවට එළඹෙවි.ඊටපස්සෙ ඒ තාක්ෂණය දියුණු කිරිමෙන් ඇති පලක් නැ නේද?.ඒ වගේම ඒකෙන් කියවෙන්නෙ ඒ තාක්ෂණය සදහා යොදාගන්න සන්නිවේදන ක්‍රමයෙ දියුණු විමෙන් ඇති පලකුත් නැ නේද?

man2-ඔව් ඒක පිළිගන්න පුළුවන් තර්කයක්.නමුත් සන්නිවේතන තාක්ෂණ දියුණු වීමේ තවත් සීමා තියනවා නේද?උදාහරණයක් විදියට අපි දැනට සන්නිවේදන කටයුතු සදහා යොදාගන්න විද්‍යුත් චුම්බක තරංග වලට ආලොකයේ වේග සීමාව තියනවනේ?

man1-ඔව් ඒක ඇත්ත..අපේ පොළව විතරක් ගත්තොත් ඕක එච්චට දැනෙන්නෙ නැතුවට,පහු ගිය දශකයේ ආරම්භ වෙච්චි හඳ ජනාවාස කිරිමත් එක්ක ඇරඹුණු අභ්‍යාවකාශ යුගයට ඕක හුගක් බලපානවා.මොකද මිනිසාට නිද්හසේ හුස්මක් ගන්න පුළුවන් ළඟම තැන තියෙන්නෙ බ්‍රහස්පති කක්ෂ වල හන්දත්,එතන ඉදලා පොළවට පණිවුඩයක් එවන්න අඩු තරමෙ විනාඩි 50ක් වත් යන හන්දත්.

man3-ඕකට විසදුමක් විදියට තමයි කාලයෙන් වියුක්ත සන්නිවේදන තාක්ෂණ පිළිබදව යොජනා කරලා තියෙන්නෙ.එ කියන්නෙ යම් තැනකින් පිටඋනු දත්තයක් ඒ මොහොතෙම දුරස්ථ ස්ථානයකට ලැබෙන ක්‍රමයක්!!

man2-ඔයා කියන්නෙ අර සුපිරි සන්නායක සන්නිවේදනය වගේ දෙයක්ද?සුපිරි සන්නායකයක දෙකෙළවර හරහා විභව අන්තරයක් යෙදෙන්න කාලය ගත උණේ නැතුවට ඒක විශ්විය වශයෙන් ප්‍රයෝගික වෙන්නෙ නැනෙ..සුපිරි සන්නායක මිටර් කිහිපයක් හදාගන පරීක්ෂණ කරන අපට ඒවගන් කිලොමිටර මිලියන ගාණක් හදාගන ස්ථාවර කකශවල රදවනවා කියන්නෙ හීනයක් තමයි!!

man3-නැහැ ඒක කොහොමවත් ප්‍රායෝගික නැ..නමුත් හිතන්න කාලයෙන් වියුක්ත සන්නිවේදන තාක්ෂණයක තිබිය යුතු ලක්ෂණ..

man1-ප්‍රධානම දේ ඒක කාලයෙන් වියුක්ත විය යුතුයි!!ඒ කියන්නෙ සර්ව කාලිනව තොරතුර ග්‍රහණය කල හැකිවිය යුතුයි..අතිතයේදි උණත් අවශ්‍ය උපකරණ තියනවනම්!!

man3-හරියට හරි!!..එතකොට අනාගතයේ ඉන්න කවුරු හරි සන්නිවේදන ක්‍රමයක් ගොඩනගලනම් අපිට එහි අතුරු ඵලයක්වත් අතිතයේ සිට දකින්න පුළුවන් වෙන්න ඕනි නේද?

man2-ඒතකොට අපි මේ දැනට හුවමාරු කරන දත්ත ප්‍රමාණයත් එක්ක අනාගතය සසඳලා බලද්දි ඔය කියන අතුරු ඵලයෙන් මුලු විශ්වයම වැහිලා තියෙන්නෙ ඕනිනෙ?

man3-එහෙනම් හිතන්න මුලු විශ්වයම වැහිලා තියන දෙයක්??

man1-ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය!!!....විශ්වය ආරම්භ වෙච්චි කාලෙ ඉදන්ම තිබුණු ස්ථායිම දේවල් වලින් 1ක්!!..

man2-නමුත් ඒක විද්‍යුත් චුම්බක විකිරණයක්නෙ??..එහෙම වෙන්නෙ කොහොමද??

man3-ඔව් ඒක විද්‍යුත් චුම්බක විකිරණයක් තමා!!..නමුත් මම කිව්ව විදියටම ඒක අතුරු ඵලයක් වෙන්න පුළුවන්.නැත්නම් තොරතුරු ග්‍රහණය කරන ක්‍රමය විතරක්..තොරතුරු විකාශනය කරන්නෙ වෙන,අපිට තාම හිතාගන්නවත් බැරි ක්‍රමයකට වෙන්න පුළුවන්!!

man2-ඉතින් ඔය කියන විදියට අපිට ඔය තොරතුරු ග්‍රහණය කරන්න පුළුවන්නෙ.ඇයි අපිට තාම බැරි වෙලා තියෙන්නෙ?

man3-එහෙම වෙලා තියෙන්නෙ අපි ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය දිහා බලන්නෙ විශ්වයෙන් එන විකාර විද්‍යුත් කහළ ගොඩක් විදියට මිසක් ක්‍රමානුකූල අංකිත පණිවිඩය විදියට නෙවෙයි හන්දා!!..ලෝකේ අපිට පේන්නෙ අපි දාන කන්නඩියෙ පාටින්නේ!!

man1-හරි ඉතින් අපිට ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණය පළවේනියටම හමු වෙච්චි දවස් වල අපි ඒක දිහා බැලුවෙ අංකිත දත්ත විදියටනෙ?ඒකේ ඔයා කියන පිළිවෙළක් තිබුණෙ නැනෙ?

man3-පොඩ්ඩක් හිතලා බලන්න,අපි අද භාවිතා කරන සාමන්‍ය අංකිත ක්‍රමයකින් අනාගත සන්නිවේදන තාක්ෂණයක් හරහා පණිවිඩයක් යැව්වොත් මක් වෙයිද කියලා.ග්‍රහණය කරන්න ඕනි කාලය දන්නෙ නැති හන්දා පණිවුඩය විකාරයක් වෙයි මොකද සන්නිවේදන ක්‍රමය කාලයෙන් වියුක්තයි!..ඒ නිසා අනිවර්යෙන්ම දැනට දියුණු කරලා තියන දිවී මාන අංකිත ක්‍රමයක්වත් අඩු තරමෙ පාවිච්චි කරන්න වෙනවා..නමුත් අපි ගණන් බලලා තියන විදියට සන්නිවෙධනය හරි හැටි පවත්වා ගන්නනම් අඩු තරමෙ පංචමාන අංකිත ක්‍රමයක් යොදාගන්න වෙනවා...

man1-මොකක්ද ඒ ගණන් බලපු කතාව?..මේ දවස් වල ඔයගොල්ලන්ගෙ අංශයේ යන මහා ලොකු රහස් වැඩපිළිවල ඕකද එතකොට??

man2-ඔව් ඔව් මේ ගොල්ලන්ගෙ අංශයට දෙන්නෙ ඔය වගෙ තෙරුමක් නැති විකාර වැඩ තමයි!!..ඔයගොල්ලො ඔය කියන රහස් පණිවිඩ තෙරුම් ගත්ත දවසට කියන්නකො කවදද ලෝකෙ විනාශ වෙන්නෙ කියල..හික්ස්!!
-------------------------------------------------------------------------------------------------------------
දින තුනකට පසුව එම ස්ථානයේදිම

man1-කෝ ඔයාලගෙ අර විහිළු ව්‍යාපෘතිය ඉවරද??

man2-ඔව් ඔව් මට ආරන්චි උණා ඒකෙ ප්‍රතිපාදන ඔක්කොම නැවැත්තුවා කියල?

man3-ඉතිහාසයේ හැමදාම වගේ අපට වැරදුණා.අපි හැමදාම විශ්වාස කළේ විශ්වයෙ ඉන්නෙ අපි විතරයි කියලා.ඉතින් අපි විශ්වාස කළා පණිවිඩ එන්න පුළුවන් උණෙ අපේම අනාගතයෙන් විතරක් කියලා..මුලදි අපට කොච්චර වැරදුණත් අපි අන්තිමේදි චතුර්මාණ ෂඩ් දශම ක්‍රමයක් දාල පණිවිඩ ලබාගත්තා..එතන අනාගතයෙන් වගෙම අතිතයෙනුත් වර්තමානයෙනුත් පණිවිඩ තිබුණා.නමුත් අතිතය දෙසට අනාගතයෙන් ගිය වැඩිම පණිවිඩය වෙලා තිබුණෙ"අතීතය ඔබට ආයුබෝවන්" කියන එක.මුලින්ම අපට මේක නෙතේරුණත් පණිවිඩ වලින් යම් ප්‍රමාණයක් කියවනකොට තෙරුම් ගන්න පුළුවන් උණා.ඒක ඇවිත් තිබුණෙ අනාගතයෙදි හුඟාක් දියුණු වෙලා ඉන්න මිනිසා වගේම ආත්මාර්ථකාමි ගෝත්‍රයකින් ඔවුන් විශ්වයේ පවතින සියලුම දියුණු ගොත්‍ර කාලය හරහා යාමේ ක්‍රමයකින් විනාශ කරන්න පටන් අරන්.විහිළුව වෙන්නෙ ඔවුන් ඒ විනාශ කරන්නෙ අපි පණිවිඩ විතරක් යවන්න පුළුවන් කියල හිතපු අපිම හොයා ගත්තු මේ ක්‍රමයන්ම වීම තම්යි..අපි බලාපොරොත්තුව හිටපු පණිවිඩය අපිට ඊයෙ හවස ලැබුණ..

man1-ඒ කියන්නෙ!!

man2-එ කියන්නෙ අපිටත්......?

man3-ඔව් 
        "අතීතය ඔබට ආයුබෝවන්!!"
-------------------------------------------------------------------------------------------------------------
හි හිඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉඉ..ඩිජිටල් තාක්ශනනම් පට්ට!කතාවක් තියා ලියුමක්වත් ලියන්න අත් අකුරු හොද මදිව හිටපු මට(ඔක්කොටම හපන් කම්මැලි කම) ඔන්න් කතාවක් ලියන්නත උදව් කලා!!
අක්ශර වින්‍යාසය සදහා උදව් කලේ: http://www.subasa.net/spellerweb.py

Sunday, May 1, 2011

මගේ ඇබ්බැහි?? -පොත්-

හ්ම්ම්ම් මගේ විශයෙන් ගන්නකොට ඇබ්බැහි කියන්නෙ ලොකූ මාතෘකාවක්!...
හැම කෙනෙක් දිහාම බලද්දි හැමෝටම මොන ආකාරයකම හරි(හොද හෝ නරක) ඇබ්බැහි,අඩු තරමේ එකක් වත් තියන බව පේනවා!!

මට පලවෙනියටම කියවන්න තරම් ලොකු පොතක් අහු උනේ 5හ වසරෙ ඉද්දි..
-"පාලු දුපත"-
මට මතක විදියට..
අපේ ගමේ ඉස්කොලේ පොඩි පුස්තකාලේ තිබුනු මේ පොත අපි යාලුවො  5ස් දෙනෙක් විතර සමූපකාර ක්‍රමයට තමයි කියෙව්වෙ.ඒ කිව්වෙ පොතෙ කැලි කැලි ඉඩ ලැබුනු වෙලාවට කට්ටියත් එක්ක කියෙව්වා.පිටු 150ක් විතර තිබුනු මේ පොතේ විස්තර උනේ කරවල වාඩියක වැඩට පැහැරගන ගිහින් යොදවපු ලමයි දෙන්නෙක් ගැන..

ඒ තමයි පොත් වලට මගේ ඇබ්බැහිය පටන් ගත්තු විදිය..මගේ පොත් ඇබැහියෙ ස්වර්නමය කාලය ඉස්කොලෙ 6-11 කාලය තමයි..
ඒ දවස් වල මට පොතක් කිව්වොත් ඕනි දෙයක් (හ්ම්ම්ම් තාමත් එහෙම තමයි).

6 වසරෙදි සිස්වත්තෙ කියන එක පාස් වෙලා අලුත් ඉස්කොලෙට ගියාට පස්සෙ පලවෙනි වතාවට බැහැර දැන පුස්ථකාලෙක සාමජිකයෙක් වෙන්න හම්බ උනා!!
ඉබ්බ දියට දැම්මහම ඇන්නැවෙ කියන සිරිතක් තියනවයැ..
සති 2කට බැහැර දෙන පොත (අනිවා පිටු 200ට වැඩී) එක දවසෙන් (ඉස්කොලෙ ඇතුලෙදිම) කියවලා,යාලුවෙක් එක්ක මාරු කරලා උගෙන් ගන්න පොතත් කියවලා ඕනිනම් තව එකෙක් එක්ක මාරු කරලා.වැඩිම උනොත් දවස් දෙකෙන් පුස්ථකාලේට දිලා තව පොතක් ගන්නවා..

අන්තිමට පුස්ථකාලෙ තිබුනු කියවන්න පුලුවන් හැම පොතක්ම(කතා,විද්යාත්මක,සාහිත්‍ය,ඉතිහාසය,එකි නොකි හැම ජාතියකම) ඉවර උනාට පස්සෙ,කබඩ් අව්ස්ස අව්ස්ස තවත් පොත් හොයල පන්තියට යනකොට පීරියඩ් 2ක් 3ක් ගිහින්.පන්තියෙ ඉන්න ගුරුවරයා අපිව ආපහු යවනව පුස්ථකාලය භාර ගුරුතුමාගෙන් ලියුමක් අරන් එන්න පුස්ථකාලෙ හිටියා කියලා (කාලා වරෙන්කො දැන්,6දි අපි දන්න ලියුම්!! :D).

ඒ මදිවට යලුවොන්ගෙ පොත් එකතු පිටින් ඉස්කොලෙට ගෙන්නගන,බැග් එකෙ දාගන,ඉල්ලගන එන අනිත් උන්ගෙන් බේරගන්න දෙන ගේම දන්නේ අපි විතරයි..

ඔය ගන්න පොත් දැන් කියවන්නත් එපැ!!..
මක් කොල්ල කියවන්නද..ඉන්ටවල් එක පැය බාගයයි!..ඊටත් ඉන්ටවල් එකෙ ගෙදරි බැදලා දෙන යෝද බත් ගෙඩිය කන්නත් එපැ..දැන් ඉතින් පොත් කියවන්න සෙට් වෙන්නෙ අහින්සක ගුරුවරුන්ගෙ ඉගැන්වීම් කාලය තමයි!
පන්තිය ඉස්සරහ ගුරුවරයා බර දාල මොනවාහරි උගන්නනකොට කොල්ලා ඩෙස් එකක් අස්සෙ දාගන "2010-ආතර් සී. ක්ලාර්ක්" කියවනවා!!..ඔන්න ඉතින් ඔය ගුරුවරයෙක් අර මම පොත කියෝන අස්සෙ උගන්නපු දෙයක් ගැන ඔනි නැති ප්‍රස්නයක් අහපුවාම!...කොල්ල දෙනවා උත්තර,ගුරුතුමා හෙල්ලිල යන්න!!!
"2010" ගැන :D

බොරු කියන්න ඕනි නැ.මමනම් ඔය 6-11 කාලය ඇතුලත තිබුනු දවස් ගානටත් වඩා පොත් කියවලා ඇති :P :P..

ඒ දවස් වල අපිට වෙලාව තිබුනෙ නැතත් ඩෙස් අස්සෙ දාගන හරි කියවන්න පොත් තිබුනා..
පොත් දෙන්න යාලුවො හිටියා..
නමුත් දැන් ඕනි තරම් කාලය තියෙද්දි කියවන්න පොත් නැ..
පොත් ලැබෙන්න ක්‍රමයක් නැ.වටේ හිටපු යාලුවො ටික හම්බවෙන්නෙ නැ..
මාසෙකට විතර සරයක් තමා පොතක් හම්බ වෙන්නෙ.

යන්න තිබුනු මහජන පුස්ථකාලෙ ගොඩනැගිල්ල කඩලා හදනවලු මේ දවස් වල (අවුරුද්දක විතර ඉදලා).
අලුතින් හදල තියන පුස්ථකාලය (ලොකු!!) හදලා පොතුත් පුරෝලා දැන් කාලයක්ලු.
විවෘත කරන්නෙ ඊලඟ ඦන්දෙ බලලා වෙන්න ඇති..

ඊටත් හපන් ලංකාවෙ පුස්ථකාල වල නීති.පොත් බැහැර ගෙන යාමේ අංශයට බැඳෙන්න නගරසභා සීමාවෙ කෙනෙකුගෙ අත්සනයි.වරිපනම් සහතිකේකුයි ඕනි.ඒ මදිවට අවුරුද්දකට සරයක් අලුත් කරන්නත් ඕනි.එක පාරක් යාලුවෙකුට කියල අවුරුදු 150ක් විතර මනුස්සයෙක්ගේ අත්සනක් ගහල බැදුනා පුස්ථකාලේට.මට වැඩෙ එපා උනා අර අවුරුද්දෙ සීන් එක හන්දා.

ඉතින් මගේ ලොකුම ඇබ්බැහියක් තමා කියවන එක(පොත්,පත්තර...ඕනි දෙයක්)..
මගේ බ්ලොග් එක බලන හැමෝටම කියන්න තියෙන්නෙ "කියවන්න" පුලුවන් තරම්.අතට අහුවෙන ඕනි දෙයක්!!!