Wednesday, October 31, 2012

මට නැති ජීවිතය......................

මට නැති ජීවිතය,
උඹට තියනව කියලා දැනෙනකොට,
හිත් අගට දැනෙන හීන් ඉරිසියාව,
දැනෙන්නෙ නැතුව ඇති ලෝකෙ වෙන කාටවත්...

කාටවත් බරක් නැති,
මහා ලොකු පැතුම් නැති,
වැඩ කරන උඹ,
එදා වේල කන්න විතරක්...

මම මෙහේ දුවනකොට,
අල්ලන්න මහා ලොකු වගකීම්,
බලා පොරොත්තු...

උඹ ගෙවනකොට මගේ,
සිහින ජීවිතය,
දාලා දුවන්න හිතෙනවා බං,
මේ මුලු කෙහෙල්මලම...............................

මගෙන් උඹලා දෙන්නට magepissulokaya.blogspot.comahikuntakaya.blogspot.com

Tuesday, October 30, 2012

දුයිශෙන් උඹ කොහෙද?

දුයිශෙන් උඹ කොහෙද?
උඹ වගේ ගුරුවරු නෑ අද,
සෙනෙහස උඹ දීපු,
නොකියා වචනයක්වත්,
අල්තීනායිට,
දෙන්නෙ නෑ අද කවුරුවත්...

වහල් වෙලා මුදලට,
දුවනවා පස්සෙන් ප්‍රසිද්දිය...

අයිලයට උඩින් පායපු හඳ එලිය,
රසවිඳින්න බෑ ඒ කාටවත්,
හැමෝම මහ යුද්දෙක...

කවුරුවත් නෑ කියාදෙන්න,
නිදහසේ පාඩම,
උඹ වගේ හදවතට වදින්නට...
දුයිශෙන් ඉපදියං ආයිමත්,
සිය ගනං උඹ වගේ උන් එක්ක,
ඇවැසි උඹ වගේ උන් අප හට,
එදාට වඩා අදට.....................................

Sunday, September 9, 2012

ලංකාව සහ සුපිරි වීරයෝ

වැටත් නියරත් ගොයම් කන්නා සේ අවසන්වුනු පලාත් පාලන මැතිවරනයට ජනතාවගෙන් 50% ක්වත් ඡන්දය ප්‍රකාශ නොකල බව මටනම් "ලොවෙත්" ශුවර්ය.මක් නිසාද යත් කෙහෙල්මල් ඡන්දයකට වඩා ඔවුන්ට ජීවත් වීමට "2500" සොයාගතයුතු නිසාය.ඡන්දයට පෙර "පනා" උස්සාගෙන ගෙදරට පැමිනෙන කිසිවෙක් ඔවුනට "කොල කෑලි" මිස හාල් මිටියක් ගෙන නොආ නිසාය.ගෙන එන්නේද නැති නිසාය.හතර පාරකට ප්‍රතිඵල දෙන විභාග වලට ඔවුන්ගේ දරුවන් යැවිය යුතු නිසාය. 1.8% න් නඩත්තු වන සරසවිවල ඉන්නා ලොකු පුතාට,දුවට එදාවේල කන්නට කීයක් හරි යැවිය යුතු නිසාය.

මමද ඡන්දය ප්‍රකාශ නොකලෙමි.ඒත් "ලොවෙත්" ශුවර් තවත් කරුනක් වෙන්නෙ මොකෙක් හරි එකෙක් ඒ ඡන්දයද හොරෙන් දමන්නට ඇති බවයි.තවත් දහස් ගනනකගේ ඡන්ද හොරෙන් වැටෙන්නට ඇත.නැතිනම් ප්‍රකාශිත ඡන්ද ප්‍රමානය 60% වන්නට කිසි සේත් ඉඩක් නැත.

ජනතාවට දැන් ඡන්දය තුල විශ්වාසයක් නැත.මොකාට ඡන්දය දුන්නත් හාල් කිලෝව නැවතත් රුපියල් 20 ට බසින්නේ නැත.ලෝක වෙලද පොලේ අඩු වූ තෙල් බැරලයට සාපේක්ශව තෙල් මිල අඩුවන්නේද නැත.අද්‍යාපනයට 6% වෙන් වන්නේද නැත.පාන් ගෙඩිය ගැන කතා නොකර සිටීම හොඳය.

ජනතාවට දැන් ඇවැසි වන්නේ දේශපාලන පිලියමක් නොව "සුපිරි වීරයෙකි".කඩා වැටෙමින් තිබූ ජ්'මනියට "හිට්ලර්" සේය.ආසාධාරනයට ලක් වූ දෙමල ජනතාවට "ප්‍රභාකරන්" සේය.එසේත් නැතිනම් "ගෝතම්" නගරයට "බැට් මෑන්" සේය.හරියටම කිව්වොත් දඬු මොනරයෙහි එන රාවනා සේය.

Saturday, August 18, 2012

දන්නවා ඔබ ගියේ.....................

දන්නවා ඔබ ගියේ,
වැඩ වැඩි උනු නිසා බව,
මම කරදර කල නිසා බව,
ඔලුව අවුල් උනු නිසා බව,





ඒත්,

දන්නවද ඔබ ගිය දා ඉඳන්,
මම තට්ට තනියම බව,
ලෝකයම පාලු බව,
උඩින් හිනා වී,
හිත යටින් මම හඬන බව?

Monday, July 23, 2012

අරමුනක් නොමැති සිහිනය........................

මෙය තරමක් වෙනස් ආරම්භයක්,
මේ කතාවට පාදක වන්නේත් මගේ ජීවිතයට පැමිනි "ඇයක්"

ඇය ජීවිතයට පැමිනියේ අහඹු ලෙස,
විශ්ව විද්‍යාලය තුල පැවති සංගමයකින් සංවිදානය කල චාරිකාවකදී,
පලමු හමු වීම පිලිබඳව මගේත් ඇයගේත් මතකයන් තුල වැඩි සදහනක් තිබුනේ නැහැ,
අහඹුවකින් මෙන් ඉහත සංගමයෙන්ම සංවිදානය කල තවත් චාරිකාවකට ඇය පැමිනීමත් සමග අපගේ දෙවන හමුවීම සිදුවෙනවා,
දවන හමුවීමේදී ඇය හා මා ලං වන්නෙ පුදුමාකාර ලෙසින්,
දවස තිස්සෙ ඇයගේ ගමන් සහායකයා වූ මා,ඇයටත් නොදැනීම ඇයට බොහෝ සේ ලං වී තිබුනා,

පුදුමාකාර ගති ලක්ශන තිබූ ඈ,මාගේ සමහර සිහිනයන් නැවතත් අවදි කරන්නට සමත් වූවා,
තාත්විකත්වයත් සමග උවමනාවට වඩා ගැටීමෙන්,නිද්‍රාගත තත්ව‍යය පත්ව තිබූ මාගේ අනන්‍ය සිහින ලෝකය අවදි කිරීමට ඈ සමත් ඌයේ,මගේ සිහින ලෝකයේ චරිත වල යම් කිසි ස්වභාවයන් තාත්විකත්වය තුල මා දුටුවේ ඇගෙන් නිසා විය යුතුයි,
ඇයට උවමනාවට වඩා ලංවීමට මට අවශ්‍ය නොවූයේ,ලංවීමේදි දැනගන්නා ඇතැම් කරුනු සිහිනයට නොගැලපීම,නිසා සිහිනය බිඳ වැටෙනා බැව් මා අත්දැකීමෙන් දන්නා නිසා.
කෙසේ නමුත් කාලයත් සමග නොවැලැක්විය හැකි ලෙසින් අප ලං වූයේ කුමක් නිසාදැයි මා දන්නේ නැහැ,

ජීවිතයට උරුම උස් පහත් වීම් ගැටීම් සහ සතුටු දායක අවස්තා ගනනාවක් සමග අපගේ බැඳිම පෙම්වතුන් දෙදෙනෙකුගේ තරමටම බැදී ගියත්,
කිසිදාක මම එය ඇගෙන් නොවිමසුයේ කරුනු කිහිපයක් නිසාය,
පලමු වැන්න ඇය මාගෙන් __ වසරක් පමන වැඩි මහලු වීමයි,දෙවැන්න ඇයගේ පවුලෙන් ප්‍රේම සම්බන්දතා වලට එරෙහිව නැගී තිබූ ප්‍රතිරෝදයයි,
මේ සියල්ලම සිදුවී දෙමසකින් ඇය විශ්ව විද්‍යාලයෙන් නික්මී ගියත්,අපගේ ජීවිත අපගේ සබදතාවයට එලෙස නික්මෙන්නට ඉඩ දුන්නේ නැහැ...

මගේ සෑම සිහිනයක්ම පාහේ අනාගතයක් නොමැති සිහිනයන් ඌවත්,පුදුමයකට මෙන් ඒ සෑම සිහිනයක්ම පාහේ සාර්තක කරගැනීමට(හෝ සාර්තක වීමට) මා සමත් වී තිබෙනවා..
අවසානයට,මෙම සිහිනයද ඒ ඝනයට අයිතිවන බව පමනක් මා පවසන්නම්........


(මෙම ලියැවීම සිදු වෙන්නේ 2012/01/26 වන දිනයි,මෙය මෙම දිනයේ ප්‍රසිද්ද වීම සිදු නොවන්නෙ මෙහි සදහන් "ඇය" තවමත් මගේ ජීවිතයට තදින් සම්බන්ද බැවින්,මගේ ජීවිතයේ සදාතන රහස් නොමැති බැවින් යම්කිසි දිනෙක මෙය ප්‍රසිද්ද වේවි..දිනය කිසිදාක වේ දැයි කිව නොහැක්කේ කතාව කොයි ලෙසකට ඉදිරියට ගලා යා දැයි මා වත් ඇයවත් නොදන්නා නිසා..)

Sunday, June 10, 2012

දින පොතක පිටු ටිකක්.....................

xx/xx/2011:
ඊයෙ සිරීපාදේ ගියා,අවාරෙට.අපිත් එක්ක ගොඩක් අය ගියා.හුඟාක් හිටියෙ පොඩි මල්ලිලා නංගිලා.තාමත් අපිට බයයිද කොහෙද.පවු..

xx/xx/2011:
අද මේ ලඟ තියන ඇල්ලක් බලන්න ගියා.වැඩිය කට්ටිය හිටියෙ නෑ.අපේ අය ටිකකුයි පොඩි නංගිලා මල්ලිලා ටිකකුයි හිටියෙ.හැමෝම තෙමුනා,ඇඳුම් පිටින්ම.අපේ අය වැඩිය තෙමුනෙ නැති හන්දා මම පැත්තකට වෙලා ඉන්නකොට,පොඩි මල්ලි කෙනෙක් මට කතා කලා තෙමෙන්න එන්න කියලා.මම ගියාට පස්සෙ අපේ අනිත් අයත් ආවා.නියමයි.එන්න ලෑස්ති වෙද්දි අර මල්ලි මගේ ෆෝන් නම්බර් එක ඉල්ල ගත්තා.

xx/xx/2011:
අර මල්ලි මැසේජ් එකක් එවලා තිබුනා.මීටිමට එනවද අහලා.මිටිමටත් ගියා.දිගටම යන්න ඕනි.

xx/xx/2011:
මල්ලියි මමයි හුඟක් කතාකරනව වගේ.එයා දැන් මගේ ගැන හුඟක් දේවල් දන්නවා.වෙනස් විදියට හිතන ලමයෙක්.කාලයක් හිතට මදි වෙලා තිබුනු දෙයක් ලැබුනා වගෙ.

xx/xx/2011:
ඊයෙයි පෙරේදයි ලොකු ගමනක්,දවස් 2ක.ගමන පටන් ගන්න කොටත් මම මහන්සි වෙලා හිටියෙ.හොල්මන් කථා අහල බයත් වෙලා.එ මදිවට අර පිස්ස කෝච්චියෙ වීදුරුවකින් ඔලුව දාලා මාව බය කලා.තාම ශොක් වගේ.මරු වැඩක් උනා.එයා මගෙ ගාව දවස් දෙකම වගේ හිටියෙ.ඒ මදිවට තව පරන අයියා කෙනෙක් මගෙ පස්සෙන් වැටිලා.බලන්න තිබුනෙ මල්ලිගෙ මූනෙ පෙනුම.මට හිත යටින් හිනා.පිස්සා.

xx/xx/2011:
අපෝ රෑට හීනෙන් හොල්මන් පේනවා.නිදාගන්න බෑ.අර පිස්සා කියනවා ඕවා ගැන හිතන් නැතුව නිදා ගන්නලු.එයා කියයි.

xx/xx/2011:
ඊයෙ රෑ බන අහන්න ගියා.යන්තම් හොල්මන් පේන්නෙ නැතුව නිදාගත්තා.ඒක ඉවරයි.මල්ලි කියනවා එයා ඕවා විස්වාස කරන් නෑලු.මට මොකද.

xx/xx/2012:
ව්භාගෙ ලඟයි.පිස්සත් එක්ක පිස්සු කර කර ඉන්න ආසයි.ඒත් මේක ඉවර කරල යන්නත් ඕනිනෙ.මැසේජ් එවන්න එපා කියලා කියලා  බැරි තැන මම හොදටම බැන්නා.කියන දේ අහන්න කියලා.දුක හිතෙන්න ඇති.බැනලා ඉවර වෙනකොට මගේ ඇස් වලත් කඳුලු.මට මොනවා වෙලාද මන්දා.

xx/xx/2012:
මල්ලි තාමත් මැසේජ් එවනවා.මම රිප්ලයි කලේ නෑ.පවු පොඩි එකා.යාලුවො කියනවා මම එයාට කිට්ටු වෙලා වැඩීලු."ඕවා හරියෙන්නෙ නෑ"ලු.මම ඇහුවා ඕවා මොනාද කියලා.එතකොට කියනවා මම එයාට වඩා අවුරුදු කීයක් වැඩිමල්ද කියලවත් හිතලා බලන්නලු.යාලුවොන්ට පිස්සු.

xx/xx/2012:
ව්භාගෙ ඉවරයි.යාලුවො කියපු එක හරි වගෙ.මමයි මල්ලියි යාලුවොන්ට වඩා කිට්ටු වෙලා.මම ඇස් දෙකේ කඳුලු පුරෝගන එයාට කිව්වා මට ආයිත් මැසේජ් කරන්න එපා කියලා.එයාගෙම හොදට.එයාට මගෙත් එක්ක අනාගතයක් නෑ.පිස්සා ආයිත් මැසේජ් එකක් එවලා තිබුනා.එයා හිතුවෙ නැහැල්ලු මම කවදාවත් මෙහෙම කියයි කියලා.ආයිත් මට කරදර කරන්නෙ නෑලු.පව්.

xx/xx/2012:
අද එයාව ආයිමත් දැක්කා.කෙලින් මගෙ දිහා බැලුවෙවත් නෑ.මට කථා කරන්න හිතුනෙ එක පාරක් නෙවෙයි.අන්තිමට ඉවසගන්න බැරුව වොශ් රූම් එකට ගිහින් ටිකක් ඇඬුවා.එයා හිතාගන ඉන්නෙ වැරැද්ද එයාගෙ කියලද කොහෙද.වැරැද්ද අපි දෙන්නගෙම නෙවෙයි.කාගෙද කියලා මට හිතාගන්න බෑ.අපි හිතන විදියෙද කොහෙද.

(මා බොහෝ ඇලුම් කල තැනැත්තියකගෙ දින පොත මෙසේ වන්නට ඇතැයි කරන ලද උපකල්පනයක් පමනක් වන අතර,ඇයට දින පොතක් ඇතැයිද යන්නවත් මා නොදන්නා අතර ඇයට මෙසේ හැගුනු බවත් මා නොදන්නෙමි.කෙසෙ නමුත් මගේ පරිකල්පනය තුල "ඈ" ගේ දින පොතින් කොටසකි ඉහත දැක්වෙන්නෙ.)

Friday, April 20, 2012

නික්ම ගිය ඇය සහ පැහැදිලි කල නොහැකි සඹඳ කම වෙනුවෙන්.............

හිනැහෙන්නට හිතක් නැති,
හඬන්නට සවිය නැති,
ඇදෙනවා වෙනුවට ඇදෙන,
ඔහේ ජීවත් වන,
දින කිහිපයක සිට,
මගේ ජීවිතය..

නැවත පන ගසන්නට,
ඒවිදෝ ඔබ,
නැවතත්,
අසම්මත උවත්,
දෑත් පටලා ඇවිදින්නට,
කිසිවෙකු නොදන්නා,
ලෝකයෙ රාමුවට ඔබ්බෙන්,
විදින්නට අපේ නිදහස..

නොපවසා නොහැකි,
පවසන්නටද නොහැකි,
ඉමක් නොදන්නා,
කිසිදා නොපෙනෙනා,
අපෙ සඹඳ කම,
සොයා ඇවිදින්නද මම,
ඉබා ගාතයේ?...

Sunday, March 11, 2012

මතකද ඒ මල් සමය ගෙවුනු හැටි?.......................

කාලයට පෙරින් විකසිත වූ රොබරෝසියා මල් එකින් එක හැලීම ආරම්භ වී තිබිනි.වසරක් ගත වීත් නමක් සොයාගත නොහැකි වූ,සරසවියේ සියල්ලන්ටම "කහ මල්" වූ මලින් වැල් පීරි තිබිනි.පසුගිය වසරට වඩා විශාල මල් ප්‍රමානයක් මෙවර පිපී තිබෙන්නෙ සැබෑ ලෙසම වසන්තය උදා වී ඇති බව ඉඟි කරමින්.සරසවියේ විවිද මාවත් අතරින් ඉබාගාතේ ඇවිද යමින් සිටි මාගේ,මතකය එක් වරම වසරක අතීතය වෙත ගමන් කලේ අවට පරිසරය ඒ සුන්දර මතකයට ඉඟි කල නිසා විය යුතුය.

එයද රොබරෝසියා මල් වැටෙමින් තිබූ සමය විය.සතුටින් ඉපිල සිටි අප,සම්මතයට එරෙහි සම්බන්දයක අත් පොත් තබමින් සිටි අවදියද විය.මා අද තනිව ඇවිද යන මාවත් අතර එදා,අප අත්වැල් පටලාගන නිදහසේ ඇවිද ගියෙමු.සම්මතය අපට ඇවැසි අයුරින් වෙනස්කල හැකි මේ පරිසරයේ අපව ප්‍රශ්න කිරීමට සිටියේ කීපදෙනෙකි.ඒ ඇයගේ මිතුරන් සහ මාගේ මිතුරන්ය.අප දෙදෙනා සම්ප්‍රදාය හෝ සම්මතය නොතකන්නන්නන් හා ඒවාට නොගැල පෙන්නන් බව වටහා ගත් ඔවුන් ට්ක කලෙකින් ප්‍රශ්න කිරීම් හැර දැමුවෝය.අප අතර වූ සම්බන්දය අසා තහවුරුකර නොගත්තත්,සොයුරු පෙමක හෝ මිතුදමක සීමාවෙන් ඔබ්බට යැවෙන්නක් බව අබ දෙදෙනාගේම සමීපතමයන් දැන සිටියෝය.

සිහිනය සිහිනයක්ම කරමින් සතුටු සමය නිමාවට පත්වූයේ,සරසවියෙන් ඇය නික්ම යාමට මාස කිහිපයකට පෙර සිටයි.බොහෝ වැඩ අදික වූ ඈ.මා හමුවනු තබා මාගේ පනිවුඩයකට හෝ ප්‍රතිචාර දැක්වූයේ කලාතුරකිනි.සියල්ලටම ඔරොත්තු දිය හැකි සියල්ල තේරුම් ගත හැකි මනසක් ඇති මා ඇය වෙනුවෙන් නැවතී සිටියෙමි.

සරසවියෙන් නික්මී රැකියාව සමග කාර්‍ය බහුල වීමත් සමග තවදුරටත් බිඳ වැටුනු අපගේ සම්බන්දතාවය,කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් දැනට මාස කිහිපයක් හත වී ඇතත්.ඇය පිලිබඳ මතකය මනසට ගෙන එන සැහැල්ලුව,කිසි දිනෙක මට විරහා වේදනා විඳිමට ඉඩ නොදුන්නේය.

'සුදු පාට ගවුමේ..ආදරය බැදුනේ,ඔබ මගෙ නිසයි..........................."
ජංගම දුරකතනයෙන් නැගුනු සංගීත රාවය සිතුවිලි දාමය බිද දැම්මෙය.නොබලාම ඇමතුම අනුමත කල මා,දුරකථනය කනේ තබාගත්තෙ කිසිවක් අපේක්ශාවෙන් නොවේ.
නමුත්
"හලෝ,ඔතනම ඉන්න මම එනවා"
හුරුපුරුදු කට හඬක් ඇසෙද්දි,වසරකට පෙර මතකයෙන් ගිලිහුනු බොහෝ දෑ නැවත මතකයට නැගුනි...................

"ඇයි ඔයා කතාවත් කලේ නැත්තෙ?" මගේ පැනයට,
"අද උදේ මැසේජ් එක එනකන්ම මම හිතන් හිටියෙ ඔයා මගෙත් එක්ක තරහින් ඇති කියලා."
"හරි එහෙනම්,කොහොමද ඔයා මම ඉන්න තැන දැනගත්තෙ?"
"ඇයි මතක නැද්ද?.මට ඉව තියනවනෙ" සිනාසෙන දෑස් අතුරින් ඇය පවසයි.
මගේ පිලිතුර සෑම දිනකම වාගේ "පිස්සි..................................................................."


Tuesday, February 7, 2012

ජීවිතය එක තැනක නැවතිලා............


නොනැවතී ගලන ගඟ,
වගේ හැමදා ගලපු,
ජීවිතය එක තැනක නැවතිලා....

ජීවිතය පන පොවන,
හැමදාම සවිය දෙන,
නොසිඳෙනා උල්පතක් හමු වෙලා...

පා වෙනා සමනලුන්,
වගේ ඔහෙ පා වෙච්චි,
ජීවිතය එක තැනක හිර වෙලා...

මල් යාය පුරාවට,
පා වෙනා සමනලුන්,
අතර මගෙ සමනලිය හමු වෙලා...

ගඟක් වාගේ තිරව,
සමනලුන් වගෙ තුටින්,
හදමු අපෙ ජීවිතය එක් වෙලා.............................

Monday, January 23, 2012

හීනයක් වෙලා හැමදාම ඉන්නවද ඔයා?

කාලෙකට පස්සෙ හිත සතුටින් පිරිලා පිම්බිලා,
තවත් හිතන්න බැරි වෙන්නම,කවදාවත් තාත්වික වෙන්න බැරි හීනෙකට,
හිත පැටලිලා,තාත්වික නොවුනාම මොකද,හීනය සැබෑ ලෝකයට වඩා ලස්සනනම්..
හිතට මහා ලොකු සැහැල්ලුවක් දැනෙනවා,
අමතක වෙලා ගිය මගේ හීන මවන පුරුද්ද ආයිත් ඇවිත්...
ඒකට ස්තූති කරන්න ඕනි ඉතින් ලඟදි වෙච්චි සිද්දි දාමයකුත්,
ඒකෙදි අඳුර ගත්තු කීප දෙනෙකුටත් තමයි...

ජීවිතය ආයිමත් මගේම හීන ලෝකය කරගන්න අවස්තාව අරන් දීපු ඔයා(ල)ට බොහෝම ස්තූතී.............................

ආවා වගේ ඉකමට,
ආයිත් යන්නෙ නැතුව,
දුප්පත් මහේ හිතට,
හීනයක් වෙලා,
හැමදාම ඉන්නවද ඔයා,
කියන්නකො..
ඉන්නවද?

Friday, January 20, 2012

ආසයි ඔබත් එක්ක.........................


ආසයි ඔබත් එක්ක,
අතින් අත පටලගන,
සරසවිය මැදින් යන,
මල් පාරෙ ඇවිදින්න...

මල් පාර දෙපැත්තේ,
පිපුනු මල් අතර තුර,
පිවිතුරුම මලයි ඔබ,
නෙලන්නට අවසරද?

කෙලෙසනම් නෙලන්නද,
දැනත් අන්සතු බවක්,
සදාකල් ඔබ ලඟින්,
හිදිමි සොයුරෙකු ලෙසින්.......................................

Saturday, January 14, 2012

තවත් මතෘකාවක් නැති ලිවිල්ලක්.....

ජීවිතය තුල මා ආදරය කරන දේවල් හෝ අයවලුන් විශාල ප්‍රමානයක් නැත,
කුඩා කල පටන්ම මා විශාල දේවල් ප්‍රමානයකට ඇලුම් කලේද නැත,
මේ කුඩා කල මා ඉල්ලා හැඬු දෑ වලින් වැඩි ප්‍රමානයක් මිලදී ගැනිමට මා පවුල සතුව වත් කමක් නොතිබූ නිසා විය හැකිය.
මට මතක ඇතී ඈතම අතීතයේ පලමුවෙන්ම මා ආදරය කල දෙය වූයේ කුඩා කතන්දර පොත් කිහිපයකි,
"ගෙඹි කුමාරිය" සහ "නිමල්ට තෑග්ගක්" යනුවෙන් නම් වූ ඒවා,මා පන මෙන් අවුරුදු කිහිපයක් රැක ගත්තත්,කුඩා සහොදරියගේ ආගමනයත් සමග ඒවා විනාශයට පත් විනි.
දෙවැන්න බැටරි බලයෙන් දිවූ කුඩා සෙල්ලම් කාරයකි,එවකට රුපියල් 150ක් පමන මිල වන්නට ඇති එය,
මගේ සීයා විසින් මා සදහා මිලට ගන්නා ලද්දකි.අවුරුදු 4කට වැඩි කාලයක් මා සතුව තිබූ එය,කුඩා කල ඇලුම් කරන දෑ උස් මහත් වන විට අවශ්‍ය නොවන න්‍යායට අනුව,මා අතින් ගිලිහී සහෝදරිය අත මෑතක් වන තුරුම තිබිනි.
මී ලඟට මට වඩාත්ම අවශ්‍ය වූ ලැයිස්තුවෙහි තිබුනේ විදුලි ඕගනයක් සහ පටල කැමරාවකි,ඒවා ඉටු නොවූ සිහින පමනක්ම විය.
මී ලඟට කරලියට පැමිනියේ වීඩියෝ ක්‍රීඩා යන්ත්‍රයකි,එවකට ඉතා ජනප්‍රියව තිබූ ඒවාගෙන් එකක් මටත් අවශ්‍යව තිබූයේ සෑහෙන කලක සිටය.පහ වසර විභාගය සමත් වීම හේතුවෙන් මැට ලැබුනු තිලිනය එයයි.
මී ලඟට පැමිනෙන්නෙ පරිගනකය නමුදු මා ඒ සදහා විශාල ඇල්මක් හෝ ආදරයක් දැක්වූයෙ නැත.

ආදරය කල දේවල් වලින් පසු ආදරය කල අයවලුන් ගැන සලකා බලමු.කුඩා කල පටන්ම පවුලේ අය කෙරෙහි මාගේ විශාල බැදීමක් නොතිබුනේ මක්නිසාද යන්න අදටත්  ම්අට වටහා ගැනිමට නොහැක්කකි.පවුලේ සාමාජිකයෙකුගෙ වෙන්ව යාම මාගේ දෑසට කඳුලක් නැංවිය හැකි නමුත්,බොහෝ පුත්ගලයින්ගේ මෙන් මාගේ ජීවිතය එක තැන නතර කිරීමට එය සමත් නොවනු ඇත.දින ගනන් ගෙදරින් පිටවී සිටියත්,ගෙදරට දුරකථන ඇමතුමක් හෝ ලබා දීමට මා හට අමතක වන්නෙ මේ හේතුව නිසා විය හැකිය.

මී ලඟට මා ආදරය කල හෝ තවමත් කරන කැනැත්තියන් කිහිප දෙනෙකු ස්ටිත්,
පලමු වැන්නිය මා සත් වැන්නෙහි හෝ අට වැන්නෙහි ඉගනුම ලබන කාලයේදී දුටු මට වඩා වැඩි මහලු පන්තියක(නව වැන්නෙහි විය හැක) ඉගනුම ලැබූ තැනැත්තියකි,දුටු වහාම බැදුනු ප්‍රේමයක් හෙවත් "ක්‍රශ්" එකකින් මා ඇය හා බැදී සිටියෙමි.නමුදු කාලය පසුවන විට ඇය පිලිබඳ අදහස මග හැරී ගියේය,

මෙලෙස විස්තර කිරීමට බැරි තරම් සිත් ගත්තියන් සිටියත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමානයක් මට වඩා වසරකින් පමන වැඩි මහලු වීම විශමය දනවන කාරනයකි.

අවසාන වශයෙන් ස්දහන් කිරීමට ඇත්තෙ ආදරය හෝ ඇලුම් ක්අරන දේ අඩු වීමෙන් ජීවත් වීම පහසු වී ඇති බවත්.දැන් මා සිටින තත්වයට මා ගෙනවිත් ඇත්තේ මේ ගුනය නිසා බවත්ය...

Wednesday, January 4, 2012

අරුතක් නැති පද වැලක්,අවසරද හෙම්බත් වෙන්න?

‍අවසරද හෙම්බත් වෙන්න?
දුවන්න,කවදාවත් අල්ලන්න බැරි මිරිඟුව පස්සෙන්?

ඔයාට බෑ එපා කියන්න,
මොකද මිරිඟුව ඔයානෙ,
කවදාවත් අල්ලන්න බැරි දෙයක්,
කියන දේවල් මට ඇහෙන්නෙ කොහොමද..

මම දුවනවා,
කකුල් දෙක රිදෙනකං,
පන නැතිවෙලා වැටෙනකං,
කවුරු නවත්තන්නද?

කට්ටිය කියයි,
එපා උඹ දුවන්න,
ඔව්වා කවදා අල්ලන්නද,
කියලා,

හහ්,
හිතුවක්කාර මම,
අහයි ඕවා,
අල්ලන්න බැරි උනාම උන්ට මොකද,
අඩු තරමෙ පුලුවන්ද කියලවත් බලන්න එපෑ...

ඔන්න එහෙනම් මම දුවනවා,
ඔයා එන්න එපා නවත්තන්න,
හරිද?