Sunday, September 9, 2012

ලංකාව සහ සුපිරි වීරයෝ

වැටත් නියරත් ගොයම් කන්නා සේ අවසන්වුනු පලාත් පාලන මැතිවරනයට ජනතාවගෙන් 50% ක්වත් ඡන්දය ප්‍රකාශ නොකල බව මටනම් "ලොවෙත්" ශුවර්ය.මක් නිසාද යත් කෙහෙල්මල් ඡන්දයකට වඩා ඔවුන්ට ජීවත් වීමට "2500" සොයාගතයුතු නිසාය.ඡන්දයට පෙර "පනා" උස්සාගෙන ගෙදරට පැමිනෙන කිසිවෙක් ඔවුනට "කොල කෑලි" මිස හාල් මිටියක් ගෙන නොආ නිසාය.ගෙන එන්නේද නැති නිසාය.හතර පාරකට ප්‍රතිඵල දෙන විභාග වලට ඔවුන්ගේ දරුවන් යැවිය යුතු නිසාය. 1.8% න් නඩත්තු වන සරසවිවල ඉන්නා ලොකු පුතාට,දුවට එදාවේල කන්නට කීයක් හරි යැවිය යුතු නිසාය.

මමද ඡන්දය ප්‍රකාශ නොකලෙමි.ඒත් "ලොවෙත්" ශුවර් තවත් කරුනක් වෙන්නෙ මොකෙක් හරි එකෙක් ඒ ඡන්දයද හොරෙන් දමන්නට ඇති බවයි.තවත් දහස් ගනනකගේ ඡන්ද හොරෙන් වැටෙන්නට ඇත.නැතිනම් ප්‍රකාශිත ඡන්ද ප්‍රමානය 60% වන්නට කිසි සේත් ඉඩක් නැත.

ජනතාවට දැන් ඡන්දය තුල විශ්වාසයක් නැත.මොකාට ඡන්දය දුන්නත් හාල් කිලෝව නැවතත් රුපියල් 20 ට බසින්නේ නැත.ලෝක වෙලද පොලේ අඩු වූ තෙල් බැරලයට සාපේක්ශව තෙල් මිල අඩුවන්නේද නැත.අද්‍යාපනයට 6% වෙන් වන්නේද නැත.පාන් ගෙඩිය ගැන කතා නොකර සිටීම හොඳය.

ජනතාවට දැන් ඇවැසි වන්නේ දේශපාලන පිලියමක් නොව "සුපිරි වීරයෙකි".කඩා වැටෙමින් තිබූ ජ්'මනියට "හිට්ලර්" සේය.ආසාධාරනයට ලක් වූ දෙමල ජනතාවට "ප්‍රභාකරන්" සේය.එසේත් නැතිනම් "ගෝතම්" නගරයට "බැට් මෑන්" සේය.හරියටම කිව්වොත් දඬු මොනරයෙහි එන රාවනා සේය.