Monday, January 23, 2012

හීනයක් වෙලා හැමදාම ඉන්නවද ඔයා?

කාලෙකට පස්සෙ හිත සතුටින් පිරිලා පිම්බිලා,
තවත් හිතන්න බැරි වෙන්නම,කවදාවත් තාත්වික වෙන්න බැරි හීනෙකට,
හිත පැටලිලා,තාත්වික නොවුනාම මොකද,හීනය සැබෑ ලෝකයට වඩා ලස්සනනම්..
හිතට මහා ලොකු සැහැල්ලුවක් දැනෙනවා,
අමතක වෙලා ගිය මගේ හීන මවන පුරුද්ද ආයිත් ඇවිත්...
ඒකට ස්තූති කරන්න ඕනි ඉතින් ලඟදි වෙච්චි සිද්දි දාමයකුත්,
ඒකෙදි අඳුර ගත්තු කීප දෙනෙකුටත් තමයි...

ජීවිතය ආයිමත් මගේම හීන ලෝකය කරගන්න අවස්තාව අරන් දීපු ඔයා(ල)ට බොහෝම ස්තූතී.............................

ආවා වගේ ඉකමට,
ආයිත් යන්නෙ නැතුව,
දුප්පත් මහේ හිතට,
හීනයක් වෙලා,
හැමදාම ඉන්නවද ඔයා,
කියන්නකො..
ඉන්නවද?

Friday, January 20, 2012

ආසයි ඔබත් එක්ක.........................


ආසයි ඔබත් එක්ක,
අතින් අත පටලගන,
සරසවිය මැදින් යන,
මල් පාරෙ ඇවිදින්න...

මල් පාර දෙපැත්තේ,
පිපුනු මල් අතර තුර,
පිවිතුරුම මලයි ඔබ,
නෙලන්නට අවසරද?

කෙලෙසනම් නෙලන්නද,
දැනත් අන්සතු බවක්,
සදාකල් ඔබ ලඟින්,
හිදිමි සොයුරෙකු ලෙසින්.......................................

Saturday, January 14, 2012

තවත් මතෘකාවක් නැති ලිවිල්ලක්.....

ජීවිතය තුල මා ආදරය කරන දේවල් හෝ අයවලුන් විශාල ප්‍රමානයක් නැත,
කුඩා කල පටන්ම මා විශාල දේවල් ප්‍රමානයකට ඇලුම් කලේද නැත,
මේ කුඩා කල මා ඉල්ලා හැඬු දෑ වලින් වැඩි ප්‍රමානයක් මිලදී ගැනිමට මා පවුල සතුව වත් කමක් නොතිබූ නිසා විය හැකිය.
මට මතක ඇතී ඈතම අතීතයේ පලමුවෙන්ම මා ආදරය කල දෙය වූයේ කුඩා කතන්දර පොත් කිහිපයකි,
"ගෙඹි කුමාරිය" සහ "නිමල්ට තෑග්ගක්" යනුවෙන් නම් වූ ඒවා,මා පන මෙන් අවුරුදු කිහිපයක් රැක ගත්තත්,කුඩා සහොදරියගේ ආගමනයත් සමග ඒවා විනාශයට පත් විනි.
දෙවැන්න බැටරි බලයෙන් දිවූ කුඩා සෙල්ලම් කාරයකි,එවකට රුපියල් 150ක් පමන මිල වන්නට ඇති එය,
මගේ සීයා විසින් මා සදහා මිලට ගන්නා ලද්දකි.අවුරුදු 4කට වැඩි කාලයක් මා සතුව තිබූ එය,කුඩා කල ඇලුම් කරන දෑ උස් මහත් වන විට අවශ්‍ය නොවන න්‍යායට අනුව,මා අතින් ගිලිහී සහෝදරිය අත මෑතක් වන තුරුම තිබිනි.
මී ලඟට මට වඩාත්ම අවශ්‍ය වූ ලැයිස්තුවෙහි තිබුනේ විදුලි ඕගනයක් සහ පටල කැමරාවකි,ඒවා ඉටු නොවූ සිහින පමනක්ම විය.
මී ලඟට කරලියට පැමිනියේ වීඩියෝ ක්‍රීඩා යන්ත්‍රයකි,එවකට ඉතා ජනප්‍රියව තිබූ ඒවාගෙන් එකක් මටත් අවශ්‍යව තිබූයේ සෑහෙන කලක සිටය.පහ වසර විභාගය සමත් වීම හේතුවෙන් මැට ලැබුනු තිලිනය එයයි.
මී ලඟට පැමිනෙන්නෙ පරිගනකය නමුදු මා ඒ සදහා විශාල ඇල්මක් හෝ ආදරයක් දැක්වූයෙ නැත.

ආදරය කල දේවල් වලින් පසු ආදරය කල අයවලුන් ගැන සලකා බලමු.කුඩා කල පටන්ම පවුලේ අය කෙරෙහි මාගේ විශාල බැදීමක් නොතිබුනේ මක්නිසාද යන්න අදටත්  ම්අට වටහා ගැනිමට නොහැක්කකි.පවුලේ සාමාජිකයෙකුගෙ වෙන්ව යාම මාගේ දෑසට කඳුලක් නැංවිය හැකි නමුත්,බොහෝ පුත්ගලයින්ගේ මෙන් මාගේ ජීවිතය එක තැන නතර කිරීමට එය සමත් නොවනු ඇත.දින ගනන් ගෙදරින් පිටවී සිටියත්,ගෙදරට දුරකථන ඇමතුමක් හෝ ලබා දීමට මා හට අමතක වන්නෙ මේ හේතුව නිසා විය හැකිය.

මී ලඟට මා ආදරය කල හෝ තවමත් කරන කැනැත්තියන් කිහිප දෙනෙකු ස්ටිත්,
පලමු වැන්නිය මා සත් වැන්නෙහි හෝ අට වැන්නෙහි ඉගනුම ලබන කාලයේදී දුටු මට වඩා වැඩි මහලු පන්තියක(නව වැන්නෙහි විය හැක) ඉගනුම ලැබූ තැනැත්තියකි,දුටු වහාම බැදුනු ප්‍රේමයක් හෙවත් "ක්‍රශ්" එකකින් මා ඇය හා බැදී සිටියෙමි.නමුදු කාලය පසුවන විට ඇය පිලිබඳ අදහස මග හැරී ගියේය,

මෙලෙස විස්තර කිරීමට බැරි තරම් සිත් ගත්තියන් සිටියත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමානයක් මට වඩා වසරකින් පමන වැඩි මහලු වීම විශමය දනවන කාරනයකි.

අවසාන වශයෙන් ස්දහන් කිරීමට ඇත්තෙ ආදරය හෝ ඇලුම් ක්අරන දේ අඩු වීමෙන් ජීවත් වීම පහසු වී ඇති බවත්.දැන් මා සිටින තත්වයට මා ගෙනවිත් ඇත්තේ මේ ගුනය නිසා බවත්ය...

Wednesday, January 4, 2012

අරුතක් නැති පද වැලක්,අවසරද හෙම්බත් වෙන්න?

‍අවසරද හෙම්බත් වෙන්න?
දුවන්න,කවදාවත් අල්ලන්න බැරි මිරිඟුව පස්සෙන්?

ඔයාට බෑ එපා කියන්න,
මොකද මිරිඟුව ඔයානෙ,
කවදාවත් අල්ලන්න බැරි දෙයක්,
කියන දේවල් මට ඇහෙන්නෙ කොහොමද..

මම දුවනවා,
කකුල් දෙක රිදෙනකං,
පන නැතිවෙලා වැටෙනකං,
කවුරු නවත්තන්නද?

කට්ටිය කියයි,
එපා උඹ දුවන්න,
ඔව්වා කවදා අල්ලන්නද,
කියලා,

හහ්,
හිතුවක්කාර මම,
අහයි ඕවා,
අල්ලන්න බැරි උනාම උන්ට මොකද,
අඩු තරමෙ පුලුවන්ද කියලවත් බලන්න එපෑ...

ඔන්න එහෙනම් මම දුවනවා,
ඔයා එන්න එපා නවත්තන්න,
හරිද?