Friday, December 30, 2011

හන්තාන පෞත්ගලික විශ්ව විද්‍යාල ප්‍රවේශය.(පේරාදෙනිය රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයට අනුබද්දිත)

විශ්ව විද්‍යාලයටත් ඇවිත් ටික කාලයක් දැනට,
පහුගිය කාලයෙදි ජීවිතේට වැදගත්වෙයි කියලා හිතෙන ගොඩාක් දෙවල් ඉගන ගත්තා,
නමුත් හිත ඇතුලෙ කැරකෙන තවත් හැඟීමක් ඉඟි කරන්නෙ,මේ හැමදෙයක්ම නිදහසේ,නොමිලේ ලබන අවසාන කන්ඩායම අපිද කියලා,

පහු ගිය කාලෙ රටේ සිද්ද වෙච්චි හුඟක් දේවල් "නිදහස් අද්‍යාපනයේ" අවසාන පුරුක් කිහිපයෙන් එකක් බවට අපිව පත් වෙන්න හුඟාක් ලඟයි කියලා ඉඟියක් දෙනවා...
සුන්දර හන්තානට තව අවුරුදු කීපයකින් එන්න වෙන ලමයට,තම‍ගෙ අම්මලා තාත්තලගෙ ගෙවල් ඉඩ කඩං උගස් තියන්න නෙවෙනවා,කියන එක විස්වාසයෙන් කියන්න අද අපිට බෑ.

තව සති කීපයකින් කරලියට එන්න තියන රාජ්‍ය නොවන උසස් අද්‍යාපන ආයතන පනත වගේම,නිකුත් වෙච්චි අවුල් සහගත උසස් පෙල ප්‍රතිඵල රටේ ලමයින්ව පෞත්ගලික විශ්‍වවිද්‍යාල පැත්තට තල්ලු කරනවා කියල මට නිකමට හිතෙනවා.

දැනට නිදහස් "උසස්" අද්‍යාපනයේ ස්පර්ශය ලබමින් සිටින සිසුන් පිරිසක් විදිහටටානාගතයේ එන නංගිලා මල්ලිලාටත් අද්‍යාපනයේ "නිදහස්" ගතිය රැකගන්න ඕනි හන්දා,රටට දැනෙන්න දෙයක් කරන්න ඕනි හන්දා අපි පහුගිය සතියෙ නුවර ඉඳලා කොලඹට පා ගමනක් සංවිදානය කලා.ඒක මහා ගොඩක් හමුදාවෙනුත්,පොලිසීයෙනුත්,ගොං පාට් උසාවි නියොගයකිනුත් නවත්තන්න නිදහස් අද්‍යාපනය වලපල්ලට යවන්නො කටයුතු කලා.

නිදහස් අද්‍යාපනය වෙනුවෙන් අවසාන එකා දක්වාත්,අවසාන ලේ බින්දුව දක්වාත් සටන් වදින්න අපි සූදානම්.ඒක සාර්ථක නොවුනොත් අනාගත විශ්ව විද්‍යාල ලාහී සිසුන්ට මේ වගෙ ලිපියක් බලාපොරොත්තු වෙන්න පුලුවන්

හන්තාන පෞත්ගලික විශ්ව විද්‍යාල ප්‍රවේශය.
(පේරාදෙනිය රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයට අනුබද්දිත)

දයාබර ශිශ්‍යයා/ශිශ්‍යාව,
                                     ඔබ ඔබගේ උසස්පෙල විභාග ප්‍රතිඵල අනුව හන්තාන පෞත්ගලික විශ්ව විද්යාලයට(පේරාදෙනිය රාජ්‍යනොවන විශ්ව විද්‍යාලයට අනුබද්දිත.) ඇතුලත් වීම සදහා තෝරාගන ඇත.
   -තෝරාගත් පාඨමාලාව :- වෛද්‍ය විද්‍යාව.
    -පාඨමාලා ගාස්තුව        :- රු. 60,00,000/=
                                    
                                    මෙම පාඨමාලා ගාස්තුව ආකර්ශනීය අඩු පොලී පහසු ගෙවීමේ ක්‍රම වලට ගෙවිය හැකි අතර,එක වර ගෙවීමේදි ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට සුවිශේශී 5% වට්ටමක්* ලබාගත හැක.
                                    
                                    *කොන්දේසි සහිතයි

                                    
                                    නේවාසිකාගාර පහසුකම් පැකේජ තුනකින් ලබාගත හැකි අතර විස්තර පහත දැක්වේ.

1)පලමු පැකේජය :- සුපිරි පහසුකම් සහිත සුකෝපභෝගී නවාතැන් පහසුකම්.
                                  වායු සමනය කර ඇත,ද්විත්ව ඇදන් සමග නලජලය,විදුලිය නොමිලේ
                                  (නව හන්තාන ශාලාව,අයිවෝ ජෙනිංස් ශාලාව).
                                 මාසික ගාස්තුව :- රු50,000/=

2)දෙවන පැකේජය :- මද්‍යම පහසුකම් සහිත නවාතැන් පහසුකම්.
                                 තනි ද්විත්ව හෝ ත්‍රිත්ව ඇදන් සමග නලජලය නොමිලේ
                                 (ජේම්ස් පීරිස් ශාලාව,මාස් ශාලාව,අරුනාචලම් ශාලාව,නිශ්මි ශාලාව,මාකස් ෆ්‍රනැන්ඩෝ ශාලාව)
                                 මාසික ගාස්තුව :- 30,000/=
                                 විදුලි ගාස්තු මසකට :- 1000/= (විදුලි ආලොකය සදහා පමනක්)

3)තෙවන පැකේජය :- අඩු පහසුකම් සහිත සහන මිල නවාතැන්.
                                 කාමරයකට තිදෙනා බැගින්
                                 (අක්බාර් සහ නෙල් ශාලාව,හිල්ඩා ඔබේසේකර ශාලාව,රාමනාදන් ශාලාව)
                                 මාසික ගාස්තුව :- 15,000/=
                                 විදුලි ගාස්තු මසකටට :- 1000/= (විදුලි ආලොකය සදහා පමනක්)
                                 ජල ගාස්තු මසකට :- 1000/=(දිනකට ලීටර 30ක උපරිමය)

                               **නවාතැන් පහසුකම් සදහා ලිංග භේදයක් නොමැත.

                           විශවවිද්‍යාලයේ නීති රීති පද්දති සහ අනිකුත් අත්‍යාවශ්ය තොරතුරු ඇමුනුම් අ සිට ඊ දක්වා අමුනා ඇත.
                           
                          සැමට අද්‍යාපනය!!
මෙයට විස්වාසී
උපකුලපති,
හන්තාන පෞත්ගලික විශ්වවිද්‍යාලය,
හන්තාන,පේරාදෙනිය,
මහනුවර,
ශ්‍රී ලංකාව.


Sunday, December 18, 2011

ෆැන්ටසිය මතින් ඉහිරුනු සත්‍යයෙන් බිඳක්.......................

ඩ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....................
උදේ පාන්දරම කෝල් එකක්..
"අනේ ___ගෙ ___ නැති වෙලා"..
මලා දැන් පංලයංකෝ ඒකටත්..

නිදිමතේම ගිහිං දත් බුරුසුව කටේ ගහගන්න ගමං මම අම්මට කිව්වා "අම්මේ යලුවෙක්ගෙ ___ කෙනෙක් නැති වෙලා ඒකටත් යන්නත් වෙනවා"..
"එතකොට අර තව දානෙකටත් යනවා කිව්වා නේද?".
"ඔව් ඒකටත් යන්න ඕනි".
"දැන් ඕවා කොහෙද තියෙන්නෙ?".
"එකක් _____ අනික ____".
"අප්පා දෙපැත්තකනෙ,දවසම යයි.දැන් පර්ස් එකේ සල්ලි කීයක් තියනවද?".
"රුපියල් හැටයි".
ඇත්තටම හැටයි තිබුනෙ,ඊයෙ එක එක වැඩවලට,කැම්පස් එකේන් එද්දි පර්ස් එකේ ඉතුරු වෙච්චි රුපියල් 500ම ඉවරයි.
"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්........'අම්මා හූල්ලනවා.
අම්මා ගාවත් සල්ලි නැතුව ඇති.එයා ගාව තිබුනු අන්තිම රුපියල් 2000ත් මාරු කරලා මම ඉල්ලපු 100යෙ කාඩුයි අරවයි මේවයි ගත්තනෙ,මම ඉරිදා ආයි යනකොට දෙන්නත් කීයක් හරි ඉතුරු කරගන්න ඕනිනෙ.
මුන හෝදගන එනකොට අම්මා නංගිවත් අරන් පන්ති ගිහින්,
මගේ පර්ස් එකට රුපියල් 200කුත් දාලා,යන්තම් ගමන් දෙකට ගමන් ගාස්තුව විතරක් පිරිමහගන්න ඇති,
අනික දානෙ ගෙදරකත් යන එකේ හොඳට කාලා එන්න පුලුවන්නෙ,වෙන මොන වියදම්ද,

"පන්තියක්වත් කරන්න ඕනි,හැමදාම ගෙදරින් ඉල්ලන්නත් බෑනෙ" හැමදාම හිතුවට,කොහොම පටන්ගන්නද තේරෙන්නෙ නෑ..තාමත් අදහස හිතේ විතරයි...

යන්න තියන ගමන් දෙකම ගියා,
මල ගෙදරින් එන්න හදනකොට,එතන හිටපු එක යාලුවෙක් කියනවා "මචං හෙට උදෙත් ඇවිල්ලා හවස කැම්පස් එකට පලයං,එතකොට අපිට උදෙ යන්න පුලුවං"...

ගෙදර ආපුවම අම්මා කියනවා,
"හෙට හවස් වෙලා කැම්පස් එකට යන්න පුලුවන්ද?.අතේ තියෙන්නෙ රුපියල් පන්සියයි.ඒක සතියක් කන්නවත් මදිනෙ.කාගෙන් හරි ණයක්වත් අරන් කීයක් හරි දෙනකං"................

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 

Saturday, December 10, 2011

ඇය කුමක් කියාවිද?.............

වේගයෙන් පැමිනි දුර ගමන් බස් රථයට අත දිගු කල මා,වේගය අවම වන මොහොතේ එහි එල්ලී ගත්තෙ තනි පුත්ගලයෙකු සඳහා මෙවන් ජනාකීර්න ස්තානයක උවත් බසය නැවතීමට රියදුරන් මැලි වන බව දන්නා නිසායි.පසුදින පවතින දේශන කිහිපයක් අතහැර දමා හදිසි කාරනාවක් සදහා නිවස බලා යමින් සිටියේ එදින දේශන වලට සහභාගී වූ ආකාරයෙන්මයි.පැය ගනනක් පාවහන් තුල තිබූ පාද පිටතට පැමිනීමට පුපුරු ගසමින් තිබුනත් තවත් පැය ගනනකට පිටතට ගැනීමට හැකියාවක් තිබුනේ නැහැ.සුපුරුදු පරිදි බස් රථය පිරී තිබීමට නියමිත ඌවත්,යම්කිසි හේතුවක් නිසා එය එසේ වී තිබුනේ නැහැ.අසුනක් සොයමින් බස් රථය පීරූ මගේ දෑසට,යාන්තමින් ඉතිරි වී තිබූ එක් අසුනක් හසූ උනා,ඉක්මනින් එහි අසුන්ගත් මා එහි අසුන්ගෙන සිටි සිටි අනෙක් සඟයා කවුදැයි බැලුවේත් මද වේලාවකට පසුවයි.
එහි සිටියේ යුවතියක් බව වටහා ගැනිමට හැකි වූයෙ,ඇයගෙ මුදාහල වරලසත්,විවෘත කර තිබු ජනේල කවුලුවත් මොහොතක් මා අන්ද කල බැවින්.
"අනේ සොරි.." යන වදන් පෙලත් සමගි නැවත ඇද ගැනුනු වරලස මොහොතකට ඇගේත් මගේත් දෙනෙත් එක එල්ලයකට ගෙන ආවා.වචනයෙ පරිසමාප්ත අර්තයෙන් සුන්දර යුවතියක් වු ඈ,කාලයක් ගතවන තුරු මගේ සිහින වල ප්‍රධාන චරිතයක් වන බව මට ඒ මොහොතේම හැඟී ගියා.
සිද්දිය මූලික කරගනිමින් කතාව ඇරඹු මා,ඇගේ නගරය මගේ නගරය බවත්,ඇය මාගෙ සරසවියේම වෙනත් පී‍ඨයක ශිශ්‍යාවක් බවත්,ඇගේ පවුලේ සහ යහලුවන්ගේ විස්තර බොහෝ ප්‍රමානයකුත් විශේශ වශයෙන්ම ඇය තවමත් තනිකඩ බවත් මා දැනගත්තා,ගමන අවසානයෙදී දුරකථන අංකද හුවමාරු කරගත් අප,වෙන් වූයෙ නැවත හමුවෙමුයැයි කියාගනිමිනුයි.
දුරකථන ඇමතුම්,කෙටි පනිවුඩ හා හමුවීම් අතර දැඩි මිතුරුකමකට පෙරැලුනු අපෙ සබඳතාවය,එපමනකට සීමා කිරීමට මාගේ අදහසක් තිබුනේ නැහැ,කෙසේ වෙතත් ඇයගේ අදහස 100%ක් පුරෝකථනය කිරීමට මට හැකියාවක් නැති නිසා,එය ඇයගෙන් විමිසිය යුතුයි.ඇය කුමක් කියාවිද?

Friday, November 25, 2011

අත මානයෙ වැනුනු...................

අත මානයෙ වැනුනු,
පිපුනු සුවඳැති කුසුම,
නෙලන්නට ඉඩ නොදුන්,
දෑස නොවැසූව අඳුර,
පහව ගොස් ඇති නමුත්,
හිරුට දිලුමට දෙමින්,
කුසුම නැත තිබුනු තැන,
කවුරුදෝ නෙලාගන.....................................................

Monday, November 7, 2011

මාරම අස්පට් දවසක්.............


........................................
හප්පොයි,
මොන උලව්වක්ද,උදේ පාන්දරම පෝං එක වදිනවා..
නිදිමතේම අතගාලා ගත්තා පොංඑක.

.."හෙලෝ..ගුඩ් මෝනිං,කොහොමද?"

හුටා!,උදේ පාන්දරම චීත්තයක්..
කවදාවත් නැතුව උදේ පාන්දරම කෙල්ලෙක්?..
අද දවසෙ මොකක් හරි අස්පට් එකක් තියනවා,
කමක් නෑ කවුද මේ?,ඕක අහන්න පුලුවනෑ මේ ගෑනිගෙන්,අන්තිමට මාව අදුනගන්න බෑ කියලා නහයෙන් අඬන්න ගනී.
හප්පොයි නිදිමතට ඇස් පියවෙනවා,ස්ක්‍රින් එක පේන්නෙත් නෑ,
ආ මේ මෙයානෙ,මොකද උදේ පාන්දරම..

"හෙලෝ හෙලෝ,ගුඩ් මෝනිං,මොකද පාන්දරම අපිව මතක් වෙලා?"..
"ඔයාලා නැතුව කවුරු මතක් වෙන්නද අනේ..".
එන පොට හොඳ නෑ,කොල්ලො ගෙටවෙයං කිව්වලු,මේකි මොකාටද එන්න හදන්නෙ?..
"මොකද සද්ද නැත්තෙ,මම ඔයාව ඇහැරෙව්වද?"
උදේ පාන්දරම ඝාන්ටාරෙ කනේ තියලා ඇහැරෙව්වද අහනවා,

"ඔව් අනේ දැන් ඇහරුනේ,මොකෝ කතාකලේ කියන්නකො?"
"හරි වැඩක්නෙ දැන් කතාකරන්නත් අවසර අරන් ඉන්න ඕනිද?,වෙන අය ඇතිනෙ දැන් කතා කරන්න"
අප්පා මේ මොන කෝලමක්ද,අදනං අස්පට්ම දවසක් වගේ.
කෝල් කරපු හේතුවක් කයන්නෙත් නැතුව හොඳට නිදාගන්න තිබුනු පැය බාගයක්ම කාලා යන්තං පෝං එක තිබ්බා ඒ කෝලම.
අනිත් පැත්ත හැරිලා නිදාගන්න හදනකොට ආයි කූක් කූක් ගානවා,

හුටා! ඒ පාර ඇස් ඇම් ඇස්ම 3ක් චීත්ත කෑලි තුනකින්,
ගූඩ් මොනිං කියයි,ඔයාට කොහොමද අහයි,යකෝ අද දවසෙ සිරාවට මොකක් හරි අස්පට් ගතියක් තියනවා.
නැත්නම් මෙච්චර චීත්ත ලයින්?..
තරහ කරගන බැරි හන්දා අරවයි මෙව්වයි කියලා රිප්ලයි කරලා අනිත් පැත්ත හැරිලා නිදාගන්න හදනකොට තව කෝල් එකක්,
ඒකත් චීත්ත කෑලලකින්,

"මේ හරකො අද ලෙක්චස් එන්නෙ නැද්ද?"..මලා ලෙක්චස්.
"ලෙක්චස්?,වෙලාව කීයද?"..සික් වෙලාව මතකත් නෑ.පෝං එකේ ඔරලෝසුව මතක් උනෙත් නෑ.
"මගෙන්ද අහන්නෙ 8:05,පුලුවන්නම් ලෙක්ච හෝල් එකේ පිටි පස්සෙං පනිනවා." මගුලක් කතාකරනවා,මෙහෙම ලෙක්චස්?,ලෙචා මාව කයි..
"අනේ කොහේ පනින්නද පනේ,මම මේ නැගිට්ටා විතරයි"
"නැගිට්ටා විතරයි?ඇයි ඔහේගෙ අතිජාත රූමලා නැගිට්ටෙව්වෙ නැද්ද?" හෑ සිරාවට,මුං කොහෙද ගියෙ මාව දාලා..මම අද ලෙක්චස් වලින් ලීව්ද කොහෙද.
"නෑනෙ,මම අද ලෙක්චස් වලින් ලීව්ද කොහෙද,මේ නිදි මතේ මුකුත් මතක් වෙන්නෙ නෑ අප්පා"
"හරි හරි ඕනි ඔලුගෙඩියක්,ඊ ලඟ ලෙක් එකටවත් එනවා"..
මෙලෝ මගුලක් මතක නෑනෙ,ගත්තා රූමෙකුට කෝල් එකක්..

"මචං,මම අද ලෙක්චස් ලීව්ද?"
"ඔව් ___,තොට අද අර වැඩේට යන්න තියනවා නේද?,__ තොට අපිම මතක් කරන්න ඕනි,උගුඩුවා වගේ බුදිව්වද යකෝ"
හුටා වැඩේ නේන්නම්,
මූන හෝදලා යනවද,ඇවිල්ලා මූන හෝදනවද..
ඕනි ඔලුගෙඩියක්,ඇදුමක් දාගන යනගමන්ම මූන පොඩ්ඩක් ටැප් එකට ඇල්ලුවා..
හප්පා වැඩේට චීත්ත කෑලි විතරයි වගේ ඇවිත් තියෙන්නෙ,කෝ යකෝ යුනියෙ කොල්ලො නැද්ද?
සික් මූන හෝදගනම ආවනම් ඉවරයි,පනාව දාන්නත් බෑනෙ මෙහෙම..

"ඊක්කා අනේ,ඔයා ගාව ගඳයි,දත් මැද්දෙ නැද්ද?" කියලා ඇහුවොත් එහෙම..
අරෙහෙට මෙහට පැනලා යන්තම් වැඩේ ගොඩ දානකොට රෑ 8:00ත් පහු වෙලා.
ආවා රූම් එකටටැහෙමම ඇඳක පෙරලුනා,
සික්,විනාඩි පහක් නිදාගන්න උනේ නෑ,එකෙක් කෑ ගහනවා,
"ගස් බල්ලො,තොගෙ පෝං එක රිං වෙනවා,අර අහවලා කතා කරන්නෙ" නොදකිං තවත් චීත්තයකක් අදනම් අස්පට්ම අස්පට් දවසක්..
"හෙලෝ මම මේ මෙයා.."ඔව් ඉතිං මෙයා තමා,මම දන්නවා පෝං එකේ සී ඇල් අයි තියනවනෙ.
"ඔව් ඉතිං,මොකද මෙයා කතා කලේ?"
"නෑ අනේ මට දෙයක් අහන්න තියනවා" අහන්න තියනවනම් මොන උලව්ව්වටද නෑ කියන්නෙ..අනේ අම්මපා ගෑනුනම්.
"ඉතිං අහන්න." ඉක්මනට අහපං බං නිදාගන්න දීලා,
"..............._____________.................." හෑ,අහපු දේට නිදිමත කොහෙද මන්දා ගිහින් හීන් දාඩියත් දැම්මා,යකෝ කෙල්ලො අහනවද මෙහෙම,ආයි දවස් දෙක තුනකට නින්ද යන එකක්නම් නෑ.
.................සිරාවටම අද මාරම අස්පට් දවසක්....................................

Saturday, October 22, 2011

යන්තමින් හිනා උන...................


යන්තමින් හිනා      උන,
මුකුත් නොකියම උන්න,
ඔබ දුටුව පලමු       දින,
ඔබට මතකැති     නේද?

කතා නොකලට     වැඩිය,
පිටු ගනන් දිග      හැරුන,
සොඳුරු පනිවුඩ ගොන්න,
ඔබට මතකැති        නේද?

ඈතටම ඔබ            යන්න,
හදන මොහොතක මෙන්න,
ඔබ ලඟින් සිටිය         මම,
ඔබට මතකැති          නේද?

ඇසෙන් එලියට   එන්න,
කඳුලු  බිඳ, වෙර   දරන,
දකින්නට නොහැකි මුත්,
හැඟෙනවා ඇති   නේද?

Saturday, October 15, 2011

තවත් ලියුමක් හෙවත් නො(මිලේ) ලැප්ටොප් ගොං පාට්

ඔන්න ඉතිං තවත් සතියක් කැම්පස් ඉඳලා ගෙදර ආවා,
එනකොට අර අරයා,කලිං ලිවුම් දෙකක් තුනක්ම එවලා තිබුනු එක්කෙනා,තවත් ලිවුමක් එවලා,
ගෙදරට කෝල් කරපු වෙලාවක අම්මා ලැප්ටොප් කතාවක් කියපු හන්දා මමත් හෙන හැපි එකේ හිටියෙ,

ඒත් ලියුම දැක්කාම නිකං එපාආආආආආආඅ වෙලා ගියා..
ඒක තනිකරම බැංකු ණයක් මත දෙන එකක්,ණයක් කිව්වට සල්ලි අපේ අතට දෙන්නෙත් නෑ මහ කුනු හරුපයක්,
මූලිකවම වෙන්නෙ මේකයි ,

ආපු ලියුමෙ පුරවන්න කියලා තියන ටික පුරෝගන අපි යන්න ඕනි ජාතික ඉතිරි කිරීමේ බැංකුවට,
මේ ලියුමෙ ඇප කාරයො විදියට අපේ දෙමවුපියන්ගෙන් එක්කෙනෙකුයි,රජයේ සේවකයෙකුයි අත්සන් කරන්න ඕනි,කොටින්ම අර වෙන ණයක් ගන්නවා වගේම තමා!..අඩු තරමෙ රජය ඇප කාරයෙක්වත් නෙවෙයි..
මේ ණයේ අවම පොලිය වාර්ශිකව 12%,බැංකුවට ඕනිනම් තව වැඩි කරන්නත් පුලුවන්නෙ..
ඉල්ලන්න පුලුවන් උපරිම ණය 75000/= යි.

මේක ගෙවන්න ක්‍රම කීපයක් තියනවා,
මාසිකව අවුරුදු දෙකක් වාරික වශයෙන් ගෙවීම,
රස්සාවක් හම්බ උනාට පස්සෙ එක වර ගෙවීම,
බ්ලා බ්ලා......

හුඟක් කට්ටිය තෝරන්නෙ දෙවනි ක්‍රමයනෙ,
එතකොට අපේ හුඟක් අයට උපාදිය සම්පුර්න කරන්න අවුරුදු 3ක් හෝ 4ක් යනවා,
මට 4ක් නිසා මම ඒ ගාන ගන්නවා,
පොඩි ගානක් හදලා බලමු,
බැංකුවෙන් හදන්නෙ වැල් පොලිය නෙවෙයිනම්,
අවුරුදු 4ට පොලිය 48% ක්
ඒ කියන්නෙ 36000/= ක්
ඔක්කොම ගාන 111000/= ක්
ටිකක් ලොකු වැටුප් වලට රස්සා වලට යන අපිට,මෙඩ්ඩොන්ට සහ අනිත් අයට ඕක එච්චර අවුලක් වෙන එකක් නෑ,
ඒත් උපාදිය අරනුත් තව අවුරුදු ගනං රස්සාවල් හම්බ වෙනකන් ඉන්න වෙන ආටොන්ට එහෙම මොනවා වෙයිද?

ඔක්කොම හරි කියමුකො,
ඊට පස්සෙ බැංකුවෙන් අපිට අවශ්‍ය ණය මුදලට "නියෝග පත්‍රය"ක් නිකුත් කරනවා(සල්ලි එහෙම නෙවෙයි හරිය),
ඊට පස්සෙ අපි ඒක අරගන ඒ පැත්තෙ තියන අබාන්ස් ශාකාවකට යන්න ඕනි,
අපිට එතන තියන ලැප්ටොප් වලින් ඕනි එකක් ගන්නත් බෑ,
තෝරා ගැනීම් දෙකයි තියෙන්නෙ,
දෙකම අර ලඟදි ලැප්ටොප් හදන එක නවත්තපු HP සමාගමේ නිශ්පාදන,
පාවිච්චි කරපු උන්දැල දන්නවා ඇති ඒවාගෙ ගුණ :P

අපිට ලැබෙන තෝරා ගැනීම් දෙක තමා
HP 420(core2duo 2GHz,2GB ram,320GB,DVD R-WR,14" LED,)
සහ
HP 630(2nd gen core i3,2GB ram,320GB,DVD R-WR,15.6" LED)
අනේ මන්දා ස්ක්‍රීනුත් LED ලු,තව මේවත් එක්ක වින්ඩෝස් ස්ටාටර් එකයි,ඔෆිස් 2010 ප්‍රෝ පැක් එකයි දෙනවලු,
මමනම් මේවා ගැන අඩු තරමෙ අහලවත් නෑලු කලින්,
ඔය පොඩි එකේ ගාන 59490/= වෙනවලු,
ලොකු එක 71490/= වෙනවලු,
වින්ඩෝස් උලව්ව අයින් කරලා උබුන්ටු වගේ දාලා දුන්නනම් ඔය ලොකුයි කියන එක 59000/= වගේ දෙන්න පුලුවන් කියල මගේ යාලුවෙක් කිව්වලු..
දැනට වෙලඳ පොලෙ තියන ඔය ලැප්ටොප් වල ගනං දැන ගත්තාම අප්ඩේට් එකක් දාන්නම්.

අනිත් එක මේකත් එක්ක 2999/= කට මොබිටෙල් එකෙන් බ්‍රෝඩ් බැන්ඩ් ඩොංගලයක් දෙනවා,
පැකේජ් එකෙ ගනං එහෙමනම් තාම දන්නෙ නෑ,දැන ගත්තාම බලමු,

ඔන්න ඕකයි අර අරයගෙ (නො)මිලේ ලැප්ටොප් දීමෙ අන්දරය,රටේ හුඟක් කැම්පස් කොල්ලො කෙල්ලො මේකට අහු වෙයි,
ඔය ගොං පාට් ලැප්ටොප් දෙකේ කතාව නැත්නම් මමත් ගන්නවා ඕක,ඔය කෙහෙල්මල් ලැප්ටොප් දෙක දෙන ගානට කොහොමත් වටින්නෙ නෑ,ඒ මදිවට තව අවුරුදු 2ක් යන්න කලින් ඔය ලැප්ටොප් දෙකේම සීමාවන් වලින් එහාට මෘදුකාංග වල අවශ්‍යතා යාවි.ඒ කියන්නෙ එක වාරිකයක්වත් ගෙවන්න කලින්!

ඇත්තටම ලමයින්ට උදව්වක් කරන්න ඕනි උනානම් කරන්න තිබුනෙ නෙමිලේම ලැප්ටොප් එක දීම,අඩු පොලී ණයක් නිකුත් කිරීම(අඩු තරමෙ 8%කවත්),අබාන්ස් එකේ තියන ඕනිම ලැප්ටොප් එකක් ගන්න පුලුවන් වෙන්න පේමන්ට් ස්ලිප් එක නිකුත් කිරිම වගේ දෙයක්.

හරි ගොං පාට් ගැන කතාව ඉවරයි.
කැම්පස් එක ගැන,
කියන්න තරම් ලොකු දෙයක් නෑ,කලින් සතිය වගේමය.ඉංග්‍රීසි උගන්නනවා මේ දවස් වල.තාමත් කොහේවත් බලන්න යන්න උනේ නෑ කැම්පස් ටුවර් එකෙන් පස්සෙ.ඒකයි හිතට දුක :/

Sunday, October 9, 2011

ඔන්න අපිත් කැම්පස් ගියාලු

ඔන්න කැම්පස් ගිහින් සති අන්තෙට ගෙදර ආවා.. :D
දැන් මේ බ්ලොග් එක ලියන්න වෙන්නෙ දින පොත වගේ තමා,
නෑ නෑ වැරදුනා,සති පොත වගේ..
මෙලෝ අයිඩියාවක් හිතට එන්නෙ නෑ කවියක්වත් ලියන්න :/

සික් රොබොට්ටෙක් වත් හිටියනම් ඔලුවට එන ඒවා ඒ වෙලාවෙම ලියලා දාන්න තිබුනා,
කොහෙද අතේ සතේ නෑනෙ :/ :/

කැම්පස් එක ගැන කියමුකො..
කියන්න තරම් ලොකු වැරැද්දක් තාම නෑ,
සින්නො අපිව අල්ලගන බයිට්නම් කරනවා තමා,ඉතිං එව්වත් නැත්නම් වැඩක් නෑනෙ.
දිගටම මෙහෙම තිබුනොත් හොඳා..කවුද දන්නෙ වෙනස් වෙයිද කියලා.

කොහොම උනත් සීනියර්ස්ලා සෑහෙන්න උදවු කරනවා,
හොස්ටල් වල ඉන්න ඕනි විදිය,කැන්ටින්,ලෙක්ච රූම්ස් ගැන එහෙම කියලා දීලා.

තියන එකම දුක දැන්ම කැම්පස් එකේ ඇවිදින්න එපා කියන එක තමා..මෙච්චර ලස්සන කැම්පස් එකක ඇවිදින්නෙ නැතුව ඉන්නෙ කොහොමද..
කමක් නෑ තව සතියක් දෙකක් ඉවසනවා.

හැම දෙයක් ගැනම ලියන්න පැය ගානක් යයි :P පැය ගානක් නෑනෙ  තව ටිකකින් ආයි යන්න ඕනි.
ඔන්න දැන් රත්තා කෝල් එකක් දැම්ම..හාවිගෙන් තමා ආරන්චියක් නැත්තෙ පිසාචයත් පෝස්ට් එකක් දාලා තිබුනනෙ. දැන් අපේ කැම්පස් එකේ බ්ලොග් ලියන තව කට්ටිය ඉන්නවද?..

ඔන්න එහෙනම් මම යනවා,ආයිත් ලබන සතියෙ ලියන්න්නම් කම්මැලි හිතුනෙ නැත්නම් :D

Sunday, October 2, 2011

අවසරයි සමු ගන්න හිතක් නැති උනත් මට.


අවසරයි සමු ගන්න,
ඔබෙන් ඈතට යන්න,
පියාඹා ඉගිලෙන්න,
අනන්තය අල්ලන්න..

රිදුම් දෙන දෙනෙත් අග,
කිති කවන කඳුලු බිඳ,
ඉඟි මරන මිතුරු දම,
සදා කල් නොමියෙන්න..

ජීවිතය අදුරු වන,
ඒ සෑම මොහොතකම,
ලඟ රැඳුනු ඔබ සැමට,
සදා නය ගැතිය මම..

ඉතින් අවසර දෙන්න,
ඔබ දමා දුවන්නට,
දුවන ලෝකය එක්ක,
හිතක් නැති උනත් මට.
............................................................................

ගෙදර ජීවත් වෙච්චි කාලය ඉවරයක් වෙන්න ඇවිල්ලා,
මෙච්චර කල් හිටපු කූඩුවෙන් ඉගිල්ලෙන්න කාලෙ ඇවිල්ලා,තටු එච්චරම හයිය නැති උනත් ඉගිල්ලෙන්න වෙලා.
දැනටමත් සමහර යාලුවො අපිව දාලා ඉගිල්ලිලා,අපිත් හෙට දවසෙදි අනිත් යාලුවො දාලා ඉගිල්ලේවි,
කොලඹ නීති පීඨයෙත්.වෛද්‍ය පීඨයෙත්,ජපුර වෛද්‍ය පීඨයෙත් යාලුවො දැනටමත් ඉගිල්ලිලා.
මොරටුව ඉංජිනේරු පීඨයෙ සහ පේරාදෙනිය විද්‍යාපීඨයෙ යාලුවො අපිත් එක්කමත්,වෛද්‍ය පීඨයෙ අය දවස් දෙකක් පහු වෙලත්,එදාම රුහුනු ඉංජිනේරු පීඨයෙ යාලුවොත් ඉගිල්ලෙන්න පටන් ගනීවි.

මේ ගෙවෙන්නෙ අපි ගෙවල් වල ඉන්න අන්තිම දවස් කීපය.ආයිත් අපි ගෙවල්වල මාසයකට වැඩි කාලයක් එක දිගට නවතීවි කියලා හිතන්න අමාරුයි,අපි අපේම කූඩූ හදාගනීවි.

එහෙනම් මම ඔක්කොම යාලුවොන්ගෙන් සමුගන්න අවසර ඉල්ලනවා.
සයිබරයට ආයිත් ගොඩ වදින්න කොච්චර කාලයක් යාවිද මම දන්නෙ නෑ..

එතෙක්

සමුගන්න අවසරයි....!!

Tuesday, September 27, 2011

පසුව නම් කරමි..............



පොෂ් ගැහැණු,
මහලු මිනිස්සු,
ස්ලිම් කෙල්ලො,

සක්මන් මාවත දිගේ ඇවිදිමින්,හුරු පුරුදු "ඊවිනිං වෝක් එක" ගනිමින් සිටියහ..
පොෂ් ගැහැණු "ශෝ එකට" ද,
මහලු මිනිස්සු "සීනි වැඩි නිසා"ද,
ස්ලිම් කෙල්ලො "ස්ලිම් ගතිය පවත්වා ගැනීමට?"ද,
"ඊවිනිං වෝක් එක"ගනිමින් සිටියද,

අප,
මා සහ මලයා නිදහස් චතුරශ්‍රයේ අතුරු පිවිසුම් මගෙහි ඇවිදිමින් සිටියේ හුදෙක් රස්තියාදුව සදහාය,
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බලා,පොත් දෙකක් මිලදී ගෙන,අතේ සතේ නැතිව සිටි මා,
"අයියෙ නිදහස් චතුරශ්‍රෙ තියෙන්නෙ මේ ළඟ,යමුද බලන්න?" මලයා ගේ කීමට එකඟ වූයේ,"ආයි කවදා මේ පැත්තෙ එන්නද.." යන හැඟීමෙන් යුක්තවය.

පොෂ් ගැහනු සහ මහල්ලන් ගැන සැලකිල්ලක් නොදැක්වූ මා සහ මලයා "ස්ලිම් කෙල්ලන්" දෙස බලමින්,අතුරු පිවිසුම් මගෙහි "පුළුවන් තරම් අයිනෙන්" ගමන් කරමින් සිටියේ ඇවිදින්නන්ට ඇවිදගන්නට කියායි.

දෙපය මගෙහි වූවද,දෙනෙත සහ මනස වෙනතක නිසා,යමක් කියමින් මලයා මගේ අතින් ඇදීම මට නොදැනීම එතරම් පුදුමයක් නෙවේ.
මොහොතකින් යමෙකුගේ සිරුරේ මා ගැටුණේ දෙදෙනාවම බිම ඇද දමන තරම් වේගයකින්,

"Bloody idiot,Are you bloind or something?"
නුහුරු විදෙස් බස් හැසුරුමකින් ඇසුණේ,මා නැවත නැගී සිටින්නටත් පෙරයි..
"නොදකිං ලංකාවෙ ගොං කෙල්ලො,ඉංග්‍රීසියෙං කතාකරනවා මදිවට ඇක්සන්ට් එකත් වෙනස් කරගන",සිතින් බණිමින් නැගීසිටි මා,
මොහොතකට ගොළු වූයේ,ඇය දැකිමෙනුයි,මට "I'm sorry,I'm very sorry..", කීමට මතක් වූයේද යම් කාලයකට පසුවයි..
විදේශීය කෙල්ලක වූ ඈ,බැලූ බැල්මටම යුරෝපා රටකට අයත් වූ බව හදුනාගැනීමට ඕනැම අයෙකුට හැකි විය යුතුයි.
නිමේෂයකින් මගේ මතකය තුළ,නොමැකෙන ලෙසම ඇදෙන්නට ඇගේ රුව සමත් උණා.
ඇගෙන් ගිලිහුණු අයි පොඩය සහ වතුර බෝතලය අහුලා දුන් මා,සිනහවක් පා ඇය පසුකර යන්නට සූදානම් උණා.

"Thanx,Sorry i couldn't mind my language before.think you were checking out them." අප පසුකර යමින්

සිටි "ස්ලිම් කෙල්ලෙකු" පෙන්වමින්,ඇය කියා සිටියෙ සරදම් සහගත මදහසක් මුහුණේ රඳවාගනයි.
ඇයගේ සෘජු භාවය හමුවේ දෙන්නට පිළිතුරක් නොවූ මා,"කඩු සටන්" පිළිබඳවද වැඩි කැමැත්තක් නොවූයෙන් වචන කීපයකින් ඇය හා සංවාදය නිමකර ලිස්සා ගියා.

පියවර කිහිපයක් ඉදිරියට යද්දි, "පට්ට කෑල්ල නේද අයියෙ?" මලයා ඇසූ ප්‍රශ්නයෙනුයි ඔහු සිටි බව මතක් උණෙ.
ඔහුටද මා සම වයැසියෙකු නොවන බව මතක් වන්නට ඇත්තෙ යම් කිසි කාලයකට පසුව විය යුතුයි.මක් නිසාද ඔහු කිසිවිටෙකත් මා ඉදිරියේ එවන් ප්‍රකාශ නොකිරීමට සෑම විටම වග බලාගත් නිසා.

මා ඇය දෙස කීපවරක් නැවත හැරී බැලුවත්, ඉක්මනින්ම ඈතට ඇදී ගිය ඈ ටික වේලාවකින් නොපෙනී ගියා.නිදහසේ චතුරශ්‍රය වටා ඇවිදිමින් හොඳ හැටි එය බලාගත් අප නැවතත් නවාතැනට පැමිණෙද්දි රාත්‍රි 8ත් ඉක්ම ගොස්.

මෙහි මීළඟ ආරම්භය ලියවෙන්නෙ,මෙයින් සති කීපයකට පසුව විශ්වවිද්‍යාලය ඇරඹුමත් සමගයි...

මල් සමයක් නොවූ අපට,වැසි සමය අවසානයේ,තවත් අමුත්තන් පිරිසක් විශ්වවිද්‍යාලය තුළ දැක ගන්නට ලැබුණා,
අධ්‍යාපන ඇමත්තාගේ "ඇස් රවුං උන්,බෝල උං,කලු උං සුදු උං.." ප්‍රකාශය සැබෑ කරමින් විදේශික සිසුන් අධ්‍යන වාරය සදහා පැමිණ සිටියා,

ඔවුන් අතර ඇයද සිටීම,අහඹුවක් වන්නට ඇති,
දුටු සැණින් මා ඇය හදුනාගත්තද,කතාවට මුල පිරුවේ ඇය වීම මගේ සංස්කෘතික බැම්මද,නැතිනම් සිත යට තිබූ ලැජ්ජාවක සේයාවද යන්න තවමත් වටහා ගැනිමට අපහසු වන්නක්.

"You are the one that..."ලෙස ඇරඹුණු ඇය සහ මගේ සල්ලාපය දෙස මාගේ මිතුරන් බලා සිටියේ විස්මයෙන්.
එය අවසන් වූ වහාම "පට්ට කෑල්ලක්නෙ බං,උඹ කොහොමද ඒකිව දන්නෙ?" පැනය නිතැතින්ම මා වෙත එල්ල වූවා.
සත්‍යම කතාව ඔවුන් හා පැවසුවත්,මා විශ්වාස නොකළ ඔවුන් ඇය සහ මා වෙනත් ක්‍රමයකින් හදුනන්නන් බවට සැක කළා.

දේශන ශාලාවෙ යාබද අසුන් දෙකක දිනපතා අසුන් ගෙන සිටීමෙන් ආරම්භ වූ,ඇයගේ,මට සමීප වීම මට යම් තරමක පුදුමයක් ඌවත්,නොදන්නා පුත්ගලයින් අතර "ඇඟේ හැපීමෙන්" හෝ,දන්නා පුත්ගලයාට සමීප වීමෙ පුදුමයක් නැතැයි,මා එය සාධාරණීකරණය කළා.

මගේ මවට පසු,මා තේරුම් ගැනීමට වැඩිම හැකියාවක් දැක්වූ ඇය,මා දුරස්ථව සිටියදී පවා මාගේ හැඟීම් පිළිබඳව දැනගන්නේ කෙසේදැයි අදටත් ප්‍රශ්නයක්,

කලක් ගත වීමේදී ඇය පිළිබඳ යම් හැඟීම් ගොන්නක් මා තුළ ඇති උවත්,ඉඟියක්වත් ඇයට නොපෑමට මා තීරණය කළේ,හොඳ මිතුරියක් අහිමි කර ගැනීමේ වේදනාවට මා කලින් මුහුණ පා ඇති නිසා.

මා සමුගන්නේ ඔබේ පරිකල්පනයට අවසානය නීර්ණය කර ගැනීමට,
මා තරම් සංස්කෘතික බැම්මකින් ඇය බැදී සිටියේ නැති බවත්,
හැඟීම් වචනයට පෙරළීමට ඇයට මා තරම් බියක් තිබුණේ නැති බවත්,
ඉඟි වලට ලබා දෙමින්!!........................

Tuesday, September 20, 2011

නැවත ජීවත් වෙන්නට ඇත්නම්..


දෙතුන් පාරක් ගැස්සුණු බල්බ් එක එක පාරටම පත්තු උණා,
වැඩි වෙච්චි එළියත් එක්කම මට මතක් උණේ අවුරුද්දකට කලින් පෙර හැර බලන්න ආපු හැටි..

රටේ නැති නිදහසට කරුණු ගෙවල් වලට කියලා,දෙන්නත් එක්ක ගෙවල් වලින් පැනලා පෙරහැර බලන්න ගියා.
අනිත් උං හෝටල් ගානෙ යද්දි,අපි අත් අල්ලගන පෙරහැර බැලුවා,පෙරහැරේ යන අලි ගණං කළා,මහ වැස්සෙ අයිස් ක්‍රීම් කෑවා,කොහොම හරි මඩ ගොඩේ වාඩිවෙලා පෙරහැරත් ඉවර වෙනකන්ම බැලුවා.බලලා ගෙවල් වලට යනකොට මහ රෑ වෙලා,දෙන්නම ගෙවල් වලින් බැණුමුත් අහගත්තා.

එතකොට අපි දෙන්නම ඒ ලෙවල් කරලා,කැම්පස් වලටත් තේරිලා අධ්‍යාපන ඇමතිට පිං සිද්ධ වෙන්න ගෙදර ගතකරන දොළොස්වෙනි මාසෙ,
අපිට ජීවිතේ ගැන එච්චර බරක් තිබුණෙ නෑ.හැම දේම කරන්න අම්මලා තාත්තලා හිටියානෙ.
හැමදෙයක්ම සැහැල්ලුවෙන් ගත්තු මට,වැඩිය කිසිදෙයක් ගැන නොසලකපු එයා හොඳට ගැලපුනා.
අපි දෙන්නා තේරිලා තිබුණෙ විශ්වවිද්‍යාල දෙකකට උණත් ඒක එච්චර ප්‍රශ්නයක් කරගත්තෙ නෑ.
මම හිතෙන්නෙ අපි ඇත්තටම ආදරය කරන්න ඇති.

ප්‍රශ්න ඔක්කොම පටන් ගත්තෙ කැම්පස් පටන් අරන් මාස කීපයකට පස්සෙ,
අනතුරු හැඟවීමක් නැතුවම තාත්තා අපිව දාලා ගියා,
අම්මට පවුල තනියම ජීවත් කරවලා මටත් වියදම් කරන්න විදියක් නොතිබුණු හන්දා විශ්වවිද්‍යාල ජීවිතේට සමු දුන්නු මම පවුලෙ බරට කර ගහන්න රස්සාවක් හොයාගත්තා.

ඔක්කොම උණාට පස්සෙයි මම එයා ගැන කල්පනා කරන්න ගත්තෙ.
ජීවිතේ බර දැනෙන්න පටන් ගත්තට පස්සෙ මම හුඟක් කල්පනා කරන්න ගත්තා,
ටිකක් අලුත් පන්නෙට හැදිච්චි කෙල්ලෙක් උණු එයාට,කැම්පස් එකෙන් අවුට් වෙලා,ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්වෙලා හිටපු මගෙත් එක්ක ජීවත් වෙන්න පුළුවන් උණත්,සෙමෙස්ටරයක්වත් කැම්පස් එකේ ඉන්නෙ නැතුව රස්සාවක් හොයාගත්තු මගෙත් එක්ක ඉන්න බැරිවෙයි කියලා මට හොදටම පෙනුණා,
එයා මට කොච්චර ආදරේ උණත් මට එයාව සතුටෙන් තියන්න බැරි බව පැහැදිලිවම පෙනුණා,

මම එයාගෙ දුරකථන ඇමතුම් වලටයි,කෙටි පණිවුඩ වලටයි ප්‍රතිචාර දක්වන එක ටිකින් ටික මග ඇරියා
හැඟීම් වලට ඉඩ දුන්නොත් මගේ විතරක් නෙවෙයි එයාගෙ ජීවිතෙත් අවුල් ජාලයක් වෙන හන්දා,
එයා මුලින් හිතුවෙ මම වෙච්චි දේවල් නිසා දුකින් වෙන්න ඇති කියලා,නමුත් පස්සෙ පස්සෙ එයා තේරුම් ගත්තා මම එයාව මග අරිනවා කියලා.
සම්පූර්ණයෙන්ම සම්බන්ධෙ මගේ පැත්තෙන් නවත්තලා ටික කාලෙකට පස්සෙ,
එයා ගෙදරට ආවා මාව හොයාගන,මම හැංගුණා,මම ආදරේ කරන කෙල්ලගෙන්ම මට හැංගෙන්න සිද්ධ උණා,
එයා මට තිබුණු ආදරය ඇරෙන්න එයාට මාව හොයාගන එන්න වෙන හේතුවක් තිබුණෙ නෑ,මම එයාට කිසිම වැරැද්දක් කරලා තිබුණෙ නෑ.
කොච්චර ආදරේ උණත් මම හැංගුණේ අනාගතය ගැන හිතලා,
කවදා හරි සමාජයේ ඉහළ තලයකට යන එයාට,මගෙත් එක්ක ජීවිතයක් තිබුණෙ නෑ..

ඔක්කොටම දැන් අවුරුද්දක්,
කොහොම හිතුවත්,එයා මේ අවුරුද්දෙත් මෙතනට එයි කියලා මගේ හිතේ කොනක බලා පොරොත්තුවක් තියනවා..

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...................................................................
බල්බ් එක ආයිමත් නිමිලා..............
හිතේ බලාපොරොත්තු වගේම.......................................
පහන් කණුවට යටින් ගිනිබෝල කාරයො යන්නෙ,බලාපොරොත්තු ආයිත් දල්වන්න වගේ......

සුපුරුදු හඬක් ,

ඈ...................



"මම හිතුවා ඔයා මෙතන ඇති කියලා!!........."

Monday, September 19, 2011

ලංකාවේ පාරිභෝගික සේවය හෙවත් පාරිභෝගිකයා බල්ලාට දැමීම


පාරිභෝගික සේවයක් කියන්නෙ යම් කිසි භාණ්ඩයක හෝ සේවාවක් පිළිබඳව පාරිභෝගිකයෙකුට ඇතිවෙන ප්‍රශ්න විසඳලා දෙන්න ඉන්න කට්ටියකටනෙ..
වෙන රටවලනම් මේවා පාරිභෝගිකයා දෙවියා කියන මුලධරමය යටතේ ක්‍රියාත්මක උණත්,ලංකාවෙ පාරිභෝගික සේවා නිලධාරීන් හිතාගන ඉන්නෙ උන් දෙයියො කියලා.

ජංගම දුරකථන ජාල වල පාරිභෝගික සේවා සලකපුවහම හුළංටෙල්(එයාටෙල්) ජාලයේ තමා එපාම කරපු පාරිභෝගික සේවය තියෙන්නෙ,කෝල් එකක් දුන්නාම ටක්ගාල පෝං එක ඉස්සුවා උණත් මෙලෝ මගුලක් දන්නෙ නෑ එතන ඉන්න කට්ටිය.
ඒ ගොල්ලො දන්නෙ "ජීපීආර්ඇස් සෙටිං හදන්නෙ මෙහෙමයි","පෝන් එක විනාඩි 10ක් ඕෆ් කරලා තියන්න".."ඕක අපේ වැරැද්දක් නෙවෙයි". කියන වචන සෙට් එක විතරයි.
හැබැයි ලංකාවටම හරියන පාරිභෝගික සේවෙ..මොකද අපේ උංට ඕනි පෝං එකෙං ෆේස්බුක් යන්න විතරනෙ.

ඊ ළඟට මොබිටෙල්,
ඒකෙ පාරිභෝගික සේවෙ කොටස් දෙකක් තියනවා(මම දැකලා තියන විදියට),එකක් අර හුළං ටෙල් එකේ වගේම ඉස්සරහා තියන පරිගණක තිරේ දිහා බලාගන කියවන්න විතරක් දන්න සෙට් එක,
අනික ඊට වඩා ටිකක් දැනුම තියන,ඒත් ඔක්කොම දන්නවා කියලා හිතාගන ඉන්න සෙට් එක,
පාරිභෝගික සේවෙට කතා කරන්න පුළුවන් මාසෙට දෙපාරයි,ගාණක් කපාගන්නෙ නැතුව..ඊට වඩා ගත්තොත් ඇමතුමකට 1.50ක්ද කොහෙද කපනවා :/ :/ (ඒකත් ඉතිං අපේ සෙට් එක කෝල් කරලා එතන ඉන්න අක්කලගෙන් ආතල් ගන්න හන්දා දාපු නීතියක් වෙන්න ඕනි)
කෝල් එකක් දීපුවාම රටේ නැති ඇඩ් ටික දාල පෝන් එකේ බැටරිය බහින්න ඔන්න මෙන්න තියෙද්දි අර පලවෙනි ජාතියෙං කෙනෙක් උස්සනවා පෝං එක..උස්සලා අහනවා "මම මෙන්න මෙයා,කොහොමද ඔයාට උදවු කරන්න ඕනි?"
ඔන්න ප්‍රශ්නෙ කිව්වාම ඕකෙ එක වචනෙකවත් ඉන්ටනෙට් ගැවිලා තිබුණොත්,ගහනවා පරණ රෝළම ජීපීආර්ඇස් සෙටිං හදන්න මෙහෙම කරන්න බ්ලා බ්ලා...මුං හිතාගන ඉන්නෙ ඉන්ටනෙට් අවුල් යන්නෙ සෙටිං අවුල් උණොත් විතරයි කියලා..දැං මෙතන කියන විදියට කරලා හරිගියෙ නැතොත් ආයි පාරක් කෝල් කරලා බර වචන දෙකක් තුනක් කියලා සද්දෙ දැම්මොත් අපි ඔයාව නෙට්වර්ක් අංසෙට දාන්නම් කියලා දානවා අර දෙවනි ජාතියෙ එක්කෙනෙක් ලයින් එකට (තව පැය බාගයක්වත් සින්දු අහන්න වෙනවා :P)
උං හිතාගන ඉන්නෙ උං තමා සුපිරි වැඩ්ඩො කතාකරන අපි මුකුත්ම දන්නෙ නෑ කියලා.ඉතිං පෝං එකේ ජාතිය අහලා පරණ රෝළම මුල ඉදංම ගහනවා.ගහලා හරි ගියෙ නැතොත් කියනවා ඉන්න අපි කම්ප්ලේන් එකක් දාන්නම්,දාලා ආයිත් සම්බන්ධ කරගන්නම් කියලා..සුමානෙකට විතර පස්සෙ ආයි කෝල් කරලා කියනවා "එහෙම ප්‍රශ්නයක් තියෙන්න බෑ,අපි හොදට චෙක් කළා කියලා :/ ඒත් ප්‍රශ්නෙ එහෙමමයි"

ඩයලොග් පාරිභෝගික සේවෙ ටිකක් හොදයි,
ටක්ගාල පෝං එක උස්සනවා වගේම හොඳ තාක්ෂණික දැනුමකුත් තියනවා ඒකෙ නිලධාරීන්ට.ඒත් ඉතිං "අලි ඔළුව" නම් එහෙමමයි..හිතාගන ඉන්නෙ අපි ඔටුවො කියලා :P

අනිත් මොබයිල් නෙට්වර්ක්ස් කොහොමද දන්නෙ නෑ.මම එවා පාවිච්චි කරලා නෑ.. :P

ඉතිං පාරිභෝගික සේවෙ කියන්න ඕකම නෙවෙයිනෙ..කඩේකට ගියාම අර හිනාවෙවී නැත්නම් ඔරෝගන (කඩේ හැටියට) ඉන්න මල් පෝච්චි අක්කලාට කියන්නෙත් පාරිභෝගික සේවා නිලධාරීන් කියලම තමා (අලෙවි නිලධාරීන් කියලත් කියනවා මම හිතන්නෙ)

කඩවල් වල බැලුවොත් හොඳම පාරීභෝගික සේවෙ තියෙන්නෙ රෙදි කඩවල :D රෙද්දක් ගන්නකං අපේ පස්සෙ කැරකි කැරකි මේක හොඳයි,මේකනම් ඔයාට මැච් වෙන්නෙ නෑ කියන අය (හුඟක් වෙලාවට අක්කලා සමහර වෙලාවට අයියලා) හුඟක් හොඳ පාරිභෝගික සේවයක් සපයලා තියනවා...මේක මෙහෙම වෙන්නෙ මම හිතන්නෙ මේ ගොල්ලන්ගෙ පඩිය තමන් සේවය කරන පාරිභෝගිකයන්ට විකුණන අයිතම ප්‍රමාණය මත රඳාපවතින නිසා වෙන්න ඕනි. :D

නරකම පාරිභෝගික සේවය තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික්/පරිගණක/පෝං කඩවල,
මේ කට්ටිය පාරිභෝගිකයොත් එක්ක කිසිම සුහධතාවයක් නෑ :/ "ආවනං අරං පලයං" කියන විදියට තමා ඉන්නෙ.මොකද මේ ගොල්ලන්ට ඇති තරම් පාරිභෝගිකයො ඉන්නවා.මූණෙ හිනාවක් නැති මහ එපාම කරපු සෙට් එකක් තමා මේ ගොල්ලො.හුඟක් වෙලාවට අපිනම් කරන්නෙ මේ ගොල්ලන්ට තදවෙන්න වැඩ සලස්වන එකම තමා..බඩුවක් ගන්න ගියාම අලි ලයින් බලන්න අපිත් කැමති නෑනෙ :P

හනේ මේ ඇති පස්සෙ ආයි තද උණු වෙලාවක ඉතුරු ටික...

Wednesday, September 14, 2011

ඔබේ ඒ ආදරය,ලබන්නට ඇත්නම්........................

උදෑසන නැගෙද්දි,
වැටෙන හිරු කිරන තුල,
ඔබ බදා නලල් තල,
සිපින්නට ඇත්නම්......

සදා කල් ඔබ ලඟින්,
ඔබට දිරියක් වෙමින්,
මහා නුග රුකක් සේ,
රැඳෙන්නට ඇත්නම්.......

ඔබ ගිලන් ඌ විටෙක,
නුහුරු නුපුරුදු අතින්,
මා හැදූ අහර පිඩ,
කවන්නට ඇත්නම්........

ජීවිතය විඳින්නට,
සදාකල් ඇවැසි වූ,
ඔබේ ඒ ආදරය,
ලබන්නට ඇත්නම්........................

Sunday, September 11, 2011

මම ඔයාට කියන්නෙ නෑ...........


මම ඔයාට කියන්නෙ නෑ,
අඬන්නෙ නැතුව ඉන්න මගේ ලඟට එන්න කියලා,
ඒත්,
ඔයා අඬනකොට මමත් ලඟින් ඉදගන අඬන්නම්..

මම ඔයාට පොරොන්දු වෙන්නෙ නෑ,
හැම්දාම ඔයාව හිනස්සනවා කියලා,
ඒත්,
ඔයා හිනා වෙනකොට මමත් හිනා වෙන්නම්..

මට ඔයාට කියන්න බෑ,
ලෝකෙ කඩා නොවැටේවි කියල,
ඒත්,
ඒක කඩා වැටෙනකොට මම ඔයාගෙ ලඟින්ම ඉන්නම්,
ඔයත් එක්කම වැටෙන්න..

මම ඔයාට කියන්නෙ නෑ,
මම හැමදාම ඔයා ලඟ ඉදීවි කියලා,
ඒත්,
ඔයාට ඕනි වෙන වෙලාවට මම ඔයාගෙ අත ගන්න ඉඳිවි .............

Monday, September 5, 2011

මොහොතකට අප දෙවියන් වීමු


එය.....
නැත්නම් ඌ කියලා හදුන්වන්නත් පුලුවන්,
ඇත්තටම ජීවයේ සීමාවන් තවමත් අපි දන්නෙ නැති හන්දා.

මුලදි අපි හිතුවෙ නෑ අපි කරේ ජීවය නිපදවීම කියලා,
ස්ව්භාවදර්මය පමන්ක් කල යුතු වූ හුඟක් දේවල් අතට ගත්තා වගේම,ජීවය නිපදවිම අපේ අතට නොදැනුවත්වම අරන් කියලා දැනෙද්දි කෝච්චිය ගිහින් ඉවරයි...

කතාව පටන් ගන්න මුලක් හොයාගන්න බැරි හන්දයි මේ වටේ යන්නෙ..
කොහොම කියන්නද දෙවියන්ගෙ වගකීම් අතට අරගන,ලෝකෙම වලකට ඇදලා දාපු කතාව..

කියන්නෙ මම හන්දා මගෙන්ම පටන් ගන්නම්,
මම ගොඩක් දේවල් ඉගන ගත්තු,ඒවා යොදා ගැනීම හරියට කරපු,ලැබෙන ප්‍රතිඵලේ අනුමාන නොකරපු මිනිහෙක්.
ඉගන ගන්න තියන ආසාවටම එකිනෙකට වෙනස් ක්ශේත්‍ර වලින් පශ්චාත් උපාදි 5ක් සම්පූර්න කරපු මට,
ඇමරිකාවෙ නාසා ආයතනයෙන් රැකියා ඇරයුමක් ලැබෙද්දි මට මුලු ලෝකෙම හොදම පරීක්ශනාගාර පහසුකම් ලැබුනා..

ඔක්කොටම හේතු උනේ දවසක් අපි කරමින් හිටිය "වයිරසයක ව්‍යුහය නැනෝ යන්ත්‍රයකට ආදර්ශනය කිරීම" කියන පරීක්ශනය ධන ප්‍රතිඵල පෙන්වීමත් එක්ක.
එදා අපිට ආදර්ශනය කරගන්න පුලුවං උනේ වයිරසයකින් 10% වගේ ප්‍රමානයක් උනත්,
අවුරුදු කීපයක පරීක්ශන වලින් මේ ප්‍රතිශතය 75% දක්වා ගෙන එන්න පුලුවං උනා,
සාමන්‍ය කාබන් නැනෝ නාල සහ තනි පරමානු ස්තරයේ ගැපයිට් පාවිච්චි කරමින් කරපු මේ පරික්ශන වල අවසානයට අපිට වයිරසයක මූලික ක්‍රියාකාර කම උනු ප්‍රතිජනනය ආදර්ශනය කරන්න පුලුවං උනා,
කාබනික මාද්‍යක අපි දෙන විද්‍යුත් උපදෙස් භාවිතයෙන් ඒවා ප්‍රති ජනනය උනා(කාබනික මාද්‍ය ජීවි එකක් කියලා කියන්න ඕනි නෑනෙ).
ඒත් අපේ පරීක්ශන 100% සාර්තක නොවුනෙ වයිරසයක තිබුනු බුධ්දිමත් ස්වහාවය ආදර්ශනය කරගන්න ඒ වෙනකොටත් අපිට බැරි වෙලා තිබුනු හන්දා.
වයිරසය අනුකරනය කිරීම කොච්චර කලත් 75%න් එහාට ගිනියන්න අපිට බැරි උනු හන්දා අසාර්තක තවත් පරීක්ශනයක් කියලා අපි ඒක පැත්තකට කරලා දැම්මා.

ඊ ලඟට කතාවට වැදගත් වෙන කොටස තියෙන්නෙ අවුරුදු කීපයකට පස්සෙ ප්‍රතිවාදී අභ්‍යාවකාශ ගවේශන ආයතනයකින් නෙප්චූන්ට යවන රෝවරේකට වැරදි දත්ත ආපසු එවන විදියට පරිගනක වයිරසයක් සකස් කරන කන්ඩායමක නායකයා වීමත් එක්ක.
මේක සාර්තකව නිමාකරලා ලැබුනු විවේකයෙදි,මට නැවතත් අර පරන නැනෝ පරීක්ශනයේ වාර්තා දකින්න හම්බ වෙනවා,
එතනදි එන පිස්සු අදහසක් ව්‍යාපෘති යෝජනාවක් කරලා ආයතනයට ඉදිරිපත් කරද්දි හුඟක් දෙනා මගේ දිහා පිස්සෙක් විදියට බැලුවත්,මගේ කලින් පිස්සු අදහස් හුඟක් දුරට සාර්තක උනු හන්දා,
ආයතනයෙන් ව්‍යාපෘතිය සදහා අවශ්‍ය ප්‍රතීපාදන සපයන්න එකඟ වෙනවා,

මගේ අදහස වෙන්නෙ කලින් සකසපු නැනෝ වයිරස ආදර්ශනයත් එක්ක පස්සෙ රෝවරයට යවන්න හදපු කෘතීම බුද්දි වයිරසය එකතු කිරීම..බැලූ බැල්මට අතාත්විකයි කියලා පෙනුනට ලොකු වැඩ කොටසකින් පස්සෙ අපිට පුලුවං වෙනවා මෘදුකාංගමය කොටසකින් සහ පදාර්තමය කොටසකින් සමන්විත නැනෝ පරිගනක වයිරසයක් ගොඩනගන්න.
ඒක පරිගනක වයිරසයක් කියලා හදුන්වපු එකේ නිවැරදි භාවය ප්‍රස්නයක් උනත් ඒ දවස් වල ඒක පරිගනක වයිරසයක් පමනක් උනේ මෘදුකාංගමය කොටස හන්දා.ඒක ජීවත් වෙන්න පරිගනකය අත්‍යාවශ්‍ය උනා.වයිරසයට ජීවත් වෙන්න හැකි උනේ පරිගනක පද්දතියක් තුල පමනයි.ලෝහ අයන සහ කාබන් නැනෝ නාල අන්තර්සම්බන්දය පිලිබදව පරීක්ශන වලින් අපි සම්පූර්න වයිරසයම පරිගනක පද්දති තුල පවත්වාගන්න පුලුවන් විදියට සැකසුවා.
නමුත් ඒකට පරිගනක පද්දතියක් තුල ගුනනය වෙන්න හැකියාවක් තිබුනේ නෑ.මොකද කාබනික මාද්‍ය නොතිබුනු නිසා.ගුනනය වෙන්න කාබනික මාද්‍යකට ආවත් බාහිර උදවුවකින් තොරව ගුනනය වෙන්න බැරි වෙන්නෙ මෘදුකාංගමය කොටස ක්‍රියාත්මක වෙන්නෙ පරිගනක පද්දතියක පමනක් හන්දා..

වයිරසයට දෘඩාංගමය සම්බන්දයක් තියන ඕනෑම පරිගනක ජාලයක් හරහා ගමන් කල හැකි උනත් ඒක එච්චර ලොකු ප්‍රස්නයක් නොවුනෙ ගුනනය වීමක් නැති හන්දා.
පරික්ශනය සාර්තක උනා වගේම අපි ඒකෙන් විශාල වැඩ ප්‍රමානයක් ගත්තා.වයිරසයේ බුද්දිමය ස්වභාවය වගේම පරිගනක පද්දතියක සැඟවීමෙ හැකියාවකුත් තිබුනු හන්දා ඔත්තු බැලීමේ කටයුතු සදහා වැඩයෙන්ම මේක යොදා ගත්තා.

ඔක්කොම වෙනස් වෙන්න පටන් ගත්තෙ පලමු වානිජ මොල පරිගනක අතුරු මුහුනත(BCI-Brain computer interface) වෙලද පොලට නිකුත් වීමත් එක්ක.මෙච්චර කල් කාබනික මාද්‍ය සහ පරිගනක පද්දතිය එකට නොලැබුනු වයිරසයට ඒ දෙකම එකට ලැබෙන්න පටන් ගත්තා.මිනිස් සිරුර සහ මිනිස් මොලය..
පලමු වානිජ මොල පරිගනක අතුරු මුහුනත නිකුත් වීමෙන් මාස කිහිපයකට පස්සෙ පලමු ආසාදිතයා වාර්තා උනා.වයිරසය මගින් සිරුරට කල දේවල් මම කියන්න යන්නෙ නැහැ.ආසාදිතයින් මැරුනෙ නෑ කියලා විතරක් කියන්නම්..කතාවෙ ඉතුරු ටිකත් සෑහෙන්න පැහැදිලි ඇති.
සම්පූර්නයෙන්ම නව ජීව විශේශයක් උනු මෙය තව දුරටත් වයිරසයක් කියලා හදුන්වන එක සාදාරන උනේ නෑ.මිනිස් ප්‍රතිශක්තීකරන පද්දතියේ දුර්වලතා හදුනා ගත්තු මෙය විවිද ක්‍රම වලට පැතිරෙන්න පටන් ගත්තා.මේ කාලයේදීම සමහර වයිරස,ස්ඵටිකීකරනයවෙන අවස්තා වලදි දක්වන ව්‍යුහ වෙනස් වීම් මෙයිනුත් වාර්තා වෙන්න පටන් ගත්තා.
එතනින් එහාට කතාව කීමේ තේරුමක් නෑ..

දෙවියන් වෙන්න උත්සාහ කරපු අපි දැන් දෙවියන් වගේම තනිවෙලා මරණය එන තුරු බලා ඉන්නවා.....
කවුරු හරි කෙනෙක් මේක කියවනවනම් කියන්න තියෙන්නෙ "ඔබ වාසනාවන්තයි,කිසිදාක ස්වභාවදර්මයේ ක්‍රියා පාලනය කිරීමට උත්සාහ නොකරන්න!" කියලා..

ඉතින් ආයුබෝවන්....................................................................................

Thursday, August 25, 2011

මගේ ජීවිතෙන් දවසක්


සුපුරුදු පරිදි උදේ 6.00 විතර ඇහරුනා,
නැගිටලා මක් කොරන්නද,
මෙච්චර වෙලා දැක්කෙ මට ඕනි හින නෙවෙයිනෙ,දැන් එයා ගැන හීනයක් බලනවා,
"අවදි සිහින" කස්ටමයිස් කර කර බැලුවැහකිනෙ..

ඔන්න හරි,

කෝ ස්ටාට්!!..
ආ හරි ඔන්න වැඩ ඇරිලා එනවා
එයා එන්නව දෙර ගාව මම එනකන් බලාගන..
......................................................................
......................................................................

"පුතේ නැගිටිනවා අද මොකක්ද විබාගයක් කිව්වා නේද හ්ම්! හ්ම්!"...
සිහ් අම්මා කෑ ගහලා කෑවා අවදි සිහිනෙ...

හුටා!! මොකද්ද විබාගෙ කතාව?
අද................ කවද්ද,මතක නෑනෙ..
නිකං ගෙදරට වෙලා ඉන්න මට මොකටද දවස...

අඃ පෝං එක ඇති කොට්ටෙ යට.......
කෝ බලන්න..
ඒකත් නෑ..
ඇද යට වෙන්න ඇති..

අඃ අර තියෙන්නෙ ලස්සනට කෑලි තුනකට ගැලවිලා,
හයි කරලා බැලුවා දවස විසි පහ..
විසි පහ..විසි පහ..විසි පහ...
හුටා අර පොප් මගුල නේද?..
තියනවා නේන්නං විබාගයක්..
අම්මාපා මේ ඇස්බියා අපිට කිව්වනම් "දැන්ම කැම්පස් ගන්න බෑ,ටිකක් කල් ගෙදර හිටපියව්" කියලා, අඩු තරමෙ

පතලකවත් වැඩට යන්න තිබුනා..
නායකත්ව පුහුනුයි පූර්ව නමනිකරනයි දදා වද දෙන්නෙ නැතුව..

අවදි සිහිනේ බැලුවෙ පොඩඩ උනාට වෙලාව 8.00යි

පලයංකො විබාගෙට යාලුවො එන හන්දා දාගත්තෙ 10.00ටද කොහෙද..10.30ටද?..හැහ් දැන් කොහොම ගියත්

10.30ට තමා..
මට ඕනි වෙලාවට පාරෙ බස් යන එකක්යෑ..
අරෙහෙං මෙහෙං ගහලා මූන හෝද ගත්තා,
මට අමතක උනාට අම්මට විබාගෙ අමතක වෙලා නෑ වගේ ඇදුම් දෙකකුත් මැදලා!!
අරෙහෙං මෙහෙං උදේ කෑම එකත් ගිලලා දිව්වා පාරට..

හැහ් අවුරුදු ගනං පරන තඩි වලවල් පාරෙ,කොහෙද කාපට් කොරං ඇවිල්ලා හතරමං හන්දිය ගාව නැවැත්තුවනෙ,
යන්නෙ කොයි පැත්තටද කියලා හිතාගන්න බැරිවෙන්න ඇති..දැන් වෙන කොහෙද පාරක් කාපට් කොරනවා

කියන්නෙ මැශින් ටික අරන් ගිහින්..

හම්මෙ යන්තං ඔය එන්නෙ බස් එකක්,
හැටි විතරක් දැක්කාම නගින හිතෙන් නෑ..වෙන මොකක යන්නද ඔන්න ඔහෙ නගිනවා..

දඩස්!!..
හප්පොයී තවත් වලක්,මේකෙ ඇන්ජිම වැටෙයිද මන්දා.. o_O

යන්තම් 9.40 ට ආවා ස්ටෑන්ඩ් එකට,අරුං මාව කන්න බලාගන ඇති 9.20 එනවා කිව්වෙ..

තෝඔඔඔ හැමදාම පරක්කුයි!!,හුහ් මම කලින් ආපු දවසට මුං පරක්කු වෙනවා ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....

හරි හරි දැං යමං බස් නෑනෙ බං අපේ පාරෙ...

නැග්ගා බස් එකට
මචං මටත් එක්ක ගනිංකො...
නොදකිං තෝ මාවමයි කන්නෙ, හුහ් මූට මතක නෑ මම මූට ටිකට් ගත්තුවා..

එනකොට 10.30 වෙයි කියලා හිතුවට 10.15 වෙනකොට ආවා..
ගිහන් අහපුවාම ලස්සන කෙල්ලෙක් -මිස් කෙනෙක්- කිව්වෙ නැතෑ, 10.30 ට එන්න ඒ වෙලාවට ටයිම් බුක් කලා

නම්.හරි හරි ඉතිං අපිට බලෙං ලියන්න ඕනි නෑ

හිටුකො අපි ඇතුලට එනකම්...
හෆ්ෆොයි ඉංග්‍රීසි පේපරෙ ගිය පාර එකට වඩා අමාරුයි පැය එක හමාරම ගියා,මිස්ට මුකුත් කියන්න උනේ නෑ...අපි

හතර දෙනා විතරනෙ,
කිසි කික් එකකුත් නෑ..

ද්වල්ට ලඟ තියන කඩෙං කාල අනිත් එක ලියන්න ගියා,
රෙද්දෙ අයිටී
මේක හදන්නෙ මයික්‍රොසොෆ්ට් එකට කඩේ යන එකෙක්ද?
ඔෆිස් ප්‍රස්න විතරයි..ඇහුවාම ඔය යන්නෙ රවාගන මිස්..කලිං සෙසන් එකේ කියපුවට මාව තාම නෝට්ද මන්දා..

අයිටී එක විනාඩි 45න් ඉවර කරලා බුකිය පැත්තෙ යන්න බැලුවා..කොහෙද ගූගලා පැත්තෙ යන්නත් බෑ ඔක්කොම බ්ලොක් වගේ..
මොනවා කොරන්නද සබ්මිටුත් කරපු එකේ අරූගෙ පේපරේට එබෙනවා...

ඌටත් ටිකක් කියාදීලා සෙට් එකම ආවා එලියට..
යන්නම් කියපුවාම මිස්ගෙ මූනෙ ආපු හිනාව..හපෝයි කරදරයක් ඉවරයි කියනවා වගේ..

හයියෝ කම්මැලී ඉතුරු ටික හිතුනොත් පස්සෙ දානවා..දැම්මත් මම විතරනෙ බලන්නෙ... :D :D

Wednesday, August 24, 2011

මරණය........

මරණය..

ජිවත් උනොත් අවසානයට හම්බ වෙනවා කියලා අනිවර්‍යෙන්ම දන්න එකම දෙ.....

මරණයට කලින් ජීවිතය ගැන කතා කරන්න ඔනි..

ජීවිතය,
නිවන් දකින්න පින් මදි කමෙන් නැවත නැවතත් එකම රෝලක දුවන ජීවිතය
අපි ජීවත් වෙන්නෙ මොකටද?

භක්තිමන් බෞද්දයෙක් කියන්න පුලුවං නිවන් දකින්න කියලා...
එතකොට අපි මේකට ආවෙ කොහොමද? සංසාරෙට...

වෙනත් ආගමක කෙනෙක් කියන්න පුලුවං දෙවියන්ගෙ කැමැත්ත හන්දා කියලා.
අපි මොකටද කාගෙවත් කැමැත්තට ජීවත් වෙන්නෙ?

අපි ජීවත් වෙන්නෙ ආසාවන් ඉශ්ඨ කරගන්න..
ජීවිතේට තියන ආසාව
ජීවත් වෙන්න තියන ආසාව
ලිංගික ආසාව..
තවත් ආසාවල්..........

ආසාවල් එක්ක එන අනික් දේ බලාපොරොත්තු සහ සිහින
මොකක් හරි ආසාවක් ඉශ්ඨ කරගන්න අපි බලාපොරොත්තු ඇති කරගන්නවා..
ඒක ඉශ්ඨ කරගන්න එක අමාරුනම් බලාපොරොත්තුව සිහිනයක් වෙනවා..

හිතන්න ජීවිතේ බලාපොරොත්තු සහ සිහින ඔක්කොම ඉශ්ඨ උනා..එහෙම නැත්නම් ඔක්කොම අමතක කරලා දාන්න පුලුවන් උනා(ඔය අන්ත දෙක අතර තියෙන්නෙ බොහොම පොඩි වෙනසක්...)
එතනින් එහාට ඔහුට හෝ ඇයට ඉතුරු වෙන්නෙ අලුත් බලාපොරොත්තු ඇති කර ගැනීම හරි මරණය හරි....

ඉතින් ජීවිතේ කියන්නෙ ආසාවල් පස්සෙ දුවන මහා බොරුවක්.ශිශ්ටාචාරයේ පට පිලි වලින් වහලා ලස්සන කරලා පෙන්නන නැත්නම් අපි පෙන්නගන්න මහා බොරුවක්...

දැන් මරණය ගැන
උඩින් කිව්වා වගේ ආසාවල් නැති මිනිහට තෝරගන්න තියන එක පාරක්

සමහරු මරණය තොරගන්නව...
සමහරුංව මරණය තෝරගන්නවා..

මරණය තෝරගන්න මිනිස්සු,
එල්ලිලා මැරෙනවා
එහෙමත් නැත්තම් වෙඩි තියාගන?
උස තැනකින් පැනලා?
වැඩිපුර බෙහෙතක් බීලා?
වහ බීලා?
එහෙමත් නැත්නම් ජපන් ක්‍රමේට හරා-කිරි කරගන?

මරණය විසින් තෝර ගන්න මිනිස්සු,
ගුටි කාලා.
වෙඩි කාලා,
රිය අනතුරු වලින්,
හදවත් ආබාදයකින්,
මොලයේ ලේ නහර අවහිර වීමකින්,
එහෙමත් නැත්නම් නිකන්ම..

මම මැරෙණ්න තීරනය කලොත්?
කට්ටිය මොනවා කියයිද?
කට්ටියක් "අනේ මැරියන්,තෝ මැරෙන එකමයි හොද.." ඔව් බං මේ මැරෙණ්න තමා හදන්නෙ..
තවත් කට්ටියක් "මැරියං බං,මේකෙ ඉන්නවට වඩා යන එක හොදයි" එතකොට ඇයි උඹලා ඉන්නෙ?

තවත් කට්ටියක් "අනේ මැරෙණ්න එපා,අපිට ඔයා නැති එක හැමදාම දැනෙයි" මොන පිස්සුද මම මැරිලා මාසයක් දෙකක් ගියාට පස්සෙ මාව මතක් වෙන්නෙ ආයිත් දානෙ දවස් වලට තමා...

"අනේ ඔයා මැරුණොත් ලෝකෙට පාඩුවක්"තව කවුරු හරි,
මොන පාඩුවක්ද මම කරන්න ඕනි වැඩ කොටස වෙන කවුරු හරි කරයි...

"ඔයා මැරුණොත් ඔයාගෙ අම්මලා තාත්තලා?" ඒ ගොල්ලො කොහොම හරි ජීවත් වෙයි.බැරිනම් මැරෙයි...

කවුරු හරි කියන්න පුලුවං මම ආත්මාරතකාමියෙක් කියලා..ඔව් මම එහෙම තමා
පොඩි කාලෙ ඉදලා එහෙමයි..

පුන්චි කාලෙ අම්මාගෙන් කිරි ඉල්ලලා ඇඬුවෙ මගේ බඩගින්න නිවාගන්න මිසක්,මට කිරි දෙන්න ආවාම රොස් වෙන,ගෙදර අයගෙ බඩගින්න නිවන බත් එක ගැන,හිතලා නෙවෙයිනෙ?

පහ වසරෙදි ශිස්වත්තෙ ලිව්වෙ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට යන්න මිසක් එහා පැත්තෙ මගෙත් එක්ක හිටපු හොඳම යාලුවා ඒකට යවන්න නෙවෙයිනෙ?

එකොලහ වසරෙදි සාමාන්‍යපෙල,දහ තුනේදි උසස් පෙල...
සීසන් පෝලිමේ..
ඇදුම් කඩේක,
බස් එකේ..
කොහේදිවත් නොතිබුනු පරාර්තකාමීත්වයක් මොකටද මැරෙණ්න විතරක්..

හැම තැනදිම අනුන්ට අයිති දෙයක් පොරකාලා ගත්තු මම මොකටද මට අයිති මගේ ජීවිතේ ගද්දි විතරක් පරාර්තකාමි වෙන්නෙ...

Tuesday, August 23, 2011

හිත යටින් ඉකි ගසන්.................................

ඔබ ඈත දුර ගිහින්,
යන්න මගෙ හිත අරන්,
සිනාසෙමි මම මුවින්,
හිත යටින් දුක අරන්..

උදා තරුවක් ලෙසින්,
ජීවයට එලිය දුන්,
ඇයි ඔබට බැරි ඉන්න,
හැමදාම මගෙ ලඟින්..

සිනා මුසු මුහුනකින්,
පිනවුවත් දසුන මං,
ඉන්නෙ මම දුක දරන්,
හිත යටින් ඉකි ගසන්..............

Wednesday, August 17, 2011

කාලය එච්චර නපුරු නෑ.................

පසුගිය වසර තුනක් පුරාවට ඇය එවා තිබු පනිවුඩ ගනනාව පුරාවට දහස් වැනි වතාවටත් දෑස ගෙන ගිය මා,
ඇය ඔන්ලයින් එනු දුටු මොහොතේම,
"වීඩියෝ ඇමතුමක් ලබාගන්න"
විදානය ලබාදුන්නෙ වසර ගනනාවකට පසුව,
පලමු ඇමතුමේදී,
කුමක් පවසන්නදැයි කිසිම අදහසකින් තොරවයි.....

"ඔබ ඇමතූ ෆේස්බුක් පරිශීලකයා මේ අවස්තාවේදි වෙනත් ඇමතුමක් ලබාගනිමින් සිටී...කරුනාකර පසුව අමතන්න"
යාන්ත්‍රික හඬ නෑසි යද්දි,

හිතට ගලා ආ අදහස,
"එයා යාලුවෙකුට කෝල් කරනවා ඇති..."
ඊලඟ මොහොතේ බිඳ වැටුනේ,
තිරයේ සදහන් වූ
"ඔබට _____ගෙන් පැමිනෙන ඇමතුමක්"      පනිවුඩයත් සමගමයි,

සියුම් විශ්මයක් කැටි වූ හැඟීමකින් ඇමතුම අනුමත කල වහාම..

"අනේ ____"...

නැගුනු ඇගේ හඬ වසර ගනනාවකට පසුවද පැරනි ලෙන්ගතු හැඟීමම ලබාදුන්නෙ,
කෙසේ සිදු වූවාදැයි වචන දහසකින්වත් පැහැදිලි කිරීමට නොහැකි ලෙසකින්.....

........................................................................................................................................

ඇගේ පලමු සහ දෙවන ප්‍රතික්ශේප කිරිම් වලින් ජීවිතය ඉගෙනීමටම කැප කිරීමට ඉටාගත් මා,
එය සදාකල් නොපවතින අදිටනක් වේයැයි සිතූයේ,
මා සිත එක තැනක පවතින්නෙ ඉතා සුලු කාලයක් නිසාවෙන්,

නමුත් ඉගෙනුමට ඇති ඇල්ම මෙන්ම එම අදිටනද නොනැසී පැවතුනේ,
මාගේ නිසඟ ස්වභාවයට අභියෝගයක් වෙමින්...
ප්‍රතික්ශේප කිරීම කෙසේවෙතත් මා ඇය සමග සබඳතා හැර දමන තුරු ඇය මට සැබෑම මිතුරියක් උනා..

......................................................................................................................................................

උත්සාහ කල පලමු වතාවේදීම උසස් පෙල කඩයිම සමත් වී සරසවියට ඇතුල් වීමට වරම් ලැබූවත්,
සරසවිය ආරම්භ වීමට අසාමාන්‍ය ලෙස කල්ගත වීම නිසා ඉගෙනීමට හැකි විකල්ප ක්‍රම පිලිබදව සොයාබැලීමට මා පෙලඹුනේ,
ජීවිත කාලය නාස්ති වූවා ඇතැයි සිතීම නිසා,
සොයාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස සරසවිය ඇරඹී පලමු සමාසය තුල මට මෙරටට පැමීනීමට හැකි වූයෙ ද්විත්ව උපාදියක් සදහා...

සරසවියේ මාගෙ සහෘදයන් සිතන්නට ඇත්තේ මා වෙනත් සරසවියකට සිසු මාරුවක් සඳහා පිටව යන්නට ඇති බවයි,
එය නිවැරදි කිරීමට කාල වේලාවක්  නොවූයේ මෙරටට ආ විගස ඇති වූ දහසකුත් එකක් ප්‍රස්න ගැන සිත යොදවන්නට සිදු වූ නිසාවෙන් සහ මා මවුරටින් පිටව ආවේ සරසවි කාර්‍ය මන්ඩලයේ යම් ගැටලුවක් නිසා සරසවිය වසා දමා තිබූ කාලයක බැවින්..

පාසල් කල මා මිතුරන් සමග තිබූ සබැදියාව සරසවි ගත වීමත් සමගම යම්තාක් දුරට බිදවැටීම හේතුවෙන් රට හැර යාම ඔවුනට දැන්වීම ඇවැසියැයි මා නොසිතුවා...

මා යම් කිසි සුලු හේතුවක් මත ඇය සමග හිත් අමනාපයකින් සිටි බැවින් රට හැර යාම ඇයට නොදැන්වීම මා කල විශාල වරදක්,

මාගෙ රට හැරයාම දැන සිටියේ මාගෙ පවුලේ පිරිස සහ මට මෙරටට පැමිනීමට අත දුන් තැනැත්තා පමනක් වන අතර,
අසල් වැසියන් සහ මිතුරන් තවමත් සිතනවා ඇත්තෙ මා සරසවියේ බව විය යුතුය,
ඔවුන් නිවැරදි නොකරන්නයැයි මා පවුලේ අයට කියූවේ මා සරසවියේ උවත් මෙරට උවත් ඔවුනට එයින් වැඩි වෙනසක් නැති බැවින්......

.................................................................................................................................................

එවකට,සමාජ ජාල වෙබ්අඩවි වලට බෙහෙවින් ඇබ්බැහි වී සිටි මා එයින් මිදුනේ විශාල උත්සාහයකින් පසුව බැවින්,
මෙරටට පැමිනි පසුව මම සමාජ ජාල අඩවි අත් හැර දැම්මා,
එනිසා මගේ මිතුරන්ට මා ගැන කිසිම හෝඩුවාවක් නැති වන්නට ඇති,

තවමත් ගූගල් සමාජ ජාලය සමග කරට කර තරඟයක් දෙමින්,
නොනැසී පැවතෙන ෆේස්බුක් වෙබ් අඩවියට මසකට දෙකකට වරක් පැරනි පුරුද්දට ගොඩ වැදුනත්,
ඒ කලකට පසුව දුටු සහෘදයෙකු දෙස දුරින් බලා සිටින්නා මෙන් මිස පැරනි ඇඟෑලුම් කම නැවත අරඹ්න්නට නොවේ,
එනිසා මකුලු දැල් බැදෙමින් පැවති මගේ බිත්තිය "ස්ටේටස් මැසේජ්" එකකින් පිරිසිදු කරන්නට වත්,
මැසේජ එකසිය ගනනක පැවති මගේ "පැමිනි පනිවුඩ" පෙට්ටිය බලන්නටවත් මට උවමනාවක් තිබුනේ නැහැ...

සත්‍ය වශයෙන්ම මට ඕනෑ වී තිබුනේ ලෝකයෙන් වෙන් වී තනි වන්නට විය යුතුයි.......
.................................................................................................................................................

කාර්‍ය බහුල පලමු වසර තුනෙන් සහ සමාසික සයෙන් පසුව මා ඉගන ගන්නා විශයන් වල ප්‍රායෝගික පුහුනුව සදහා පිටව ආවේ දෙමසකට පෙරයි....
මෙහිදී මා හදුනා ගත් මිතුරන් සහ මා වෙන් වූයෙ කිලෝමිටර දහස් ගනන් වලින් වන බැවින් ඔවුන් සහ සම්බන්ද වීමට පහසුම විකල්පය වූයේ සමාජ ජාලයක් බැවින් පැරනි ෆේස්බුක් පිටුවේ මකුලු දැල් කඩා භාවිතයට ගන්නට සිතුවා...

පලමු දින කීපයේ අලුත් පින්තූරයක් දමා මගේ මෙහි මිතුරන් එකතු කරගත්තා....
ප්‍රායෝගික පුහුනුවලින් පසු නවාතැනට පැමින "වීඩියෝ ඇමතුම්" හරහා මෙහි මිතුරන් රෑ වනතුරු කයිවාරු ගැසූ මට මේ වන විට මවුරටේ මගේ මිතුරන් සෑහෙන තරමකින් අමතක වී තිබුනා....

සියල්ල වෙනස් කරමින් සති දෙකකට පෙර එක් දිනෙක "පැමිනි පනිවුඩ" පෙට්ටියේ ඇති පනිවුඩ සියල්ල කියවා

දමන්නට සිතුනේ,
නිවස්න පිටුවේ සිටිනා විට "ඔබේ පැමිනි පනිවුඩ පෙට්ටියේ xx ප්‍රමානයක් නව පනිවුඩ ඇත" යනුවෙන් දිස් වුනු පනිවුඩය ඇසට තරමක් කරදර කාරී වූ නිසා,

"කන්ඩායම් පනිවුඩ" සහ "පිටු යාවත්කාලින" හැරුනු විට වැඩි ප්‍රමානයක් තිබුනේ පැරනි මිතුරන් මා රට හැර පැමිනි

දින වල මා සොයමින් එවූ පනිවුඩයි...
ඔවුනට පිලිතුරු සැපයීම "එයාලට දැන් මාව අමතක වෙලා ඇති" යන්න නිදහසට කරුනක් කර,අලස සිතින් මග හැරි මා,
හදිසි‍යේම දුටු පනිවුඩ කිහිපයකින් ගල් ගැසී ගියා,
ඒ ඇයගේ නමට තිබූ පනිවුඩ ගොනුවයි..

මා රට හැර ආ දිනයේ ඇය නොමනාපය අහවර කරන්නට මට කෙටි පනිවුඩයක් තබා තිබුනා..
මා මවුරටින් පැමිනෙද්දි ජංගම දුරකතන අංකය,පැරනි ඊමේල් ලිපින ආදිය විසන්දි කර දැමූ නිසා,
පැරනි ලෝකය සමග තිබූ එකම සම්බන්දය වූයෙ ෆේස්බුක් පිටුවයි..
මාගේ ජංගම දුරකතනය ප්‍රතිචාර නොදක්වන කල්හි ඇය මට ෆේස්බුක් පනිවුඩයක් එවා තිබුනේ

"___ තාම තරහද?,මමනම් තරහා අත ඇරියා.මොකද ෆෝන් එක වැඩකරන්නෙ නැත්තෙ?" අසමින්..
එවකට ප්‍රභල ෆේස්බුක් පරිශීලකයෙකු වූ මා එවන් පනිවුඩයක් නොදකින්නට ලෙසක් නැති බව ඇය සිතන්නට ඇති..

පලමු දිනයේ එසේ උවත් දෙවන සහ තුන් වන දින වල ඈ මා අසා එවා තිබූ පනිවුඩ ගනන 30ක් දක්වා ඉහල ගොස් තිබුනා......
මගේ ෆේස්බුක් පිටුවේ කිසිදු යාවත් කාලින කිරීමක් සිදු නොවෙනු දැක යම් හේතුවක් මත මා එය අත් හැර දමන්නට ඇති බව වටහා ගන්නට ඇතත්.ඇය මසකට වරක්වත් මගේ සුවදුක් විමසා පනිවුඩයක් තබා තිබුනා..

ඇගේ සමහර පනිවුඩ හුදෙක් සුවදුක් විමසීමටම පමනක්ම සීමා වී තිබුනේ නැහැ........

ඇගේ පනිවුඩ ගොන්න බලා අවසාන වන විට කාලයේ වැල්ලෙන් වැසුනු බලාපොරොත්තුවක් නැවතත් මන්දාලෝකයකින් දැල්වෙන්නට උනා....

ඉදින් මා දකින විට ඇය අවසන් පනිවුඩය තබා තිබුනේ සතියකට පෙරයි......

ඒවා දුටු වහාම මගේ ජංගම දුරකතනයේ තවමත් පැවති ඇයගේ පැරනි අංකයට ගත් ඇමතුම සාර්තක නොවූයේ පසුගිය වසරේ සිදුවූ අන්තර් ජාතික ජංගම දුරකතන අංක සංශෝදනය නිසා වියයුතුයි..
පැරනි මිතුරන් කිසිවෙකු සම්බන්ද කරගැනීමට නොහැකි මට කලහැකි එකම දෙය වූයේ,
ෆේස්බුක් පනිවුඩයක් තබා ඇගේ පනිවුඩ නැවත නැවත කියවීම පමනයි.
පසුගිය දෙසතිය පුරාවටම මා හැකි සෑම වේලාවකම "ඔන්ලයින්" ලෙස චැට් තත්වය තැබූවත්,
ඇයත් ෆේස්බුක් ගොඩවන්නෙ ඉදහිට නිසාවෙන්දෝ,
පෙරේදා වන තුරු මට ඇය දකින්නට ලැබුනේ නැහැ................
..........................................................................................................................................


වසර තුනක් ඇයගේ සිතේ සිරවී තිබු සිතුවිලි මගේ අභියස දිගහැරෙන්නට පටන් ගත්තෙ,
මට වචනයකුදු පැවසීමට ඉඩක් නොදෙමින්,

සිතුවිලි වලින් යමක් තේරුම් ගන්නට,
"___ මට ඕයාව හුඟක් ඕනි කියලා තේරුනේ,ඔයා ලඟ නැති බව දැනුනට පස්සෙ"
වදන් පෙල සැහේවියැයි මා සිතනවා....

මෙරටදී මට පැමිනි ආරාදනා සියල්ලම පාහෙ මා ප්‍රතික්ශේප කර ඇත්තෙ නොදැනුවත්වම ඇය වෙනුවෙන් විය යුතුයි.
ලබන වසරේ ඇගේ අද්‍යන කටයුතු අවසාන වූ වහාම ඇය මෙරටට පැමිනේවි....
ඉඳින් පතනවාද අපට සුභ අනාගතයක්??
...............................................................................................................................................

Saturday, August 6, 2011

සිතුවමත් සමගින්ම...............


අඳින්නට අවසරයි,
පන ගැහෙන ජීවිතය,
ඔබේ ඔය සදාතන,
සොඳුරු සිත් අහස තුල...

දිලෙන්නට කැමැත්තෙන්,
සොදුරු සිතුවමක් වී,
අයදින්නෙ ඔබෙන් මම,
වන්න මට පින්සලය..

සිතුවමට දිලෙන්නට,
ඇවැසි ඌ පින්සලය,
ලෙසම ඒ සිත් අහස,
සදාකල් රැදේවිද?

Wednesday, August 3, 2011

මා දුටු හොඳම රචකයන් (පොත් සහ බ්ලොග් අතර)


මම අද බ්ලොග් ලියමන ලියන්නේ රචකයන් ගැනය.
රචකයන් ගැන ලියන්නට කලින් පොත් ගැන ලිවිය යුතුය..
මම පොත් දහස් ගණනක් කියවා ඇති බව මට විශ්වාසය මක් නිසාද යත් උසස් පෙළ පන්ති වලට ඒමට පෙර මම දිනකට පොත් දෙකක්වත්කියවූ බැවිනි.
මගේ පොත් කියවිල්ල ගැන මගේ බ්ලොගය බැලු අය දනී...
මගේ ඉංග්‍රීසි දැනුම එපමණ හොඳ නැති බැවින් මා බලන්නෙ සිංහල පොත්ය.
පරිවර්තන,ප්‍රබන්ධ,කෙටි කථා,නව කථා,පත්තර සඟරා,අම්මා බඩු ඔතාගන එන කොළ කෑලි පවා කියවීමට මා පුරුදුව සිටියෙමි,
කියවීමේ දේ හිඟ බැවින් මේ පුරුද්ද මග හැරෙමින් පවතී,
හිඟ වීමේ හේතුවනම් මිතුරන් හමු වීම අඩු වීම සහ අප නගරයේ පුස්තකාලයේ හොඳ කමයි.
බ්ලොග් කියවීම මේ අතරට එක් උණත් අඩු පාඩුව පුරවාලීමට එය ප්‍රමාණවත් නැත..


දැන් රචකයන් ගැන 


මා කියවීමට වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ විද්‍යා ප්‍රබන්ධයි.
ඔබ කියවන්නෙක්නම් සිංහල විද්‍යාප්‍රබන්ධ වල හිඟතාවය ගැන දන්නවා ඇත.
බෙහෙතකටවත් සොයාගන්නට පවතින්නෙ සිංහල විද්‍යාප්‍රබන්ධ අල්පයක් වන අතර ඒවාද ප්‍රසිද්ධ "X-files" වැනි රූපවාහිනි මාලා නාටකවලින්,හෝ විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටියකින් "කොපි" කරගන්නා ලද චරිත සහ සිද්ධීන් වලින් පිරී ඇත.
පරිවර්තන ගැන තත්වය යම් යහපත් තත්වයක පැවතුණත් මෑතකදී පරිවර්තනය වන විද්‍යාප්‍රබන්ධ ප්‍රමාණය අඩුවී ඇත,
පරිවර්තනය ඌ ඒවාගේද ගුණාත්මක භාවය අඩු වී ඇත.


විද්‍යාප්‍රබන්ධ කලාවේ මුදුන් මල්කඩ සේ මා සලකන්නෙ "ආතර් සී ක්ලාක්" මහතාය.
ඔහුගේ නිර්මාණ ගණනාවක්ම සිංහලට පරිවර්තනය කල "එස්.එම්.බන්ධූසීල" මහතාට සහ අනෙකුත් පරිවර්තකයන්ට පින් සිදුවන්නට මමඔහුගේ ප්‍රසිද්ධ නිර්මාණ සියල්ලම පාහේ කියවා ඇත.
ඔහුගේ විද්‍යාප්‍රබන්ධ අභ්‍යාවකාශයට,යාන්ත්‍රික අනාගතයකට,පිටසක්වල ජීවින්ට පමණක් සීමා වී නැත.
තාරකා විද්‍යාව,ජීවය,මනස සහ දහසකුත් එකක් මාතෘකා අතර විහිදී ඇති ඔහුගේ නිර්මාණයක සෑම වචනයකින්ම අපට උකහාගන්නටදෙයක් මෙන්ම සිතන්නට දෙයක්ද පවතී.
"අහ්‍යාවකාශ වීර චාරිකාව" පොත් පෙළෙහි ඔහු අපව මානව පරිණාමයේ ආරම්භයේ පටන් ඉතා දියුණු පරමාදර්ශී අභ්‍යාවකාශශිෂ්ටාචාරයක් දක්වා ගෙන යයි.
"ගැඹුරු මුහුද" ලෙස සිංහලට පරිවර්තනය වී ඇති කෘතියේදි මුහුදු පතුල් කරා ගෙනයයි.
මොහුගේ සුවිශේසීතාවය වනුයේ කියවන්නාට විද්‍යාප්‍රබන්ධයේ ඇති තාක්ෂණික කරුණු පිළිබදව අවබෝධයක් ලබාදිමට උත්සාහ කිරීමයි.


විද්‍යාප්‍රබන්ධ කලාවේ ආරම්භකයා ලෙස සැලකෙන "ජූල්ස් වර්න්ගේ" නිර්මාණ දෙස බැලීමේදී,
පැහැදිලිව පෙනීයන්නෙ ඔහු කතාවෙ ගලායාම ගැන මිස විද්‍යාත්මක අන්තර්ගතය ගැන වැඩි සැළකිමක් දක්වා නැති බවයි.
නමුත් ඔහුගේ කාලය පිළිබදව සැලකීමේදි විද්‍යාත්මක අන්තර්ගතයක් තේරුම් ගැනීමට හැකි පුත්ගලයින් සිටින්නට ඇත්තේ අල්පයක් බවඋපකල්පනය කල හැක.


"අයිසැක් ඇසීමෝව්" හොඳ රචකයෙක් බව අසා තිබුණත් මා ඔහුගේ නිර්මාණ වැඩිපුර කියවා නැත.


සිංහල විද්‍යාප්‍රබන්ධ කලාවේදි මා හොද රචකයින් කිහිප දෙනෙක්ම දැක ඇති මුත් ඔවුන් සියලුදෙනාම පාහේ එක් කෘතියකට ඔවුන්ගේනිර්මාණ සීමාකර නිහඬ වීම ශෝකජනක කාරණයකි.
මෙහිදී මා දුටු හොදම නිර්මාණය වන්නේ "දමිත් නිපුණජිත්" ලියූ "විස්මිත සිහින දකින්නා" කෘතියයි.
කෙටි කථා කිහිපයකින් සමන්විත මෙහි සෑම කතාවකින්ම පාහේ බටහිර විද්‍යාප්‍රබන්ධ වල පවා දක්නට නොමැති අලුත් මතවාදයක් ඉදිරිපත්කරන්නට උත්සාහ දක්වා ඇත.
තව දුරටත් ප්‍රබන්ධ කරණය කළහොත් ඔහුට රචකයෙකු ලෙස හොද අනාගතයක් තිබෙනු ඇත.


විද්‍යාප්‍රබන්ධ ගැන කතාකිරීමෙද මට තවත් එක් අවනඩුවක් ඇත,
නවක රචකයන්ට ඉඩ දෙමින් "විදුසර" පුවත් පතේ පවත්වාගන ආ "විද්‍යා ප්‍රබන්ධය" විශේෂාංගය වසර දෙකක පමණ සිට නවතා දමා ඇත.. :(


මීළඟ ප්‍රියතමයන් වන්නේ ප්‍රබන්ධ කෘතිය.
එහිදීද බටහිර ප්‍රබන්ධ කෘති වල පරිවර්තන වලට මා වැඩිපුරම ප්‍රිය කරයි.


"චන්දන මෙන්ඩිස්" විසින් සිංහලයට පෙරැලුණු "ෂර්ලොක් හෝම්ස්" රහස් පරීකෂක කථා මාලාව,
පළමුව ඒම පොතක් කියවූ දින මෙන්,මට නැවත නැවතත් කියවා රසවිදිය හැක,
"ආතර් කොනන් ඩොයිල්"ගේ "ෂර්ලොක් හෝම්ස්" නිර්මාණ තරම් ඉහළ රසයකින් යුත් කතා මාලාවක් තවමත් මට හමු වි නැත.කතු කමපිළිබද විවාදයන් කෙසේවෙතත් කතුවරයා අග්‍රගණ්‍ය වේ.


"ඇලෙක්සැන්ඩර් ඩූමාගේ" "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" පොත ඉතා ඉහළ නිර්මාණ හැකියාවකින් නිමවුවක් බව අවිවාදිතය.
අවාසනාවකට මා ඔහුගේ කෘති කියවා ඇත්තේ එපමණකි..


මා අගය කරන අනෙක් පුත්ගලයින් අතර 
"ටාසන්","පොලියුසිඩාර්" සහ තවත් වික්‍රමාන්විත ප්‍රබන්ධ ගණනාවක් ලියු විශිෂ්ට පරිකල්පන හැකියාවක් තිබූ "එඩ්ගා රයිස් බරෝස්" (නමහරිද මන්දා) මහතා ද වෙයි.


මෙහිදී ඉහත සදහන් කෘති වලින් වැඩි ප්‍රමාණයක් සිංහලයට පරිවර්තනය කල "කේ.ජී.කරුණාතිලක" මහතා අමතක නොකළ මනාය.


සිංහල ප්‍රබන්ධ ගැන බැලීමේදි එකකට දෙකකට හැර සිංහල නව කථාවලට මාගේ වැඩි කැමැත්තක් නැත.
මා කියවු සිංහල ප්‍රබන්ධ වලින් වැඩිහරියක නම් මට මතක නැති අතට එම නිසා ඒවාගේ රචකයන් පිළිබඳව කෙසේවත් මතක නැත.


මෑත කාලයේදි ආරම්භ කල බ්ලොග් කියවිල්ලෙ දි දුටු රචකයන් අතර,"යතාර්තවාදියා" බ්ලොගය ලියන "නිහාල් ගුරුසිංහ" මහතා මා දුටුහොදම රචකයෙක් වන අතර,වසර ගණනාවක ජීවිතයෙන් පදම් ඌ ඔහුගේ බ්ලොග් සටහන් වලින් උකහාගත හැකි බොහෝ දෑඇත.කියවීම ආරම්භකළ විට අවසාන කර මිස දෑස ඉවතට ගත නොහැකි ඔහුගේ ලිවීම් විටෙක නිර්මාණ ශීලි වන අතර විටෙක නමේ කියවෙන ලෙසම යථාර්ථවාදී වේ..


සිත් ඇදගත් තවත් බ්ලොග් සටහනක් වන්නෙ "හිපියාගේ සටහන්" ය..කෘතියකවත් නොදුටු තරම් ඉහළ නිර්මාණාත්මක හැකියාවක් පවතින රචකයා,බ්ලොග් පිටුව යාවත්කාලීන නොකිරීම කනගාටුවට කාරණයකි.
කිහිප වාරයක් නොව දහස් වාරයක් කියවූවත් රසය අඩු නොවන මොහුගේ සටහන් සෑම මිනිසෙකුගේම සිහින වල කැටපත යැයි මා විශ්වාස කරයි.. 

Sunday, July 31, 2011

බ්ලොගේ පාලු වීම සහ ඔන්ලයින් බූරු ගැසීම??

හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ..
කොහෙද කාලෙ කන්න වෙන වැඩ ටිකක් අහු උනානෙ..
දැන් බස්,බුකි මදිවට මම ටුවිටරේටත් සෙට් උනානෙ,ඔය පැත්තකින් තියෙන්නෙ පලෝ බටන් එක.
කාලෙ කන්න මරු වැඩ ටික..මේ දවස් වල කාලෙට කරන්න වෙන වැඩකුත් නැති හන්දා ඒකත් අවුලක් නෑ :P

තවත් එක හේතුවක් තමා කට්ටියම ඔන්ලයින් බූරු ගහන්න පටන් ගත්තු එක..
බූරු කිව්වර ඉතිං බූරුම නෙවෙයි.
බස් පදින අපේ කට්ටියක් දවසක් ඕමි ගැන කථා උනා.ඕක අහලා මම තුමාට හිතුනා ඔන්ලයි ගහන්න පුලුවන් ඕමි ගේම් එකක් තියනවද බලන්න කට්ටියත් එක්ක ගහන්න
හොයද්දි දැනගන්න ලැබුනා ඕමි කියන්නෙ ලංකාවෙ හැදිච්චි ලංකාවට අනන්‍ය ක්‍රීඩාවක් කියලා :( :(
එතින් මොන ඔන්ලයින්ද, හමාගෙ සිංහල ඕමි පිහිටයි ඕමි ගහන්න ඕනි කට්ටියටනම්.. :P

ඒත් ඉතිං අපිට ඕමි වගේම විස්ට් කියලා ක්‍රීඩාවක් ඔන්ලයින් ගහන්න පුලුවන් තැනක් සෙට් උනා :D
whistportal.com
මේ වෙබ් අඩවියෙන් එක්කො තමන්ගෙ බ්‍රව්සරෙන්ම,
එහෙම නැත්නම් ජාවා වෙබ් ස්ටාර්ට් පාවිච්චි කරන ඇප්ලිකේශන් එකකින් සර්වරේකට සෙට් වෙලා ඔන්ලයින් විස්ට් ගහන්න පුලුවන්..
ජාවා ඔනි කියලා කියන්න ඕනි නෑනෙ :D :D

කරන්න තියන දේ හරිම සරලයි ඇප් එක ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ නෙට්වර්ක් ඇක්ස්සස් වලට අවසර දීලා අලුත් යූසර් එකක් හදාගන්න ඕනි..ඊමේල් එකක් ඉල්ලුවත් වෙරිෆයි කිරීම් මොනවත් නෑ..
කෙලින්ම ලොග් වෙලා ක්‍රීඩා කරන්න තමයි තියෙන්නෙ
මේකෙ ගේම් වර්ග කීපයක් තියනවා,
විස්ට් පවුලෙම ඒවලු,මටනම් තේරුනෙ විස්ට් ක්ලැසික් කියන එක විතරයි
ඒක ඔමි වගේමයි වෙනස කාඩ් කුට්ටමෙ ඔක්කොම කොල පාවිච්චි කරනවා.
කැට දෙන විදිය ටිකක් වෙනස් වගේ..
තව මිනසෝටා විස්ට්
බිඩ්52 කියලා එව්වත් තියනවා..

ඒ සර්වරේ වැඩියෙන්ම ඉන්නෙ ඇමරිකන් කාරයො..
උනුත් එක්ක රවුමක් සෙට් උනොත් අපි කාලා හමාරයි :D :D
මේ සර්වරෙ ලොබි කියලා චැට් බොක්ස් එකකුත් ටේබල් එකට වෙන වෙනම චැට් බොක්සුත් තියනවා
කතා කර කර ගහන්න පුලුවං.. (අපේ උංනං වැඩි හරියක් කියන්නෙ අරවා :P සුද්දොන්ට පලු යන්න බනිනවා :D)
මේකෙ තව ගොඩක් දේවල් තියනවා
ප්ලේයර් රෑංකිං වගේ දෙවල් එහෙම :D

හරි එහෙනම් කියෙව්වා ඇති ආස කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකො..මටත් ගේමකට ඉන්වයිට් කරන්න මම madushan1000 සර්වරේ :D


Thursday, July 21, 2011

කිරිල්ලියෙක් ඇවිත්.............

පියාඹන්න හදන පලවෙනි උත්සාහයේදිම,
බිමට ඇදගන වැටිලා තටු කැඩුනු කිරිල්ලියෙගෙ හිතේ,
පියාඹන්න ඇතිවෙන බය ස්වාහාවිකයි නේද?

එයාව දිරිමත් කරලා,
ආත්ම විස්වසය ඇති කරලා,
ආයිමත් අහසට පුරුදු කරන්න ටිකක් අමාරුයි නේද?

අවදානම අරගන පුරුදු කරන්න ගිහින්,
එයා ආයිමත් වැටුනොත්,
එයා හැමදාටම අහසට බය වෙයි..
ජීවිත කාලෙටම නිදහසේ පියාඹගන යන්න තියන එයාගෙ උරුමයටම එයා බය වෙයි...

ඒත් මම හදන්නෙ අවදානම ගන්න,
පුරුදු කරලා නිදහසේ පියාඹන්න දෙන්න..
පියාඹගන එයා ඈතට ගියත්,
ආපහු මගේ ලඟටම ආවත්,
මට එකම විදියට සතුට දැනෙයි..

අහින්සක කිරිල්ලියෙකුට පියාඹන්න උදවු කලා කියලා.. :)
ඒත් මගේ හිත කියන්නෙම එයා මගේ ගාවට ආවොත්.. කියලා

(මම ඉංජෙකු වීමෙ පලමු පියවර තිබ්බා..ගිය 18 වෙනිදා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙ ඉංජිනේරු පීඨයේ ලියාපදිංචි උනා.මම දැන් ®ඉංජෙක්  :D :D)

Saturday, July 9, 2011

අනේ මගේ හිත,ඒකට මොකද උනේ........................

අරෙහෙ මෙහෙ ගිය මගේ හිත,
FB chat එකේ,
මැසේජස් අස්සෙ,
කෙල්ලො දාස් ගානක් අතරෙ දුවපු,
මගේ හිත....

එක තැනම හිරවෙලා,
එක කෙල්ලෙක් ගාව නැවතිලා,
කොට්ටෝරුවා කෙටුවවත්ද කෙහෙල් ගහට?

අනේ මගේ හිත,
ඒකට මොකද උනේ........................

Thursday, July 7, 2011

මම ඉගනගත්තු හැටි..........

කාට හරි වැදගත් වෙයි කියලා මෙන්න මම ඉගන ගත්තු හැටි

පටන් ගන්නම් මම අන්තිමට කරපුවගෙන්
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව
සංයුක්ත ගනිතය

ඔවා තමා මම උ.පේ. ට කලේ..

භෞතික විද්‍යාව රලු මතෘකා ගානකට වෙන්කරලා තියන ඇත්තටම අපිට ජීවත් වෙනකොට ඕනි වෙන දේවල් වලින් පිරිලා තියන,ඒවා වෙන්නෙ කොහොමද කියලා අවුරුදු ගානක් තිස්සෙ මිනිහා හොයපු දේවල් වල ලිඛිත පැත්ත..
මගේ පැත්තෙන් බලද්දි,
මට කවදාවත් ඕනි උනේ නෑ සාපේක්ශ ආර්ද්‍රතාවය පරිසර උශ්නත්වයත් එක්ක විචලනය වෙන හැටි හොයන්න,
නමුත් මට ඕනි උනා රත්නපුරේ අපිට හැමදාම ඉහිං කනිං දාඩිය දාන්නෙ ඇයි කියලා දැනගන්න,

මට ඕනි උනේ නෑ තාපගතික සමීකරන අර්ත දක්වන්න,
ඒත් මට ඕනි උනා ජෙට් එකක් යනකොට පස්සෙන් ඇදෙන සුදුපාට ඉර හැදෙන්නෙ මොකද කියලා දැනගන්න..

ගුරුත්වාකර්ශන,විද්යුත් පාරවේද්‍යතා නියතවල අගය මතක තියාගන්න ඕනි උනෙත් නෑ,
ඒවා හොයාගත්තෙ කොහොමද කියන එකයි ඕනි උනේ...

බාග සංකල්ප වලට වදින්න කොහෙත්ම ඕනි උනේ නෑ,
ඒවාගෙ වැරදි හොයන්නයි ඕනි උනේ..

රසායන විද්‍යාව,දහසකුත් එකක් වැඩවලට උදවු කරන...මලක පාට වෙනස් වෙන හැටි ඉදලා මිනිහෙක්ව මරන හැටි දක්වාම උගන්නන සොදුරුම විශය.....

සංයෝග දෙක මිශ්‍රකරපුවාම ගඳයි කියලා ලැබ් එකෙන් එලියට දුවනවා වෙනුවට ඒක ගඳ උනේ ඇයි කියලා බලන්නයි ම්ට ඕනි උනේ..

ඩී-ගොනුවේ අයන ද්‍රාවනේකට එක එක සංයෝග දාපුවාම් එන පාටවල් කට පාඩමේ මතක තියාගන්නවට වඩා
ඒ පාට ආවේ ඇයි කියලා ඉගනගන්නයි ගන්නයි ඕනි උනේ..

කාබනික ප්‍රතික්‍රියාවකට විකල්ප යාන්ත්‍රනයක් යෝජනා කරලා ඇයි එහෙම වෙන් නැත්තෙ කියලා කෙමෙස්ට්‍රි සර්ගෙන් ගේම ඉල්ලන්නයි මට ඕනි උනේ.........

සංයුක්ත ගනිතය,අවුරුදු දෙකහමාරක්ම ඉගනගන බාගයකවත් හරියට තේරුම් ගන්න බැරිඋනු විශය...
 රලු මාතෘකා හන්දාම හරියට තේරුම් ගන්න බැරිඋනු විශයක්..

වීජ ගනිත සමීකරන අතරෙ අතරමං වෙලා හීන දකින්න අමාරුවක් නැති උනත්,
මට කවදාවත් තේරුම් ගන්න බැරිඋනා කොහේවත් නැති සරල රේඛා දෙකක සමීකරන විසදලා ජේදන ලක්ශ හොයන්නෙ  මොන මගුලකටද කියලා..

කොහේවත් නැති රවුං දෙකක සමීකරන හොයාගන්න ඒවා ප්‍රලම්භව පිහිටලා තියනවා කියන එක යොදාගන්නෙ ඔලුගෙඩියටද කියලා...

ඒත් ඕක දුන්නානම් ගෝල දෙකක් ජේදනය වෙනතැන එකිනෙකට ලම්බක තල දෙකක එන විදියට හිල් විදින්න ඕනි කියලා මම ගල් මාට්ටුවක් දාලා හරි උත්තරේ ගන්නවා...

මට ඕවා තේරුම් ගන්න පුලුවන් උනේ විශයෙන් ගෙඩිය පිටින්ම උගන්නන විදියට ගන්නෙ නැතුව මටම ආවේනික ක්‍රම වලින්(පේනවනෙ :P )...
මම කටපාඩමින් ගෙඩිය පිටින් ගිලින්න හැදුවානම් මම හබක් (එහෙම හරියන අයත් ඇති :P :P)

Sunday, July 3, 2011

ආදරයේ අර්ථදැක්වීම??

‍X සහ Y යනු පුත්ගලයින් දෙදෙනෙකුනම්,
X ගේ සතුට Y ගේ සතුටත්,
X ගේ දුක Y ගේ දුකත් නම්,
Y, Xට ආදරය කරයි....


ඔය අපේ පිසික්ස් සර් ආදරය අර්ථ දක්වපු විදිය,

හිතුවා පහුගිය දවස් වල ආදරය කියන මාතෘකාව හොදටම ඔලුවට ගහපු හන්දා(තාමත් තියනවා :P) ආදරය කියන්නෙ මොකක්ද කියන එක ගැන මගේ අදහස් ලියන්න...

මගේ ආදරය ගැන තියන අදහසත උඩ තියන එකම තමයි..

උඩ තියන අර්ත දැක්වීමට අනුව ආදරය ඒක පාර්ශික ද්වී පාර්ශික හෝ බහු පාර්ශික වෙන්න පුලුවන්..
මොකද මේකෙ තියෙන්නෙ "Y, X එකිනෙකාට ආදරය කරයි" කියලා නෙවෙයි හන්දා...

අපේ හුඟක් අය "ආදරය" සහ "ආදර සම්බන්දතාවය" කියන දෙක පටලෝගන ඉන්නවා කියලයි මම හිතන්නෙ..
ආදරය කරද්දි අපි අම්මලා තාත්තලාගෙන් පටන් අරගන යාලුවො දක්වාම ආදරය කරනවා..
අම්මලා තාත්තලාත දුකක් උනාම අපිට දුක නැද්ද?
යලුවොන්ට කරදරයක් උනාම?

මම විස්වාස කරනවා ආදරය කියන්නෙ ඇත්තටම පිවිතුරු හැඟීමක් කියලා..
ඔනෑම කෙනෙකුට දෙන්න පුලුවන්,කිසිවක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව,හොදම හැඟීම ආදරය....

ආදර සම්බන්දතාවයක් කියන්නෙ මම විස්වාසකරන විදියට,

දෙදෙනෙකු අතර අන්‍යොන්‍ය වශයෙන් ආදරය කියන හැඟීමත් එක්කම ඊරිසියාව සහ රාගය එකතු උනාම හැදෙන දෙයක්,

ආදර සම්බන්දතාවකදි එකෙක් අනෙකාගෙ සමාජ සම්බන්දතා වලට ඊරිසියා කරනවා..(මම කලින් දාපු පෝස්ට් එකක මම ඕක කරන හැටි ඇති :D)

ඒක සම්බන්දතාවය පවත්ව ගන්න අවශ්‍යයි වගේම සීමාව ඉක්මවලා ගියොත් සම්බන්දතාවය බිඳ වැටෙන්නත් හේතු වේවි....

සම්බන්දතාවයකට රාගය එකතුවෙන හැටි ගැනනම් මේලෝ අදහසක් මගේ නැති උනත් ඒක සම්බන්ද වෙන බවට උදාහරන මම දැකලා තියනවා...

පන්ඩිත කතා කියෙව්වට මම තවම කරලා තියෙන්නෙ "ආදරය" විතරයි තවම "ආදර සම්බන්දතාවයක්" පටන් ගන්න උනේ නෑ..
වැරදි තැනක් තියනවානම් කියන්න ඒ හන්දා :D

Friday, July 1, 2011

ඔබ සහ මම(හෆ්ෆොයි මම)

ඔයා මගෙ යාලුවෙක්,
මම හිතන්නෙ මම ඔයාට ආදරෙයි,

ඒත් මම එහෙමයි කියලා ඔයා දන්නෙ නෑ නෙ,

ඔයා වෙන කොල්ලෙක් එක්ක හරි චැට් කරනවා කියලා දැන ගත්තොත්,
මට පට්ටම ඊරිසියයි;
ඒත් ඉතින් ඔයා චැට් නොකර ඉන්න් ඕනි නෑනෙ..

ඔයා වෙන කොල්ලෙක්ගෙ හරි ස්ටෙට්ස් එකක,පොටෝ එකක කොමෙන්ට් එකක් දාලා තියනකොට,
මට  පට්ටම ඊරිසියයි,
ඒත් ඉතින් ඔයා මගේ එවගෙම කමෙන්ට් කරන්න කියලා නීතියක් නෑනෙ..

ඔයාට එවන මැසේජ් වලට රිප්ලයි පරක්කු වෙනකොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයා පෝන් එක අතේ තියන් ඉන්නෙ නෑනේ මගෙන් මැසේජ් එකක් එයි කියලා බලාගන..

ඔයා මාව ගනන් නොගෙන ඉන්න කොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයාට වෙන වැඩත් තියනවනෙ..

ඔයා වෙන කොල්ලො ගැන කියන කොට,
මට දුකයි,
ඒත් ඉතින් ඔයාටත් හැඟීම් තියනවනෙ..

ඔයාට වෙන කොල්ලෙක් "හායි ඩියර්" කියලා වෝල් පෝස්ට් එකක් දාලා තියනකොට,
මට තරහයි,
ඒත් ඉතින් ෆේස්බුක් තියෙන්නෙ ඕවාටත් එක්කනෙ..

ඔයා මට නොකියා ඕෆ් ලයින් උනාම,
මට තරහයි,
ඒත් ඉතින් ඔයා මට කියන්න ඕනිම නෑ නෙ..

කොහොම උනත්..
ඔයාට සතුටුනම් මටත් සතුටුයි..
ඔයා දුකින්නම් මමත් දුකින්...

ඒකටද ආදරේ කියන්නෙ?

Friday, June 24, 2011

ඇය

ඇය නැතනම් එයා
මට හම්බ උනෙ අන්තර්ජාලය හරහා..
අපි කවුරුත් දන්න බුකිය හරහා..

මතකද මම දාපු මේ නිසදැස?
ඒක එයා ගැන..
අග ටිකනම් තාම උනේ නෑ..

ඇත්තටම අරමුනක් නැතුව එක එක කෙල්ලො ගාවට දුවපු හිතට,
එයා අරමුනක් දුන්නා,
නැත්නම් මම එයාව අරමුනක් කර ගත්තා..
මේ ලඟක් වෙනකන්ම ඒක නිකංම අරමුනක් විතරක් උනත්,
එයා මට හුඟාක්(මම හිතන විදියට) ලං උනා,
මම එයාට ලං උනාද කියන එකනම් දන්නෙ නෑ..

ඒත් එයා මේ ලඟදි,
මම මගේ වෙන කෙල්ලට තියෙන්නෙ ඕනි කියලා හිතන කොන්දේසියක්,
"අම්මා කෙනෙකුගෙ හදවත"
එයාට තියනවා කියලා පෙන්නුවා,

හිත ආයිමත් ප්‍රස්න වල,
එයා මට කැමති වෙයිද?
අකමැති වෙන්නත් හේතු ගොඩාක් තියනවා,

අනික එයා මගේ හොදම යාලුවෙක්,
මම කොහොමද යාලු කම බිල්ලට තියන්නෙ,
සදාකාලිකයිද කියලවත් හරියට දන්නෙ නැති හැඟීමක් වෙනුවෙන්?

කාලෙකට කලින් හිතින් ඈත් උනු සැනසිල්ලක්,
එයා ගැන මතක් වෙනකොට හිතට එනවා,

ගලන සිතුවිලි ධාරාව,
මෙහෙම බ්ලොග් එකට,
එයා බ්ලොග් එක බලන්න තියන ඉඩ බොහොම අඩු හන්දා!! 

Thursday, June 23, 2011

මගේ ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට පොඩි හෙල්ප් එකක්(එක්ක ලොකු පුදුමයක්!!)

අද මට ඊමේල් එකක් ආවා මම කලින් හදපු ජංගම දුරකතන යුනිකෝඩ් කන්වර්ටරයට හෙල්ප් ෆයිල් එක හදන්න කියලා..
ඒකට වෙනම හෙල්ප් එකක් හදන්න ඕනි උනේ නැත්තෙ,මම ඒක හදද්දි පාවිච්චි කලේ රියල් ටයිම් සින්ග්ලිශ් එකෙ ස්ක්‍රිප්ට් එක හන්දා....
ඒක http://madurax86.comuv.com/readme/readme.html මෙතනින් ගන්න පුලුවන්..
නමුත් මේකෙ පාවිච්චි කරන්නෙත් නියම යුනිකෝඩ් ෆොන්ට් වෙන හන්දා,මොබයිල් බ්‍රවුසර් වල හරියට පේන්නෙ නෑ කියලා ඊමේල් එක එවපු එක්කෙනා කියලා තිබුනා.
එයාම ‍යෝජනා කලා මේක ඉමේජ් ෆයිල් එකක් උනොත් ඒ ගොල්ලන්ට ඩවුලෝඩ් කරගන පාවිච්චි කරන්න තිබුනා කියලා..
ඔන්න මම ඉමේජ් ෆයිල් එකකට ස්නැප් කරලා දානවා මෙතන..
හිතනවා මදුර නඩු දාන එකක් නෑ කියලා :D :D
 ඔන්න ඕනි අය ඉමේජ් එක උඩ කොටලා ඩවුන් කරගන්න
මෙන්න මගේ ඇප් එකට ගෙට් ජා ලින්ක් එක http://getjar.com/Singlish-For-Mobile
තව එකක් මම මේ ඇප් එක ගෙට් ජා එකට දැම්මෙ මැයි 7....
අද වෙනකොට මේක 3613 පාරක් ඩවුන් කරලා තියනවා..
මට් ඒක දැක්කාම නිකං කලන්තෙ වගේ හැදුනා...
මොකද මම මේක ගෙට් ජා දැම්මා කියලා කාටවත් කිව්වෙ නෑ..
කලින් පොස්ට් එකෙත් තියෙන්නෙ සෝස් ෆොරෙජ් ලින්ක් එකක්...
ගෙට් ජා එකට වැරදිලාද කොහෙද :P :P
මම මේක දැක්කෙ ලිංක් එක ගන්න ගෙට් ජා ගිය වෙලාවෙ :O :O

මම හදපු දෙයින් වැඩ ගන්නෙ මම විතරක් නෙවෙයි කියලා හිතෙන එනම් මාරයි :D :D :D

Tuesday, June 21, 2011

නින්දත් නොනින්දත් අතර හීනයක්ද මේ?

ලස්සනට ඉර එලිය වැටිලා තිබුනු කදු මිටියාවතේ
පුන්චි ගෙදරට මම සේන්දු වෙනකොට
හිමිදිරි පාන්දරනම් ගෙවිලා ගිහින්
උදැසනේ අන්තිම බාගයට ඇවිල්ලා...

ගමන කොච්චර දුර උනත්
පුන්චි හරි මහන්සියක් නොතිබුනු මම
ප්‍රබෝදයෙන් පිරුනු හදවතකින් හෙව්වෙ එයාව
දොර එලිපත්තට හෙමින් ලං උනු මම ටිකක් හයියෙන් කෑ ගැහුවෙ
"____ ඔයා කොහෙදෝ" කියලා....

ලස්සන ගස් වලින් පිරිලා තිබුනු ගෙවත්තෙ කොනකින්
මට එයාගෙ කටහඩ ඇහුනෙ හරියට දිව්‍ය ලෝකෙන් ආපු කටහඬක් වගේ
"මදුශාන්..මම මෙහේ...මම ඔයා එන දිහා බලාගන හිටියා......."
එයාටත් හොරෙන් හිනාවුන එයාගෙ ඇස් අතරින් එයා කියද්දි
මට හිතුනෙ අහන්න ආපු දේනම් අහන්න ඕනි වෙන එකක් නෑ කියලා...

මම එයාගෙ පුංචි ඇස් දිහා බලාගන ඉන්නවා දැකපු එයා
මූනත් රතු කරගන මුව පැටික්කියෙක් වගේ ගෙට රිංගුවෙ
"මම ඔයාට තේ එකක් හදාගන එන්නම්"
කියන ගමන්....

ජීවිත කාලයක්ම වගේ
මගේ හොදම යාලුවා වෙලා හිටපු එයාගෙන්
අහන්න හිටපු දේට ලැබෙන උත්තරේ මම මෙච්චර කාලයක් දැනගන හිටියෙ නෑ..
ඒත් දැන් ටිකකට කලින් දැකපු ඇස්
වචන දාහකට වඩා හොදට ඒ උත්තරේ පැහැදිලි කලා

ටික වෙලාවකින් හැඟීමුත් මුසු කරපු රසම රස් තේ කෝප්පයක් අරන් ආපු එයා
ලොකූ හිනාවකුත් මූනෙ තියාගන ඒක මට දෙනකොට
ඒ උත්තරේ ආයිමත් තහවුරු උනා...

එයා හදපු තේ එක බීලා ඉවර කරපු මම
එයාගෙ සියුමැලි අතකින් අල්ලගන ආපු පාර දිගේම ආපහු ගියෙ
කදු පන්ති ටික ලස්සනට පේන තැනකට

කදු වල වැවිලා තියන උස ගස් අතරට
හැන්දැ මීදුම ගලාගන එනකන්ම වගේ දික් ගැස්සුනු
අපේ ආ ගිය කතා බහ
කෙලවරක් කරන්න ඕනි කියලා හිතුනෙ
එයාගෙ අම්මා කතා කරන්කොට...

ඉතින්
ගැහෙන හදවතකින් වගේම
ගැහෙන කටහඬකින්
මම අහන්න ආපු දේ අහපුවාම
ලැබුනු එයාගෙ උත්තරේ
ජීවිතේ අහපු ලස්සනම වචන ටික කියපුවාම ඇතිවෙයි නේද?

(නින්දත් නොනින්දත් අතර ලියවුනු මේ වචන ටික හීනයක්ද හැබෑවක්ද කියලා අදුනගන්න මට ටිකක් අමාරු උනා..
ඔයා මේක බලනවනම් මේ ඔයාටයි!)

Monday, June 20, 2011

හෆ්ෆොයි තවත් ලියුමක්...(සහ පූර්ව නමනීකරන වැඩසාටහන)

ලියුම ඇවිලලානම් දව කීපයක් වෙනවා..
පෝස්ට් එක ලියන්න පටන් අරන් තිබුනාට ලියන්න කමමැලි හන්දා අද තමා දැක්කෙ :P :P

මම හිතුවෙ තවත් පුහුනුවක්වත්ද කියලා..
ඔවු ජීවිතේ ඉස්සරහ අවුරුදු 4ම කරන්න තියන පුහුනුව ගැන.....
මාව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තෝරගන.. :D :D :D

ඉතින් ලබන මාසෙ 18 ලියාපදින්චි වෙන්න කියලා තියනවා...
කවදා පටන් ගනීද දන්නෙ නැ....
ආචාර්‍ය වරුන්ගේ වෘතීය ක්‍රියාමාරග හන්දා දැන්මනම් පටන් ගන්න වෙන එකක් නෑ..

ඒ මදිවට අපිට පූර්ව නමනී කරන වැඩසටහනකුත් තියනවලුනෙ....
ලේසි පහසු කාලයක් නෙවෙයි මාස 3ක්ම.... 

මේ වැඩේ හන්දා මේ මාසෙ හෝ ලබන මාසෙ පටන් ගන්න තිබුනු අපේ පලමු වසර,
තව මාස තුනකින් කල් යනවා...
මේ නමනීකරන වැඩ සටහන පටන් ගන්න දවසකුත් හරියට නැති හන්දා කොච්චර කල් යයිද කියලා හරියටම කියන්නත් බෑ......
අපි කෑම්ප් එකෙ ඉද්දි එස්.බී ඇවිල්ලා කියපු හැටියට ඔක්තෝබර් මාසෙ විශ්ව විද්‍යාල පීඨ ඔක්කොම එකපාර පටන් ගන්නවාලු..
එතකොට ඉංජිනේරු සහ ‍වෛද්‍ය ඒ වෙනකොට අවසාන වසර පිටවෙලා ගිහින් හිස්වෙලා තියන පීඨ විද්‍යාගාර,දේශනශාලා සහ අනිකුත් ඉගනුම් ආශ්‍රිත පහසුකම් මාස ගානක් නිකනම හිස් වෙලා තියනවා..
ඒ වගේම ඔක්තෝබර් වල ඉවර වෙන්නෙ නැති විශ්වවිද්‍යාල පාඨමාලා වල තදබදය වැඩිවෙනවා....
පලමු වසර දෙකක් තියන හන්දා..!!
ඒ වගේම මේ අවුරුද්දෙ උසස් පෙල කරන කට්ටිය විභාගෙ ලියලා ඉවර වෙලා මාස දෙකක් විතර යනකං අපි ගෙදර :(

දැන් අර නමනී කරන වැඩ සටහන..
ඒකෙ දෙන්නෙ මූලික ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ශන දැනුමක්ලු..
උසස් පෙලට තියන සාමන්‍ය ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ශනය විශයන් විදිමත් කලානම් විශ්ව විද්‍යාල වලට නොතේරුනු අයටත් වැඩක් වෙයි කියලා මම හිතනවා....

මේ වැඩසටහනට සහභාගි වෙන්න ඕනිද නැද්ද කියන එක තීරනය කරන්න මේ මාසෙ 20-30 ඔන්ලයින් විබාග තියනවා..
විහිලුව කියන්නෙ ජීවිතේට පරිගනකයක් දැකලා නැති අපේ සමහර සහොදර සහෝදරියන්ටත් මේ විබාගෙ තියන වෙලාව දැනගන්න වෙබ් අඩවියකට පිවිසෙන්න වෙන එක...ලිඛිත දැනුම් දීමක් නෑ!!..

අනික මේක ගැන අපිට කෑම්ප් එකෙදි දුන්නු අත් පොතේ(මගේ එකනම් කොහෙද මන්දා) කියලා තියනවා ගෙදර ඉදලා පයින් යන්න පුලුවන් දුරක මේවාගෙ ඉගැන්වුම් මද්‍යස්තාන තියනවා කියලා....
නමුත් රත්නපුරේ මෙච්චර ගන්න තැන් තියෙද්දි,වෙබ් අඩවියෙ දාලා තියන සිතියමේ හැටියට,සියලුම ඉගනුම් මද්‍යස්තාන තියෙන්නෙ ගෙදරින් කිලො මිටර 30ක අවමයකට එහා!!

වෙලාවට විබාග මද්‍යස්තානය තියෙන්නෙ හැම නගරයකම විවෘත විශ්ව විද්‍යාල වල..ඒකනම් මට ලඟයි...
සමහර යාලුවොනම් ඉතින් රුපියල් 60ක විතර ටිකට් එකක් අරන් එන්න ඕනි :D :D

වෙබ් අඩවියෙ තියන විදියට ඉංග්‍රීසි පාඨමාලාව පැය 60ක එකක් වෙනකොට පැය 48ක් ගුරුවරු මගිනුත් පැය 12ක් පරිගනක මගිනුත් උගන්නනවලු...(පරිගනක කොහෙන් හොයාගනීද මන්දා)

ඒ වගේම තොරතුරු තාක්ශන විශයන් ගැන මුකුත් සදහන් වෙන්නෙ නෑ!

හප්පොයි මේ ඇති

මෙන්න ලින්ක් ටික

පූර්ව නමනීකරන වැඩ සටහන පිලිබද අඩවිය- http://pop.nodes.lk
මූලික පරීක්ශනයට ඔබගේ විබාග මද්‍යස්තානය සහ වේලාව දැනගැනීමට- http://pop.nodes.lk/popex/nview/index.php

Tuesday, June 14, 2011

තරු පිරුනු රැ අහසකට?

හැන්දෑවෙ අහස දිහා
මම බලා හිටියෙ,
ගොඩාක් කාලෙකට පස්සෙ,

ලස්සනට පාට වැටුනු,
වලාකුලු අස්සෙන්,
පරක්කු වෙලා ගෙදර යන කුරුල්ලො,
පියාඹගන යනකොට,
හිතට දැනෙන පුන්චි ඉරිසියාව,
උන් අපට වඩා හුඟාක් නිදහසේ,
මුලු අහස පුරාම ඉගිල්ලෙන හන්දා වෙන්න ඇති,

ඒ මේ අස්සෙ මගෙත් එක්ක හිනාවෙන,
පුන්චි හද පලුව,
ඉගි කරන්නෙ,
තරු පිරුනු රැ අහසකටද?

(නායකත්ව පුහුනුවෙ 17 වන දිනයේ හවස 6ට පමන මිනි පෙරඩ් පිටියෙ බැම්ම මත හිදිමින් අකුරු කරන ලදී...:P :P)

Monday, June 13, 2011

අපේ නායකත්ව පුහුනුවේ ගත්තු ෆන්


නායකත්ව පුහුනුවේ අපි ෆන් හුඟාක් ගත්තා කියන්න පුලුවන් හරිය මම කියන්නම්(ඒ කියන්නෙ කියන්න බැරි ඒවත් තියනවා :D)

පලවෙනි ෆන් එක තමයි සම වයස් සෙට් එකක් එක්ක..රෙදි හෝදලා දෙන්න,බත් කවන්න අම්මා නැතුව...සති 3ක් හිටපු එක..කාට හරි හිතෙන්න පුලුවන් ඒකෙ මොන ෆන්ද කියලා..
ඒ උනාට ඒකේ මාර ෆන් එකක් තියනවා..ඉදලම බලන්න ඕනි

පීටී රන් එක

පීටි රන් එක කිව්වෙ ශාරීරික යෝග්‍යතාව තියාගන්න උදේ පාන්දර(6ට) දුවපු කිලෝ මිටර කිහිපයේ රන් එක.අපිනම් කරේ වැඩිපුර ඇවිදපු එක තමා :P...කොහොමද උදේ පාන්දර කෙල්ලො ටිකක් එක්ක පාරවල් දිගේ ඇවිදින්න දුන්නාම.අපිනම් බෑ කියයි ලොල්
අනික අපි හිටියෙ ටිකක් උන්නතාංශය වැඩි පලාතක හන්දා භුමි දරශන මාර ලස්සනයි..අපේ අනදෙන නිලදාරි තුමත් අපිට පලාත පෙන්නන්න කියලා එක එක දවස් වලට එක එක පාරවල් වල එක්ක ගියා..
තවමත් අයින් වෙලා නැති මීදුමත් එක්ක,දෙපැත්තෙ මල් පිපිලා පාරවල් වල,උදේ පාන්දරට තියන හීනි හීතලත් එක්ක ගිය ගමන් වල මතකය හැමදාමත් තියේවි!

මේකනම් අපිට නිවාඩු දවස උනු ඉරිදා හැර හැමදාම තිබුනා(එල නෙහ්?)

බාදක තරනය

මේකනම් ටිකක් බය හිතෙන එකක්...නමුත් මම නම් මේකෙ අවස්තා 2ක් ඇරෙන්න අනිත් ඔක්කොම කලා..පොඩී අවදානමක් තිබුනත් අපේ කාටවත් ලොකු හානියක් උනේ නැ..වෙච්චි ලොකුම හානිය අපේ කොල්ලෙක්ගෙ කකුලෙ මසල් එකක් ඉරිලා එයාට මාස 1 1/2 ප්ලාස්ටරයක් දාගන ඉන්න උනු එක..ඒක ඌටවත් ගානක් නැ..ගත්තු ෆන් එකේ හැටියට.මිනිහා ආතල් එකෙ ඉන්නව....අපිටනම් මුකුත් උන් නැ..කවුද ඔය පොඩ්ඩක් හීරුනා කියලා ගනන් ගන්නෙ :P :P...

ක්‍රිකට් මැච් එක

මේකනම් තිබුනෙ අපිට නිවාඩු තිබුනු ඉරිදා දවසක,
අපේ ප්ලැටුන් එකකින් කන්ඩායමක් ගානෙත්...කොම්පැනි දෙකෙන් කාන්තා කන්ඩායමක් ගානෙත් ඉදිරි පත් කරපු මේ ක්‍රිකට් මැච් එක එලට ගියා..එදා නම් කෑ ගහලා මගේ උගුරෙ පොටත් ගියා..:P :P

කොහොම උනත මැච් එකට ආලොක තත්ව වලින් වෙච්චි බාදා නිසා එහා පැත්තෙ ඉන්න එකාගෙ ඔලුවට බෝලෙ කියලා හිතාගන බැට් එකෙන් ගහන්න ඉඩ තිබුනු හන්දා රැ 7ට විතර මැච් එක ඩ්‍රෝ කලා..

පැදුරු පාටිය

එක දවසක් අපේ අනදෙන නිලදාරි තුමා කිව්වා පැදුරු පාටියක් තියමු කියලා...අපිටත් ඉතින් ෆන් නම් ඕනි එකක්..එහා පැත්තෙ තිබුනු කන්ද උඩ තිබුනු පැදුරු පාටිය පට්ටම ෆන් අයිටම් එකක් උනා..මුලින් මුලින් එක් කෙනෙක් ගානේ සින්දු කියපු මේකෙ..අපේ උපදේශකයො ඉදිරිපත් කරපු "මුලු ලොවම නැති උනත් එකම කලිසමක්" කියන සමූහ ඉදිරිපත් කිරීමත් එක්කම නන් ස්ටෝප් පැදුරු පාටියක් උනා...
කට්ටියට සින්දු කියලා අන්තිමට කන්න ඕනිත් නෑ...

සංගීත රාත්‍රිය

හමුදා සංගීත කන්ඩායමත් එක්ක තිබුනු මේ සංගීත රාත්‍රිය දවසනම් එලේත් එල..හමුදාවෙ අය වගේම අපේ කොල්ලො කෙල්ලොත් හොදට සින්දු කිව්වා.සින්දු කිව්වෙ නැති අය හොදටම නැටුවා..අපේ ඔෆිසර් කෙනෙකුත් සින්දු 4ක්ම කිව්ව..මරේ මරු රාත්‍රිය.සංගිතයක් තිබුනොත් වලියක් යන හන්දා කට්ටිය කිව්වෙ වලියක් ගියොත් හමුදාවෙන් ගෙන්නන්න ඕනි නැ වටේම ඉන්නවනේ කියල :P

හයික් එක

  
කට්ටිය හයික් යනවලු
ෆයිනස් උනත් කැලෑනේ
හයික් කියන්නෙ පාගමන වෙන්න ඕනි මම හිතන විදිහට..
අපේ හයික් එක නියම ෆන් එකක් ගත්තු දවසක්....
අපි ගියෙ ලඟම තිබුනු H.M.S. FOX කියලා කන්දකට..කන්දට යන්න කලින් අපි ඒකෙ පාමුල තිබුනු වෙන කන්දක්ට තමා ගියෙ..ෆයිනස් විමානයක්..කොහොම හරි කූඩාරම් අටවලා අපේ කන්ඩායම වලින් කට්ටියක් යැව්වා උයන්න..ඊට පස්සෙ අපි එක එක විකාර කර කර හිටියා...දවල් කෑමෙන්  පස්සෙ අපි කන්ද නැග්ගා..යන්න බැරි අය ඇදගන තල්ලු කරගන ගිය ගමනෙන් අපි මිත්‍ර කමේත් සහෝදරත්වයේත් පාඩම ඉගන ගත්තා..! අන්තිමට අපි කොහොම හරි නරියා ලඟට ගියා..ගිහින් පොටො එකකුත් ගත්තා.
ආයිත් කන්ද පාමුලට ආපුවාම ඔෆිසර් කෙනෙක් අපිට කන්දට නම වැටුනු හැටි කියාදුන්නා..
මුහුදෙදි අනතුරට පත් උනු නැවක් ලංකාවට ගහගන ඇවිත් තියනවා..ඒ නැවෙ නම තමයි H.M.S. FOX ඒ ගොල්ලො අපි හිටපු පලාතට ඇවිත් කදවුරු ගහගන අර කන්දේ ඒ ගොල්ලන්ගෙ මුලස්ථානය කරන් තිබුනාලු.
කෝ නරිය? දැන් අපිද නරි? :O


කැම්ප් ෆයර් එක

කැම්ප් ෆයර් ගැනනම් දන්න හුඟක් අය ඇති...මෙතනදි අපේ දක්ශකම් ඉදිරිපත් කරන්න පුලුවන්..එක එක ජාතියෙ දස් කම් ඉදිරි පත් උනා..අපේ ප්ලැටූන් එකෙන් ඉදිරිපත් කරපු අයිටම්ස් 3න් 2ක්ම හිනාවෙලා පනයන ජාතියේ එවා....ඒවා කිව්වොත් මටත් පාරෙ බැහැලා යන්න වෙන්නෙ නැ...ඕනිනම් අපේ උපදේශකයින්ගෙන් අහගන්න..:P :P හුඟක් විනෝද උනු දවසක්..සහෝදරත්වය වගේම සහයෝගීතාව වර්දනය කරපු තවත් අවස්තාවක්

ඉතින් මම මේ කිව්වෙ අපේ නායකත්ව පුහුනුවේ විවිද අවස්තා ටිකක්.මේකෙ වැරදි නොතිබුනාම නෙවෙයි..නමුත් හොද පැත්තට සාපේක්ශව ඒවා ඉතා කුඩායී..
යන්න තේරිච්ච යාලුවෙක් ඉන්නවනම් අනිවා මේ අවස්තාව ගන්න..මගඅරින්න එපා අලුත් යාලුවො ටිකක් සහ අත්දැකීම් ටිකක් හොයාගන්න තියන අවස්තාව

ප/ලි:- ඦායාරූප ලබාදීම පිලිබදව අටවන ඛන්ඩයේ තිලින රත්නසේකර සොයුරාට ස්තූතිය!

Saturday, June 11, 2011

ඔං එහෙනං ඒකත් ඉවරයි

මාස හයකට කලින් පටන් ගන්න කොට,
කව්ද හිතුවෙ මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා,
මාස හය ඇතුලෙ ඉගන ගත්තු දෙවල්,
ඇති කරගත්තු යාලුකම්,
අමතක කරන්න බැනෙ,

හතර වටෙන් ආපු යාලුවො ආයි කවදා හම්බ වෙන්නද,
ගතකරපු ඒ සොදුරු මොහොත් වල,
කරපු එ සොදුරු විහිලු වල,
මතකයන් හිතට එනකොට,
තාමත් ලොකු සතුටක් වගෙම,
වේදනාවකුත් දැනෙන්නෙ,
ආපහු එ සොදුරු අවස්ථා වලට,
යන්න බැරි හන්දා වෙන්න ඇති,

ඔං එහෙනං ඒකත් ඉවරයි කිව්වට,
ලබන සතියෙන් පස්සෙ දැනෙන පාලුවට,
මොකක් කරන්නද?


ඉතා ආසාවෙන් ගිය ඉංගිරිස් පන්තියක් නිම වීම හේතුවෙන් සිංහලෙන් ලිවීමි