Tuesday, April 26, 2011

වරකා කන ගමන්!

"මටත් ගෙඩියක් ඕනි!!" කැ ගහනවා ඇහෙනවා!
බැහැලා බැලුවා එලියට..
අල්ලපු ගෙදරක මාමා කෙනෙක් කොස් ගහක!
අපෙ අම්මා කැ ගහනවා කොස් ගෙඩියක් ඕනි කියල :P :P
ගහේ ඉන්න මාමා කියනවා
"ඒක ගෙඩියයිනෙ පැහිලා තියෙන්නෙ!..ආආ වරකා ගෙඩියකුත් තියෙන්නෙ!"
කොහොම හරි ඉතින් අර පැහිලා තිබුනු ගෙඩියෙන් බාගයක්ම අපිට හම්බ උනා කියමුකො.
ටව්මෙ කොස් මදුලු 10ක් 15ක් තියන කොස් කවරයක් රුපියල් 50හට විකුනනකොට,
අපෙ අල්ලපු ගෙවල් වල මිනිස්සු "My car my petrol" කියලා තමන්ගෙ කොස් ගහට තමන්ම නැගලා
කොස් කඩාගන,කොස් මදුලු 100ක් 150ක් තියන කොස් පලුවක්,
අහලපහල මිනිස්සුන්ටත් නිකන්ම බෙදනකොටඅඅ.......
අපේ ගම්වල තාමත් මනුස්සකමෙ සුවද හොදට හමනවා කියලා දැනෙනවා..

ඕඔඔඔ කියාගන ආපු කතාව වෙන දිහාවක ගියානෙ!
අර මම කියපු වරකා ගෙඩිය!
ඔව් ඔව් ඒක තමයි ඒකෙනුත් බාගයක්ම හම්බ උනානේ!
වැඩි හරියක් ඉතින් කැවෙ මම තමයි :P :P
ඒක් කන ගමන් තමයි මේක ලියන්න පටන් ගත්තෙ දැන්නම් ඉතින් කොස් ඇටත් නැ!!

0 ප්‍රතිචාර!!:

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P