Saturday, June 11, 2011

ඔං එහෙනං ඒකත් ඉවරයි

මාස හයකට කලින් පටන් ගන්න කොට,
කව්ද හිතුවෙ මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා,
මාස හය ඇතුලෙ ඉගන ගත්තු දෙවල්,
ඇති කරගත්තු යාලුකම්,
අමතක කරන්න බැනෙ,

හතර වටෙන් ආපු යාලුවො ආයි කවදා හම්බ වෙන්නද,
ගතකරපු ඒ සොදුරු මොහොත් වල,
කරපු එ සොදුරු විහිලු වල,
මතකයන් හිතට එනකොට,
තාමත් ලොකු සතුටක් වගෙම,
වේදනාවකුත් දැනෙන්නෙ,
ආපහු එ සොදුරු අවස්ථා වලට,
යන්න බැරි හන්දා වෙන්න ඇති,

ඔං එහෙනං ඒකත් ඉවරයි කිව්වට,
ලබන සතියෙන් පස්සෙ දැනෙන පාලුවට,
මොකක් කරන්නද?


ඉතා ආසාවෙන් ගිය ඉංගිරිස් පන්තියක් නිම වීම හේතුවෙන් සිංහලෙන් ලිවීමි

7 ප්‍රතිචාර!!:

Yasantha Hennayake said...

උබ හොද හැටි ඉන්ගිරිසි ඉගෙනගෙන තියෙනවා නොවැ..

Unknown said...

ආයිත් අහල ලොල්.....අඩේ උබලගෙ ගෙවල් පැත්තෙ අපි හිටිය සති 3ක්..:P :P දියතලාවෙ

Yasantha Hennayake said...

හප්පට සිරි.. එහෙමද මචෝ.. ආයෙත් එනව නම් කියහන්.. :ඩී

Unknown said...

ඔව් ඔව් හිටියෙ දියතලාවෙ ස්වෙච්චා බලසේනා පුහුනු පාසලෙ......අනිවා කියනවා :P

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ආ .. උඹ ආවද ,දැන් කොහොමද නායකත්ව ලක්ෂණ වැක්කෙරෙනවද ??? :P

පන්සල් හංදිය said...

මොකද ඉංගිරිසි පන්තිය ඉවර කොලේ ........
ඔය කඩුව කියන එක නැතුව නම් දැන් කාලේ ඉන්න බෑ රජෝ ......

Unknown said...

@බුවා
ඉහිං කනිං බේරෙනවා ලොල් ලොල්

@කල්හාර
ඉංගිරිස් පන්තිය තිබුනෙ සබරගමුව විස්ස විජ්ජාලෙනෙව..ඒක තිබුනෙ මාස 6යි...ඉතින් මක් කොරන්නද...

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P