Sunday, October 2, 2011

අවසරයි සමු ගන්න හිතක් නැති උනත් මට.


අවසරයි සමු ගන්න,
ඔබෙන් ඈතට යන්න,
පියාඹා ඉගිලෙන්න,
අනන්තය අල්ලන්න..

රිදුම් දෙන දෙනෙත් අග,
කිති කවන කඳුලු බිඳ,
ඉඟි මරන මිතුරු දම,
සදා කල් නොමියෙන්න..

ජීවිතය අදුරු වන,
ඒ සෑම මොහොතකම,
ලඟ රැඳුනු ඔබ සැමට,
සදා නය ගැතිය මම..

ඉතින් අවසර දෙන්න,
ඔබ දමා දුවන්නට,
දුවන ලෝකය එක්ක,
හිතක් නැති උනත් මට.
............................................................................

ගෙදර ජීවත් වෙච්චි කාලය ඉවරයක් වෙන්න ඇවිල්ලා,
මෙච්චර කල් හිටපු කූඩුවෙන් ඉගිල්ලෙන්න කාලෙ ඇවිල්ලා,තටු එච්චරම හයිය නැති උනත් ඉගිල්ලෙන්න වෙලා.
දැනටමත් සමහර යාලුවො අපිව දාලා ඉගිල්ලිලා,අපිත් හෙට දවසෙදි අනිත් යාලුවො දාලා ඉගිල්ලේවි,
කොලඹ නීති පීඨයෙත්.වෛද්‍ය පීඨයෙත්,ජපුර වෛද්‍ය පීඨයෙත් යාලුවො දැනටමත් ඉගිල්ලිලා.
මොරටුව ඉංජිනේරු පීඨයෙ සහ පේරාදෙනිය විද්‍යාපීඨයෙ යාලුවො අපිත් එක්කමත්,වෛද්‍ය පීඨයෙ අය දවස් දෙකක් පහු වෙලත්,එදාම රුහුනු ඉංජිනේරු පීඨයෙ යාලුවොත් ඉගිල්ලෙන්න පටන් ගනීවි.

මේ ගෙවෙන්නෙ අපි ගෙවල් වල ඉන්න අන්තිම දවස් කීපය.ආයිත් අපි ගෙවල්වල මාසයකට වැඩි කාලයක් එක දිගට නවතීවි කියලා හිතන්න අමාරුයි,අපි අපේම කූඩූ හදාගනීවි.

එහෙනම් මම ඔක්කොම යාලුවොන්ගෙන් සමුගන්න අවසර ඉල්ලනවා.
සයිබරයට ආයිත් ගොඩ වදින්න කොච්චර කාලයක් යාවිද මම දන්නෙ නෑ..

එතෙක්

සමුගන්න අවසරයි....!!

11 ප්‍රතිචාර!!:

සිහින said...

මේ තාවකාලික සමුගැනීමක් විතරයි බං.උඹට බෑ මේ බ්ලොග් එක නොලිය ඉන්න.උඹට බෑ බස් එකකට නගින්නේ නැතුව ඉන්න.බුකියට ගොඩ වෙන්නේ නැතුව ඉන්න බෑ නේ??
කැම්පස් ජීවිතේ.. කරදර,ජරමර,බාල්දි,කොකු,වලි,පිකටිං,කැට,මඩ සහ එකී මෙකී නොකී හැම දෙයකින්ම පිරුණු ආතල් කාලයක් වේවා !

Unknown said...

@සිහින අනිවා මචං,වෙන මොනවා නැති උනත් බස් එකක් පදින්නෙ නැතුව ඉන්න අමාරුයි....බලමු ඇස් බීයා ලැපවත් දුන්නොත්..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

කැම්පස් ජීවිතේ.. කරදර,ජරමර,බාල්දි,කොකු,වලි,පිකටිං,කැට,මඩ වලින් තොර දැනුමෙන් බුද්ධියෙන් සහ ශිෂ්ඨාචාරවත් ආතල් වරින් පිරුණු එකක් වේවා

Chanaka Aruna Munasinghe said...

ටටා, සාමය සතුටින් පිරි සෞභාග්‍යමත් අනාගතයක මකර අධිරාජයාගෙන් ආසිරි

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

අළුත් ජීවිතයට සුබාසිරි !!! කැම්පස් යන ගමන් බ්ලොග් කරන කොච්චර ඉන්නවද සහෝ... කැෆේ එකකට රිංගලා වත් පෝස්ට් එකක් දාමු... බ්ලොග් රසිකයන්ව අමතක කරන එක හරි නෑ නේද ?

ජය !!!

~ChAnDiKa~ said...

සුභ පැතුම් මල්ලි. යන ගමන සාර්ථක වෙන්න කියල පතනවා. අලුත් ලෝකෙකට යන්නෙ. හුඟක් කල්පනාවෙන් සිහියෙන් යන වැඩේ කරගෙන වරෙන්!!!
ජය!!!!!

Unknown said...

@buwa මේ යන විදියට ඕක වෙයිද? කොහොම උනත් බොහොම ස්තූතියි :D

@මකරා :D :D එල ඈ...බොහොම ස්තූතියි

@චතුරංග නෑ නෑ මම කිව්වෙ ටිකක් සෙට්ල් වෙනකං මාසයක් දෙකක් පෝස්ට් දාන වෙන එක නැති වෙයිද මන්දා බලමුකො...බොහොම ස්තූතියි

@චන්දික අනිවා ඉගෙනීම පලමුවැන්නෙ තියාගන වැඩ කරන්නයි හදන්නෙ...බොහොම ස්තූතියි

Anonymous said...

ඕකට හැඩගැහුනම වැඩේ ගොඩනේ මලයෝ ගෙදර ආපු වෙලාවක බ්ලොග් එක පැත්තේ එන්නෝ, එහෙනම් අලුත් ජීවිතේට සුභ පැතුම්,

Unknown said...

@bckurera ගෙදර ආපු වෙලාවට අනිවා පෝස්ට් එකක් දානවා එල :D

Anith Kona said...

ආ මග කෙටීයි. යා යුතු මග නිවැරදි කල්පනාවෙන් යා යුතුය.

Unknown said...

@AnithKona
මඟ හොඳට පෙනේනම්..මග වරද්දා ගන්නේ කුමකටද...

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P