Sunday, October 9, 2011

ඔන්න අපිත් කැම්පස් ගියාලු

ඔන්න කැම්පස් ගිහින් සති අන්තෙට ගෙදර ආවා.. :D
දැන් මේ බ්ලොග් එක ලියන්න වෙන්නෙ දින පොත වගේ තමා,
නෑ නෑ වැරදුනා,සති පොත වගේ..
මෙලෝ අයිඩියාවක් හිතට එන්නෙ නෑ කවියක්වත් ලියන්න :/

සික් රොබොට්ටෙක් වත් හිටියනම් ඔලුවට එන ඒවා ඒ වෙලාවෙම ලියලා දාන්න තිබුනා,
කොහෙද අතේ සතේ නෑනෙ :/ :/

කැම්පස් එක ගැන කියමුකො..
කියන්න තරම් ලොකු වැරැද්දක් තාම නෑ,
සින්නො අපිව අල්ලගන බයිට්නම් කරනවා තමා,ඉතිං එව්වත් නැත්නම් වැඩක් නෑනෙ.
දිගටම මෙහෙම තිබුනොත් හොඳා..කවුද දන්නෙ වෙනස් වෙයිද කියලා.

කොහොම උනත් සීනියර්ස්ලා සෑහෙන්න උදවු කරනවා,
හොස්ටල් වල ඉන්න ඕනි විදිය,කැන්ටින්,ලෙක්ච රූම්ස් ගැන එහෙම කියලා දීලා.

තියන එකම දුක දැන්ම කැම්පස් එකේ ඇවිදින්න එපා කියන එක තමා..මෙච්චර ලස්සන කැම්පස් එකක ඇවිදින්නෙ නැතුව ඉන්නෙ කොහොමද..
කමක් නෑ තව සතියක් දෙකක් ඉවසනවා.

හැම දෙයක් ගැනම ලියන්න පැය ගානක් යයි :P පැය ගානක් නෑනෙ  තව ටිකකින් ආයි යන්න ඕනි.
ඔන්න දැන් රත්තා කෝල් එකක් දැම්ම..හාවිගෙන් තමා ආරන්චියක් නැත්තෙ පිසාචයත් පෝස්ට් එකක් දාලා තිබුනනෙ. දැන් අපේ කැම්පස් එකේ බ්ලොග් ලියන තව කට්ටිය ඉන්නවද?..

ඔන්න එහෙනම් මම යනවා,ආයිත් ලබන සතියෙ ලියන්න්නම් කම්මැලි හිතුනෙ නැත්නම් :D

4 ප්‍රතිචාර!!:

මාරයාගේ හෝරාව said...

නිකං ඉන්න එපා මලේ පුළු පුළුහං හැටියකට ඔය පැත්තේ විස්තර කියලා අපිට බලන්නත් එක්ක ලියුං කරදහියක් ලියලා දාහං...

Unknown said...

උඹත් එහෙන කැම්පස් ගියා නේ.............. හරි හරි තව ටික කලක් ඉන්නකෝ. කැම්පස් එකේ හොදම කාලේ මේ ටික තමයි. ඊට පස්සේ බොකනවා ටියුට් ලියන්වා ලෙක්චර් යනවා ඇර වැඩක් නැති වේවි. දවස මදි වේවි.A/L කොච්චර සැපද කියලා හිතේවි. ගනන් ගන්න එපා. ටිකක් ඇදගෙන යන්නකෝ...... පුරුදු වේවි........

මම ලිවුවේ අපි ගැන. ඔහේ මොන කැන්පස් එකේද මම දන්නේ නෑනේ

Anonymous said...

හප්පොයි කොහොම ලියන්නද,සතියකට සරයක් වගේ කොම්පීතරයක් පේන්නෙ...ගෙදර ආපුවම තම :D :D
-Madushan-

Unknown said...

@මාරය මොනවා මොනවා හරි ලියලා දාන්න ඕනි :D :D බලමු බලමු

@මනෝජ් ඇත්ත තමා අයියලත් කියනවා,පලවෙනි අවුරුද්ද මැරෙනකං වැඩ කියලා....
පේරා පේරා :D

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P