Wednesday, January 4, 2012

අරුතක් නැති පද වැලක්,අවසරද හෙම්බත් වෙන්න?

‍අවසරද හෙම්බත් වෙන්න?
දුවන්න,කවදාවත් අල්ලන්න බැරි මිරිඟුව පස්සෙන්?

ඔයාට බෑ එපා කියන්න,
මොකද මිරිඟුව ඔයානෙ,
කවදාවත් අල්ලන්න බැරි දෙයක්,
කියන දේවල් මට ඇහෙන්නෙ කොහොමද..

මම දුවනවා,
කකුල් දෙක රිදෙනකං,
පන නැතිවෙලා වැටෙනකං,
කවුරු නවත්තන්නද?

කට්ටිය කියයි,
එපා උඹ දුවන්න,
ඔව්වා කවදා අල්ලන්නද,
කියලා,

හහ්,
හිතුවක්කාර මම,
අහයි ඕවා,
අල්ලන්න බැරි උනාම උන්ට මොකද,
අඩු තරමෙ පුලුවන්ද කියලවත් බලන්න එපෑ...

ඔන්න එහෙනම් මම දුවනවා,
ඔයා එන්න එපා නවත්තන්න,
හරිද?

1 ප්‍රතිචාර!!:

kasun said...

සුවර් එකටම අක්ක කෙනෙක් අල්ලන්ට වෙන්ට ඕන මස්සිනා ඔය දුවන්ට තටමන්නේ.. :))))

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P