Friday, March 1, 2013

කාගෙදෝ මන්දා ජීවිතයක්......

දවස් දෙක තුනකට කලින් වැලට දාපු කලිසම තාම හුලඟට වැනෙනවා,
වේලිලා හුඟක් කල් වෙන්න ඇති...
කවුරු බලන්නද..
බෝඩිමේ කවුරුත් හිටියෙ නෑ.මම හංගල තිබුනු තැනින් යතුර අරගන දොර ඇර ගත්තා.
හැම තැනම දාලා තිබුනු ඇඳුම් ටික එකතු කරලා බෑග් එකකට් ඔබා ගත්තා.
ණයට අරං ණයට අරං දැං ණයට ගන්න එකෙකුත් නෑ.
අන්තිමට එකෙක්ගෙන් යන්න සල්ලි ඉල්ල ගත්තෙ "උඹට හුඟ කාලෙකට මේක ආයි දෙන්න වෙන්නෙ නෑ මචං"
කියලා හිත යටිං කියන ගමං.
එ අස්සෙ උදේටත් මුකුත් නොවැටුනු බඩ කෑ ගහන්න ගත්තා,හරියටම කෑ ගගහ හිටපු හිත වගෙම..
"මචං,මම යනවා.ආයිත් දවසක අපි හම්බ වේවි,එදාට උඹලගෙයි මගෙයි වෙනස,උඹලා ලොකු මහත්තුරු වෙලා ඉඳීවි"
කියලා ලිවුමක් ලියන්න ආපු අදහස එහෙම්මම අත් ඇරලා දැම්මෙ ඕක ලිව්වත් නැතත් කවුරුවත් ඕක ගැන හොයන එකක් නෑ කියල හිතුනු හන්දා.
බෝඩිමේ දොර වහලා දාලා යතුර තිබුනු තැනින්ම හංගපු මම පඩිපෙල නගින ගමං ජීවිතේ පරන පරිච්චේදයක් වෙච්චි බෝඩිම දිහා අන්තිම වතාවටත් බැලුවා.
එතකොටයි දැක්කෙ කලිසම තවමත් වැලේ වැනෙනවා.ඔක්කොම අරං යන එකේ ඔක තියලා යන්නෙ මොකටද කියලා ඒකත් අරං බෑග් එකේ ඔබා ගත්තා.......

5 ප්‍රතිචාර!!:

Sampath Sanjeewa said...

කිව්වට කමක් නෑ කොරනව එහෙම නෙමෙයි... පට්ට කතාව ඇඩෙනව...

මදුශාන් නිශාන්ත said...

උඹ කොහොමද දන්නෙ මම දැනටමත් කරලද නැද්ද කියලා :D

සාජානි අමරතුංග said...

හ්ම්ම්.... :(

මදුශාන් නිශාන්ත said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............

Dilupa said...

ඈ..දැං එතකොට උඹ මගට බැස්සෙ කලිසමක් නැතුවද? චිකේ...විලි ලැජ්ජාවෙ බැරුවා.....:p

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P