Friday, April 29, 2011

අරමුනක්!

අරමුනක් නැති ඇස් වලින්,
මම ජීවිතය දිහා බලන් ඉන්න කොට,
හුඟාක් ඇතින් ඔයා පේන්න පටන් ගත්තෙ,
මගේ ජීවිතේට අරමුනක් එකතු කරන ගමන්මයි,
ඔයා මගේ දිහාවට හුඟාක් වේගෙන් ලං උනේ,
ඔයා මගේ "සිහින කුමරිය" කරන ගමන්මයි,

ජීවිතේ දැකපු ලස්සනම හීනේ ඒක වෙනකොට,
මගෙ හැඟිම් නැති ජීවිතය,
ආයිමත් සතුටෙන් පිරුනේ,
මටත් නොදැනීමයි,

ඔයා ආපු වේගෙන්ම නොපෙනී යනකොට,
මගේ හීනෙවත්,
හිතේ පිරුනු මහා ලොකු සතුටවත්,
නොපේනී ගියෙ නැත්තෙ ඇයි කියල,
තෙරුම් ගන්න මගේ හිතට,
ටිකක් විතර අමාරුයි!!

3 ප්‍රතිචාර!!:

නදී said...

බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නෙ.ඒ නිසා ඒවා බිදවැටුනම දුකයි.

kasun said...

ම්හ්....එච්චර ගනන් ගන්න එපා මචා..
ඔහොම 50% ලව් ඕනතරන් තියනවා...(මටත් තිබිල තියනව)
ඒව ගැන එච්චර හිතන්න යන්න එපා බන්.....!!!!

Unknown said...

@නදී
ඔව් බලා පොරොත්තු තමයි!..ඒත් මට වෙලා තියෙන්නෙ බලා පොරොත්තු බිද වැටෙන්න හේතු ඔක්කොම තියෙද්දිත් ඒවා බිද නොවැටෙන එක!!

@චතු
හ්ම්ම්ම්ම්ම්...අනේ මන්දා බන් මේක "ලව්" ම නෙවෙයි!

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P