Monday, June 20, 2011

හෆ්ෆොයි තවත් ලියුමක්...(සහ පූර්ව නමනීකරන වැඩසාටහන)

ලියුම ඇවිලලානම් දව කීපයක් වෙනවා..
පෝස්ට් එක ලියන්න පටන් අරන් තිබුනාට ලියන්න කමමැලි හන්දා අද තමා දැක්කෙ :P :P

මම හිතුවෙ තවත් පුහුනුවක්වත්ද කියලා..
ඔවු ජීවිතේ ඉස්සරහ අවුරුදු 4ම කරන්න තියන පුහුනුව ගැන.....
මාව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තෝරගන.. :D :D :D

ඉතින් ලබන මාසෙ 18 ලියාපදින්චි වෙන්න කියලා තියනවා...
කවදා පටන් ගනීද දන්නෙ නැ....
ආචාර්‍ය වරුන්ගේ වෘතීය ක්‍රියාමාරග හන්දා දැන්මනම් පටන් ගන්න වෙන එකක් නෑ..

ඒ මදිවට අපිට පූර්ව නමනී කරන වැඩසටහනකුත් තියනවලුනෙ....
ලේසි පහසු කාලයක් නෙවෙයි මාස 3ක්ම.... 

මේ වැඩේ හන්දා මේ මාසෙ හෝ ලබන මාසෙ පටන් ගන්න තිබුනු අපේ පලමු වසර,
තව මාස තුනකින් කල් යනවා...
මේ නමනීකරන වැඩ සටහන පටන් ගන්න දවසකුත් හරියට නැති හන්දා කොච්චර කල් යයිද කියලා හරියටම කියන්නත් බෑ......
අපි කෑම්ප් එකෙ ඉද්දි එස්.බී ඇවිල්ලා කියපු හැටියට ඔක්තෝබර් මාසෙ විශ්ව විද්‍යාල පීඨ ඔක්කොම එකපාර පටන් ගන්නවාලු..
එතකොට ඉංජිනේරු සහ ‍වෛද්‍ය ඒ වෙනකොට අවසාන වසර පිටවෙලා ගිහින් හිස්වෙලා තියන පීඨ විද්‍යාගාර,දේශනශාලා සහ අනිකුත් ඉගනුම් ආශ්‍රිත පහසුකම් මාස ගානක් නිකනම හිස් වෙලා තියනවා..
ඒ වගේම ඔක්තෝබර් වල ඉවර වෙන්නෙ නැති විශ්වවිද්‍යාල පාඨමාලා වල තදබදය වැඩිවෙනවා....
පලමු වසර දෙකක් තියන හන්දා..!!
ඒ වගේම මේ අවුරුද්දෙ උසස් පෙල කරන කට්ටිය විභාගෙ ලියලා ඉවර වෙලා මාස දෙකක් විතර යනකං අපි ගෙදර :(

දැන් අර නමනී කරන වැඩ සටහන..
ඒකෙ දෙන්නෙ මූලික ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ශන දැනුමක්ලු..
උසස් පෙලට තියන සාමන්‍ය ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ශනය විශයන් විදිමත් කලානම් විශ්ව විද්‍යාල වලට නොතේරුනු අයටත් වැඩක් වෙයි කියලා මම හිතනවා....

මේ වැඩසටහනට සහභාගි වෙන්න ඕනිද නැද්ද කියන එක තීරනය කරන්න මේ මාසෙ 20-30 ඔන්ලයින් විබාග තියනවා..
විහිලුව කියන්නෙ ජීවිතේට පරිගනකයක් දැකලා නැති අපේ සමහර සහොදර සහෝදරියන්ටත් මේ විබාගෙ තියන වෙලාව දැනගන්න වෙබ් අඩවියකට පිවිසෙන්න වෙන එක...ලිඛිත දැනුම් දීමක් නෑ!!..

අනික මේක ගැන අපිට කෑම්ප් එකෙදි දුන්නු අත් පොතේ(මගේ එකනම් කොහෙද මන්දා) කියලා තියනවා ගෙදර ඉදලා පයින් යන්න පුලුවන් දුරක මේවාගෙ ඉගැන්වුම් මද්‍යස්තාන තියනවා කියලා....
නමුත් රත්නපුරේ මෙච්චර ගන්න තැන් තියෙද්දි,වෙබ් අඩවියෙ දාලා තියන සිතියමේ හැටියට,සියලුම ඉගනුම් මද්‍යස්තාන තියෙන්නෙ ගෙදරින් කිලො මිටර 30ක අවමයකට එහා!!

වෙලාවට විබාග මද්‍යස්තානය තියෙන්නෙ හැම නගරයකම විවෘත විශ්ව විද්‍යාල වල..ඒකනම් මට ලඟයි...
සමහර යාලුවොනම් ඉතින් රුපියල් 60ක විතර ටිකට් එකක් අරන් එන්න ඕනි :D :D

වෙබ් අඩවියෙ තියන විදියට ඉංග්‍රීසි පාඨමාලාව පැය 60ක එකක් වෙනකොට පැය 48ක් ගුරුවරු මගිනුත් පැය 12ක් පරිගනක මගිනුත් උගන්නනවලු...(පරිගනක කොහෙන් හොයාගනීද මන්දා)

ඒ වගේම තොරතුරු තාක්ශන විශයන් ගැන මුකුත් සදහන් වෙන්නෙ නෑ!

හප්පොයි මේ ඇති

මෙන්න ලින්ක් ටික

පූර්ව නමනීකරන වැඩ සටහන පිලිබද අඩවිය- http://pop.nodes.lk
මූලික පරීක්ශනයට ඔබගේ විබාග මද්‍යස්තානය සහ වේලාව දැනගැනීමට- http://pop.nodes.lk/popex/nview/index.php

14 ප්‍රතිචාර!!:

jhothishalanka said...

ඉංජිනේරු වලට තේරෙන්නේ සීමිත පිරිසක්.ඔයා හරි හපනෙක්.හොදට ඉගෙන ගෙන හොද ඉංජිනේරුවෙක් වෙන්න.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඔය නම්නීකරනය නම් ඉස්සරත් තිබුන නේද ? ඒ කාලේ නම් කැම්පස් වලමයි තිබුනෙ මගෙ හිතේ ..
ඕනි එකක් මගෙන් උඹට සුභ පැතුම් ඉංජෙක් වීමෙ වරම් ලබාගත්තට (කැමතිනම් උඹේ ස්කෝලෙ කියහන් කො, මාත් උඹෙ ගම්පලාතෙම නිසා දැනගන්න ආසයි ) . මේ පාර ලියන උන්ගෙනම් පේපර්වත් බලන්න කෙනෙක් නැති නිසා උඹලට පරක්කුවෙලා පටන් ගන්න එක ගැටලුවක් නැති වෙයි . ළමයින්ගෙ ජීවිතේ වටිනාම කාලෙ කාල දාන එක අපේ රටේ මැටි මෝල් අධ්‍යාපන ක්‍රමයේ හැටිනේ . මගේ ඥාති සහෝදරියක් ඉන්නව පිටරට ඉගෙන ගත්තේ මේ වෙනකොට මාස්ටර්සුත් කරල ඉවරයි . මම තාම ප්‍රථම උපාධිය මැද . අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු 2 යි .

අංජන (Anjana) said...

මුලින්ම මගේ උණුසුම් සුභ පැතුම්.

මම මොරටුවේ ඉංජිනේරු පීඨයේ. ගිය අවුරුද්දේ අවුට් වුනේ. දැන් කථිකාචාර්ය වරයෙක්. ඇත්තටම මේ වැඩ සටහන හුගක් වැදගත් වගේම කාලෝචිතයි.
අවසන් වසරේ පවා ඉංග්‍රීසි හා පරිඝණක දැනුම නැති සිසුන් ඉන්න තත්වයක් තුළ කොපමණ පහසුකම් මදි වුනත් මෙවන් දේ පටන් ගත යුතුමයි. මුලදී කොතරම් ගැටලු ඇති වුවත්, සියලු පහසුතම් ලැබෙන තෙක් නොඉද මෙය පටන් ගැන්ම, පහසුකම් ලැබුනු පසුව පටන් ගන්නවාට වඩා සුදුසුයි.
අපි කතාවට කියනවා වැඩේ කොහොම හරි පටන් ගන්න එතකොට වැඩේ කෙරෙයි කියලා. අන්න ඒ වගේ තමා හුගක් ව්‍යාපෘති. මොකද එතකොට තමයි නියම අඩුපාඩු මෙන්ම ඒවා හරි ගස්ස ගන්න හැටි පේන්නේ. ඉංජිනේරුවෙක් විදිහට මේ වගේ ක්‍රම ගැනත් දැන ගන්න ඕනේ.

පන්සල් හංදිය said...

ඔන්න මල්ලිය මගෙනුත් සුබ පැතුම් ........
හැමෝටම ගන්න පුලුවන් අවස්ථාවක් නෙමේ මලයා ලැබිලා තියෙන්නෙ හොඳට කරගෙන යන්න .......

Unknown said...

@JHOTHISHALANKA
බොහොම ස්තූතී.. :)

@බුවා
ආආ මම සීවලි.. :D :D :D
නෑ නෑ කැම්පස් වල නමනීකරනය වෙනම තියනවා මේක පූර්ව නමනී කරනය..
පිටරට යන්න ඕනි නෑ මගේම යාලුවො ඉන්නවා ස්ලිට් යන දැන් දෙවනි සමාසිකය පටන් අරන් පලවෙනි අවුරුද්දෙ...දැන් යන විදියට ඒ ගොල්ලො අවුරුදු දෙකකටවත් කලින් අවුට් වෙනවා!!
බොහොම ස්තූතී

@අංජන
බොහොම ස්තූති..
මේකයි වැඩෙ..ඉස්සර තිබුනලු උසස් පෙල ප්‍රතිඵල ආපු ගමන්ම පටන් ගන්න ප්‍රදේශයෙ විශ්වවිද්‍යාලෙ යන්න පුලුවන් ඔක්කොම එකතු කරලා කරන ඉංග්‍රීසි පුහුනු වැඩසටහනක් අන්න ඒ වගේ එකක් තියන්නෙ නැතුව ඇයි මේ මාස ගානකට පස්සෙ ඕක මතක්වෙලා තියෙන්නෙ?
අනික තොරතුරු තාක්ශන පහසුකම් අර කැස්බෑවා හඳ දකිනවා වගේ තියන මෙහෙ ඉස්කෝල වල තොරතුරු තාකශනය උගන්නන්නෙ නැතුව හොදට පහසුකම් තියන විශවවිද්‍යාල වල නමනීකරන වැඩසටහනටම ඇතුල් කලානම් මොකද?
මටනම් හිතෙන්නෙ මේක අපිව විශ්ව විද්‍යාලෙට ගන්න පරක්කුවෙන එකට දෙන නිදහසට කරුනක් වගේ එකක්!!
පටන් ගන්න එක හොදයි..ඒත අරමුනක් නැතුව?

@පන්සල් හංදිය
නම වෙනස් කරලා වගේ??
බොහොම ස්තූතී!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...
This comment has been removed by the author.
බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

එල එල .. ඒ කියන්නෙ නමන්න කලින් යකඩෙ රත්කරනව වගෙ එකක් වෙන්න ඇති . :D

Unknown said...

ඔව් ඔව් වෙන්න පුලුවන්... :D :D :D

කිඩෝ said...

එල එල සුභ පැතුම් මචං..

Unknown said...

@කිඩෝ
එල මචෝ තැන්කූ

@බුවා
මගේ බ්ලොග් එක බ්ලොග් රෝලට දාලා නෙහ් තැන්කූ....:D

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

හෆ්ෆොයි...!!! ඒ කියන්නේ මධුෂාන් මලයා බ්ලොග් කෙරුවාවෙන් මග අරිනවා කියන එක දැ ?

Unknown said...

@චතුරංග
හපෝ දැන්ම අත අරින්න ඕනි වෙන එකක් නෑ...තව මාස 3ක්ම ගෙදරනෙ :P

ප්‍රාර්ථනා said...

රත්නපුරෙන් හන්තානට ස්ථානමාරුවක් වගේ..:):)... හන්තානට එන්න මමත් ගොඩාක්..ගොඩාක්... ඇස් වලින් කඳුළු පනිනකම්ම හීන මැව්ව කෙනෙක්.. ඒත් මට ඒ හීනෙ හැබෑ කරගන්න බැරිවුනා.. මමත් ජූලි 15වෙනිදා රාගම යනවා.. හික්ස්.. ඔක්තෝබර් වෙනකම්ම කල්ගිය එකට මගේ ඒ හැටි මනාපයක් නෑ..මොනවා කරන්නද.. උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ වැඩනේ.. එතුමා මේ සැරේ මාතලේ Z එකත් නොසෑහෙන්ට වැඩි කරලා.. පේරාදෙණිය වයිද්‍යපීඨෙට ගන්න ලමයි ගානත් නොසෑහෙන්ට අඩු කරලා.. මොනවා කරන්නද.. පතාගෙන ආව හැටියට එපැයි අපි ඔතාගෙන යන්ඩ..
ඒක නෙවේ,,, පේරාදෙණි ඉන්ජිනේරු පීඨෙට තේරුන මේ මිත්‍රයාට මගේ උණුසුම් සුභ පැතුම්... මගෙත් යාළුවෝ සෑහෙන්ට ඔය පීඨේට එනවා.. සොඳුරු කාලයක් උදාවෙයි ඉදිරියට...^_^

Unknown said...

@ප්‍රාර්ථනා
ඔව් ඔව් පේරාදෙනිය වෛද්‍ය පීඨෙට ගන්න ගාන හුඟාක් අඩු කරලානම් තමා...(ඕකෙ ගෑනු ලමයි අඩු උනොත් අපිට වහ කන්න තමා වෙන්නෙ :P :P)
අභියාචනයක් දාල බලන්න ගියාට පස්සෙ..හරියයි සමහර විට...
බොහෝම ස්තුති :D :D

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P