Sunday, July 3, 2011

ආදරයේ අර්ථදැක්වීම??

‍X සහ Y යනු පුත්ගලයින් දෙදෙනෙකුනම්,
X ගේ සතුට Y ගේ සතුටත්,
X ගේ දුක Y ගේ දුකත් නම්,
Y, Xට ආදරය කරයි....


ඔය අපේ පිසික්ස් සර් ආදරය අර්ථ දක්වපු විදිය,

හිතුවා පහුගිය දවස් වල ආදරය කියන මාතෘකාව හොදටම ඔලුවට ගහපු හන්දා(තාමත් තියනවා :P) ආදරය කියන්නෙ මොකක්ද කියන එක ගැන මගේ අදහස් ලියන්න...

මගේ ආදරය ගැන තියන අදහසත උඩ තියන එකම තමයි..

උඩ තියන අර්ත දැක්වීමට අනුව ආදරය ඒක පාර්ශික ද්වී පාර්ශික හෝ බහු පාර්ශික වෙන්න පුලුවන්..
මොකද මේකෙ තියෙන්නෙ "Y, X එකිනෙකාට ආදරය කරයි" කියලා නෙවෙයි හන්දා...

අපේ හුඟක් අය "ආදරය" සහ "ආදර සම්බන්දතාවය" කියන දෙක පටලෝගන ඉන්නවා කියලයි මම හිතන්නෙ..
ආදරය කරද්දි අපි අම්මලා තාත්තලාගෙන් පටන් අරගන යාලුවො දක්වාම ආදරය කරනවා..
අම්මලා තාත්තලාත දුකක් උනාම අපිට දුක නැද්ද?
යලුවොන්ට කරදරයක් උනාම?

මම විස්වාස කරනවා ආදරය කියන්නෙ ඇත්තටම පිවිතුරු හැඟීමක් කියලා..
ඔනෑම කෙනෙකුට දෙන්න පුලුවන්,කිසිවක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව,හොදම හැඟීම ආදරය....

ආදර සම්බන්දතාවයක් කියන්නෙ මම විස්වාසකරන විදියට,

දෙදෙනෙකු අතර අන්‍යොන්‍ය වශයෙන් ආදරය කියන හැඟීමත් එක්කම ඊරිසියාව සහ රාගය එකතු උනාම හැදෙන දෙයක්,

ආදර සම්බන්දතාවකදි එකෙක් අනෙකාගෙ සමාජ සම්බන්දතා වලට ඊරිසියා කරනවා..(මම කලින් දාපු පෝස්ට් එකක මම ඕක කරන හැටි ඇති :D)

ඒක සම්බන්දතාවය පවත්ව ගන්න අවශ්‍යයි වගේම සීමාව ඉක්මවලා ගියොත් සම්බන්දතාවය බිඳ වැටෙන්නත් හේතු වේවි....

සම්බන්දතාවයකට රාගය එකතුවෙන හැටි ගැනනම් මේලෝ අදහසක් මගේ නැති උනත් ඒක සම්බන්ද වෙන බවට උදාහරන මම දැකලා තියනවා...

පන්ඩිත කතා කියෙව්වට මම තවම කරලා තියෙන්නෙ "ආදරය" විතරයි තවම "ආදර සම්බන්දතාවයක්" පටන් ගන්න උනේ නෑ..
වැරදි තැනක් තියනවානම් කියන්න ඒ හන්දා :D

10 ප්‍රතිචාර!!:

සාටර් said...

๧ද๧ද๧නක๩ අතර අ๧න๯๟න๯ වශ๧යන๞ ආදරය ක๢යන හ๠ඟ๣මත๞ එක๞කම ඊ໱ස๢ය๟ව සහ ර๟ගය එකත๩ උන๟ම හ๠๧දන ๧දයක๞,

එකගයි 100%ක්ම

Unknown said...

@චාටර් කොල්ලා
මලා මොකද බං මේ කොටු කොටු :O :O
තැන්කූ මේ පැත්තෙ ආවාට :D

ප්‍රාර්ථනා said...

අනේ චුට්ටං කොලු පැට්ටා..:P:P... පණ්ඩිත කතා කියන්ඩ පටං අරං..

ඔයා හරියටම හරි යැයි මගේ මෝඩ මොලේට හැඟේ..:):)

ආදරය කියන්නේ ඔය ඔක්කොම තමයි..
හැඟීමක්.. අර්ථ දැක්වීම අමාරුයි..

"ඔබ ආදරය ගැන මොකක්ද හිතන්නේ?" කියලා ඇහුවොත්..

කියන්න දෙයක් නෑ..

"ආදරය සුන්දරයි" කියන්න පුළුවන්ද..?

"දුක ගැන මොකක්ද හිතන්නේ??" කියලා ඇහුවා වගේ තමා..
දුක දුකයි..
ආදරය "ආදරෙයි"..^_^

හැඟීමක්... විදින්න තියන..

Unknown said...

@ප්‍රාර්ථනා
ඉදලා හියලා ලොකු කතාත් කිය්නවා මම :P
ඔව් ඒක හැඟීමක්..අර්ථදක්වන්න යනවට වඩා විදින එක හොදයි :D

Anonymous said...

මට පේන්නේ කොල්ලට බබා හම්බුවේගෙන එනවා වගෙයි....

Unknown said...

@මාලුවා කොහොමද බං කොල්ලොන්ට බබා හම්බ වෙන්න්ර් :O :O

සරත් ලංකාප්‍රිය said...

රාගයෙන් තොර ආදරයක් ඇත්තේ දරුවන් දෙමාපියන් අතරේ විතරයි.. දන දන සිදුවෙන සමහර දේවල් කියෙවුවම එකත් නැති පවුල් තියෙනවා වගේ.. ආදරය කියල අපි හඳුන්වන්නේ ස්වභාව ධර්මය මනුස්සයාගේ ප්‍රජනන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යන්න අපට දායාද කරපු ආසවටයි.. එහෙම නැත්නම් මොකටද ආදරය කායික සම්බන්දතාවයක් දක්වා යන්නේ ? ඇත්ත තිත්තයි සහෝදරයා.. එත් ..

Unknown said...

@සරත්
අනේ මන්දා ඇත්ත කියලා හිතනවා...ඒත්.....

deeps said...

හප්පා.. මේ පොත කවදාවත් කියවලා ඉවර කරන්නත් බැරි, ලියලා ඉවර කරන්නත් බැරි එකක්. ඒක නිසා ලිපිය ගැන මොකුත් නොකිය ඉන්නම්...

මදුශාන් නිශාන්ත said...

:D :D අපි තාම කියවන්න පටන් ගත්තෙවත් නෑනෙ :P

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P