කාට හරි වැදගත් වෙයි කියලා මෙන්න මම ඉගන ගත්තු හැටි
පටන් ගන්නම් මම අන්තිමට කරපුවගෙන්
භෞතික විද්‍යාව
රසායන විද්‍යාව
සංයුක්ත ගනිතය
ඔවා තමා මම උ.පේ. ට කලේ..
භෞතික විද්‍යාව රලු මතෘකා ගානකට වෙන්කරලා තියන ඇත්තටම අපිට ජීවත් වෙනකොට ඕනි වෙන දේවල් වලින් පිරිලා තියන,ඒවා වෙන්නෙ කොහොමද කියලා අවුරුදු ගානක් තිස්සෙ මිනිහා හොයපු දේවල් වල ලිඛිත පැත්ත..
මගේ පැත්තෙන් බලද්දි,
මට කවදාවත් ඕනි උනේ නෑ සාපේක්ශ ආර්ද්‍රතාවය පරිසර උශ්නත්වයත් එක්ක විචලනය වෙන හැටි හොයන්න,
නමුත් මට ඕනි උනා රත්නපුරේ අපිට හැමදාම ඉහිං කනිං දාඩිය දාන්නෙ ඇයි කියලා දැනගන්න,
මට ඕනි උනේ නෑ තාපගතික සමීකරන අර්ත දක්වන්න,
ඒත් මට ඕනි උනා ජෙට් එකක් යනකොට පස්සෙන් ඇදෙන සුදුපාට ඉර හැදෙන්නෙ මොකද කියලා දැනගන්න..
ගුරුත්වාකර්ශන,විද්යුත් පාරවේද්‍යතා නියතවල අගය මතක තියාගන්න ඕනි උනෙත් නෑ,
ඒවා හොයාගත්තෙ කොහොමද කියන එකයි ඕනි උනේ...
බාග සංකල්ප වලට වදින්න කොහෙත්ම ඕනි උනේ නෑ,
ඒවාගෙ වැරදි හොයන්නයි ඕනි උනේ..
රසායන විද්‍යාව,දහසකුත් එකක් වැඩවලට උදවු කරන...මලක පාට වෙනස් වෙන හැටි ඉදලා මිනිහෙක්ව මරන හැටි දක්වාම උගන්නන සොදුරුම විශය.....
සංයෝග දෙක මිශ්‍රකරපුවාම ගඳයි කියලා ලැබ් එකෙන් එලියට දුවනවා වෙනුවට ඒක ගඳ උනේ ඇයි කියලා බලන්නයි ම්ට ඕනි උනේ..
ඩී-ගොනුවේ අයන ද්‍රාවනේකට එක එක සංයෝග දාපුවාම් එන පාටවල් කට පාඩමේ මතක තියාගන්නවට වඩා
ඒ පාට ආවේ ඇයි කියලා ඉගනගන්නයි ගන්නයි ඕනි උනේ..
කාබනික ප්‍රතික්‍රියාවකට විකල්ප යාන්ත්‍රනයක් යෝජනා කරලා ඇයි එහෙම වෙන් නැත්තෙ කියලා කෙමෙස්ට්‍රි සර්ගෙන් ගේම ඉල්ලන්නයි මට ඕනි උනේ.........
සංයුක්ත ගනිතය,අවුරුදු දෙකහමාරක්ම ඉගනගන බාගයකවත් හරියට තේරුම් ගන්න බැරිඋනු විශය...
රලු මාතෘකා හන්දාම හරියට තේරුම් ගන්න බැරිඋනු විශයක්..
වීජ ගනිත සමීකරන අතරෙ අතරමං වෙලා හීන දකින්න අමාරුවක් නැති උනත්,
මට කවදාවත් තේරුම් ගන්න බැරිඋනා කොහේවත් නැති සරල රේඛා දෙකක සමීකරන විසදලා ජේදන ලක්ශ හොයන්නෙ මොන මගුලකටද කියලා..
කොහේවත් නැති රවුං දෙකක සමීකරන හොයාගන්න ඒවා ප්‍රලම්භව පිහිටලා තියනවා කියන එක යොදාගන්නෙ ඔලුගෙඩියටද කියලා...
ඒත් ඕක දුන්නානම් ගෝල දෙකක් ජේදනය වෙනතැන එකිනෙකට ලම්බක තල දෙකක එන විදියට හිල් විදින්න ඕනි කියලා මම ගල් මාට්ටුවක් දාලා හරි උත්තරේ ගන්නවා...
මට ඕවා තේරුම් ගන්න පුලුවන් උනේ විශයෙන් ගෙඩිය පිටින්ම උගන්නන විදියට ගන්නෙ නැතුව මටම ආවේනික ක්‍රම වලින්(පේනවනෙ :P )...
මම කටපාඩමින් ගෙඩිය පිටින් ගිලින්න හැදුවානම් මම හබක් (එහෙම හරියන අයත් ඇති :P :P)
9 ප්‍රතිචාර!!:
මල්ලී, මට නම් 1st shy එකේදී විභාගේ සහා ඒ ආශ්‍රිත විෂයන් තිත්ත වෙලා තිබුනේ.. ඒ කාලේ මූණත් ඇඹුල් වෙලා.. :P
ඒත් දෙවනි සැරේ විභාගෙට පාඩම් කරනකොට පළවෙනි සැරේට වඩා ගොඩක් හිතන්නනාඅයෙ ආයෙ කියවන්න වෙලාව තිබුනා...
එකම විදිහෙ ගණං ගොඩාක් බුරුත පිටින් පලවෙනිසැරේ හදපු මම දෙවනි සැරේ වෙනස් වෙනස් විදිහෙ ගණන් ටිකක් හැදුවා..
නොදැනුනාට ඕනෙම දෙයක් කටපාඩම් කරොත් මතකය තාවකාලික බවත් අවබෝධ කරගත්තොත් මතකය බොහෝ කල් තියන බව තේරුම් ගත්තා..
මට නම් හිතෙන්නෙ A/L වල trick එක තමා ඒ.. ඒක අල්ලගත්ත අය ගොඩ.
ඒක ඉගෙන ගන්න හුඟක් හොඳ ක්‍රමයක්. අලුත් දේවල් දැනගන්න. දන්නා දේවල් තේරුම් ගන්න උත්සාහ කරනකොට අපි නොදැනම ගොඩක් දේවල් ඉගෙනගන්නවා. ඒවගේ උත්සාහයක් තියෙනකොට ඕනෙම විෂයක් ඉගෙනගන්න එක එච්චර අමාරු නෑ, උත්සාහය ඩ්රයිවින් ෆෝස් එකක් වගේ. :-) දිගටම ඔය විදියටම ඉගෙනගන්න කියල ප්‍රාර්ථනා කරනවා :-)
සංයුක්ත ගණිතයේ ඉගෙනගත්ත දේවල් විශ්ව විද්යාලේදී ප්‍රායෝගිකව පාවිච්චි කරන්න වෙනවා. එතකොට තේරෙයි අයි අනුකලන අවකලන ඉගෙනගත්තේ කියල. හැබැයි අමතර පොත් ටිකක් කියෙව්වොත් දැන්ම වුනත් හොයාගන්න පුළුවන්.
ඔය ක්‍රමය බොහොම හොඳයි අලුතින් හිතන අයට.. ලෝකේ ඉස්සරහට යන්නේ කියන දේ අහගෙන ඉන්න මිනිස්සු හින්ද නෙවෙයි එක කපල කොටලා හපල බලන අය නිසා. බුදු හාමුදුරුවෝ කිවුවේ ඒහි පස්සික කියල ඒකයි... වරෙන් ඇවිත් බලපන් තර්ක කරපන් උඹට හරි කියල තේරෙනවනම් විතරක් පිලිගනින් .. පොතක තිබ්බට වත් ඉස්සර ඉඳන් පැවතුන හින්දවත් ගුරා කියපු හින්දවත් පිළිගන්න එපා..
@ප්‍රාර්ථනා
අපේ හුඟක් යාලුවොන්ට උනෙත් ඕක..
උං රැල්ලක් වෙලා තියන රිවිශන් බඩ ගානකොට මමයි යාලුවො කීප දෙනෙකුයි ඉස්කෝලෙ ගිහින් ආයි ආයි ප්‍රැක්ටිකල්ස් කලා(ඒ දවස් වල කෙමෙස්ට්‍රි සර් අපිල කිව්වෙ ලැබ් පාලුවො කියලා ලොල්)..
අපිට හිතන්න වෙලාව තිබුනා.මොනවද අපි කරන්නෙ කියලා..
අනික අපිට 1000න් හොයාගන්න බැරි පිසික්ස් සර් කෙනෙක් හිටියා(හෙන අයිසා තමයි :P),ඒ උනාට හැමවෙලේම අපිට තර්ක කරන්න අනුබල දුන්නා...
@Shenya
ආ දැන් මම දන්නවා ගනං වල භාවිත.. :P :P මම කිව්වෙ ඕවා පොඩ්ඩක් උ.පේ. ටම කියාදුන්නානම් ලංකාවෙම සංයුක්ත ගනිතයේ මද්‍යන්‍ය අගය 18-25 අතර තියන එක නවත්තන්න තිබුනා පේපර් එකට කෙටි ප්‍රස්න දාන්නෙ නැතුව :P
@සරත්
හරියට හරි....
ප්‍රස්නෙ තියෙන්නෙ දැන් සමහර කට්ට්ටිය කියනවනෙ බුදු හාමුදුරුවො කියපු ඒවාත් තර්කයෙන් තොරව පිලිගත්තෙ නැත්නම් අපායෙ යනවා කියලා :P :P
ඔව් අවබෝදයෙන් තමයි ඉගෙන ගන්න ඕනෙ. අපි උනත් කොච්චර ඒ කාලේ කටපාඩම් කළත් රෝගයක් මතක හීටින්නේ නෑ. රෝගියෙක් සහ රෝග ලක්ෂන දැකලා, ප්‍රායෝගික දැනුවත්කම ලැබුනම තමයි හොඳට මතක හිටින්නේ. බෙහෙත් උනත් එහෙම්මමයි. පොතේ තියෙන එක එහෙමම පාඩම් කරනවා වෙනුවට, එහෙම වෙන්නෙ ඇයි කියන එකට පිළිතුරු හොයන්න ගිය නිසා තමයි විභාග වලදී ලේසි වුනේ. අමතක වෙන්නෙ නෑනේ දන්න ටික හරි
@අනිත්කොන
ඔව්නේ අවබෝදයෙන් ඉගන ගත්තොත් ලේසියෙන් අමතක වෙන්නෙ නෑ..
වැඩේ කියන්නෙ අපේ හිටියා ගනං සර් කෙනෙක් මිනිහා කියන්නෙම ගානක් දිලා "මේවා කටපාඩමේ තියාගන්න" කියලා :P :P
"මට කවදාවත් තේරුම් ගන්න බැරිඋනා කොහේවත් නැති සරල රේඛා දෙකක සමීකරන විසදලා ජේදන ලක්ශ හොයන්නෙ මොන මගුලකටද කියලා.."
ඔන්න ඕක නිසා තමා මම උසස් පෙළට කලා විෂයන් තෝරාගත්තේ :)
හික් හික් හපෝ මට තේරුම් ගන්න බෑ ඉතිහාසෙයි,සිංහලයි තර්ක ශාස්ත්‍රය කියලා කට පාඩං කරලා ඇදලා අරින එකයි කොහොමත්ම..ඒක හන්දා මම මැත්ස් කලා :P
Post a Comment
කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P