Thursday, August 25, 2011

මගේ ජීවිතෙන් දවසක්


සුපුරුදු පරිදි උදේ 6.00 විතර ඇහරුනා,
නැගිටලා මක් කොරන්නද,
මෙච්චර වෙලා දැක්කෙ මට ඕනි හින නෙවෙයිනෙ,දැන් එයා ගැන හීනයක් බලනවා,
"අවදි සිහින" කස්ටමයිස් කර කර බැලුවැහකිනෙ..

ඔන්න හරි,

කෝ ස්ටාට්!!..
ආ හරි ඔන්න වැඩ ඇරිලා එනවා
එයා එන්නව දෙර ගාව මම එනකන් බලාගන..
......................................................................
......................................................................

"පුතේ නැගිටිනවා අද මොකක්ද විබාගයක් කිව්වා නේද හ්ම්! හ්ම්!"...
සිහ් අම්මා කෑ ගහලා කෑවා අවදි සිහිනෙ...

හුටා!! මොකද්ද විබාගෙ කතාව?
අද................ කවද්ද,මතක නෑනෙ..
නිකං ගෙදරට වෙලා ඉන්න මට මොකටද දවස...

අඃ පෝං එක ඇති කොට්ටෙ යට.......
කෝ බලන්න..
ඒකත් නෑ..
ඇද යට වෙන්න ඇති..

අඃ අර තියෙන්නෙ ලස්සනට කෑලි තුනකට ගැලවිලා,
හයි කරලා බැලුවා දවස විසි පහ..
විසි පහ..විසි පහ..විසි පහ...
හුටා අර පොප් මගුල නේද?..
තියනවා නේන්නං විබාගයක්..
අම්මාපා මේ ඇස්බියා අපිට කිව්වනම් "දැන්ම කැම්පස් ගන්න බෑ,ටිකක් කල් ගෙදර හිටපියව්" කියලා, අඩු තරමෙ

පතලකවත් වැඩට යන්න තිබුනා..
නායකත්ව පුහුනුයි පූර්ව නමනිකරනයි දදා වද දෙන්නෙ නැතුව..

අවදි සිහිනේ බැලුවෙ පොඩඩ උනාට වෙලාව 8.00යි

පලයංකො විබාගෙට යාලුවො එන හන්දා දාගත්තෙ 10.00ටද කොහෙද..10.30ටද?..හැහ් දැන් කොහොම ගියත්

10.30ට තමා..
මට ඕනි වෙලාවට පාරෙ බස් යන එකක්යෑ..
අරෙහෙං මෙහෙං ගහලා මූන හෝද ගත්තා,
මට අමතක උනාට අම්මට විබාගෙ අමතක වෙලා නෑ වගේ ඇදුම් දෙකකුත් මැදලා!!
අරෙහෙං මෙහෙං උදේ කෑම එකත් ගිලලා දිව්වා පාරට..

හැහ් අවුරුදු ගනං පරන තඩි වලවල් පාරෙ,කොහෙද කාපට් කොරං ඇවිල්ලා හතරමං හන්දිය ගාව නැවැත්තුවනෙ,
යන්නෙ කොයි පැත්තටද කියලා හිතාගන්න බැරිවෙන්න ඇති..දැන් වෙන කොහෙද පාරක් කාපට් කොරනවා

කියන්නෙ මැශින් ටික අරන් ගිහින්..

හම්මෙ යන්තං ඔය එන්නෙ බස් එකක්,
හැටි විතරක් දැක්කාම නගින හිතෙන් නෑ..වෙන මොකක යන්නද ඔන්න ඔහෙ නගිනවා..

දඩස්!!..
හප්පොයී තවත් වලක්,මේකෙ ඇන්ජිම වැටෙයිද මන්දා.. o_O

යන්තම් 9.40 ට ආවා ස්ටෑන්ඩ් එකට,අරුං මාව කන්න බලාගන ඇති 9.20 එනවා කිව්වෙ..

තෝඔඔඔ හැමදාම පරක්කුයි!!,හුහ් මම කලින් ආපු දවසට මුං පරක්කු වෙනවා ග්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්....

හරි හරි දැං යමං බස් නෑනෙ බං අපේ පාරෙ...

නැග්ගා බස් එකට
මචං මටත් එක්ක ගනිංකො...
නොදකිං තෝ මාවමයි කන්නෙ, හුහ් මූට මතක නෑ මම මූට ටිකට් ගත්තුවා..

එනකොට 10.30 වෙයි කියලා හිතුවට 10.15 වෙනකොට ආවා..
ගිහන් අහපුවාම ලස්සන කෙල්ලෙක් -මිස් කෙනෙක්- කිව්වෙ නැතෑ, 10.30 ට එන්න ඒ වෙලාවට ටයිම් බුක් කලා

නම්.හරි හරි ඉතිං අපිට බලෙං ලියන්න ඕනි නෑ

හිටුකො අපි ඇතුලට එනකම්...
හෆ්ෆොයි ඉංග්‍රීසි පේපරෙ ගිය පාර එකට වඩා අමාරුයි පැය එක හමාරම ගියා,මිස්ට මුකුත් කියන්න උනේ නෑ...අපි

හතර දෙනා විතරනෙ,
කිසි කික් එකකුත් නෑ..

ද්වල්ට ලඟ තියන කඩෙං කාල අනිත් එක ලියන්න ගියා,
රෙද්දෙ අයිටී
මේක හදන්නෙ මයික්‍රොසොෆ්ට් එකට කඩේ යන එකෙක්ද?
ඔෆිස් ප්‍රස්න විතරයි..ඇහුවාම ඔය යන්නෙ රවාගන මිස්..කලිං සෙසන් එකේ කියපුවට මාව තාම නෝට්ද මන්දා..

අයිටී එක විනාඩි 45න් ඉවර කරලා බුකිය පැත්තෙ යන්න බැලුවා..කොහෙද ගූගලා පැත්තෙ යන්නත් බෑ ඔක්කොම බ්ලොක් වගේ..
මොනවා කොරන්නද සබ්මිටුත් කරපු එකේ අරූගෙ පේපරේට එබෙනවා...

ඌටත් ටිකක් කියාදීලා සෙට් එකම ආවා එලියට..
යන්නම් කියපුවාම මිස්ගෙ මූනෙ ආපු හිනාව..හපෝයි කරදරයක් ඉවරයි කියනවා වගේ..

හයියෝ කම්මැලී ඉතුරු ටික හිතුනොත් පස්සෙ දානවා..දැම්මත් මම විතරනෙ බලන්නෙ... :D :D

3 ප්‍රතිචාර!!:

Thanoja said...

ඔන්න ඉතින් මමත් බැලුවා... දවසක් කීවට පැය කීපයයිනෙ ඔය... දවසකට තව කොච්චර දේවල් කරන්න පුළුවන්ද?

විභාගෙට ගිය එක හොඳයි.. හැබැයි දුකයි අර අවදි සිහිනෙ ගැන.. මොකද මමත් ඕක බලනවනෙ... ඒ කෑල්ල හරි නෑ කියල හිතුනම ආයෙ ආපස්සට ගිහින් වෙන හොඳ විදියකට බලන්න පුළුවන් එකම චිත්තර පටියනෙ... කියල දුන්නෙ නම් “සුමේධ උඩවත්තගේ“ කියන ගණං සෑර්... :)

මදුශාන් නිශාන්ත said...

මම කලිං ඉදං බැලුවට ඉන්සෙප්ශන් බැලුවට පස්සෙ තමා දන්නෙ ඒවට කියන්නෙ අවදි සිහින කියලා :D ඔව් ඔව් පැය කීපයයි...ඉතුරු ටික පස්සෙ වෙලාවක දාන්නම් :D

Haa pAtikki said...

හපොයි............. මාත් යන්නෙපැයි නේ......

අර පූර්ව මොකක්ද එක හැබෑට මොකක්ද මල්ලි මට තේරුනේ නැ ලියුමේ තිබුනට. හික්ස්.......

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P