Monday, September 19, 2011

ලංකාවේ පාරිභෝගික සේවය හෙවත් පාරිභෝගිකයා බල්ලාට දැමීම


පාරිභෝගික සේවයක් කියන්නෙ යම් කිසි භාණ්ඩයක හෝ සේවාවක් පිළිබඳව පාරිභෝගිකයෙකුට ඇතිවෙන ප්‍රශ්න විසඳලා දෙන්න ඉන්න කට්ටියකටනෙ..
වෙන රටවලනම් මේවා පාරිභෝගිකයා දෙවියා කියන මුලධරමය යටතේ ක්‍රියාත්මක උණත්,ලංකාවෙ පාරිභෝගික සේවා නිලධාරීන් හිතාගන ඉන්නෙ උන් දෙයියො කියලා.

ජංගම දුරකථන ජාල වල පාරිභෝගික සේවා සලකපුවහම හුළංටෙල්(එයාටෙල්) ජාලයේ තමා එපාම කරපු පාරිභෝගික සේවය තියෙන්නෙ,කෝල් එකක් දුන්නාම ටක්ගාල පෝං එක ඉස්සුවා උණත් මෙලෝ මගුලක් දන්නෙ නෑ එතන ඉන්න කට්ටිය.
ඒ ගොල්ලො දන්නෙ "ජීපීආර්ඇස් සෙටිං හදන්නෙ මෙහෙමයි","පෝන් එක විනාඩි 10ක් ඕෆ් කරලා තියන්න".."ඕක අපේ වැරැද්දක් නෙවෙයි". කියන වචන සෙට් එක විතරයි.
හැබැයි ලංකාවටම හරියන පාරිභෝගික සේවෙ..මොකද අපේ උංට ඕනි පෝං එකෙං ෆේස්බුක් යන්න විතරනෙ.

ඊ ළඟට මොබිටෙල්,
ඒකෙ පාරිභෝගික සේවෙ කොටස් දෙකක් තියනවා(මම දැකලා තියන විදියට),එකක් අර හුළං ටෙල් එකේ වගේම ඉස්සරහා තියන පරිගණක තිරේ දිහා බලාගන කියවන්න විතරක් දන්න සෙට් එක,
අනික ඊට වඩා ටිකක් දැනුම තියන,ඒත් ඔක්කොම දන්නවා කියලා හිතාගන ඉන්න සෙට් එක,
පාරිභෝගික සේවෙට කතා කරන්න පුළුවන් මාසෙට දෙපාරයි,ගාණක් කපාගන්නෙ නැතුව..ඊට වඩා ගත්තොත් ඇමතුමකට 1.50ක්ද කොහෙද කපනවා :/ :/ (ඒකත් ඉතිං අපේ සෙට් එක කෝල් කරලා එතන ඉන්න අක්කලගෙන් ආතල් ගන්න හන්දා දාපු නීතියක් වෙන්න ඕනි)
කෝල් එකක් දීපුවාම රටේ නැති ඇඩ් ටික දාල පෝන් එකේ බැටරිය බහින්න ඔන්න මෙන්න තියෙද්දි අර පලවෙනි ජාතියෙං කෙනෙක් උස්සනවා පෝං එක..උස්සලා අහනවා "මම මෙන්න මෙයා,කොහොමද ඔයාට උදවු කරන්න ඕනි?"
ඔන්න ප්‍රශ්නෙ කිව්වාම ඕකෙ එක වචනෙකවත් ඉන්ටනෙට් ගැවිලා තිබුණොත්,ගහනවා පරණ රෝළම ජීපීආර්ඇස් සෙටිං හදන්න මෙහෙම කරන්න බ්ලා බ්ලා...මුං හිතාගන ඉන්නෙ ඉන්ටනෙට් අවුල් යන්නෙ සෙටිං අවුල් උණොත් විතරයි කියලා..දැං මෙතන කියන විදියට කරලා හරිගියෙ නැතොත් ආයි පාරක් කෝල් කරලා බර වචන දෙකක් තුනක් කියලා සද්දෙ දැම්මොත් අපි ඔයාව නෙට්වර්ක් අංසෙට දාන්නම් කියලා දානවා අර දෙවනි ජාතියෙ එක්කෙනෙක් ලයින් එකට (තව පැය බාගයක්වත් සින්දු අහන්න වෙනවා :P)
උං හිතාගන ඉන්නෙ උං තමා සුපිරි වැඩ්ඩො කතාකරන අපි මුකුත්ම දන්නෙ නෑ කියලා.ඉතිං පෝං එකේ ජාතිය අහලා පරණ රෝළම මුල ඉදංම ගහනවා.ගහලා හරි ගියෙ නැතොත් කියනවා ඉන්න අපි කම්ප්ලේන් එකක් දාන්නම්,දාලා ආයිත් සම්බන්ධ කරගන්නම් කියලා..සුමානෙකට විතර පස්සෙ ආයි කෝල් කරලා කියනවා "එහෙම ප්‍රශ්නයක් තියෙන්න බෑ,අපි හොදට චෙක් කළා කියලා :/ ඒත් ප්‍රශ්නෙ එහෙමමයි"

ඩයලොග් පාරිභෝගික සේවෙ ටිකක් හොදයි,
ටක්ගාල පෝං එක උස්සනවා වගේම හොඳ තාක්ෂණික දැනුමකුත් තියනවා ඒකෙ නිලධාරීන්ට.ඒත් ඉතිං "අලි ඔළුව" නම් එහෙමමයි..හිතාගන ඉන්නෙ අපි ඔටුවො කියලා :P

අනිත් මොබයිල් නෙට්වර්ක්ස් කොහොමද දන්නෙ නෑ.මම එවා පාවිච්චි කරලා නෑ.. :P

ඉතිං පාරිභෝගික සේවෙ කියන්න ඕකම නෙවෙයිනෙ..කඩේකට ගියාම අර හිනාවෙවී නැත්නම් ඔරෝගන (කඩේ හැටියට) ඉන්න මල් පෝච්චි අක්කලාට කියන්නෙත් පාරිභෝගික සේවා නිලධාරීන් කියලම තමා (අලෙවි නිලධාරීන් කියලත් කියනවා මම හිතන්නෙ)

කඩවල් වල බැලුවොත් හොඳම පාරීභෝගික සේවෙ තියෙන්නෙ රෙදි කඩවල :D රෙද්දක් ගන්නකං අපේ පස්සෙ කැරකි කැරකි මේක හොඳයි,මේකනම් ඔයාට මැච් වෙන්නෙ නෑ කියන අය (හුඟක් වෙලාවට අක්කලා සමහර වෙලාවට අයියලා) හුඟක් හොඳ පාරිභෝගික සේවයක් සපයලා තියනවා...මේක මෙහෙම වෙන්නෙ මම හිතන්නෙ මේ ගොල්ලන්ගෙ පඩිය තමන් සේවය කරන පාරිභෝගිකයන්ට විකුණන අයිතම ප්‍රමාණය මත රඳාපවතින නිසා වෙන්න ඕනි. :D

නරකම පාරිභෝගික සේවය තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික්/පරිගණක/පෝං කඩවල,
මේ කට්ටිය පාරිභෝගිකයොත් එක්ක කිසිම සුහධතාවයක් නෑ :/ "ආවනං අරං පලයං" කියන විදියට තමා ඉන්නෙ.මොකද මේ ගොල්ලන්ට ඇති තරම් පාරිභෝගිකයො ඉන්නවා.මූණෙ හිනාවක් නැති මහ එපාම කරපු සෙට් එකක් තමා මේ ගොල්ලො.හුඟක් වෙලාවට අපිනම් කරන්නෙ මේ ගොල්ලන්ට තදවෙන්න වැඩ සලස්වන එකම තමා..බඩුවක් ගන්න ගියාම අලි ලයින් බලන්න අපිත් කැමති නෑනෙ :P

හනේ මේ ඇති පස්සෙ ආයි තද උණු වෙලාවක ඉතුරු ටික...

5 ප්‍රතිචාර!!:

සිහින said...

අම්මප ඔය උඩ ලියල තියන හැම අකුරක්ම සහතික ඇත්ත...

Unknown said...

ඔව් බං ඕවා බොරු වෙන දවසක් එන්න තව හුඟක් කල් යයි

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

Dialog - පාරිභෝගික සේවාව සැහෙන්න හොඳයි , පැමිණිල්ලක් කලාම ඉතාම ඉක්මනට වැඩෙ කරල දෙන බවක් පේන්න තියෙයි . ඒ වගේම ඊමෙල්යකට දක්වන ප්‍රතිචාර එහෙමත් ඉක්මන් සහ පැහැදිලියි . මම නම් මිලෙන් වැඩි වුනත් ජංගම දුරකථන වැඩ වලට ඩයලොග්ම තමයි . එකක් සේවාව ගුණාත්මකයි , කස්ටමර් සර්විස් එකත් සාපෙක්ෂව හොඳයි . අර අපි මොකුත්ම නොදන්නවා කියල හිතාන කථා කරන එක නම් කාටත් පොදුයි , හැබැයි මම ඩයලොග් ලට ඊමෙලයක් යවනකොට නම් මම මේ ගැන මෙන්න මේ දේවල් කලා , ඒත් මෙන්න මේකයි තත්වය කියල යවනව එතකොට නම් අර "ඔටුව " සීන් එක අඩුයි . ටෙලිකොම් බ්‍රෝඩ්බැන්ඩ් කස්ටමර් කෙයා එකට කථා කරල තියනවද ? එයාර්ටෙල් වලටත් හපන් ඒ දවස්ව්ල නම්

hare :-) said...

හපෝ SLT බ්රෝඩ්බෑන්ඩ් එකේ ඉන්නෙ නම් මෙලෝ දෙයක් දන්නෙ නැති උන්. එයාල දන්නෙ "කම්ප්ලේන් එකක දැම්මා. අංකය ලියාගන්න. ඉක්මනින් සම්බන්ධ කරගනියි" කියල නලවල කියන්නයි. "ඔබට තව මුකුත් දැනගන්න අවශ්‍යද?" කියල අහන්නයි විතරයි. තියෙන එකම ප්‍රශ්ණෙටත් උන් දන්නෙ කම්ප්ලේන් එකක් දාන්නනම් තව ප්‍රශ්ණ ඇහුවයි කියල වැඩක් තියෙයියැ....

අපි රජයේ කාර්යාලයක කස්ටමර් සර්විස් ගැන කතා නොකර ඉමු නේද? :D

Unknown said...

@බුවා
මම ඇස් ඇල් ටී පාවිච්චි කරලා නෑනෙ ඒක හින්දා එච්චර දන්නෙ නෑ ඒක ගැන,ඒත් අපේ යාලුවොන්ට හොඳ හොඳ වැඩ කරලා තියනවා ඒ ගොල්ලො..පස්සෙ වෙලාවක දාන්නම් :P

@හරේ
ඒක තමා රජයේ ඒවා ගැන මුකුත් නොකිව්වෙ,ඒවගෙ තියෙන්නෙ කස්ටම සර්විස් නෙවෙයි,අපි උංට සේවය කරනවා වගේ එකක්නෙ :P

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P