එහි සිටියේ යුවතියක් බව වටහා ගැනිමට හැකි වූයෙ,ඇයගෙ මුදාහල වරලසත්,විවෘත කර තිබු ජනේල කවුලුවත් මොහොතක් මා අන්ද කල බැවින්.
"අනේ සොරි.." යන වදන් පෙලත් සමගි නැවත ඇද ගැනුනු වරලස මොහොතකට ඇගේත් මගේත් දෙනෙත් එක එල්ලයකට ගෙන ආවා.වචනයෙ පරිසමාප්ත අර්තයෙන් සුන්දර යුවතියක් වු ඈ,කාලයක් ගතවන තුරු මගේ සිහින වල ප්‍රධාන චරිතයක් වන බව මට ඒ මොහොතේම හැඟී ගියා.
සිද්දිය මූලික කරගනිමින් කතාව ඇරඹු මා,ඇගේ නගරය මගේ නගරය බවත්,ඇය මාගෙ සරසවියේම වෙනත් පීඨයක ශිශ්යාවක් බවත්,ඇගේ පවුලේ සහ යහලුවන්ගේ විස්තර බොහෝ ප්‍රමානයකුත් විශේශ වශයෙන්ම ඇය තවමත් තනිකඩ බවත් මා දැනගත්තා,ගමන අවසානයෙදී දුරකථන අංකද හුවමාරු කරගත් අප,වෙන් වූයෙ නැවත හමුවෙමුයැයි කියාගනිමිනුයි.
දුරකථන ඇමතුම්,කෙටි පනිවුඩ හා හමුවීම් අතර දැඩි මිතුරුකමකට පෙරැලුනු අපෙ සබඳතාවය,එපමනකට සීමා කිරීමට මාගේ අදහසක් තිබුනේ නැහැ,කෙසේ වෙතත් ඇයගේ අදහස 100%ක් පුරෝකථනය කිරීමට මට හැකියාවක් නැති නිසා,එය ඇයගෙන් විමිසිය යුතුයි.ඇය කුමක් කියාවිද?
3 ප්‍රතිචාර!!:
අනේ මල්ලියේ කෙල්ලන්ගේ අදහස් ගැන නම් කිව නොහැක , උඹේ හදවත බිඳී නොයන උත්තරයක් ලැබේවා යැයි පතමි !
ප.ලි - ඇය උඹේ නගරයේම කෙනෙක්ද , කොල පාට ටයි දාන පාසලේ ආදි සිසුවියක්ද ?
@බුවා
මේක සම්පූර්න ඇත්තම නෙවෙයි ඉතිං ඈ,
ඈ බං බුවා අයියෙ උඹට අංජනම් බලන්නත් පුලුවංයෑ හරියටම ඉස්කෝලෙ කිව්වෙ :P
ඔන්න ඔහේ අහලදාපන් බං
වැඩේ හරියාවි
Post a Comment
කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P