Friday, December 30, 2011

හන්තාන පෞත්ගලික විශ්ව විද්‍යාල ප්‍රවේශය.(පේරාදෙනිය රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයට අනුබද්දිත)

විශ්ව විද්‍යාලයටත් ඇවිත් ටික කාලයක් දැනට,
පහුගිය කාලයෙදි ජීවිතේට වැදගත්වෙයි කියලා හිතෙන ගොඩාක් දෙවල් ඉගන ගත්තා,
නමුත් හිත ඇතුලෙ කැරකෙන තවත් හැඟීමක් ඉඟි කරන්නෙ,මේ හැමදෙයක්ම නිදහසේ,නොමිලේ ලබන අවසාන කන්ඩායම අපිද කියලා,

පහු ගිය කාලෙ රටේ සිද්ද වෙච්චි හුඟක් දේවල් "නිදහස් අද්‍යාපනයේ" අවසාන පුරුක් කිහිපයෙන් එකක් බවට අපිව පත් වෙන්න හුඟාක් ලඟයි කියලා ඉඟියක් දෙනවා...
සුන්දර හන්තානට තව අවුරුදු කීපයකින් එන්න වෙන ලමයට,තම‍ගෙ අම්මලා තාත්තලගෙ ගෙවල් ඉඩ කඩං උගස් තියන්න නෙවෙනවා,කියන එක විස්වාසයෙන් කියන්න අද අපිට බෑ.

තව සති කීපයකින් කරලියට එන්න තියන රාජ්‍ය නොවන උසස් අද්‍යාපන ආයතන පනත වගේම,නිකුත් වෙච්චි අවුල් සහගත උසස් පෙල ප්‍රතිඵල රටේ ලමයින්ව පෞත්ගලික විශ්‍වවිද්‍යාල පැත්තට තල්ලු කරනවා කියල මට නිකමට හිතෙනවා.

දැනට නිදහස් "උසස්" අද්‍යාපනයේ ස්පර්ශය ලබමින් සිටින සිසුන් පිරිසක් විදිහටටානාගතයේ එන නංගිලා මල්ලිලාටත් අද්‍යාපනයේ "නිදහස්" ගතිය රැකගන්න ඕනි හන්දා,රටට දැනෙන්න දෙයක් කරන්න ඕනි හන්දා අපි පහුගිය සතියෙ නුවර ඉඳලා කොලඹට පා ගමනක් සංවිදානය කලා.ඒක මහා ගොඩක් හමුදාවෙනුත්,පොලිසීයෙනුත්,ගොං පාට් උසාවි නියොගයකිනුත් නවත්තන්න නිදහස් අද්‍යාපනය වලපල්ලට යවන්නො කටයුතු කලා.

නිදහස් අද්‍යාපනය වෙනුවෙන් අවසාන එකා දක්වාත්,අවසාන ලේ බින්දුව දක්වාත් සටන් වදින්න අපි සූදානම්.ඒක සාර්ථක නොවුනොත් අනාගත විශ්ව විද්‍යාල ලාහී සිසුන්ට මේ වගෙ ලිපියක් බලාපොරොත්තු වෙන්න පුලුවන්

හන්තාන පෞත්ගලික විශ්ව විද්‍යාල ප්‍රවේශය.
(පේරාදෙනිය රාජ්‍ය නොවන විශ්ව විද්‍යාලයට අනුබද්දිත)

දයාබර ශිශ්‍යයා/ශිශ්‍යාව,
                                     ඔබ ඔබගේ උසස්පෙල විභාග ප්‍රතිඵල අනුව හන්තාන පෞත්ගලික විශ්ව විද්යාලයට(පේරාදෙනිය රාජ්‍යනොවන විශ්ව විද්‍යාලයට අනුබද්දිත.) ඇතුලත් වීම සදහා තෝරාගන ඇත.
   -තෝරාගත් පාඨමාලාව :- වෛද්‍ය විද්‍යාව.
    -පාඨමාලා ගාස්තුව        :- රු. 60,00,000/=
                                    
                                    මෙම පාඨමාලා ගාස්තුව ආකර්ශනීය අඩු පොලී පහසු ගෙවීමේ ක්‍රම වලට ගෙවිය හැකි අතර,එක වර ගෙවීමේදි ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට සුවිශේශී 5% වට්ටමක්* ලබාගත හැක.
                                    
                                    *කොන්දේසි සහිතයි

                                    
                                    නේවාසිකාගාර පහසුකම් පැකේජ තුනකින් ලබාගත හැකි අතර විස්තර පහත දැක්වේ.

1)පලමු පැකේජය :- සුපිරි පහසුකම් සහිත සුකෝපභෝගී නවාතැන් පහසුකම්.
                                  වායු සමනය කර ඇත,ද්විත්ව ඇදන් සමග නලජලය,විදුලිය නොමිලේ
                                  (නව හන්තාන ශාලාව,අයිවෝ ජෙනිංස් ශාලාව).
                                 මාසික ගාස්තුව :- රු50,000/=

2)දෙවන පැකේජය :- මද්‍යම පහසුකම් සහිත නවාතැන් පහසුකම්.
                                 තනි ද්විත්ව හෝ ත්‍රිත්ව ඇදන් සමග නලජලය නොමිලේ
                                 (ජේම්ස් පීරිස් ශාලාව,මාස් ශාලාව,අරුනාචලම් ශාලාව,නිශ්මි ශාලාව,මාකස් ෆ්‍රනැන්ඩෝ ශාලාව)
                                 මාසික ගාස්තුව :- 30,000/=
                                 විදුලි ගාස්තු මසකට :- 1000/= (විදුලි ආලොකය සදහා පමනක්)

3)තෙවන පැකේජය :- අඩු පහසුකම් සහිත සහන මිල නවාතැන්.
                                 කාමරයකට තිදෙනා බැගින්
                                 (අක්බාර් සහ නෙල් ශාලාව,හිල්ඩා ඔබේසේකර ශාලාව,රාමනාදන් ශාලාව)
                                 මාසික ගාස්තුව :- 15,000/=
                                 විදුලි ගාස්තු මසකටට :- 1000/= (විදුලි ආලොකය සදහා පමනක්)
                                 ජල ගාස්තු මසකට :- 1000/=(දිනකට ලීටර 30ක උපරිමය)

                               **නවාතැන් පහසුකම් සදහා ලිංග භේදයක් නොමැත.

                           විශවවිද්‍යාලයේ නීති රීති පද්දති සහ අනිකුත් අත්‍යාවශ්ය තොරතුරු ඇමුනුම් අ සිට ඊ දක්වා අමුනා ඇත.
                           
                          සැමට අද්‍යාපනය!!
මෙයට විස්වාසී
උපකුලපති,
හන්තාන පෞත්ගලික විශ්වවිද්‍යාලය,
හන්තාන,පේරාදෙනිය,
මහනුවර,
ශ්‍රී ලංකාව.


4 ප්‍රතිචාර!!:

kasun said...

හී හී හී..
කියන්ට බෑ..කියන්ට බෑ..!!!!
හැබැයි අක්බාර් එකට දාල තියන ප්‍රයිස් එන නම් වැඩියි වගේ..හී

charithsriyan said...

ඔය ගණන් වලට වුණත් සල්ලි ගෙවන්න කැමති අය ඉන්නවනම් ඒ අයට විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙන්න දුන්නම මොකක්ද එතන තියෙන වැරැද්ද? අඩු ගාණෙ තමන් වියදම් කරන නිසා ඉගෙන ගන්න එක වත් හරියට කරාවි?

දැන් ඉන්න එවුන්ට නිකන් දෙන නිසා ඉගෙන ගන්නෙත් නෑ, ඉගෙන ගන්න එකාට දෙන්නෙත් නැති එකනෙ වෙන්නෙ.

Unknown said...

@චතූ
ටිකක් වැඩී වගේනම් තමා :P :P

@චරිත්
මෙහෙමයි,මම කියන්නෙ එහෙම දුන්නට ඇති වැරැද්දන් නෑ,ඒ උනාට ඊට පස්සෙ වෙන්නෙ පරිස්සමට දීපු දේ ඈලියාවට යන එක,ගමේ සිරිපාලගෙ,මාටියගෙ පුතාට දුවට වගේම ටවුමෙ මුදලාලිගෙ දුවට පුතාටත් වෙනසක් නැතුව ඉගනගන්න හදලා තියන විශ්ව විද්‍යාල ටික ආයිමත් සල්ලි කාරයින්ගෙ බූදල් වෙන එක.අනික ඔයා දන්නවද රාජ්‍ය නෙවන උසස් අද්‍යාපන පනතෙ අන්තර්ගතය?දන්නවද ඒකෙන් ඕනිම කොම්පැනි කාරයෙකුට තමංගෙ ටියුශන් කඩේ උසස් අද්‍යාපන ආයතනයක් විදියට රජයේ ලියාපදිංචි කරන්න පුලුවන් කියලා?

Anonymous said...

අනාගතය කෙසේ වෙයි කිව නොහැක. කෙසේ වෙතත් මෙවැනි දේ ගැන යම් අත්දැකීම් ඇති අයෙක් හැටියට සල්ලි දුන්න පමණට කොලිටිය බල්ලාට ගොස් නැති බව කිව යුතුය.



මගේ කතාව

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P