Saturday, January 14, 2012

තවත් මතෘකාවක් නැති ලිවිල්ලක්.....

ජීවිතය තුල මා ආදරය කරන දේවල් හෝ අයවලුන් විශාල ප්‍රමානයක් නැත,
කුඩා කල පටන්ම මා විශාල දේවල් ප්‍රමානයකට ඇලුම් කලේද නැත,
මේ කුඩා කල මා ඉල්ලා හැඬු දෑ වලින් වැඩි ප්‍රමානයක් මිලදී ගැනිමට මා පවුල සතුව වත් කමක් නොතිබූ නිසා විය හැකිය.
මට මතක ඇතී ඈතම අතීතයේ පලමුවෙන්ම මා ආදරය කල දෙය වූයේ කුඩා කතන්දර පොත් කිහිපයකි,
"ගෙඹි කුමාරිය" සහ "නිමල්ට තෑග්ගක්" යනුවෙන් නම් වූ ඒවා,මා පන මෙන් අවුරුදු කිහිපයක් රැක ගත්තත්,කුඩා සහොදරියගේ ආගමනයත් සමග ඒවා විනාශයට පත් විනි.
දෙවැන්න බැටරි බලයෙන් දිවූ කුඩා සෙල්ලම් කාරයකි,එවකට රුපියල් 150ක් පමන මිල වන්නට ඇති එය,
මගේ සීයා විසින් මා සදහා මිලට ගන්නා ලද්දකි.අවුරුදු 4කට වැඩි කාලයක් මා සතුව තිබූ එය,කුඩා කල ඇලුම් කරන දෑ උස් මහත් වන විට අවශ්‍ය නොවන න්‍යායට අනුව,මා අතින් ගිලිහී සහෝදරිය අත මෑතක් වන තුරුම තිබිනි.
මී ලඟට මට වඩාත්ම අවශ්‍ය වූ ලැයිස්තුවෙහි තිබුනේ විදුලි ඕගනයක් සහ පටල කැමරාවකි,ඒවා ඉටු නොවූ සිහින පමනක්ම විය.
මී ලඟට කරලියට පැමිනියේ වීඩියෝ ක්‍රීඩා යන්ත්‍රයකි,එවකට ඉතා ජනප්‍රියව තිබූ ඒවාගෙන් එකක් මටත් අවශ්‍යව තිබූයේ සෑහෙන කලක සිටය.පහ වසර විභාගය සමත් වීම හේතුවෙන් මැට ලැබුනු තිලිනය එයයි.
මී ලඟට පැමිනෙන්නෙ පරිගනකය නමුදු මා ඒ සදහා විශාල ඇල්මක් හෝ ආදරයක් දැක්වූයෙ නැත.

ආදරය කල දේවල් වලින් පසු ආදරය කල අයවලුන් ගැන සලකා බලමු.කුඩා කල පටන්ම පවුලේ අය කෙරෙහි මාගේ විශාල බැදීමක් නොතිබුනේ මක්නිසාද යන්න අදටත්  ම්අට වටහා ගැනිමට නොහැක්කකි.පවුලේ සාමාජිකයෙකුගෙ වෙන්ව යාම මාගේ දෑසට කඳුලක් නැංවිය හැකි නමුත්,බොහෝ පුත්ගලයින්ගේ මෙන් මාගේ ජීවිතය එක තැන නතර කිරීමට එය සමත් නොවනු ඇත.දින ගනන් ගෙදරින් පිටවී සිටියත්,ගෙදරට දුරකථන ඇමතුමක් හෝ ලබා දීමට මා හට අමතක වන්නෙ මේ හේතුව නිසා විය හැකිය.

මී ලඟට මා ආදරය කල හෝ තවමත් කරන කැනැත්තියන් කිහිප දෙනෙකු ස්ටිත්,
පලමු වැන්නිය මා සත් වැන්නෙහි හෝ අට වැන්නෙහි ඉගනුම ලබන කාලයේදී දුටු මට වඩා වැඩි මහලු පන්තියක(නව වැන්නෙහි විය හැක) ඉගනුම ලැබූ තැනැත්තියකි,දුටු වහාම බැදුනු ප්‍රේමයක් හෙවත් "ක්‍රශ්" එකකින් මා ඇය හා බැදී සිටියෙමි.නමුදු කාලය පසුවන විට ඇය පිලිබඳ අදහස මග හැරී ගියේය,

මෙලෙස විස්තර කිරීමට බැරි තරම් සිත් ගත්තියන් සිටියත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමානයක් මට වඩා වසරකින් පමන වැඩි මහලු වීම විශමය දනවන කාරනයකි.

අවසාන වශයෙන් ස්දහන් කිරීමට ඇත්තෙ ආදරය හෝ ඇලුම් ක්අරන දේ අඩු වීමෙන් ජීවත් වීම පහසු වී ඇති බවත්.දැන් මා සිටින තත්වයට මා ගෙනවිත් ඇත්තේ මේ ගුනය නිසා බවත්ය...

3 ප්‍රතිචාර!!:

මකුළුවා..... said...

හරියටම හරි මල්ලි....ඇළුම් කරන දේ සීමා කරන්න පුළුවන් නම්...අපිට ජීවත් වෙන එක වඩා පහසුයි

නාකියා said...

"මෙලෙස විස්තර කිරීමට බැරි තරම් සිත් ගත්තියන් සිටියත් ඔවුන්ගෙන් වැඩි ප්‍රමානයක් මට වඩා වසරකින් පමන වැඩි මහලු වීම විශමය දනවන කාරනයකි."

මෙතන ඔයා කියන්නේ ආදරේ ගැන නම් ආදරේට වයස බල නොපානව කියන එක මන් හුගක් තැන් වලදි දැකලා තියෙනවා මල්ලී.
(පහුගිය දවස් වල බුකියෙ පිස්සු කෙළියෙත් එහෙම කෙනෙක් එක්කද?)
එහෙම නැත්තන් මගෙ සිත් ගත්තු කී දෙනෙක් ඉන්නවද මට වඩා වැඩි මහල් අක්කලා...

ගෙට්ටුවේදි විභූති මල්ලි නම් හම්බ වුනා.ඔයත් එන්න තිබ්බේ මල්ලී..

Unknown said...

@මකුලුවා අනිවා අනිවා

@නාකියා ඔව් ඔව් ආදරේ වගේ එකක් ගැන තමා,බුකියෙ පිස්සු කෙලියෙත් ඒ වගේ එකක් ගැන තමා(හෑ මේකා කොහොමද මම කෙලිය පිස්සු දැක්කෙ? :O)
ගෙට්ටුවට එන්න බැරි උනානෙ..අපි කුරුල්ලො බලන්න ගියා..සයිබර් ෆෙස්ටිවල් එකේදිවත් හම්බ වෙමු..(ඒක නුවරනෙ :D)

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P