Friday, June 24, 2011

ඇය

ඇය නැතනම් එයා
මට හම්බ උනෙ අන්තර්ජාලය හරහා..
අපි කවුරුත් දන්න බුකිය හරහා..

මතකද මම දාපු මේ නිසදැස?
ඒක එයා ගැන..
අග ටිකනම් තාම උනේ නෑ..

ඇත්තටම අරමුනක් නැතුව එක එක කෙල්ලො ගාවට දුවපු හිතට,
එයා අරමුනක් දුන්නා,
නැත්නම් මම එයාව අරමුනක් කර ගත්තා..
මේ ලඟක් වෙනකන්ම ඒක නිකංම අරමුනක් විතරක් උනත්,
එයා මට හුඟාක්(මම හිතන විදියට) ලං උනා,
මම එයාට ලං උනාද කියන එකනම් දන්නෙ නෑ..

ඒත් එයා මේ ලඟදි,
මම මගේ වෙන කෙල්ලට තියෙන්නෙ ඕනි කියලා හිතන කොන්දේසියක්,
"අම්මා කෙනෙකුගෙ හදවත"
එයාට තියනවා කියලා පෙන්නුවා,

හිත ආයිමත් ප්‍රස්න වල,
එයා මට කැමති වෙයිද?
අකමැති වෙන්නත් හේතු ගොඩාක් තියනවා,

අනික එයා මගේ හොදම යාලුවෙක්,
මම කොහොමද යාලු කම බිල්ලට තියන්නෙ,
සදාකාලිකයිද කියලවත් හරියට දන්නෙ නැති හැඟීමක් වෙනුවෙන්?

කාලෙකට කලින් හිතින් ඈත් උනු සැනසිල්ලක්,
එයා ගැන මතක් වෙනකොට හිතට එනවා,

ගලන සිතුවිලි ධාරාව,
මෙහෙම බ්ලොග් එකට,
එයා බ්ලොග් එක බලන්න තියන ඉඩ බොහොම අඩු හන්දා!! 

9 ප්‍රතිචාර!!:

කිඩෝ said...

මොකෝ කියන්නේ එයාට බ්ලොග් එක පෙන්නමුද, මම කිව්වේ අහම්බයකින්...

Sri said...

හ්ම්ම්.... දැවෙන ප්‍රශ්ණයක්...

Unknown said...

@කිඩෝ
පිස්සු කෙලින්න එපා...(ඒ පෙන්නලා බැලුවනම් හරි නෙහ්)

@ශ්‍රී
නෑ නෑ කූල් වෙන එකක් බං :D :D

ප්‍රාර්ථනා said...

මල්ලිට ගිය කල... මල්ලිට එන කල නම් මල් 7යි වගේ..^_^.. කියන්ඩ තියෙන්නෙ මේ දේ..
සියල්ල යථාකාලේ තතා අයුරින් සිද්ධ වෙයි..;)

Unknown said...

@ප්‍රාර්තනා
:P :P එන කල මල් හතයි තමා..කැමති උනොත් ලොල්

kasun said...

මං හිතන්නේ ඔය කියන කෙනා ගැන මං දන්නවා වගේ....
ආදරෙයි නම් හොදම යාලුවෙක් එක්ක උනාට කමක් නෑ බන්..!!!
ඒක වඩා සාර්ථකයි...!!!
හෙමින් සැරේ අයිඩියා එක දාල බලපිය... අකමැති වෙන එකක් නෑ එයා...!!

Unknown said...

@චතූ
උඅබ දන්නවා තමා බං :P :P
කවුද දන්නෙ කැමති වෙයිද කියලා...කෝකටත් තව ටිකක් ඉන්නවා

සරත් ලංකාප්‍රිය said...

මං නම් බැඳ ගත්තේ අවුරුදු දහයක් දන්නා යාලුවෙක්.. ( අදහස ආපු දා ඉඳන් අවුරුදු දෙකක් ඕක කියන්න ගට නැතුව හිටියනේ..) ඒ හින්ද මගේ දුරුවල කම් දැනගෙනයි මාත් එක්ක ආවේ. එක හොඳයි..

Unknown said...

@සරත්
මම නම් මෙයාව දැනගන තවම මාස 4ක් විතර :P :P
තව අවුරුදු 2ක් කියන්නෙ නැතුව හිටියොත් බඩුම තමා..වෙන කැම්පස් එකකට යන්නෙ :O :O

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P