Sunday, July 31, 2011

බ්ලොගේ පාලු වීම සහ ඔන්ලයින් බූරු ගැසීම??

හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ..
කොහෙද කාලෙ කන්න වෙන වැඩ ටිකක් අහු උනානෙ..
දැන් බස්,බුකි මදිවට මම ටුවිටරේටත් සෙට් උනානෙ,ඔය පැත්තකින් තියෙන්නෙ පලෝ බටන් එක.
කාලෙ කන්න මරු වැඩ ටික..මේ දවස් වල කාලෙට කරන්න වෙන වැඩකුත් නැති හන්දා ඒකත් අවුලක් නෑ :P

තවත් එක හේතුවක් තමා කට්ටියම ඔන්ලයින් බූරු ගහන්න පටන් ගත්තු එක..
බූරු කිව්වර ඉතිං බූරුම නෙවෙයි.
බස් පදින අපේ කට්ටියක් දවසක් ඕමි ගැන කථා උනා.ඕක අහලා මම තුමාට හිතුනා ඔන්ලයි ගහන්න පුලුවන් ඕමි ගේම් එකක් තියනවද බලන්න කට්ටියත් එක්ක ගහන්න
හොයද්දි දැනගන්න ලැබුනා ඕමි කියන්නෙ ලංකාවෙ හැදිච්චි ලංකාවට අනන්‍ය ක්‍රීඩාවක් කියලා :( :(
එතින් මොන ඔන්ලයින්ද, හමාගෙ සිංහල ඕමි පිහිටයි ඕමි ගහන්න ඕනි කට්ටියටනම්.. :P

ඒත් ඉතිං අපිට ඕමි වගේම විස්ට් කියලා ක්‍රීඩාවක් ඔන්ලයින් ගහන්න පුලුවන් තැනක් සෙට් උනා :D
whistportal.com
මේ වෙබ් අඩවියෙන් එක්කො තමන්ගෙ බ්‍රව්සරෙන්ම,
එහෙම නැත්නම් ජාවා වෙබ් ස්ටාර්ට් පාවිච්චි කරන ඇප්ලිකේශන් එකකින් සර්වරේකට සෙට් වෙලා ඔන්ලයින් විස්ට් ගහන්න පුලුවන්..
ජාවා ඔනි කියලා කියන්න ඕනි නෑනෙ :D :D

කරන්න තියන දේ හරිම සරලයි ඇප් එක ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ නෙට්වර්ක් ඇක්ස්සස් වලට අවසර දීලා අලුත් යූසර් එකක් හදාගන්න ඕනි..ඊමේල් එකක් ඉල්ලුවත් වෙරිෆයි කිරීම් මොනවත් නෑ..
කෙලින්ම ලොග් වෙලා ක්‍රීඩා කරන්න තමයි තියෙන්නෙ
මේකෙ ගේම් වර්ග කීපයක් තියනවා,
විස්ට් පවුලෙම ඒවලු,මටනම් තේරුනෙ විස්ට් ක්ලැසික් කියන එක විතරයි
ඒක ඔමි වගේමයි වෙනස කාඩ් කුට්ටමෙ ඔක්කොම කොල පාවිච්චි කරනවා.
කැට දෙන විදිය ටිකක් වෙනස් වගේ..
තව මිනසෝටා විස්ට්
බිඩ්52 කියලා එව්වත් තියනවා..

ඒ සර්වරේ වැඩියෙන්ම ඉන්නෙ ඇමරිකන් කාරයො..
උනුත් එක්ක රවුමක් සෙට් උනොත් අපි කාලා හමාරයි :D :D
මේ සර්වරෙ ලොබි කියලා චැට් බොක්ස් එකකුත් ටේබල් එකට වෙන වෙනම චැට් බොක්සුත් තියනවා
කතා කර කර ගහන්න පුලුවං.. (අපේ උංනං වැඩි හරියක් කියන්නෙ අරවා :P සුද්දොන්ට පලු යන්න බනිනවා :D)
මේකෙ තව ගොඩක් දේවල් තියනවා
ප්ලේයර් රෑංකිං වගේ දෙවල් එහෙම :D

හරි එහෙනම් කියෙව්වා ඇති ආස කට්ටිය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකො..මටත් ගේමකට ඉන්වයිට් කරන්න මම madushan1000 සර්වරේ :D


6 ප්‍රතිචාර!!:

Slankapriya said...

ලියන්නයි කියවන්නයි නැති කාලේ නම් මේක අපුරුයි. එත් දැන් පිටුවට දාගත්ත බ්ලොග් ටිකට යන්නම දවස් ගණනක් යනවා. වැඩ කරන්නත් එපාය පඩියට !

මදුශාන් නිශාන්ත said...

ඒක තමා වැඩේ මටත් තව ටික දවසකින් වෙලාවක් තියන එකක් නෑ..කැම්පස් පටන් ගනීනෙ මාස 3ක් පරක්කු උනාට :D :D
කොහොමද මගේ අලුත් කොමෙන්ට් සිස්ටම් එක?

Gehan Chandika said...

අලි මදිවට හරක්! දැන් සේරම නවත්තල බූරු ගහපං. :D

මදුශාන් නිශාන්ත said...

ආයිත් අහලා මේ දවස් වල ගහනවා නැති වෙන්න :D :D

චතූ.... .. said...

හුම් හුම්......!!!!
:D :D

මදුශාන් නිශාන්ත said...

මොකද බං හුම් හුම්??

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P