Wednesday, August 17, 2011

කාලය එච්චර නපුරු නෑ.................

පසුගිය වසර තුනක් පුරාවට ඇය එවා තිබු පනිවුඩ ගනනාව පුරාවට දහස් වැනි වතාවටත් දෑස ගෙන ගිය මා,
ඇය ඔන්ලයින් එනු දුටු මොහොතේම,
"වීඩියෝ ඇමතුමක් ලබාගන්න"
විදානය ලබාදුන්නෙ වසර ගනනාවකට පසුව,
පලමු ඇමතුමේදී,
කුමක් පවසන්නදැයි කිසිම අදහසකින් තොරවයි.....

"ඔබ ඇමතූ ෆේස්බුක් පරිශීලකයා මේ අවස්තාවේදි වෙනත් ඇමතුමක් ලබාගනිමින් සිටී...කරුනාකර පසුව අමතන්න"
යාන්ත්‍රික හඬ නෑසි යද්දි,

හිතට ගලා ආ අදහස,
"එයා යාලුවෙකුට කෝල් කරනවා ඇති..."
ඊලඟ මොහොතේ බිඳ වැටුනේ,
තිරයේ සදහන් වූ
"ඔබට _____ගෙන් පැමිනෙන ඇමතුමක්"      පනිවුඩයත් සමගමයි,

සියුම් විශ්මයක් කැටි වූ හැඟීමකින් ඇමතුම අනුමත කල වහාම..

"අනේ ____"...

නැගුනු ඇගේ හඬ වසර ගනනාවකට පසුවද පැරනි ලෙන්ගතු හැඟීමම ලබාදුන්නෙ,
කෙසේ සිදු වූවාදැයි වචන දහසකින්වත් පැහැදිලි කිරීමට නොහැකි ලෙසකින්.....

........................................................................................................................................

ඇගේ පලමු සහ දෙවන ප්‍රතික්ශේප කිරිම් වලින් ජීවිතය ඉගෙනීමටම කැප කිරීමට ඉටාගත් මා,
එය සදාකල් නොපවතින අදිටනක් වේයැයි සිතූයේ,
මා සිත එක තැනක පවතින්නෙ ඉතා සුලු කාලයක් නිසාවෙන්,

නමුත් ඉගෙනුමට ඇති ඇල්ම මෙන්ම එම අදිටනද නොනැසී පැවතුනේ,
මාගේ නිසඟ ස්වභාවයට අභියෝගයක් වෙමින්...
ප්‍රතික්ශේප කිරීම කෙසේවෙතත් මා ඇය සමග සබඳතා හැර දමන තුරු ඇය මට සැබෑම මිතුරියක් උනා..

......................................................................................................................................................

උත්සාහ කල පලමු වතාවේදීම උසස් පෙල කඩයිම සමත් වී සරසවියට ඇතුල් වීමට වරම් ලැබූවත්,
සරසවිය ආරම්භ වීමට අසාමාන්‍ය ලෙස කල්ගත වීම නිසා ඉගෙනීමට හැකි විකල්ප ක්‍රම පිලිබදව සොයාබැලීමට මා පෙලඹුනේ,
ජීවිත කාලය නාස්ති වූවා ඇතැයි සිතීම නිසා,
සොයාබැලීම් වල ප්‍රතිඵලයක් ලෙස සරසවිය ඇරඹී පලමු සමාසය තුල මට මෙරටට පැමීනීමට හැකි වූයෙ ද්විත්ව උපාදියක් සදහා...

සරසවියේ මාගෙ සහෘදයන් සිතන්නට ඇත්තේ මා වෙනත් සරසවියකට සිසු මාරුවක් සඳහා පිටව යන්නට ඇති බවයි,
එය නිවැරදි කිරීමට කාල වේලාවක්  නොවූයේ මෙරටට ආ විගස ඇති වූ දහසකුත් එකක් ප්‍රස්න ගැන සිත යොදවන්නට සිදු වූ නිසාවෙන් සහ මා මවුරටින් පිටව ආවේ සරසවි කාර්‍ය මන්ඩලයේ යම් ගැටලුවක් නිසා සරසවිය වසා දමා තිබූ කාලයක බැවින්..

පාසල් කල මා මිතුරන් සමග තිබූ සබැදියාව සරසවි ගත වීමත් සමගම යම්තාක් දුරට බිදවැටීම හේතුවෙන් රට හැර යාම ඔවුනට දැන්වීම ඇවැසියැයි මා නොසිතුවා...

මා යම් කිසි සුලු හේතුවක් මත ඇය සමග හිත් අමනාපයකින් සිටි බැවින් රට හැර යාම ඇයට නොදැන්වීම මා කල විශාල වරදක්,

මාගෙ රට හැරයාම දැන සිටියේ මාගෙ පවුලේ පිරිස සහ මට මෙරටට පැමිනීමට අත දුන් තැනැත්තා පමනක් වන අතර,
අසල් වැසියන් සහ මිතුරන් තවමත් සිතනවා ඇත්තෙ මා සරසවියේ බව විය යුතුය,
ඔවුන් නිවැරදි නොකරන්නයැයි මා පවුලේ අයට කියූවේ මා සරසවියේ උවත් මෙරට උවත් ඔවුනට එයින් වැඩි වෙනසක් නැති බැවින්......

.................................................................................................................................................

එවකට,සමාජ ජාල වෙබ්අඩවි වලට බෙහෙවින් ඇබ්බැහි වී සිටි මා එයින් මිදුනේ විශාල උත්සාහයකින් පසුව බැවින්,
මෙරටට පැමිනි පසුව මම සමාජ ජාල අඩවි අත් හැර දැම්මා,
එනිසා මගේ මිතුරන්ට මා ගැන කිසිම හෝඩුවාවක් නැති වන්නට ඇති,

තවමත් ගූගල් සමාජ ජාලය සමග කරට කර තරඟයක් දෙමින්,
නොනැසී පැවතෙන ෆේස්බුක් වෙබ් අඩවියට මසකට දෙකකට වරක් පැරනි පුරුද්දට ගොඩ වැදුනත්,
ඒ කලකට පසුව දුටු සහෘදයෙකු දෙස දුරින් බලා සිටින්නා මෙන් මිස පැරනි ඇඟෑලුම් කම නැවත අරඹ්න්නට නොවේ,
එනිසා මකුලු දැල් බැදෙමින් පැවති මගේ බිත්තිය "ස්ටේටස් මැසේජ්" එකකින් පිරිසිදු කරන්නට වත්,
මැසේජ එකසිය ගනනක පැවති මගේ "පැමිනි පනිවුඩ" පෙට්ටිය බලන්නටවත් මට උවමනාවක් තිබුනේ නැහැ...

සත්‍ය වශයෙන්ම මට ඕනෑ වී තිබුනේ ලෝකයෙන් වෙන් වී තනි වන්නට විය යුතුයි.......
.................................................................................................................................................

කාර්‍ය බහුල පලමු වසර තුනෙන් සහ සමාසික සයෙන් පසුව මා ඉගන ගන්නා විශයන් වල ප්‍රායෝගික පුහුනුව සදහා පිටව ආවේ දෙමසකට පෙරයි....
මෙහිදී මා හදුනා ගත් මිතුරන් සහ මා වෙන් වූයෙ කිලෝමිටර දහස් ගනන් වලින් වන බැවින් ඔවුන් සහ සම්බන්ද වීමට පහසුම විකල්පය වූයේ සමාජ ජාලයක් බැවින් පැරනි ෆේස්බුක් පිටුවේ මකුලු දැල් කඩා භාවිතයට ගන්නට සිතුවා...

පලමු දින කීපයේ අලුත් පින්තූරයක් දමා මගේ මෙහි මිතුරන් එකතු කරගත්තා....
ප්‍රායෝගික පුහුනුවලින් පසු නවාතැනට පැමින "වීඩියෝ ඇමතුම්" හරහා මෙහි මිතුරන් රෑ වනතුරු කයිවාරු ගැසූ මට මේ වන විට මවුරටේ මගේ මිතුරන් සෑහෙන තරමකින් අමතක වී තිබුනා....

සියල්ල වෙනස් කරමින් සති දෙකකට පෙර එක් දිනෙක "පැමිනි පනිවුඩ" පෙට්ටියේ ඇති පනිවුඩ සියල්ල කියවා

දමන්නට සිතුනේ,
නිවස්න පිටුවේ සිටිනා විට "ඔබේ පැමිනි පනිවුඩ පෙට්ටියේ xx ප්‍රමානයක් නව පනිවුඩ ඇත" යනුවෙන් දිස් වුනු පනිවුඩය ඇසට තරමක් කරදර කාරී වූ නිසා,

"කන්ඩායම් පනිවුඩ" සහ "පිටු යාවත්කාලින" හැරුනු විට වැඩි ප්‍රමානයක් තිබුනේ පැරනි මිතුරන් මා රට හැර පැමිනි

දින වල මා සොයමින් එවූ පනිවුඩයි...
ඔවුනට පිලිතුරු සැපයීම "එයාලට දැන් මාව අමතක වෙලා ඇති" යන්න නිදහසට කරුනක් කර,අලස සිතින් මග හැරි මා,
හදිසි‍යේම දුටු පනිවුඩ කිහිපයකින් ගල් ගැසී ගියා,
ඒ ඇයගේ නමට තිබූ පනිවුඩ ගොනුවයි..

මා රට හැර ආ දිනයේ ඇය නොමනාපය අහවර කරන්නට මට කෙටි පනිවුඩයක් තබා තිබුනා..
මා මවුරටින් පැමිනෙද්දි ජංගම දුරකතන අංකය,පැරනි ඊමේල් ලිපින ආදිය විසන්දි කර දැමූ නිසා,
පැරනි ලෝකය සමග තිබූ එකම සම්බන්දය වූයෙ ෆේස්බුක් පිටුවයි..
මාගේ ජංගම දුරකතනය ප්‍රතිචාර නොදක්වන කල්හි ඇය මට ෆේස්බුක් පනිවුඩයක් එවා තිබුනේ

"___ තාම තරහද?,මමනම් තරහා අත ඇරියා.මොකද ෆෝන් එක වැඩකරන්නෙ නැත්තෙ?" අසමින්..
එවකට ප්‍රභල ෆේස්බුක් පරිශීලකයෙකු වූ මා එවන් පනිවුඩයක් නොදකින්නට ලෙසක් නැති බව ඇය සිතන්නට ඇති..

පලමු දිනයේ එසේ උවත් දෙවන සහ තුන් වන දින වල ඈ මා අසා එවා තිබූ පනිවුඩ ගනන 30ක් දක්වා ඉහල ගොස් තිබුනා......
මගේ ෆේස්බුක් පිටුවේ කිසිදු යාවත් කාලින කිරීමක් සිදු නොවෙනු දැක යම් හේතුවක් මත මා එය අත් හැර දමන්නට ඇති බව වටහා ගන්නට ඇතත්.ඇය මසකට වරක්වත් මගේ සුවදුක් විමසා පනිවුඩයක් තබා තිබුනා..

ඇගේ සමහර පනිවුඩ හුදෙක් සුවදුක් විමසීමටම පමනක්ම සීමා වී තිබුනේ නැහැ........

ඇගේ පනිවුඩ ගොන්න බලා අවසාන වන විට කාලයේ වැල්ලෙන් වැසුනු බලාපොරොත්තුවක් නැවතත් මන්දාලෝකයකින් දැල්වෙන්නට උනා....

ඉදින් මා දකින විට ඇය අවසන් පනිවුඩය තබා තිබුනේ සතියකට පෙරයි......

ඒවා දුටු වහාම මගේ ජංගම දුරකතනයේ තවමත් පැවති ඇයගේ පැරනි අංකයට ගත් ඇමතුම සාර්තක නොවූයේ පසුගිය වසරේ සිදුවූ අන්තර් ජාතික ජංගම දුරකතන අංක සංශෝදනය නිසා වියයුතුයි..
පැරනි මිතුරන් කිසිවෙකු සම්බන්ද කරගැනීමට නොහැකි මට කලහැකි එකම දෙය වූයේ,
ෆේස්බුක් පනිවුඩයක් තබා ඇගේ පනිවුඩ නැවත නැවත කියවීම පමනයි.
පසුගිය දෙසතිය පුරාවටම මා හැකි සෑම වේලාවකම "ඔන්ලයින්" ලෙස චැට් තත්වය තැබූවත්,
ඇයත් ෆේස්බුක් ගොඩවන්නෙ ඉදහිට නිසාවෙන්දෝ,
පෙරේදා වන තුරු මට ඇය දකින්නට ලැබුනේ නැහැ................
..........................................................................................................................................


වසර තුනක් ඇයගේ සිතේ සිරවී තිබු සිතුවිලි මගේ අභියස දිගහැරෙන්නට පටන් ගත්තෙ,
මට වචනයකුදු පැවසීමට ඉඩක් නොදෙමින්,

සිතුවිලි වලින් යමක් තේරුම් ගන්නට,
"___ මට ඕයාව හුඟක් ඕනි කියලා තේරුනේ,ඔයා ලඟ නැති බව දැනුනට පස්සෙ"
වදන් පෙල සැහේවියැයි මා සිතනවා....

මෙරටදී මට පැමිනි ආරාදනා සියල්ලම පාහෙ මා ප්‍රතික්ශේප කර ඇත්තෙ නොදැනුවත්වම ඇය වෙනුවෙන් විය යුතුයි.
ලබන වසරේ ඇගේ අද්‍යන කටයුතු අවසාන වූ වහාම ඇය මෙරටට පැමිනේවි....
ඉඳින් පතනවාද අපට සුභ අනාගතයක්??
...............................................................................................................................................

16 ප්‍රතිචාර!!:

Dharana Korale Arachchi said...

සුභම සුභ අනාගතයක්... එක හුස්මට කියෙව්වා..

සුදු මැණිකේ (මැණික්) said...

ලස්සනයි........ පතන්නම් සුභ අනාගතයක්....!!!

Semini Gunawardane said...

කතාව නම් ලස්සනයි. එක දිගට කියෙව්වා..ඔන්න ඔයාලට මගෙනුත් සුභ පැතුම්................:)

මදුශාන් නිශාන්ත said...

මට නිවැරදි කරන්න හිතෙන්නෙ නෑ,මේක මගේ කතාව නෙවෙයි...සමහර විට මගේ අනාගතයේ කතාව වෙන්න පුලුවන්.. :D

මදුශාන් නිශාන්ත said...

උස කියපු එකමයි මේක මගේ කතාව නෙවෙයි..කෙසේ වෙතත් සුබ පැතීමට ස්තූතී :D

මදුශාන් නිශාන්ත said...

:D බොහොම ස්තූතී :D

Indika27 said...

හරි ලස්සන අවසානයක්....ඒත් අපිට නැති එක ගැන ඉරිසියය්..බොරු ඕනි..මමනම් ඔයා තරම් මතක හිටින්නෙ නැතුව ඇති එයාට...ඒ කීවෙ මගේ කෙනාට...

Hima Kumari said...

අනිවාර්යෙන්... සුභම සුභ අනාගතයක් වේවා...!!! :)

Samitha Karunarathna said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්..........
​​​දෛවයේ සරදමක්.
ලස්සන කතාවක් :)

මදුශාන් නිශාන්ත said...

හෙ හෙ මාවත් මතක හිටිද දන්නෙ නෑ

මදුශාන් නිශාන්ත said...

තැන්කු තැන්කු :D

මදුශාන් නිශාන්ත said...

:) :) සරදමක්ම වෙයිද දන්නෙ නෑ

Rushikapallemulla said...

Great Story............. !!!!!!!!!!!!

මදුශාන් නිශාන්ත said...

Thanx...

Haa pAtikki said...

හෑ.............. හැබෑටම හීනයක්වත් දැක්කද මලේ...... නැඟිටින්න නැඟිටින්න........... :)

මදුශාන් නිශාන්ත said...

හැක් හැක්...ජීවිතේම හීනයක් වෙන එකේ..ජීවිතේ එක සම්භාවිතාවක් වචන වලට පෙරලුවා :D :D

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P