Wednesday, August 3, 2011

මා දුටු හොඳම රචකයන් (පොත් සහ බ්ලොග් අතර)


මම අද බ්ලොග් ලියමන ලියන්නේ රචකයන් ගැනය.
රචකයන් ගැන ලියන්නට කලින් පොත් ගැන ලිවිය යුතුය..
මම පොත් දහස් ගණනක් කියවා ඇති බව මට විශ්වාසය මක් නිසාද යත් උසස් පෙළ පන්ති වලට ඒමට පෙර මම දිනකට පොත් දෙකක්වත්කියවූ බැවිනි.
මගේ පොත් කියවිල්ල ගැන මගේ බ්ලොගය බැලු අය දනී...
මගේ ඉංග්‍රීසි දැනුම එපමණ හොඳ නැති බැවින් මා බලන්නෙ සිංහල පොත්ය.
පරිවර්තන,ප්‍රබන්ධ,කෙටි කථා,නව කථා,පත්තර සඟරා,අම්මා බඩු ඔතාගන එන කොළ කෑලි පවා කියවීමට මා පුරුදුව සිටියෙමි,
කියවීමේ දේ හිඟ බැවින් මේ පුරුද්ද මග හැරෙමින් පවතී,
හිඟ වීමේ හේතුවනම් මිතුරන් හමු වීම අඩු වීම සහ අප නගරයේ පුස්තකාලයේ හොඳ කමයි.
බ්ලොග් කියවීම මේ අතරට එක් උණත් අඩු පාඩුව පුරවාලීමට එය ප්‍රමාණවත් නැත..


දැන් රචකයන් ගැන 


මා කියවීමට වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ විද්‍යා ප්‍රබන්ධයි.
ඔබ කියවන්නෙක්නම් සිංහල විද්‍යාප්‍රබන්ධ වල හිඟතාවය ගැන දන්නවා ඇත.
බෙහෙතකටවත් සොයාගන්නට පවතින්නෙ සිංහල විද්‍යාප්‍රබන්ධ අල්පයක් වන අතර ඒවාද ප්‍රසිද්ධ "X-files" වැනි රූපවාහිනි මාලා නාටකවලින්,හෝ විද්‍යාප්‍රබන්ධ චිත්‍රපටියකින් "කොපි" කරගන්නා ලද චරිත සහ සිද්ධීන් වලින් පිරී ඇත.
පරිවර්තන ගැන තත්වය යම් යහපත් තත්වයක පැවතුණත් මෑතකදී පරිවර්තනය වන විද්‍යාප්‍රබන්ධ ප්‍රමාණය අඩුවී ඇත,
පරිවර්තනය ඌ ඒවාගේද ගුණාත්මක භාවය අඩු වී ඇත.


විද්‍යාප්‍රබන්ධ කලාවේ මුදුන් මල්කඩ සේ මා සලකන්නෙ "ආතර් සී ක්ලාක්" මහතාය.
ඔහුගේ නිර්මාණ ගණනාවක්ම සිංහලට පරිවර්තනය කල "එස්.එම්.බන්ධූසීල" මහතාට සහ අනෙකුත් පරිවර්තකයන්ට පින් සිදුවන්නට මමඔහුගේ ප්‍රසිද්ධ නිර්මාණ සියල්ලම පාහේ කියවා ඇත.
ඔහුගේ විද්‍යාප්‍රබන්ධ අභ්‍යාවකාශයට,යාන්ත්‍රික අනාගතයකට,පිටසක්වල ජීවින්ට පමණක් සීමා වී නැත.
තාරකා විද්‍යාව,ජීවය,මනස සහ දහසකුත් එකක් මාතෘකා අතර විහිදී ඇති ඔහුගේ නිර්මාණයක සෑම වචනයකින්ම අපට උකහාගන්නටදෙයක් මෙන්ම සිතන්නට දෙයක්ද පවතී.
"අහ්‍යාවකාශ වීර චාරිකාව" පොත් පෙළෙහි ඔහු අපව මානව පරිණාමයේ ආරම්භයේ පටන් ඉතා දියුණු පරමාදර්ශී අභ්‍යාවකාශශිෂ්ටාචාරයක් දක්වා ගෙන යයි.
"ගැඹුරු මුහුද" ලෙස සිංහලට පරිවර්තනය වී ඇති කෘතියේදි මුහුදු පතුල් කරා ගෙනයයි.
මොහුගේ සුවිශේසීතාවය වනුයේ කියවන්නාට විද්‍යාප්‍රබන්ධයේ ඇති තාක්ෂණික කරුණු පිළිබදව අවබෝධයක් ලබාදිමට උත්සාහ කිරීමයි.


විද්‍යාප්‍රබන්ධ කලාවේ ආරම්භකයා ලෙස සැලකෙන "ජූල්ස් වර්න්ගේ" නිර්මාණ දෙස බැලීමේදී,
පැහැදිලිව පෙනීයන්නෙ ඔහු කතාවෙ ගලායාම ගැන මිස විද්‍යාත්මක අන්තර්ගතය ගැන වැඩි සැළකිමක් දක්වා නැති බවයි.
නමුත් ඔහුගේ කාලය පිළිබදව සැලකීමේදි විද්‍යාත්මක අන්තර්ගතයක් තේරුම් ගැනීමට හැකි පුත්ගලයින් සිටින්නට ඇත්තේ අල්පයක් බවඋපකල්පනය කල හැක.


"අයිසැක් ඇසීමෝව්" හොඳ රචකයෙක් බව අසා තිබුණත් මා ඔහුගේ නිර්මාණ වැඩිපුර කියවා නැත.


සිංහල විද්‍යාප්‍රබන්ධ කලාවේදි මා හොද රචකයින් කිහිප දෙනෙක්ම දැක ඇති මුත් ඔවුන් සියලුදෙනාම පාහේ එක් කෘතියකට ඔවුන්ගේනිර්මාණ සීමාකර නිහඬ වීම ශෝකජනක කාරණයකි.
මෙහිදී මා දුටු හොදම නිර්මාණය වන්නේ "දමිත් නිපුණජිත්" ලියූ "විස්මිත සිහින දකින්නා" කෘතියයි.
කෙටි කථා කිහිපයකින් සමන්විත මෙහි සෑම කතාවකින්ම පාහේ බටහිර විද්‍යාප්‍රබන්ධ වල පවා දක්නට නොමැති අලුත් මතවාදයක් ඉදිරිපත්කරන්නට උත්සාහ දක්වා ඇත.
තව දුරටත් ප්‍රබන්ධ කරණය කළහොත් ඔහුට රචකයෙකු ලෙස හොද අනාගතයක් තිබෙනු ඇත.


විද්‍යාප්‍රබන්ධ ගැන කතාකිරීමෙද මට තවත් එක් අවනඩුවක් ඇත,
නවක රචකයන්ට ඉඩ දෙමින් "විදුසර" පුවත් පතේ පවත්වාගන ආ "විද්‍යා ප්‍රබන්ධය" විශේෂාංගය වසර දෙකක පමණ සිට නවතා දමා ඇත.. :(


මීළඟ ප්‍රියතමයන් වන්නේ ප්‍රබන්ධ කෘතිය.
එහිදීද බටහිර ප්‍රබන්ධ කෘති වල පරිවර්තන වලට මා වැඩිපුරම ප්‍රිය කරයි.


"චන්දන මෙන්ඩිස්" විසින් සිංහලයට පෙරැලුණු "ෂර්ලොක් හෝම්ස්" රහස් පරීකෂක කථා මාලාව,
පළමුව ඒම පොතක් කියවූ දින මෙන්,මට නැවත නැවතත් කියවා රසවිදිය හැක,
"ආතර් කොනන් ඩොයිල්"ගේ "ෂර්ලොක් හෝම්ස්" නිර්මාණ තරම් ඉහළ රසයකින් යුත් කතා මාලාවක් තවමත් මට හමු වි නැත.කතු කමපිළිබද විවාදයන් කෙසේවෙතත් කතුවරයා අග්‍රගණ්‍ය වේ.


"ඇලෙක්සැන්ඩර් ඩූමාගේ" "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා" පොත ඉතා ඉහළ නිර්මාණ හැකියාවකින් නිමවුවක් බව අවිවාදිතය.
අවාසනාවකට මා ඔහුගේ කෘති කියවා ඇත්තේ එපමණකි..


මා අගය කරන අනෙක් පුත්ගලයින් අතර 
"ටාසන්","පොලියුසිඩාර්" සහ තවත් වික්‍රමාන්විත ප්‍රබන්ධ ගණනාවක් ලියු විශිෂ්ට පරිකල්පන හැකියාවක් තිබූ "එඩ්ගා රයිස් බරෝස්" (නමහරිද මන්දා) මහතා ද වෙයි.


මෙහිදී ඉහත සදහන් කෘති වලින් වැඩි ප්‍රමාණයක් සිංහලයට පරිවර්තනය කල "කේ.ජී.කරුණාතිලක" මහතා අමතක නොකළ මනාය.


සිංහල ප්‍රබන්ධ ගැන බැලීමේදි එකකට දෙකකට හැර සිංහල නව කථාවලට මාගේ වැඩි කැමැත්තක් නැත.
මා කියවු සිංහල ප්‍රබන්ධ වලින් වැඩිහරියක නම් මට මතක නැති අතට එම නිසා ඒවාගේ රචකයන් පිළිබඳව කෙසේවත් මතක නැත.


මෑත කාලයේදි ආරම්භ කල බ්ලොග් කියවිල්ලෙ දි දුටු රචකයන් අතර,"යතාර්තවාදියා" බ්ලොගය ලියන "නිහාල් ගුරුසිංහ" මහතා මා දුටුහොදම රචකයෙක් වන අතර,වසර ගණනාවක ජීවිතයෙන් පදම් ඌ ඔහුගේ බ්ලොග් සටහන් වලින් උකහාගත හැකි බොහෝ දෑඇත.කියවීම ආරම්භකළ විට අවසාන කර මිස දෑස ඉවතට ගත නොහැකි ඔහුගේ ලිවීම් විටෙක නිර්මාණ ශීලි වන අතර විටෙක නමේ කියවෙන ලෙසම යථාර්ථවාදී වේ..


සිත් ඇදගත් තවත් බ්ලොග් සටහනක් වන්නෙ "හිපියාගේ සටහන්" ය..කෘතියකවත් නොදුටු තරම් ඉහළ නිර්මාණාත්මක හැකියාවක් පවතින රචකයා,බ්ලොග් පිටුව යාවත්කාලීන නොකිරීම කනගාටුවට කාරණයකි.
කිහිප වාරයක් නොව දහස් වාරයක් කියවූවත් රසය අඩු නොවන මොහුගේ සටහන් සෑම මිනිසෙකුගේම සිහින වල කැටපත යැයි මා විශ්වාස කරයි.. 

6 ප්‍රතිචාර!!:

haresh eranga said...

ඔය විද්‍යා ප්‍රබන්ධ පොත් ටික නම් සුපිරිම තමයි. මෑකතදි ගොඩගේ එකේ සවාරියක් ගහද්දි ක්ලාක් මහත්තය ලියපු ජේ.සී. සළුවඩන කියල පරිවර්තකයෙක්ගෙ පරිවර්තනයක් හම්බ වුණා 'ඩොල්ෆින් දූපත' කියල. ඒකත් ක්ලාක්ගෙ තියෙන අමුතුම චිත්‍රපටි ස්ටයිල් එකේ කතාවක්. තව එතුම ලියල බන්දුසීල මහත්තය කරකවාපු පාරාදීසයේ උල්පත්, රාමා හමුව වගේ දැන් මතකයට එන්නෙ නැති පොත් කීපයක්ම තියෙනවා. ඒවයින් සමහරක් මෑතකදි මුද්‍රණය වුණෙත් නෑ... තව... ඔය අවසන් සිද්ධාන්තය කියන පොතත් සුපිරි. කාලෙකට කලින් හර්ෂ පෙරේරා කියල මහත්තයෙක් ලිව්ව 'අද්භූත විශ්වය' කියල සුපිරි ප්‍රබන්ධ නව කතාවක්. තව එතුමාම ලිව්ව 'විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා' කියල සුපිරි කෙටි කතා එකතුවක්. ඒ කාලෙම තිබුණ පොත් පිස්සුව නිසා නෙවෙයිනම් මට මේව කියවන්න වෙන්නෙ නෑ. මොකද මේව ආයෙ මුද්‍රණය වුණේ නෑ දන්න තරමින්.

තව මතක් වෙන ඒවා ඕන තරම්... පසුව කතා කරමු...

chathuranga perera said...

ඔය කිව්ව පොත් සෙට් එකම මගෙත් favorite. ආතර් සී ක්ලාක් මහත්තයගේ සිංහල පරිවර්තන වන ඊ-පොත් හොයාගන්න බැරිවෙයිද ? කියවන කෙනෙක් දනී නම් ලින්ක් එකක් දමන්නට කාරුණික වේවා.

ආයෙත් පොඩි කාලෙ‍හෙිත ගෙනිච්චාට පිං මලේ. දැන් නම් පොත් කියවෙනවා අඩුයි තමා...

මදුශාන් නිශාන්ත said...

ක්ලාක්ගෙ ඉංග්‍රීසි ඊ පොත්නම් තියනවා හැටහුට හමාරක්,සිංහල ඒවානම් එකක්වත් දැකලා නැ :(
බලමු පේරාදෙනියෙ ලොකු පුස්තකාලෙ හන්දවත් මට හොද කලක් යයිද කියලා :D

මදුශාන් නිශාන්ත said...

ආ ඩොල්ෆින් දූපත ලඟඩි කියෙව්වා වගේ මතකයි..
රාමා හමුව පොත් 6න් එකම එක පොතයි සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ..
රාමා පොත් 6ක් ක්ලාක් මහත්තයයි තව එක්කෙනෙකුයි ලියලා තියනවා තව පොත් දෙකක්ද කොහෙද අනික් එක්කෙනා තනියම ලියලා තියනවා..
අවසන් සිද්දාන්තය පොත සුපිරි තමා.නමුත් පරිවර්තකයා "පොත කාලා" ආතර් සී ක්ලාක්ගෙ රටාව පොතෙන් අයින් කරලා,තාක්ශනික විස්තර දිග වැඩී කියලා පොතෙන් අයින් කරලා..බැරි වැඩ නොකර ඉන්න ඕනි වෙන කෙනෙකුටවත් කරන්න ඉඩ තියලා!!
අත්භූත විශ්වය කෙසේ වෙතත් විද්‍යා ප්‍රබන්ද කෙටි කතා නම් කියෙව්වා :D සුපිරි තමා
තව පොත් දෙකක් තියනවා මෑතකදි පල වෙච්චි "කොල පැල්ලම" සහා "හය හැවිරිදි මව" හොයාගන කියවන්න අලුත්ම අදහස්

Anonymous said...

මා ගැන සඳහන් කළ විස්තරය අහම්බෙන් දැක්කෙ. බොහොම ස්තූතියි.
මේ බ්ලොග් අවකාශයේ තිබෙන ලිපි දැක්කම මම තවම කුරුමිණියෙක් වගේ ආධුනිකයෙක් කියලයි මට දැනෙන්නේ. එකකට එකක් දෙවෙනි නෑ. පද්‍ය රචනාත් ඒ වගේමයි. මා හිතා ගෙන හිටියේ අළුත් පරපුර ඉබාගාතෙ යනව කියල. ඒත් ඒක එහෙම වෙලා නෑ. මහගම සේකරලා, කරුණාසේන ජයලත් ආයෙම ඉපදිලාවත්දෝ කියලත් හිතෙනව.

Unknown said...

ඇත්ත විද්‍යාප්‍රබන්ධ සඳහා සිංහල පොත පත බොහෝ,හිඟය. නමුත් දැන් දැන් නවමු මුහුණුු ඒ සඳහා ඉදිරිපත් වන බව facebook සමාජය හරහා මා දැක ඇත... විදුසර විද්‍යාප්‍රබන්ධ සමූහය මදකට බලන්න

Post a Comment

කෝ දෙන්න බලන්න පොඩි කොමෙන්ටුවක් :P